ප සහ ඵ කොටස්



ප කොටස:

පක, පග, පංච, පච, පජ, පඤ, පඥ, පඬ, පට, පඨ, පත, පථ, පද, පධ, පන, පණ, පප, පබ, පභ, පම, පය, පර, පල, පළ, පව, පස, පශ, පහ

පක

▲ පකුධ කච්චායන - Pakuda kachchayana: බලන්න: අන්‍යආගමික නායකයෝ.

▲ පොක්ඛරසාතිබ්‍රහ්මණ - Brahamin Pokkharasati: බලන්න: උපග්‍රන්ථය:3

▲ පොකුණු බඳු පුද්ගලයෝ - People similar to lakes: පොකුණු- විල් (දහරතළා) සතරක් ඇත:1) නොගැඹුරුය,නමුත්ගැඹුරු වැනිය 2) ගැඹුරු, නමුත් නොගැඹුරු වැනිය3)නොගැඹුරුය, එලෙසම පෙනෙන 4) ගැඹුරු ය, එලෙසම පෙනෙන. එවැනි, සිව් පුද්ගලයන් ඇතිබව මෙහි දක්වා ඇත.* එක් පුද්ගලයෙක් පළමු විල වැනිය: කය හැසිරවීම, සිවූරු දැරීම ආදී බාහිර ක්‍රියා මානව කරයි, එහෙත්, චතුසත්‍ය නොදනි ** තව කෙනෙක් දෙවෙනි විල වැනිය: කය හැසිරවීම... ආදී බාහිර

ක්‍රියා මානව නොකරයි, එහෙත් චතුසත්‍ය දනී.** අනිත්කෙනා තුන්වැනි විල වැනිය: කය හැසිරවීම... ආදී බාහිර ක්‍රියා මානව නොකරයි, චතුසත්‍ය නොදනි ** අන්තිමයා, සිව්වැනි විල වැනිය: බාහිර ක්‍රියා යහපත්ය, චතුසත්‍ය දනී, ඔහු අග්‍රය. බලන්න:උපග්‍රන්ථය:5. මූලාශ්‍ර: අංගු.නි: (2 ): 4 නිපාත: 4.3.1.4 උදකරහද සූත්‍රය, පි. 226 , EAN:4: 104.4 Pools of Water, p. 186.

▲ පුක්කුසාතිභික්ෂුව - Pukkusathi Bhikkhu: බලන්න: උපග්‍රන්ථය:1

පග

▲ පිංගලකොච්ච බ්‍රාහමණ - Pingalakochcha Brahamin: බලන්න: උපග්‍රන්ථය:3

▲ පිංගියමානවක තෙර - Pingiyamanawaka Thera: බලන්න: උපග්‍රන්ථය:1,3

▲ පිංගීයානි බ්‍රාහ්මණ - Brahamin pingiyaani: බලන්න: උපග්‍රන්ථය:3

පංච

▲ පංචඅංග: පාලි: පඤ‍්චඬග - five factors: පහකරගතයුතු පංචඅංග හා සතු කරගතයුතු පංච අංග මෙහි විස්තර කර ඇත. 1) අරහත්වය ලැබීම පිණිස පහකර ගතයුතු අංග 5 (පඤ‍්චඬවිප‍්පහීනො) :පංච නීවරණ: කාමචන්දය, ව්‍යාපාදය, ථින මිද්ධය, උදච්ච කුකුක්ච්චය, විචිකිච්චාව.2) අරහත්වය ලැබීම පිණිස- ආරිය වාසස්ථාන පිණිස- සතු කර ගතයුතු අංග 5 (පඤ‍්චඬ සමන‍්නාගතො): අසේඛ ශිලය, අසේඛ සමාධිය, අසේඛ ප්‍රඥාව, අසේඛ විමුක්තිය හා අසේඛ විමුත්ති ඥානදර්ශනය.බලන්න: ආරිය වාසස්ථාන, උත්තම පුරුෂයා. මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාත: 10.1.2.2 පංචඅංග සූත්‍රය, පි.58,EAN:10: 12.2 Five Factors, p. 495,10.1.2.9 -10 පඨම හා දෙවෙනි ආරියවාස සූත්‍ර, පි.82-84, EAN: 10: 19.9 & 20.10 Abodes of the Noble Ones, p. 498-499.

▲ පංචඅංගීක සම්මාසමාධිය:පාලි:පඤ‍්චඬගිකො සම‍්මාසමාධි -Fivefold perfect samadhi: පංච අංගීක සම්මා සමාධිය,භාවේතබ්බ ධර්මතාවකි. බලන්න: භාවේතබ්බ ධර්ම.

▼ බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “ කතමෙ පඤ‍්ච ධම‍්මා භාවෙතබ‍්බා? පඤ‍්චඬගිකො සම‍්මාසමාධි: පීතිඵරණතා, සුඛඵරණතා, චෙතොඵරණතා, ආලොකඵරණතා, පච‍්චවෙක‍්ඛණනිමිත‍්තං...” වර්ධනය කර ගත යුතු පංච අංගීක සම්මා සමාධිය (ජාන සමාපත්ති ලැබීම) : 1) ප්‍රීතිය හාත්පස පතුරුවමින් උපදනා ප්‍රථම හා ද්විතිය ජාන සමාධිය 2) සුඛ වේදනාව හාත්පස පතුරුවමින් උපදනා ප්‍රථම, ද්විතිය හා තෘතිය ජාන සමාධිය 3) පරසිත් දැනගැනීමේ නුවණ (පරචිත්ත විජානනය) සහිත සමාධිය 4) ආලෝකය පතුරුවන දිවැස් නුවණ - පරචිත්ත විජානනය සහිත සමාධිය 5) ප්‍රත්‍යවෙක්ෂණ නුවණ සහිත සමාධිය. සටහන: This refers to the various jhāna states: (a) is the first two jhānas, and (b) the first three. (c) and (d), according to DA, refer to telepathic awareness of others’ minds, and clairvoyance respectively. බලන්න: EDN: note: 1140, p. 475. මූලාශ්‍ර: දීඝ.නි : (3 ): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384, අංගු.නි: (3): 5 නිපාත: 5.1.3.8 පංචඅංගිකසමාධි සූත්‍රය, පි. 58, EAN:5: 28.8 five-factored, p. 244.

▲ පංච ආධ්‍යත්මික ඉන්ද්‍රිය - Five spiritual faculties: පංච ආධ්‍යත්මික ඉන්ද්‍රිය: සද්ධා ,වීරිය,සති,සමාධි යය. මේවා බෝධිපාක්‍ෂික ධර්මතාය. ප්‍රඥා ඉන්ද්‍රිය, සෙසු ඉන්ද්‍රියන්ට වඩා වෙනස්වෙ. බලන්න: ආධ්‍යත්මික පංච ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය.

▼ පංච ආධ්‍යත්මික ඉන්ද්‍රියන් දියණුවී ඇත්නම්, පංච නිවරණ ඇතිනොවේ. බුදුන්වහන්සේ මෙසේ වදාළහ: “පස්දෙනක් නිදාගනිද්දී පස් දෙනක් පිබිදීසීටි”. පංචඉන්ද්‍රිය අවදිනොවූ විට පංච නිවරණ ධර්ම ක්‍රියාත්මකවේ- අවදිවේ. එහෙත්, පංච ඉන්ද්‍රිය අවදිව ඇත්නම්, පංච නිවරණයන් ක්‍රියාත්මක නොවේ-ඒවා නිදිය.පංච නීවරණ අවදිවූ විට කෙළෙස් ඇතිවේ. පංච ඉන්ද්‍රිය ධර්මතා ඇතිවිට කෙළෙස් පහවේ. බලන්න: ESN: note: 13, p. 500. මූලාශ්‍ර: සංයු.නි: (1): සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.1.6 ජාගරසූත්‍රය, පි.32, ESN: 1: Devata samyutta:6.6 Awake, p. 64.

▲ පංච ආධ්‍යාත්මික බල - Five spiritual powers: ශ්‍රද්ධා, විරිය, සති ,සමාධි හා ප්‍රඥාව, ආධ්‍යාත්මික පංචබලයන්ය. මේවා බෝධිපාක්‍ෂික ධර්මතාය.බලන්න: ආධ්‍යාත්මික පංචබල.

▲ පංච ආනන්තරික කම්ම: පාලි: පඤචානන‍්තරිකකම‍්ම- Five heinous actions: මේ පාප කම්ම ක්‍රියා නිසා බරපතලවූ, භයානක කම්ම් විපාක විඳීමට සිදුවේ.පාපකර්ම 5කි:මව, පියා, රහතුන් ඝාතනය, දුෂ්ට සිතින් බුදුන්ගේ ලේ සෙලවීම, සංඝභේදය කිරීම. විපාක වශයෙන්, නියතයෙන්ම අපායගාමී, නිරයගාමී වේ. සෝතාපන්න වූ පුද්ගලයා අතින් මේ පාප කර්ම සිදුනොවේ. බලන්න: ආනන්තරික කර්ම, සෝතාපන්න. ශබ්දකෝෂ: B.D: p. 10: “The 5 heinous ‘Actions with immediate Destiny’ are: parricide, matricide, killing an Arahant, wounding a Buddha, creating schism in the monk’s order”.

▼ පංච ආනන්තරික් කර්ම කරන අය නියතයෙන්ම අපායගාමී, නිරයගාමී වේ, ඔවුන්ට පිළියම් කළ නොහැකිය. “පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආපායිකා නෙරයිකා පරිකුප‍්පා අතෙකිච‍්ඡා. කතමෙ පඤ‍්ච:මාතා... පිතා...අරහං ජිවිතා වොරොපිතො හොති, තථාගතස‍්ස දුට‍්ඨෙන චිත‍්තෙන ලොහිතං උප‍්පාදිතං හොති, සංඝො භින‍්නො හොති”.සටහන්: * සංඝභේදය හා බුදුන් වහන්සේගේ ශරීරයෙන් ලේ සෙලවිමේ විපාක ලෙසින් දෙවදත්ත භික්ෂුව නිරයේ පහළවිය. බලන්න: අංගු.නි: (5 ): 8 නිපාත: 8.1.1.7. දේවදත්ත විපත්ති සූත්‍රය, පි. 42, EAN:8: 7.7 Devadatta’s Failing, p. 413. ** මේ කර්ම සිදුකල පුද්ගලයාට, ආධ්‍යත්මික මගට ඇතුළුවිය නොහැකිය. බලන්න: අංගු.නි: (4 ): 6 නිපාත: 6.2.4.3 වොරෝපිත සූත්‍රය, පි. 264 ** අජාසත් රජු සිය පියා, සේනිය බිම්බිසාර රජු මරණයට පත් කළ නිසා, සෝතාපන්න බව ලැබීමට තිබු වාසනාව නැතිවී ගිය බව, දීඝ.නි; ශ්‍රමණඵල සූත්‍රයේදී බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (3 ): 5 නිපාත: 5.3.3.9 පරිකුප්ප සූත්‍රය, පි. 262, EAN: 5: 129.9 Lesions, p. 279.

▲පංච ඉට්ඨ ධර්ම-Five desirable Dhamms: පංච ඉට්ඨ (කැමති) ධර්ම ලෙසින් පෙන්වා ඇත්තේ ලෝකයේ ඇති, ලබාගැනීමට කැමති මන වඩන ධර්මයන්ය: දීර්ඝ ආයුෂ, රූපත්බව-ශරීර වර්ණය, කායික මානසික සුවය, යසස (භෝග සම්පත් හා පරිවාර-පිරිස් සම්පත ) හා ස්වර්ගය. මේවා ලබා ගැනීම දුර්ලභය. ඒවා යැදීමෙන්, පැතීමෙන් ලබා ගත නොහැකිය. ඒ දේ ලබාගැනීම පිණිස අනුගමනය කලයුතු ප්‍රතිපදාව මෙහි විස්තරාත්මකව පෙන්වා ඇත. බලන්න: දුර්ලභදේ. සටහන: මේ සූත්‍රය දේශනා කර ඇත්තේ අනාථපිණ්ඩික සිටුවරයාටය. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත:5.1.5.3 ඉට්ඨ ධර්ම සූත්‍රය, පි. 96, EAN:5: V:43.3. Wished for, p. 252.

▲ පංච ඉන්ද්‍රියන්: පාලි: පඤ‍්චිඉනද්‍රියානි - Five Faculties: කායික හෝ මානසික වේදනා අනුව මේවා විස්තර කර ඇත,ආධ්‍යාත්මික පංච ඉන්ද්‍රියන්ට වඩා වෙනස්ය. 1) සුඛ ඉන්ද්‍රිය 2) දුක ඉන්ද්‍රිය 3) සෝමනස්ස ඉන්ද්‍රිය 4) දෝමනස්ස ඉන්ද්‍රිය 5) උපේක්ඛා ඉන්ද්‍රිය. මේවා කායික හෝ මානසික වේදනා පදනම් කොට ඇතිවේ. පංච ඉන්ද්‍රිය පිලිබඳ යථා අවබෝධය ලබා ගැනීමෙන් (ඒවායේ ඇතිවීම, නැතිවීම-සමුදය වය, ආස්වාදය, ආදීනවය හා නිස්සරණය) සෝතාපන්න බව ලැබිය හැකිය. එම අවබෝධය ඇතිව උපාදාන රහිතව ආසවක්‍ෂය කිරීමෙන් අරහත්වයට පත්වේ. බලන්න: ඉන්ද්‍රිය. මූලාශ්‍ර: සංයු.නි : (5-1): මහාවග්ග: ඉන්ද්‍රිය සංයුත්තය: 4.4.1 සුද්ධක සූත්‍රය, 4.4.2 සෝතාපන්න සූත්‍රය, 4.4.3 අරහන්ත සූත්‍රය, පි. 397, ESN: 48: Indriyasamyutta: 31.1 Simple Version , 32.2 Stream enterer, 33.3 Arahant, p. 1959.

▼ පංච ඉන්ද්‍රිය බෙදා විස්තරකිරීම-විභංග: 1) සුඛ ඉන්ද්‍රිය (pleasure faculty): කය හේතු කොට ලබන සුවය, සැපය, කයේ ස්පර්ශය නිසා ඇතිවන සැප වේදනාව සුඛ ඉන්ද්‍රියවේ. (කායිකං සුඛං, කායිකං සාතං, කායකසම‍්ඵස‍්සජං සුඛං සාතං වෙදයිතං- Whatever bodily pleasure there is, whatever bodily comfort, the pleasant comfortable feeling born of body-contact: is called the pleasure faculty). 2) දුක ඉන්ද්‍රිය (pain faculty): කය හේතු කොට ලබන දුක, දුක්බව, කයේ ස්පර්ශය නිසා ඇතිවන දුක් වේදනා දුක ඉන්ද්‍රියවේ. (කායිකං දුක‍්ඛං, කයිකං අසාතං කායකසම‍්ඵස‍්සජං දුක‍්ඛං අසාතං වෙදයිතං- Whatever bodily pain there is, whatever bodily discomfort, the painful uncomfortable feeling born of body-contact: this, is called the pain faculty). 3) සෝමනස්ස ඉන්ද්‍රිය (joy faculty): සිත හේතු කොට ලබන (මානසික) සතුට, සැපය, මනසේ ස්පර්ශය නිසා ඇතිවන සොම්නස් වේදනා සෝමනස්ස ඉන්ද්‍රිය වේ.(චෙතසිකං සුඛං, චෙතසිකං සාතං, මනොසම‍්ඵස‍්සජං සුඛං සාතං වෙදයිතං -Whatever mental pleasure there is, whatever mental comfort, the pleasant comfortable feeling born of mind-contact: is called the joy faculty) 4) දෝමනස්ස ඉන්ද්‍රිය (displeasure faculty): සිත හේතු කොට ලබන අසතුට, දොම්නස, මනසේ ස්පර්ශය නිසා ඇතිවන දොම්නස් වේදනා, දෝමනස්ස ඉන්ද්‍රිය වේ.(චෙතසිකං දුක‍්ඛං, චෙතසිකං අසාතං, මනොසම‍්ඵස‍්සජං දුක‍්ඛං අසාතං වෙදයිතං- Whatever mental pain there is, whatever mental discomfort, the painful uncomfortable feeling born of mind-contact: is called the displeasure faculty). 5) උපේක්ඛා ඉන්ද්‍රිය (equanimity faculty): කායික හෝ වේවා මානසික හෝ වේවා යම් සැපත් නැති දුකත් නැති යම් වේදනාවක් (මධ්‍යස්ත වේදනාව) ඇත්නම් එය උපේක්ඛා ඉන්ද්‍රිය වේ. (කායිකං වා චෙතසිකං වා නෙව සාතං නාසාතං වෙදයිතං- Whatever feeling there is, whether bodily or mental, that is neither comfortable nor uncomfortable: is called the equanimity faculty) .විභංග විස්තරයට අනුව පංච ඉන්ද්‍රිය, පහක් වුවත් වේදනා අනුව 3ක් ය. තුන් වේදනා, ඉන්ද්‍රිය 5ක් බවට පත්වන්නේ යයි මෙහි පෙන්වා ඇත. (according to the method of exposition, these five faculties, having been five, become three; and having been three, become five). මූලාශ්‍ර: සංයු.නි : (5-1): මහාවග්ග: ඉන්ද්‍රිය සංයුත්තය:4.4.6 -4.4.8 විභංග සූත්‍ර, පි. 399, ESN: 48: Indriyasamyutta: 36.6 Analysis 1-3 sutta, p. 1964.

▲ පංච උපාදානස්කන්ධය: පාලි: පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා -five aggregates subject to clinging: පංච උපාදානස්කන්ධය: රූප, වේදනා, සංඥා, සංස්කාර හා විඥාන යන උපාදාන ස්කන්ධ පහය. සාමාන්‍ය ලෝකයා තමාගේ කය හා සිත (ආත්මය) යයි සලකන්නේද මෙයමය. රූපය යනු සතර මහා භූතයන් ගෙන් සකස්වූ මේ කයය. සළායතන මගින් අල්ලා ගන්නා බාහිර අරමුණු ස්පර්ශ කිරීම නිසා ඇතිවන යම් හැඟීමක් ඇත්නම් එය වේදනාවය, එම බාහිර අරමුණු හඳුනා ගැනීම (ස්පර්ශය මගින්) සංඥාව වේ. සංස්කාර -සංඛාර යනු එලෙස බාහිර අරමුණු නිසා සිතේ පහළවන විවිධ චේතනාවන්ය. නාම රූප මගින් සකස්කරදෙන අරමුණු පිලිබඳ විවිධ ලෙසින් මනස ක්‍රියාකිරීම විඥානය වේ. බුදුන් වහන්සේ පෙන්වා වදාළේ, මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම දුකබවය. එම දුකට මූලික වන්නේ පංච උපාදානස්කන්ධය මමය, මාගේය, මගේ ආත්මය යයි, එහි යථා ස්වරුපය -යථාබව නොමදැන, දිට්ඨියෙන්, තණ්හාවෙන් හා මානයෙන් අල්වා ගැනීම නිසාය. එම තණ්හාව සහමුලින්ම නැතිකර ගැනීම දුක නැතිවීම-නිවනය. සසර ගමන නිමාවීමය. සටහන: සංයු.නි: (3) ඛන්ධසංයුත්තයේ, සූත්‍රයන්හි පංච උපාදානස්කන්ධය විස්තරාත්මකව පෙන්වා ඇත. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි. 352: “පඤ‍්චුපාදානක‍්ඛන්‍ධ: උපාදානස්කන්ධ 5: කෙළෙස් සහිත රූප ආදීවූ ස්කන්ධ 5”. B.D: p.185: “Upādāṇa-kkhandha: The 5 group of clinging… the 5 group of existence which form the objects of clinging”.

▼ පංච උපාදානස්කන්ධය,11 ස් ආකාරයෙන් බැලිමෙන්, එයට ඇති තණ්හාව පහකර ගත හැකිවේ:1) අනිච්ච දෙයක් ලෙසින් -වෙනස්වී යනබව 2) දුක ගෙනදෙන දෙයක් ලෙසින් 3) රෝගයක්- ලෙඩක් ලෙසින් 4) තුවාලයක්-වනයක් ලෙසින් (නිතර පැරීම නිසා වේදනා ගෙනදෙන) 5) උලක්-කටුවක් ඇනුන ලෙසින් 6) පිඩාකාරී දෙයක් ලෙසින් 7) ආබාධයක් ලෙසින් 8) අනුන් සතු දෙයක් ලෙසින් 9) පහසුවෙන්ම බිඳී යන දෙයක් ලෙසින් 10) හිස් දෙයක් ලෙසින්- එහි මමය මාගේය කියා දෙයක් නැතිනිසා. 11) අනාත්ම ලෙසින්- තමාගේ පාලනයෙන් බැහැර නිසා. එලෙස,යෝනිසෝ මනසිකාරයෙන් බැලිය යුතුවේ.

“...භික‍්ඛුනා පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා අනිච‍්චතො, දුක‍්ඛතො, රොගතො, ගණ‍්ඩතො, සල‍්ලතො, අඝතො, පරතො, පලොකතො, සුඤ‍්ඤතො, අනත‍්තතො යොනිසො මනසිකාතබ‍්බා”. සටහන්: * එසේ, 11 ස් ආකාරකින්, යෝනිසෝමනසිකාරයෙන් බැලීමෙන් සමථ භාවනාවද, විපස්සනා භාවනාව ද වඩාගැනීමෙන්, සම්මා ප්‍රඥාව ඇතිකර ගත හැකිවේ. ** එමගින් ඇතිවන ප්‍රතිලාභ: සතරමග සතර ඵල සාක්ෂාත්වීමය.1) සිල්වත් මහණ- ආරිය ශ්‍රාවකයා සෝතාපන්න වීම 2) සෝතාපන්න පුද්ගලයා සකදාගාමි වීම 3) සකදාගාමී පුද්ගලයා අනාගාමී වීම 4) අනාගාමි පුද්ගලයා අරහත්වයට පත්වීම 5) අරහත්වයට පත්වූ ආරියන්ට නැවත කිරීමට දෙයක් හෝ සපුරා ගැනීමට දෙයක් නොමැතිය. එහෙත්, රහතන්වහන්සේ මේ ජිවිතයේදීම ලැබෙන සුව විහරණය (දිට්ඨධම්මසුඛ විහරණය) පිණිස ඒලෙසින් භාවනාව වඩන බව සූත්‍රයේ පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (3 ): ඛන්ධවග්ග: 1.3.2.10-1.3.2.11 ශිලවන්ත හා සුතවන්ත සූත්‍ර, පි.323, ESN:22: Khandasamyutta:122.10 & 123.11: Virtuous, p. 1103.

▼ පංචඋපාදානස්කන්ධය පිළිබඳව යහපත් ලෙසින් දකිනා දන්නා විට දුක කෙළවර කරගත හැකිය. බලන්න: මහා දස ධර්ම ප්‍රශ්න.

▼ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගැනීම පිණිස ආරිය අටමග වඩාගත යුතුය. පංච උපාදානස්කන්ධය පිලිබඳ විශේෂ අවබෝධය ලබාගැනීමට, පිරිසිඳ දැන ගැනීමට, එය ගෙවිම පිණිස ( ක්‍ෂයකිරීමට), ප්‍රහාණය කිරීම පිණිස ආරිය අටමග සම්පුර්ණයෙන්ම වැඩිය යුතුයය. කවර ලෙසින්ද යත්: මේ සසුනේ මහණ විවේකය... විරාගය... නිරෝධය... ඇසුරුකළ, නිවනට නැමුන සිතින් යුතුව සම්මා දිට්ඨිය ආදී අංග 8 න් සමන්විත ආරිය අටමග වඩා ගත යුතුවේ. “පඤ‍්චිමෙ භික‍්ඛවෙ උපාදානක‍්ඛන්‍ධා. කතමෙ පඤ‍්ච: රූපුපාදානක‍්ඛන්‍ධො, වෙදනුපාදාන ක‍්ඛන්‍ධො, සඤ‍්ඤුපාදානක‍්ඛන්‍ධො, සඬඛාරූපාදානක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණූපාදානක‍්ඛන්‍ධො. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං අභිඤ‍්ඤාය... පරිඤ‍්ඤාය... පරික‍්ඛයාය... පහානාය අරියො අට‍්ඨිඬගීකො මග‍්ගො භාවෙතබ‍්බො... ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං... සම‍්මාසමාධි භාවෙති: විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං”. (This Noble Eightfold Path is to be developed for direct knowledge of these five aggregates subject to clinging, for the full understanding of them, for their utter destruction, for their abandoning). මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග: මග්ගසංයුත්ත: ඔඝ වග්ග: 1.16 උපාදානස්කන්ධ සූත්‍රය, පි. 164, ESN: 45: Maggasamyutta: 178.8. Aggregates subject to clinging, p. 1725

▼ පංචඋපාදානස්කන්ධයට ඇලීම දුකය: කෙනෙක් පංච උපාදාන ස්කන්ධය සතුටින් පිළිගනිනම් (මමය, මාගේය, මගේ ආත්මය යයි අභිනන්දනය කරයිනම්) ඔහු දුක පිළිගත් කෙනෙක්ය, දුකින් නො මිදුන කෙනෙක්ය යි බුදුන් වහන්සේ වදාළහ. එහෙත්, ධර්මය අවබෝධකරගත් තැනැත්තා පංච උපාදානස්කන්ධය සතුටින් පිළිගන් නැත, එහි යථාබව දන්නා ඔහු දුකින් මිදුන කෙනෙකි. මූලාශ්‍ර: සංයු.නි: (3 ): ඛන්ධසංයුත්ත: 1.1.3.8. අභිනන්දන සූත්‍රය, පි.82 , ESN: 22: Khandasamyutta: 29.8 Delight p. 1024

▼ පංචඋපාදානස්කන්ධය ඇතිවීම දුක ඇතිවීමය: පංචඋපාදාන ස්කන්ධයේ ඇතිවීම, පහළවීම, පැවතීම දුක ඇතිකරයි, කාය රෝගපිඩා ඇතිකරයි, මහළුබව, මරණය ඇතිකරයි. පංචඋපාදානස්කන්ධය ඇතිනොවන්නේ නම්, පහළ නොවන්නේ නම් දුක ඇතිනොවේ, රෝගපීඩා, මහළුවීම, මරණයට පත්වීමක් වෙන්නේ නැත, දුක සන්සිඳේ. සටහන: ඛන්ධ සූත්‍රයේදී බුදුන් වහන්සේ පංච උපාදානස්කන්ධය නම් දුක්ඛ ආරිය සත්‍ය යයි පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (3): ඛන්ධසංයුත්ත: 1.1.3.9 උප්පාද සූත්‍රය, පි.84, ESN: 22: Khandasamyutta: 30.9 Arising, p. 1024, සංයු.නි: (5-2): මහාවග්ග: සච්ච සංයුත්ත: 12.2.3 ඛන්ධසූත්‍රය, පි. 300, ESN: 56: Sacchasamyutta : 13.3 Aggregates, p. 2280

▼ පංචඋපාදානස්කන්ධය බිදෙන සුළුය: පංචඋපාදානස්කන්ධය කැඩී බිඳී යන ස්වභාවයෙන් (අනිච්ච ස්වභාවය) යුක්තය. යම් කෙනක්හට එම අවබෝධ ඇත්නම්, තමාට පංචඋපාදානස්කන්ධය පාලනය කළ නොහැකිබව (ආත්මයක් නැති බව) ඔහුට වැටහේ. මූලාශ්‍ර: සංයු.නි: (3): ඛන්ධසංයුත්ත: 1.1.3.11 පහන්ඬගු සූත්‍රය, පි.86, ESN:22: Khandasamyutta: 32.11. The Fragile, p. 1025

▼ පංචඋපාදානස්කන්ධයේ අනිච්ච බව අවබෝධ කළයුතුය:පංච උපාදානස්කන්ධය මුළුමනින්ම අනිච්ච- අනිත්‍ය ස්වාභවයෙන් යුක්තය. එබව විදසුන් නුවණින් වටහාගන්නා නුවණැති පුද්ගලයා (ප්‍රඥාවන්තයා) , පංච උපාදානස්කන්ධය කෙරේ කළකිරේ. කළකිරිම-නිබිද්දාව නිසා විරාගය ඇතිවේ. විරාගය නිසා විමුක්තිය ඇතිවේ. ඒබව අවබෝධවූ විට දුකින් මිදුන බව, විමුක්තිය -නිවන ලැබු බව නුවණින් දකී. මූලාශ්‍ර: සංයු.නි: (3): ඛන්ධසංයුත්ත: 1.1.2.1 අනිත්‍ය සූත්‍රය, පි.66, ESN:22: Khanda Samyutta, 12-1 Impermanent, p, 1018.

▼ පංච උපාදානස්කන්ධය අස්ථිරය: පොඩි ගොම පිඩුවක් තරම් වූ පුද්ගලික පැවතීමක් පංචඋපාදානස්කන්ධයේ නොමැත. පංච උපාදාන ස්කන්ධය චිරස්ථායි නොවේ, ස්ථිර නොවේ, සදාකලික නොවේ, විපරිණාමයට පත්වේ. එම අවබෝධය ඇතිව සසර දුක නැතිකර ගැනීම පිණිස බඹසර විසීමේ වැදගත්කම අවබෝධ කරගතයුතුය යි ගොම පිඬුව උපමාව දක්වමින් බුදුන් වහන්සේ වදාළහ. බලන්න: උපග්‍රන්ථය:5 මූලාශ්‍ර:සංයු.නි: (3): ඛන්ධසංයුත්ත: 1.2.5.4 ගොම පින්ඩුපම සූත්‍රය, පි. 274, ESN:22: Khandasamyutta: 96.4 A Lump of Cow dung, p. 1087.

