ය කොටස
ය කොටස:
යක,යග,යට,යථ,යධ,යන,යම,යළ,යව,යස,යහ
▲ යක්ඛ- Yakkha: යක්ඛ-යක්ෂ ලෙසින් පෙන්වා ඇත්තේ දෙවියන්ට වඩා පහත් කොට්ඨාශයකටය. අටානාටිය සූත්‍රයේදී, සමහර යක්ෂයන් බුදුන් වහන්සේ කෙරෙහි පැහැදී ඇතිබව, සිව් මහා රජදරුවන් පවසා ඇත. සමහර යක්ෂයන් ධර්මය පිළිනොගන්නා අතර ඔවුන් ධර්මකාමී සංඝයාහට හා ගිහි ශ්‍රාවකයන්ට හිරිහැර කරණ බව ද එවැනි අවස්ථාවල එම සූත්‍රයේ දේශනා කිරීම මගින් ඔවුන්ට ආරක්ෂාව ලැබෙන බව මෙහි පෙන්වා ඇත.බලන්න: සංයු.නි: සගාථවග්ග: යක්ඛ සංයුත්ත. මූලාශ්‍රය: දීඝ.නි: (3): අටානාටිය සූත්‍රය.
▲ යක්‍ෂයන් බුදුන් වහන්සේ හමුවීම- Yakkas encounters with The Buddha: බුදුන් වහන්සේ හමුවී, යක්ෂයන් ධර්මය පිලිබඳ ප්‍රශ්න විමසා ඇතිබව සූත්‍ර දේශනාවල පෙන්වා ඇත. බලන්න: සංයු.නි: (1): සගාථ වග්ග: යක්ඛ සංයුත්තය.
▲ යක්‍ෂ ඉන්ද්‍රක - Indaka Yakka: එක්සමයක ඉන්ද්‍රක යක්ඛ බුදුන් වහන්සේ හමුවේ, සත්‍ව්යාගේ ඇතිවීම කෙසේද? යයි විමසා ඇත:
“බුදුවරයෝ, රූපය ජිවය යයි නොකියති. එසේනම්, මේ සත්‍ව්යෝ කෙසේ මේ සිරුර ලබයිද? මොහුගේ, ඇට හා අක්මාව කොහෙන් එන්නේද? මේතෙමේ, කෙසේනම් මවු කුසේ ලැගගන්නේ ද?” බුදුන් වහන්සේ මෙසේ පිළිතුරු වදාළහ: “මුලින් කලල රූපය ඇතිවේ- කලලය වැඩි අබබුදය ඇතිවේ,අබබුදයෙන් පේසි හටගනී- පේසි නිසා ඝන නම් මස්පිඞ සැකසේ, ඝනය මගින් අවයව සකස්වේ- කෙස් ලොම් නිය ඊලඟට හටගනී. මව ගන්නා ඕනෑම කෑමක්, බිමක්-නන් වැදෑරුම් අහාර පානයන්, මව්කුස සිටින සත්‍ව්යාට අහාර වේ ,එමගින් ඔහු පෝෂණය වී හැදී වැඩේ”. මූලාශ්‍ර: සංයු.නි: (1) සගාථවග්ග: යක්ඛසංයුත්ත:10.1.1. ඉන්දක සූත්‍රය, පි.392,ESN: 10: yakkasammyutta, Indaka, p. 434.
▲ යක්‍ෂ සක්ක -Yakka named Sakka: මේ යක්ෂයා විසින් අසනලද කරුණක් ගැන බුදුන් වහන්සේ මෙසේ විස්තර පෙන්වා ඇත: කෙනෙක් පහන් සිතින් අන්‍යන්ට අනුසාසනා කරන්නේ නම් ඒ නිසා බැඳීම් ඇතිනොවේ. එසේ කිරීම අනුකම්පාවය, කරුණාවය. මූලාශ්‍ර: සංයු.නි: (1) සගාථවග්ග: යක්ඛසංයුත්ත: 10.1.2 සක්කසූත්‍රය, පි.394.
▲ යක්‍ෂ සතාගිර හා හේමවත- Sathagira & Hemawatha Yakkas බුදුන් වහන්සේගේ ගුණ පිලිබඳව මෙ දෙදෙනා කල සාකච්චාවක විස්තර මෙහි දක්වා ඇත. ඒ දෙදනා බුදුන් වහන්සේ ගෙන් ප්‍රශ්න විමසා අවසානයේ බුදුන් වහන්සේ ගැන මහා පැහැදීමක් ඇතිකරගත්හ. සටහන: සතාගිර යක්ෂයා බුදුගුණ දන්නා නිසා පුන්පොහෝදින, බුදුන් වහන්සේ දැකීමට යෑම පිණිස හේමවත යක්ෂයාට ආරධනා කිරීම, ඒ යක්ෂයා බුදුන් වහන්සේගේ ගුණ ගැන විමසීම මේ සූත්‍රය දේශනා කිරීමට හේතුවී ඇත. බලන්න: බුදු ගුණ මූලාශ්‍රය:ඛු.නි:සු.නි:උරගවග්ග:1-9 හේමවත සූත්‍රය, පි.69.
▲ යක්ඛ සුචිලෝම - Suchiloma Yakkas: බුදුන් වහන්සේ වෙත පැමිණි මේ යක්ෂයා,උන්වහන්සේ බිය කිරීමට ගත් තැත අසාර්ථකවූ විට මෙසේ පැවසුහ: “ශ්‍රමණය, මම ඔබගෙන් ප්‍රශ්න අසමි, පිළිතුරු දීමට අසමත්නම්, මම ඔබගේ සිත අවුල්කරන්නෙමි, හදවත පලන්නෙමි, නැතිනම් දෙපයින් ඔසවා ගංගානම් ගඟ හරහා විසිකර දමන්නෙමි’. බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “මිත්‍රය, දෙවියන්, බඹුන්, මරුන්...මිනිසුන් සහිත මේ ලොවෙහි, මගේ සිත අවුල්කිරීමට, හදවත පලා දැමීමට හෝ මගේ දෙපයින් ඔසවා මා ගංගානම් ගඟ හරහා විසිකර දැමීමට සමත් කිසිවෙක් මම නොදකිමි. එසේවුවත්, කැමතිනම් ඔබගේ ප්‍රශ්නය අසන්න”.
සුචිලෝම ගේ ප්‍රශ්ණ: 1 රාගය හා ද්වේෂය ට මුල කුමක්ද? 2 කුසල දහමෙහි නො ඇල්ම (අරතිය) හා පස්කම් සැපට ඇති ඇල්ම හා භීතිය කුමකින් හට ගත්තේද? 3 ගම් දරුවෝ, කපුටෙක් (කවුඩා) අල්ලාගෙන, ඌ එහාට මෙහාට විසිකරන ලෙසින්, සිතේ ඇතිවන සිතුවිලි (විතර්කයෝ)කොතැනින් ඉපිද, කුසල් සිත බැහැර කෙරෙත්ද?
බුදුන් වහන්සේ මෙසේ වදාළහ: 1 රාගය හා දෝෂය මේ අත්බව මුල් කර ගෙන ඇත.2 අරතිය, රාගය හා බිය එයින්ම හටගන්නේය. 3 විතර්කයෝ මෙයින්ම හටගෙන, ගම් දරුවන් කපුටෙක් බැහැර කරන ලෙසින් කුසල් සිත බැහැර කරයි. සටහන: එසේ සිතේ ඇතිවන සිතුවිලි (ගම් දරුවන් කපුටෙක් එහෙ මෙහෙ විසිකරන ලෙසින්) කෙනෙක් ගේ සිත එහාට මෙහාට විසිකරති. “යක්ෂය මේ අහන්න: කෙනෙක් මේ අත්බවය ට හේතුවන මුල දන්නේ නම්, ඔහු එය දුරු කරයි. ඔහු තරණය දුෂ්කරවූ, පෙර තරණය නොකළ, චතු ඔඝය තරණය කර නැවත ඉපදීම අවසන් කරයි.” සටහන: අටුවාවට අනුව මේ යක්ෂයා, කාශ්‍යප බුදුන් සමයේ භික්ෂුවක් ව සිටියහ. අපගේ බුදුන් වහන්සේ වැඩසිටි සමයේ යක්ෂයෙක් ලෙසින් යළි උපත ලැබිය. ධර්මය ශ්‍රවනය කර, සෝතාපන්න වූ මෙතෙම, යක්‍ෂ බව හැර භූමිදෙවියෙක්- භුම්මාට දේව- බවට පත්විය. බලන්න:ESN: notes: 563-568, p. 575. මූලාශ්‍ර: සංයු.නි: (1): සගාථවග්ග: යක්ඛසංයුත්ත: 10.1.3 සුචිලෝම සූත්‍රය, පි.394, ESN:10: Yakkasamyutta: Suchiloma, p. 575.
