ච සහ ඡ කොටස්

ච කොටස:

චක, චග, චට, චත, චද, චන, චණ, චප, චම, චර, චල, චව

චක

▲ චංකම- Walking path: චංකම (චඬකම) ලෙසින් පෙන්වා ඇත්තේ භාවනාව සඳහා යොදාගන්නා සක්මන් පථයය. බලන්න: සක්මන් භාවනාව.

▲ චංකි බ්‍රහ්මණ-Brahamin Chanki: මොහු කොසොල්දනව්වේ, ඔපසාද බමුනුගමේ වාසය කල ප්‍රසිද්ධ බ්‍රාහ්මණකි. බුදුන් වහන්සේ ඒ ගම අසල දේවවන නම් සල්උයනේ වැඩසිටින අවස්ථාවේදී උන්වහන්සේ බැහැදැකීමට පැමිණි බව මෙහි පෙන්වා ඇත. තමාගේ ගමේ පිරිසට, බුදුන් වහන්සේ ගැන මහා ගුණ ගායනාවක් මොහු පවසා ඇත. බලන්න:බුදුගුණ. මූලාශ්‍රය:ම.නි: (2) 2.5.5 චංකිසූත්‍රය, පි.662.

▲ චක්ඛායතන -eye base: ආධ්‍යාත්මික ආයතන 6න් එකකි, ඇස ආයතනය ය.බලන්න:ආයතන

▲ චක්ඛු- Eye: චක්ඛු-ඇස, අභ්‍යන්තර ඉන්ද්‍රිය (සළායතන) 6න් එකකි. ඇසෙහි ස්වභාවය අනිත්‍යයය, වෙනස්වේ, විපරිනාමබවට පත්වේ. ඒ පිලිබඳ යථා අවබෝධය ලැබීම -ධම්මචක්ඛු ලැබීම සෝතාපන්නවීමය. බලන්න: සලායතන, සෝතාපන්න, සළායතන. සටහන්: ධම්මචක්ඛ ප්පවත්තන සූත්‍රයේදී, කොණ්ඩඤඤ තෙරුන් සෝතාපන්න වීම, ධම්ම චක්ඛු පහළවීම යයි පෙන්වා ඇත. ** සෙසු ඉන්ද්‍රිය පිළිබඳව මේ ආකරයෙන් දැකිය යුතුය. මූලාශ්‍ර: සංයු.නි: (3 ): ඛන්ධවග්ග: ඔක්කන්තිසංයුත්ත: 4.1.1. චක්ඛු සූත්‍රය, පි. 470, ESN: 25: Okkanti samyutta: 1 The eye, p. 1140.

▼ ඇස ඇතිවීම නිසා දුක ඉපදෙන ආකාරය -ජරා රෝග මරණ- පිලිබඳව මෙහි විස්තර කර ඇත. ඇස පිලිබඳ තණ්හාව පහවිම, දුක නැතිවීමය. සටහන: සෙසු ඉන්ද්‍රිය පිළිබඳව මේ ආකරයෙන් දැකිය යුතුය. මූලාශ්‍රය: සංයු.නි: (3 ): ඛන්ධවග්ග: උප්පාදසංයුත්ත:5.1.1. චක්ඛු සූත්‍රය, පි. 478.

▼ ඇසනිසා ඡන්දරාගය ඇතිවීම කෙළෙස් හටගැනීම බව මෙහි පෙන්වා ඇත. ධර්මඅවබෝධය මගින් ඒ කෙළෙස් පහකර ගත හැකිවේ. සටහන: සෙසු ඉන්ද්‍රිය පිළිබඳව මේ ආකරයෙන් දැකිය යුතුය. මූලාශ්‍රය: සංයු.නි: (3 ): ඛන්ධවග්ග: කෙළෙසසංයුත්ත:6.1.1. චක්ඛු සූත්‍රය, පි. 486.

▲ චක්ඛු ඉන්ද්‍රිය-Eye faculty: ධර්මයේ පෙන්වා ඇති ඉන්ද්‍රිය 22න් එක් ඉන්ද්‍රියකි. බලන්න:ඉන්ද්‍රිය.

▲ චක්ඛු තුන- The three eyes: බුදුන් වහන්සේ චක්ඛු 3 ක් පෙන්වා ඇත: මස්ඇස -භෞතික ඇස(physical eye), දිවැස- දිබ්බ චක්ඛු (divine eye), පැනස -ප්‍රඥා ඇස(eye of wisdom): “ තිණිමානි භික‍්ඛවෙ චක‍්ඛුනි...මංසචක‍්ඛු, දිබ‍්බචක‍්ඛු, පඤ‍්ඤාචක‍්ඛු”. මස්ඇස, දිවැස් ලබාගැනීමට හේතුවේ. දිවැස- ඉද්දිබලයකි. ප්‍රඥා ඇස ලැබීමෙන් ආසව ක්‍ෂය කිරීමේ ඥානය ඇතිවී- ආසවක්ඛය, දුක අවසන්වේ. සටහන: මස්ඇස- සළායතන 6 න් එකකි. මූලාශ්‍ර: ඛු.නි: ඉතිවුත්තක: 3.2.2 චක්ඛු සූත්‍රය, පි. 416.

▲ චක්ඛුපාල තෙර - Chakkhupaala Thera බලන්න: උපග්‍රන්ථය:1

▲ චක්ඛු විඤඤාණය - Eye consciousness: සය විඥානයන්ගෙන් එකකි. බලන්න: විඥානය.

▲ චක්‍රවර්ති රජ - Wheel-Turning Monarch: සතර දීපයන්ට අධිපති, බොහෝ යස ඉසුරු ඇති උතුම් පාලකයාය. බලන්න: සක්විතිරජ.

▲ චක්‍ර සතර: පාලි: චත‍්තාරි චක‍්කානි - The four wheels: බුදුන් වහන්සේ චක්‍ර 4ක් පෙන්වා ඇත. එමචක්‍ර සම්පත්තිය ඇති දෙවියන් හා මිනිසුන් අග්‍ර බවට පත්වේ, ධනසම්පත්ති බහුලව ලබා ගනී. 1) සුදුසු දේශයක වාසය කිරීම (පතිරූපදෙසවාසො) 2) සත්පුරුෂයන් සේවනය (සප‍්පුරිසූප නිස‍්සයො) 3) තමා තුලශ්‍රද්ධාව ආදී ගුණ ධර්ම තිබීම - යහපත් පෞරුෂත්වය (අත‍්තසම‍්මාපණිධිච) 4) පෙර කළ පින් ඇති බව (පුබ‍්බෙ ච කත පුඤඤතා). ඒ සම්පත් නිසා ඔවුන්ට සතුටින් වාසය කරති. සටහන: * මංගල සූත්‍රයේ 2 නි හා 3 නි ගාථාවන්හි එම ගුණ 4 මංගල-සුභ කරුණු ලෙස පෙන්වා ඇත. මූලාශ්‍ර:අංගු.නි: (2): 4 නිපාත: චක්කවග්ග: 4.1.4.1.චක්ක සූත්‍රය, පි. 88, EAN:4: 31.1 The wheel, p. 160

▼ චක්‍ර 4 තිබීම ආධ්‍යාත්මික වර්ධනයට බොහෝ උපකාරීවේ- ඒවා බහුඋපකාර ධර්ම යන්ය. බලන්න: EDN: note: 1139, p. 475. මූලාශ්‍ර: දීඝ.නි : (3): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

චග

▲ චාගය - Generosity: චාග යනු සතුටු සිතින් දීමය- දානයය, ත්‍යාගයය. මෙය කුසල ක්‍රියාවකි, පින් ලැබේ. සියලු දෙය අතහැරීම, එනම්, තණ්හාව හැරදැමීම ද චාගය ලෙසින් පෙන්වා ඇත. බලන්න:දානය. සටහන: ධම්මචක්කපවත්තන සූත්‍රයේ : දුක නිරෝධ කරගැනීම පිණිස තණ්හාව හැරදැමීම චාගය යයි පෙන්වා ඇත. “ ඉදං ඛො පන භික‍්ඛවෙ, දුක‍්ඛ දුක්ඛනිරොධො අරිය සච‍්චං: යො තස‍්සායෙව තණ‍්හාය අසෙස විරාගනිරොධො චාගො පටිනිස‍්සග‍්ගො මුත‍්ති අනාලයො...”. මහණෙනි, මේ දුක්ඛ නිරෝධ සත්‍යයය: ඒ තණ්හාව, ඉතිරි නොමැතිව දීලාදැමීම, අත්හැරීම, නිදහස්වීම, ඇල්ම හැරදැමීමය. බලන්න: තණ්හාව.

▼ වෙනත් මුලාශ්‍ර: 1. “ ...චාග කියන ගුණයේ අවසාන කෙළවර, අවසාන ප්‍රතිඵලය, නෙක්කම්මයට ශක්තිය ඇතිවීම”. “අබිනික්මන”: කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂු: පි.16, 2003,

▲ චාගානුසතිය - Chaganusati: චාගානුසතිය, අනුසති භාවනාවකි. තමන්ගේ ත්‍යාගශීලිබව සිහිපත් කර සිත ප්‍රීතියට පත්කරගැනීම මගින් සිතේ එකඟබව- සමාධිය ලබාගැනීම. ගිහියන් විසින් වැඩිය යුතු භාවනාවකි. බලන්න: භාවනා, ගිහියන්ට උපදෙස්.

චට

▲ චාටුකථා- flattery: අනුන් රැවටීමට කරන කථාය, අකුසලයකි, ධර්ම මාර්ගයේ පරිහාණියට හේතුවේ. බලන්න: ඉච්චාකතාව, උත්තරී මනුස්සධම්ම.

චත

▲ චෛත්‍ය - Chetiya: බුදුන් වහන්සේ ඇතුළු ආරිය පුද්ගලයන් සිහිකිරීම පිණිස ගොඩනගන ස්මාරකයන් චෛත්‍ය -චේතිය -ථුප -දාගැබ ලෙසින් හඳුන්වයි. බලන්න: ස්ථුප. සටහන: සක්විතිරජ සිහිකිරීම පිණිසද චෛත්‍ය සාදයි. බලන්න: සක්විතිරජ.

▼ චෛත්‍යය තුන: අටුවාවට අනුව චෛත්‍යය තුන් ආකාරයකි: පාරිභෝග චෛත්‍යය නම් බුදුන් වහන්සේ පරිහරණය කල බෝධිරුක, චිවරය, පාත්‍රය. උද්දේසික චෛත්‍යය නම් බුදුපිළිම වේ. ස්ථුප චෛත්‍යය නම් ධාතු තැන්පත් කර ඇති ස්ථුපයන්ය. චෛත්‍යයන්ට ගරු පුජා කිරීම පුණ්‍ය ක්‍රියාවක්වේ.බලන්න: ශාරීරික ධාතු, මහාපරිනිර්වාණසූත්‍රය. මූලාශ්‍රය: ඛු.නි:ඛුද්දකපාඨ: 8 නිධිකණ්ඩ සූත්‍රය, සටහන් 2: පි. 46.

▲චෛතසික සුඛය -Mental happiness: චෛතසික සුඛය ලෙසින් පෙන්වා ඇත්තේ, ජානසමාපත්ති ලැබීමෙන්, නීවරණ පහවීම නිසා සිතේ ඇතිවන සැපැයටය. මානසික සුවය ලෙසින්ද පෙන්වා ඇත. මෙය කායික සුඛයට වඩා අග්‍රය. බලන්න: ජාන, සුඛය.

▲ චේතනා- Chetana – Volition: කයෙන් වචනයෙන් හා සිතින් (තුන්දොර) කරන කුසල්හෝ අකුසල් චේතනා ය. කම්ම සකස් කරන්නේ චේතනා මගින්ය. “චේතනා අහං භික‍්ඛවෙ කම‍්මං වදාමි” යයි බුදුන් වහන්සේ වදාළහ. චේතනා :සංඛාර, අභිසංඛාර ලෙසින්ද පෙන්වා ඇත. බලන්න: සංඛාර, කම්ම, අභිසංඛාර.

▼ කෙනෙක් සිතන, කල්පනා කරන, සිත නැඹුරුකරන දේ -චේතනාවය. චේතනා නිසා විඥානය පිහිටයි, මතු ජාතිය ඇතිවීම ආදී සසර දුක ඇතිවේ. චේතනා නොමැතිනම් විඥානයේ පිහිටීමක් නැත, සසර දුක නිමාවේ. බලන්න: විඥානය, පටිච්චසමුප්පාදය. ( Bhikkhus, what one intends, and what one plans, and whatever one has a tendency towards: this becomes a basis for the maintenance of consciousness). මූලාශ්‍ර: සංයු.නි: (2): නිදානවග්ග: අභිසමය සංයුත්ත:කළාරඛත්තිය: චේතානා සූත්‍ර 3කි. පි. 124, ESN:12: Nidanasamyutta: IV: The Karakhattiya: Volition 3 suttas p. 665.