▼ ආධ්‍යාත්මික වර්ධනය පිණිස, පංචඋපාදානස්කන්ධය ගැන පිරිසිඳව (පරිඥෙය්‍ය) අවබෝධ කර ගත යුතුවේ. බලන්න: පරිඥෙය්‍ය ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි : (3 ):11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384

▼ ශ්‍රැතවත් ආරිය ශ්‍රාවකයාට පංච උපාදානස්කන්ධය ගැන යථා අවබෝධය ඇත. ඒ බව ඔහු මනා නුවණින් දකී: ‘...මම නොවේ, මාගේ නොවේ, මාගේ ආත්මය නොවේ’. එවිට, පංච උපාදානස්කන්ධය පිළිබඳව ඔහු කළකිරේ (නිබිද්දාව ඇතිවේ), එමගින්, ඇල්ම පහවේ (විරාගය ඇතිවේ). විරාගය ඇතිවීමෙන්, විමුක්තිය ඇතිවේ. එලෙස ඒ ලැබූ අරහත්වය පිණිස කළයුතු වෙනත් කිසිවක් නැත යයි ඔහු දැනගනි: “ ...රූපං...වෙදනං... සඤ‍්ඤං... සඬඛාරෙ... විඤ‍්ඤාණං: ‘නෙතං මම නෙසොහමස‍්මි න මෙ සො අත‍්තා ති’ එවමෙතං යථාභුතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං...එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි... වෙදනායපි...සඤ‍්ඤායපි...සඬඛාරෙසුපි ... විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, නිබ‍්බින්‍දං විරජ‍්ජති විරජ‍්ජං විමුච‍්චති නාපරං ඉත්‍ථත‍්තයාති පජානාතී ති” මූලාශ්‍ර: සංයු.නි: (3 ): ඛන්ධසංයුත්ත: 1.3.2.6 හා 1.3.2.7 පරිපුචඡිත සූත්‍ර, පි. 318, ESN:22: 118.6 & 119.7 Interrogation, p. 1102.

▲ පංචකාම ගුණ :පාලි: පඤච කාමගුණා- five strands of sense-desire ලෝකයේ ඇති විසිතුරු දේ පංචකාම ගුණයන්ය (පස්කම් ගුණ). ඒවාට ඇති බැඳීම කාමයය. කාමලෝකයට, පස්කම් සැපයට ලෝක සත්ත්‍වයන් බැඳතබන පංචකාම ගුණ: රූප (forms),ශබ්ද (sounds), ගඳ සුවඳ (odors), රසය (tastes) හා කාය ස්පර්ශ (tactile objects).මේවා ආරිය විනයේ කාමය ලෙසින් හඳුන්වන්නේ නැත, ඒවා කාමගුනයන්ය (objects of sensual pleasure) . මේවා පංච කාමවස්තු ලෙසින්ද පෙන්වා ඇත. බලන්න: කාමය. මූලාශ්‍ර: අංගු.නි: (4) 6 නිපාත: 6.2.1.9 නිබ්බේධික සූත්‍රය,පි.220,EAN:6: 63.9 Penetrative,p.355.

▼ පංචකාම ගුණ කවරේද?: උත්තිය තෙරුන් පංචකාම ගුණ කවරේද? යයි විමසුවිට බුදුන් වහන්සේ මෙසේ පංචකාම ගුණ පෙන්වා ඇත: 1) රූප: ආශාව ඇතිකරණ, පියකරුවූ, සිත කැමතිකරණ, සිත්කලු, කාමයට පොළඹවන, සිත වශිකරන ඇසින් දකින රූප. (චක‍්ඛුවිඤ‍්ඤය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනියා...Forms cognizable by the eye that are desirable, lovely, agreeable, pleasing, sensually enticing, tantalizing, enticing). 2) ශබ්ද (sounds): ආශාව ඇතිකරණ ...කණින් අසන සද්ද (සොතවිඤ‍්ඤය්‍යා සද‍්දා) 3) ගඳ සුවඳ (odor’s): ආශාව ඇතිකරණ ...නාසයෙන් විඳින ගඳ සුවඳ (ඝානවිඤ‍්ඤය්‍යා ගන්‍ධා) 4) රස (tastes): ආශාව ඇතිකරණ... දිවෙන් විඳින රස (ජිව‍්හාවිඤ‍්ඤය්‍යා රසා) 5) කයට දැනෙන ස්පර්ශ (tactile objects): ආශාව ඇතිකරණ...කයෙන් විඳින පහස (කායවිඤ‍්ඤය්‍යා ඵොට‍්ඨබ‍්බා). පස්කම් ගුණයන් ප්‍රහීණය පිණිස ආරියඅටමග වැඩිය යුතුය. සටහන්: * සංයු.නි: (4) වේදනාසංයුත්ත :ලෝකකාමගුණවග්ග: 1.12.4 කාමගුණසූත්‍රයේ: කාමගුණ හා ඒවායින් මිදීම විස්තරාත්මකව පෙන්වා ඇත. ** අංගු.නි.(1): 1 නිපාත: චිත්ත පරියාදන වග්ගයේ සූත්‍රවල පංචකාමය විස්තර කර ඇත. මූලාශ්‍ර: සං.නි:(4): සළායතනවග්ග: වේදනාසංයුත්ත: 1.3.10 උත්තිය සූත්‍රය, පි. 63 හා 1.16 කාමගුණ සූත්‍රය, පි. 162, ESN:36: 30.10 Uttiya, p. 1636 & 176.6 Cords of Sensual pleasures, p. 1723.

▼ පස්කම් ගුණයෝ කාම බන්ධනවේ: බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ පස්කම්ගුණ (කාමබන්ධන පස) ‘ආරියවිනයේ දම්වැල, බැම්ම’ බවය. (bonds and fetters). කාම ගුණයන්ගේ ආදීනව නොදැන මිනිසුන් පස්කම්ගුණ පරිභෝග කරති, ඒවායින් මිදීමේ මග නොදනිති. පස්කම් සැප විඳින පුද්ගලයන් හට බ්‍රහ්මලෝක උත්පත්තිය (යළි උපත) ලැබිය නොහැක. අනාගාමි මගඵල සාක්ෂාත්වූ විට පංචකාමයට ඇති ආශාව ප්‍රහිනයවේ. මූලාශ්‍ර: දීඝ.නි:(1 ) 13 තෙවිජ්ජා සූත්‍රය, ඡෙදය28, පි.610, EDN: 13 Tevijja Sutta: The Threefold Knowledge-The Way to Brahma, p. 143.

▼ කාමගුණ පිලිබඳ පුර්ණ අවබෝධය ලැබීමට හා ඒවා ප්‍රහාණය පිණිස අරිය අටමග වැඩිය යුතුය. මූලාශ්‍රය:සංයු.නි: (5-1) :මහාවග්ග: මග්ග සංයුත්ත:1.16 කාමගුණ සූත්‍ර, පි.162.

▼ මෙහි පෙන්වා ඇත්තේ පංචකාම ගුණ ප්‍රහීණය කිරීම පිණිස සතර සතිපට්ඨානය වැඩිය යුතුබවය. මූලාශ්‍රය: අංගු.නි: (5) 9 නිපාත: 9.2.2.3 කාමගුණ සතිපට්ඨාන සූත්‍රය, පි.576.

▲ පංච චේතෝඛීල: පාලි: පඤ‍්ච චෙතොඛීලා- Five mental blockages පංච චේතෝඛීල ලෙසින් පෙන්වා ඇත්තේ ආධ්‍යාත්මික මගට හානි ගෙනදෙන කරුණුවලටය- හානභාගිය ධර්මයන්ය. මේවා නිසා සිත තදබවට- මුරණ්ඩු බවට පත්වේ, වීරිය දුබල වේ. බලන්න: චේතෝඛීල, හානභාගිය ධර්ම. සටහන: පංචචේතෝඛිල: 1) ගුරුවරයා පිලිබඳ විශ්වාසය, පිළිගැනීම නොමැතිබව. 2) ධර්මය පිලිබඳ විශ්වාසය, පිළිගැනීම නොමැතිබව 3) සංඝයා පිලිබඳ විශ්වාසය, පිළිගැනීම නොමැතිබව 4) ශික්ෂාව -පුහුණුව පිලිබඳ විශ්වාසය, පිළිගැනීම නොමැතිබව 5) තමන් සමග සිටින සෙසු අය (සබ්‍රහ්මසරුන්) සමග තරහ සිතින්, ගැටුන සිතින් සිටීම. බලන්න: අංගු.නි: (3): 5 නිපාත: 5.5.1.5 චේතෝඛිල සූත්‍රය.

▲ පංච චේතෝ විනිබන්ධන: පාලි: පඤ‍්ච චෙතසො විනිබන්‍ධා-five bondage of the mind: පංච චේතෝ විනිබන්ධන ලෙසින් පෙන්වා ඇත්තේ සසරට බැඳ තබන අකුසල්ය. බලන්න: චේතෝ විනිබන්ධන, අකුසල.

▲ පංච ඤාණ-pancha nana: පංච ඤාණ- ඥානපඤචකය ලෙසින්ද පෙන්වා ඇත. අභිප්‍රඥාව- ඥාතාර්ත නුවණ, පරිප්‍රඥාව- තීරණාර්ථ නුවණ, ප්‍රහාණ ප්‍රඥාව- පරිත්‍යාගාර්ථ නුවණ, භාවනා ප්‍රඥාව- එකරාසාර්ථ නුවණ, සාක්ෂාත්ක්‍රියා ප්‍රඥාව- ස්පර්ශනාර්ත නුවණ, ඥානපඤචකය ය. බලන්න: ත්‍රිවිධ ප්‍රඥා. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදා 1 :ඥාණකථා: 20-24 ඥානපඤචකය, පි. 188.

▲ පංච ඥාණ සම්මාසමාධිය:පාලි: පඤ‍්ච ඤානීකො සම‍්මාසමාධි-fivefold knowledge of right Samadhi: පංච ඥාණ සම්මාසමාධිය, උත්පාදයිතව්‍ය ධර්මයකි (Dhamma to be arise). බලන්න: උත්පාදයිතව්‍ය ධර්ම, සමාධිය.

▼ පංචඥාන සම්මාසමාධිය ලැබීමේ ඵල: 1) මේ සමාධිය ය මගින් වර්තමාන සැප විපාක ඇත, එමගින් අනාගතයෙහි සැප විපාක ඇත්තේය යන නුවණ ඇතිවීම: (අයං සමාධි පච‍්චුප‍්පන‍්නසුඛො චෙව ආයතිඤ‍්ච සුඛවිපාකො ති, පච‍්චත‍්තඤෙඤව ඤාණං උප‍්පජ‍්ජති-This concentration is both present happiness and productive of future resultant happiness) 2) මේ සමාධිය ආරියවේ, නිරාමිසවේ(කෙලෙසුන්ගෙන් තොරය- ලෞකික (ආමිස) නොවේ-ලෝකෝත්තරය) යන නුවණ ඇතිවීම: (අයං සමාධි අරියො නිරාමිසො ති පච‍්චත‍්තඤෙඤව ඤාණං උප‍්පජ‍්ජති- This concentration is Ariyan and free from worldliness). 3) මේ සමාධිය අලාමක -උතුම් පුද්ගලයන් විසින් පුරුදු කරන ලදය යන නුවණ ඇතිවීම: (අයං සමාධි අකාපුරිසසෙවිතො ති පච‍්චත‍්තඤෙඤව ඤාණං උප‍්පජ‍්ජති-This concentration is practiced by the worthy) සටහන: * අකාපුරිසෝ - උතුම්: බුදු, පසේබුදු අරහත් ආදීන්. ** ප.සිංශ: පි. 22: අකාපුරිස: උත්තම පුරුෂයා, න+කාපුරිස : කාපුරිස-නින්දිත පුද්ගලයා. 4) මේ සමාධිය ශාන්තය, උතුම්ය (ප්‍රණිතය), පස්සදිය ඇතිකරයි, සිත එකඟබවට (ඒකග්‍ගතාව) පත්කරයි, අයහපත (අකුසල) පිණිස නොවේ; වෙනත් කෙනෙකුට මේ සමාධිය නැතිකිරීමට හෝ වලක්වාලීමට හැකියාව නැත යන නුවණ ඇතිවීම: (අයං සමාධි සන‍්තො පණිතො පටිප‍්පස‍්සද‍්ධාලද‍්ධො එකොදිහාවාධිගතො න සඬඛාර නිග‍්ගය‍්හවාරිතාවතො ති පච‍්චත‍්තඤෙඤව ඤාණං උප‍්පජ‍්ජති-This concentration is calm and perfect, has attained tranquillization, has attained unification, and is not instigated, it cannot be denied or prevented) .5) යෝගියා: මම සතිසම්ප්‍රජන්‍යය ඇතිව මේ සමාධියට ඇතුලු වූ වෙමි, එසේම, එම සතිසම්ප්‍රජන්‍යය ඇතිවම සමාධි සමාපත්ති යෙන් නැගිටගතිමි යන නුවණ ඇතිවීම:(සො ඛො පනාහං ඉමං සමාධි සතො’ව සම‍්පජාමි, සතො වූට‍්ඨාහාමි ති පච‍්චත‍්තඤෙඤව ඤාණං උප‍්පජ‍්ජති- I myself attain this concentration with mindfulness, and emerge from it with mindfulness).මූලාශ්‍ර: දීඝ.නි : (3):11 දසුත්තර සූත්‍රය,පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲ පංච ධන-Five wealth: ධර්මයේ, පංච ධන ලෙසින් පෙන්වා ඇත්තේ: ශ්‍රද්ධාව, ශිලය, ශ්‍රැතය, ත්‍යාග හා ප්‍රඥාවය. (faith, virtuous behavior, learning, generosity, wisdom). ශ්‍රද්ධාධනය: තථාගතයන් ගේ සම්බෝධිය පිළිගැනිම. ශිලධනය: පන්සිල් රැකීම. ශ්‍රැතධනය: ධර්මයේ බහුශ්‍රැතවීම. ත්‍යාගධනය: නොමසුරුව දන්දීම. ප්‍රඥාධනය: දුක නිමාකිරීම පිලිබඳ නුවණ තිබීම. බලන්න: පංච සම්පදා. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත:5.1.5.7 පංච ධන සූත්‍රය, පි. 96, EAN:5: V:47.7 Wealth, p. 252.

▲ පංච ධම්ම පුද්ගලයෝ-Five kind of Dhamma persons: ධර්මයදැනගෙන, අකාර 5 කින් හැසිරෙන පුද්ගලයන් 5 දෙනක් ගැන මෙහි විස්තර කර ඇත: : 1. පර්යාප්ති බහුල පුද්ගලයා 2. සංඥාප්ති බහුල පුද්ගලයා 3. සජ්ජායනා බහුල පුද්ගලයා 4. විතක්ක බහුල පුද්ගලයා 5. ධම්මවිහාරි. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: අනාගතභය වග්ග: 5.2.3.3 හා 5.2.3.4 සූත්‍ර, පි.160.

▼ පංචධම්ම පහසුවිහරණය පිණිස- Five Dhamma for comfortable abiding : ගිලන් -මරණාසන්න සංඝයාට පහසු විහරණය පිණිස ධර්මතා 5ක් උපකාරීවන බව මෙහි පෙන්වා ඇත: 1) අශුභය 2) ආහාරයෙහි ප්‍රතිකූලබව 3) සියලු සංස්ඛාරයන්හි අනභිරතිය 4) සියලු සංස්ඛාරයන්හි අනිත්‍යබව 5) මරණ සතිය වැඩිම. බලන්න: ගිලන්බව. මූලාශ්‍රය: අංගු.නි: (3) 5 නිපාත: ගිලානවග්ග:5.3.3.1 ගිලානසූත්‍රය, පි.254.

▼ පංච ධර්ම-ක්‍රමානුකූල පුහුණුව පිණිස-Five Dhammas for gradual training: ධර්මය ක්‍රමානුකූලව පුහුණුවීම පිණිස පංච ධර්මතා (පඤ‍්ච ධම‍්මා ) උපකාරවන බව මෙහි පෙන්වා ඇත. ඒවා මගින්, යම්කිසි කරුණක් පිළිබඳව ස්ථිර විශ්වාසය ඇතිකර ගැනීමට- යහපත් ලෙසින් එම දෙය අවබෝධ කරගැනීම පහසුවේ. “...පඤ‍්ච ඛො ඉමෙ භාරද‍්වාජ, ධම‍්මා දිට‍්ඨෙව ධම‍්මෙ ද‍්වීධා විපාකා. කතමෙ පඤ‍්ච? සද‍්ධා, රුචි, අනුස‍්සවො, ආකාරපරිවිතක‍්කො, දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්ති. ...ඉමෙ පඤ‍්ච ධම‍්මා... ද‍්විධා විපාකා...”. මේ ධර්මයෝ පස් දෙනෙක්, මෙහිදිම, ආකාර 2 කින් විපාක ඇතිකරයි: 1) ශ්‍රද්ධාව: පිළිගැනීම, විශ්වාසය 2) රුචිය: කැමැත්තෙන්ම අනුමත කිරීම 3) අනුශ්‍රවනය: නැවත නැවත ඇසීම 4) ආකාරපරි විතක්ක:තර්කකර, හේතු විමසාබලා ලබාගන්නා අවබෝධය 5) දිට්ඨිනිජ්ජානඛන්ති: යම් දිට්ඨියක්, මතයක්, මැනවින් මෙනෙහිකර (පරාවර්තනයකර) පිළිගැනීම. (There are five things, Bhāradvāja, that may turn out in two different ways here and now. What five? Faith, approval, oral tradition, reasoned cogitation, and reflective acceptance of a view). එම කරුණු 5 අනුව යම්කිසි දෙයක් පිළිගැනීමේදී, විධි 2කට අනුව එය සිදුවිය හැකිය: 1) යමකිසි දෙයක් ගැන ශ්‍රද්ධාව ඇතිව, කැමත්ත ඇතිව මැනවින් විමසා බලා පිළිගත්තාවුවද, එය හිස්, ඵලයක් නැති අසත්‍යයක් වියහැකිය.2) යමකිසි දෙයක් ගැන නැතිව, කැමැත්ත නැතිව, මැනවින් විමසා බලා නො පිළිගත්තාවුවද, ඒ දේ සිධාන්තසහිත, සත්‍ය, නිවැරදි දෙයක් විය හැකිය. එමනිසා, සත්‍ය ආරක්ෂා කිරීමට කැමති නුවණැති පුද්ගලයෙක්: “මේ දේ පමණක් සත්‍යයවේ, අනිත් හැම අසත්‍ය යයි’,තීරණයකට පැමිණීම සුදුසු නැත යයි බුදුන් වහන්සේ වදාළහ. සටහන: කාපටික භාරද්වාජ බ්‍රහ්මණ මානවකයාට, ධර්මයට පැමිණෙන ක්‍රම විධිය විස්තරකරදීම පිණිස මේ සූත්‍රය දේශනා කර ඇත. බලන්න:ක්‍රමානුකූලව පුහුණුවීම. මූලාශ්‍ර:ම.නි: ( 2 ): 2.5.5. චඬකී සූත්‍රය, පි. 672, EMN: 95 Cankī Sutta, p. 704.

▲ පංච නීවරණ: පාලි: පඤ‍්ච නීවරණානි -Five hindrances:පංච නීවරණ -පස් නීවරණ යනු ධර්ම මාර්ගය අවහිර කරණ අකුසලයන්ය: කාමචන්දය, ව්‍යාපාදය, ථිනමිද්ධය, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්චා. බලන්න: නීවරණ.

▼ පංච නීවරණ ආධ්‍යාත්මික මග අවහිර කරයි, ඒවා පහාතබ්බ ධර්මතාය. “ කතමෙ පඤ‍්ච ධම‍්මා පහතබ‍්බා? පඤ‍්ච නීවරණානි: කාමච‍්ඡාන්‍දනීවරණං, බ්‍යාපාදනීවරණං, ථිනමිද‍්ධනීවරණං, උදච‍්චකුක‍්කුච‍්චනීවරණං, විචිකිච‍්ඡානීවරණං” බලන්න: පහාතබ්බ ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි : (3): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384

▼ පංච නීවරණ ප්‍රහානය (පඤචඬගවිප්පහීනො) ආරිය වාසස්ථාන ලැබීමට හේතුවේ. බලන්න: ආරිය වාසස්ථාන, පඤචාඬගවිප්පහීනො.

▼ පංච නීවරණ, සිත කිලිටිකරණ, ප්‍රඥාව දුබල කරන ධර්මතාය, උප කෙළේසයෝය. භාවනාව වඩා ජාන සාක්ෂාත් කරගැනීමෙන් පංචනිවරණ පහවේ. නිවරණ පහකර සිත පිරිසුදුබවට පත්කරගැනීමේ ක්‍රම විධිය: “ වනඅරණකට හෝ ගස්මුලකට හෝ හිස්ගෙයකට හෝ පැමිණි භික්ෂුව, දෙපා හරස්අතට තබාගෙන වාඩිවී; කය ඍජුව තබාගෙන, සිහිය පෙරමුණකරගෙන බවුන්වඩයි. a) ලෝකය පිලිබඳ තන්හාව අතහැර, තණ්හා විරහිත පිරිසිදු සිතකින් වාසය කරයි. b) ව්‍යාපාදය හා තරහ අතහැර, පිරිසිදු සිතෙන්, සියලු සත්ත්‍වයන්ගේ සුභසාධනය කෙරෙහි දයාවන්තව -මෙත්තාව ඇතිව වාසය කරයි. c) උදාසීනබව හා කුසිතකම පහකර පිරිසුදු සිතකින්, ආලෝක සංඥාව හා සති සම්ප්‍රජන්‍යය සහිතව වාසය කරයි d) නොසන්සුන්කම හා පසුතැවීම අතහැර, පිරිසිදු සිත ඇතිව, ඇතුළෙහි ශාන්තබවින් වාසය කරයි e) සැකය පහකර, පිරිසිදු සිතෙන් කුසලධර්ම පිලිබඳ නිරවුල්ව වාසය කරයි”. මූලාශ්‍ර: අංගු.නි:(6 ):10 නිපාත,: උපාලි වගග : 10.2.5.9. උපාලි සූත්‍රය,පි.390, EAN:10: 99.9 Upaali, p. 538.

▼ පංචනිවරණ ඇතිවීමට හේතුව ත්‍රිවිධ දුශ්චරිතයය, පංචනිවරණ නිසා අවිද්‍යාව පෝෂණය වේ. බලන්න: අවිද්‍යාව.

▲ පංච ප්‍රාධානිකඅංග: පාලි: පඤ‍්ච පධානියඬගානි- Five factors of endeavor: පංච ප්‍රාධානික අංග ලෙසින් පෙන්වා ඇත්තේ ප්‍රධන් වීරිය වඩන භික්ෂුව සතු ගුණ පිලිබඳවය. එම ධර්මතා ආධ්‍යාත්මික මාර්ගය දියුණු කරගැනීමට බොහෝ උපකාර වන (බහු උපකාර) ධර්මවේ: “ කතමෙ පඤ‍්ච ධම‍්මා බහුකාරා? පඤ‍්ච පධානියඬගානි: ඉධාවුසො භික‍්ඛු සද‍්ධො හොති සද‍්දහති තථාගතස‍්ස බොධි: ඉති පි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණ සම‍්පන‍්නො සුගතො ලොකවිදු අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා’ති, අප‍්පාබාධො හොති අප‍්පාතඬෙකා සමවෙපාකිනියා ගහණියා සමන‍්නාගතො නාතිසීතාය නාච‍්චුණ‍්හාය මජඣිමාය පධානක‍්ඛමාය, අසඨො හොති අමායාවි යථාභූතං අත‍්තානං ආවිකත‍්තා සත්‍ථුරි වා විඤ‍්ඤුසු වා සබ්‍රහ‍්මචාරීසූ, ආරද‍්ධවීරියො විහරති අකුසලානං ධම‍්මානං පහානාය කුසලානං ධම‍්මානං උපසම‍්පදාය ථාමවා දළ‍්හපරාක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසූ ධම‍්මෙසු, පඤඤවා හොති උදයත්‍ථුගාමිනියා පඤඤාය සමන‍්නාගතො අරියාය නිබ‍්බෙධිකාය සම‍්මා දුක‍්ඛක‍්ඛයගාමීනියා. ඉමෙ පඤ‍්ච ධම‍්මා බහුකාරා”.බහුඋපකාර ධර්ම පහ කුමක්ද? ප්‍රාධානික අංග පහය: එම භික්ෂුව 1) සැදෑහැ-ශ්‍රද්ධාව ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේගේ නව ගුණ පිළිගනී, බෝධිය අදහයි. 2) රෝග නැත-නිරෝගී, නිදුක්ව සිටි. ඉතා ශීත නැති, ඉතා උෂ්ණය නැති, මධ්‍යම වූ, ප්‍රධන් වීරිය වැඩීමට සුදුසුවූ, සම ලෙස ආහාර පැසවන (දිරවන) උදරයක් ඇතිව සිටි 3 ) තමන්ගේ වැරදි ක්‍රියා ශාස්තෘන් වහන්සේ ට හෝ තමන් හා වෙසෙන සබ්‍රහ්මචාරින් හට හෝ නියම ලෙසින් හෙළි කරන්නේය -අවංකය. කපටිකම් හා රැවටීම් (සටකපට හා මායා) නැත. 4) කුසල් කිරීමට බහා නොතැබූ වීරිය ඇත. අකුසල් පහ කර ගැනීමට, කුසල් ඇති කර ගැනීමට පිරිපුන් වීරිය ඇතිව වාසය කරයි. කෙළෙසුන් දැවීමට සමත්, දුක නැතිකිරීමට හැකි පිරිසුදුවූ නුවණ ඇත 5) සංස්කාර යන්ගේ ඇතිවීම, ඒවායේ නැතිවීම පිරිසිඳ දකින්නට හැකි ආරිය ප්‍රඥාව (සමුදය හා වය නුවණ) ඇත. බලන්න: බහු උපකාර ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි : (3 ): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲ පංච බැමි- Five Ties: පංච බැමි යනු කෙනෙක් සසරට බැඳ තබන රාග, දෝස, මෝහ, මාන, දිට්ඨි යන ආසවයන්ටය, ඒවා තදබල බැමිය. බලන්න: සතර යොග.

▲ පංච භය හා වෛර: පාලි: පඤභයානි වෙරානි- five perils and enmities: ධර්මයට අනුකූල නොවන ලෙසින් ජීවිතය ගෙන යාම නිසා පංච භය හා වෛර (සතුරුබව) ඇතිවේ. ලෞකික ජිවිතයක් ගෙනයන පුද්ගලයෙකුට ඇති පස් ආකාරවූ භය හා වෛර, (පඤච චිතෙතා ත්‍රාසභයයො හා අකුශල වෛරයො) ඇතිවන්නේ පංච ශිලය නොරකින නිසාය. එම අකුසල නිසා කෙනෙකුගේ මෙලොව ජිවිතයටද පරලොව ජිවිතයන්ටද අයහපත් විපාක ඇතිවේ, මානසික වේදනා ඇතිවේ, දුර්මුඛ බවට (අධෛර්යයට) පත්වේ. සටහන්: * පංච භය හා සතුරුකම් (පඤච චිතෙතා ත්‍රාසභයයො අකුශල) පංචශිලයට විරුද්ධ කරුණුය ** මොලොව දීම පංච භය හා වෛර ප්‍රහීණය කරගත් පුද්ගලයාට සෝතාපන්නබවට අවශ්‍ය අංග 4 සම්පුර්ණකර ගැනීමට හැකියාව ඇත.එමගින්, ආරියන්‍යාය (හේතුඵල දහම) අවබෝධ කරගැනීමේ හැකියාව ලබන ඔහුට අරහත්මග ඵල සාක්ෂාත් කරගත හැකිවේ. බලන්න: සෝතාපන්න, ආරියන්‍යාය. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත, 10.2.5.2. භය සූත්‍රය,පි.354, EAN:10: 92-2. Enmity, p.533.

▲ පංචාලචන්ඩ දේවපුත්‍ර- Panchalachanda devaputtha:මේ දෙව්පුත්, බුදුන් වහන්සේ බැහැදැකීම හා නිවන පිලිබඳව බුදුන් වහන්සේ ඔහුට දුන් උපදෙස් මෙහි දක්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (1) සගාථවග්ග: දේවපුත්‍ර සංයුත්ත: 2.1.7 පංචාලචන්ඩ සූත්‍රය, පි.118.