▲ යක්ඛ පුනබ්බසු හා මව් යකින්න- Yakka Punabbasu & mother: එක්සමයක, බුදුන් වහන්සේ සංඝයාට නිවන පිළිබඳව දෙසු දහම අසා පුනබ්බසු හා ඔහුගේ මව් යකින්න සොතාපන්න බව ලැබු බව මෙහි විස්තර කර ඇත. මූලාශ්‍ර: සංයු.නි: (1): සගාථවග්ග: යක්ඛසංයුත්ත: 10.1.7 පුනබ්බසු සූත්‍රය, පි.398.
▲ යක්ඛ ප්‍රියංකර හා මව් යකින්න- Yakka Piyankara & mother: ප්‍රියංකර නම් පුත්‍රයා ගේ මව් යකින්න, අනුරුද්ධ තෙරුන්, අළුයම වදාරණ දහම් පද අසමින් සිය පුතු නැළවූ බව මෙහි දක්වා ඇත. සටහන: තමන් පිසාච යෝනියේ (goblin realm) ඉපදී ඇතිබවත්, ඒ නිසා ධර්මය පිළිපැද ඉන්මිදීමට කටයුතු කරන්න යයි ඒ මව පවසාඇත. මූලාශ්‍රය: සංයු.නි: (1) සගාථවග්ග: යක්ඛසංයුත්ත: 10.1.6 ප්‍රියංකර සූත්‍රය, පි.398.
▲ යක්ඛ මණිභද්ද - Manibadda Yakka: බුදුන් වහන්සේ හමුවේ මෙ යක්ෂයා: "සිහිය ඇතිබව ශ්‍රෙෂ්ඨ ය, සිහිය ඇත්තා වෛරයෙන් මිදේ" යයි පැවසිය. බුදුන් වහන්සේ මෙසේ වදාළහ:
“සිහි ඇත්තට සෑමකලකදිම යහපතවේ, සුවය ඇතිවේ, ඔහුගේ ස්වභාවය ශ්‍රෙෂ්ඨ ය, එහෙත් එපමණකින් ඔහු වෛරයෙන් නො මිදේ. යමකුගේ සිත දිවා රෑ අවිහිංසාවෙන් ඇලුනේද, ඔහු සියලු සත්‍වයන් කෙරහි මෛත්‍රිය වඩයි, ඔහුට වෛරය නොමැත”. මූලාශ්‍රය: සංයු.නි: (1) සගාථවග්ග: යක්ඛසංයුත්ත: 10.1.4 මණිභද්ද සූත්‍රය, පි.396.
යග
▲ යාග හෝම-yaaga homa: යාගය, යඤඤ ලෙසින්ද පෙන්වා ඇත.බුදුන් වහන්සේ වැඩසිටි සමයේ අන්‍ය ආගමික නිකායන් යාග හෝම පැවැත්වුහ. යාගය ලෙසින් පෙන්වා ඇත්තේ, විවිධ සතුන් (මිනිසුන් ඇතුළු) මරණයට පත්කර පුද පුජා පැවැත්වීමය. එවක පැවති යාග : අස්සමේධය, පුරිසමේධය, සම්මාපාසය, වජපෙය්‍ය, නිරග්ගල යන ප්‍රාණවධ ඇති, මහායාග ලෙසින් පිළිගත් යාග ගැන මෙහි විස්තර දක්වා ඇත. බුදුන් වහන්සේ මෙසේ වදාළහ: 1) යම්කිසි යාගයකදී ප්‍රාණීහු මරණයට පත්වේද එබඳු යාග රහතුන් හෝ රහත්මගට පිළිපන් උතුමන් අනුමත නොකරති, ඒවා මහා ඵල නොවෙති. සම්මාමග ගත් මහා ඉසිවරයන් එබඳු මහා යාග වලට සහභාගී නොවේ. 2) මේ සසුනේ ඇති යාගය (ධර්මයට අනුව- ධම්ම යාගය) කරන අයට මහා ඵල ලැබේ, පාප සිදුනොවේ, දෙවියෝද පහදී. එමනිසා, නුවණැති ජනයා, ප්‍රාණඝාත නොමැති යාග පුද පුජා සම්මාමග ගත් මහා ඉසිවරයන්ට පුජාකරන්නේ නම්, එමගින් ඔවුන්ට මහා ඵල ලබාගත හැකිය. සටහන: මේ සූත්‍රය දේශනා කර ඇත්තේ උජ්ජාය නම් බමුණා, බුදුන් වහන්සේ යාග පැවැත්වීම ප්‍රසංසා කරන්නේද යයි කළ විමසීමක් මතය. මූලාශ්‍ර:අංගු.නි: (2): 4 නිපාත: 4.1.4.9 උජ්ජාය සූත්‍රය, පි. 106, EAN:4: 39.9 Ujjaya, p. 164.
▼ පසේනදී කෝසල රජතුමා ගේ මහායාගය: එක් සමයක මේ රජ මහා යාගයක් කිරීමට සතුන් රැස්කිරීමට කටයුතු කර ඇත. සේවක පිරිස හඬමින් යාගය සඳහා සතුන් එකතුකරනු දුටු සංඝයා ඒ බව බුදුන් වහන්සේට පැවසුහ. එවැනි යාගයකින් මහාඵල ඇතිනොවන බව බුදුන් වහන්සේ වදාළහ. සතුන් ඝාතනය නොකර පවත්වන යාගය නිසා යහපත ඇතිවේ, දෙවියන්ද පහදින බව මෙහි පෙන්වා ඇත. බලන්න:සංයු.නි. (1): සගාථවග්ග:කෝසලසංයුත්ත:3.1.9 යඤඤ සූත්‍රය.
▼ කූට්ටදන්ත බ්‍රාහ්මණයාගේ විසින් අග්‍ර යාගය කුමක්ද? යයි කල විමසීම පිළිබඳව බුදුන් වහන්සේ වදාළ දැහැමිවූ, අග්‍ර යාග ගැන විස්තර මෙහි දක්වා ඇත. අග්‍රතම යාගය ලෙසින් පෙන්වා ඇත්තේ, බුදුසසුනේ පැවිදිව, බඹසර නිමාකරගැනීමය. එය සියලු යගයන්ට වැඩ මහත් ඵල, මහා අනුසස් ඇති යාගයකි. එම යාගයට වඩා මනොඥවූ උතුම්වූ අන් යාග සම්පතක් නැතිබව බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍ර: දීඝ:නි: (1): 5 කූටදන්ත සූත්‍රය, පි.264,EDN:5: Kūṭtadanta Sutta,p.113.
▼ දෙවියන්ට යාග- Yaga for Devas: ලෝකයා, ජරාව ආදී සසර දුකින් මිදීම පිනිස දෙවියන්ට යාග පවත්වති. ඔවුන් රූප ආදී ප්‍රතිලාභ ප්‍රාර්ථනා කරති, එසේ කිරීමෙන් ඔවුන්ට සසර දුකින් මිදිය නොහැකිය. රහතුන් සසර දුක තරණය කර ඇති බව මෙහිදී පෙන්වා ඇත. පුන්නක මානවක ඇසු පැනයකට පිළිතුරු ලෙසින් බුදුන් වහන්සේ මෙ සූත්‍රය වදාළහ. මූලාශ්‍රය: ඛු.නි.සුත්තනිපාත: පාරායනවග්ග:වස්තුගාථා: පි,326, 5-3 පුණ්නක මානවක, පි.338.
▲ යාගු-Rice porridge: යාගු යනු බත්කැඳය. බත් කැඳ දානය ආනිසංස ගෙනදේ. බලන්න: බත් කැඳ
▲ යුගල ධම්ම කරුණු-Dhamma in pairs: යුගල ධම්ම (ද්වම ධම්ම) ලෙසින් මෙහිදී පෙන්වා ඇත්තේ දහම් කාරණා දෙකක් යුගලයක් ලෙසින් ගැනීමය: 1) ඵල සමාධිය ඇතුලත් චේතෝවිමුක්ති (Liberation of mind) හා ඵල ප්‍රඥාව ඇතුලත් ප්‍රඥා විමුක්තිය (liberation by wisdom). 2) වීරිය සහිත උත්සාහය හා සිතේ එකඟබව ඇති අවිකේෂ්පය (Exertion and non-distraction). 3) නාමය හා රූපය 4) විද්‍යාව හා විමුක්තිය 5) භවදිට්ඨිය (ශාශ්වත දෘෂ්ටි) හා විභව දිට්ඨිය (උචෙඡදදෘෂ්ටි) 6 ) අහිරිකය හා අනොත්තප්පය. 7) හිරි හා ඔත්තප්ප 8) දොවචස්සතාවය හා පාපමිත්‍ර සේවනය 9) සොවචස්සතාවය හා කල්‍යානමිත්‍ර සේවනය 10) ධාතු කුසලතාවය හා මනසිකාර කුසලතාවය 11) ආපත්ති කුසලතාවය හා ඇවතින් නැගීසිටීමේ කුසලතාවය. මූලාශ්‍රය: අංගු.නි: (1) 2 නිපාත: ධම්මවග්ග සූත්‍ර, පි.198
▲ යුගනද්ධ කථා-Yuganadda katha: යුගනද්ධ කථා ලෙසින් පෙන්වා ඇත්තේ අරහත්වය ලැබීම පිණිස සමථ හා විදර්ශනා භාවනා වැඩිමය. බලන්න:සමථ හා විදර්ශනා මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදා: 2: යුගනද්ධ කථා, පි.14.