▼ සියලු චේතනා (රූපසංචේතනා,ශබ්දසංචේතනා, ගන්ධ සංචේතනා,රසසංචේතනා, ඵොට්ඨබ්බසංචේතනා,ධම්මසංචේතනා) අනිත්‍යය ය. එලෙස, දකිනා පුද්ගලයා ‘සද්ධානුසාරි’ ය, ඒබව, විදසුන් නුවණින්, ජානසමාපත්ති ලබා අවබෝධ කරගන්නා පුද්ගලයා ‘ධම්මානුසාරි’ ය. ඔවුන් සම්බෝධිය පිහිට කරගෙන ඇත. බලන්න: සත් ආරිය පුද්ගලයෝ. මූලාශ්‍රය:සංයු.නි: (3): ඛන්ධවග්ග: ඔක්කන්ති සංයුත්තය: චක්ඛුවග්ග:4.1.7 සූත්‍රය, පි.474.

▲ චේතෝඛිල : පාලි: චෙතොඛීලා- mental barrenness:චේතෝඛිල ලෙසින් පෙන්වා ඇත්තේ, සිතේ තද බව- අනම්‍ය බව, ආධ්‍යාත්මික මග නගා ගැනීමට යොදාගතයුතු ගුණයන් දැරීමට ඇති තද බවය. මේවා නිසා මාර්ගය හානියට පත්වේ. බලන්න: චේතෝඛීල, හානභාගිය ධර්ම. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි: 290: “චෙතො: සිත, පි. 267: ඛීල: තදබව”. B.D: p. 40: “Cetokhila: mental obduracies are 5 things which stiffen and hinder the mind from making right exertion: doubt about the master, about the doctrine, about the holy brotherhood, about the training and anger against the one’s fellow monks”.

▼ හානිය ඇති කරන චේතෝඛිල 5 ක් වේ. පංච චේතෝඛිල: (1) ගුරුවරයා පිලිබඳ විශ්වාසය, පිළිගැනීම නොමැතිබව. (2) ධර්මය පිලිබඳ විශ්වාසය, පිළිගැනීම නොමැතිබව (3) සංඝයා පිලිබඳ විශ්වාසය, පිළිගැනීම නොමැතිබව 4) ශික්ෂාව -පුහුණුව පිලිබඳ විශ්වාසය, පිළිගැනීම නොමැතිබව 5) තමන් සමග සිටින සෙසු අය (සබ්‍රහ්මසරුන්) සමග තරහ සිතින්, ගැටුන සිතින් සිටීම. එමනිසා, ඔහුට මාර්ගය වඩා ගැනීමට සිත නො පෙළඹේ, විරිය නො මැතිවේ. එම අවගුණ පහ කර ගැනීම පිණිස සතර සතිපට්ඨානය වඩා ගත යුතුවේ: “කතමෙ පඤ‍්ච ධම‍්මා හානභාගීයා: පඤ‍්ච චෙතොඛීලා: ඉධාවුසො භික‍්ඛු සත්‍ථරි කඞ්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති තස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, අයං පඨමො චෙතොඛීලො. පුන ච පරං ආවුසො භික‍්ඛු ධම‍්මෙ කඞ්ඛති... සඬෙඝ කඞ්ඛති... සික‍්ඛාය කඞ්ඛති... සබ්‍රහ‍්මචාරීසූ කුපිතො හොතී අනත‍්තමනො ආහතචිත‍්තො ඛීලජාතො, තස‍්ස චිත‍්තං න තස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, අයං පඤ‍්චමො චෙතොඛීලො...”. පංච චේතෝඛිල පහ නොකරගත් පුද්ගලයා, අමාවක පෝයට හඳ එළිය නැතිවී යන ලෙසින්, හානියට පත්වේ (නො බැබලේ) යයි බුදුන් වහන්සේ වදාළහ. එහෙත්, අකුසල හැර දැමු භික්ෂුව ආධ්‍යාත්මික මග වඩාගනී. බලන්න: උපග්‍රන්ථය:5 සටහන: ම.නි. චේතෝඛිල සූත්‍රයේ මේ කරුණු විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: 5.5.1.5 චේතෝඛිල සූත්‍රය, පි.422, EAN:5: 205.5 Barrenness, p. 305, අංගු.නි: (5): 9 නිපාත: 9.2.2.9 චේතෝඛිල සතිපට්ඨාන සූත්‍රය, පි.580, EAN: 71.9 Mental Barrenness, p. 487,දීඝ.නි : (3): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384, අංගු.නි (6): 10 නිපාත: 10.1.2.4 චේතෝඛිල සූත්‍රය, පි. 62, EAN:10: 14.4 Mental Barrenness, p. 496.

▲ චේතෝපරිය ඥානය - understand the minds of other beings අන්‍යයන්ගේ සිත් දැනගැනීමේ නුවණ චේතෝපරිය ඥානය වේ. පරචිත්ත විජානන ඥානය ලෙසින්ද පෙන්වා ඇත. ඉද්ධිපාද වඩාගැනීමෙන් එම නුවණ ලැබේ. මෙය බුද්ධ ඥානයකි. බලන්න:පටිසම්භිදා 1:ඥානකතා:52 චේතෝපරියඥානය, පි. 234.

▼බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “ මහණෙනි, මම යම් තාක් කැමති වේ නම් ඒ තාක් අන්‍ය සත්ත්‍වයන් ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත, තම සිතින් පිරිසිඳ දැන ගනිමි... සරාග සිතක් නම් සරාග සිත යයි...විමුක්ත සිත විමුක්ත සිත ලෙසින් දනිමි”. ( Bhikkhus, to whatever extent I wish, I understand the minds of other beings and persons, havingencompassed them with my own mind. I understand a mind with lust as a mind with lust... a liberated mind as liberated and an unliberated mind as unliberated) සටහන්: * සිතේ විවිධ බව මේ සූත්‍රයේ පෙන්වා ඇත. ** චිත්තානු පස්සනාවේදී සිතේ විවිධ බව මෙනෙහි කරයි. මූලාශ්‍ර: සංයු.නි: ( 2 ): නිදානවග්ග: කස්සපසංයුත්ත: 4.1.9 ජාන අභිඥා සූත්‍රය, පි. 342, ESN:12 Nidanavagga: Kassapasamyutta: 9 Jhānas and Direct Knowledges, p. 817.

▼ අනුරුද්ධ තෙරුන් මෙසේ වදාළහ: “ ඇවත්නි, සතර සති පට්ඨානය යහපත් ලෙසින් දියුණු කරගත් නිසා, වෙනත් අයගේ සිත: සරාගී සිතක්ද...විරාගී සිතක්ද ආදී ලෙසින් තම සිතින් පිරිසිඳ දනිමි...” මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග: අනුරුද්ධසංයුත්ත: 8.2.4 චේතෝපරිය සූත්‍රය, පි. 104, ESN: 52 Anuruddhasamyutta: 14.4 Encompassing the Mind, p. 2127.

▼ වෙනත් මුලාශ්‍ර: 1.“ චිත්තයේ සරාග (රාගීබව) ආදී ස්වභාවය පිරිසිඳ දැනීම චේතෝපරිය ඥානය ය. තමාගේ හා අන් අයගේ සිතෙහි ස්වභාවය දැනීම...දිබ්බ චක්ෂු ඥාණය, චේතෝපරිය ඥානය ඉපදවීමට හේතුවේ...”: සිංහල විශුද්ධීමාර්ගය: 13 පරිඡේදය: පි. 595. 2. “මෙය බුද්ධ ඥානයකි. සියලු සත්ත්‍වයන්ගේ සිතේ ස්වභාවය දන්නා නුවණ- සිත රාග, ද්වේශ, මෝහ සහිතබව හෝ රහිතබව, ථිනමිද්‍යයෙන් හැකුළුන සිතක්ද, උද්දච්ඡ සිතක්ද, මහද්ගත ද අමහද්ගතද, ලෞකිකද, ලොකොත්තරද, සමාහිතද අසමාහිතද, විමුක්ත ද විමුක්ත නොවූ යන 16 ආකාර ලෙසින් අනුන්ගේ සිත් පිලිබඳ දන්නා නුවණ”. ආර්ය්‍යවංශ ධර්ම පුස්තක මාලා 1-4, අංක 1 සප්තබෝජ්ජංගය- පි. 77, සම්පාදනය- මොරටුවේ සිරි සාසනවංශ තෙරුන්, 1948.

▲ චේතෝවිනිබන්ධ: පාලි: චෙතසො විනිබන්‍ධා bondages of the mind චේතෝවිනිබන්ධ ලෙසින් පෙන්වා ඇත්තේ සිත වෙළා බැඳ ගන්නා අකුසල ධර්මයන් ගැනය. බුදුන් වහන්සේ චේතෝවිනිබන්ධ 5 ක් පෙන්වා ඇත: 1) පහනොවූ කාමචන්දය 2) කය පිලිබඳ පහ නොවූ තණ්හාව 3) රූප කෙරෙහි පහනොවූ තණ්හාව 4) කුසපුරා ආහාර ගෙන අලසව, නිදිවැදීම 5) බඹසර රැකීමේ අරමුණ වන්නේ මරණින් මතු දෙව්ලොවක උපත ලැබීම පිණිසය යන විස්වාසය ඇතිව කටයුතු කිරීම. එම අවගුණ නිසා ඔහුට මාර්ගය වඩා ගැනීමට සිත නො පෙළඹේ, විරිය නො මැතිවේ. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: 5.5.1.6 චේතෝවිනිබන්ධ සූත්‍රය, පි.424, EAN:5: 206.6 Bondages, p. 305.

▼ පංච චේතෝ විනිබන්ධනයෙන් බැඳුන පුද්ගලයා, අමාවක පෝයට හඳ එළිය නැතිවී යන ලෙසින්, හානියට පත්වේ (නො බැබලේ) යයි බුදුන් වහන්සේ වදාළහ. එහෙත්, මේ බන්ධන හැර දැමු භික්ෂුව ආධ්‍යාත්මික මග වඩාගනී. බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍ර: අංගු.නි (6): 10 නිපාත: 10.1.2.4 චේතෝඛිල සූත්‍රය, පි. 62, EAN:10: 14.4 Mental Barrenness, p. 496.

▲ චෙතෝ විමුක්තිය: පාලි: චෙතොවිමුත‍්තිං-Deliverance of mind-ceto vimutti: ධර්මයේ චෙතෝ විමුක්තිය ලෙසින් පෙන්වා ඇත්තේ සමාධි සමාපත්ති ලබා ගැනීමෙන්, අරහත් මග සාක්ෂාත් කර ගැනීමය. උභතොභාග විමුක්තිය ලබන උතුමා ප්‍රඥාවිමුක්තිය මෙන්ම චෙතෝ විමුක්තියද ලබාගනී.බලන්න: සත් ආරිය පුද්ගලයෝ, විජ්ජා විමුක්තිය, සමථ හා විදර්ශනාව, අවසානඥානය, උභතෝභාගවිමුක්තිය.

▼ චේතෝවිමුක්තිය ඇති කරගන්නා ක්‍රමවිධිය බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත: “සමථ භාවනාව වැඩීමෙන් කවර ප්‍රතිලාභයක් අත් දකින්නේද? සිත දියුණුවීමය. සිත දියුණුවීම මගින් කවර ප්‍රතිලාභයක් අත් දකින්නේද? රාගය පහවීම. රාගයෙන් වෙළුන සිතක් ඇතිවිට විමුක්තිය ඇතිනොවේ. රාගය පහවුවිට සිත විමුක්තියට පත්වේ, චේතෝවිමුක්තිය ඇතිවේ”“ඉති ඛො භික‍්ඛවෙ රාගවිරාගා චෙතොවිමුත‍්තී”. මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත: 2.1.3.11 සූත්‍රය, පි.158, EAN: 2: 31.11 Sutta, p.60..

▼ අරහත්ඵල සමාධිය සාක්ෂාත් කරගැනීම චේතෝ විමුක්තියවේ. මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත: ධම්මවග්ග,පි.198, EAN:2: Dhamma, p. 68.

▼ පංචඉන්ද්‍රිය දියුණු කිරීම මගින් චේතෝවිමුක්තිය-ඵලසමාධිය ඇතිවේ.මූලාශ්‍ර: සංයු.නි: ( 5-1): මහාවග්ග:ඉන්ද්‍රියසංයුත්ත: ආසවක්ඛය සූත්‍රය, පි. 390, ESN: 48: Indriya samyutta: 20.10, Destruction of the taints p. 1946.

▼ රාග දෝස මෝහ යන ආසවයන්ගෙන් සිත යහපත් ලෙසින් විමුක්තියට පත් කරගත් - චේතෝවිමුක්තිය ලැබූ භික්ෂුව සුවිමුත්ත චිත්තෝය. බලන්න: සුවිමුත්තචිත්ත. මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාත: 10.1.2.9 පඨමාරියවාස සූත්‍රය හා 10.1.2.10 දෙවෙනි අරියවාස සූත්‍රය පි.82-84, EAN: 10: II Protector, 19.9 & 20.10 Abodes of the Noble Ones 1 & 2, p. 498-499.