▲ පංච රාජ- Five kings: මෙහිදී පෙන්වා ඇත්තේ පසේනදී කෝසල ඇතුළු රජවරුන් පස් දෙනෙක්, බුදුන් වහන්සේ හමුව, කාමවස්තුන් පිළිබඳව විමසීමය. බුදුන් වහන්සේ වදාළ ධර්මය, එම පිරිසේ සිටි චන්දනංගලික උපාසකයාට අවබෝධවී, ඒතුමා බුදුගුණ වර්ණනාකිරිමද, ඔහු ගැන ප්‍රසාදයට පත් පස් රජවරු, ඔහුට උතුරු සළු 5ක් දීම, ඒ උපාසක, එම උතුරුසළු බුදුන් වහන්සේට පුජාකිරිම මෙහි විස්තර කර ඇත. මූලාශ්‍රය: සංයු.නි: (1) සගාථවග්ග: කෝසලසංයුත්ත:3.2.2 පංචරාජ සූත්‍රය, පි.174

▲ පංච වග්ගිය භික්ෂු-Panchavaggiya Bhikkhu: පංච වග්ගිය භික්ෂු -පස්වග මහණුන්, බෝසතුන් (සිද්ධාර්ථ තවුසා) බුදුවීමට පෙර, උන්වහන්සේට ඇප උපස්ථාන කළ පස්වග තවුසන්ය: කොණ්ඩඤඤ, වප්ප, භද්දිය, මහානාම හා අස්සජි තෙරුන්ය. ධම්මචක්කපවත්තන සූත්‍රය අසා බුදු සසුනේ පළමු පැවිදි පස්නම වුහ, අඤ්ඤාකොණ්ඩඤඤ තෙරුන් සෝතාපන්නබව ලැබුහ. අනත්තලක්ඛණ සූත්‍රය අසා පස්නම අරහත්වයට පත්වුහ. බුදුන් වහන්සේගේ පළමු අරහත් ශ්‍රාවකයෝ ඒ පස්නමය. බලන්න: උපග්‍රන්ථය:1. මූලාශ්‍ර: ධම්මචක්කපවත්තන සූත්‍රය, අනත්ත ලක්ඛණ සූත්‍රය, සංයු.නි (3) ඛන්ධසංයුත්ත:1.2.1.7 පංච වග්ගිය සූත්‍රය, වින.පි:මහාවග්ග:1: මහාඛන්ධක: 14 පංච වග්ගිය කථා, පි. 90.

▲ පංච විමුක්ති ආයතන- Five bases of deliverance: විමුක්තිය පිණිස- නිවන පිණිස හේතුවන ධර්මතා 5, පංච විමුක්ති ආයතන ලෙසින් පෙන්වා ඇත.මේවා ආධ්‍යත්මික මාර්ගය වර්ධනය කර ගැනීම පිණිස - විශේෂ නුවණින් (ඥාතපරිඥාවෙන් විශේෂයෙන් දතයුතු- අභිඥෙයිය ධර්ම වේ.බලන්න: අභිඥෙයිය ධර්ම. පංච විමුක්ති ආයතන: 1) පළමු ආයතනය: ගුරුවරයෙක් වෙතින් භික්ෂුවක් ධර්මය අසයි (ධර්ම ශ්‍රවනය). ඒ ධර්මයේ අරුත් හා ධර්ම කරුණු අවබෝධ කරගන්නා ඔහුට ප්‍රමෝදය ඇතිවේ. ප්‍රමෝදය නිසා ප්‍රීතිය හටගනී. සිත ප්‍රීතියට පත් වූවිට නාමකය සන්සිඳේ. කය සන්සිඳුවූ විට සිත සුව පත්වේ. සුවපත් සිත එකඟ බවට - සමාධියට පත්වේ. එලෙස ධර්ම ශ්‍රවණය මගින් සමාධිය ලබයි. (...තස‍්ස අත්‍ථපටිසංවෙදීනො ධම‍්ම පටිසංවෙදීනො පමුජ‍්ජං ජායති පමුදීතස‍්ස පීති ජායති, පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති පස‍්සද‍්ධකායො සුඛං වෙදෙති, සුඛිනොචිත‍්තං සමධියති). 2) දෙවෙනි ආයතනය: භික්ෂුව තමන් ඇසු පුරුදු පුහුණු කල ධර්මය, අන්‍යන්ට දේශනා කරයි-ධර්ම දේශනාව (ධම‍්මං විත්‍ථුාරෙන පරෙසං දෙසෙති). එසේ කරනවිට, ධර්මයේ අරුත් හා ධර්ම කරුණු අවබෝධ කරගන්නා ඔහුට ප්‍රමෝදය ඇතිවේ. ප්‍රමෝදය නිසා ප්‍රීතිය හටගනී. සිත ප්‍රීතියට පත් වූවිට නාමකය සන්සිඳේ. කය සන්සිඳුවූ විට සිත සුව පත්වේ. සුවපත් සිත එකඟ බවට - සමාධියට පත්වේ. එලෙස, ධර්මය දේශනා කිරීමෙන් සමාධිය ලබයි. 3) තෙවෙනි ආයතනය: භික්ෂුව තමන් ඇසු පුරුදු පුහුණු කල ධර්මය පුන පුනා සජ්ජායනා කරයි (සජ‍්ඣායං කරොති). එසේ කරනවිට, ධර්මයේ අරුත් හා ධර්ම කරුණු අවබෝධ කරගන්නා ඔහුට ප්‍රමෝදය ඇතිවේ. ප්‍රමෝදය නිසා ප්‍රීතිය හටගනී. සිත ප්‍රීතියට පත් වූවිට නාමකය සන්සිඳේ. කය සන්සිඳුවූ විට සිත සුව පත්වේ. සුවපත් සිත එකඟ බවට - සමාධියට පත්වේ. එලෙස, ධර්මය සජ්ජායනා කිරීමෙන් සමාධිය ලබයි. 4 ) සිව්වෙනි ආයතනය: භික්ෂුව තමන් ඇසු පුරුදු පුහුණු කල ධර්මය පුන පුනා ආවර්ජනය කරයි. මනසින් විමසා බලයි (මනසානුපෙක‍්ඛති). එසේ කරනවිට, ධර්මයේ අරුත් හා ධර්ම කරුණු අවබෝධ කරගන්නා ඔහුට ප්‍රමෝදය ඇතිවේ. ප්‍රමෝදය නිසා ප්‍රීතිය හටගනී. සිත ප්‍රීතියට පත් වූවිට නාමකය සන්සිඳේ. කය සන්සිඳුවූ විට සිත සුව පත්වේ. සුවපත් සිත එකඟ බවට - සමාධියට පත්වේ. එලෙස, ධර්මය ආවර්ජනා කිරීමෙන් සමාධිය ලබයි. 5) පස්වෙනි ආයතනය: භික්ෂුව තමන් පුරුදු පුහුණු කල එක්තරා සමාධියක් (කමටහනක්) පුන පුනා ප්‍රඥාවේන් මැනවින් විමසා බලයි. (සුප‍්පටිවිද‍්ධං පඤ‍්ඤාය). එසේ කරනවිට, ධර්මයේ අරුත් හා ධර්ම කරුණු අවබෝධ කරගන්නා ඔහුට ප්‍රමෝදය ඇතිවේ. ප්‍රමෝදය නිසා ප්‍රීතිය හටගනී. සිත ප්‍රීතියට පත් වූවිට නාමකය සන්සිඳේ. කය සන්සිඳුවූ විට සිත සුව පත්වේ. සුවපත් සිත එකඟ බවට - සමාධියට පත්වේ. එලෙස, ධර්මය ආවර්ජනා කිරීමෙන් සමාධිය ලබයි. මූලාශ්‍ර: දීඝ.නි : (3 ): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384, අංගු.නි: (3): 5 නිපාත: 5.1.3.6 විමුක්තිආයතන සූත්‍රය, පි. 54, EAN: 5: 26.6 Liberation, p. 243.

▲පංචසිඛ ගාන්ධර්ව පුත්‍ර-Pañcasikha, son of the gandhabbas: පංචසිඛ ගාන්ධර්ව-පන්සිළු, දිව්‍ය සංගීත ගායකයෙක් ලෙසින් විස්තර කරඇත. බලන්න: දේවලෝක: ගාන්ධර්ව දේව නිකාය. මෙතුමා, බුදුන් වහන්සේ හමුව, පිරිනිවන පිලිබඳ ඇසු ප්‍රශ්න මෙහිදී විස්තර කර ඇත. මූලාශ්‍රය: සංයු.නි: (4) සළායතනවග්ග: වේදනාසංයුත්ත: 1.12.6 පංචසිඛප්ඤහ සූත්‍රය, පි.240.

▼ පංචසිඛ ගාන්ධර්ව පුත්‍ර බුදුන් වහන්සේ බැහැදැක තව්තිසා දෙව් සභයේදී ,බුදුගුණ වැනිම, බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන්, මරණින් මතු දෙව්ලොව පහළවීම පිලිබඳ විස්තර, සක්දෙවිඳු බුදු ගුණ වැනිම ආදී විස්තර මෙහි දක්වා ඇත. මූලාශ්‍රය:දීඝ.නි: (2) 6 මහා ගෝවින්ද සූත්‍රය, පි.350.

▲ පංච සම්පදා- Pancha sampada: පංචසම්පදා- පංච සම්පත් ලෙසින් මෙහි පෙන්වා ඇත්තේ: ශ්‍රද්ධා, ශිල, ශ්‍රැත, ත්‍යාග හා ප්‍රඥාවය. මේවා ඉන්ද්‍රිය හා බල ධර්මතාය. බලන්න: පංචධන. මූලාශ්‍රය: අංගු.නි: (3) 5 නිපාත: මුන්ඩරාජවග්ග: 5.1.5.6 පංචසම්පදා සූත්‍රය, පි.104.

▲ පංචශිලය -Five precepts: බොදු ගිහියන් රකින සිල්පද පහ-පංච ශික්ෂාපද- පංචශිලය-පන්සිල්: 1 ප්‍රාණඝාතය නොකිරීම 2 සොරකම නොකිරීම 3 කාමයෙහි වරදවා නොහැසිරීම 4 බොරුනොකීම 5 අප්‍රමාදය ඇතිකරන රහමෙර ගැනීමෙන් වැලකීමය. සටහන්: සංයු.නි: (2): නිදානවග්ග: ධාතුසංයුත්ත:2.3.3 පන්චසිඛපද සූත්‍රයේ: පන්සිල් පද රකින අය එකිනෙකා හා සැසදෙනබව පෙන්වා ඇත.** සංයු.නි (4): සළායතනවග්ග: මතුගාමසංයුත්ත:3.2.11. පංචශිල සූත්‍රය: පන්සිල් රැකීමෙන් ස්වර්ගයේ උපත ලබන බව පෙන්වා ඇත.

▼ පන්සිල් වැඩීමෙන් -පස්පව් ප්‍රහිනය කිරීම නිසා, පස් බිය හා එදිරිවාදිකම් 5 කින් මිදිය හැකිබව මේ සූත්‍රයේ පෙන්වා ඇත. එවිට, දුගතියක ඉපදීම නැතිකරගත හැකිවේ. බලන්න:පංච භය හා වෛර. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත, 10.2.5.2. භය සූත්‍රය,පි.354, EAN:10: 92.2. Enmity, p.533.

▼ පන්සිල් රැකීම නිසා සුගතියේ උපත ඇතිවන බව මෙහි පෙන්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (4) සළායතනවග්ග: මාතුගාමසංයුත්ත: 3.2.11 පංචශිල සූත්‍රය, පි. 490.

▲ පංච සේඛබල -Five trainee powers: පංච සේඛබල -පංච සෙඛ බලානි ලෙසින් පෙන්වා ඇත්තේ සේඛබල 5ය : 1) ශ්‍රද්ධාබලය 2) හිරිබලය 3) ඔත්තප්ප බලය 4) වීරියබලය 5) ප්‍රඥාබලය. බලන්න: සේඛ හා අසේඛ. සටහන: මෙහිදී සේඛ ලෙසින් පෙන්වා ඇත්තේ සෝතාපන්න සිට අරහත්මග ලැබූ ආරියපුද්ගලයන්ය. මූලාශ්‍ර: අංගු.නි : (3 ): 5 නිපාත: 5.1.1.1. හා 5.1.1.2 සූත්‍ර, පි. 24, EAN:5: The Trainee’s Powers- 1.1.In Brief, p. 238.

▲ පංචස්කන්ධය-Five aggregates: පංචස්කන්ධය නම් කෙලෙස් රහිත රූප, වේදනා, සංඥා, සංඛාර හා විඥානය යන ස්කන්ධ 5 ය. මේවා උපාදාන රහිත නිසා පංචස්කන්ධය ලෙසින් පෙන්වා ඇත. රහතුන් දරන්නේ මේ ස්කන්ධ පහය. බලන්න: රහතන්වහන්සේ.

පච

▲ පචලායමානං නිසින‍්නං -Pachalayamanan nisinna: මෙයින් පෙන්වා ඇත්තේ, නිදිබරව සිටීමය. භාවනාවේ යෙදී සිටින විට නිදිමත ඇතිවේ නම්, ආලෝක සංඥාව මෙනෙහි කිරීමෙන් නිදිමත පහවේ. බලන්න: ආලෝක සංඥාව.

▲ පච‍්චෙකබුද‍්ධ (පාලි): පසේබුදු-Paccekabuddha: ස්වකිය උත්සාහයෙන් සම්බෝධිය ලබාගෙන උතුම් විමුක්තිය සාක්ෂාත් කරගත් මුණිවරයා පච්චේකබුදුන් වහන්සේය- පසේබුදුවරයාය. සම්මා සම්බුදු හා පසේබුදු අතර ඇති වෙනස: පසේබුදුන් හට සසරදුක නිමාකරගැනීම පිණිස දහම් දෙසීමට හා බුදුසසුන පිහිටුවීමට හැකියාව නොමැත. බුදුසසුන ලෝකයේ නොපවතින කාලයන්හි පසේබුදුවරයන් ලෝකයේ පහළවේ. සටහන්: * විස්තර පිණිස බලන්න: ඛු.නි: අපදාන: පච්චේක බුද්ධ අපදානය.** පසේබුදුවරයා, දසආරිය පුද්ගලයන් ගෙන් එක් උතුමෙකි. බලන්න: ආහුනෙය්‍ය පුග්ගල, උත්තම දස පුද්ගලයෝ. ** පසේබුදුවරු, ඉසිවරුන්ය. බලන්න: ඉසිවරු.ශබ්දකෝෂ: පාසිශ: පි.350: ‘පචෙචක-වෙනම, පසේ බුදුරජ, පචෙචකමුණි’. BD: p. 225: “pacceka-buddha: an ‘Independently Enlightened One; or separately Enlightened One…comprehends the truth independent of any teacher, by his own effort”. PTS: p.1112: “pacceka-buddha who attain to complete enlightenment, but do not preach the way of deliverance to the world”.

▼ පන්සියක් පසේබුදුහු බොහෝකලක් ඉසිගිලි පව්වේ වාසයකල බව බුදුන්වහන්සේ සංඝයාට වදාළහ. “...එම උතුමෝ, භව තණ්හාව අවසන් කළෝය, මහා ආනුභාව ඇත්තෝය. එම පසේබුදුන් 500ක් දෙනා වහන්සේ ඇතුළු සියලු පසේබුදුවරු සියලු කෙලෙස් නිමවා (භවය ක්‍ෂය කර) ස්කන්ධ පරිනිර්වානයෙන් පිරිනිවන්පෑහ. මහා ආනුභාව ඇති ඒ මහා ඉසිවරුන්ට නමස්කාර කරන්න”: “ එතෙ ච අඤෙඤ ච මහානුභාවා - පච‍්චෙකබුද‍්ධා භවනෙත‍්තිඛීණා තෙ සබ‍්බසඞගාතිගතෙ මහෙසි- පරිනිබ‍්බුතෙ වන්‍දථ අපපමෙය්‍යො’ති”. සටහන: 500ක් පසේබුදු වරුන්ගේ නම් සුත්‍රයේ පෙන්වා ඇත. මූලාශ්‍ර: ම.නි: (3 ): 3.2.6 ඉසිගිලි සූත්‍රය, පි. 222, EMN:116 Isigili Sutta, p. 847.

▼ බුදුවරු දෙදෙනෙකු පිළිබඳව බුදුන්වහන්සේ වදාළහ:එනම්: තථාගත අරහත් සම්මා සම්බුද්ධයන් වහන්සේ හා පසේබුදුන් වහන්සේ ය. මූලාශ්‍ර: අංගු.නි: (1):2 නිපාත: පුග්ගල වග්ග: 2.2.6.5 සූත්‍රය,පි.184, EAN:2: People: 56.5,p. 66. සටහන: බලන්න: EAN: note : 292, p. 595: පුග්ගල ප්‍රඥාප්තියේ පසේබුදුන්වහන්සේ පිලිබඳ මෙසේ දක්වා ඇත: “Paccekabuddha is defined at Pp 14,16–20 , as ‘a person who, in regard to things not heard before, awakens to the [four noble] truths by himself but does not attain all-knowledge regarding them or mastery over the powers” (ekacco puggalo pubbe ananussutesu dhammesu sāmaṃ saccāni abhisambujjhati; na ca tattha sabbaññutaṃ pāpuṇāti, na ca balesu vasībhāvaṃ, ayaṃ vuccati puggalo paccekabuddho)

▼ පසේබුදුවරු සිහිකර ස්තුප පුජා කිරීම සුදුසුය: පසේබුදුවරු සිහිකොට ථූප-ස්තුප සකස්කර පුදපුජා ගරුකිරීම සුදුසුයයි බුදුන් වහන්සේ වදාළහ. එම ස්තුප දැක වැඳ නමස්කාර කරන සැදැහැතියන්ගේ සිත් ශාන්තවේ, මරණින් මතු සුගතියේ- දේවලෝකයේ යළි උපත ලැබීමට හේතු වාසනා ඇත. “කිඤ‍්චානන්‍ද අත්‍ථවසං පටිච‍්ච පච‍්චෙකසම‍්බුද‍්ධො ථූපාරහො? අයං තස‍්ස භගවතො පච‍්චෙකසම‍්බුද‍්ධස‍්ස ථූපොති...බහුජනා චිත‍්තං පසාදෙනති. තෙ තත්‍ථ චිත‍්තං පසාදෙත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උප‍්පජ‍්ජන‍්ති”. මූලාශ්‍ර: දීඝ.නි: (2): 3 මහා පරිනිබ්බාන සූත්‍රය -ඡෙදය 97, පි.125, EDN 16:Mahāparinibbāna Sutta, p.171.

▼ වෙනත් මුලාශ්‍ර: 1 “The Paccekabuddha is an important figure in the Buddhist tradition who exemplifies the ascetic and introspective tendencies of the Buddhist and pre-Buddhist Indian heritage. Most of the textual references—canonical as well as commentarial—concerned with the Paccekabuddha relate the popular stories which describe the individual Paccekabodhisatta’s search for enlightenment, rather than elaborate on the doctrinal aspects of the phenomenon of the solitary enlightened one”: “The Paccekabuddha: A Buddhist Ascetic”- A study of the concept of the Paccekabuddha in Pali and Commentarial Literature by Ria Kloppenborg-Wheel 305-307, BPS, 2006.

▲ පච්චේක බ්‍රහ්ම- Pacceka Brhma: බ්‍රහ්මලෝකයේ පහළවන බ්‍රහ්ම කොට්ඨාශයක් පච්චේක බ්‍රහ්ම- independent brahmā , ලෙසින් හඳුන්වයි. තුදු බ්‍රහ්ම, සුබ්‍රහ්ම, සුද්ධාවාසබ්‍රහ්ම, පච්චේක බ්‍රහ්මයන් ලෙසින් පෙන්වා ඇත. බලන්න: තුදු බ්‍රහ්මරාජ. සටහන: සුබ්‍රහ්ම, සුද්ධාවාසබ්‍රහ්ම රජුන්, බුදුන් වහන්සේ බැහැදැකීමට පැමිණීම, සංයු.නි: (1) සගාථවග්ග: බ්‍රහ්මසංයුත්ත: 6.1.6 පමාද සූත්‍රය හා 6.1.7 කෝකාලික සුත්‍රයේ (පි.290) විස්තර කර ඇත.

▲ පච්චත්තං වේදිතබ්බො විඤඤුහීති -to be personally experienced by the wise: මෙය ධර්ම ගුණයකි. ධර්මය දන්නා නුවණැති පුද්ගලයා, තමාගේ ධර්ම වර්ධනය, ඵල තමන් විසින්ම අවබෝධ කරගන්නා බව මින් අදහස් කරයි. බලන්න: ධම්ම ගුණ

▲ පච්චනීකසාත බ්‍රාහ්මණ- Brahamin Pacchanikasatha:බලන්න: උපග්‍රන්ථය:3

▲ පච්චවෙක්ඛණ ඤාණය-Pacchavekkhana Nana: පච්චවෙක්ඛණ ඤාණය-ප්‍රත්‍යවෙක්ෂණ නුවණ ලෙසින් පෙන්වා ඇත්තේ සියලු කෙළෙස් පහකර නිවන සාක්ෂාත් කරගත්බව දන්නා අවබෝධයය. මෙහිදී පෙන්වා ඇත්තේ බුදුන් වහන්සේ, තමන්ගේ ප්‍රහීණයවූ ලාමක අකුසල පිලිබඳව ප්‍රත්‍යවෙක්ෂණය කරමින් වැඩසිටි බවය. සටහන: බලන්න:ඛු.නි: පටිසම්භිදා 1:මහාවග්ග:ඤාණකතා:14 පච්චවෙක්ඛණ ඤාණය, පි.160. මූලාශ්‍ර:ඛු.නි: උදානපාලි:6.3 ප්‍රත්‍යවෙක්ෂණ සූත්‍රය, පි. 286.

▲ පච්චාසමණ-Attendant monk: පච්චාසමණ යනු, භික්ෂුව, උවැටන් පිණිස තමන් සමග කැටුව යන අතවැසි මහණය. උවැටන් පිණිස පත්කරගත යුතු හා පත් නොකර ගත යුතු මහණ පිලිබඳ ගුණ-අවගුණ මේ සූත්‍රයේ විස්තර කර ඇත. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත:5.3.2.2. පච්චාසමණ සූත්‍රය,පි.242, EAN:5: II: 112.2 An attendant monk, p.276.

▲ පච්චොරොහණි- Paccorohaṇī: බමුණු කුලයේ පැරණි ව්‍රතයක් වූ පච්චොරොහණි උත්සවය බුදුන් වහන්සේ වැඩසිටි සමයේ දී ඉන්දියාවේ පැවතිනි. ඒ පිළිබඳව ජානුසෝනි බමුණා හා සාකච්ඡාවක යෙදුන බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ ආරියවිනයේ පච්චොරොහණි ක්‍රමය, බමුණු ක්‍රමයට වඩා වෙනස් බවය.

▼ ආරිය විනයේ පච්චොරොහණි පිළිවෙත:1. “මේ සසුනේ ආරිය ශ්‍රාවකයා නුවණින් සලකා බලා පරපන වැනසීමේ ආදීනව- මේ ජීවිතයේදී හා මතුජීවිතයේදී අයහපත් විපාක ගෙනෙදෙනබව අවබෝධ කර එම අකුසලය හැරදමයි... (එලෙස සියලු තුන්දොරින් සිදුවන අකුසල් හැර දමයි). 2. “මේ සසුනේ... නුවණින් සලකා බලා මිථ්‍යා දිට්ඨිය ගැනීමෙන් මේ ජීවිතයේදී හා මතු ජීවිතයේදී ඇතිවන අයහපත් විපාක අවබෝධ කර මිථ්‍යා දිට්ඨිය අත හරියි ( එලෙස, මිථ්‍යා මග ගැනීමෙන් සිදුවන අයහපත් කර්ම විපාක දන දැක එම මග හැරදමා සම්මාදිට්ඨිය ඇතුළු දස අංග පුරුදු කරයි) සටහන්: * ආරිය විනයේ පච්චොරොහණි දෙආකාරය. ** දේසනාව අසා සතුටුවූ ජානුස්සෝනි බමුණා තෙරුවන් සරණ ගිය උපාසකයෙක් විය. ** පසුව, බුදුන් වහන්සේ, සංඝයාට ද එම පිළිවෙත වදාළහ. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: 10.3.2.7. පඨමපචෙචාරොහණි සූත්‍රය, පි. 452 හා 10.3.2.8 දුතිය පචෙචාරොහණි සූත්‍රය, පි.457 හා 10.4.2.1 බ්‍රාහ්මණ පචෙචාරොහණි සූත්‍රය,පි. 484 හා 10.4.2.2. අරිය පචෙචාරොහණි සූත්‍රය, EAN:10: 119.7 Paccorohaṇī -1 and 120.8. Paccorohaṇī -2, p. 546 and 167.1 and 168.2, p. 549.

▲ පච්චිම ජනතාව- Future generation-Pachchima janatha: පච්චිම ජනතාව-පශ්චිමජනතා ලෙසින් මෙහි පෙන්වා ඇත්තේ, බුදුන් වහන්සේගේ පරිනිබ්බනයෙන් පසු උපත ලබන මිනිසුන් ගැනය. අනාගත ජනතාවට, අනුකම්පාව පිනිස, තමන්වහන්සේ වනසේනාසන යන්හි වාසය කරණ බව බුදුන් වහන්සේ වදාළහ: බලන්න: ආරඤඤ සේනාසන. මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත: 2.1.3.10 සූත්‍රය, පි. 157, EAN: 2: 30.10 Sutta, p.60.

▲ පාචීනනින්න - Towards east: පාචීනනින්න යනු නැගෙනහිරට- පෙර දිගට නැමුණ බවය. ගංගානම් නදිය නැගෙනහිරට බරව ගලායයි. ඒ උපමාව යොදගෙන පෙන්වා ඇත්තේ, ආරියඅටමග වඩන පුද්ගලයා., නිවන දෙසට බරවී, නැඹුරුවී සිටින බවය. බලන්න: උපග්‍රන්ථය:5 මූලාශ්‍රය:සංයු.නි: (5-1) මහාවග්ග:මග්ගසංයුත්ත: පාචීනනින්න සූත්‍ර, පි.102.

පජ

▲ පජ්ජාභුමි බ්‍රාහ්මණ- Pajjabhumi Brahamin: බුදුන් වහන්සේ වැඩසිටි සමයේ විසු මේ බ්‍රාහ්මණයන්, මළවුන් වෙතට පැමිණ, ඔවුන් සුගතියට යැවීමට මන්ත්‍ර කියන බව මෙහි දක්වා ඇත. එහත්, ඔවුන්ගේ ක්‍රියාව නිෂ්ඵලය. මෙය මිථ්‍යාදිට්ඨියකි. බලන්න: සුගතිය, පැරණි චාරිත්‍ර මූලාශ්‍රය: සංයු.නි: (4) සළායතනවග්ග:ගාමිණිසංයුත්ත:8.1.6 අසිබන්ධක සූත්‍රය, පි.592.

▲ පජ්ජතෝ- Bright lights: ඉතා දීප්තිමත් බබලන ආලෝකය පජ්ජතෝ-පභා ලෙසින් පෙන්වා ඇත. ලෝකයේ දීප්තිමත් එළි 4ක් ඇතිබව මෙහිදී පෙන්වා ඇත: 1) හිරුගේ ආලෝකය 2) සඳුගේ ආලෝකය3) ගින්නෙන් හටගන්නා ආලෝකය 4) සර්වඥයන් ගේ ආලෝකය. ඒ ආලෝක අතුරින්, උත්තරීතර ආලෝකය (නිරුත්තර ආලෝකය) ලබාදෙන්නේ සර්වඥයන් වහන්සේය.(He is the light unsurpassed) බලන්න: අභා, ප්‍රභා, ආලෝකය.

මූලාශ්‍රය: සංයු.නි: (1) සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.3.6 පජ්ජතෝ සූත්‍රය, පි. 54.

▲ පජ්ජුන දේවතා-Pajjunna Deva: පජ්ජුන දේවතා ලෙසින් පෙන්වා ඇත්තේ වැස්ස වලාහක දෙවියන්ය. පජ්ජුන දෙවියෝ හා ඔහුගේ දියණියන් දෙදෙනා: කොකනදා දේවතාවිය හා චුල කොකනදා දේවතාවිය, බුදුන් වහන්සේ සරණ ගිය, දහම මැනවින් අවබෝධ කළ දෙවිවරු බව මේ සූත්‍ර වල පෙන්වා ඇත. සටහන: අටුවාවට අනුව පජ්ජුන දෙවියෝ, චාතුර්මහාරාජික දේවලෝකයට අයත්වේ. ESN: note: 90: p. 515. බලන්න: වලාහක දේව නිකාය. මූලාශ්‍ර: සංයු.නි: (1)සගාථවග්ග: දේවතාසංයුත්ත:1.4.9 හා 1.4.10 පජ්ජුන්ත ධිතු සූත්‍ර,පි. 78, ESN:1: Devathasamyutta:IV: 39.9 & 40.10 Pajjunna’s Daughters,p.113.

▲ පුජනිය ස්ථාන- Holy places: බෞද්ධයන්ගේ පුජනිය ස්ථාන ලෙසින් සූත්‍ර දේශනාවල පෙන්වා ඇත්තේ, ශ්‍රද්ධාවෙන් දැකිය යුතු සිව් ස්ථාන ගැනය. 1) බෝසතුන් උපන් ස්ථානය 2) බුදුන් වහන්සේ සම්මා සම්බෝධිය ලැබූ ස්ථානය 3) පළමු ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය 4) පරිනිබ්බානය සිදුවූ ස්ථානය. බලන්න: ශ්‍රද්ධාවෙන් දැකිය යුතු සිව් ස්ථාන. සටහන්: අපගේ බුදුන් වහන්සේගේ ධාතු තැන්පත් කර ඉදි කර ඇති ස්තුප, රහතුන්ගේ ධාතු නිදන් කර ඇති ස්තුප ආදියද, බෞද්ධයන්, පුදපුජා පවත්වන ස්ථාන යන්ය. බලන්න: ස්තුප.