▲ යොග-Yoga: යොග යනු සසරට බැඳතබන අල්ලා ගැනීම්ය. බලන්න: සතර යොග.
▲ යොගකේෂමය : පාලි: යොගක‍්ඛෙමාය-Security from bondage: යොගකේෂමය යනු යොග- කෙළෙස් බැඳීම් ක්‍ෂය කරගැනීම- නැතිකර ගැනීමය. සසර බැමි- යොග වලින් මිදීමය, නිවනය, අරහත්වය ලැබීමය. නිවන ලැබීම මහා යොගක්ඛෙමය ලෙසින්ද දක්වාඇත. බලන්න: සතර යොග.
▼ අට්ඨික භාවනාව විපුල කරගැනීම මගින් යොගක්ඛෙමය ඇතිකර ගත හැකිවේ - නිවන ලැබේ. බලන්න: අට්ඨික සංඥා භාවනාව. මූලාශ්‍ර: සංයු.නි (5-1): මහාවග්ග: බොජ්ඣංග සංයුත්තය: ආනාපාන වග්ගය: 2.7.4. අට්ඨික සූත්‍රය, පි.268, ESN: 46: Bojjhaṅga saṃyutta:VII In and out Breathing, 57.1 The Skeleton, p. 1807.
▼ කායගතා සතිය වැඩීම මහත්වූ යොගකේෂමය පිණිස පවති. බලන්න:කායගතාසතිය.
▲ යොගක්ඛෙමි හා අයොගක්ඛෙමි: පාලි: යොගක‍්ඛෙමී, අයොගක‍්ඛෙමී- one who is not secure from bondage- one who is secure from bondage: සසරබැමි වලින් නො මිදුන පුද්ගලයා යොගක්ඛෙමි වේ. සසරබැමි වලින් මිදුන පුද්ගලයා අයොගක්ඛෙමි වේ, රහතුන්ය. යොග යනු කෙළෙස් බැමිය.බලන්න: සතර යොග.
▼ සිතේ කෙලෙස් ඇතිකරන, යලි උපතක් ලබාදෙන, බොහෝපිඩා ගෙන දෙන, දුක් ඇතිකරන, ජාති ජරා මරණ උදාකරන, ලාමක අකුසල් වලින් පිරීගිය පුද්ගලයා යොගක්ඛෙමි යයි හඳුන්වයි.
“සංයුත‍්තො පාපකෙහි අකුසලෙහි ධම‍්මෙහි සංකිලෙසිකෙහි පොනොභවිකෙහි සදරෙහි දුක‍්ඛවිපාකෙහි ආයතිං ජාතිජරාමරණීකෙහි, තස‍්මා යොගක‍්ඛෙමීති වූච‍්චති”. ( One is fettered by bad unwholesome states that are defiling, conducive to renewed existence, troublesome, ripening in suffering, leading to future birth, old age, and death; therefore one is said to be ‘not secure from bondage’). සිතේ කෙලෙස් ඇතිකරන, යලි උපතක් ලබාදෙන, බොහෝපිඩා ගෙන දෙන, දුක් ඇතිකරන, ජාති ජරා මරණ උදාකරන, ලාමක අකුසල් වලින් වෙන්වූ පුද්ගලයා අයොගක්ඛෙමි යයි හඳුන්වයි. “විසංයුත‍්තො පාපකෙහි අකුසලෙහි ධම‍්මෙහි සංකිලෙසිකෙහි පොනොභවිකෙහි සදරෙහි දුක‍්ඛවිපාකෙහි ආයතිං ජාතිජරාමරණීකෙහි, තස‍්මා අයොගක‍්ඛෙමීති වූච‍්චති”. ( One is detached from bad unwholesome states that are defiling, conducive to renewed existence, troublesome, ripening in suffering, leading to future birth, old age, and death; therefore one is said to be ‘secure from bondage’). මූලාශ්‍ර:අංගු.නි: (2): 4 නිපාත:4.1.1.10 යොග සූත්‍රය, පි. 42,EAN:4: 10.10 Bonds, p. 151.
▲ යොගක්ඛෙමි ධම්ම පරියාය-Dhamma exposition on Secure from bondage: බුදුන් වහන්සේ යොගක්ඛෙමි ධම්ම පරියාය ලෙසින් පෙන්වා ඇත්තේ සසර බැඳතබන බන්ධන-බැඳීම්-යොග, ක්‍ෂය කර නිවන ලබාගන්නා ක්‍රම වේදයය. එනම්, සළායතන මගින් අල්ලා ගන්නා සියලු බාහිර අරමුණු (ඇස මගින් රූපය ආදී) මතු නුපදනා ස්වභාවයට පත් කරගැනීමය. මෙහිදී දක්වා ඇති උපමාව: තල්ගසක් මුලින්ම සිඳ විනාශ කළවිට නැවත හටගන්නේ නැත. තථාගතයන්, ඒ සියලු යොග ක්‍ෂය කරඇතිනිසා ‘යොගඛෙමි’ ලෙසින් හඳුන්වයි. බලන්න: බුද්ධනාම, උපග්‍රන්ථය:5 මූලාශ්‍ර: සංයු.නි: (4): සළායතනවග්ග:වේදනාසංයුත්ත: යොගඛෙමිවග්ග:1.1.1 යොගඛෙමි සූත්‍රය, පි. 206,ESN:35: Salayathnanasamyutta: I104.1 Secure from bondage, p. 1268.
▲ යොගාතිගා මුනී (පාලි): යොගයෙන් මිදුන මුණිවරයා- the sages who have severed all bonds: කාම, භව, දිට්ඨි හා අවිජ්ජා යොග යන සසර බැමි වලින් (සතර යොගයෙන්) යහපත් ලෙසින් මිදුන උතුමා යොගාතිගා මුනීවරයා යයි බුදුන් වහන්සේ වදාළහ:
“යෙ චෙ කාමෙ පරිඤ‍්ඤාය භවයොගඤ‍්ච සබ‍්බසො, දිට‍්ඨියොගං සමුහච‍්ච අවිජ‍්ජඤ‍්ච විරාජයං සබ‍්බයොග විසංයුත‍්තා තෙ වෙ යොගාතිගා මුනී ති”
කාමයන් පිරිසිඳ දැන, සියලු භව යොග මැනවින් අවබෝධ කරගත්, දිට්ඨි පිලිබඳ බැඳීම් සිඳදමා, අවිජ්ජාව හැර දැමු ඒ මුනිවරයෝ, ඒකාන්තයෙන්ම, සියලු සසර බැමි වලින් නිදහස්වූ උතුමෝය. (...having entirely understood sense pleasures and the bond of existence, having uprooted the bond of views and dissolved ignorance, the sages have severed all bonds; they have gone beyond bondage). බලන්න: සතරයොග, සතර විසංයෝග. මූලාශ්‍ර:අංගු.නි:(2): 4 නිපාත:4.1.1.10 යොගසූත්‍රය, පි. 42,EAN:4: 10.10 Bonds, p. 151.