▲ චෙතොවිවට්ට - mental transformation: චෙතොවිවට්ට ලෙසින් පෙන්වා ඇත්තේ රූපධ්‍යානයය. බුදුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අතුරින් එම ධ්‍යානයේ අග්‍ර භික්ෂුව ලෙසින් පෙන්වා ඇත්තේ චූලපන්තක තෙරය. බලන්න: උපග්‍රන්ථය:1

▲ චතුආරක්ෂක භාවනා - Four protective meditation: චතුආරක්ෂක භාවනා ලෙසින් පෙන්වා ඇත්තේ, භාවනාව වැඩිමේදී, පංච නිවරණයන් ගෙන් සිදුවන බාධා වලින් ආරක්ෂාවීම පිණිස යොදාගන්නා 4 විධි භාවනා අරමුණුය: 1) මාර්ගය පිලිබඳ ඇතිවෙන යම් සැකයක්, විචිකිච්චාවක් පහකර ගැනීම පිණිස බුද්ධානුස්සතිය වැඩිම යහපත්වේ. 2) ව්‍යාපාදය- තරහ පහකර සිත සමාහිත කරගැනීමට මෙත්තා භාවනාව වැඩිම යහපත්වේ. 3) සිතේ ඇතිවන රාගය- කාමඡන්දය පහකර ගැනීමට සුදුසු වන්නේ අසුභ භාවනාවය. 4) ථිනමිද්ධය-අලසකම-කුසිතබව- අරතිය නැති කර අප්‍රමාදය අතිකර ගැනීමට උපකාරී වන්නේ මරණසතිය වැඩිමය. මේ අරමුණු 4 වඩාගැනීමෙන්, උද්දච්ච කුක්කුච්ච නීවරණය පහවේ. බලන්න: භාවනා.

▲ චතු ඉද්දිපාද - Four Iddipada: චතු ඉද්දිපාද -සතර ඉද්දිපාද යනු ඡන්ද, විරිය, චිත්ත හා විමංසා යන ඉද්දිපාදයෝය.රාගය පිලිබඳ අභිඥාව පිණිස සතර ඉද්දිපාද වැඩිය යුතුය. බලන්න: සතර ඉද්දිපාද.මූලාශ්‍රය:අංගු.නි: (2) 4 නිපාත:4.8.1 චතුසතිපට්ඨාන සූත්‍රය, පි.51ය6.

▲ චතුඕඝය- Four floods: චතු ඕඝය ලෙසින් පෙන්වා ඇත්තේ සසර ඇදගෙන යන ජල ප්‍රවාහයන් 4 ය. මෙය තරණය කිරීමට ඇතිමග ආරිය අටමගය. බලන්න: ඔඝය, ආරියඅටමග. මූලාශ්‍රය: සංයු.නි: (5-1) මහාවග්ග: සතිපට්ඨානසංයුත්ත:3.2.8 බ්‍රහ්මසූත්‍රය,පි.328.

▼ සිහිය ඇතිව (සතිමත්ව) හැසිරෙන පුද්ගලයා නුවණින් දහම දැක චතු ඕඝය තරණය කිරීමට සමත්වේ. මූලාශ්‍රය: ඛු.නි.සුත්තනිපාත: පාරායනවග්ග:වස්තුගාථා: පි,326, 5-4 මෙත්තගුමානවක,පි.340.

▲ චතුදිසා- Four Quarters: චතුදිසා-දිසා 4 නම්: උතුර, දකුණ, නැගෙනහිර හා බටහිරයන දිසවන්ය. කරුණු 5 කින් සමන්විත මහණට, චතු දිසාවන්හි, කිසිම අපහසුවක්, බාධාවක් නොමැතිව හැසිරිය හැකියයි බුදුන් වහන්සේ වදාළහ: 1) ශිලසම්පන්නවීම 2) බහුශ්‍රැතබව 3) සිව්පස පිලිබඳ සන්තුට්ඨිය තිබීම 4) මේ ජීවිතයේදීම සිව් ජාන සමාපත්ති ලබා පහසු විහරණය තිබීම 5) ආසව ක්‍ෂය කිරීමෙන් මේ අත්භවයේදීම අරහත්වය ලබා තිබීම. (Possessing these five qualities, a bhikkhu is at home in the four quarters). මූලාශ්‍ර: අංගු.නි: (3):5 නිපාත: 5.3.1.9. චතුදිසා සූත්‍රය, පි. 238, EAN:5: 109.9. At Home in the Four Quarters, p. 275.

▲ චතුධාතු - Four elements: චතුධාතු-ධාතු සතර: පඨවි, ආපෝ,තේජෝ හා වායෝ ධාතුය, මේවා සතර මහා භූතයන් ලෙසින්ද පෙන්වා ඇත. පංච උපාදානස්කන්ධය සකස්වී ඇත්තේ මේ ධාතුවලින්ය. ධාතු 4 නිසා ඇති ආදීනව:බොහෝ දුක් ඇතිවේ, ලෙඩරෝග ඇතිවේ, මහලුබවට පත්කරයි, මරණය ලබාදෙයි. ධාතු 4 නිසා යම් සොම්නසක්, සතුටක් ඇතිවේ නම් එය චතුධාතුවේ ආස්වාදයය, ඒවායේ වෙනස්වීමක් ඇතිවේද, එය ආදීනවයය, ඒවා පිලිබඳ ඇති ඇල්ම දුරුකිරීම එහි නිස්සරණය යවේ,එසේ චතු ධාතු පිළබඳව යථා අවබෝධය ලබා ගැනීම, ආධ්‍යාත්මික මගට ඇති බාධා ඉවත්කර ගැනීමය, බ්‍රහ්මචරියාව සාක්ෂාත් කර ගැනීමයයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: ධාතු. සටහන: විස්තර පිණිස බලන්න: විසුද්ධිමග, ධාතුකතා,පි. 720. මූලාශ්‍ර: සංයු.නි: (2): නිදානවග්ග: ධාතුසංයුත්ත: චතුධාතුවග්ග, පි. 285, ESN: 14. Dhatu samytta: IV: Four elements, p. 773.

▲ චතුධාතු වවට්ඨාන-Analysis of the four elements: චතුධාතු වවට්ඨාන ලෙසින් පෙන්වා ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ හා වායෝ යන ධාතු ගැන විමසා බලා යථා අවබෝධය ලබා ගැනීමය .බලන්න: ධාතු. සටහන: විස්තර පිණිස බලන්න: විසුද්ධිමග්ග, 15 පරිඡේදය.

▲ චතු බ්‍රාහ්මණ සත්‍ය - The four brahmin truths: බුදුන් වහන්සේ විශිෂ්ඨ ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරන ලද චතු බ්‍රාහ්මණ සත්‍ය නම්, සතර ආකාර ක්ෂිණාශ්‍රව-අසාව ක්‍ෂය කිරීමය: 1. සියලු සත්ත්‍වයෝ ගළවාගත යුතුය. එය සත්‍යකි. එසේ කියන ඔහු තමන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් යයි මානයක් නොගනී, මම උසස්ය, සමානය, හීනය යි ඔහු නොගනී. සත්‍ය, විශිෂ්ඨ ඥාණයෙන් දැනගත් ඔහු, හුදෙක් සත්ත්‍වයන් කෙරෙහි දයාවෙන් හා අනුකම්පාවෙන් කටයුතු කිරීමට පිළිපන්නේවේ 2. සියලු කාමයෝ අනිත්‍ය, දුකය, විපරිණාමයට පත්වේ. එය සත්‍යකි. එසේ කියන ඔහු තමන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් යයි මානයක් නොගනී, මම උසස්ය, සමානය, හීනය යි ඔහු නොගනී. සත්‍ය, විශිෂ්ඨ ඥාණයෙන් දැනගත් ඔහු, කාමයන් කෙරෙහි නිබිද්දාව, විරාගය, නිරෝධය පිණිස පිළිපන්නේවේ. 3. සියලු භවයෝ අනිත්‍ය, දුකය, විපරිණාමයට පත්වේ. එය සත්‍යකි. එසේ කියන ඔහු තමන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් යයි මානයක් නොගනී, මම උසස්ය, සමානය, හීනයයි ඔහු නොගනී. සත්‍ය, විශිෂ්ඨ ඥාණයෙන් දැනගත් ඔහු, භවය කෙරෙහි නිබිද්දාව, විරාගය, නිරෝධය පිණිස පිළිපන්නේවේ. 4. මම කිසි තැනක ආත්මයක් නොවෙමි, මම කිසිවෙකුගේ ආත්මයක් ද නොවෙමි, මගේ ආත්මය යයි කියන දෙයක් කිසිතැනක නොදකිමි, කිසිවෙකුගේ ආත්මය මගේ නොවේ. එසේ චතු කොටික සුඤඤතාව ප්‍රකාශ කරන ඔහු සත්‍යක්ම කියයි, ඔහු තමන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් යයි මානයක් නොගනී, මම උසස්ය, සමානය, හීනය යි ඔහු නොගනී. සත්‍ය, විශිෂ්ඨ ඥාණයෙන් දැනගත් ඔහු, ආකිඤචඤඤායතන ප්‍රතිපදාවට පිළිපන් කෙනෙකි. බලන්න: චතු කොටික සුඤඤතාව. මූලාශ්‍ර: අංගු.නි: (2 ): 4 නිපාත: 4.4.4.5 චතු කොටික සුඤඤතා සූත්‍රය, පි.364, EAN:4: 185. 5 Brahmin Truths, p. 209.

▲ චතුකොටික සුඤඤතාව - Four-pointed emptiness -catukkoṭisuññatā: චතුකොටික සුඤඤතාව ලෙසින් පෙන්වා ඇත්තේ ආකිඤචඤඤායතන ප්‍රතිපදාවට පිළිපන්වීමය. ඔහු සුඤඤතාව 4 ආකාරයකින් පුරුදු කරයි: මම කිසි තැනක ආත්මයක් නොවෙමි, මම කිසිවෙකුගේ ආත්මයක් ද නොවෙමි, මගේ ආත්මය යයි කියන දෙයක් කිසිතැනක නොදකිමි, කිසිවෙකුගේ ආත්මය මගේ නොවේ. බලන්න: චතු බ්‍රාහ්මණ සත්‍ය, සුඤඤත විහරනය. සටහන්:* අටුවාවට අනුව: “This is an explanation of four-pointed emptiness (catukkoṭisuññatā). I am not anywhere (nāhaṃ kvacana): He does not see [his] self anywhere. The belonging of anyone (kassaci kiñcanatasmiṃ): He does not regard his self as an entity that could be taken up by anyone else, that is, he cannot be taken up by thinking of him as a brother in the position of a brother, a friend in the position of a friend, an employee in the position of an employee. Nor is there anywhere anything … that is mine (na ca mama kvacana): Here, we temporarily put aside the word ‘mine’ (mama). ** Ākiñcaññaṃyeva paṭipadaṃ paṭipanno hoti. Mp says that he is practicing the way without impediments, without grasping (nippalibodhaṃ niggahaṇameva paṭipadaṃ paṭipanno hoti). MN 106.8, II 263,33–264,3, however, offers this formula as a meditation device for attaining the base of nothingness (ākiñcaññāyatanaṃ samāpajjati). බලන්න: EAN: Notes: 896 & 897, p. 628. මූලාශ්‍ර: අංගු.නි: (2 ): 4 නිපාත: 4.4.4.5 චතුකොටික සුඤඤතා සූත්‍රය, පි.364, EAN:4: 185. 5 Brahmin Truths, p. 209.

▲ චතුරනවජ්ජ - Blameless four requisites: චතුරනවජ්ජ යනු සංඝයා නිදොස්ලෙසින් ලබන සිව්පසය. බලන්න: සිව්පස

▲ චතුවෙසාරජ්ජ -Chatuvesarajja: චතුවෙසාරජ්ජ, බුදුන් වහන්සේ හඳුන්වන නමකි. බුදුන් වහන්සේ සතර ආකාරයෙන් විශාරද බව මින් පෙන්වා ඇත:1) සම්මාසම්බුදුව දහම අවබෝධ කලබව 2) ආසව ක්‍ෂයකලබව3) මාර්ගඵල දහම අන්තරාකාරී නොවන බව 4) ධර්මය යහපත් ලෙසින් සේවනය කිරීමෙන් දුක නැතිවන බව. බලන්න: වෙසාරජ‍්ජ, බුද්ධනාම. මූලාශ්‍රය:අංගු:4 නිපාත:භනඩාගමවග්ග: චතුවෙසාරාජ්ජ සූත්‍රය.

▲ චතුවොකාර භව - Chatu Vokara Bhava: අරූපලෝක 4, චතුවොකාර භව ලෙසින් පෙන්වා ඇත, බලන්න: අරූප ලෝක.

▲ චතුවොහාර - Chathuvohara: චතුවොහාර (සතර වෝහාර) (four kinds of expression) ලෙසින් මෙහි පෙන්වා ඇත්තේ: 1) දක්නා ලද දෙය පිළිබඳව දෘෂ්ට වාදීබව 2) අසන ලද දෙය පිළිබඳව ශ්‍රැතවාදී බවය 3) ගන්ධ, රස, ස්පර්ශය පිළිබඳව මුතයෙහි මුතවාදීබව, 4) ධර්මතා පිලිබඳ විඥානයෙහි විඥානවාදීබව. (One speaks of the seen as it was seen; one speaks of the heard as it was heard; one speaks of the sensed as it was sensed; one speaks of the cognized as it was cognized). සටහන්: *රහතුන්ගේ සය ආකාරවූ පාරිශුද්ධත්වය පිණිස මෙම කරුණ එක සාධකයක් බව මේ සූත්‍රයේ පෙන්වා ඇත ** මේ පිලිබඳ භික්ඛු බෝධි හිමි මෙසේ දක්වා ඇත: In these four sections the phenomena comprising personal identity are considered as objects of perception classified into the four categories of the seen, heard, sensed, and cognized. Here, sensed (muta) signifies the data of smell, taste, and touch, cognized (viññata) the data of introspection, abstract thought, and imagination. The objects of perception are “conceived” when they are cognized in terms of “mine,” “I,” and “self,” or in ways that generate craving, conceit, and views. බලන්න:EMN: note: 17, p.1063. මූලාශ්‍ර: ම.නි: (3) 3.2.2 ඡබ්බිසෝධන සූත්‍රය, පි.158, EMN:112: The sixfold purity, p.815.