▲ ප්‍රජාපති ගෝතමිය-Prajapathi Gothami: බලන්න: මහාප්‍රජාපති ගෝතමිය.

පඤ

▲ පඤචත්තය- five and three: පඤචත්තය ලෙසින් පෙන්වා ඇත්තේ ලෝකයාතුල ඇති දිට්ඨි පහක්, ආකාර තුනකින් බැලීම ගැනය. 1) ආත්මය සංඥා සමන්විතය, මරණින් මතු නිත්‍ය වේ (The self is percipient and unimpaired after death). 2) ආත්මය සංඥා සමන්විතනොවේ, මරණින් මතු නිත්‍ය වේ (The self is non-percipient and unimpaired after death). 3) ආත්මය නේවසංඥා නසංඥාවේ, මරණින් මතු නිත්‍ය වේ (The self is neither percipient nor non-percipient and unimpaired after death) 4) විද්‍යමාන ආත්මයක් මරණින් මතු උච්චේදයට - සහමුලාඝාතනයට, විනාශයට, සහමුලින්ම නැතිවීමට පත්වේ- (they describe the annihilation, destruction, and extermination of an existing being at death) 5) සමහරු, මේ ජීවිතයේදීම නිවන ලබාගැනීම ගැන කියයි (some assert Nibbāna here and now). ඒවාගැන බලන තුන් ආකාරය: i) ඔවුන් විද්‍යාමාන ආත්මයක් මරණින් මතු නිත්‍ය යයි හෝ ii) විද්‍යාමාන ආත්මයක් මරණින් මතු උච්චේදයට, විනාශයට, සහමුලින්ම නැතිවීමට පත්වේ ය හෝ iii) නිවන මේ ජීවිතයේදීම ලබාගැනීම ගැන පවසයි. එලෙස, එම දිට්ඨි පහ, තුනක් බවට පත්වේ, එසේම, ඒ මත තුන, පහක් වේ. මූලාශ්‍ර: ම.නි: (3) 3.1.2 පඤචත්තය සූත්‍රය, පි.46, EMN:102: The Five and Three,p.758.

▲ පඤචඬගවිපපහීනො (පාලි): පංචඅංග ප්‍රහීණය- abandonment of five factors: පංච අංග ප්‍රහීණය ලෙසින් පෙන්වා ඇත්තේ පංචනීවරණ දුරුකරගැනීමය. එය, ආරිය වාසස්ථාන ලැබීමට ගුණයකි. බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු පඤ‍්චඬගවිප‍්පහීනො හොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො කාමච‍්ඡාන්‍දො ... බ්‍යාපාදො... ථිනමිද‍්ධං... උදච‍්චකුක‍්කුච‍්චං...විචිකිච‍්ඡා පහීනා හොති, එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු පඤ‍්චඬගවිප‍්පහීනො හොති”. (how has a bhikkhu abandoned five factors? Here, a bhikkhu has abandoned sensual desire, ill will, dullness and drowsiness, restlessness and remorse, and doubt). බලන්න: පංච නීවරණ, ආරිය වාසස්ථාන. මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාත: 10.1.2.9 -10 ආරියවාස සූත්‍ර2කි. පි.82-84, EAN:10:19.9 & 20.10 Abodes of the Noble Ones, p. 498-499.

▲ පඤචඬග සමන‍්නාගතො (පාලි): පංච අංගයන්ගෙන් යුක්තවීම- Realization of five factors: පඤචඬග සමන‍්නාගතො යනු උසස් ධර්ම පුහුණුව සාක්ෂාත් කරගත් භික්ෂුව (රහතන්වහන්සේ) සතු පංච කුසල ධර්මතාය: අසෙඛ ශිලය, අසෙඛ සමාධිය, අසෙඛ ප්‍රඥාව, අසෙඛ විමුක්තිය, අසෙඛ විමුත්ති ඥානදර්ශනය. බලන්න:අසේඛ, රහතන්වහන්සේ. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: නාථ වග්ග: 10.1.2.2 පංචඅංග සූත්‍රය, පි.58, EAN: 10: Protector: 12.2 Five Factors, p. 495.

▲පඤඤාපරිචිත-well consolidated by wisdom: පඤඤාපරිචිත ලෙසින් පෙන්වා ඇත්තේ සිත මනාලෙසින් ප්‍රඥාවෙන් වර්ධනය වී ඇතිබවය.සිත වීතරාග, වීතදෝස, වීතමෝහයට පත්වීමෙන්-කෙළෙස් ප්‍රහිනයෙන්, අරහත්වය ලැබූ බව අවබෝධ වීමය. මූලාශ්‍ර:අංගු.නි: (5): 9 නිපාත: 9.1.3.5 පඤඤාපරිචිත සූත්‍රය,පි.472, EAN:9: 25.5 Wisdom,p.471.

පඥ

▲ ප්‍රඥාව: පාලි: පඤ‍්ඤා -wisdom: ප්‍රඥාව, නිපකො, නුවණ ලෙසින්ද හඳුන්වයි. ධර්මයේ ප්‍රඥාව නම් ආරිය සත්‍ය දැක, දුක නැතිකර ගැනීම පිළිබඳව ඇතිවන ආරිය නුවණ ය, සමුදය වය දැකීමේ නුවණය, ප්‍රඥාවන්තබවය. ආධ්‍යාත්මික මග පරිපුර්ණ කරගැනීමට ප්‍රඥාව අත්‍යඅවශ්‍ය අංගයකි. සියලු ධර්මතා-සබ්බේ ධම්මා ප්‍රඥාව උතුම් කොට ඇතයි බුදුන් වහන්සේ වදාළහ: “පඤ‍්ඤුත‍්තරා සබ‍්බෙ ධම‍්මා”. බලන්න: ප්‍රඥා ඉන්ද්‍රිය, ආරිය ප්‍රඥාව, සබ‍්බෙ ධම‍්මා.

▼ කෙනෙකුගේ ප්‍රඥාව පරිහානිය, සෙසු පරිහානිවලට: ධනය, ඥාතින් ...ආදියට වඩා අයහපත ගෙනෙදේ යයි මෙහි දක්වා ඇත. මූලාශ්‍රය: අංගු.නි: (1) 1 නිපාත: 18.6 සිට 18.9 සූත්‍ර.

▼ ප්‍රඥාව, ලෝකයේ ලබාගැනීමට දුර්ලභ ධර්මතාවයකි. ධර්මය මනා ලෙස ශ්‍රවණය නොකිරීම, නොදත් දේ ගැන ප්‍රශ්න නොකිරීම ප්‍රඥාව ඇතිකර ගැනීමට බාධාවකි. බලන්න: ඉෂ්ඨධම්ම. මූලාශ්‍රය: අංගු.නි: (6) 10 නිපාත:10.2.8.3 ඉෂ්ඨධම්ම සූත්‍රය, පි.270,EAN:10: 73.3 Wished for, p.522.ශබ්දකෝෂ: පා.සිං.ශ: පි.352: “පඤ‍්ඤා: ප්‍රඥාව, පැණ, නුවණ”. B.D: page, 122: “Paññā: Understanding, knowledge, wisdom…that intuitive knowledge which brings about the 4 stages of “Holiness’ and the realization of Nibbāna…”

▼ වෙනත් මුලාශ්‍ර: 1. ‘නිපකො’: ප්‍රඥාව ඇත්තේය. නෙපක්ක නම් ප්‍රඥාවෙන් යුක්ත වූයේ නිපක. සිංහල විසුද්ධිමග, 1 පරිච්ඡේදය, පි. 48. 2. ‘ප්‍රඥාව, සතර ධර්ම මගින් පෝෂණය කරගත යුතුය...’ ආර්ය්‍යවංශ ධර්ම පුස්තක මාලා 1-4, අංක 1 සප්තබෝජ්ජංගය- පි. 44, සම්පාදනය- මොරටුවේ සිරි සාසනවංශ තෙරුන්, 1948.

▼ බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ ප්‍රඥාවට සම ආලෝකයක් නොමැතිබවය. සටහන: අටුවාවට අනුව ප්‍රඥාව ඇතිවිට දසදහසක් ලෝක ධාතුව බැබලේ, ත්‍රිවිධ කාලයන් (අතීත, අනාගත, වර්තමාන) පිලිබඳ ඇති අඳුර (මෝහය) පහවේ. බලන්න:ESN: note 22, p. 502. මූලාශ්‍ර: සංයු.නි :(1): සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.2.3 නත්තිථිපුත්තසම සූත්‍රය, පි. 38, ESN:1: Devatasamyutta: 13.3 None Equal to That for a Son, p. 72.

▼ කායගතාසතිය වඩාගැනීමෙන්, විපුල කර ගැනීමෙන් ආධ්‍යාත්මික වර්ධනය පිණිස උපකාරීවන, විවිධ ප්‍රඥා- නුවණ ඇතිවේ. බලන්න: කායගතා සතියේ ප්‍රතිලාභ. මූලාශ්‍ර: අංගු.නි: (1 ): 1 නිපාත: කායගතාසති වග්ග: 1.16.7 සූත්‍ර, පි. 126, EAN:1: Mindfulness Directed to the Body, p.52.

▼ සතර ධර්මය-සිව්දහම ප්‍රඥාව ඇති කරයි: 1) සත්පුරුෂ සේවනය 2) සද්ධර්ම ශ්‍රවණය 3) යෝනිසෝමනසිකාරය 4) ධර්මයට අනුකුලව පිළිපැදීම (ධර්මානුධර්ම ප්‍රතිපදාව) ඇති පුද්ගලයා-සෝතාපන්න, විවිධ ප්‍රඥාවන් ලැබීමට සමත්වේ: ප්‍රඥා පටිලාභ, ප්‍රඥා වෘද්ධිය, ප්‍රඥා විපුලබව, මහා ප්‍රඥාව, පුථු ප්‍රඥාව, විපුල ප්‍රඥාව, ගම්භිර ප්‍රඥාව, අසාමන්ත ප්‍රඥාව, භූරි ප්‍රඥාව, ප්‍රඥා බහුලත්වය, සීඝ්‍ර ප්‍රඥාව, ලහුප්‍රඥාව, හාසුප්‍රඥාව, ජවන ප්‍රඥාව, තීක්ෂණ ප්‍රඥාව, නිබ්බේධික ප්‍රඥාව. මූලාශ්‍ර: සංයු.නි: (5-2 ):මහාවග්ග: සෝතාපන්න සංයුත්ත: 7: සප්පපඤ්ඤා වග්ග හා මහා පඤ්ඤාවග්ග සූත්‍ර, පි. 280, ESN:55: Sotapatthisamyutta, p. 2257.

▼ ආධ්‍යාත්මික මග සාක්ෂාත් කරගැනීමට උපකාරීවන ප්‍රඥාවෝ: 1) ජවන ප්‍රඥාව-swiftness of wisdom 2) නිබ්බේධික ප්‍රඥාව- penetrativeness of wisdom 3) මහා ප්‍රඥාව- greatness of wisdom 4) තීක්‍ෂණ ප්‍රඥාව- sharpness of wisdom 5) විපුල ප්‍රඥාව- vastness of wisdom6) ගම්භීර ප්‍රඥාව- depth of wisdom 7) අසාමන්ත ප්‍රඥාව- unsurpassed wisdom 8) පණ්ඩිත ප්‍රඥාව 9) පුථු ප්‍රඥාව- extensiveness of wisdom10) හාසු ප්‍රඥාව- joyousness of wisdom . මූලාශ්‍ර: ඛු.නි: පටිසම්භිදා මග්ගපකරණය 2-: ප්‍රඥාවග්ග: 3.1 ප්‍රඥා කථා, පි. 166.

▼ උසස් ධර්ම පුහුණුව ලබන භික්ෂුව (සේඛ) සතු සේඛබල පහ (පංච සෙඛ බලානි) අතුරින් එකක් ලෙස ප්‍රඥා බලය පෙන්වා ඇත. සේඛ සූත්‍රයේ ප්‍රඥාව මෙසේ පෙන්වා ඇත: “පඤ‍්ඤා ව හොති උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො අරියාය නිබ‍්බෙධිකාය දුක‍්ඛදක‍්ඛයගාමිනියා...” ආරිය නිබ්බේදය ඇති කරන, යහපත් ලෙසින්ම දුක කෙළෙවර කරගැනීම පිණිස පවතින, ඇතිවීම හා නැතිවීම දන්නා ප්‍රඥාව -සමුදය-වය ඔහු සතුය. (He is wise; he possesses wisdom regarding rise and disappearance that is noble and penetrative and leads to the complete destruction of suffering)

බලන්න: සේඛ හා අසේඛ, සප්ත සද්ධර්මය. සටහන්: * ප්‍රඥාව ආරක්ෂක ධර්මයක් යයි බුදුන් වහන්සේ වදාළහ බලන්න: නාථකරණ ධර්ම. ** සමුදය හා වය දැකීමේ නුවණ ආරිය ප්‍රඥාව යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත.බලන්න: ගිහිජීවිතය යහපත්ව ගතකිරීම. මූලාශ්‍ර: අංගු.නි (3): 5 නිපාතය: 5.1.1.1 හා 5.1.1.2. සේඛබල සන්ඬඛිත-විතථත සූත්‍ර, පි. 24, EAN:5: The Trainee’s Powers-1.1 & 2.2 p. 238, ම.නි. (2): 2.1.3 :සේඛ සූත්‍රය, පි. 44, MN 53: Sekha Sutta, p. 436.

▼ ප්‍රඥාව ඇතිව ජීවත්වීම ශ්‍රේෂ්ඨතම ජිවිතය යි බුදුන් වහන්සේ වදාළහ “පඤ‍්ඤාජිවිං ජිවිතමාහු සෙට‍්ඨන‍්ති” (One living by wisdom is best) සටහන: අටුවාවට අනුව: ප්‍රඥාවෙන් ජිවත්වන ගිහියා, පන්සිල් රකිමින්, නිතර දාන පුජාකරමින් දැහැමි ජිවිතයක් ගත කරයි. පැවිදි ජීවිතය ප්‍රඥාවෙන් ගත කරනවිට, ලැබෙන සිව්පසය පිලිබඳ යහපත් ලෙසින් ආවර්ජනා කරමින්, මැනවින් භාවනාව වඩමින්, විදසුන් නුවණ ඇතිකර, මාර්ග ඵල ලබාගනී. බලන්න: ESN: Note: 130, p. 520. මූලාශ්‍ර: අංගු.නි: ( 1): සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.8.3 විත්ත සූත්‍රය, පි. 104, ESN:1: Devatasmyutta: 1: 73.3. Treasure, p.155.

▲ ප්‍රඥාකථා-Panna katha: අනිච්චානු පස්සනාව, දුක්ඛානු පස්සනාව, පටිනිස්සග්ගානු පස්සනාව වර්ධනය කරගැනීමෙන් ඇතිවන ප්‍රඥා පිලිබඳ විස්තර ප්‍රඥා කථා ලෙසින් දක්වා ඇත. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදා 2: 3.1 ප්‍රඥාකථා, පි.166

▲ ප්‍රඥා ආලෝකය- Light of wisdom: ලෝකයේ ඇති දීප්තිමත් ආලෝක අතුරින්, ප්‍රඥා ආලෝකය (අවිද්‍යා අඳුර නැතිකරන), අග්‍ර යයි මෙහි දක්වා ඇත. බලන්න: අභා, ආලෝකය.

▲ ප්‍රඥා ඇස-Wisdom eye: ප්‍රඥා ඇස- පැනස, ලැබීමෙන් දුක කෙළවරවේ. බලන්න: චක්ඛු තුන.

▲ ප්‍රඥා ඉන්ද්‍රිය: පාලි: පඤ‍්ඤිනද්‍රියං-faculty of wisdom: ප්‍රඥා ඉන්ද්‍රිය, ආධ්‍යාත්මික ඉන්ද්‍රිය පහෙන් එකකි, මාර්ගයට විශේෂතාවයක් (විශේෂභාගි ධර්මයකි) ලබා දෙයි. බෝධි පාක්‍ෂික ධර්මතාවයකි.

▼ ප්‍රඥා ඉන්ද්‍රිය බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත: “කතමඤ‍්ච භික‍්ඛවෙ පඤ‍්ඤිනද්‍රියං: ඉධ භික‍්ඛවෙ, අරියසාවකො පඤ‍්ඤාවා හොති උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො, අරියාය නිබ‍්බෙධිකාය සම‍්මාදුක‍්ඛක‍්ඛය ගාමිනීයා. ඉදං වූච‍්චති පඤ‍්ඤිනද්‍රියං” ආරිය ශ්‍රාවකයාට, ප්‍රඥාව ඇත. ඔහු ආර්යවූ, පිරිසිඳ දකින්නාවූ, නුවණින්, ඇතිවීම හා නැතිවීම දකියි (සමුදය වය). එම නුවණ නිර්වේදයට සමත්වූ, මැනවින් දුකගෙවා දැමීමට හේතුවන ප්‍රඥාවය, ප්‍රඥා ඉන්ද්‍රිය ය. චතුරාර්ය සත්‍ය තුලින් ප්‍රඥා ඉන්ද්‍රිය දැකිය හැකිය. සටහන: එම ප්‍රඥාව නම් පංච උපාදානස්කන්ධ යේ ඇතිවීම හා නැතිවීම යහපත් ලෙසින් අවබෝධ කිරීමය. බලන්න: ESN: note: 195, p. 2412. මූලාශ්‍ර: සංයු: (5-1): මහාවග්ග: ඉන්ද්‍රියසංයුත්ත: 4.1.8 දට්ඨබ්බ සූත්‍රය හා 4.1.9. විභංග සූත්‍රය, පි. 377, ESN: Mahavagga: 48: Indriyasamyutta: 8.8 To be seen & 9.9 Analysis, p. 1933.

▼ ප්‍රඥා ඉන්ද්‍රිය ඇතිවීම ආරිය ඥානය ඇතිවීමය : ප්‍රඥා ඉන්ද්‍රිය ඇතිවීම සෙසු ඉන්ද්‍රිය සතරේ (ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි) ස්ථාවරබව ඇතිවීමට පදනමය. ආරිය ඥානය පහළවීම (ලෝකෝත්තර නුවණ) සමගම සෙසු ඉන්ද්‍රිය වර්ධනයට පත්වේ. සටහන: මේ පිලිබඳ දක්වා ඇති උපමාව: කූටය (මුදුන) සහිත වහලක් ඇති ගෙයක, මුදුන ස්ථාවර කරණ තෙක් පරාල ස්ථිර ලෙසින් රඳන්නේ නැත. මුදුන ස්ථාවරබවට පත්වූ විට පරාල ස්ථිර ලෙසින් පවතී.බලන්න: උපග්‍රන්ථය:5 මූලාශ්‍ර:සංයු.නි.(5-1) මහාවග්ග: ඉන්ද්‍රියසංයුත්ත:සුකරඛතවග්ග:4.6.2 මල්ලක සූත්‍රය, පි.428.

▲ ප්‍රඥාගති-quick grasp: ධර්මය ක්‍ෂණිකව අවබෝධ කිරීම ප්‍රඥාගති- ගතිමත්තාන ලෙසින් මෙහි පෙන්වා ඇත. මේ ගුණය ඇති, බුද්ධ ශ්‍රාවකයන් අතුරින් ආනන්ද තෙරුන් අග්‍රවේ. බලන්න: උපග්‍රන්ථය:1

▲ ප්‍රඥාගරුක පුද්ගල- Panna garuka pudgala: කෙනෙක්, ප්‍රඥාගරුකව, ප්‍රඥාඅධිපතිනම්, ඒ පුද්ගලයා ප්‍රඥාගරුක පුද්ගලයාය. බලන්න: ගරුපුද්ගල. මූලාශ්‍රය: අංගු.නි: (2) 4 නිපාත: 4.3.4.7 ගරුපුග්ගල සූත්‍රය, පි.286.

▲ ප්‍රඥා ධනය- Wealth of wisdom: ආරිය ශ්‍රාවකයා සතු නුවණ- දුක ඇතිවීම හා නැතිකිරීම, ප්‍රඥා ධනය ලෙසින් මෙහි පෙන්වා ඇත.බලන්න: ධනය.

▲ ප්‍රඥාපරිචිත- Pannaparicita: ප්‍රඥාපරිචිත ලෙසින් පෙන්වා ඇත්තේ, ප්‍රඥාව සහමුලින්ම වර්ධනයවී අරහත්වය ලැබීමය. මූලාශ්‍රය: අංගු.නි: (5) 9 නිපාත: 9.1.3.5 ප්‍රඥාපරිචිත සූත්‍රය, පි.472.

▲ ප්‍රඥා පටිලාභ: පාලි: පඤ‍්ඤාපටිලාභා- obtaining of wisdom: ආධ්‍යාත්මික මාර්ගය අනුගමනය කරනවිට, යම් ධර්මතා දියුණුවීම නිසා ඇතිවන ප්‍රඥාව, ප්‍රඥා පටිලාභය -ප්‍රඥා ප්‍රතිලාභයය. ප්‍රඥා ප්‍රතිලාභය නම් කවරෙක්ද යත්: සතර මාර්ග ඥානය, සතර ඵල ඥානය, සතරප්‍රතිසංවිධ ඥානය, සයඅභිඥා ඥානය, තෙසැත්තා නුවණ (73), සත්සැත්තා නුවණ (77), යන මේ ධර්මතා අවබෝධවීම, දියුණුවීම ප්‍රඥාව ලැබීමය: “... කතමො පඤ‍්ඤාපටිලාභා: චතුන‍්නං මග‍්ගඤාණානං චතුන‍්නං ඵලඤාණානං චතුන‍්නං පටිසම‍්භීදාඤාණානං ඡන‍්නං අභිඤ‍්ඤාඤාණානං තෙසත‍්තතීනං ඤාණානං සත‍්තසත‍්තතීනං ඤාණානං ලාභො පටිලාභො පත‍්ති සම‍්පත‍්ති ඵස‍්සනා සච‍්ඡිකිරියා උපසම‍්පදා පඤ‍්ඤාපටිලාභාය සංවත‍්තතනති අයං පඤ‍්ඤාපටිලාභො”.මූලාශ්‍ර:ඛු.නි: පටිසම්භිදා 2: ප්‍රඥාවග්ග: 3.1 ප්‍රඥා කථා, පි. 172.

▼ සතර ධර්මය ඇති පුද්ගලයාට-සෝතාපන්නහට ප්‍රඥා ප්‍රතිලාභය ඇත: “…ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ධම‍්මා භාවිතා බහුලීකතා පඤ‍්ඤාපටිලාභාය සංවත‍්තති”.(these four things, when developed and cultivated lead to the obtaining of wisdom). බලන්න: ප්‍රඥාව, සතර ධර්මය, සෝතාපන්න. මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග: සෝතාපන්න සංයුත්ත:සප්ප්‍රඥාවග්ග:11.6.9 පටිලාභ සූත්‍රය, පි. 278, ESN: 55: Sotapatthisamyutta: 59 .9 The Obtaining of Wisdom p. 2257

▼ කායගතා සතිය වැඩීම, විපුල කරගැනීම මගින් ප්‍රඥා ප්‍රතිලාභය වේ

(Mindfulness directed to the body...when developed and cultivated, leads to the great wisdom). මූලාශ්‍ර: අංගු.නි: (1 ): 1 නිපාත: කායගතාසති වග්ග සූත්‍ර, පි. 125 EAN:1: Mindfulness Directed to the Body, p.52

▲ ප්‍රඥා ප්‍රභේදය :පාලි: පඤ‍්ඤාපභෙදා- differentiation by wisdom ප්‍රඥා ප්‍රභේදය: ආධ්‍යාත්මික වර්ධනයේදී ලබන ප්‍රඥාවන්හි විශේෂණය, වෙනස්කොට දැක්වීමේ කුසලතාවය මෙයින් හැඟවේ. සටහන: “skilled in his own infinite distinctions, ‘having knowledge that has attained infinite differentiations” බලන්න: EAN:1: note :211, p. 591.

▼කායගතා සතිය යහපත් ලෙසින් වඩා ගැනීම, ප්‍රඥාප්‍රභේදය පිණිස පවතී. (පඤ‍්ඤාපභෙදාය සංවත‍්තති- leads to differentiation by wisdom). මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: කායගතාසති වග්ගසූත්‍ර, පි. 125 හා අමත වග්ගසූත්‍ර,පි.130, EAN:1: Mindfulness Directed to the Body,p.52 &The Deathless, p.53.

▲ ප්‍රඥා පරිහාණි-Decline of wisdom: ආරිය ප්‍රඥාව (දුක නැතිකිරීම අවබෝධ කිරීම- විදර්ශනා මාර්ග ප්‍රඥාව) නොමැතිවිම,ප්‍රඥාපරිහාණිය ලෙසින් පෙන්වා ඇත. එසේවීම ලෞකික, ලෝකෝත්තර සියලු සැපයෙන් පිරිහිමය. ඔවුන් දුගති ගාමිය. ආරිය ප්‍රඥාව ඇති පුද්ගලයා සුගති ගාමිය. මූලාශ්‍ර: ඛු.නි:ඉතිවුත්තක:2.2.4 ප්‍රඥාපරිහාණි සූත්‍රය, පි.392.

▲ ප්‍රඥාබලය- Power of wisdom: ප්‍රඥාබලය ලෙසින් මෙහි පෙන්වා ඇත්තේ, උදයත්තගාමිණි ප්‍රඥාව තිබීමය. බලන්න: උදයත්තගාමිණි ප්‍රඥාව

▲ ප්‍රඥා බහුලත්වය: පාලි: පඤ‍්ඤා- බාහුල‍්ලාය- abundance of wisdom කෙනකුට ආධ්‍යාත්මික මාර්ගය පිණිස ඇති ධර්මතා පිලිබඳ බොහෝවූ නුවණක් තිබීම ප්‍රඥා බහුලත්වයය. ප්‍රඥා බහුලත්වය: මේ සසුනේ කිසියම් කෙනෙක් ප්‍රඥාගරුකය, ප්‍රඥාචරිත ඇත, ප්‍රඥාශයවූහ, ප්‍රඥාධිමුක්ත වූහ, ප්‍රඥාව ධජය කරගෙන සිටි, ප්‍රඥාව කේතු කරගෙන ඇත, ප්‍රඥාව අධිපති කර ගෙන ඇත, ධර්මය විමසීම, විවිධ ධර්ම කරුණු විමසීම බහුල කරගෙන සිටි, ප්‍රඥාවෙන් ධර්මය බහුල ලෙස, යහපත්ලෙස ප්‍රකට කරයි, ධර්මය මනාකොට දන්නේය, විභූතවිහරණ ඇත. මෙය ප්‍රඥා බහුලත්වය වේ. මූලාශ්‍ර: ඛු.නි: පටිසම්භිදා2 : ප්‍රඥාවග්ග: 3.1 ප්‍රඥා කථා, පි.182.

▼ සතර ධර්මය ඇති පුද්ගලයාට ප්‍රඥාව බහුලත්වය ඇත. මේවා සෝතාපන්න අංගවේ. “…ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ධම‍්මා භාවිතා බහුලීකතා පඤ‍්ඤා- බාහුල‍්ලාය සංවත‍්තනතිති”.(these four things, when developed and cultivated lead to abundance of wisdom) බලන්න: ප්‍රඥාව, සතර ධර්මය. මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග: සෝතාපන්න සංයුත්ත:11.7.7 ප්‍රඥා බාහුල්ල සූත්‍රය, පි. 280, ESN: 55: Sotapatthisamyutta: 62.1 Greatness of Wisdom p. 2262.

▼ කායගතා සතිය වැඩීමෙන්, විපුල කරගැනීමෙන් ප්‍රඥා බහුලත්වය ඇතිවේ

(Mindfulness directed to the body...when developed and cultivated, leads to the abundance of wisdom )..මූලාශ්‍ර: අංගු.නි: (1 ): 1 නිපාත: කායගතාසති වග්ග සූත්‍ර, පි. 125 EAN:1: Mindfulness Directed to the Body,: p.52 .

▼ වෙනත් මුලාශ්‍ර:1. “යමෙක් ප්‍රඥාව අධිපති කොට සිටියේ ද, ඔහු ට ඇති නුවණ බාහුල්ලපඤ්ඤා නම් වේ” https://pitaka.lk/dhammapada/ss/katha-28.html.