යට
▲ යටිකුරුකල කලය උපමාව- Smile of the overturned pot: මේ උපමාව යොදගෙන ඇත්තේ, ධර්මය ශ්‍රවනය කලද,එම කරුණු සිතේ පිහිටුවා ගැනීමට අසමත් මිනිසුන් -යටිකුරු ප්‍රඥාව ඇති පුද්ගලයන් ගැන දැක්වීමටය. බලන්න: කලය උපමාව:උපග්‍රන්ථය:5
යථ
▲ යථාභූත ඥාණය : පාලි: යථාභූතඤාණං-knowledge of things as they really are: ධර්මයේ, යථාභූත ඥාණය ලෙසින් පෙන්වා ඇත්තේ සැබෑ බව (යථාබව- ත්‍රිලක්ෂණය දැකීම)- ඒ ආකරයෙන්ම දැකීමේ නුවණ ඇතිවිමය. ශබ්දකෝෂ: පා.සිං.ශ:පි.432: “යථාභුත: සිද්ධවූ පරිදි, විද්‍යාමාන ලෙස, ඇති සැටි... යථාභුතඤාණ: ප්‍රත්‍ය සහිත නාමරූප පරිග්‍රහණ ඥානය”. B.D: p.384: “yathā-bhūta-ñāṇa-dassana: the knowledge and vision according to reality, is one of the 18 chief kinds of insight…”
▼ යථාභූත ඥානය : ධර්මතා පිළිබඳව සම්පුර්ණ අවබෝධය ලබාගැනීම: ඒ පිණිස කරුණු 3ක් සපුරා ගත යුතුය:1) නාථපරින්ඥාව (full understanding of the known) දෙයක ඇති විශේෂ ලක්ෂණ , එයින් සිදුවන කාර්ය, එයින් පෙන්වාදෙන දේ ගැන මනා දැනුමක් තිබීම - සියල්ල වෙනස්වී යන දේ බව දැකීම. 2) තිරණ පරින්ඥා (full understanding by scrutinyzation ): ඒ දේ මැනවින් පරික්ෂාකොට (contemplation) ලබාගත් දැනුම- එනම් මෙය අනිත්‍ය, දුක, අනාත්ම ස්වාභාවයෙන් යුතුබව දැකීම 3) පහාන පරින්ඥා (full understanding of abandonment) විමුක්තිය ලබාගැනීමෙන් ඒ දේ ගැන ඇති තණ්හාව, ආසාව නැතිකිරීම දැකීම. බලන්න:ම.නි. (1): මූලපරියාය සූත්‍රය.
▼ යථාභුත ඥානය උත්තරිතරයයි බුදුන් වහන්සේ වදාළහ
“...එතදනුත‍්තරියං ආනන්‍ද ඤණානං යදිදං තත්‍ථ තත්‍ථ යථාභූතඤාණං, එතස‍්මා වාහං ආනන්‍ද ඤාණා අඤ‍්ඤං ඤාණං උත‍්තරිතරං වා පණිත‍්තරං වා නත්‍ථිති වදාමි”. යථාභුත ඥානයට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතරවූ හෝ අන්‍ය ඥානයක් නැත. යථාභූත ඥානය ඇතිවීම:
“ යෙ තෙ ආනන්‍ද, ධම‍්මා තෙසං තෙසං අධිවූත‍්තිපදානං අභිඤ‍්ඤා සචඡිකිරියාය සංවත‍්තතනති. වීසාරදො අහං ආනන්‍ද තත්‍ර පටිජානාමි .තෙසං තෙසං තථා තථා ධම‍්මං දෙසෙතුං, යථා යථා පටිපන‍්නො සන‍්තං වා අත්‍ථිති ඤස‍්සති, අසන‍්තං වා නත්‍ථිති ඤස‍්සති, හීනං වා හීනන‍්ති ඤස‍්සති, පණිතං වා පණිතන‍්ති ඤස‍්සති. ස උත‍්තරං වා ස උත‍්තරන‍්ති ඤස‍්සති, අනුත‍්තරං වා අනුත‍්තරන‍්ති ඤස‍්සති, යථා යථා වා පන තං ඤාතෙය්‍යං වා දට‍්ඨෙය්‍යං වා සචඡිකාතය්‍යං වා තථා තථා ඤස‍්සති වා දක‍්ඛති වා සචඡිකරිස‍්සති වා ඨාන මෙතං විජ‍්ජති. එතදනුත‍්තරියං ආනන්‍ද ඤණානං යදිදං තත්‍ථ තත්‍ථ යථාභූතඤාණං...”
තථාගතයන් වහන්සේට ධර්මයේ මූල ධර්ම-අධිවචන පද පිලිබඳ විශාරදබව ඇත. ඒ මූල ධර්ම අවබෝධය නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසය. ඒ අනුව, තථාගතයන් ලෝකයේ විවිධ පිරිසට, විවිධ ආකාරයෙන් (වැටහෙන ලෙසින්) ධර්මයේ මූලික සිද්ධාන්ත උගන්වන්නේය. එසේ උගන්වන ධර්මය, කෙනෙක් යහපත් ලෙසින්, ධර්මානුකූලව පුරුදු පුහුණු කරන්නේ නම් ඔහුට මෙවැනි අවබෝධයක් ලැබේ: සිදුවිය හැකි දේ සිදුවිය හැකිය, සිදුවිය නොහැකිදේ සිදුවිය නොහැකිය යන නුවණ. එම අවබෝධය ඇතිවිට: පහත් දේ පහත්ය, උතුම් දේ උතුම්ය යන නුවණ ඇතිවේ. එම අවබෝධය ඇතිවිට, අනුත්තර දේ අනුත්තරය, අනුත්තර නොවන දේ අනුත්තර නොවේ යන නුවණ ඇතිවේ. එවිට, කලහැකි දේ කුමක්ද යන අවබෝධය ඇතිවේ, ඒ බව නුවණින් දැකීමට හැකිවේ. ඒ අනුව, ධර්මය එලෙසින්ම (සැබෑබව) අවබෝධ කර ගැනීමට, දැකීමට හා ඉෂ්ට කරගැනීමට හැකියාව ලැබේ. එය යථාභූත ඥානය ඇතිවීමය. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: මහා වග්ග: 10.1.3.2 අධිවුත්තිපද සූත්‍රය,පි. 96. EAN: 10: Great Chapter: 22.2 Doctrinal Principles, p.500.
▼ සමාධිය වඩාගැනීම යථාභූත ඥාණය පිණිසය: “...සමාධිං භික‍්ඛවෙ භාවෙථ. සමාහිතො භික‍්ඛවෙ, භික‍්ඛු යථාභූතං පජානාති...”. සමාධිය වඩා ගැනීමෙන් සිත එකඟ බවට- සමතබවට පත්වේ, එවිට, යථාභූත ඥාණය ඇතිවේ. සටහන: සංයු.නි: (3): ඛන්ධසංයුත්ත :නකුලපිතු වග්ග:1.1.1.5 සමාධිභාවනා සූත්‍රයේ මෙසේ දක්වා ඇත: “...සමාධිගත මහණ යථාභූතය දනී, කුමක් යථාවෙන් දනීද? රූපයේ සමුදය, අස්තගමය... දනී” (එලෙස, මුළු පංච උපාදානස්කන්ධය අනුව බැලීම). මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග:සච්චසංයුත්ත: 12.1.1. සමාධි සූත්‍රය, පි. 284, ESN: 56: Saccha samyutta: 1.1. Concentration, p. 2265.
▼ හුදකළා විවේකයේ යෙදීම යථාභූත ඥාණය ඇතිවීමට හේතුවේ.
“පටිසල‍්ලානෙ භික‍්ඛවෙ, යොගමාපජ‍්ජථ, පටිසල‍්ලීනො භික‍්ඛවෙ, භික‍්ඛු යථාභූතං පජානාති...”. මුලාශ්‍ර: සංයු.නි: (5-1) මහාවග්ග:සච්චසංයුත්ත: 12.1.2. පටිසල්ලාන සුත්‍රය, පි. 284, ESN: 56: Sacchasamyutta: 2.2 Seclusion, p. 2266.
▼ යථාභූත නුවණ ඇතිවීම දුකින් මිදීමය
බුදුසසුනේ අතීත කාලයේදී හෝ වේවා අනාගත කාලයේදී හෝ වේවා, වර්තමාන කාලයේදී හෝ වේවා වාසය කළ, වාසය කිරීමට යන, වාසය කරන යම් ශ්‍රමණ බ්‍රාහ්මණ උතුමෙක් හට යථාභූත නුවණ ඇතිවීම යනු චතුසත්‍ය අවබෝධයය. එනම්. දුකින් මිදීමය. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග: සච්චසංයුත්ත: සමණබ්‍රාහ්මණ සූත්‍ර 1 හා 2 , පි. 284, ESN: 56: Sacchasamyutta: Ascetics and Brahmins 1 & 2 , p. 2269.
▼ යථාභුත ඥානය ඇතිවීම නිබිද්දාව පිණිස වේ:
“සමාධි ඛො ආනන්‍ද යථාභුතඤාණදස‍්සනත්‍ථො යථාභුතඤාණදස‍්සනා -නිසංසො... යථාභුතඤාණදස‍්සනං ඛො ආනන්‍ද නිබ‍්බින්‍දනත්‍ථං නිබ‍්බිදානිසංසං”. (The purpose and benefit of concentration is the knowledge and vision of thing as they really are ... purpose and benefit of the knowledge and vision of thing as they really are is disenchantment”. මූලාශ්‍ර:අංගු.නි: (6): 11 නිපාතය:නිසසය වගග: 11.1.1.කීමත්ථිය සූත්‍රය හා 11.1.2 න චේතනාය කරණිය සූත්‍රය පි.611-614, EAN:11: Dependence: 1.1 What Purpose & 1-2 Volition p.566.