▲ චතුසතිපට්ඨාන-Chathu satipatthana: චතුසතිපට්ඨාන යනු: කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. රාගයේ අභිඥාව පිණිස සතර සති සතිපට්ඨානය වැඩිය යුතුය. බලන්න: සතිපට්ඨානය, භාවනා. මූලාශ්‍රය:අංගු.නි: (2) 4 නිපාත:4.8.1 චතුසතිපට්ඨාන සූත්‍රය, පි.51ය6.

▲ චතුසම්මප්පධාන-Chatusammapphadana: චතුසම්මප්පධාන යනු ප්‍රධන්විරිය වඩන ආකාර 4 ය. 1) නුපන් අකුසල ඇතිනොවීම පිණිස 2) උපන් අකුසල නැතිකර ගැනීම පිණිස 3) නුපන් කුසල ඇතිකර ගැනීම පිණිස. 4) උපන් කුසල දියුණු කර ගැනීම පිණිස,ඡන්දය ඇතිකර මහා විරියකින් කටයුතු කිරීම. රාගයේ අභිඥාව පිණිස චතුසම්මප්පධානය වැඩිය යුතුය. බලන්න: ප්‍රධන්විරිය, විරිය. මූලාශ්‍රය:අංගු.නි: (2) 4 නිපාත:4.8.1 චතුසතිපට්ඨාන සූත්‍රය, පි.51ය6.

▲ චාතුර්මහාරාජික දෙව්ලොව -devas ruled by the four great kings කාමාවචර දේවලෝක 6 න් පළමුවැනි දේවලෝකයය, සක්දෙවිඳු මෙහි අධිපතිය. බලන්න: දේවලෝක, සක්‍ර දෙවියෝ, සිව්වරම් දෙවියෝ.

▲ චතුරාර්යසත්‍ය: පාලි: චත‍්තාරි අරියසච‍්චානි -The four noble truths: චතුරාර්යසත්‍ය: සතර ආර්ය සත්‍ය, සිව්සස්- චතුඅරිය සත්‍ය, චතු සත්‍ය ලෙසින්ද දක්වා ඇත. මෙය අග්‍රතම ධර්මයය. මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක: 3.5.1 අග්‍රප්‍රසාද සූත්‍රය, පි. 466.

▼සසර දුකින් මිදීම පිණිස බුදුන් වහන්සේ පෙන්වා දුන් සත්‍ය සතර, චතුරාර්යසත්‍යය වේ: 1) දුක්ඛ ආරිය සත්‍ය: දුක යනු කුමක්ද? “ඉද ඛො පන භික‍්ඛවෙ, දුක‍්ඛං අරියසච‍්චං: ජාතිපි දුක‍්ඛා ජරාපි දුක‍්ඛා ව්‍යාධිපි දුක‍්ඛා මරණම‍්පි දුක‍්ඛං අප‍්පියෙහි සම‍්පයොගො දුක‍්ඛො පියෙහි විප‍්පයොගො දුක‍්ඛො යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං සඬඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා...”. දුක යනු ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණය, අකමැති අය හා එක්වීම, කැමති අයගෙන් වෙන්වීම, පතන දේ නොලැබීම, කෙටියෙන් දක්වන්නේ නම් මේ මුළු පංචඋපාදානස්කන්ධයම දුකය. 2) දුක්ඛ සමුදය ආරියසත්‍ය- දුක ඇතිවීම: “ ඉද ඛො පන භික‍්ඛවෙ, දුක‍්ඛසමුදයො අරියසච‍්චං: යායං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනනන්‍දිනී, සෙය්‍යථිදං: කාම තණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා...”. දුක ඇතිවීමට හේතුව තණ්හාවය, පුනර්භවය ඇතිකරන, ඒ ඒ තැන ගැන ඇල්ම ඇතිකරන, සතුට ඇතිකරන කාම, භව හා විභව තණ්හාවය. සටහන: බුදුන් වහන්සේ දුක ඇතිවීම පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුළින් පෙන්වා ඇත: “අවිද්‍යාව නිසා සංඛාර හටගනී... සංඛාර නිසා විඥාණය හටගනී...” බලන්න: පටිච්චසමුප්පාදය. 3) දුක්ඛ නිරෝධ ආරිය සත්‍ය- දුක නැතිවීම: “ ඉද ඛො පන භික‍්ඛවෙ දුක‍්ඛනිරොධො අරියසච‍්චං: යො තස‍්සායෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස‍්සග‍්ගො මුත‍්ති අනාලයො ”. දුක නැතිවීම යනු තණ්හාව අවසන්වීමය: තණ්හාව, කිසිම ඉතිරියක් නැතිව අවසන්වීමය. එනම්, තණ්හාව අත්හැරදැමීම, දුරලීම (දීලාදැමීම), විසිකරදැමීම, ඉන් මිදීමය, ඇල්ම නැතිකර ගැනීමය. සටහන: පටිච්චසමුප්පාදයේ දී බුදුන් වහන්සේ දුක නැතිවීම ලෙසින් පෙන්වා ඇත්තේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය බිඳී යෑමය. 4 ) දුක්ඛ නිරෝධගාමිනි පටිපාදා ආරිය සත්‍ය- දුක නැති කරගැනීමේ මග:

“ඉද ඛො පන භික‍්ඛවෙ දුක‍්ඛනිරොධගාමිනි පටිපාදා අරියසච‍්චං: ‘අයමෙව අරියො අට‍්ඨිඬගීකො මග‍්ගො, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි... සම‍්මාසමාධි’”.දුක නැතිකිරීමේ ප්‍රතිපදාව යනු අරියඅටමග සම්පුර්ණ කරගැනීමය. චතුරාර්යසත්‍ය අවබෝධ කරගැනීමේ ක්‍රමවිධිය: සත්‍ය සතර තුන් ආකාරයකින් අවබෝධ කරගතයුතුවේ: 1) සත්‍ය ඥානය: එක් එක් සත්‍ය, මෙය සත්‍යය යි අවබෝධ කරගැනීම 2) කෘත්‍ය ඥානය: එක් එක් සත්‍ය පිළිබඳව අනුගමනය කළයුතු දේ කිරීම: දුක අවබෝධය, තණ්හාව නිසා දුක ඇතිවේ යන අවබෝධය, තණ්හාව ප්‍රහිණය කිරීමෙන් දුක නැතිවේ යන අවබෝධය, දුක නැතිකර ගැනීමේ මග ආරියඅටමගය යන අවබෝධය. 3) කෘත ඥානය: චතුසත්‍ය අවබෝධය පිණිස කළයුතු දේ නිම කරගත්තේය යන නුවණ ඇතිවීම. සටහන: එලෙස, තුන් ආකාරයෙන්: ත්‍රිපරිවෘත්ත යෙන්- එක් එක් සත්‍ය තුන් ආකාරයෙන්- (4x3) 12 ස් අයුරින් පැහැදිලිව අවබෝධකිරීමෙන් තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් කරගත්හ. මූලාශ්‍ර: වින.පි: මහාවග්ග පාලිය1 : 10 ඡෙදය, පි.98, සංයු.නි: (5-2)මහාවග්ග : සච්ච සංයුත්ත: 12.2.1 ධම්මචක්කප්පවත්තන සූත්‍රය, පි. 294 හා 12.2.2 තථාගත සූත්‍රය, පි. 298, ESN: 56: Saccasamyutta:Setting in motion the wheel of the dhamma, p.2276 & 12.2 Tathāgatas, p. 2279, අංගු.නි (1): 3 නිපාතය: මහාවග්ග: 3.2.2.1 සූත්‍රය, පි. 348, EAN:3: The Great Chapter, 61.1 Sectarian, p. 104.

▼ ප්‍රඥා ඉන්ද්‍රිය: දැක ගත හැක්කේ චතුරාර්ය සත්‍ය තුලය. බලන්න:ආධ්‍යාත්මික පංචඉන්ද්‍රිය මූලාශ්‍ර: සංයු: (5-1): මහාවග්ග: ඉන්ද්‍රියසංයුත්ත: 4.1.8 දට්ඨබ්බ සූත්‍රය, පි. 377, ESN: 48: Indriyasamyutta: 8.8 To be seen, p. 1933.

▼ චතුසත්‍ය, ආරිය සත්‍යයවේ. බලන්න: ආරියසත්‍ය.

▼ චතුසත්‍ය අවබෝධ කරගත් උතුමා ඉන්ද්‍රකිලයක් ලෙසින් නොසැලේ. බලන්න: ඉන්ද්‍රකිලය.

▼ දුක අවසන් කරගැනීමට චතුසත්‍ය අවබෝධ කළයුතුවේ. මූලාශ්‍රය: සංයු.නි: (5-2): සච්චසංයුත්ත:12.5.4 කූටාගර සූත්‍රය, පි.338.

▼ චතුසත්‍ය අභිඥෙයිය ධර්මයකි. බලන්න: අභිඥෙයිය ධර්ම.

▼ සම්මා දිට්ඨිය ඇතිවීමෙන් චතුසත්‍ය අවබෝධය ඇතිවේ. බලන්න: ආරියඅටමග.

▼ අවිජ්ජාව යනු චතුසත්‍ය නොමදැනීමය. බලන්න: අවිජ්ජා ඕඝය, අවිද්‍යාව.

▼ සිව්ජානසමාපත්ති ලැබීම චතුසත්‍ය අවබෝධය පිණිසය. බලන්න: සිව්ජාන.

▼ වෙනත් මුලාශ්‍ර: 1. “Foundations of Buddhism: The Four Noble Truths” by Francis Story: BPS: Wheel: 34-35, Online Edition, 2008 (චතුඅරිය සත්‍යය පිලිබඳ විස්තරාත්මකව දක්වා ඇත).

▼ චතුරාර්යසත්‍යය සත්‍යධර්මයය -The Four Noble Truth is the Truth චතුරාර්ය සත්‍ය පිලිබඳ බුද්ධ දේශනාව අසත්‍යයයි ඔප්පූ කළනොහැකිය, කෙලෙසන්නට නොහැකිය, නින්දාකිරීමට නොහැකිය, විශෝධනය කිරීමට - ඉවත්කිරීමට නොහැකියයි බුදුන් වහන්සේ වදාළහ. බලන්න: ධර්මයේ සද්භාවය.එසේ පැවසීමට හේතු: ධාතු සය නිසා කළලය මව් කුසේ හටගනී (ගර්භාවක්‍රාන්තිය), ගැබෙන් නික්මීම (අවක්‍රාන්තිය) ඇති වනවිට නාම රූපය ඇතිවේ. නාම රූප හේතුකොටගෙන සළායතන ඇතිවේ. සළායතන හේතු කොටගෙන සය ආකාර ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය හේතු කොටගෙන වේදනා ඇතිවේ. වේදනා විඳින්නාට සතර සත්‍ය ( දුක, දුක ඇතිවීම, දුක නැතිවීම, දුක නැතිකිරීමේ මග) තමන් වහන්සේ ප්‍රකාශ කරණ බව බුදුන් වහන්සේ වදාළහ. බලන්න: සය ධාතු. සටහන: මේ සූත්‍රයේදී සතර සත්‍ය පිලිබඳව හා පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හා එම ක්‍රියාවලිය අවසන් වන අන්දම විස්තරාත්මකව පෙන්වා ඇත.මූලාශ්‍ර:අංගු.නි : ( 1 ): 3 නිපාතය: මහාවග්ග: 3.2.2.1 සූත්‍රය, පි. 348, EAN:3: The Great Chapter, 61.1 Sectarian, p. 104.

▼ චතුරාර්යසත්‍ය විමුක්තිය පිණිසය- Four Noble Truth is for liberation: චතුරාර්යසත්‍ය අවබෝධ නොකළ නිසා තමන්වහන්සේ මෙන්ම සියලු සත්ත්‍වයෝ ද දිගුකලක් සසරේ හැසිරුණ බව බුදුන් වහන්සේ වදාළහ. එම ආර්ය සත්‍ය යථා ලෙසින්ම අවබෝධ කරගැනීමෙන්, යළි උපත ඇති කරන තණ්හාව සහමුලින්ම කපා දමන ලදී, භවය ඇතිවීම විනාශ කරනලදී, පුනර්භවයක් නැවත ඇතිනොවේ: “චතුන‍්නං අරියසච‍්චානං යථාභූතං අදස‍්සනා සංසිතං දීඝමද‍්ධානං තාසු තාසෙවව ජාතිසු තානි එතානි දිට‍්ඨානි භවනෙත‍්ති සමූහතා, උච‍්ඡින‍්නං මූලං දුක‍්ඛස‍්ස නත්‍ථිදානි පුනබ‍්භවො’ති” (…it is through not understanding, not penetrating the Four Noble Truths that I as well as you have for a long time run on and gone round the cycle of birth and-death… And by the understanding, the penetration of the same Noble Truth …the craving for becoming has been cut off, the support of becoming has been destroyed, there is no more re-becoming) මූලාශ්‍ර: දීඝ.නි: (2): මහාපරිනිර්වාන සූත්‍රය, ඡෙදය 34. පි. 158, EDN: 16 : Mahāparinibbāna Sutta: The Great Passing, The Buddha’s Last Days, p. 176.