▲ ප්‍රඥා වෘද්ධිය: පාලි: පඤ‍්ඤාවූද‍්ධියා-growth of wisdom:ආධ්‍යාත්මික මාර්ගයේ ගමන්කරන කෙනෙකුට ධර්මය යහපත් ලෙසින් අවබෝධවීම ප්‍රඥා වෘද්ධිය-ප්‍රඥාව වැඩීමය. ප්‍රඥා වෘද්ධිය: සප්ත සේඛයන්ගේ ද කල්‍යාන පෘථග්ජනයාගේ ද ප්‍රඥාව වැඩේ. රහතුන්ගේ ප්‍රඥාව වැඩි පරිපුර්ණව ඇත. මෙය ප්‍රඥාවෘද්ධිය නම්වේ: “... කතමො පඤ‍්ඤාවූද‍්ධි: සත‍්තන‍්නඤ‍්ච සෙඛානං පුථුජ‍්ජනකල්‍යාණකස‍්ස ච පඤ‍්ඤා වඩ‍්ඪති, අරහතො පඤ‍්ඤා වඩ‍්ඪිතවඩ‍්ඪනා පඤ‍්ඤාවූද‍්ධියා සංවත‍්තතනති අයං පඤ‍්ඤාවූද‍්ධි”. සටහන: සප්ත සේඛයන් යනු සෝතාපන්න සිට අරහත් මග ලැබූ, උසස් ධර්ම පුහුණුවේ යෙදෙන සේඛ භික්ෂුන්ය. ඔවුන් අරහත්බවට පත්වූවිට ප්‍රඥාව වැඩිම පරිපුර්ණව. බලන්න: සේඛ හා අසේඛ. මූලාශ්‍ර: ඛු.නි: පටිසම්භිදා 2: ප්‍රඥාවග්ග: 3.1 ප්‍රඥා කථා, පි. 172

▼ සතර ධර්මය ඇති පුද්ගලයාගේ (සෝතාපන්න) ප්‍රඥාව වැඩේ: “…ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ධම‍්මා භාවිතා බහුලීකතා පඤ‍්ඤාවූද‍්ධියා සංවත‍්තති” (these four things, when developed and cultivated lead to the growth of wisdom).බලන්න: ප්‍රඥාව, සතර ධර්මය. මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග: සෝතාපන්න සංයුත්ත: සප්ප්‍රඥවග්ග:11.6.10 වුඩ්ඩි සූත්‍රය, පි. 278, ESN: 55: Sotapatti samyutta: 60.10 The growth of wisdom, p. 2258, අංගු.නි: (2) 4 නිපාත: ප්‍රඥාවුද්ධි සූත්‍රය, පි.492.

▼ කායගතා සතිය වැඩීම, විපුල කරගැනීම ප්‍රඥාවේ වැඩීමට හේතුවේ. (Mindfulness directed to the body... when developed and cultivated, leads to the growth of wisdom).මූලාශ්‍ර: අංගු.නි: (1 ): 1 නිපාත: කායගතාසති වග්ග සූත්‍ර, පි. 125 EAN:1: Mindfulness Directed to the Body, p.52 .

▲ ප්‍රඥා විපුලබව: පාලි: පඤ‍්ඤාවෙපුල‍්ලාය- the expansion of wisdom ආධ්‍යාත්මික දියුණුව නිසා ධර්ම අවබෝධය, පළල්වීම මගින් ප්‍රඥාව විපුල බවට පත්වේ. ප්‍රඥා විපුලබව: සේඛයන් 7 දෙනාගේ ද කල්‍යාන පෘථග්ජනයාගේ ද ප්‍රඥාව විපුල බවට පත්වේ. රහතුන්ගේ ප්‍රඥා විපුලබව පරිපුර්ණය: “... කතමං පඤ‍්ඤාවෙපුල‍්ලං: සත‍්තන‍්නං සෙඛානං පුථුජ‍්ජනකල්‍යාණකස‍්ස ච පඤ‍්ඤා වෙපුල‍්ලං ගච‍්ඡති, අරහතො පඤ‍්ඤා වෙපුල‍්ලං ගතා, පඤ‍්ඤා වෙපුල‍්ලාය සංවත‍්තතනති ඉදං පඤ‍්ඤා වෙපුල‍්ලං” සටහන: සේඛයන් 7 යනු, සෝතාපන්න සිට අර්හත් මග ලැබූ, රහත්ඵලය පිණිස උසස් පුහුණුවේ යෙදන භික්ෂුන්ය. කල්‍යාන පෘථග්ජනයා යනු යහපත් ලෙසින් ධර්මය දන්නා පිරිසය. බලන්න: සේඛ හා අසේඛ. මූලාශ්‍ර: ඛු.නි: පටිසම්භිදා 2-: ප්‍රඥාවග්ග: 3.1 ප්‍රඥා කථා, පි. 172

▼ සතර ධර්මය ඇති සෝතාපන්න පුද්ගලයාගේ ප්‍රඥාව විපුල බවට පත්වේ: “…ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ධම‍්මා භාවිතා බහුලීකතා පඤ‍්ඤාවෙපුල‍්ලාය සංවත‍්තති”.(these four things, when developed and cultivated lead to the expansion of wisdom). බලන්න: ප්‍රඥාව, සතර ධර්මය. මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග: සෝතාපන්න සංයුත්ත: සප්ප්‍රඥාවග්ග: 11.6.11 වෙපුල්ල සූත්‍රය, පි. 278, ESN: 55: Sotapatthisamyutta: 61.11. The expansion of wisdom, p. 2259

▼ කායගතා සතිය වැඩීමෙන්, විපුල කරගැනීමෙන් ප්‍රඥාව විපුලබවට පත්වේ. (Mindfulness directed to the body...when developed and cultivated, leads to the expansion of wisdom). මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: කායගතාසති වග්ග සූත්‍ර, පි. 125 EAN:1: Mindfulness Directed to the Body, p.52.

▲ ප්‍රඥා විමුක්තිය: පාලි: පඤ‍්ඤාවිමුත‍්තිං - Deliverance through wisdom (paññā- vimutti): ධර්මයේ ප්‍රඥා විමුක්තිය -විමුත්තිය ලෙසින් පෙන්වා ඇත්තේ නුවණින්- ප්‍රඥාවෙන් ආරිය සත්‍ය අවබෝධ කර අවිද්‍යාවෙන් නිදහස්වීමය, විමුක්තිය ලැබීමය. ප්‍රඥා විමුක්තිය, අරහත්වය ලබන එක් ආකාරයකි. ප්‍රඥා විමුක්තිය ලැබූ උතුමා සත් ආරිය පුද්ගලයෙක්ය. බලන්න: සත් ආරිය පුද්ගලයෝ, විජ්ජා විමුක්තිය, සුවිමුත‍්තපඤ‍්ඤා. සටහන: ප්‍රඥා විමුක්තිය ලැබූ උතුමෙක් සතු ගුණ මෙහි විස්තර කර ඇත. බලන්න:අංගු.නි: (5) 9 නිපාත: 9.1.5.3 ප්‍රඥා විමුක්ති සූත්‍රය, පි. 560.

▼ ප්‍රඥා විමුක්තිය ඇතිකර ගැනීම: බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත: විදර්සනාව වැඩිම නිසා මාර්ග ප්‍රඥාව වැඩේ; මාර්ග ප්‍රඥාව වැඩිම නිසා අවිද්‍යාව ප්‍රහිණය වේ. (අවිද්‍යාව ඇතිවිට ප්‍රඥාව නොවැඩේ), එසේ අවිද්‍යාව ක්‍ෂය වීමෙන් (ඵලප්‍රඥාසංඛාත) ප්‍රඥා විමුක්තිය ඇතිවේ. “...විපස‍්සනා භික‍්ඛවෙ භාවිතා ... පඤ‍්ඤා භාවීයති... පඤ‍්ඤා භාවීතා... අවිජ‍්ජා සා පහීයති...ඉති ඛො භික‍්ඛවෙ, අවිජ‍්ජාවිරාගා පඤ‍්ඤාවිමුත‍්තීති”. ( When insight is developed, ...Wisdom is developed. When wisdom is developed, ... Ignorance is abandoned [wisdom defiled by ignorance is not developed] through the fading away of ignorance there is liberation by wisdom) බලන්න: සමථ හා විපස්සනාව මූලාශ්‍ර: අංගු.නි: ( 1 ): 2 නිපාත: 2.1.3.11 සූත්‍රය: පි.158, EAN: 2: 31.11 Sutta, p.60.

▲ප්‍රඥාසම්පන්න- Pannasampanna: ප්‍රඥාසම්පන්න ලෙසින් පෙන්වා ඇත්තේ උදයවය (ඇතිවීම නැතිවීම ) පිළිබදව පිරිසිඳ දැනගැනීමට හැකිබව, ආර්ය නිරෝධය දන්නා, දුක් ගෙවීමට කරුණු අවබෝධය කරගැනීමය. මෙය ගිහි උපාසකයෙක් තුල ඇති ගුණයකි. මූලාශ්‍රය: සංයු.නි: (5-2) මහාවග්ග: සෝතාපත්ති සංයුත්ත:පුඤඤාභිසන්දවග්ග: 11.4.7 මහානාම සූත්‍රය.

▲ප්‍රඥාවන්ත- Wise man: ප්‍රඥාවන්ත ලෙසින් මෙහි පෙන්වා ඇත්තේ සම්මා දිට්ඨිය ඇති තැනැත්තාය. සම්මා දිට්ඨිය ඇතිවිට අනු ක්‍රමයෙන්, සම්මා සමාධියද, සම්මා ඤානයද, සම්මා විමුත්තියද ඇතිකර ගැනීමට හැකිවේ.බලන්න: ආරියඅටමග. මූලාශ්‍ර: අංගු.නි: ( 6):10 නිපාත: සමණසඤ්ඤා වගග: 10.3.1.5. විජ්ජා සූත්‍රය, පි.412 හා 10.3.1.4. බීජ සූත්‍රය,පි.410, EAN:10: 104.4 A Seed & 104.5.True Knowledge, p. 541.

▲ ප්‍රඥාවන්තයාගෙ හැසිරීම -Conduct of the Wise man: ප්‍රඥාවන්තයා - නුවණැති පුද්ගලකු හැසිරිය යුතු ආකාරය මහාකච්චාන තෙරුන් මෙසේ පෙන්වා ඇත: 1) නුවණැති පුද්ගලයා ඇසු, දුටු සෑම දෙයක්ම අත් හරින්නේ නැහැ. එහෙත්, අත්හැරිය යුතු දේ තිබෙනවා: ඇස් ඇති නමුත් සමහර අවස්ථාවල- කෙලෙස් ඇතිකරන දෙයක් , වියවුල් ඇති කරන දෙයක් දකීන්නට ලැබෙනවානම්, අවස්ථාවට අනුව අන්ධයකු මෙන් හැසිරෙන්න. 2) එසේම කන් ඇසෙන නමුත් කෙලෙස් ඇතිකරන දෙයක් , වියවුල් ඇති කරන දෙයක් අසන්නට ලැබෙනවා නම් අවස්ථාවට අනුව බිහිරෙක් මෙන් හැසිරෙන්න. 3) එසේම ප්‍රඥාව ඇති නමුත් කෙලෙස් ඇතිකරන දෙයක් , වියවුල් ඇති කරන දෙයක් අන්අය කතා කරනවානම් අවස්ථාවට අනුව මෝඩයෙක් මෙන් හැසිරෙන්න. 4) එසේම, ශක්තිය තිබුනත්, කෙලෙස් ඇතිකරන දෙයක් , වියවුල් ඇති කරන දෙයක්නම්, අවස්ථාවට අනුව දුබලයෙක් මෙන් හැසිරෙන්න. 5) එසේම යම්කිසි ක්‍රියා මාර්ගයක් තුලින් තමන්ගේ මෙලොව හා පරලොව දියුණුව වැලකෙනවානම්, අවස්ථාවට අනුව මළ කෙනෙක් වගේ (ක්‍රියා විරහිතව) හැසිරෙන්න. මූලාශ්‍රය: ඛු.නි: ථෙර ගාථා, 8-1 මහා කච්ච්චායන 494-501, පි. 175.

පඬ

▲ පිඬුසිඟායෑම-Alms round: බුදුන් වහන්සේ වැඩසිටි කාලයේ මෙන්ම වර්තමානයේද සංඝයා, කයේ යැපීම පිණිස පිඬුසිඟායෑමේ යෙදේ. මෙය සංඝයාට කැප දෙයකි.බලන්න: පිණ්ඩපාත,විනය.

පට

▲ පටාචාරා තෙරණිය-Patachara Therani: බලන්න: උප ග්‍රන්ථය:2

▲ පාටලිය ගාමිණි-Pataliya Gamini: බලන්න: උප ග්‍රන්ථය:3

▲ පාටලීපුත්‍ර නුවර- Pataliputhra city: බුදුන් වහන්සේ වැඩසිටි සමයේ, මගධයේ පිහිටි පාටලීග්‍රාමය, පසුකල පාටලීපුත්‍ර නුවර ලෙසින් හඳුන්වා ඇත. මහා පරිනිබ්බාන සූත්‍රයට අනුව, මෙය, අජාසත් රජුගේ මගධ රාජධානියේ, ගංගානම් ගං ඉවුර අසබඩ පිහිටි මහා ගමකි. බුදුන් වහන්සේ අවසාන චාරිකාවේදී මේ ගමේ වැඩසිටියහ. මේ ගම, අනාගතයේදී, මහා නගරයක්බවට පත්වන බවද, ගින්න, ජලය හා අභ්‍යන්තර ආරවුල් මගින් ඒ නගරයට හානි පැමිණෙන බවද බුදුන් වහන්සේ වදාළහ. කුක්කුටා රාමය නම් අරණ්‍යය, පාටලිපුත්‍ර නුවර පිහිටි බුදුන් වහන්සේ හා සංඝයා වැඩසිටි ආරාමයකි. බලන්න: සංයු.නි: (5-1) මහාවග්ග: මග්ගසංයුත්ත: විහාරවග්ග: කුක්කුටාරාම සූත්‍ර. සටහන: * පාටලීගම් වැසියෝ, ආවාසයක් සදා බුදුන් වහන්සේට පුජා කලබව, ඛු.නි: උදානපලිය: 8.6. පාටලීගාමිය සූත්‍රයේ දක්වා ඇත. මේ සූත්‍රයේ දි, බුදුන් වහන්සේ ඒ ගම, මතුකළ ප්‍රසිද්ධ පාටලීපුත්‍ර නගරය වනබව වදාළහ. ** මේ නුවර පැළලුප් නුවර ලෙසින්ද පෙන්වා ඇත. ඉතිහාසයට අනුව පසුකල, මේ නගරය අශෝක අධිරාජයාගේ -මගධයේ, මහානුවර- පාටලීපුත්‍ර නගරය බවට පත්විය. වර්තමානයේදී, මෙය පැට්නා ලෙසින් හඳුන්වයි.

▲ පටිඝානුසය - paṭighānusayo: අනුසය ධර්මයකි, සිත යට ව්‍යාපාදය- තරහ නොනිවී තිබීමය, එමනිසා සසරදික්වේ. බලන්න: අනුසය.

▲ පටිඝ නිමිත්ත: පාලි: පටිඝනිමිත‍්තං- Paṭighanimitta- object of aversion -disagreeable mark: සිතට ආවේගයක්- තරහක් ඇති කරණ කරුණු - අරමුණු පටිඝ නිමිත්තය. උදා: තරහ, ක්‍රෝධය ආදී සිත කලඹවන කරුණුවේ. ශබ්දකෝෂ: පා.සි.ශ: පි.354: “පටිඝ: ප්‍රතිඝය, ක්‍රෝධය, ද්වේශය, හිංසනය”. B.D: p. 255: “pațigha: In an ethical sense, it means repugnance, grudge, resentment, anger…”. P.T.S: p.896: “pațigha: repulsion, repugnance, anger”.

▼ පටිඝ නිමිත්ත පිළිබඳව අයෝනිසෝමනසිකාරය කිරීම නිසා ව්‍යාපාදය- ක්‍රෝධය- තරහ ඇතිවේ, වැඩිවේ. මෛත්‍රීය වැඩීමෙන් පටිඝ නිමිත්ත ප්‍රහීණය කරගැනීමට හැකිවේ. බලන්න: නීවරණ, බ්‍රහ්මවිහාර, ආඝත පටිවිනය. මූලාශ්‍ර: අංගු.නි: (1):1 නිපාත: 1.2.2. නීවරණ ප්‍රහාණ වග්ග, පි. 44, EAN:1:Abandoning the hindrances, p. 36, සංයු.නි: (5-1):මහාවග්ග: බොජ්ඣංග සංයුත්ත, 2.6.1 ආහාර සූත්‍රය, පි. 230, ESN:46: Bojjhaṅgasaṃyutta: 51.1 Nutriment, p. 1788.

▲ පටිච්ඡන්න කම්ම හා අප්පටිච්ඡන්න කම්ම: පාලි: පටිච‍්ඡන‍්නකම‍්ම, අපටිච‍්ඡන‍්නකම‍්ම- concealed actions & unconcealed actions: පටිච්ඡන්න කම්ම යනු සඟවා- රහසේ කරන පාපී-අකුසල ක්‍රියාය. අප්පටිච්ඡන්න කම්ම යනු නොසඟවා කරන යහපත් කුසල ක්‍රියාය. කෙනෙක් පටිච්ඡන්න කම්මයක් කර ඒ ගැන අවබෝධවී තමා කල වැරැද්ද පවසා, සමාව ගෙන, ඒවා අත්හැර කුසල කම්ම කිරීමෙන්, පෙර කල අයහපත් කර්මයේ අකුසල විපාක තුනී කර ගත හැකිවේ. බලන්න: EAN: note: 244, p. 593. පටිච්ඡන්න කම්ම කරන පුද්ගලයන් මරණින් මතු නිරයේ හෝ තිරිසන් ලෝකයේ යලි උපත ලබන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. අප්පටිච්ඡන්න කම්ම කරන පුද්ගලයන් මරණින් මතු දේවලෝකයේ පහලවේ, නැත්නම් මිනිස් ලොව යලි උපත ලබයි. බලන්න: සුගතිය හා දුගතිය. මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත: 2.1.3.6 සූත්‍රය, පි. 154 , EAN: 2: 26.6 Sutta, p.60.

▲ පටිපත්ති අන්තරධාන- Disappearing of Dhamma practice:පටිපත්ති අන්තරධාන, ලෙසින් පෙන්වා ඇත්තේ, ධර්ම පුහුණුව අතුරුදහන්වීමය. බලන්න: ධර්මය අතුරුදහන්වීම.

▲පටිපදාව-The practice: ධර්මය අනුගමනය කිරීමේ පටිපදාව-පටිපත්ති, පිළිවෙත දෙකක් ලෙසින් පෙන්වා ඇත. එනම් සම්මා දිට්ඨිය ඇතුළු දසඅංග අනුගමනය කර සම්මා විමුක්තිය ලැබීම. 2)සම්මාප්‍රතිපදාව ලෙසින් දක්වා ඇති පටිච්චසමුප්පාද ක්‍රියාවලිය අවබෝධ කර දුකින් මිදීම. මේවා ධර්මය අනුගමනය කිරීමට සුදුසු නිවැරදි ක්‍රමවේ, එමගින් දුකින් මිදීමට හැකිවේ.

මිථ්‍යාදිට්ඨිය -මිථ්‍යා විමුක්තිය අනුගමනය, වැරදිමගට ගෙනයයි. එසේම, පටිච්චසමුප්පාද ක්‍රියාවලිය අනුගමනය කිරීම මිථ්‍යා ප්‍රතිපදාවවේ. මේවා නිසා සසර දික්වේ. සටහන: වෙනත් පටිපදා පිළිබඳව බලන්න:අංගු.නි: (2) 4 නිපාත: පටිපදාවග්ග:සතර ප්‍රතිපදා. මූලාශ්‍ර: සංයු.නි: (2) නිදාන වග්ග: අභිසමයසංයුත්ත:1.1.3 පටිපදා සූත්‍ර, සංයු.නි: (5-1): මහාවග්ග: මග්ගසංයුත්ත:1.3.3. පටිපදා සූත්‍ර 2, පි.58.

▲ පටිපදා විධි දෙක-2 modes of practice: ලෝකයා අනුගමනය කරන පටිපදා 2 කි: 1) මිථ්‍යාපටිපදාව- වැරදි පිළිවෙත එනම් අනාරිය අටමග 2) සම්මා පටිපදාව- නිවැරදි පිළිවෙත, එනම් ආරියඅටමග. මූලාශ්‍රය: සංයු.නි: (5-1) මහාවග්ග: මග්ගසංයුත්ත: 1.3.3. පටිපදා සූත්‍රය, පි. 58

▲ පටිපදා විධි තුන-Three modes of practice: ලෝකයා තුල ඇති මත, වාද, දිට්ඨි ආදිය, පටිපදා -ප්‍රතිපදා විධි තුන ලෙසින් පෙන්වා ඇත: 1) ආගාඪ ප්‍රතිපත්තිය (රළු-The coarse way of practice): මේ මතය දරන අය, කම්සුව විඳීම වැරදි නොවේ යයි සිතයි, කම් සුවයේ ගැලී සිටි (කාමසුඛල්ලිකානු යෝගය). 2) පරිතප්ත ප්‍රතිපත්තිය (අන්ත- the blistering way of practice): මේ මතය දරන අය- කායික වධ හිංසා පමුණුවා ගනී, (අත්තකිලමතානු යෝගය) , විවිධ ව්‍රත පුරුදු කරයි. 3) මධ්‍යම ප්‍රතිපත්තිය (the middle way of practice): සතර සති පට්ඨානය වැඩිම, සම්මා පධාන විරිය වැඩිම, සතර ඉද්දිපාද වැඩිම, ආධ්‍යාත්මික පංච ඉන්ද්‍රිය වැඩිම, ආධ්‍යාත්මික පංච බල වැඩිම, බොජ්ඣංග ධර්ම වැඩිම, ආරිය අට මග වැඩිම. මෙය බුදුන් වහන්සේ පෙන්වා දුන් ධර්ම ප්‍රතිපත්තියය. සටහන: 37ක්වු බෝධි පාක්ෂික ධර්මතා පුහුණු කිරීම මධ්‍යම ප්‍රතිපදාවයය. මූලාශ්‍ර: අංගු.නි: (1 ): 3 නිපාත:පටිපදාවග්ග: 3.6.1 සූත්‍ර, පි.570, EAN:3: VI: 156.1, p. 141.

▲ පටිනිස්සග්ග-Patinissagga: පටිනිස්සග්ග යනු අත්හැරීමය (relinquishment). දුක ඇතිකරන සියලු දෙය හැර දැමීමය, මෙය නිවනට මගය.

▲ පටිනිස්සග්ගානුපස්සනා- Patinissagganupassana: පටිනිස්සග්ගානුපස්සනාව යනු අත්හැරීම පිලිබඳ අනුපස්සනා කිරීමය. ආනාපාන සතිසුත්‍රයේදී: සතරවටය පුර්ණ කරගැනීම මහාඵල මහා ආනුභාව ලබාගැනීම පිණිස බව දක්වා ඇත. පටිනිස්සග්ගානුපස්සනාව ද එහි ඇති අංග 4න් එකකි: “...පටිනිස්සග්ගානුපස්සි අස්සසිස්සාමිති සික්ඛති...සිස්සාමිති සික්ඛති...”.පටිනිස්සග්ගානුපස්සනාව බහුල කරගැනීමෙන් ආසමන්ත ප්‍රඥාව වැඩේ. බලන්න: ආසමන්ත ප්‍රඥාව.

▲පටිප්පස්සද්ධ සීලය-Patippassada sila: කෙළෙස් ප්‍රහීණය පිණිස ආරියන් සතු සීලය, පටිප්පස්සද්ධ සීලයය, මෙය විවිධ ශිලයන් ගෙන් එකකි. බලන්න: ශිලය.

▲පටිභාන- Discernment: බලන්න: ප්‍රතිභානය

▲පටිභානකතා -Patibhanakatha: ධම්ම දේශනාවේ ප්‍රතිභානය (හැකියාව) පටිභානකතා ලෙසින් පෙන්වා ඇත.ධර්ම දේශනාපිලිබඳ පටිභානකතා (පටිභානවන‍්තානං) ඇති භික්ෂුන් අතුරින්, රාධ තෙරුන් අග්‍රය. බලන්න: උපග්‍රන්ථය: 1, ප්‍රතිභාන.

▲පටිසම්භිදා නුවණ-Analytical knowledge: ධර්මය විශ්ලේෂණය කිරීම, විභාගකර බැලීමේ දක්‍ෂබව පටිසම්භිදා -පිළිසිඹියා නුවණ ලෙසින් පෙන්වා ඇත. එම විශ්ලේෂණය සිව් ආකාර වේ, මේ නුවන සිව් පිළිසිඹියා ලෙසින්ද පෙන්වා ඇත: 1) අර්ථ පටිසම්භිදාව 2) ධම්ම පටිසම්භිදාව 3) නිරුක්ති පටිසම්භිදාව 4) ප්‍රතිභාන පටිසම්භිදාව. මේ සිව් අවබෝධය ඇති, සංඝයා පිලිබඳ කටයුතු වල නිපුන මහණ, සෙසු අයට ප්‍රියවේ, අනුන්ගේ ගරුසැලකිලි ලැබීමට සුදුසු බව මේ සූත්‍රයේ පෙන්වා ඇත. බලන්න: සිව් පිළිසිඹියා. සටහන්: * අංගු.නි: 7 නිපාතය: දේවතාවග්ග: පටිසම්භිදා සූත්‍ර-2: ගුණ 7 ක් ඇති භික්ෂුවට, ඉතා ඉක්මනින්ම පටිසම්භිදා නුවණ ලබා ගත හැකිබව පෙන්වා ඇත. ** එම ගුණ ඇති සැරියුත් තෙරුන් පටිසම්භිදා නුවන විශිෂ්ඨ ඥානයෙන් අවබෝධ කර ඇතැයි බුදුන් වහන්සේ වදාළහ. ** විස්තර පිණිස බලන්න: ඛු.නි: පටිසම්භිදා-1: 25-28:පටිසම්භිදා ඤාණය, පටිසම්භිදා-2: 6 පටිසම්භිදා කතා. මූලාශ්‍ර: අංගු.නි: (3 ): 5 නිපාත:5.2.4.6 පටිසම්භිදා සූත්‍රය, පි.202, EAN:5: 86.6 Analytical knowledges, p. 270.

▲ පටිච්චසමුප්පාදය: පාලි: පටිච‍්චසමූප‍්පාදො - Dependent Origination පටිච්චසමුප්පාදය, හේතු ප්‍රත්‍ය(හේතුඵල දහම) මගින් ධර්මතා ඇතිවී නැතිවී යන ආකාරය පෙන්වා දේ, මෙය බුදු දහමේ මූලික සිද්ධාන්තයකි, බුදුන් වහන්සේගේ මූලික අවබෝධයකි. සසර පැවැත්ම හා සසර දුකින් මිදීම පිලිබඳ යහපත් අවබෝධය මින් ලබාදේ. බුදුන් වහන්සේ දෙසු ධර්මය පිලිබඳ යථා අවබෝධය ලබාගැනීමට පටිච්චසමුප්පාදය යහපත් ලෙස දැකිය යුතුය, දත යුතුය. එම කුසලතාවය පණ්ඩිතයන් සතු ගුණයක් බව බුදුන් වහන්සේ වදාළහ. සටහන්: * පටිච්චසමුප්පාදය පිලිබඳ දහම් න්‍යාය-ධර්ම න්‍යාය, සජ්ජායනා කළ බුදුන් වහන්සේ එම දහම් නියාය ඉගෙනිම, සිහියේ දරාගැනීම වැඩදායක බවද, මග බඹසරට මුල් වනබව සංඝයාට වදාළහ. බලන්න: සංයු.නි: (4) වේදනාසංයුත්ත: යොගකඛෙමි වග්ග: 1.1.10:උපස්සුති සූත්‍රය. ** සංයු.නි (2) අභිසමයසංයුත්ත:1.2.10 පච්චය සූත්‍රයේදී: පටිච්චසමුප්පාදය හා පටිච්චසමුප්පන්න ධර්ම-ඉදපච්චයා විස්තරාත්මකව පෙන්වා ඇත.

▼වෙනත් මූලාශ්‍ර: 1. නිවනේ නිවීම: දෙසනා 2, කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂු, පහන් කනුව ධර්ම දේශනා. 2. පටිච්ච සමුප්පාද ධර්ම දේශනා, 2016: කටුකුරුන්දේ ඤාණනන්ද භික්ෂු, පි. 20.

▼ පටිච්චසමුප්පාදය ඇතිවීම හා නැතිවීමේ ක්‍රියා පිළිවෙත: අවිද්‍යාව මුල් පුරුක ලෙසින් ගෙන පුරුක් 12 කින් සමන්විත පටිච්චසමුප්පාදය ඇතිවීම හා අවිද්‍යාව සහමුලින්ම අවසන්වීමෙන් සෙසු පුරුක් අවසන්ව සියලු දුක නැතිවෙන අන්දම බුදුන් වහන්සේ සංඝයාට පෙන්වා වදාළහ: අවිද්‍යාව හේතු කොටගෙන සංඛාර ඇතිවේ, සංඛාර හේතුකොට ගෙන විඥානය. ..එලෙස හේතු ප්‍රත්‍ය ක්‍රියාවලිය මගින් දුක් රැසක්ම ඇතිවේ, එය පටිච්චසමුප්පාදය ය. එම අවිද්‍යාව ඉතිරියක් නැතිව වැනසීයාමෙන් සංඛාර නැතිවේ. සංඛාර නැතිවිට විඥානය ඇතිනොවේ... එලෙස, ජාතිය අවසන් වීමෙන්, ජරා මරණ ආදීවූ දුක්රැසම අවසන්වේ. සටහන: මේ සූත්‍ර 2 හි, පටිච්චසමුප්පාද පුරුක් 12 ක්‍රියාකාරීවීමෙන් සසර ගමනද, එම ක්‍රියාවලිය නිරෝධ වීමෙන් සසර ගමන නැවතීම විස්තරාත්මකව පෙන්වා ඇත.