▼ ත්‍රි ලක්ෂණය, අවබෝධය, යථාභූත ඥාණයවේ. එසේ දකිනවිට, අවබෝධ වනවිට රුපය ගැන (මුළු පංච උපාදානස්කන්ධයම) ගැන කලකිරීම ඇතිවේ, කලකිරීම නිසා විරාගය - නොඇල්ම ඇතිවේ, විරාගය මගින් සියල්ල අත්හැර දැමීමට හැකිවිමෙන් නිරෝධය - විමුක්තිය ඇතිවේ. මූලාශ්‍ර: අංගු.නි: (5): 8 නිපාත: 8.1.2.1 වෙරඤජ සුත්‍රය, පි 62, EAN:8:11.1 Veranja, p 416.
▲ යථා විමුක්ත චිත්තය- Yatha vimutta citta: යථා විමුක්ත චිත්තය ලෙසින් පෙන්වා ඇත්තේ අරහත්මග ඵල ලැබූ භික්ෂුව, සිත කෙළෙසුන්ගෙන් මිදුන අන්දම ප්‍රත්‍යවෙක්‍ෂා කිරීමය. ( he reviews the extent to which his mind is liberated). බලන්න: සිව්පිලිසිඹීයා. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: 5.2.5.5 අක්කුප්ප සූත්‍රය, පි. 214, EAN: 5: 95.5 The Unshakable, p. 272.
▲ යථාසන්ථකයෝ-Who observes the any-bed-user’s practice: ධුතාංග පුහුණුව ලෙසින් ලැබෙන සයනයක් (ඇඳක) භාවිතා කරන සංඝයා යථාසන්ථකයෝ ලෙසින් පෙන්වා ඇත. මූලාශ්‍රය:අංගු.නි: (3): 5 නිපාත: ආරඤඤකවග්ග: 5.4.4.8 යථාසන්ථක සූත්‍රය, පි.380.
යධ
▲ යොධාජිව භටයෝ- Warrior: යොධාජිව ලෙසින් පෙන්වා ඇත්තේ, යුද්ධයෙන් ජිවත්වන,රණශුර යුද්ධභටයාය (යෝධ පුරුෂයා). එවැනි යුදභටයෙක් සිටීම රජකෙනෙකුට මහා උපකාරයකි. ඔහුට යුදශිල්පය පිළිබඳව දක්ෂතා 4 ක් වේ: 1) ස්ථාන (යුදබිම) ගැන දක්‍ෂවීම 2) ඉතා දුර විදීමට (ඊතල) දක්‍ෂවීම 3) දක්ෂ කුරුමාණම් කාරයෙක් වීම (sharp-shooter) 4) මහා සෙනගක් බිඳලීමට දක්‍ෂවීම. මේ උපමාව යොදාගෙන බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ සතර දහමක් යහපත් ලෙසින් වඩාත් මහණ, “ආහුනෙය්‍ය,පාහුනෙය්‍ය,දක්කිනෙය්‍ය,අංජලිකරනෙය්‍ය, ලෝකයාට අනුත්තර පුණ්‍යකෙතක්” වන බවය: 1) ස්ථාන කුසලය ඇතිවීම: ශිලසම්පන්නවීම 2) දුර පිලිබඳ කුසලය ඇතිවීම: ඕනෑම රූප,වේදනා, සංඥා, සංඛාර, විඥානයක්: අතීත, අනාගත හෝ වර්තමානවේවා, බාහිර හෝ අභ්‍යන්තර වේවා, ඕලාරික හෝ සියුම් වේවා, පහත් හෝ උසස් වේවා, ළඟ හෝ දුර වේවා, ඒහැම නිවැරදි ප්‍රඥාව සහිතව: මේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යයි දැකීමේ දක්‍ෂවිම. 3) දක්ෂ කුරුමාණම් කාරයෙක් වීම: චතු සත්‍ය පිලිබඳ ඇති තියුණු අවබෝධය. 4) මහා සෙනගක් බිඳලීමට දක්‍ෂවීම: මහා අවිජ්ජාව බිඳලීමට දක්‍ෂවීම. සටහන්: * ආහුනෙය්‍ය ආදී ගුණ සංඝගුණ වේ. බලන්න: සංඝගුණ**අංගු:3: 5 නිපාත: යොධාජීව වග්ගයේ සූත්‍රයන්හි මේ ගුණ විස්තරාත්මකව පෙන්වා ඇත.බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍රය: අංගු.නි: (1): 3 නිපාත: යොධාජීවවග්ග: 3.3.4.1 සූත්‍රය, පි. 550.
▲ යොධාජීව ගාමිණී- Yodhajiva Gamini: බලන්න: උපග්‍රන්ථය:3
යන
▲ යානය-Vehicle: යානය-රිය-රථ (යාන වාහන) බුදුන් වහන්සේ වැඩසිටි සමයේ පැවති බව සූත්‍ර දේශනාවන්හි පෙන්වා ඇත. බලන්න:ම.නි:රථවිනීත සූත්‍රය. යාන වාහන දන් දෙනතැනැත්තා දෙන සැප දෙයි, එමගින් ඔහුටද මෙලොව හා පරලොව සැප ඇතිවේ. බලන්න: දානය මූලාශ්‍රය:සංයු.නි: (1): සගාථවග්ග: දේවතාසංයුත්ත: ආදිත්තවග්ග: කිංදද සූත්‍රය , පි. 82.
▲ යෝනි- Yoni: යෝනි යනු සත්‍ව්යෝ උපත ලබන ආකාරයය. බලන්න: උත්පත්තිවිධි.
▲ යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝමනසිකාරය: පාලි: යොනිසො ච මසිකාරං , අයොනිසො ච මසිකාරං - wise (careful) attention & unwise (careless )attention: යෝනිසෝමනසිකාරය යනු සිහිනුවණ ඇතිව කටයුතු කිරීමය, එමගින් කුසල ධර්ම වැඩේ, අකුසල පහවේ. අයෝනිසෝමනසිකාරය යනු සිහිනුවණ නොමැතිව කටයුතු කිරීමය, එමනිසා අකුසල ධර්ම වැඩේ, කුසල් ධර්ම යටපත්වේ. මෙය සෝතාපන්න වීම පිණිස අවශ්‍ය අංග හතරින් එකකි. සටහන්: * යෝනිසෝ මනසිකාරය යනු මුලික ධර්ම කරුණු පිලිබඳ සිහි නුවණ ඇතිව- පරීක්‍ෂාකාරීව කටයුතු කිරීමය. එනම්: අනිච්ච, දුක්ඛ, අනත්ත හා අසුභ ධර්මතා පිලිබඳ නියම අවබෝධය ඇතිව ජීවිතය පවත්වාගෙන යෑමය .(Careful attention to true characteristics: impermanence, suffering, no-self and foulness). බලන්න: ESN: note :553, p. 573. ** යෝනිසෝමනසිකාරය යනු නිවැරදි අවධානය ඇතිව හරිමග (right-track or right course) ගමන් කිරීමය- සත්‍ය ධර්මයට අනුව සිහිනුවණින් කටයුතු කිරීමය. අනිච්ච දේ අනිච්ච් බව, දුක ගෙනදේ සැප නොවන බව, ආත්මයක් නොමැතිය යන ධර්ම කාරණා පිලිබඳ හරි වැටහීම තිබීමය. යෝනිසෝමනසිකාරය සසර දුක නිමාකරගැනීමට මුල් පදනම ලෙසින් සලකන්නේ, එමගින් ආරිය අටමග වැඩි දියණුවට පත්වෙන බැවින්ය”. බලන්න: EMN:note 33, p. 1065. ** අටුවාවට අනුව යෝනිසෝ මනසිකාරය යනු විධිමත් අවධානය (උපාය මනසිකාර-right means). බලන්න: ESN: note: 270, p.538.
▼ අයෝනිසෝමනසිකාරය නිසා පංච නීවරණ වැඩේ, යෝනිසෝමනසිකාරය නිසා නිසා පංච නීවරණ දුබල වේ. මූලාශ්‍රය: සංයු.නි: (5-1) මහාවග්ග: බොජ්ඣංගසංයුත්ත: උදායිවග්ග: 2.3.4 යෝනිසෝ සූත්‍රය, පි.202 හා නීවරනවග්ග: 2.4.4 සූත්‍රය, පි.216.
▼ යෝනිසෝමනසිකාරය මගින් නීවරණ ධර්ම පහකරගත හැකි ආකාරය මේ සූත්‍ර වල විස්තර කර ඇත. මූලාශ්‍ර:අංගු.නි: (1) 1 නිපාත: නීවරණ ප්‍රහාණ වග්ග- සුත්‍ර, පි. 44, EAN:1: Abandoning the hindrances, p. 36.