▼ චතුරාර්යසත්‍ය අනවබෝධය -Not knowing the 4 Truths එක්සමයෙක දෙවියෙක් බුදුන් වහන්සේ බැහැදැක මෙසේ පැවසුහ: ‘...චතුආරිය සත්‍ය අවබෝධ නොකරණ ලද සත්ත්‍වයෝ පරවාදයට යති, ඔවුන් අවදිවි නොමැත” .බුදුන් වහන්සේ වදාළේ, කෙනෙක් චතුරාර්යසත්‍ය අවබෝධ කරගත්තේ නම් ඔහු පරවාදයට නොයන බවය, බුදුවරු,පසේබුදුවරු, රහතුන් දහම අවබෝධ කර විසම ලෝකයේ සම සිතින් හැසිරෙනබවය. මූලාශ්‍ර: සංයු.නි :(1): දේවතාසංයුත්ත: 1.1.7 අප්පටීවීදීත සූත්‍රය, පි. 34, ESN: 1: Devata samyutta: 7.7: Not penetrated, p. 65.

▼චතුරාර්යසත්‍ය සියලුම කුසල්ය-The four Noble Truth & Wholesome: සැරියුත් මහා තෙරුන්, ඇත් පිය සටහන උපමාව අනුව මෙසේ වදාළහ: ‘ යම්සේ පොළව මතුපිට හැසිරෙන පා සහිත සතුන්ගේ පියසටහන් ඇත් පාසටහනට ඇතුළත් කළහැකිය. එලෙස, සියලු කුසල් දහම් ( සියලු ධර්ම ඉගැන්වීම්) චතුරාර්යසත්‍යට ඇතුලත්වේ’: බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍ර: ම.නි:(1):1.3.8 මහාහත්ථිපදෝපම සූත්‍රය, පි. 468, EMN:28: The Greater Discourse on the Simile of the Elephant’s Footprint, p.264.

▼ පැවිද්ද චතුසත්‍ය අවබෝධය පිණිසය - Monkhood is to realize the Four Truths: අතීතයේ හෝ අනාගතයේ හෝ වර්තමානයේ දී යම්කෙනෙක් බුදුසසුනේ මහණදම් පුරන්නේ චතුරාර්යසත්‍ය අවබෝධ කර දුකින් මිදීමටය. සත්‍ය අවබෝධය පිණිස විරිය නොපමාව වැඩියයුතු වේ යයි බුදුන් වහන්සේ පෙන්වා දී තිබේ. මූලාශ්‍ර: සංයු.නි: ( 5-2):මහාවග්ග: සච්චසංයුත්ත: කුලපුත්‍ර සූත්‍ර 1 හා 2, පි.284, ESN: 56: Sacchasamyutta: Clansmen 1 & 2 , p. 2267.

▲ චතුසත්‍ය හා දහම - The Four Nobel Truths & the Dhamma (1) සම්මා දිට්ඨිය, චතුරාර්යසත්‍ය අවබෝධය පිණිසය - Right View is to realize the Four Truths මූලාශ්‍ර::ම.නි: (1): 1.1.9 සම්මා දිට්ඨි සූත්‍රය, පි. 130, EMN: 9: Sammādiṭṭhi Sutta - Right View, p. 121. 2) සමාධි සමාපත්ති චතුසත්‍ය අවබෝධය පිණිසය- Samadhi is to realize the Four Truthsමූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග:සච්චසංයුත්ත: 12.1.1. සමාධි සූත්‍රය, පි. 284, ESN: 56: Sacchasamyutta: 1.1. Concentration, p. 2265. 3) චතුරාර්යසත්‍ය අභිඥෙයිය ධර්මතාවකි - The Four Truths are Higher Dhammas .චතුරාර්යසත්‍ය, විශේෂ නුවණින්- ඥාතපරිඥාවෙන් අවබෝධ කරගතයුතු ධර්මයකි. බලන්න: අභිඥෙයිය ධර්ම.මූලාශ්‍ර: දීඝ.නි: ( 3): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384. 4) චතුසත්‍ය සැමවිටම සිහිකළ යුතුය - The Four Truths to be remembered always. යමක් ගැන සිතන්නේ නම්, ලෝකයේ ඇති විවිධ දිට්ඨි ආදිය ගැන නොසිතා, චතුරාර්යසත්‍ය පිලිබඳ සිතන්න යයි බුදුන් වහන්සේ සංඝයාට අවවාද වදාරා ඇත. “චින‍්තෙන‍්තා ච වො තුම‍්හෙ භික‍්ඛවෙ, ඉදං දුක‍්ඛන‍්ති... දුක‍්ඛසමුදයොති... දුක‍්ඛනිරොධොති...අයං දුක‍්ඛනිරොධගාමිනි පටිපදාති චින‍්තෙය්‍යාථ. තං කිස‍්ස හෙතු, එසා භික‍්ඛවෙ, චින‍්තා අත්‍ථසංහිතා, එසා ආදීබ්‍රහ‍්මචරියකා , එසා නිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති...”. මේ දුකය, මේ දුක ඇතිවීමය, මේ දුකේ නිරෝධයය, මේ දුක නැතිකරගන්නා ප්‍රතිපදාවය යි චතුසත්‍ය සිහිකරන්න. එයට හේතු: එම සිතිවිල්ල වැඩදායකය, මග බඹසර ට හේතුවේ, එය කළකිරිම ඇති කරගැනීමට-නිබිද්දාව, විරාගයට, නිරෝධයට, උපසමය (කෙළෙස් නිවා ගැනීමට), අභිඥාව ලැබීමට, සම්බෝධියට හා නිවන පිණිස වේ. මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග: සච්චසංයුත්ත: 12.1.8 චින්තා සූත්‍රය, පි. 290, ESN: 56: Sacchasamyutta: 8.8 Reflection, p. 2272.

▲ චුතිය හා උත්පත්තිය- Death & rebirth: චුතිය යනු කඳ බිඳී මරණයට පත්වීමය. කෙළෙස් අහවර නොකර මියයාම නිසා උත්පත්තියක්- යළි උපත ඇතිවේ. චේතනා පහළ කර, කර්ම අරමුණු සකස්වීම නිසා පවතින විඥානය ඇති කල්හි චුතිය හා උත්පත්තිය සිදුවේ යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: චුතුප්පාතනුවණ. මූලාශ්‍ර: සංයු.නි: (2 ): නිදානවග්ග: අභිසමයසංයුත්ත:කළාරඛත්තිය: චේතානා සූත්‍ර 3කි. පි. 124, ESN:12: Nidanasamyutta: IV: The Karakhattiya: Volition 3 suttas p. 665.

▲ චුතුප්පාතනුවණ: පාලි: චුතූප‍්පාතෙ ඤාණං-Knowledge of the vanishing & reappearing of beings: චුතිඋත්පත්ති නුවණ: දිවැස්- දිව්‍ය චක්ෂු -දිබ්බ චක්ෂු ලෙසින්ද පෙන්වා ඇත. මේ නුවණ පහළවන්නේ අරහත්වයට පත්වෙන අවස්ථාවේදිය. කර්මානුකුලව ඒ ඒ සත්වයා මරණින් මතු යළි උපත ලබන ස්ථාන දැකීමේ නුවණ වූ මෙය ත්‍රිවිධ ඥාණ යන්ගෙන් එකකි, සය අභිඥාවන්ගෙන් එකකි . සටහන: ඇසින් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්ම : සත්වයන්ගේ චුතිය හා උත්පත්තිය- චුතුප්පාත නුවණ (දිවැස). මූලාශ්‍ර: අංගු:නි: (2) : 4 නිපාත: බ්‍රාහ්මණවග්ග: 4.4.4.9 සච්ඡිකරණිය සූත්‍රය, පි. 376, EAN: 4: 189.9 Realization, p.211. ශබ්දකෝෂ:පා.සිං.ශ: පි. 289: “චුතූප‍්පාත ඤාණ: චුති උත්පත්ති දැනගන්නා නුවණ”. B.D: p. 43: “Cutūpapāta- ñāṇa: The of the vanishing & reappearing of beingsis identical with the Divine Eye”.

▼චුති උත්පත්ති නුවණ ,ආධ්‍යාත්මික වර්ධනය පිණිස සච්ඡිකාතබ්බ - සාක්ෂාත් කර ගත යුතු ධර්මතාවයකි. මුලාශ්‍ර: දීඝ.නි : (3 ): 11 දසූත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼වෙනත් මුලාශ්‍ර: 1.“ චුතුපාප්ත ඤාණය: සත්ත්‍වයින් ගේ චුති උත්පත්ති දැනගන්නා ඤාණය දිව්‍ය චක්ෂු ඥානය ය- මිනිස් ඇස පිලිබඳ විෂය ඉක්මවා සිටි නුවන...”.සිංහල විශුද්ධීමාර්ගය: 13 පරිඡේදය: පි. 610.

▲ චුතධර්ම පහ- Five Falling away Dhamma:චුතධර්ම ලෙසින් පෙන්වා ඇත්තේ, සද්ධර්මයෙන් නික්මීයෑමට (චුතවීමට) හේතුවන කරුනුය. ඒවා 5කි: 1) අශ්‍රද්ධාව 2) හා 3) හිරි හා ඔත්තප්ප් නැතිකම 4) අලසකම 5) ප්‍රඥාව නැතිකම (දුෂ්ප්‍රාඥ). මේ ධර්මතා පහකර ගැනීමෙන්, සද්ධර්මයේ ස්ථාපිතවිය හැකිය.මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: 5.1.1.8 චවන සූත්‍රය, පි. 32, EAN:5: 8.8. Falling away, p. 239.

▲ චිත්ත-citta: චිත්ත: විඥානය, සිත, මනස ලෙසින් ද පෙන්වා ඇත. බලන්න: සිත. සටහන: චිත්ත සමෘද්ධිය- හෙවත් සිතේ වර්ධනය අත්ත සම්පදාවකි (අර්ථය ඇතිකරයි). මූලාශ්‍ර: සංයු.නි: ( 5-1): මහාවග්ග: මග්ගසංයුත්ත: 1.6.4 අත්තසූත්‍රය, පි. 80, ESN: 45: Maggasamyutta: 50.2 Sutta, p. 1654.

▲ චිත්ත ඉද්දිපාද - Citta Iddipada:සතර ඉද්දිපාදයන්ගෙන් එකකි. බලන්න: සතර ඉද්දිපාද.

▲ චිත්ත එකග්ගතා- One pointedness of mind :චිත්ත එකග්ගතා ලෙසින් පෙන්වා ඇත්තේ, යම් අරමුණක් පිළිබඳව සිත එකඟ කරගැනීම- එක්තැන් කර සමාධියට පත්වීමය. මෙය සමථ භාවනාවය. බලන්න: සමාධිය, සමථභාවනාව.

▲ චිත්තකථික- Chithtakathika: මෙයින් හඳුන්වා ඇත්තේ ධර්මය විසිතුරු ලෙසින් දේශනා කිරීමය. බුදුන් වහන්සේගේ ශ්‍රාවකසංඝයා අතුරීන්,කුමාරකාශ්‍යප තෙරුන් අග්‍රය.බලන්න:උපග්‍රන්ථය: 1.

▲චිත්ත ගහපති- මචඡිකාසණ්ඩයේ - householder Citta of Macchikāsaṇḍa:බලන්න: උපග්‍රන්ථය:1

▲ චිත්ත පරිදාය: පාලි: චිත‍්තං පරියාදාය - obsesses the mind චිත්ත පරිදාය ලෙසින් පනවා ඇත්තේ කෙළෙස් මගින් සිත යටකර ගැනීමය. එනම්, පංච කාමයට (රූපය, ශබ්දය, ගන්ධය, රසය හා පහස) සිත වසඟ වීමය. බුදුන් වහන්සේ වදාළේ ස්ත්‍රියකගේ රූපය, ශබ්දය, ගන්ධය, රසය හා පහස, පුරුෂයකුගේ සිත වසඟ කරගන්නා බවය- ග්‍රහණය කරගන්නා බවය, කුසල් සිත පැහැර ගන්නා බවය. එසේම පුරුෂයකුගේ රූපය, ශබ්දය, ගන්ධය, රසය හා පහස, ස්ත්‍රියකගේ සිත දැඩිව බැඳ ගනී.එසේ අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීමෙන් සිත පංච කාමයන්ට යටවීම නිසා ධර්ම මාර්ගය බාධාවේ, අකුසල් ඇතිවේ. සටහන: කාමරාගයෙන් තම සිත වැනසී ගිය බව වංගීස තෙරුන් පැවසු අවස්ථාවේදී, ආනන්ද තෙරුන් වදාළේ කාමරාගයෙන් යටවූ සිත මුදාගැනීම පිණිස කයේ අසුභය මෙනහිකර (අසුභ භාවනාව) සිත සංසුන්කර ගන්නා ලෙසය. මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: චිත්ත පරියාදාන වග්ග: 1.1.- 1.1.10 සූත්‍ර, පි.40, EAN:1: Obsession of the mind: 1.1 to 10.10, p. 36, සංයු.නි:(1):සගාථවග්ග: වංගීස සංයුත්ත: 8.1.4 ආනන්ද සූත්‍රය, පි. 362, ESN: Part I: 8: Vangīsasamyutta, 4- Ãnanda sutta, p. 397, 8.1.2 අරති සුත්‍රය, පි. 358, ESN: 8: Vaṅgīsasaṃyutta: 8.2 Discontent, p. 394.