මූලාශ්‍ර: සංයු.නි: (2 ): නිදාන වගග: 1.1.1 පටිච්චසමුප්පාද සූත්‍රය, 1.1.2 විභඬග සූත්‍රය, පි.24, ESN:12:Nidanasamyutta: 1.1. Dependent Origination, and 2.2 Analysis of Dependent Origination, p.610.

▼ සම්බෝධිය ලැබූ බුදුන් වහන්සේ, පටිච්චසමුප්පාදය අනුලෝම වශයෙන්ද ප්‍රතිලෝම වශයෙන්ද අනුලෝම හා ප්‍රතිලෝම වශයෙන්ද අවර්ජනා කළහ. මූලාශ්‍රය: වින.පි: මහාවග්ග පාලි 1: මහාඛන්ධකය: බෝධිකතා, පි.80.

▼ පටිච්චසමුප්පාදය ක්‍රියාත්මකවීම මිථ්‍යා ප්‍රතිපදාව ඇතිවීමය, පටිච්චසමුප්පාදය අවසන්වීම සම්‍යක් ප්‍රතිපදාව ඇතිවීමය. අවිද්‍යාව මුල්කරගත් පටිච්චසමුප්පාද ධර්මයේ පුරුක් 12 ක්‍රියාත්මක වීම නිසා මිථ්‍යා ප්‍රතිපදාව ඇතිවේ. අවිද්‍යාව සහමුලින් නැතිවීමෙන් පටිච්චසමුප්පාද ධර්මයේ පුරුක් 12 නැවතීම නිසා සම්‍යක් ප්‍රතිපදාව ඇතිවේ. මූලාශ්‍ර: සංයු.නි: (2): නිදාන වගග: 1.1.3 පටිපදා සූත්‍රය, පි.30, ESN:12: Nidanasamyutta: 3.3 The two ways, p. 613.

▼ සම්බෝධිය සාක්ෂාත් වීමට පටිච්චසමුප්පාද ධර්ම අවබෝධය පදනම්වේ. සංයු.නි. (2) නිදානසංයුත්ත: බුද්ධ වග්ගයේදී : පටිච්චසමුප්පාදය ධර්මය ඇතිවීම හා නැතිවීම මනාලෙස අවබෝධ කරගැනීමෙන් තමන්වහන්සේ ද, පෙර බුදුවරු වහන්සේලාද සම්බෝධිය ලැබූ බව, බුදුන් වහන්සේ විස්තරාත්මකව පෙන්වා ඇත: “මහණෙනි, බුදුවීමට පෙර, බෝසත්වූ මට මේ සිත පහළවිය: ‘ඒකාන්තයෙන්ම මේ ලෝකයා දුකට පත්ව සිටි. උපදී, වයසට යයි, මිය යයි, නැවත උපදී... එහෙත් දුකින් මිදීම ගැන නොදනී. කවර විටක ජරා මරණ ආදී වූ දුකින් මිදීම අවබෝධවේද?...’ ” .“පුබ‍්බෙව මෙ භික‍්ඛවෙ, සම‍්බොධා අනභිසම‍්බුද‍්ධස‍්ස බොධිසත‍්තස‍්සෙව සතො එතදහොසි: ‘කිච‍්ඡං වතායං ලොකො ආපන‍්නො. ජායති ච, ජියති ච, මියති ච, චවති ච, උප‍්පජ‍්ජති ච. අථ ච පනිමස‍්ස දුක‍්ඛස‍්ස නිස‍්සරණං නප‍්පජානාති ජරාමරණස‍්ස. කුදස‍්සු නාම ඉමස‍්ස දුක‍්ඛස‍්ස නිස‍්සරණං පඤ‍්ඤායිස‍්සති ජරාමරණස‍්සා’ ති” “කුමක් ඇති කල්හි ජරා මරණය ඇතිවේද? එසේ සිතන මට ඉපදීම -උපත ඇති කල්හි ජරා මරණය ඇතිවේ යයි අවබෝධ විය. කුමක් ඇති කල්හි ජාතිය වේද? භවය ඇති කල්හි ජාතිය ඇතිවේ යන්න අවබෝධ විය”. එලෙස... බෝසතුන්ට, අවිද්‍යාව නිසා සංඛාර... සංඛාර නිසා විඥානය හටගනී... ආදී වශයෙන් දුක් රැසේ ඇතිවීම අවබෝධවිය....එම අවිද්‍යාව පහ වීමෙන්... දුක අවසන්වන බව අවබෝධවිය. එසේ, පෙර නො ඇසුවිරු දහම පිලිබඳ දර්ශනය (ඇස) ...නුවණ ... ප්‍රඥාව... විද්‍යාව...ආලෝකය බෝසතුන්ට පහළවිය.“ ...භික‍්ඛවෙ පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදී, ඤාණං උදපාදී, පඤ‍්ඤා උදපාදී, විජ‍්ජා උදපාදී, ආලොකො උදපාදී”. මූලාශ්‍ර: සංයු.නි: (2 ): නිදානවගග: බුද්ධවගග: සූත්‍ර 1.1.4 සිට 1.1.10, පි.30-37, ESN:12: Nidanasamyutta:The Buddhas: Sutta 4.4.to 1-.10, p. 614-620.

▼ බුදුන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මතාවය යහපත් ලෙසින් වදාරා ඇත. ඒ ධර්මතාවය සංඝයා එක්ව, ධර්මයේ චිරස්ථිතිය පිණිස සජ්ජායනා කිරීම සුදුසු ය යි සැරියුත් මහා තෙරුන් සංඝයාට උපදෙස් දී ඇත.

මූලාශ්‍ර: දිඝ.නි: (3):10 සංගිති සූත්‍රය, පි. 372 , EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 362.

▼ පටිච්චසමුප්පාද ධර්මය අනවබෝධය, සසරට බැඳ තබයි: එක් සමයක ආනන්ද තෙරුන්, බුදුන් වහන්සේ බැහැදැක, පැවසුවේ, ආශ්චර්යමත් පටිච්චසමුප්පාද ධර්මය කොතරම් ගැඹුරු වුවත්, තමන්හට එය ඉතා ප්‍රකට ලෙසින් වැටහෙන බවය. ආනන්ද තෙරුන්ගේ එම ප්‍රකාශය පිළිබඳව බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “ ආනන්ද එසේ නො කියන්න. මේ පටිච්චසමුප්පාද ධර්මය ගැඹුරුය, ගැඹුරු ස්වභාවයෙන් යුක්තය. මේ ධර්මය අවබෝධ නොකිරීම නිසා, තීක්‍ෂණ නුවණින් නොදුටු නිසා, මේ ප්‍රජාව, පැටලීගිය නුල් බෝලයක් මෙන් අවුල්වී සිටි, දිලීරයෙන් වැසීගිය කොළමෙන් විනාශවී ඇත, කැරකි, වෙලි පැටලී ගිය මුන්ජා තණකොළ මෙන් පැටලී සිටි. එමනිසා දුක්විපතින්, දුගතියෙන් ඔබ්බට යෑමට නො හැකිව ජාති මරණ වටා කැරකෙන සසරට ඇලි ඇත”: “ මා හෙවං ආනන්‍ද අවච... ගම‍්භීරො චායං... පටිච‍්චසමූප‍්පාදො ගම‍්භීරාවහාසොච. එතස‍්ස ආනන්‍ද, ධම‍්මස‍්ස අනනුබොධා අප‍්පටිවෙධා එවමයං පජා තන‍්තාකුලක ජාතා ගුළාගුණ‍්ඩිකජාතා මුඤ‍්ජබබ‍්බජභූතා අපායං විනිපාතං සංසාරං නාතිවත‍්තති”. ( Do not say that, Ananda, ... This dependent origination is profound and appears profound. It is through not understanding, not penetrating this doctrine that this generation has become like a tangled ball of string, covered as with a blight, tangled like coarse grass, unable to pass beyond states of woe, the ill destiny, ruin and the round of birth-and-death). මූලාශ්‍ර: දීඝ.නි: ( 2): 2 මහානිදාන සූත්‍රය, පි. 95, EDN:15: Mahānidāna Sutta: The Great Discourse on Origination, p. 166.

▲ පටිච්චසමුප්පාද කුසලතාවය: පාලි: පටිච‍්චසමූප‍්පාදො කුසලො- skilled in dependent origination: පටිච්චසමුප්පාද කුසලතාවය යනු පටිච්චසමුප්පාද ධර්මතාවය- හේතු ප්‍රත්‍ය- යහපත් ලෙසින් දැනීම හා දැකීමය. මෙය පණ්ඩිතයන් සතු ගුණයකි. භික්ෂුව, පටිච්චසමුප්පාද කුසලතාවය ලබා ගන්නා ආකාරය බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත: “ඉධානන්‍ද භික‍්ඛු එවං පජානාති: ඉමස‍්මිං සති ඉදං හොති. ඉමස‍්සුප‍්පාදා ඉදං උප‍්පජ‍්ජති. ඉමස‍්මිං අසති ඉදං න හොති. ඉමස‍්ස නිරොධා ඉදං නිරුජ‍්ඣති. යදීදං අවිජ‍්ජා පච‍්චයා සඬඛාරා...”. “එය ඇතිවිට මෙය ඇතිවේ, එය උපදිමෙන් මෙය ද ඉපදේ, එය නැතිවිට මෙය නැතිවේ , එය අවසන්වීමෙන් මෙය ද අවසන් වේ” ... එලෙසින් පටිච්චසමුප්පාදය ඇතිවීම හා නැතිවීම පිළිබඳව භික්ෂුව මනා අවබෝධය ලබාගැනීම පටිච්චසමුප්පාද කුසලතාවය යයි බුදුන් වහන්සේ වදාළහ. විස්තර පිණිස බලන්න: සංයු.නි (2 ) නිදාන වගග1.1.1 පටිච්චසමුප්පාද සූත්‍රය, 1.1.2 විභඬග සූත්‍රය, පි.24, ESN:12: Nidanasamyutta: 1.1. Dependent Origination, and 2.2 Analysis of Dependent Origination, p.610. මූලාශ්‍ර: ම.නි: ( 3): 3.2.5 බහුධාතුක සූත්‍රය,පි.209, EMN: 115: The Many Kinds of Elements, p. 840.

▲ පටිසංඛාන බල: පාලි: පටිසඬඛානබලං-Power of reflection: ධර්මයේ පටිසංඛාන බල ලෙසින් පෙන්වා ඇත්තේ නුවණින් ධර්මතා පිලිබඳ අවර්ජනා කර ගැනීමට ඇති බලය-ශක්තිය ය. එමගින් අධර්මය බැහැර කර ධර්ම මාර්ගය වඩා ගත හැකිවේ. බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “මහණෙනි, පටිසංඛාන බලය කවරේද: මේ ලෝකයේ පුද්ගලයෙක් කාය...වාක්... මනෝ දුශ්චරිත (ත්‍රිවිධ දුශ්චරිත) ගැන මෙලෙස නුවණින් සලකා බලයි: ‘මේ ක්‍රියා නිසා මේ ලොවෙහිද, පර ලොවෙහිද නරක විපාක විඳීමට සිදුවේ’. එසේ ආවර්ජනය කරන ඔහු කාය, වාක් හා මනෝ දුශ්චරිත දුරු කරයි, යහපත් කාය, වාක් හා මනෝ ක්‍රියා කරමින් පිරිසිදු- පවිත්‍ර බවට පැමිණ හොඳින් වාසය කරයි. එය පටිසංඛාන බලය වේ” , එමගින්, මෙලොවද, පරලොවද සුවපත්ව වාසය කරයි. (And what is the power of reflection? Here, someone reflects thus: ‘Bodily... verbal ... mental misconduct has a bad result in the present life and in the future life. Having reflected thus, he abandons bodily... verbal ...mental misconduct and develops bodily... verbal & mental good conduct; he maintains himself in purity. This is called the power of reflection). සටහන: පටිසංඛාන බලය, ආධ්‍යාත්මික වර්ධනය පිණිස ලබාගත යුතු බල 2න් එකකි. බලන්න: බල දෙක. මූලාශ්‍ර: අංගු.නි: (1):2 නිපාත: අධිකරණ වග්ග: 2.1.2.1, 2.1.2.2. හා 2.1.2.3 සූත්‍ර, පි.142. EAN: 2: II Diciplinary: 11.1, 12.2., 13.3, Sutta, p. 57.

▼ බුදුන් වහන්සේ පටිසංඛාන බලය පිළිබඳව යහපත් ලෙසින් වදාරා ඇත. ඒ ධර්මතා සංඝයා එක්ව, ධර්මයේ චිරස්ථිතිය පිණිස සජ්ජායනා කිරීම සුදුසු ය යි සැරියුත් මහා තෙරුන් සංඝයාට උපදෙස් දී ඇත. මූලාශ්‍ර: දිඝ.නි: (3 ):10 සංගිති සූත්‍රය, පි. 372, EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 362.

▲පටිසෝතගාමි පුද්ගලයා: පාලි: පටිසොතගාමි පුග‍්ගලො- person who goes against the stream: පටිසෝතගාමි යනු සසර ප්‍රවාහයට එරෙහිව යන පුද්ගලයාය. බලන්න: අනුසොතගාමි. බුදුන් වහන්සේ පටිසෝතගාමි පුද්ගලයා මෙසේ හඳුන්වා ඇත: මෙලොව යම් පුද්ගලයෙක් වස්තුකාමය සේවනය නො කරයි. පාප ක්‍රියා නො කරයි. දුක, දොම්නස ඇතිව කඳුළු හලමින් වුවත් ඔහු පිරිපුන් පිරිසිදු බඹසර ජීවිතය සම්පුර්ණ කරගනි: “කතමො ච භික‍්ඛවෙ, පටිසොතගාමි පුග‍්ගලො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො කාමෙ න පටිසෙවති, පාපඤ‍්ච කම‍්මං න කරොති, සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන අස‍්සුමුඛො’පි රුදමානො පරිපුණ‍්ණං බ්‍රහ‍්මචරියං චරති. අයං වූච‍්චති පටිසොතගාමි පුග‍්ගලො” ( Here, someone does not indulge in sensual pleasures or perform bad deeds. Even with pain and dejection, weeping with a tearful face, he lives the complete and purified spiritual life. This is called the person who goes against the stream) සටහන: මෙහිදී පෙන්වා ඇත්තේ ධර්ම පුහුණුවේ යෙදී ඇති පුද්ගලයෙක් ගැනය. ඔහු දුෂ්කර සසර ජල ප්‍රවාහයට විරුද්ධව යමින් බ්‍රහ්මචරියාව සම්පුර්ණ කර දුකෙන් මිදී ඇත. මූලාශ්‍ර: අංගු.නි: ( 2 ): 4 නිපාත: 4.1.1.5 අනුසෝත සූත්‍රය, පි. 34 , EAN:4: 5.5 Along with the Stream, p. 148.

▲ පටිසනත්‍ථාරො -paṭisanthāro: පටිසනත්‍ථාරො යනු ආචාරශීලිබවය. ආධ්‍යාත්මික මග වඩා ගැනීමට උපකාරීවන ධර්මයකි. බලන්න: ආචාරශීලි බව, ගෞරව ධර්ම.

▲ පටිසාරණියකම්ම-Paṭisāraṇiyakamma: පටිසාරණියකම්ම යනු සංඝයා විසින් ගිහියන් ගේ අයහපත පිණිස කරන ක්‍රියාවන්ය, විනය කර්මයකි. මේ සූත්‍රයේ, එවැනි කරුණු 8 ක් පෙන්වා ඇත. පටිසාරණියකම්ම සන්සිඳුවා ගැනීම පිණිස පුරුදු කලයුතු කරුණු 8 ක් ද මෙහි දක්වා ඇත. සටහන: පටිසාරණියකම්මයෙන් මිදීම පිණිස භික්ෂුව, ගිහියන්ගේ සමාව ලබා ගත යුතුවේ. සුධර්ම භික්ෂුව, යහපත් දායකයෙක්වූ චිත්ත ගහපතිට පරිභව කිරීම නිසා ඔහුට මේ කම්මය පනවා ඇත. බලන්න: උපග්‍රන්ථය:1,3, EAN:Note: 1812, p. 668. මූලාශ්‍ර: අංගු.නි: (5) 8 නිපාත: 8.2.9.9 පටිසාරණියකම්ම සූත්‍රය, පි. 380, EAN:8: 89.9 Reconciliation, p. 455, වින.පි.චුලවග්ග 1: කම්මක්ඛන්ධය- පටිසාරණියකම්ම, පි. 84.

▲ පටිසල්ලාන- Patisallana: පටිසල්ලාන (පිලිසලන) යනු ආධ්‍යාත්මික මග වඩා ගැනීම පිණිස කාය හා චිත්ත විවේකය ඇතිව සිටීමය. බලන්න: හුදකලා විවේකය.

▼ පටිසල්ලානයේ ඇලි, යහපත් ලෙසින් භාවානාව වඩාගන්නා මහණ අනාගාමී හෝ අරහත් මගඵල ලබාගන්නා බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක:2.2.8 පටිසල්ලාන සූත්‍රය, පි.398.

▼ බුදුන් වහන්සේ සංඝයාට අනුසාසන කර ඇත්තේ පටිසල්ලානයේ-විවේකසුවය ඇතිව වාසය කරනලෙසය. එමගින්, පංච උපාදාන ස්කන්ධයේ යථාබව -ඇතිවීම හා අවසන්වීම අවබෝධකර ගත හැකිය. ඒ දුක අවසන් කර ගැනීමය. සටහන්: * සංයු.නි: (4) වේදනාසංයුත්ත: බලවග්ග:1.10.7 පටිසල්ලාන සූත්‍රය: පටිසල්ලානයේ නිරත මහණ, සය ඉන්ද්‍රිය අවබෝධකර යථා භූතඥානය ලබාගන්නා බව පෙන්වා ඇත. ** සංයු.නි: (5-2) මහාවග්ග: සච්චසංයුත්ත: 12.1.2 පටිසල්ලාන සූත්‍රය: පටිසල්ලානයේ නිරත මහණ, දුක ඇතිවීමහා නැතිකිරීම පිලිබඳ යථා අවබෝධය ලබාගන්නා බව පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (3) ඛන්ධ සංයුත්ත:1.1.1.6 පටිසල්ලාන සූත්‍රය, පි.54,ESN:22: Kahndasamytutta: I:6.6.Seclusion,p.1015.

▲පොට්ඨපාද පරිබ්‍රාජක-Pottapada paribrajaka: බලන්න:උපග්‍රන්ථය: 3

පඨ

▲ පඨවි-Earth: පඨවි-පෘතුවිය, ලෙසින් දක්වා ඇත්තේ මහා පොළවය. එය අසීමිතය, අප්‍රමාණය. බාහිර පඨවිය ලෙසින් පෙන්වා ඇත්තේ පොළවේ ඇති ඝන ස්වාහවයය. අභ්‍යන්තර පඨවි- ධාතුව ලෙසින් පෙන්වා ඇත්තේ කයේ ඇති ඝන ස්වාහවයය. මහායයි සලකන මහා පොළවද, වෙනස්වී විනාශවී, නැතිවී යයි. බලන්න: ම.නි: (1) මහා හත්ථිපදෝපම සූත්‍රය.

▲ පඨවි ධාතුව- Earth element: පඨවි ධාතුව ලෙසින් පෙන්වා ඇත්තේ මහාපොළවේ ඝනබව හා කයේ ඇති ඝනබවය. පඨවි ධාතුව, කය සකස්වී ඇති සතර මහා භූතයන්ගෙන් එකකි. බුදුන් වහන්සේ පඨවි ධාතුව උපමා කොට ධර්මය මෙසේ වදාළහ:

පඨවිය උපමාව 1: මහා පොළවේ ප්‍රමාණය මැනිය නොහැකිය. එලෙස දහම් ඇස ලැබීම (ධම්ම චක්ඛු) -සෝතාපන්නබව ලැබීම මහා අර්ථයක්- ලාභයක් බවය. මහා පොළව මෙන් එම ලාභය අප්‍රමාණබය. මූලාශ්‍ර: සංයු.නි: (2): නිදානවග්ග:අභිසමය සංයුත්ත:1.10.5 හා 1.10.6 පඨවි සූත්‍ර 2කි, පි. 238, ESN:13: Abhisamyutta: 5-1 & 6.2 Earth, p.729. පඨවිය උපමාව 2: සසර දීර්ඝ බව පෙන්වීම පිණිස මේ උපමාව යොදාගෙන ඇත. දීර්ඝ කාලයක් ඇවෑමෙන් මහා පොළව අවසන්වන නමුදු සසර ගමන අවසන්වීමට ඊටත් වඩා කල් යයි. මූලාශ්‍ර: සංයු.නි: (2 කාණ්ඩය) අනමතග්ගසංයුත්ත: 3.1.2 පඨවි සූත්‍රය,පි.298, ESN:15: Anamataggasamyutta: 2.2 The earth, p. 788. පඨවිය උපමාව 3: කායබලයෙන් කලයුතු කටයුතු, පොළව ආධාර කරගෙන කරන ලෙසින්, මේ සසුනේ මහණ ශිලයේ පිහිටා, අකුසල මුල් ප්‍රහීණය කිරීමෙන්, සම්මා දිට්ඨිය ආදී අංග දියුණු කරමින්, ආරිය අටමග වඩනබව මේ උපමාවෙන් පෙන්වා ඇත. ආරිය අටමග පොළොව ලෙසින්,ධර්ම මාර්ගය වඩා ගැනීමට ආධාරවේ. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග: මග්ගසංයුත්ත:බලකරණිය: 1.14.1 බලසූත්‍ර 4කි, පි. 134, ESN: 45: Maggasamyutta: XIV: 149.1 - 4 suttas, p. 1692. පඨවිය උපමාව 4: දිට්ඨිසම්පන්න (සෝතාපන්න) ආරිය ශ්‍රාවකයා විසින් නිමා කරනලද දුක, මහා පොලව මෙන් අප්‍රමාණය, ගෙවීමට ඇති දුක පස්ගුලි 7ක් වැනි කුඩා ප්‍රමාණයක් යයි බුදුන් වහන්සේ මේ උපමාවෙන් පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග: සච්චසංයුත්ත: 12.6.5 පඨවි සූත්‍රය,පි. 350,ESN:56: Sacchasamyutta: VI:55.5 The Earth, p.2327.

පත

▲ පෘතග්ජන - Worldly person: ධර්මයට අනුව පෘතග්ජන- පුහුදුන් මිනිසා ලෙසින් පෙන්වා ඇත්තේ ආරියන් නොදුටු, ආරිය ධර්මය නොඇසු සාමාන්‍ය ලෝකයාය.බලන්න: අසත්පුරුෂ, අටලෝදහම.

▲ පතන දේ ලබාගැනීම-The way to fulfill wishes: තමන් පතන- කැමැති, ලෞකික හා ලෝකෝත්තර දේ ලබාගැනීම පිණිස ධර්මානුකූල ජිවිතයක් ගත කිරීම අවශ්‍ය බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. පළමුව, ශිලය පරිපූර්ණත්වයට කර ගතයුතුය. එසේම සමාධිය- ජාන ඇතිව, ප්‍රඥාව- විදසුන් නුවණ ඇතිව, හුදකලා විවේකය සහිතව වාසය කලයුතුවේ: “...සීලෙසෙවස‍්ස පරිපූරකාරී අජ‍්ඣත‍්තං චෙතොසමථ මනුයුත‍්තො අනිරාකතජ‍්ඣානො විපස‍්සනාය සමන‍්නාගතො බ්‍රෑහෙතා සුඤ‍්ඤාගාරානං” (...let him fulfil the precepts, be devoted to internal serenity of mind, not neglect meditation, be possessed of insight, and dwell in empty huts). සටහන්: * යමක් පැතීම, කැමතිවීම: ආකඬෙඛය්‍ය යය. ** ඒ සඳහා ශිල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂණය සහිතව වාසය කිරීම අවශ්‍යවේ. ** හුදකලා විවේකය: කාය හා චිත්ත විවේකය, සමථ භාවනාව වැඩිමට හා විපස්සනා නුවණ ලබාගැනීමට උපකාරිවේ. ඉටු කරගැනීමට හැකිදේ: 1) තමන් සමග වාසය කරන අනිකුත් සංඝයාට (සබ්‍රහ්මචාරින් හට) ප්‍රියමනාපව ඔවුන්ගේ ගරු සම්මාන ලබාගෙන සිටීමට කැමති වන්නේ නම් එය ඉටු කර ගත හැකිය. 2) යහපත් ලෙසින් සිව්පසය ලබා ගැනීමට කැමති වන්නේ නම් එය ඉටු කර ගත හැකිය. 3) සිව්පසය ලාබාදෙන දායකයන්ට මහාත්ඵල මහා ආනිසංස ලබාදීමට කැමති වන්නේ නම් එය ඉටු කරගත හැකිය. 4) තමන්ගේ මියගිය නැදෑයන්-මළවුන් එම භික්ෂුව ගැන පහන් සිත් ඇතිව ඔහු සිහිකරන්නේද, එම සිහිකිරීම මගින් ඔවුනට මහාත්ඵල මහා ආනිසංස ලබාදීමට කැමති වන්නේ නම් එය ඉටු කරගත හැකිය. සටහන: මියගිය නැදෑයන්, ප්‍රේතලෝකයේ හෝ පහළ දේව ලෝකයක ඉපදී, තමාගේ ඥාති භික්ෂුවගේ ශිලසම්පන්න ආදී ගුණ සිහිපත් කරනවිට එය ඔවුන්ට පින් ඇතිවීමට හේතුවේ, නරක යළි උපත් වලක්වාලීම පිණිස, මතු කල නිවන ලබාගැනීමට හේතුවන කරුණු ඇති කර ගැනීමට උපකාරීවේ. බලන්න: EMN: note: 78, p. 1070. 5) අධිකුසල ධර්මයෙහි හැසිරීමට ඇති අරතිය- නො ඇලීම හා කම්සැප කෙරහි ඇති ඇලීම මැඩ ගෙන වාසය කිරීමට කැමති වන්නේ නම් නම් එය ඉටු කරගත හැකිය. 6) තමනට ඇතිවන ඕනෑම භයක් තැති ගැනීමක් (කායික හෝ මානසික) ඇතිවනවිට, ඒවාට යටනොවී, ඒවා මැඩ පවත්වාගෙන සිටිමට කැමති වන්නේ නම් නම් එය ඉටු කරගත හැකිය. 7) අධිචිත්තය ලබාදෙන සිව්ජාන සමාපත්ති සහිතව මේ ජීවිතයේම සුවය හා සැපය ඇතිව වාසය කිරීමට කැමති වන්නේ නම් නම් එය ඉටු කරගත හැකිය. 8) ශාන්ත විහරන වූ අරූපසමාපත්ති ලබාගෙන සිටිමට කැමති වන්නේ නම් නම් එය ඉටු කරගත හැකිය. 9) තුන් සංයෝජන (සක්කායදිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස) පහකර සෝතාපන්න වීමට කැමති වන්නේ නම් නම් එය ඉටු කරගත හැකිය. 10) තුන් සංයෝජන පහකර- ලෝභ දෝස මෝහ (අකුසල මුල්) යන සංයෝජන තුනී කරගැනීමෙන් සකදාගාමි වීමට කැමති වන්නේ නම් නම් එය ඉටු කරගත හැකිය. 11) ඕරම්භාගිය සංයෝජන පහ කරගැනීමෙන් අනාගාමි වීමට කැමති වන්නේ නම් නම් එය ඉටු කරගත හැකිය. 12) මහා ඉර්දී ප්‍රාතිහාර්ය ලබාගැනීමට කැමති වන්නේ නම් නම් එය ඉටු කරගත හැකිය. මූලාශ්‍ර:ම.නි: ( 1): 1.1.6 ආකන්ඛේයිය සූත්‍රය, පි. 94, EMN: 6: Ākankheyya Sutta - If a Bhikkhu Should Wish, p. 99.

▲ පත්තිචරියාව-Pathtichariya: චරියාවන් 8 න් එකක් ලෙස පත්තිචරියාව පෙන්වා ඇත. බලන්න: චරියා කථා මූලාශ්‍රය: ඛු.නි:පටිසම්භිදා 2:පඤඤාවග්ග: 3.5 චරියාකථා, පි.222.

▲ පත්තනික්කුජ්ජන කම්ම- Overturning the alms-bowl: පත්තනික්කුජ්ජන කම්මය විනය කර්මයකි. එනම්, අවගුණ 8 ක් ඇති උපාසක හට සංඝයා විසින් පනවන කර්මයකි- සංඝයා ගේ අනර්ථය පිණිස කටයුතු කරන ගිහියන් ගෙන් පිඬු නොගැනීම-පිණ්ඩපාතය, පාත්‍රය යටිකුරු කිරීමට තීරණය කිරීම. මේ සුත්‍රයේ එම අවගුණ විස්තර කර තිබේ. සටහන: *පත‍්ත- පාත්‍රය ** කලින් පැනවූ පත්තනික්කුජ්ජන කම්මය, අවලංගු කිරීම පිණිස සිදු කරන විනය කර්මය මගින් ගිහිකෙනෙකුගේ, පෙර අවගුණ අවසන් කිරීම නිසා නැවත තම පාත්‍රය පිඬු පිණිස පිළිගැන්වීමට (පාත්‍රය උඩුකුරු කිරීම) සංඝයා තීරණය කිරීම. එම යහපත් ගුණ 8 මෙහි විස්තර කර ඇත. මූලාශ්‍ර: අංගු.නි: ( 5): 8 නිපාත: පත්තනික්කුජ්ජන සූත්‍රය, පි.375, EAN: 8: 87.7 Almsbowl, p. 455.