▼ කුසල් ඇතිවීමට හා වර්ධනයට නුවණින් මෙනෙහි කිරීම තරම් වෙන එකම ධර්මයක් බුදුන්වහන්සේ නොදකිනබව වදාළහ. මූලාශ්‍ර:අංගු.නි: (1):1නිපාත: වීරිය ආරම්භ වග්ගය: 1.7.7 සූත්‍රය, පි.62, EAN:1: VII: Arousal of energy, p. 40.
▼ කෙනෙක්තුල බොජ්ඣංග ධර්මතා ඇතිවීමට හා වැඩිදියුණුවීමට බලපාන මුලික හේතුව යෝනිසෝමනසිකාරයය. මූලාශ්‍ර:අංගු.නි: (1): 1නිපාත:කල්‍යාන මිත්‍ර වග්ග: 1.8.5 සූත්‍රය, පි. 64, EAN:1:VIII, Good friendship, 75.5 sutta, p. 41.
▼ ධර්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලයෙකුට සිදුවන මහා ලාභය-අර්ථය නම් යෝනිසෝමනසිකාරය කිරීමය. මූලාශ්‍ර: අංගු.නි: (1): 1නිපාත : ප්‍රමාද වග්ගය.1.9.11 සූත්‍රය, පි.68, EAN: 1: IX: Heedlessness: 91 sutta, p. 41.
▼ යෝනිසෝමනසිකාරය, සද්ධර්මයේ පැවැත්මට හා විනාශනොවීමට (continuation and non-decline of the good dhamma) බලපාන මුලික සාධකයක්ය. මූලාශ්‍ර:අංගු.නි: (1): 1 නිපාත:ආධ්‍යාත්මික වග්ගය: 1.10.18 සූත්‍රය, පි.74, EAN: 1:X: Internal, p.42.
▼ යෝනිසෝමනසිකාරයෙන් හා විරියෙන් කටයුතු කර බුද්ධත්වය සාක්ෂාත් කරගත් බව වදාළ බුදුන්වහන්සේ, එලෙසින් කටයුතු කර විමුක්තිය ලබාගන්නය යයි ශ්‍රාවකයනට අවවාද වදාළහ: “...මයහං ඛො භිකඛවෙ යොනිසො මනසිකාරා සමමපපධානා ...අනුතතරා විමුතති සචඡිකතා. තුමෙහපි භිකඛවෙ යොනිසො මනසිකාරා... අනුතතරං විමුතතිං සචඡිකරොථාති...”. මූලාශ්‍ර:ස.යු.නි (1): සගාථවග්ග: මාරසංයුත්ත:4.1.4 පඨමපාස සූත්‍රය,පි.218, ESN: 4: MāraSamyutta: 4.4 Māra’s Snare-1, p.267.
▼ බුදුන්වහන්සේ වදාළේ නුපන් අකුසල (රාග, දෝස හා මෝහය- අකුසල මූල) ඇතිනොවීමට හා උපන් අකුසල නැති කරගැනීම පිණිස යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීමේ වැදගත්බවය. මූලාශ්‍ර:අංගු.නි: (1):3 නිපාත: 3.2.2.8 සූත්‍රය, පි.394 ,EAN: 3: 68.8 Other sects, p. 112.
▼ යෝනිසෝමනසිකාරය වඩා ගැනීමෙන් සප්ත බොජ්ඣංග වර්ධනයවේ. මූලාශ්‍ර:සංයු.නි: (5-1) මහාවග්ග: බොජ්ඣංගසංයුත්ත:2.4.5 යෝනිසෝ සූත්‍රය, පි. 215, ESN:46: Bojjhaṅgasaṃyutta, 35.5.Careful attention,p.1770.
▼ යෝනිසෝමනසිකාරය කිරීමෙන්, බෝසතුන්ට ප්‍රඥාව පහළව, පටිච්චසමුප්පාදය ධර්මය අවබෝධවූ බව බුදුන් වහන්සේ දක්වා ඇත. මූලාශ්‍ර:සංයු.නි: (2): නිදානසංයුත්ත:1.1.10 ගෝතම සූත්‍රය, පි.38, ESN: 12 Nidāna Samyutta: 10-10 Gothama sutta, p. 620.
▼ උදාවන හිරුට පෙරගමන් කරන අරුණෝදය මෙන් අරිය අටමග ඇතිකරගැනීමට පෙරටුවෙන්නේ යෝනිසෝමනසිකාරයය( careful attention is the forerunner to develop the Noble eightfold path)
…සූරීයසස භිකඛවෙ, උදයතො එතං පුබබඬගමං එතං පුබබනිමතතං යදීදං අරුණගගං. එව මෙව ඛො භිකඛවෙ, භිකඛුනො අරියසස අටඨඬගි කසස මගගසස උපපාදාය එතං පුබබඬගමං එතං පුබබනිමතතං යදිදං යොනිසොමනසිකාර සමපදා...”. මූලාශ්‍ර: සංයු.නි (5-1) :මග්ගසංයුත්ත: සුර්යපෙයියාලවග්ග: 1.6.7 හා 1.6.14 යොනිසෝ සූත්‍ර,පි.80,84, ESN:45: Magga Samyutta: The sun repletion series, p. 1652.
▼ යෝනිසෝමනසිකාරය ඇතිව ආරිය අටමග වඩාගැනීම මේ සූත්‍රයන්හි විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි (5-1) :මග්ගසංයුත්ත: එකධම්මපෙයියාලවග්ග: 1.7.7 සූත්‍රය, පි. 88 හා 1.7.14.සූත්‍රය,පි.92.
▼ සක්කාය දිට්ඨිය, සීලබ්බතපරාමාස හා විචිකිච්චාව යන අකුසල ඇතිවීමට අයෝනි සෝමනසිකාරය හේතුවේ. අවුල්සහගත සිත, අසම්ප්‍රජන්‍යය හා වික්ෂිප්ත සිත පහකර ගැනීමෙන් අයෝනිසෝ මනසිකාරය නැතිකර ගත හැකිවේ. යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන්නේ නම් සක්කායදිට්ඨිය, සීලබ්බත පරාමාස හා විචිකිච්චාව යන අකුසල ප්‍රහීණ ය කරගැනීමට හැකිවේ, සෝතාපන්න බව ලබාගැනීමට හැකිවේ. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: 10.2.3.6. තයෝධම්ම සූත්‍රය, පි. 284, EAN:10: 76.6. Incapable, p. 524.
▼ යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරනවිට නූපන් ආසව- taints ඇතිනොවේ, උපන් ආසව පහවේ:
“...යොනිසො භිකඛවෙ මනසිකරොතො අනුපපනනා චෙව ආසවා න උපපජජනති, උපපනනා ච ආසවා පහීයනති...”: අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරනවිට ඇති නොවූ ආස්‍රව ඇතිවේ, ඇතිවී ඇති ආස්‍රව වැඩේ. බලන්න: ආස්‍රව මූලාශ්‍ර:ම.නි: (1): 1.1.2 සබ්බආසව සූත්‍රය, පි. 38, EMN:2: Sabbāsava Sutta- All the Taints, p. 73.
▼ යෝනිසෝමනසිකාරය ආධ්‍යාත්මික වර්ධනයට හේතුවේ: සියලු කුසල ධර්මයෝ යෝනිසෝමනසිකාරය මුලික කරගෙන ඇත. නුවණින් මෙනෙහි කරන විට පංච නීවරණ ඇති නොවේ, ආධ්‍යාත්මික මාර්ගය සම්පුර්ණ කරදෙන සප්ත බොජ්ඣංග ධර්ම යහපත් ලෙසින් වැඩේ. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග:බොජ්ඣංග සංයුත්ත: 2.4.2 දුතිය කුසල සූත්‍රය හා 24.5 යෝනිසෝ සූත්‍රය, පි. 212, ESN:46: Bojjangasamyutta: 32.2 Wholesome -1 & 35.5 Careful Attention, p.1767.
▼ යෝනිසෝමනසිකාරය, ආධ්‍යාත්මික මාර්ගයට විශේෂ බවක් ගෙන දෙන ධර්මයකි:
“ යොනිසො මනසිකාරො අයං එකො ධම‍්මො විසෙසභාගීයො” බලන්න: විශේෂභාගිය ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි: (3): 34 දසුත්තර සූත්‍රය, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.