▲ චිත්තලීනත්වය: පාලි: චෙතසොලීනත‍්තං- mental sluggishness චිත්තලීනත්වය යනු ධර්මයේ යෙදීමට සිත මැලිවිමය (අරතිය), උනන්දුවක් නොමැතිවීමය. එමගින් අකුසල ධර්ම වැඩේ, සසර දික්වේ, ලීනචිත්තය නිවරණයකි. බලන්න: අරතිය. මූලාශ්‍රය: ඛු.නි:සුත්තනිපාත: මහාවග්ග: නාලක සූත්‍රය, ගාථාව 720, පි.242.

▼ චිත්තලීනත්වය (ධර්මය පිලිබඳ සිතේ ඇති උදාසීන බව) නැති කර ගැනීම, සක්කාය දිට්ඨිය නැතිකර ගැනීමට උදව්වේ. මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාත: ආකංඛවග්ග:10.2.3.6 තයෝධම්ම සූත්‍රය,පි.284, EAN: 10: Tens,76-6.Incapable, p. 524.

▼ චිත්තලීනත්වය ඇතිඅයට: සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, හා සීලබ්බතපරාමාසය නැති කරගන්ට නොහැකිය. මුළාවූ සිහිය (මුටඨසච‍්චං), අසම්ප්‍රජන්‍යය හා චිත්ත වික්ෂෙපය (සිත විසිරීයාම) යන ධර්මතා පහ කර ගැනීමෙන් චිත්තලීනත්වය නැති කර ගත හැකිවේ. සටහන: චිත්තලීනත්වය ඇතිවිට සෝතාපන්න විය නොහැකිය. මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාත: 10.2.3.6 තයොධම්ම සූත්‍රය,පි.284, EAN:10: Tens,76-6.Incapable, p. 524.

▲ චිත්ත වික්ෂෙපය: පාලි: චෙතසො විකෙඛපං - mental distractionධර්මයට අනුව චිත්ත වික්ෂෙපය- විසිරුණ සිත යනු අකුසල දෙසට සිත නැමියාම නිසා සිතේ ඇති සංසුන් බව නැතිවීමය. මෙය, ආධ්‍යාත්මික මාර්ගයට බාධාවකි. සිත විසිරීයාම නිසා සමාධිය ලබා ගැනීමට හැකිනොවේ. චිත්ත වික්ෂෙපය නැතිකර ගැනීමට ආනාපානසතිය වැඩිය යුතුය. මූලාශ්‍රය: අංගු.නි: (4): 6 නිපාත: 6.1.9 සූත්‍රය, පි.286.

▼ චිත්ත වික්ෂෙපය නිසා අයෝනිසෝමනසිකාරය, මිථ්‍යාමග සේවනය (කුම‍්මග‍්ගසෙවනං) හා සිතේ ලීනත්වය නැති කරගැනීමට නොහැකිය. ආරියන් දැකීම හා ඇසුරුකිරීම (ආරියසේවනය) ධර්මය ඇසීම-ධර්මශ්‍රවනය, හා අනුන්ගේ දොස් දැකිම නතර කරගැනීම (උපාරම්භ චිත්ත- mind bent on criticism) යන ධර්මතා 3 මගින් චිත්ත වික්ෂෙපය පහවේ. මූලාශ්‍ර: අංගු.නි:(6):10 නිපාත: 10.2.3.6 තයොධම්ම සූත්‍රය,පි.284, EAN:10: Tens,76-6.Incapable, p. 524.

▲ චිත්ත විමුක්තිය- Chitta vimykthi: කාම, ව්‍යාපාද, විහිංසා ආදීවූ ලාමක අකුසල පහ කර ගැනීම චිත්ත විමුක්තියය. සිත සාමකාමීවීම, වඩා ගන්නා අන්දම මෙහි විස්තරාත්මකව පෙන්වා ඇත. පළමුව පංච ධර්මතා ඇසුරුකරගැනීම: 1) කල්‍යානමිත්‍ර සේවනය 2) මනාවූ සංවර ශිලය පරිපුර්ණ කරගැනීම 3) සමථය හා විදර්ශනාව වඩා ගැනීමට උපකාරීවන ධර්ම කථා පහසුවෙන්ම සිතට නගා ගැනීම 4) දළපරාක්‍රම විරිය ඇතිකරගැනීම 5) උදය වය දන්නා ප්‍රඥාව වඩා ගැනීම. දෙවනුව සතර ධර්ම වර්ධනය කර ගත යුතුය: 1) රාග ප්‍රහීණය පිණිස අසුභය වැඩිම 2) ව්‍යාපාදය ප්‍රහීණය පිණිස මෙත්තාව වැඩිම 3) විතර්ක සංසිඳුවිම පිණිස ආනාපානසතිය වැඩිම 4) අස්මි මානය ප්‍රහීණය පිණිස අනිත්‍ය, අනත්ත සංඥා වැඩිම. මේ කරුණු යහපත් ලෙස වඩාගැනීම නිවන ලබා ගැනීමය.මූලාශ්‍රය: අංගු.නි: (5) 9 නිපාත: සම්බෝධිවග්ග: 9.1.1.3 මේඝිය සූත්‍රය, පි.394.

▲චිත්තවිවේකය- Cittaviveka: හුදකලා විවේකය ඇතිකර ගැනීම චිත්ත විවේකය ඇතිකර ගැනීමට උපකාරිවේ, සමාධිය ඇතිකර ගැනීමට හේතුවේ. බලන්න: හුදකලාවිවේකය.

▲ චිත්ත සංඛාර- Cittasankhara: සිත පදනම්කොට ඇතිවෙන, සංඥා හා වේදනා චිත්ත සංඛාර ලෙසින් පෙන්වා ඇත. බලන්න: සංඛාර.

▲ චිත්ත සමාධි ඉද්දිපාද- Citta Samadhi Iddipada: චිත්ත සමාධිය ලෙසින් පෙන්වා ඇත්තේ, සමාධිය ලබාගැනීමට සිත මුල්කරගෙන, ප්‍රධාන විරිය (පධන්විරිය) ඇතිව, චිත්ත ඉද්දිපාදය පිහිට කොට, අකුසල මැඩ, සිත සමාධියට පත්කර ගැනීමය. මූලාශ්‍ර: සංයු.නි: (5-2):මහාවග්ග: ඉද්දිපාද සංයුත්ත:7.2.3 ඡන්ද සූත්‍රය, පි.48,ESN: 51: Iddipada samyutta: 13.3 Concentration due to desire, p. 2073.

▲ චිත්තානුපසසනා - Mindfulness of the mind:සතර සති පට්ඨානයට අයත් එක් අනුපස්සනාවකි. සිතේ ස්වභාවය බැලීමය. බලන්න: සතර සතිපට්ඨානය,භාවනා.

▲ චිත‍්තස‍්ස උපක‍්කිලෙසා (පාලි): සිත කෙළෙසන කරුණු- corruptions of the mind: චිත‍්තස‍්ස උපක‍්කිලෙසා ලෙසින් පෙන්වා ඇත්තේ සිත කෙළෙසන, කිලුටුකරන, ආධ්‍යාත්මික වර්ධනය බාධා කරණ කරුණුය. එනම්, පංච නීවරණ, ශික්ෂාපද කැඩීම ආදීවූ, සමාධියට බාධා කරණ අකුසලයන්ය. බලන්න: උපකෙළෙස.

චද

▲ චෝදනාකිරීමේ ක්‍රමය - Method of reproving: වෙනත් කෙනෙක්හට, චෝදනා කිරීමේදී කරුණු 5 ක් ගැන සලකා බලා එසේ කිරීම - කතා කිරීම-සුදුසුය යි සැරියුත් මහා තෙරුන් පෙන්වා ඇත: 1) සුදුසු කාලය බලා කතාකිරීම 2) සත්‍ය පමණක් කතාකිරීම 3) මොළොක් බසින් පමණක් කතාකිරීම 4) ඔහුගේ යහපත උදෙසා කතාකිරීම 5) කරුණාසහගත සිත ඇතිව- දයාවෙන් කතාකිරීම.බලන්න: සංඝවිනය. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: 5.4.2.7 චෝදනා සූත්‍රය, පි. 340, EAN: 5: 167.7 Reproving, p. 291.

චන

▲ චන්ඩ ගාමිණි -Chandagamini: බලන්න:උපග්‍රන්ථය:3

▲ චන්ඩප්‍රදෝත රජ- King Chandapradotha: මධුරාපුර අවන්තිපුත්‍ර රජලෙසින්ද හඳුන්වයි. මෙතුමා, මහා කච්චායන තෙරුන්ගෙන් දහම අසා බුදුන් සරණ ගියහ. බලන්න: උපග්‍රන්ථය:1,3.

▲ චන්දඅභා - Moon light: චන්දඅභා -සඳකිරණ -චන්ද්‍රාආලෝකය ලෙසින් පෙන්වා ඇත්තේ සඳේ ආලෝකයටය. මෙය ලෝකයේ ඇති දීප්තිමත් ආලෝක 4 න් එකකි. බලන්න: අභා, ආලෝකය.

▲ චන්දන දේවපුත්‍ර - Chandana devaputtha: මේ දේවපුත්‍රයා බුදුන් වහන්සේ බැහැදැක, ඕඝතරණය ගැන පැවති සංවාදය මෙහි දක්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (1):සගාථවග්ග: දේවපුත්‍රසංයුත්ත: 2.2.5 චන්දන සූත්‍රය, පි.126.

▲ චන්දිම - Moon: චන්දිම නම් රාත්‍රියේදී ලෝකයට ආලෝකය දෙන සඳය- චන්ද්‍රයාය. චන්දිම දෙව්පුත් ලෙසින්ද පෙන්වා ඇත.එක් සමයක සඳු , රාහු අසුරයා විසින් යටපත් කරගත් අවසථාවේ, ඒ දෙවිඳු, බුදුන් වහන්සේගෙන් ආරක්ෂාව පැතිය. සඳු බුදුන් සරණ ගිය දෙවියෙක් නිසා ඔහු රාහුගේ ග්‍රහණයෙන් මුදාහරින්න යයි බුදුන් වහන්සේ වදාළහ. එසේ නොකොළොත් තම හිස සත් කඩකට පැළෙන බව දන්නා, රාහු, සඳු මුදාහැරියේය. බලන්න: හිස සත්කඩකට පැලීම. මූලාශ්‍ර: සංයු.නි: (1 ):සගාථවග්ග: දේවපුත්‍ර සංයුත්ත: 2.1.10 සුරිය සූත්‍රය, පි. 122, ESN:2: Devaputtasamyutta: 10.10 Suriya, p. 179.

▼ සඳ එලිය, තරකා එලියට වඩා මහත්ය, එනිසා තරුවලට, සඳ අග්‍රවේ. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග:මග්ගසංයුත්ත: අප්පමාදවග්ග: 1.13- චන්දිම සූත්‍රය, පි.130,ESN: 45: Maggasamyutta: XIII: Diligence: 146.8: The Moon, p. 1688.

▼ කිසිවක් කෙරහි නො ඇලි අහසට නගින සඳ ලෙසින්, කය හා සිත ඉවත්කොට, ආගන්තුකයෙක් ලෙසින් කුලයන් වෙත (පිඬුපිණිස-පිඬුසිගා යෑම ) එළඹිය යුතුය යි බුදුන් වහන්සේ සංඝයාට උපදෙස් ඇත. සඳ උපමාව යොදාගනිමින් බුදුන් වහන්සේ වදාළේ, මහා කාශ්‍යප තෙරුන් මෙන් කුලයන් හා නොගැටී කටයුතු කලයුතු බවය.බලන්න: උපග්‍රන්ථය:5 මූලාශ්‍ර: සංයු.නි: (2) නිදානවග්ග: කස්සපසංයුත්ත: 4.1.3 චන්දඋපමා සූත්‍රය, පි.324.

▲චන්දීමස දේවපුත්‍ර-Chandimasa devaputtha: මේ දේවපුත්‍රයා බුදුන් වහන්සේ බැහැදැක, ධ්‍යාන ගැන පැවති සංවාදය මෙහි දක්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (1):සගාථවග්ග: දේවපුත්‍රසංයුත්ත: 2.2.1 චන්දීමස සූත්‍රය, පි.124.