▲ පත්තපිණ්ඩික-Patthapindika: පත්තපිණ්ඩික ලෙසින් පෙන්වා ඇත්තේ පාත්‍ර, සංඥාව ලෙස තබාගෙන පිණ්ඩපාතයෙන් යැපෙන සංඝයාය. මේ සූත්‍රයේ පත්තපිණ්ඩික වර්ග 5 ක් බුදුන් වහන්සේ පෙන්වා ඇත.

මූලාශ්‍ර: අංගු.නි: ( 3): 5 නිපාත: ආරඤවග්ග: 5.4.4.11 පත්තපිණ්ඩික සූත්‍රය, පි.382, EAN:5:IV:182.2 sutta, p. 298.

▲ පතිකුලය-Patikulaya: පතිකුලයට යෑම යනු යුවතියක් විවාහවී, වාසය කිරීම පිණිස සැමියාගේ නිවසට පැමිණිමය (පති-ස්වාමියා) . එවැනි යුවතියට යහපත් විවාහ ජිවිතයක් ගෙනයාම පිණිස බුදුන් වහන්සේ මෙසේ අවවාද වදාළහ: 1) ස්වාමියාට පෙර උදැසන නැගිටීම සුදුසුය 2) ස්වාමියාට පසුව නින්දට යෑම සුදුසුය 3) නිවසේ කුමන කටයුතු කිරීමට තිබේද යයි සොයා බැලීම 4) අන් අයට ප්‍රීතිය ඇතිවෙන පරිදි හැසිරීම 5) ප්‍රිය බස් කථා කිරීම 6) වැඩිහිටි මහණ බමුණු, දෙමාපිය ආදීන්ට සත්කාර ගරුබුහුමන් කලයුතුය 7) ගේදොර ඇති කටයුතු ආදී ඇති කර්මාන්ත කිරීමට දක්ෂවියයුතුය 8) සැමියාගේ කටයුතු කරන පිරිස, සේවක සේවිකා ආදීන්ට යහපත් ලෙසින් ආහාර පාන ආදිය සැපයිය යුතුය 9) ස්වාමියා රැස් කරන ධනය නිසිලෙස භාවිතා කිරීමට, ආරක්ෂා කිරීමට කටයුතු කලයුතුය. එසේ යහපත් ලෙසින් දිවිය ගෙවන පතිනිය-බිරිද, මරණින් මතු සුගතියේ- නිර්මාණරති දේව නිකායේ යළි උපත ලැබීමට වාසනාව ඇත. මූලාශ්‍රය:අංගු.නි: (3): 5 නිපාත: සුමණාවග්ග: 5.1.4.3 උග්ගහ සූත්‍රය, පි.78.

▲පතිතවීම-Falling down: පතිතවීම (පපතිත) ලෙසින් පෙන්වා ඇත්තේ ගිලිහියාමය. කරුණු 4 ක් නිසා මහණ බුදු සසුනෙන් පතිතවීයයි. 1) ශිලසම්පන්න නොවීම 2) යහපත් සමාධිය නොලැබීම 3) යහපත් ප්‍රඥාව නොමැතිවීම 4) යහපත් විමුක්තිය නොලැබීම. එහෙත් එම කරුණු යහපත් ලෙසින් ලබා ඇති මහණ, සසුනේ ගිලිහි නොයයි (අප්පතිතො). මූලාශ්‍ර:අංගු.නි: (2):4 නිපාත:4.1.1.2 පපතිත සූත්‍රය, පි. 26, EAN:4: 2.2. Fallen, p. 147.

▲පතිට්ඨිත- Establishment: පතිට්ඨිත- පිහිටුවා ගැනීමය. අප්‍රමාදය ඇති භික්ෂුව, ආධ්‍යාත්මික පංච ඉන්ද්‍රිය (පස ඉඳුරන්) යහපත් ලෙසින් පිහීටුවාගනී. අප්‍රමාදය ඇතිව,කෙළෙස්වලින් (ආසව ධර්මතා වලින්) සිත යහපත් ලෙස ආරකෂා කරගැනීමෙන්, පංච ඉන්ද්‍රිය වර්ධනය වේ. මූලාශ්‍ර:සංයු:නි: (5-1): මහාවග්ග:ඉන්ද්‍රියසංයුත්ත:4.6.6. පතිට්ඨිත සූත්‍රය, පි.434, ESN: 48: Indriyasamyutta: 56.6 Established, p. 1990.

▲ පතිරූපදෙසවාසො - Living in suitable places: පතිරූපදෙසවාසො යනු ධර්මානුකූල ජිවිතයක් ගත කිරීමට සුදුසු ප්‍රදේශයක ජිවත්විමය, මේ සුභ- මංගල කරුණකි. බලන්න: චක්‍ර සතර, මංගල සූත්‍රය.

▲ පතිලීන-Gone into solitude: ධර්මයට අනුව පතිලීන ලෙසින් පෙන්වා ඇත්තේ, ධර්මය අවබෝධ කරගත් භික්ෂුව, හුදකලා විවේකයට යාමය- ලෝකයෙන් සැඟවී යාමය. බලන්න:EAN: note: 703, p.617. භික්ෂුව පතිලීන වන්නේ කෙසේද? 1) සත්‍යදර්ශනය අවබෝධකිරීම (පුද්ගලික සත්‍යයන් පහකිරීම- පනුණ‍්ණපච‍්චෙකසච‍්චො). බලන්න: පුද්ගලික සත්‍ය බැහැරකිරීම. 2) සෙවීම (ගවේෂණය- ආධ්‍යාත්මික මගසෙවීම ) සහමුලින්ම අතහැරීම (සමවයසට‍්ඨෙසනො හොති). බලන්න: පර්යේෂණ, සමවයසට‍්ඨෙසනො. 3) සංසුන් කායසංස්කාර ඇතිවීම. (කායසංඛාර පස්සද්දිය- පස‍්සද‍්ධකායසඬඛාරො හොති). බලන්න: කායසංඛාර පස්සද්දිය, ජාන. 4) හුදකලාවීම-එකලාවීම: සහමුලින්ම අසමිමානය දුරුවීම. එම කරුණු සාක්ෂාත් කරගත් මහණ, ‘පතිලීන’ යයි කියනු ලැබේ. සටහන: 1-3 විස්තර පිණිස බලන්න: ආරිය වාසස්ථාන. මූලාශ්‍ර:අංගු.නි: (2): 4 නිපාත: 4.1.4.8 පතිලීන සූත්‍රය, පි.102, EAN:4: 38.8 Drawn back, p. 164.

▲ පාතුභාව - manifestation: පාතුභාව යනු ඇතිවීම- උපතක්ලැබීමය. බලන්න: පහළවීම

▲ පාතිමොක‍්ඛ (පාලි): පාමොක්- Pātimokkha: බුදුන් වහන්සේ ශ්‍රාවක සංඝයාගේ යහපත පිණිස පනවනලද ශික්ෂාපද-විනය, පාතිමොක්ඛ ලෙසින් දක්වා ඇත. එම ශික්ෂාපද අනුව පුහුණුවන සංඝයා පාතිමොක්ඛ සංවර ශිලය ආරක්ෂා කරති. සටහන: සංයු.නි: (5-1 ) මහාවග්ග: සතිපට්ඨාන සංයුත්තයේ:3.5.6 පාතිමොක්ඛ සූත්‍රයේදී, පාතිමොක්ඛ සංවර ශිලය ආරක්ෂා කරමින් අරහත්වය ලැබීම ගැන පෙන්වා ඇත.

▼ පාතිමොක්ඛ පැනවීමට හේතු (පාතිමොකඛං උදදීටඨං): 1) සංඝයා ගේ ශුභසිද්ධිය පිණිස 2) සංඝයා ගේ පහසුබව පිණිස 3) දුසිල් පුද්ගලයන්ගේ වැරදි පරික්‍ෂා කිරීම පිණිස (නිග්‍රහ පිණිස) 4) සිල්වත් සංඝයාගේ පහසු විහරණය පිණිස 5) වර්තමාන ජිවිතයේ ඇතිවිය හැකි ආසව සංවර කරගැනීම පිණිස 6) අනාගතයේ ඇතිවිය හැකි ආසව සංවරය කරගැනීම පිණිස 7) ශ්‍රද්ධාව නොමැති අයට ශ්‍රද්ධාව ඇතිකර ගැනීම පිණිස 8) ශ්‍රද්ධාව ඇති අයගේ ශ්‍රද්ධාව වර්ධනය පිණිස 9) සද්ධර්මයේ තිර පැවැත්ම පිණිස (සථිතිය) 10) විනයේ ප්‍රවර්ධනය පිණිස (විනයානුග්‍රහය). මූලාශ්‍ර:අංගු.නි: (6 ): 10 නිපාත: 10.1.4.1 උපාලි සූත්‍රය,පි. 152, EAN:10: 31.1. Upali-1, p. 508.

▼ පාතිමොක්ඛ අත්හිටුවීම: පාතිමොක්ඛ අත්හිටුවීම (පාතිමොකඛටඨපනා-suspending the Pātimokkha) යනු විනය කරුණක් නිසා භික්ෂුවකට හෝ භික්ෂුණියකට උපෝසථ දිනයේ පාතිමොක්ඛ සජ්ජායනාවට සහභාගිවීමට ඉඩ නොදීමය. මේ පිළිබඳව බුදුන්වහන්සේ කරුණු 10ක් පෙන්වා ඇත: 1) පාරජිකාවක් කල තැනැත්තා රැස්වීමේ සිටීම 2) පාරජිකාවක් කල තැනැත්තා පිලිබඳ සාකච්චාව සිදුවෙමින් තිබෙනවිට 3) උපසම්පාදව නොලැබූ කෙනෙක් රැස්වීමේ සිටීම 4) උපසම්පාදව නොලැබූ කෙනෙක් ගැන සාකච්චාව සිදුවෙමින් තිබෙනවිට 5) සිකපද පුහුණුව අත්හළ කෙනෙක් රැස්වීමේ සිටීම 6) සිකපද පුහුණුව අත්හළ කෙනෙක් පිලිබඳ සාකච්චාව සිදුවෙමින් තිබෙනවිට 7) නපුංසක පුද්ගලයෙක් රැස්වීමේ සිටීම . සටහන: නපුංසක-පණඩක-eunuch. 8) නපුංසක පුද්ගලයෙක් පිලිබඳ සාකච්චාව සිදුවෙමින් තිබෙනවිට 9) භික්ෂුණි දූෂකයෙක් රැස්වීමේ සිටීම 10 ) භික්ෂුණි දූෂකයෙක් පිලිබඳ සාකච්චාව සිදුවෙමින් තිබෙනවිට. මූලාශ්‍ර:අංගු.නි: (6):10 නිපාත,10.1.4.2. පාතිමොක්ඛට්ඨපන සූත්‍රය,පි. 152, EAN:10: Suspending, p. 508.

▲ පාතිමොක්ඛ සංවර ශිලය: පාලි: පාතිමොක‍්ඛාසංවර සීලා- Pātimokkha restrained: උසස් පුහුණුවේ යෙදන භික්ෂුන්/ භික්ෂුණියන් ගේ ආධ්‍යාත්මික වර්ධනය පිණිස බුදුන් වහන්සේ පනවන ලද ශික්ෂා පද සමාදන්ව, නොකඩා රැකීම පාතිමොක්ඛ සංවර ශිලය ය.

▼ මේ සසුනේ භික්ෂුව, ශිල සම්පන්නව, පාතිමොක්ඛ සංවරය ඇතිව, ආචාර ගෝචර සම්පන්නව, සුළු වරදෙහි පවා බිය දකිමින්, සිල්පද සමාදන්ව, ඒවා ආරක්ෂා කරගනී: “සම‍්පන‍්නසීලා භික‍්ඛවෙ විහරථ සම‍්පන‍්නපාතිමොක‍්ඛා. පාතිමොක‍්ඛාසංවරසංවුතා විහරථ ආචාරගොචර සම‍්පන‍්නා. අණුමත‍්තෙසු වජ‍්ජෙසු භය දස‍්සාවී සමාදාය සික‍්ඛථ සික‍්ඛාපදෙසු” (Bhikkhus, dwell possessed of virtue, possessed of the Pātimokkha, restrained with the restraint of the Pātimokkha, perfect in conduct and resort, and seeing fear in the slightest fault, train by undertaking the training precepts). සටහන: යම් සීලයක් රකිනවිට, අපාය ආදී දුකෙන් මුදා ගන්නේද ඒ සීලය පාතිමොක්ඛ සීලයවේ. සංවරවීම යනු: ඒ සිල් පද නො කඩා වාසය කිරීමය. බලන්න: සිංහල විසුද්ධිමාර්ගය, පරිච්ඡේදය1.පි.69. මූලාශ්‍ර: ම.නි: ( 1 ): 1.1.6 ආකන්ඛේයිය සූත්‍රය, පි. 94, EMN: 6: Ākankheyya Sutta - If a Bhikkhu Should Wish, p. 99.

▼ පාතිමොක්ඛ සංවරයයෙන් සීලසම්පන්නවීම සේඛ පුහුණුව ලබන සංඝයා සතු උතුම් ගුණයකි. බලන්න: සේඛ හා අසේඛ. මූලාශ්‍ර: ම.නි: (2 ): 2.1.3 :සෙඛ සූත්‍රය, පි. 44, MN 53: Sekha Sutta, p. 436.

▲ පාතාලය-bottomless abyss: පෘතග්ජන ජනයා, මහා සාගරයේ පතුළේ, පතුලක් දැකිය නොහැකි ස්ථානයක් ඇතිබවත්, එය පාතාලය ලෙසින් හඳුන්වන බව බුදුන් වහන්සේ වදාළහ. ධර්මයට අනුව ‘පාතාලය’ ලෙසින් පෙන්වා ඇත්තේ, මහා වේදනාසහිතවූ කායික වේදනාවන්ටය. ධර්මය නොදත් පුද්ගලයා- (අශ්‍රැතවත්) මහා කායික දුක් වේදනා ඉවසාගත නොහැකිව හඬා වැළපේ, මුළාවට පැමිණේ. ඔහු පාතාලයෙන් ඉහළට පැමිණ නැත- පය තැබීමට තැනක් සොයාගෙන නැත. එහෙත්, ශ්‍රැතවත් ආරිය ශ්‍රාවකයා, මහා කායික වේදනා ඇතිවූවිට නොසැලේ, ඔහු පාතාලයෙන් ඉහළට පැමිණ ඇත- පය තැබීමට තැනක් සොයාගෙන ඇත යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍ර: :සංයු.නි: (4): සළායතනවග්ග: වේදනාසංයුත්ත: 1.20.4 පාතාල සූත්‍රය, පි.418, ESN: 36: Vedanasamyutta: 4.4 The Bottomless Abyss, p. 1335.

▲ පුත්‍රයා-Son: ගුණ 5 ක් ඇති පුතෙක් ලැබීමට දෙමාපියන් කැමති බව බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) දෙමාපියන් හට උපකාරවන 2) දෙමාපියන්ගේ කටයුතු කරණ 3) කුල පරම්පරාව දිගුකලක් ගෙනයාමට හැකිවන 4) පරම්පරා දායාද රැකගැනීමට හැකිවන 5) දෙමාපියන් මිය ගිය පසු ඔවුන්ට පින් අනුමෝදනා කිරීමට කටයුතු කරන. එවැනි පුත්‍රයෙක් ප්‍රසංසා ලැබීමට සුදුසුය. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: සුමනාවග්ග: 5.1.4.9 පුත්තසූත්‍රය, පි. 88, EAN:5: 39.9.Son, p. 250.

▼ පුත්‍ර වර්ග 3 කි: 1) අතිජාත: දෙමාපියන් දහම් මග නොගියද, දහම් මග යන පුත්‍රයා-දෙමාපියන්ට වඩා උසස් 2) අනුජාත: දෙමාපියන් මෙන් දහම් මග යන පුත්‍රයා-දෙමාපියන් හා සම 3) අවජාත: දෙමාපියන් මෙන් දහම් මග නොයන පුත්‍රයා-දෙමාපියන්ට වඩා පහත්. මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක: 3.3.5 පුත්‍රසූත්‍රය, පි. 432.

▲ පුත්‍ර මාංශ -Son's flesh: කය පෝෂණය පිණිස ගන්නා ආහාර (කබලින්ක) ගතයුත්තේ, විනෝදය පිණිස නොව සසර දුක නැති කරගැනීමට කටයුතු කිරීම පිණිස බව බුදුන් වහන්සේ මේ උපමාවෙන් පෙන්වා ඇත. කාන්තාරයකින් එතර වීමට යන දෙමාපියන්, ආහාර නොමැති කමින්, තමාගේ එකම පුත්‍රයා මරා ඔහුගේ මස් දුකින් විලාප කියමින් අනුභව කරන ලෙසින්, ආහාරෙයේ පිළිකුල දකිමින් එයට නො ඇලි ආහාර ගතයුතුවේ. එමගින් කාමආශාව දුරුකර ගත හැකිවේ. බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍ර:සංයු.නි: (2): නිදානවග්ග: අභිසමයසංයුත්ත: 1.7.3 පුත්‍රමාංශ සූත්‍රය, පි. 174, ESN: 12: Nidanasamyutta: VII: 63.3. Son’s Flesh, p. 696.

▲ ප්‍රතිග්‍රාහක- Receiver: ප්‍රතිග්‍රාහක ලෙසින් මෙහි පෙන්වා ඇත්තේ දානය ලබන සංඝයාය. දානය ලැබීම පිණිස තිබිය යුතු ගුණඅංග පිණිස බලන්න: සංඝදානය, දක‍්ඛිණාවිසුද‍්ධි, දානය.

▲ ප්‍රතිභාන-discernment: ප්‍රතිභාන (පටිභාන) ලෙසින් පෙන්වා ඇත්තේ අවබෝධය-යමක් වටහා ගැනීමේ හැකියාව-සියුම් නුවණය. බලන්න: පටිභානකතා. ප්‍රතිභානය: ධර්මය වැටහීම, හැකියාව, අවබෝධය අනුව පුද්ගලයෝ වර්ග 4ක් මෙහි පෙන්වා ඇත: 1) අර්ථය සහිතව අවබෝධය ඇත (අර්ථයුක්ත ප්‍රතිභානය) එහෙත්, යම් අවුල්සහගත කරුණු ඇත්නම් ඒවා නිරවුල් කිරීමට හැකියාව නැත. 2) අවුල්සහගත කරුණු ඇත්නම් ඒවා නිරවුල් කිරීමට හැකියාව ඇත, එහෙත් අර්ථයුක්ත ප්‍රතිභානය නැත. 3) අර්ථයුක්ත ප්‍රතිභානය ඇත, එසේම අවුල්සහගත කරුණු ඇත්නම් ඒවා නිරවුල් කිරීමට හැකියාව ඇත. 4) ඉහතකි කරුණු 2 ම නැත, අප්‍රතිභාන පුද්ගලයාය. මේ සතර පුද්ගලයන් අතරින් 3 වෙනි පුද්ගලයා ධර්මය වහා අවබෝධ කරගනි. ප්‍රතිභානය සිව් ආකාරය: 1) අවබෝධය තීයුණුය (අත්ථයුක්ත ප්‍රතිභාන), එහෙත් ප්‍රශ්න විමසීමේදී පිළිතුරු දීම ඉක්මන් නැත 2) අවබෝධය තීයුණු නැත, එහෙත්, ඉක්මනින් පිළිතුරු දෙයි 3) අවබෝධය තීයුණුය, එසේම ඉක්මනින් පිළිතුරු දෙයි 4) අවබෝධය තීයුණු නැත, එස්ම පිළිතුරු දීම ඉක්මන් නැත. සටහන: ප්‍රතිභානය සිව් පිළිසිඹියා ධර්මතාවයකි. බලන්න: සිව් පිළිසිඹියා. මූලාශ්‍ර: අංගු.නි: (2): 4 නිපාත: 4.3.4.2 පටිභාන පුග්ගල සූත්‍රය, පි.282, EAN:4: 132.2. Discernment ,p.196.

▲ ප්‍රතිසන්ධි චිත්ත- rebirth-consciousness: ප්‍රතිසන්ධි චිත්ත ලෙසින් මෙහි පෙන්වා ඇත්තේ යළිඋපතට හේතුවන සිතය. බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ විඥාන ආහරය මගින් ප්‍රතිසන්ධිය- මතු පුනර්භවය (නාම රූප හටගැනීම) සිදුවන බවය. (The nutriment consciousness is a condition for the production of future renewed existence). බලන්න: අවකන‍්ති, පුනර්භවය, විඥානය, කම්ම. සටහන: අටුවාවට අනුව: The nutriment consciousness: rebirth-consciousness (paṭisandhicitta). The production of future renewed existence (āyatiṃ punabbhavābhinibbatti): the name-and-form arisen along with that same consciousness. බලන්න: ESN: Note: 24, p. 939. මූලාශ්‍ර: සංයු.නි: (2): නිදානවග්ග: අභිසමයසංයුත්ත: 1.2.2 මොළියඵග්ගුන සූත්‍රය, පි.44, ESN: 12: Nidanasamyutta:12.12 Moliyaphagguna, p. 625.

▼ විඥාණ ආහාරය ප්‍රතිසන්ධිය පිණිස හේතුවේ. බලන්න: ආහාර.

▲ ප්‍රත්‍යවේක්ෂණ ප්‍රඥාව- Prathyavekshana panna:අක්කුප්ප ඥානය, අරහත්වය සාක්ෂාත් කරගැනීම පිණිස උපදවාගතයුතු නුවණ, ප්‍රත්‍යවේක්ෂණ ප්‍රඥාව ලෙසින් පෙන්වා ඇත. බලන්න: අක්කුප්ප ඥානය, උත්පාදයිතව්‍ය ධර්ම, ඉන්ද්‍රිය.

▲ ප්‍රත්‍යසන්නිශ්‍රිත ශිලය-Prathyasannishritha sila: ආරිය අටමග උපදවා ගැනීමට හේතුවන ශීලයක් ලෙසින් ප්‍රත්‍යසන්නිශ්‍රිත ශිලය පෙන්වා ඇත. බලන්න: ශිලය. මූලාශ්‍ර:සංයු.නි: (5-1) මහාවග්ග: මග්ගසංයුත්ත: සීලසූත්‍රය, පි. 78, ESN: 45: Maggasamyutta: 50. 55 virtue, p 1654.

▲ ප්‍රාතිහාර්ය: පාලි: පාටිහාරියං- miracles: ඉර්දී වඩාගැනීමෙන් ලැබෙන විශේෂවූ දක්ෂතා, ප්‍රාතිහාර්ය ලෙසින් දක්වා ඇත. ඉදු පෙළහර ලෙසින්ද පෙන්වා ඇත. ඉර්දීවඩා ගැනීම පිළිබඳ විස්තර පිණිස බලන්න: සංයු.නි. (5-2) මහාවග්ග:ඉද්දිපාද සංයුත්තය.

▼ තමන්වහන්සේ විශේෂ ඥානයෙන් අවබෝධ කළ ප්‍රාතිහාර්ය 3 ක් ඇතිබව බුදුන් වහන්සේ වදාළහ: 1) ඉද්දී -ඉර්දී ප්‍රාතිහාර්ය (ඉද‍්ධිපාටිහාරියං- miracle of psychic power) : විවිධවූ හාස්කම් දැක්වීමට ඇති හැකියාව. සමාධිය තුලින් විදසුන් නුවණ වඩා සිතේ කෙළෙස් නොමැතිවිට ඉර්දී වැනි අතිසාමාන්‍ය බල භික්ෂුවකට ලබාගත හැකිය. බුදුන් වහන්සේ වැඩසිටිසමයේ පැවති ‘ගාන්ධාරි; නම් විද්‍යාව පුරුදු පුහුණු කළ කෙනෙකුට ද ඉර්දී හාස්කම් දැක්විය හැකිනිසා ශ්‍රාවකයන්, ගිහියන් පැහැදවීම පිණිස ඉර්දී ප්‍රාතිහාර්යය කරන්න යයි තමන්වහන්සේ දහම් නොදෙසන බව බුදුන් වහන්සේ වදාළහ. සටහන: මෙහිදී ඉර්දීබලයෙන් කළහැකි ප්‍රාතිහාර්යන් පිලිබඳ විස්තර පෙන්වා ඇත. 2) ආදේශනා ප්‍රාතිහාර්ය (ආදෙසනාපාටිහාරියංmiracle of telepathy) : අනුන්ගේ සිත් දැනගැනීමේ හැකියාව. සමාධිය තුලින් විදසුන් නුවණ වඩා සිතේ කෙළෙස් නොමැතිවිට අනුන්ගේ සිත් දැනගැනීමේ නුවණ වැනි අතිසාමාන්‍ය බල භික්ෂුවකට ලබාගත හැකිවේ. බුදුන් වහන්සේ වැඩසිටිසමයේ පැවති ‘මණිකා- චින්තාමණි’ නම් විද්‍යාව පුරුදු පුහුණු කළ කෙනෙකුට ද අනුන්ගේ සිත් දැනගත හැකිනිසා තම ශ්‍රාවකයන්ට ගිහියන් පැහැදවීම පිණිස ආදේශනා ප්‍රාතිහාර්ය කරන්න යයි තමන්වහන්සේ දහම් නොදෙසන බව බුදුන් වහන්සේ වදාළහ. බලන්න: මණිකා චින්තාමණි විද්‍යාව3) අනුශාසන ප්‍රාතිහාර්ය (අනුසාසනි පාටිහාරියං-miracle of instruction) : ධර්මය උගන්වනවිට, එම උපදෙස ඒ අයුරින්ම පිළිපැද සසර දුකින් මිදී විමුක්තිය ලැබීම. මේ ප්‍රාතිහාර්ය ධර්මයේ විශේෂත්වයක්ය, කෙනෙකුගේ සිතතුලට කාවදින ප්‍රාතිහාර්යක්ය. මෙය හය ආකාර යෙන් සිදුවේ : i) මෙසේ සිතිවිලි පවත්වන්න ii ) මෙසේ සිතිවිලි නොපවත්වන්න iii) මෙසේ මෙනෙහි කරන්න iv) මෙසේ මෙනෙහි නොකරන්න v) මෙය අතහරින්න vi) මෙය ලබාගන්න. එම උපදෙස් ධර්මානුකූලව පිළිපදින විට ශිල, සමාධි, ප්‍රඥා පරිපූර්ණව උතුම් විමුක්තිය සාක්ෂාත්වේ. විමුක්තිය පිණිස ඉර්දී හා ආදේශනා හාස්කම් උපකාරිනොවේ. එමනිසා, බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට අනුමත කර ඇත්තේ අනුශාසන ප්‍රාතිහාර්ය පමණි. සටහන්: * කෙනෙක් ධර්මානුකූලව පුරුදු පුහුණුවන ක්‍රමවිධිය මේ සුත්‍රවල පෙන්වා ඇත. ** මේ ගුණ සහිතවූ රහතන්වහන්සේ සියලු දෙවි මිනිසුන් අතර අග්‍රවේ- උතුම්වේ ය යි බුදුන් වහන්සේ වදාළහ. බලන්න: රහතුන්සතු උතුම් ගුණ.** අංගු.නි(1) 3 නිපාතයේදී: බුදුන් වහන්සේ එම ප්‍රාතිහාර්ය 3 ගැන විස්තර දක්වා ඇත. එම තුන් ප්‍රාතිහාර්ය දැක්විය ඇති බොහෝ භික්ෂුන්, සසුනේ වැඩ වසන බව ද දක්වා ඇත. ** ඛු.නි: පටිසම්භිදා 2: 3-6 ප්‍රාතිහාර්ය කථා: මේ පිළිබඳව විස්තරාත්මකව පෙන්වා ඇත. ** දීඝ.නි: පාඨික සූත්‍රයේදී, බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “...ප්‍රාතිහාර්ය සිදුකළේ හෝ නොකළේ වුවද, මගේ ඉගැන්වීමේ අරමුණ වන්නේ, ඒ ඉගැන්වීම් පුරුදු පුහුණු කරන අය, දුක සහමුලින්ම විනාශකර දැමීමය”. මූලාශ්‍ර: දීඝ.නි: (1): 11 කෙවඩ්ඩ සූත්‍රය, පි. 500, EDN: 11, Kewaddaha sutta, p. 136,අංගු.නි: (1 ): 3 නිපාත: 3.2.1.10 සූත්‍රය, පි. 338, EAN:3: 60.10 Saṅgārava, p. 102.

▼ ඉර්දී ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය, අනුශාසනිය ප්‍රාතිහාර්ය, යන ගුණ ඇති උතුමා (අරහත්) අත්‍යන්ත නිෂ්ඨ බව ලබා ඇත (අවසාන නිගමනය-ultimate conclusion), අත්‍යන්ත යෝගකේෂමි (සියලු කෙළෙස් බැඳීම් හැර දැමීම-ultimate security from bondage, අත්‍යන්ත පර්යාසනය: බ්‍රහ්මචරියාව අවසන් කිරීම (ultimate consummation). එබඳු ගුණ ඇති රහතන්වහන්සේ සියලු දෙව් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨය යි බුදුන් වහන්සේ වදාළහ. බලන්න: අත්‍යන්ත බ්‍රහ්මචාරි. මූලාශ්‍රය:අංගු.නි: (1) 3 නිපාත:යෝධාජීවවග්ග: 3.3.4.12 සූත්‍රය, පි. 564.