▼ අරහත්වය ලැබීමට පුහුණුවන (සේඛ) භික්ෂුවගේ සිත්සතන්හි ඇතිවන යෝනිසෝමනසිකාරය බොහෝ උපකාරී ධර්මයක් බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. නුවණින් මෙනෙහි කරනවිට අකුසල පහවී කුසලධර්ම වැඩේ. බලන්න:ඛු.නි:ඉතිවුත්තක:1.2.6 පළමුසේඛ සූත්‍රය.
▼ වෙනත් මුලාශ්‍ර: 1. BODHIBULLETINDHARMA NEWS FROM BODHI MONASTERY NOV/DEC 2005: Wise Attention by Venerable Xin-xing. https://bodhimonastery.org/docs/novdec05bb.pdf
යම
▲ යමක තෙර-Yamaka Thera: බලන්න: උපග්‍රන්ථය:1
▲ යමක ප්‍රාතිහාර්ය ඥානය- Yamaka Pāțihāriya Ñana: යමකප්‍රාතිහාර්ය ඥානය (යමකපාටිහාරිය) තථාගතයන්ට පමණක් ඇති විශේෂ ඥානයකි. ශබ්දකෝෂ: BD: p.209: “Yamaka Pāțihāriya Ñana:Twin miracale-‘There the Perfect One performed the twin-miracle unattainable to any disciple…”
▼ යමක මහා ප්‍රාතිහාර්ය පෑම:
“ ... තථාගත තෙම ...යමකප්‍රාතිහාර්ය කෙරෙයි. උඩුකයින් ගිනිකඳ පවත්වයි, යටිකයින් දියදහර පවත්වයි...”. සටහන්: * මේ ඡෙදයේ, එම ප්‍රාතිහාර්ය විස්තරාත්මකව දක්වා ඇත. ** බුදුන් වහන්සේ බුදුබව ලබා, කපිලවස්තු නුවරට වැඩිය අවස්ථාවේ, සමහර ශාක්‍යයන් , කුල මානය නිසා උන්වහන්සේට ගරු පුජා නොකළහ. ශාක්‍ය මානය බිඳ දැමීමට බුදුන් වහන්සේ යමක ප්‍රාතිහාර්ය පැවත්වූ බව ලෝමසකන්ගිය තෙර අපදානයේ විස්තර කර ඇත. බලන්න: උපග්‍රන්ථය:1. මූලාශ්‍ර: ඛු.නි: පටිසම්භිදාමග්ග1:මහාවග්ග,ඥානකතා:70 යමකප්‍රාතිහාර්ය ඥානය, පි.256.
▲ යමරජ- King Yama: සම්ප්‍රදායිකව, මරණයට අධිපති දෙවියා යමරජය. අකුසල කර්මවිපාක ලෙසින් මරණින් පසු නිරයේ ( අපායේ) පහලවූ සත්ත්‍වයන් හට, ඔවුන් කළ අකුසලයන්ට අනුකූලව දඬුවම් තීරණය කරන්නේ යම රජය. සටහන්: * අටුවාවට අනුව යමරජුට දේවවිමානයක් ඇත. සමහර කාලවලදී යමරජු ඒ විමානයේ ඉඳ දෙව්සැප ලබයි, සමහර කාලවල කර්මවිපාක විඳි. ඔහු ධාර්මික රජෙකි. බලන්න: EMN: note 1206, p. 1172. ** පව් කම්කර නිරයේ දුක් විඳින සතුන් දැක, තමන්ට මිනිසත්බව ලැබ, තථාගතයන් වහන්සේ ගෙන් දහම දැනගැනිමට ඇත්නම් එය ඉතා යහපත්ය යයි යමරජු සිතන බව බුදුන් වහන්සේ වදාළහ.බලන්න:අංගු.නි.(1):3 නිපාත:දේවදුතවග්ග: 3.1.4.6 සූත්‍රය. ශබ්දකෝෂ: G.B: p 896: “Yama: The King of the Yama Heaven; also regarded as the ruler of the hells. In the post-canonical Buddhist literature, Yama is depicted as the overload of the purgatory system who assigns to beings the punishments they must undergo in expiation of their karmic misdeeds”
▼ යමරජ හා ඔහුගේ කටයතු: මෙලොවදී තුන්දොරින් අකුසල කර්මකළ මිනිසුන් පහළලෝකයේ- නිරයේ ආදීවූ දුගතියේ පහළවේ. යම පල්ලෝ (යමරජුගේ නිලධාරීන්) ඒ පුරුෂයා, යමරජු ඉදිරියට ගෙනගොස්, ඔහු මිනිස්ලෝකයේදී මාපියනට සත්කාර නොකළබව, ශ්‍රමණ බ්‍රාහමණයන්ට ගරුනොකළබව, වැඩිහිටියන්ට ගරු නොකළබව ආදී ඔහුගේ නරකගුණ දක්වා ඔහුට සුදුසු දඬුවම් දෙන්න යයි පවසති. යමරජු, එම පුරුෂයා ගෙන් අසන්නේ මිනිස්ලෝකයේදී ඔහු දේවදුතයන් සිව්දෙනා දැක තිබේද? ඔවුන් දැකීමෙන් බිය ඇතිවී අකුසල නොකිරීමට නොසිතුවේද? යන කරුණුගැනය. සටහන: දේවදුතයන් සිව්දෙනා පිලිබඳව මේ සූත්‍ර දෙකේ විස්තරාත්මකව පෙන්වා ඇත. බලන්න: දේවදුතයෝ. යමරජුගේ විනිශ්චය: එම පුරුෂයා මිනිස්ලෝකයේ ජිවත්වූ කාලයේ ප්‍රමාදව, තුන්දොරින් අකුසල කර්ම කර ඇත. එම අකුසල කර්ම වෙනත් කෙනෙක් නොව ඔහු විසින් කරනලද නිසා, ඒවා පිලිබඳ නියමිත විපාක ඔහු විසින්ම විඳ දරාගත යුතුය. අවසානයේදී යමපල්ලෝ ඒ පුරුෂයා ගෙනගොස් ඔහුට ඉතා බිහිසුණුවූ, වේදනාකාරිවු දඬුවම් කරති. බලන්න: නිරය. සටහන: මේ සූත්‍රවලදී නිරිසතුන්ට පමුණුවන විවිධ දඬුවම් විස්තරාත්මකව දක්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (1): 3 නිපාතය: දේවදුතවග්ග: 3.1.4.6 සූත්‍රය, පි. 292, EAN:3: Divine Messengers: 36. 6 Messengers, p.92, ම.නි: (3) 3.3.10 දේවදුත සුත්‍රය, පි. 400, EMN:130: The Divine Messengers, p.941.
▲ යාමදේව ලෝකය- Yama Devaloka: මෙය කාමාවචර දේවලෝක 6 න් එකකි: බලන්න: දේවලෝක.
යළ
▲ යළි උපත- Rebirth: යළි උපත (මරණින් මතු ඉපදීම) අභිනිවෘත්තිය ලෙසින්ද පෙන්වා ඇත. ධර්මයේ යළි උපත ලෙසින් පෙන්වා ඇත්තේ, විඥානය, තුන්ලෝකයෙන් එක් ලෝකයක, ප්‍රතිසන්ධි ලෙසින් ඇතිවීමය, පුනර්භවය ලෙසින්ද පෙන්වා ඇත. කෙළෙස්, සහමුලින්ම විනාශ නොකළ නිසා යලි උපතක් ඇතිවේ. පටිච්චසමුප්පාදයට අනුව භවය සකස්වීම, ජාතියක්- යළි උපතක් ඇතිවීමට හේතුවේ. සටහන: සුගතියේ යළි උපත ලබන අය ටිකය, දුගතියේ යළි උපත ලබන අය බොහෝය. බලන්න:අංගු.නි: (1): 1නිපාත 1.16 සූත්‍රය, පි.114, අංගු.නි:2: 2.1.2.6 හා 2.1.2.7 සූත්‍ර, පි. 148.
▼ සත්ත්‍වයන් යළි උපත ලබන ස්ථාන 7ක් (සත්ත්‍වා වාස )හා ආයතන- භුමි 2ක් පිළිබඳ විස්තර මේ සූත්‍ර වල පෙන්වා ඇත: සටහන්: * විඥාන ස්ථිති ස්ථාන 7: බලන්න: විඥානය ස්ථාන ** භූමි 2 : නෙවසංඥා-නා සංඥා ආයතන දෙවිවරු හා අසඥ තලයේ (unconscious) දෙවිවරු මේ ගණයට වැටේ බලන්න: බ්‍රහ්මලෝක. මූලාශ්‍ර: දීඝ:නි: මහානිදාන සූත්‍රය (40 ඡෙදය), පි. 118, EDN: 15 Mahānidāna Sutta: The Great Discourse on Origination (section 33), p. 169, අංගු.නි: (4): 7 නිපාත: 7: 7.1.5.1 විඤඤාණට්ඨිති සූත්‍රය, පි. 362, EAN: 7: 44.1 Stations, p.380, අංගු.නි: (5): 9 නිපාත: 9.1.3.4 සත්තාවාස සූත්‍රය, පි. 470, EAN: 9: 24.4. Beings, p.470.