▲ චන්දනංගලික උපාසක- Chndanangalika upasaka: බලන්න: උපග්‍රන්ථය:3

▲ චන්ද්‍රභාගා නදිය - Chndrabhaga River: මේ නදීය හිමාල කඳු මුදුනින් පටන්ගෙන, කුක්කුට පුරය අසලින් ගලාගිය මහා ගැඹුරු ගඟාවක් බව මෙහි දක්වා ඇත. එ පුරයේ රජකල කප්පින රජතුමා (මහා කප්පින තෙර) ශ්‍රද්ධාව උපදවා සිය පිරිවර සමග මෙ නදිය තරණය කර බුදුන් වහන්සේ වෙත පැමින පැවිදි විය. සටහන: වර්තමාන ඉන්දියාවේ ප්‍රධාන නදියක් වූ සින්දුනදිය විය හැකිය. බලන්න:මහා කප්පින තෙර උ.ග්‍ර:1,පි.40.

▲චින්තාමණි- cintamani: චින්තාමණි නම් විද්‍යාව පුරුදු පුහුණු කළ කෙනෙකුට අනුන්ගේ සිත් දැනගත හැකිය. බලන්න: ප්‍රාතිහාර්ය.

▲ චින්තාමය ප්‍රඥාව - Wisdom based on thinking:ධර්මතා පිලිබඳ සිතින් සිතා -ආවර්ජනය කර, ලබාගන්නා අවබෝධය, චින්තාමය ප්‍රඥාවය. බලන්න: ත්‍රිවිධ ප්‍රඥා.

▲ චුන්දී රජකුමරිය හා චුන්ද රාජ කුමාර- Princess Chundi & Prince Chunda:බලන්න: උපග්‍රන්ථය: 3

▲ චුන්ද අඹවනය - Chunda's Mango grove: අවසාන චාරිකාවේ යෙදුන බුදුන් වහන්සේ, පාවානුවර, චුන්දගේ අඹ වනයේ වැඩසිටි බව මහා පරිනිබ්බාන සූත්‍රයේ දක්වා ඇත. බලන්න: උපග්‍රන්ථය:3,6.

▲ චුන්ද කර්මාකාරපුත්‍ර - Chunda Karmakaara puthra: බලන්න: උපග්‍රන්ථය:3

▲ චුන්ද සාමනේර - Chunda Samanera:බලන්න: උපග්‍රන්ථය:1

චණ

▲ චණ්ඩාල-Chandala: බුදුන් වහන්සේ වැඩසිටි කාලයේ ඉතා පහත් කුලයක් ලෙසින් චණ්ඩාල-සැඩොල් කුලය සමාජයේ හඳුන්වා ඇත. බුදුන් වහන්සේ වදාළේ කෙනෙක් වසල- පහත් කුලයකට වැටෙන්නේ උත්පත්තිය අනුව නොව ඔහුගෙ අයහපත් ක්‍රියා අනුවය. කුල භේදය නොතකා, යහපත් පුද්ගලයන්ට බුදුසසුනට ඇතුළුවීමට ඉඩප්‍රස්ථාව ඇත. බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “...පටන් ගන්නා ලද වීරිය ඇති, නිවන පිණිස මෙහෙයවූ සිත් ඇති, දැඩි පරාක්‍රමය ඇති,ක්‍ෂත්‍රියාද, බ්‍රාහ්මණයාද, වෛශ්‍යයාද, ශුද්‍රයාද, චන්ඩාලයාද, පුප්සඬුවාඩ උත්තම සුද්ධිය නම් නිවනට පැමිණේ…” මූලාශ්‍රය: සංයු.නි: (1) සගාථවග්ග: බ්‍රාහ්මණ සංයුත්ත: 7.1.7 සුද්ධික සූත්‍රය, පි.322. බලන්න:උපග්‍රන්ථය:1, සෝපාක සාමණේර, සුනිත තෙර, වසල සුත්‍රය. සටහන: CANDALA:The lowest class in the Indian caste system, beneath even the lowest of the four formal castes. Its members are fishermen, jailers, slaughterers, and so on. See: The Seekers Glossary of Buddhism , p.148

චප

▲ චාපා තෙරණිය-Chapa Therani: බලන්න: උපග්‍රන්ථය: 2

▲ චාපාල චෛත්‍යය- Chapala Cheiya: විසාලා නුවර පිහිටි මේ ස්තුපය අසලදී, ගෝතම බුදුන් වහන්සේ ආයුසංඛාර අත්හලසේක. බලන්න: මහාපරිනිබ්බාන සූත්‍රය, ආයුසංඛාර,උපග්‍රන්ථය:6.

චම

▲ චම්පා නුවර-Chmpa Nuwara: මගධ දේශයට බටහිරින් පිහිටි අංග දේශයේ නුවරකි. මේ නුවර අසල ගග්ගාරා පොකුණු තෙර බුදුන් වහන්සේ වැඩසිටි සේක. බලන්න: අංගු.නි: (6) 10 නිපාත: ථෙරවග්ග:10.2.4.1 බාහුන සූත්‍රය, පි.296.

චර

▲ චරණ චිත්‍ර- Charana cithra: චරණ චිත්‍රය යනු විවිධත්වය මතුකර පෙන්වන චිත්‍රයකි. බුදුන් වහන්සේ වදාළේ, සිත එයට වඩා විවිධත්වයෙන් යුක්ත බවය. බලන්න: සිත. මූලාශ්‍ර:සංයු.නි: ( 3): ඛන්ධසංයුත්ත: 1.2.5.8 දුතිය ගද්දුලබද්ධ සූත්‍රය, පි. 286, ESN: 22: Khandasamyutta: 100.8 The leash-2 , p. 1090.

▲ චරපුරුෂ-Charapurusha: චරපුරුෂ ලෙසින් පෙන්වා ඇත්තේ, රජෙකුගේ රහස් සේවයේ යෙදුන රාජ භටයන්ය. පසේනදී කෝසල රජුගේ පැවිදි වේශයෙන් සිටින චර පුරුෂයන් පිලිබඳ රජතුමා පැවසු විස්තර අසා බුදුන් වහන්සේ ශ්‍රාවක සංඝයා ගේ පිළිවෙත මෙසේ වදාළහ: “මහණ තෙමේ, ( දූතමෙහෙවර, චර පුරුෂ මෙහෙවර) ආදී සියලු ලාමක ක්‍රියාවන්හි කටයුතු නොකරයි. අනිත් කෙනෙකුගේ සේවකයෙක් ද නොවේ, වෙනත් කෙනක් අධිපති කොට ජිවත් නොවේ. ධර්මය විකුණන්නේද නැත (ධනය ලබා ගැනීමට බණ කියන්නේ නැත)”. මූලාශ්‍රය:ඛු.නි:උදාන පාලිය: ජච්චන්ධවග්ග: 6.2 ජටිල සූත්‍රය, පි. 282.

▲ චරියාව- Chariya: චරියාව- යහපත් හැසිරීම, ආධ්‍යාත්මික මග දියුණු කරගැනීමට අවශ්‍ය කරුණකි. යහපත් චරියාවට පදනම් වන්නේ හිරිඔත්තප්ප යන ශුකල ධර්ම 2 ක ය (සුදුධම්ම). බලන්න: හිරිඔත්තප්ප. මූලාශ්‍රය:අංගු.නි: (1) 2 නිපාත:2.1.1.9 චරියා සූත්‍රය, පි.140.

▲ චරියා කථා- Chariya katha: චරියා කථා ලෙසින් පෙන්වා ඇත්තේ චර්යා 8 ක් ගැනය: 1) ඉරියාපථචරියාව: සතර ඉරියව්ව පැවැත්වීම 2) ආයතන චරියාව: අභ්‍යන්තර හා බාහිර ආයතන දෙක 3) සතිචරියාව: සතර සතිපට්ඨානය 4) සමාධි චරියාව: සතර ජාන 5) ඤාණචරියාව: සතර ආරිය සත්‍ය 6) මග්ග චරියාව: සතර ආරිය මාර්ග 7) පත්තිචරියාව:සතර ශ්‍රමණ ඵල 8) ලෝකඅර්ථචරියාව: සම්මාසම්බුද්ධ, පසේබුදු, ශ්‍රාවකයෝ කෙරහි පවත්වන චරියාවන්. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදා 2:පඤඤාවග්ග: 3.5 චරියාකථා, පි.222.

▲ චර්යානානානත්ව ඥාණය- Charyananathva Nana: චර්යානානානත්ව ඥාණය යනු, අන්‍යයන්ගේ චරියාවන්, පිරිසිඳ දැනීමේ ප්‍රඥාවය. චර්යා 3 කි: 1) විඥාන චරියාව 2) අඥාන (අඤාන) චරියාව 3) ඥාන (ඤාන) චරියාව. මූලාශ්‍රය:ඛු.නි:පටිසම්භිදා1 : මහාවග්ග: 1 ඥාන කතා: පි. 174.

▲ චාරිත්ත සීලය-Chariththa sila: ශික්ෂාපද ඒ අයුරින්ම සමාදන්ව, රැක ගැනීම චාරිත්ත ශිලයය. බලන්න: ශිලය.

චල

▲ චාල තෙර-Chala Thera: බලන්න: උපග්‍රන්ථය:1

▲ චාලාතෙරණිය-Chala Therani: බලන්න: උපග්‍රන්ථය:2

▲ ථුල්ලකොට්ඨිත නියම්ගම-Chullakottitha Village: මේ නියම් ගම, කුරු ජනපදයේ පිහිටි ධනවත් ගමකි, බුදුන් වහන්සේ වැඩසිටි ස්ථානයකි, බුද්ධශ්‍රාවක, රට්ඨපාල තෙරුන්ගේ උපන් භුමියය. බලන්න: උපග්‍රන්ථය:1

▲ චුල්ලපන්ථක භික්ෂුව- Cullapanthaka Thera: බලන්න: උපග්‍රන්ථය:1

චව

▲චීවර- Robes: චීවර යනු සංඝයා පොරවන සිවුරුය, මෙය සංඝයාට කැප සිව්පසයෙන් එකකි. බලන්න: සිව්පසය. සටහන්: ** චීවර සකස්කිරීම, බෙදාදීම ආදිය ගැන බලන්න: විනය පිටකය.** බුදුන් වහන්සේ, තම චිවරය, මහා කාශ්‍යප තෙරුන් සමග හුවමාරු කරගැනීම පිලිබඳ විස්තර පිණිස බලන්න: සංයු.නි: (2): නිදානවග්ග: කස්සප සංයුත්ත: 4.1.11 චීවර සූත්‍රය,පි.352, ESN: 16: Kassapasamyutta: 11 The Robe, p. 821.

ඡ කොටස:

ඡඡ, ඡග, ඡන, ඡඵ, ඡබ, ඡළ, ඡව

ඡඡ

▲ඡ ඡක‍්ක ධම‍්මො (පාලි): ධර්මතා 36 - Six sets of six: ඡ ඡක‍්ක ධම‍්මො- ධර්මතා 36, ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ උතුම් බ්‍රහ්මචරියාව ප්‍රකට කරන ධර්ම කරුණුය: 1) ආධ්‍යත්මික ආයතන සය 2) බාහිර ආයතන සය 3) විඥානකාය සය 4) ස්පර්ශකාය සය 5) වේදනා කාය සය 6) තණ්හාකාය සය (The six internal bases should be understood. The six external bases should be understood. The six classes of consciousness should be understood. The six classes of contact should be understood. The six classes of feeling should be understood. The six classes of craving should be understood). එම ධර්මතා යහපත් ලෙසින් අවබෝධ කරගැනීම මගින් සක්කාය දිට්ඨිය, අනුසයන්, ආසවයන් ආදී කෙළෙස් පහ කර විමුක්තිය ලබා ගත හැකිය. සටහන: මේ දේශනාව අවසානයේ දී 66 භික්ෂුන් අරහත්වයට පත්වුහ. මූලාශ්‍ර: ම.නි: (3 ): 3.5.6 ඡ ඡක‍්ක සූත්‍රය, පි. 598, EMN: 148: Chachakka Sutta- Six sets of six, p. 598.

ඡග

▲ ඡිග්ගල - Yoke with a Hole: ඡිග්ගල යනු එක් හිලක් ඇති වියදණ්ඩය. මිනිසත්බව ලැබීමේ දුර්ලභබව පෙන්වීම පිණිස, බුදුන් වහන්සේ මේ උපමාව යොදාගෙන ඇත: “යම් පුරුෂයෙක් එක් හිලක් ඇති වියදණ්ඩක්,මහා මුහුදට විසිකරයි. ඒ මුහුදේ, එක් ඇසක් අන්ධ කැස්බෑවෙක් (කණ කැස්බෑවා) සිටි. ඌ සෑම අව්රුදු 100 ට වරක් සාගරයේ මතුපිටට පැමිණේ. එසේ පැමිණෙන කැස්බෑවාට, එක් හිලක් ඇති විය දණ්ඩේ උගේ ගෙල දැමිය හැකිද? ... එසේ දිගු කලක් ගතවූ පසු ඒ කැස්බෑවාට, තම ගෙළ, වියදණ්ඩේ එක් හිලට දැමීමට හැකිවෙනු ඇත. එහෙත්, අපායගාමී බාලයාට, නැවත මිනිසත්බව ලබා ගැනීම සුලබ නොවේ... අපාය ආදී දුගතියේ පින්කිරිමට හැකියාව නැත...” එසේ හෙයින්, විරිය කර චතු සත්‍ය වහා අවබෝධ කරගන්න යයි බුදුන් වහන්සේ වදාළහ.කණ කැස්බෑවා උපමාව: උපග්‍රන්ථය5. සටහන: ම.නි. බාලපණ්ඩිත සූත්‍රයේ දී ද මේ උපමාව දක්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග: සච්චසංයුත්ත: 12.5.7 හා 12.5.8 ඡිග්ගල සූත්‍ර, පි. 341, ESN: 56: Sacchasamyutta: 47.7 Yoke with a Hole, p. 2318. ඡන

▲ ඡන්දය- Desire: ඡන්දය යනු කැමැත්තය. බුදුන් වහන්සේ වදාළේ: සියලු ධර්මතා කැමැත්ත මුල් කරගෙන ඇතිවෙන බවය. “ඡන්‍දමූලකා සබ‍්බෙ ධම‍්මා”. මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාත: සචිතතවග්ග: 10.2.1.8. මූලක සූත්‍රය, පි.218, EAN:10: 58.8. Roots, p. 516.