▼ යළි උපත දුකය, යළි උපතක් නොවීම සැපය යයි සැරියුත් මහා තෙරුන් වදාළහ. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: 10.2.2.5 පඨම සුඛ සූත්‍රය, පි. 246, EAN:10: 65.5 Happiness 1,p. 519.
▼ මිනිසත්බවයේ සිට චූතව, මිනිස් ලෝකයේ යළි උපත ලබන අය ඉතා ස්වල්පයකි යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. බොහෝදෙනා නිරයේ, තිරිසන් ලෝකයේ, ප්‍රේතලෝකයේ උපත ලබති. දේව ලෝකයේ උපත ලබන අයද ඉතා ටිකය. ඒ පිලිබඳ දැක්වූ උපමාව: බුදුන් වහන්සේ නිය පොත්තට ගත් පස් ස්වල්පය මහා පොළව හා සසඳන විට ඉතාමඳය. එලෙස, යළි මිනිසත්බවට පැමිණෙන්නේ ඉතා ටික දෙනෙකි. බලන්න: උප ග්‍රන්ථය:5. සටහන: දේවලෝකයේ සිට චූතවූ දෙවියන් යලි දේවලෝකයට පැමිණෙන්නේ ටික දෙනකි, මිනිසත්බවට පැමිනෙන්නේද ටික දෙනකි, බොහෝ දෙන සතර අපායේ උපත් ලබන බව බුදුන් වහන්සේ මෙහිදී පෙන්වා ඇත. එසේම සතර අපායේ සිට මිනිසත් බවට පැමිණෙන අයද , දෙවලෝකයට පැමිණෙන අයද ඉතා ටිකය. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග:සච්චසංයුත්ත: මනුස්සචුති සූත්‍ර, පි. 374, ESN: 56: Sacchasamyutta: Passing Away as Humans, p. 2374.
▼ ආධ්‍යාත්මික මග යහපත් ලෙසින් වර්ධනය කරගත් පුද්ගලයා, සුගතියක යළි උපත ලබයි, ඔහු විශේෂත්වය ට පැමිණෙන බව මේ සූත්‍රයේ පෙන්වා ඇත. සටහන: ආධ්‍යාත්මික මග වර්ධනය කරගත් පුද්ගලයා සතු ගුණ: ත්‍රිවිධ රත්නය පිලිබඳ අවෙච්චා සහගත ප්‍රසාදය, සමාධියට තුඩු දෙන ආරිය කාන්ත ශිලය. මින් හඟවන්නේ සෝතාපන්න පුද්ගලයෙක් සතු ගුණයන්ය. මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග:සෝතාපත්තිසංයුත්ත:සරකානි වග්ග: 11.3.1 හා 11.3.2 මහානාම සූත්‍ර, පි.206.
යව
▲ යෞවන මදය: පාලි: යොබ‍්බනමදො-youth infatuation: යෞවන මදය - තරුණ මදය ලෙසින්ද පෙන්වයි. තරුණ බැවින් මත්විමය. බලන්න: මදය.
▲ යවමිටි-Sheaf of Barley: යව (බාර්ලි) ධාන්‍යයකි එහි අස්වැන්න ගැනීම පිණිස, ඒවා මිටි (කලාප) කොට, බිමදමා මිනිසුන් කත්ලිවලින් තළයි. පළමුව මිනිසුන් 6 දෙනක් එකතුව මිටි තළා දමති. සත්වැනි මිනිසා පැමිණ, ඔහුගේ කත්ලියෙන් යවමිටි තළා දමනවිට, ඒවා හොඳීන්ම තැලී ඇත. මේ උපමාව ඇසුරු කර බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ ධර්මය නොදත් පෘතග්ජන මිනිසා (අසත්පුරුෂ), කැමති හා අකමැති දේ (බාහිර අරමුණු), සළායතන මගින් අල්වාගෙන (ඇසින් රූප ආදී වශයෙන්), සයවතාවක් තැලීමට ලක්වේ. ඔහු මතු භවය ගැන සිත යොමු කරන්නේ නම් 7 නි වතාවට ද ඔහුට තැලුම් කෑමට සිදුවේ. පංච උපාදාන ස්කන්ධයම, තමාගේ යයි අල්වාගෙන, ලෝකයා විඳින දුක් කරදර පෙන්වීම පිණිස බුදුන් වහන්සේ මේ උපමාව යොදාගෙන ඇත. බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍ර: සංයු.නි: (4): සළායතනවග්ග: වේදනාසංයුත්ත: ආසිවිසවග්ග:1.19.11 යවකලාපී සූත්‍රය, පි.410.
යස
▲ යසකුල පුත්‍ර තෙර, පවුල හා මිත්‍රයෝ-Yaskulaputhra Thera, family & friends: බලන්න: උපග්‍රන්ථය:1,3
▲ යසෝධරා තෙරණිය-Yasodhara Theraniya: භද්ද කච්ච්චානා තෙරණිය ලෙසින්ද දක්වා ඇත. බලන්න: උපග්‍රන්ථය:2
▲ යස හා අයස- fame & disrepute: යස (කිර්තිය) හා අයස (අපකීර්තිය) අටලෝදහමකි. බලන්න: අටලෝදහම
▲ යසොජ තෙර-Yesoja Thera: බලන්න: උපග්‍රන්ථය: 1
යහ
▲ යහපත් කථාව- Good speech: යහපත් කථාව යනු සුදුසු දෙය සුදුසු වෙලාවේ කථා කිරීමය. බලන්න: කතාව
▲ යහපත් ගුණධර්ම- Good qualities: යහපත් ගුණධර්ම ලෙසින් දක්වා ඇත්තේ, ධර්මානුකූලව වාසය කිරීමය. මෙය ලෝකයේ ලබාගැනීමට දුර්ලභ ධර්මතාවයකි. ධර්මකරුණු තමාගේ ජිවිතයට නො යොදාගැනිම (අනනුයොගය) හා දහම් කරුණු නිතර ආවර්ජනා නොකිරීම- ප්‍රත්‍යවෙක්ෂණය නැතිබව, යහපත් ගුණ ධර්ම ඇතිකර ගැනීමට බාධාවකි. බලන්න: ඉෂ්ඨධම්ම. මූලාශ්‍රය: අංගු.නි: (6) 10 නිපාත:10.2.8.3 ඉෂ්ඨධම්ම සූත්‍රය, පි.270,EAN:10: 73.3 Wished for, p.522.
▲ යහපත් හා අයහපත් භික්ෂුන්: පාලි:පෙසලා භික‍්ඛු, පාපීභික‍්ඛු -well-behaved bhikkhus & evil bhikkhus: ධර්මයට අනුව යහපත් භික්ෂුන්යනු ධර්මානුකූලව වාසය කරන සංඝයාය. අයහපත් භික්ෂුන් යනු ධර්මානුකූලව වාසය නොකරන සංඝයාය, පාපී භික්ෂුන්ය. පාපී භික්ෂුන් බලවත්වූ විට ධර්මය පිරිහේ, යහපත් භික්ෂුන්ගේ බලය අඩුවේ, ඔවුන් ඒ ප්‍රදේශය හැර වෙනත් ස්ථානවලට පිටවේ. එම කරුණ බොහෝ දෙනාට අහිත පිණිස, දුක පිණිස, අනර්ථය පිණිස පවතී යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. එහෙත්, යහපත් භික්ෂුන් බලවත්වූ විට ධර්මය වැඩේ. පාපී භික්ෂුන්ගේ බලය පිරිහේ. යහපත් භික්ෂුන් වැඩවිසීම, බොහෝ දෙනාට හිත පිණිස, සුවය පිණිස, අර්ථය පිණිස පවතී. මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත:2 .1.4.8 සූත්‍රය, පි.172, EAN: 2 : 39.8 Sutta, p.62.
▲ යහපත් ජීවිතය- Good life: ධර්මානුකූලව ජීවිතය ගෙනයාම යහපත් ජීවිතය. පතිමෝක්ඛ සංවරය ඇතිව සිටීම සංඝයාගේ යහපත් ජීවිතයය. ගිහිපිරිසට, යහපත් ජිවිතයක් ගත කිරීමට උපදෙස් බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: අත්තුපනායික ධම්මපරියාය. මූලාශ්‍ර:සංයු.නි: (5-2) මහාවග්ග: සොතාපත්තිසංයුත්ත:වේලුද්වාර සූත්‍රය, පි.178, ESN: Sothapaththi Samyuththa:7.7 The people of Bamboo Gate p. 2191.