▼ සියලු කුසල ධම්ම අතිකර ගැනීමට ඇති ඡන්දය, ආරිය අටමග ඇතිකර ගැනීමට හේතුවේ.එලෙස කැමැත්ත ඇති මහණ “ඡන්දසම්පන්න” ය. මූලාශ්‍ර: සංයු.නි: (5-1) මහාවග්ග: මග්ගසංයුත්ත: 1.6.3, 1.6.10 ,1.7.3 ඡන්ද සූත්‍ර, පි. 80

▲ ඡන්ද රාගය- Desire for lust :ඡන්ද රාගය- කාමයට ඇති කැමැත්ත (කාමචන්දය) නීවරණයකි. බුදුන් වහන්සේ වදාළේ: රූප, වේදනා, සංඥා, සංඛාර හා විඥාන ස්කන්ධ (පංචඋපාදානස්කන්ධය) යන්ට ඇති ඡන්ද රාගය, සහමුලින්ම පහ කරගැනීමෙන්, යලි උපත ඇති නොවන බවය. සසර නිමාවීමය. බලන්න: නීවරණ. සටහන: එකලා විහරණය පිරිපුන් වීම පිණිස ඡන්දරාගය දුරුකලයුතුවේ. බලන්න: හුදකලා විවේකය. මූලාශ්‍ර: සංයු.නි: (3): ඛන්ධසංයුත්ත: 1.1.3.4 ඡන්ද රාග සූත්‍රය, පි. 76 හා 1.3.1.9 ඡන්ද රාග සූත්‍ර 3කි, පි.308, ESN: 22: Kahndasamyutta: 25.4 Desire & lust, p. 1022 & 111.9, 3 suttas, p. 308.

▲ ඡන්ද ඉද්දිපාද- Chanda Iddipada: ඉද්දිපාදයකි. බලන්න: සතර ඉද්දිපාද.ඉද්දි ලබාගැනීම පිණිස ඡන්දය-කැමැත්ත ඇතිව ක්‍රියා කිරීම ඡන්ද ඉද්දිපාදයය. මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග:ඉද්දිපාද සංයුත්ත:7.2.3 ඡන්ද සූත්‍රය, පි.48,ESN: 51: Iddipadasamyutta: 13.3 Concentration due to desire, p. 2073.

▲ ඡන්දසමාධි ඉද්දිපාද- Chanda Samadhi Iddipada: ඡන්දසමාධි ඉද්දිපාද ලෙසින් පෙන්වා ඇත්තේ, සමාධිය ලබාගැනීම පිණිස ඡන්දය-කැමැත්ත ඇතිව, ප්‍රධාන විරිය ඇතිව, ඡන්ද ඉද්දිපාදය පිහිට කොට, අකුසල මැඩ, සිත සමාධියට පත් කර ගැනීමය. මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග:ඉද්දිපාද සංයුත්ත:7.2.3 ඡන්ද සූත්‍රය, පි.48,ESN: 51: Iddipadasamyutta: 13.3 Concentration due to desire, p. 2073.

▲ ඡන්දසමාධි විමංසා ඉද්දිපාද-Chanda Samadhi VimansaIddipada: ඡන්දසමාධි විමංසා ඉද්දිපාද ලෙසින් පෙන්වා ඇත්තේ, සමාධිය ලබාගැනීම පිණිස විමංසාව ඇතිව, කැමත්ත ඇතිව ප්‍රධාන විරිය ඇතිව, අකුසල මැඩ, සිත සමාධියට පත් කර ගැනීමය. මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග:ඉද්දිපාද සංයුත්ත:7.2.3 ඡන්ද සූත්‍රය, පි.48,ESN: 51: Iddipadasamyutta: 13.3 Concentration due to desire, p. 2073.

▲ ඡන්න (කපිලවස්තුනුවර)තෙර 1 -Channa (Kapilavasthu) Thera බලන්න: උපග්‍රන්ථය:1

▲ ඡන්න (රජගහනුවර)තෙර 2-Channa (Rajagaha)Thera බලන්න: උපග්‍රන්ථය: 1

ඡඵ

▲ඡඵස්ස ආයතන-Six contact base: ඡඵස්ස ආයතන ලෙසින් පෙන්වා ඇත්තේ සය වැදෑරුම් ස්පර්ෂ ආයතනයන්ය. ඒවායේ, ඇතිවීම හා නැතිවීම (සමුදයවය) ,ආස්වාදය, ආදිනවස් හා නිස්සරනය යථා පරිදි අවබෝධය ලබාගැනීම මග බඹසර වාසය පුර්ණ කර ගැනීමය. බලන්න: ස්පර්ශය. මූලාශ්‍රය: සංයු.නි: (4) සළායතනසංයුත්ත:මිගජාලවග්ග: ඡඵස්ස ආයතන සූත්‍ර 3 කි, පි.119.

▼සය වැදෑරුම් ස්පර්ෂ ආයතන දමනය නොකිරීම දුකට හේතුවේ. මූලාශ්‍රය: සංයු.නි: (4) සළායතනසංයුත්ත: ඡලවග්ග:1.101 ඡඵස්ස ආයතන සූත්‍රය, පි.178.

ඡබ

▲ ඡබ්බිසොධන- sixfold purity: රහතුන් ආකර සයකින් පිරිසිදුවී අරහත්වයට පැමිණීම පිළිබඳව මෙහි විස්තරාත්මකව පෙන්වා ඇත.මූලාශ්‍ර: ම.නි: (3) 3.2.2 ඡබ්බිසෝධන සූත්‍රය, පි.158, EMN:112: The sixfold purity, p.815. ඡළ

▲ ඡළඅංග දානය-Offering with 6 factors: ඡළඅංග දානය, ලෙසින් පෙන්වා ඇත්තේ අංග 6 කින් සමන්විත දානය: දානය දෙන්නාහට (දායක) තිබිය යුතු අංග: 1) දානය පිරිනැමීමට පෙර ඇති සතුට 2) පහන් සිතින් දානය පිරිනැමීම 3) දානය පිරිනැමීමෙන් පසු ඇති සතුට. දානය ලබන්නාට (ප්‍රතිග්‍රාහක) තිබිය යුතු අංග: 1) වීතරාගී වීම (අරහත්) හෝ විතරාගී වීමට පිළිපන්කෙනෙක් වීම 2) වීතදෝස වීම හෝ වීතදෝස වීමට පිළිපන්කෙනෙක් වීම 3) වීතමෝහ වීම හෝ වීතමෝහ වීමට පිළිපන්කෙනෙක් වීම. එවැනි දානයකින් ලබන පින අසිමිතය,අප්‍රමානය, පුණ්‍ය නදියක් වැනිය යි බුදුන් වහන්සේ වදාළහ. සටහන: මේ සූත්‍රය දේශනා කර ඇත්තේ වේළුකණ්ටකි නන්දමාතා උපාසිකාව, සැරියුත් හා මුගලන් මහා රහතුන් (අගසව්) ප්‍රමුඛ සංඝයාට පිරිනැමූ දානය මුල් කරගෙනය. බලන්න: පුණ්‍යනදීය. මූලාශ්‍ර: අංගු.නි: (4 ): 6 නිපාත: 6.1.4.7 ඡළඅංග දානය, පි. 112, EAN:6 : 37.7 Giving, p. 332.

▲ ඡළඬගසමන‍්නාගතො (පාලි): අංග 6ක් සතුවීම -possesses six factors: ඡළඬගසමන‍්නාගතො ලෙසින් පෙන්වා ඇත්තේ අංග 6ක් සතුව සිටීමය. එනම්: අභ්‍යන්තර හා බාහිර ආයතන සමනය කරගෙන සිටීමය. ආරිය වාසස්ථාන හිමි ආරියෝ, සය ඉන්ද්‍රිය- සළායතන ය (ඇස, කණ ආදීවූ) මගින් අල්ලා ගන්නා බාහිර අරමුණු (රූප, ශබ්ද ආදී) පිළිබඳව, සොම්නස හෝ දොම්නස නොමැතිව, උපේක්ඛා සහගතව සති සම්ප්‍රජන්‍යය ඇතිව සිටීම අංග 6 ක් සතුකර ගැනීමය: බලන්න: සළායතන, ආරිය වාසස්ථාන. “කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු ඡළඬගසමන‍්නාගතො හොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා... සොතෙන සද‍්දං සුත්‍වා... ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා... ජිව‍්හාය රසං සායිත්‍වා... කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා... මනසා ධම‍්මං විඤ‍්ඤාය නෙව සුමනො හොති න දුම‍්මනො උපෙඛකො විහරති සතො සම‍්පජානො. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු ඡළඬගසමන‍්නාගතො හොති”. (how does a bhikkhu possess six factors? Here, having seen a form with the eye, a bhikkhu is neither joyful nor saddened, but dwells equanimous, mindful and clearly comprehending. Having heard a sound with the ear … Having smelled an odor with the nose … Having experienced a taste with the tongue … Having felt a tactile object with the body … Having cognized a mental phenomenon with the mind, a bhikkhu is neither joyful nor saddened, but dwells equanimous, mindful and clearly comprehending). මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාත: 10.1.2.9 පඨමාරියවාස සූත්‍රය,10.1.2.10 හා අරියවාස සූත්‍රය, පි.82-84, EAN:10:19.9 & 20.10 Abodes of the Noble Ones, p. 498-499.

▲ ඡළඅභිජාති- Six class of people: ඡළඅභිජාති යනු පුද්ගලයන් පංන්ති 6 කට බෙදීමය. බුදුන් වහන්සේ වැඩසිටි සමයේ පුරාණ කාශ්‍යප නම් අන්‍ය ආගමික ගුරුවරයෙක් පුද්ගලයන් එසේ කොටස් කර දක්වා ඇත. බලන්න: පුරාණ කාශ්‍යප. බුදුන් වහන්සේ පුද්ගලයන්ගේ උත්පත්තිය , ස්වභාවය, නැඹුරුකම් අනුව ඔවුන් කොටස් 6 කට බෙදා පෙන්වා ඇත: 1) කළු ජාති ඇතිව (කණ‍්හාභිජාති), කළු ස්වභාවය (කෘෂණ) ඇති අය: පහත් කුලයක උපදින ඔහු, තුන් දොරින් අකුසල් කරයි, දුගතියට පැමිණේ 2) කළු ජාති ඇතිව, සුදු ස්වභාවය (ශුකල) ඇති අය: පහත් කුලයක උපදින ඔහු, තුන් දොරින් කුසල් කරයි, සුදුබවට පත්වේ, සුගතියට පැමිණේ. 3) කළු ජාති ඇතිව, කළු නොවූ හෝ සුදු නොවූ නිවනට පැමිණි අයය: පහත් කුලයක උපදින ඔහු, පැවිදිව, සියලු කෙළෙස් හැර නිවන ලබාගනී 4) සුදු ජාති ඇතිව, කළු කළු ස්වභාවය ඇති අය: උසස් කුලයක (සුක‍්කාභිජාති) උපදින ඔහු, තුන් දොරින් අකුසල් කරයි, දුගතියට පැමිණේ 5) සුදු ජාති ඇතිව, සුදු ස්වභාවය ඇති අය: උසස් කුලයක උපදින ඔහු, තුන් දොරින් කුසල් කරයි, සුගතියට පැමිණේ 6) සුදු ජාති ඇතිව, කළු නොවූ හෝ සුදු නොවූ නිවනට පැමිණි අයය: උසස් කුලයක උපදින ඔහු, පැවිදිව, සියලු කෙළෙස් හැර නිවන ලබාගනී. මූලාශ්‍ර: අංගු.නි: (4 ): 6 නිපාත: 6.2.6.3 ඡළඅභිජාති සූත්‍රය, පි.184, EAN:6: 57.3 Six classes, p. 358.

ඡව

▲ ඡවීය- Skin: මෙහිදී පෙන්වා ඇත්තේ ලාභ සත්කාර ආදියට යටවීමේ දරුණුකමය. ඒවා, කෙනෙක්ගේ ඡවීය-හම-සිවිය සිඳීමට සමත්වේ. එලෙස ඇට මිදුළු දක්වා යයි. ඒ නිසා ඒවා දුරුකිරීමට හික්මිය යුතුය යයි බුදුන් වහන්සේ අවවාද වදාළහ. මූලාශ්‍රය:සංයු.නි: (2) නිදානවග්ග: ලාභසත්කාරසංයුත්ත: 5.3.8 ඡවීසූත්‍රය, පි.384.