▲ ප්‍රීතිය: පාලි: පීති - rapture: ධර්මයේ ප්‍රීතිය ලෙසින්පෙන්වා ඇත්තේ සිත සමාධියට පත් කරගැනීමට උපකාරීවන අංගයක් -සමාධිඅංගයක් ලෙසින්ය. අකුසල පහවීම නිසා සිත ප්‍රීතියට පත්වේ.බලන්න: සමාධිය, සුඛය

▼ ප්‍රමෝදය ඇතිවිම නිසා ප්‍රීතිය ඇතිවේ, ප්‍රීතිය ඇතිවිට සිත සංසුන්වේ: “...පාමොජ‍්ජං ඛො ආනන්‍ද පීතත්‍ථං පීතානිසංසා... පීතී ඛො ආනන්‍ද පස‍්සද‍්ධත්‍ථා පස‍්සද‍්ධානිසංසා” (The purpose and benefit of joy is rapture... purpose and benefit of rapture is tranquility) මූලාශ්‍ර:අංගු.නි: (6): 11 නිපාතය:නිසසය වගග: 11.1.1.කීමත්ථිය සූත්‍රය හා 11.1.2 න චේතනාය කරණිය සූත්‍රය, පි.611-614, EAN:11: Dependence: 1.1 What Purpose & 1-2 Volition, p.566.

▼ ජානසමාපත්ති ලබා ගැනීමෙන් ඇතිවන ප්‍රීතිය නිසා අකුසල ධර්ම 5 ක් පහවේ: 1) කාමඋපාදාන නිසා ඇතිවන දුක්දොම්නස 2) කාමඋපාදාන නිසා ඇතිවන සුඛසොම්නස3) අකුසල නිසා ඇතිවන දුක්වේදනා 4) අකුසල නිසා ඇතිවනසැප වේදනා 5) කුසල නිසා ඇතිවන සැප වේදනා. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: 5.4.3.6 පීතිසූත්‍රය, පි. 358, EAN:5: 176.6 Rapture, p. 294.

▲ප්‍රේත- Pretha: අයහපත් කම්ම විපාක නිසා සත්‍වයෝ ප්‍රේත භවයක් ලබති. ඛු.නි: ප්‍රේතවත්ථු පාලියේ, ප්‍රේතභව ලබාගත් සත්‍වයෝ පිලිබඳ විස්තර දක්වා ඇත.

▲ ප්‍රේතලෝකය - sphere of afflicted spirits: ප්‍රේතලෝකය, දසඅකුසලේ යෙදන මිනිසා යළි උපත ලබන දුගති ස්ථානයකි- සතර අපායෙන් එක් අපායකි. බලන්න: සතරඅපාය, පින්දීම, මළවුන් අනුස්මරනය. සටහන්: * ඛු.නි: ඛුද්දකපාඨ, තිරෝකුඩ්ඩ සූත්‍රයේ ප්‍රේතයන්, තම නෑදෑයන්ගෙන්, පින් ලබාගැනීමට බලා සිටින ආකාරය විස්තර කර ඇත. මළවුන් සිහිපත් කර දෙන දාන පුජා ආදියෙන් ඵල ලබාගත හැක්කේ ප්‍රේතලෝකයේ සිටින ප්‍රේතආදීන්ට පමණක්ය. ** ප්‍රේතයන් ගේ චුතිය හා යළි උපත පිලිබඳ විස්තර පිණිස බලන්න: සංයු.නි: (5-2) සච්චසංයුත්ත: 12.11.25 ප්‍රේතචුති සූත්‍ර. මූලාශ්‍ර: අංගු.නි (6 ) 10: නිපාතය:10.4.2.11 ජාණුස්සොණි සූත්‍රය, පි. 518, EAN:10: Jāṇussoṇī,177.11, p.554.

▼ඇටසැකිල්ලක් බඳු ප්‍රේත දර්ශනය: එක් සමයක, ලක්ඛණ තෙරුන්ගේ විමසීමක් අනුව මහා මුගලන් තෙරුන්, බුදුන් වහන්සේ සමීපයේදී, ගිජිකුළුපව්ව අසල ගැවසෙන ඇටසැකිල්ලක් බඳු ප්‍රේතයෙක් (අට්ඨසංඛලික) දිවැසින් දැකීම ගැන විස්තර කිරීම මෙහි පෙන්වා ඇත. බුදුන් වහන්සේ ද එම ප්‍රේතයා දැක ඇතිබව වදාළහ. ඒ සත්වයා පෙරදී ගව ඝාතකයෙක්ව, මස් ඇට කපා විකිණීමේ ආදීනව වශයෙන්- නරක කම්ම විපාක වසයෙන් දිගුකලක් නිරයේ දුක්විඳ, ඉතිරි විපාක ගෙවීම පිණිස මෙහි ප්‍රේතයෙක් ලෙසින් පහළවී ඇත. සටහන: විවිධ ප්‍රේත විස්තර: මස්වැදැල්ලක් බඳු ප්‍රේත, මස්පිඬක් බඳු ප්‍රේත, ඇඟසිවිය නැති ප්‍රේත, කඩුමුවහතක් බඳු ප්‍රේත, කඩුමුවහතක් බඳු ලොම් ඇති ප්‍රේත, ඊතල බඳු ලොම් ඇති ප්‍රේත, හිදිමුව ලොම් ඇති ප්‍රේත, කළයක් වැනි අන්ඩ ඇති ප්‍රේත විස්තර මේ සංයුත්තයේ විස්තරාත්මකව දක්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (2) නිදානවග්ග: ලක්ඛණසංයුත්ත:7.1.1. අට්ඨසංඛලික සූත්‍රය, පි.412.

▲ පොතලිය ගෘහපති- Householder Pothaliya:බලන්න: උපග්‍රන්ථය:3

▲ පොතලිය පරිබ්‍රාජක- Pothaliya Paribrajaka: බලන්න:උපග්‍රන්ථය: 3

පථ

▲ ප්‍රථම ජානය- First Jhāna: සිව් ජාන සමාපත්තියේ පළමුවැන්න ප්‍රථම ජානය ය. බලන්න: සමාධිය. ප්‍රථම ජානය ලබාගැනීම පිණිස කරුණු 6 ක් සම්පුර්ණ කරගත යුතුවේ: 1-5) කාමචන්දය ඇතුළු පංච නීවරන ප්‍රහීණය 6) කාමයෙහි ආදීනව සම්‍යක් ප්‍රඥාවෙන්- යථාභූත ඥානයෙන් දැකීම. සටහන: දෙවෙනි සූත්‍රයේ වෙනත් කරුණු 6 ක් පහකර ගැනීමෙන් ප්‍රථම ජානය ලබා ගන්නා අන්දම පෙන්වා ඇත: 1) කාමවිතක්ක 2) ව්‍යාපාද විතක්ක 3) විහිංසාවිතක්ක 4) කාමසංඥා 5) ව්‍යාපාදසංඥා 6) විහිංසාසංඥා. මූලාශ්‍ර:අංගු.නි: (4): 6 නිපාත: 6.2.2.9 හා 6.2.2.10 සූත්‍ර,පි.248, EAN:6: 73.9 & 74.10 suttas, p.359.

▲ පුථු ප්‍රඥාව: පාලි: පුථුපඤ‍්ඤා- extensiveness of wisdom:විවීධ ධර්මතා පිලිබඳ පැතිරීගිය අවබෝධය-ඥානය පුථු ප්‍රඥාව ය. ජවන ප්‍රඥාව, නිබ්බේධික ප්‍රඥාව, මහා ප්‍රඥාව, තීක්‍ෂණ ප්‍රඥාව, විපුල ප්‍රඥාව, ගාම්භීර ප්‍රඥාව හා අසාමන්ත ප්‍රඥාව හා පණ්ඩිත ප්‍රඥාව යන අෂ්ඨ (8) ප්‍රඥාවන් වැඩීමෙන් නැවත නැවත එහි යෙදීමෙන් පුථු ප්‍රඥාව පරිපුර්ණවේ: “ඉමා අට‍්ඨපඤ‍්ඤා භාවිතා බහුලීකතා පුථුපඤ‍්ඤං පරිපූරෙති”

පුථු ප්‍රඥාව යනු කුමක්ද? නානා ස්කන්ධ...නානාධාතු... නානාආයතන ...හේතුඵල ධර්ම (පටිච්චසමුප්පන්න)...ශුන්‍යතාඵල...සිව්පිළිසිඹියාව... ශීල-සමාධි-ප්‍රඥා ස්කන්ධ...විමුක්ති හා නවිමුක්ති ඥානදර්ශන ස්කන්ධ...ස්ථාන හා අස්ථාන නුවණ...විහාර සමාපත්ති... ආර්යසත්‍ය... සත්තිස් බොධිපාක්‍ය අංග... ආර්ය මාර්ගය...ශ්‍රමණඵල... අභිඥා ... පරමඅර්ථය නම්වූ නිවන ආදී ධර්මතා පිලිබඳ ඇති පැතිරීගිය නුවණ පුථු ප්‍රඥාවය.මූලාශ්‍ර: ඛු.නි: පටිසම්භිදා 2 :3.1 ප්‍රඥා කථා, පි. 166-174.

▼සතර ධර්මය ඇති පුද්ගලයාට (සෝතාපන්න) පුථු ප්‍රඥාව ඇතිවේ. “…ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ධම‍්මා භාවිතා බහුලීකතා පුථුපඤ‍්ඤාතාය සංවත‍්තනතිති”. (these four things, when developed and cultivated lead to the - extensiveness of wisdom). බලන්න: ප්‍රඥාව, සතර ධර්මය. මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග: සෝතාපන්න සංයුත්ත:11.7.2 පුථු ප්‍රඥා සූත්‍රය, පි. 280, ESN: Sotapatthisamyutta: 63.2 Extensiveness of wisdom, p. 2262.

▼ කායගතා සතිය වැඩීමෙන්, විපුල කරගැනීමෙන් පුථු ප්‍රඥාව ඇතිවේ. (Mindfulness directed to the body...when developed and cultivated, leads to the extensiveness of wisdom).මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: කායගතාසති වග්ග සුත්‍ර, පි. 125 EAN:1: Mindfulness Directed to the Body, p.52.

▼ වෙනත් මුලාශ්‍ර:1. “බොහෝ වූ නානාප්‍රකාර වූ ස්කන්ධ ධාතු ආයතන ප්‍රතීත්‍යසමුත්පන්න ශූන්‍යතානුපලභ‍්‍යමාන ධර්‍මයන් විෂයෙහි ද සීල සමාධි ප්‍රඥාදි ධර්‍මයන් විෂයෙහි ද පැවැති දැනීම පුථුපඤ්ඤා නම්වේ” https://pitaka.lk/dhammapada/ss/katha-28.html

පද

▲ පදුට්ඨ පුග්ගල-Padutta puggala:කෙනකුගේ සිත දූෂිතනම් (පදුට්ඨ චිත්ත), ඔහු ඒකාන්තයෙන්ම මරණින්මතු දුගතියේ උපත ලබයි. මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක: 1.2.10 පදුට්ඨ පුග්ගල සූත්‍රය, පි.364.

▲ පදුමා උපාසිකා-Paduma Upasika:බලන්න: උපග්‍රන්ථය:3

▲ පදුම නිරය- Paduma niraya: මෙය අවීචිනිරයේ කොටසක් ලෙසින් පෙන්වා ඇත. අයහපත් කම්ම විපාක ඵලදීම පිණිස සත්‍වයෝ යළි උපත ලබන දුගතියකි. බලන්න:කම්ම, නිරය, ආරිය උපවාද.

▲පදුම බුදුන්වහන්සේ-The Buddha Paduma: ගෝතම බුදුන් වහන්සේට පෙර ලොව පහලවූ පදුම බුදුන් වහන්සේ පිලිබඳ විස්තර මෙහි දක්වා ඇත. මූලාශ්‍ර: ඛු.නි: බුද්ධවංශ: 8 පදුම බුද්ධ වංශය, පි. 135.

▲පදුමුත්තර බුදුන්වහන්සේ- The Buddha Padumutthra:ගෝතම බුදුන් වහන්සේට පෙර ලොව පහලවූ පදුමුත්තර බුදුන් වහන්සේ පිලිබඳ විස්තර මෙහි දක්වා ඇත. මූලාශ්‍ර: ඛු.නි: බුද්ධවංශ: 10 පදුමුත්තර බුද්ධ වංශය, පි. 149.

▲ පදෙස විහාර ඥානය-Padesa vihara nana: පදෙස විහාර ඥානය-ප්‍රදේශ විහාර ඥානය යනු: ස්කන්ධආදීන්ගේ එකදෙශ වූ වේදනා ධර්මය පිඬු කරන ප්‍රඥාවය. මූලාශ්‍ර: ඛු.නි:පටිසම්භිදා 1:මහාවග්ග: ඥාණ කතා: 43 ප්‍රදෙශ විහාර ඥානය, පි. 224.

▲ පුදපුජා- Puda puja: පුදපුජා ලෙසින් පෙන්වා ඇත්තේ ගරුකිරීමට සුදුසු පුද්ගලයන් හට (බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය) කරන සැලකිලි, නමස්කාර ආදියය. ආමිස පුදපුජා නම් සිව්පසය පුජාකිරීම, වැඳ නමස්කාරය කිරීමය. නිරාමිස පුදපුජා වන්නේ, ත්‍රිවිධ රත්නය වෙනූවෙන් කරන පුදපුජාවන්ය: ශිලසම්පන්නවීම, භාවනාව වැඩිම ආදී සිත පෙරටු කරගෙන සිදු කරන කටයුතුය. බලන්න: උත්තම දසපුද්ගලයෝ.

▲ පුද්ගල අයහපත් කරුණු -Factors that brings harm to people පුද්ගලයන් තුළ ඇතිවන කරුණු 3 ක් නිසා-ලෝභය දේවේශය, මෝහය නිසා ඔවුන්ට අයහපත ඇතිවේ, හානි සිදුවේ, දුක ඇතිවේ, ජිවිතයේ අපහසුබව ඇතිවේ යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. සටහන්: * ඒ පිලිබඳ උපමාව: බට, කෙසෙල් ආදීයේ, ඒවා තුළ ඇතිවන ඵලය නිසා විනාශයට පත්වේ, එලෙස, සිත තුල හටගන්නා අකුසල නිසා මිනිසා විනාශයට පත්වේ. බලන්න: උපග්‍රන්ථය-උපමා (ඵලය නිසා විනාශය). මූලාශ්‍ර: සංයු.නි: (1): සගාථවග්ග: කෝසල සංයුත්ත: 3.1.2 පුරිස සූත්‍රය, පි. 158, ESN: 3: Kosalasamyutta: 2.2 A Person, p. 219.

▲ පුද්ගල දෙවර්ගය- Two kind of persons: 1. කෙළෙස් ස්වභාවය අනුව පුද්ගල වර්ග 2කි: 1) එක් පුද්ගලයෙක් හට දැඩි කෙළෙස් නොමැත, එහෙත් ඒබව ඔහු නොදනි 2) තවත්, පුද්ගලයෙක් හට දැඩි කෙළෙස් නොමැත, ඒබව ඔහු දනි. බලන්න: අනංගණ. 2. ධර්මයේ අල්පශ්‍රැත බව අනුව පුද්ගල වර්ග 2කි: 1)ධර්මය ඉතා සුළුවෙන් අසයි, එහි අර්ථ නොමදනී 2) ධර්මය සුළුවෙන් අසා ඇත, එහෙත් එහි අර්ථය දනී. බලන්න: අල්පශ්‍රැත. 3. අපණ්ණක ධර්මය අනුව: 1) සම්මා දිට්ඨිය ඇති පුද්ගලයා අපණ්ණක ප්‍රතිපදාවට ඇතුලත්වී ඇත. 2) සම්මා දිට්ඨිය නැති (මිථ්‍යාදිට්ඨිය ඇති) පුද්ගලයා අපණ්ණක ප්‍රතිපදාවට ඇතුලත්වී නොමැත. බලන්න: අපණ්ණක ධර්මය හා පටිපදාව. 4. ආස්‍රව අනුව: 1) ආස්‍රව වැඩිවන අන්දමට කටයුතු කරන්නා 2) ආස්‍රව පහවන අන්දමට කටයුතු කරන්නා. බලන්න: ආස්‍රව හා ආස්‍රව ක්‍ෂය කිරීම. 5. උපත හා සිල්වත්, දුසිල්වත් බව අනුව පුද්ගලයෝ 2 කි: බලන්න: ඔනතොනත හා ඔනතුන්නත පුද්ගලයෝ. 6. කුසල ශිලය ඇති හා කුසල ශිලය නැති පුද්ගල වර්ග 2කි. බලන්න: කුසලශිලය හා අකුසලශිලය.

▲ පුද්ගල තුන් වර්ගය- Three kind of persons: 1. සිත අනුව: 1) පැරණි වනයක් බඳු සිත ඇති පුද්ගලයා (whose mind is like an open sore): නිතර කෝපයට පත්වෙන තැනැත්තා 2) විදුලිය බඳු සිත ඇති පුද්ගලයා (whose mind is like lightning): චතුසත්‍ය වහා අවබෝධ කරගන්නා තැනැත්තා 3) දියමන්තියක් (විදුරක්) බඳු සිත ඇති පුද්ගලයා (පැහැදිලි සිතක් ඇති-whose mind is like a diamond): සියලු ආසව ක්‍ෂය කළ රහතන්වහන්සේ. මූලාශ්‍ර: අංගු.නි: (1 ): 3 නිපාත: 3.1.3.5 සූත්‍රය, පි. 268, EAN: 3: 25.5 Diamond, p. 86.

2. ආධ්‍යාත්මික දියුණුව අනුව: කායසක්ඛි, දිට්ඨිප්පත්ත, සද්ධාවිමුත්ත: විස්තර පිණිස බලන්න:අංගු.නි:3 නිපාත: 3.1.3.1 සූත්‍රය, පි.260 හා සත් ආරිය පුද්ගලයෝ.

3. ධර්මය ලැබීම අනුව: 1) ධර්මය ඇසු හෝ නොඇසු මේ පුද්ගලයා ආධ්‍යාත්මික මගට පිවිසි නැත. මේ පිලිබඳ උපමාව: ගිලන් පුද්ගලයෙක් සිටි, ඔහුට සුදුසු ආහාර, බෙහෙත් හෝ උපස්ථාන නොලැබීම නිසා සුවපත්නොවේ. 2) ධර්මය ඇසු හෝ නොඇසු, කුසල දහම ඇති මේ පුද්ගලයා ආධ්‍යාත්මික මගට පිවිසි ඇත. මේ පිලිබඳ උපමාව: ගිලන් පුද්ගලයෙක් සිටි, ඔහුට සුදුසු ආහාර, බෙහෙත් හෝ උපස්ථාන නොලැබේ, එහෙත් ඔහු සුවපත්වේ. 3) මේ පුද්ගලයාහට තථාගතයන් දැකීමට ලැබේනම්, ධර්මය අසන්නට ලැබේනම් ඔහුට ආධ්‍යාත්මික මගට පිවිසිය හැකිය. එමනිසා ධර්මය දේශනා කලයුතුවේ. මේ පිලිබඳ උපමාව: ගිලන් පුද්ගලයෙක් සිටි, ඔහුට සුදුසු ආහාර, බෙහෙත් හෝ උපස්ථාන ලැබේනම්, එහෙත් ඔහු සුවපත්වේ, ඒවා නොලැබේ නම් ඔහු සුවපත් නොවේ. එවැනි ගිලන් අයට සුදුසු අහර ආදියය නියම කර ලැබෙනවිට, අනිකුත් ගිලන් අයටද එම සේවා ලැබීම නිසා ඔවුන්ද සුවපත්වේ. බලන්න: උපග්‍රන්ථය-උපමා (ගිලන් උපමාව) මූලාශ්‍ර: අංගු.නි: (1 3 නිපාත:3.1.3.2 සූත්‍රය, පි. 264, EAN:3: 22-2 sutta, p. 85.

4.අන්‍යන්ට ධර්මයට පිවිසීමට උපකාරීවන අන්දම අනුව 1) යම් පුද්ගලයෙක් හට තිසරණ සරණ ලබාදෙන ගුරුවරයා 2) යම් පුද්ගලයෙක් හට චතුසත්‍ය අවබෝධ කර සෝතාපන්න වීමට උපකාරිවන ගුරුවරයා 3) යම් පුද්ගලයෙක් හට අරහත් වීමට උපකාරිවන ගුරුවරයා. සටහන: එවැනි ගුරුවරයෙකු ලබාදුන් උතුම් සේවයට ප්‍රත්‍යඋපකාර -කළගුණ කර අවසන් කළ නොහැකිය. මූලාශ්‍ර:අංගු.නි: (1): 3 නිපාත: 3.1.3.4 සූත්‍රය, පි. 268, EAN: 3: 24.4 Helpful, p. 86.

5. ශිල සමාධි ප්‍රඥා මට්ටම අනුව :1) කෙනෙක් ශිල සමාධි හා ප්‍රඥාවෙන් තමන්ට වඩා හීන නම් ඔහුගේ ආශ්‍රය නුසුදුසුය. එහෙත්, අවස්ථානුකුලව ඔහුට දයාවන්ත වියයුතුය. 2) කෙනෙක් ශිල සමාධි හා ප්‍රඥාවෙන් තමන් හා සමාන නම් ඔහුගේ ආශ්‍රය සුදුසුය. 3) කෙනෙක් ශිල සමාධි හා ප්‍රඥාවෙන් තමන්ට වඩා උසස්නම් ඔහුට නිසි ගරුබුහුමන් කලයුතුවේ.

තම ගුණ වලට නොසම මිනිසුන් - ඇසුර නුසුදුසුය, පිරිහීම ඇතිවේ; තමගුණ හා සමවූ මිනිසුන්- ඇසුර සුදුසුය, පිරිහීම ඇති නොවේ; තමගුණ වලට වැඩි උතුමන්- ඇසුර සුදුසුය, දියුණුව ලඟාවේ; එම කරුණ සිතට ගෙන එවන් උතුමන් - නිතිපතා ඇසුරු කළයුතු වේ. මූලාශ්‍ර: අංගු.නි: (1): 3 නිපාත: 3.1.3.6 සූත්‍රය, පි. 270, EAN: 3: 26.6 sutta, p. 86.

6. ගති අනුව: 1) දුශ්ශිල පුද්ගලයා ඇසුරු නොකළ යුතුය 2) ද්වේශ සහගත පුද්ගලයා: ඔහු පිළිබඳව උපේක්ෂාව ඇතිකරගත යුතුවේ 3) ශිල්වත් යහපත් පුද්ගලයා ඇසුරු කිරීම මැනවි. මූලාශ්‍ර: අංගු.නි: (1 ): 3 නිපාත: 3.1.3.7 සූත්‍රය, පි. 272, EAN: 3: 27.7 sutta, p. 87.

7.කථාව යහපත් හා අයහපත්: 1) අයහපත් කතාවේ යෙදෙන-අසත්‍ය කතා කරන අය-ගොමවැනි කතා කියන (ගූථභාණි) 2) යහපත් කතාවේ යෙදෙන-සත්‍ය කතා කරන අය-මල්වැනි කතා කියන (පුප්ථභාණි) 3) ආචාරශීලිව-මෘදු , ප්‍රසන්න වචන කතා කරන අය-මීපැණි වැනි කතා කියන (මධුභාණි) මූලාශ්‍ර:අංගු.නි: (1 ): 3 නිපාත: 3.1.3.8 සූත්‍රය, පි. 273, EAN: 3: 28.8 sutta, p. 87.

8.ඇස්ඇති හා ඇස්නොමැති 1) ඇස්නොමැති- අන්ධ :සම්පත් ලබාගැනීමට හැකියාව නැති කුසල අකුසල නොදත් අනුවණ අය 2) එක් ඇසක්ඇති (ඒකචක්ඛු):සම්පත් ලබාගැනීමට හැකියාව ඇත, එහෙත් කුසල අකුසල නොදනී 3) ඇස් ඇති( දෑස් ඇති-ද්වි චක්ඛු): සම්පත් ලබාගැනීමට හැකියාව ඇත, කුසල අකුසල දන්නා නුවණ ඇත.

අනුවණ බාල අන්ධයා හට-නොමැත වාසනාව, ධනයට. ඔහු කුසල් නොකරයි- දෙව්ලොව උපත නොලබයි.

එකැස් ඇත්තා -කුහක ගති ඇත්තා ඔහු ලබයි සම්පත්- දහමින් අදහමින්, සොරකම, කපටිකම හා මුසාවෙන්, මහා සම්පත් ගොඩකර ගනිමින් මෙලොව කම් සැප නිති විඳිමින්, නිරයට පැමිණ, ලබයි මහා පීඩාවන්.

දෑස් ඇත්තා ඉහළම පුඟුලා වෙයි; තම වෙහෙසෙන්ම ධනය උපයයි. යහපත් ලෙසින් ලැබු ධනයෙන්, ඉහළින්ම දන්දෙයි හොඳ අරමුණින්. යහපත් තැනක යළි උපත ලබා ඔහු වෙසෙයි, දුක් කරදර ඉවතළා.

අඳ මිනිසා හා එකැස් ඇත්තා දුර දකිනවිටම මග හරින්න. දුටුවොත් ඔබ දෑස් ඇත්තා, වහා හමුවි මිතුරෙක් කරගන්න, ඔහු උතුමෙකි ඇසුරු කළයුතු.

මූලාශ්‍ර:අංගු.නි: (1): 3 නිපාත: 3.1.3.9 සූත්‍රය, පි. 275, EAN: 3: 29.9 sutta, p. 87.

9. ප්‍රඥාව ඇති හා ප්‍රඥාව නොමැති: 1) යටිකුරු ප්‍රඥාව ඇති අය (අවකුජ්ජ පඤඤා- Inverted wisdom): යහපත් ධර්මය ඇසුවද දහම් කරුණු සිතේ නොපිහිටන අය. උපමාව: කලයකට වතුර පුරවා, එය මුණින් නමා හිස්කරන ලෙස දහම සිතේ නොපවතී (යටිකුරුකල කලය උපමාව) 2) ඔඩොක්කුවේ ප්‍රඥාව ඇති අය (උච්ඡඬ පඤඤා- lap-like wisdom): යහපත් ධර්මය අසයි, එහෙත්, නැගීසිටිනවිට දහම් කරුණු සිහියේ නැත. උපමාව: වාඩිවී සිටිනවිට ලැබෙන කෑම ඔඩොක්කුවේ තබාගනී, නැගිටගත්විට ඒවා බිම විසිරි යයි (ඔඩොක්කුව උපමාව) විපුල ප්‍රඥාව ඇති අය ( පුථුපඤඤා- wide wisdom): යහපත් ධර්මය මැනවින් අවබෝධ කරගනි. උපමාව: උඩුකුරුව තැබූ කාලයකට දැමු වතුර එහි රඳා පවතින ලෙස. (උඩුකුරු කලය උපමාව).

යටිකුරුවූ නුවණ ඇති මිනිසා; අනුවණය, දහම වටහානොගනී.

නිතර, යතිඳුන් සොයා යන ඔහු; දහම ඇසුවද, නුවණ මද නිසා; සිතේ තැන්පත් නොකරගනී.

උකුලේ නුවණ ඇති මිනිසා; පෙරකී අයට වඩා හොඳයි. ඔහුද නිතර සඟ හමුවට යයි; වාඩිවී මැනවින් බණ අසයි. එහෙත්, නැගීසිට ගත් කළ, උකුලේ ඇතිදේ බිම පතිත වනලෙස ඇසු දහම සිතින් ගිලිහි යයි.

මේ හැම මිනිසුන් අතරින්; විපුල නුවණ ඇති මිනිසා; උතුම්ය, ඔහු ඉහලින්ම සිටි.

දහමට කැමති ඔහු, සඟ වෙතින්, නිතර බණ අසා, සිතේ දරා ගනී. නොවිසිරෙන සිත ඇතිව, දහම සිත තුළට ගෙන, දහමට අනුව පුහුණුවන. ඔහුට, නිමකළ හැකිය සසර දුක.

බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍ර:අංගු.නි: (1): 3 නිපාත: 3.1.3.10 සූත්‍රය, පි. 277, EAN: 3: 30.10 sutta, p. 88.

10) මානය අනුව පුද්ගල වර්ග 3කි: අතිමානය, මානය, හීනමානය. බලන්න: මානය.

▲ පුද්ගල සිව්වර්ග- 4 kind of persons:

1) ක්‍රියාඅනුවතුන්දොරින් සාවද්‍ය (වැරදි) ක්‍රියා කරන පුද්ගලයන් තිදෙනකි, තුන්දොරින් අනවද්‍ය (නිවැරදි) ක්‍රියා කරන එක් පුද්ගලයකි. බලන්න: අනවද්‍ය ධර්ම හා සාවද්‍ය ධර්ම. මූලාශ්‍ර: අංගු.නි: ( 6 ): 10 නිපාත සාධු වග්ග: 10.3.4.7 සාවජ්ජ සූත්‍රය, පි.470, EAN: 10: Good: p.548.

2) හිංසා කිරීම අනුව1.අත්තන්තප පුද්ගල : තමාට වද හිංසා පමුණුවා ගැනීමේ පිළිවෙත අනුගමනය කරයි: නිර්වස්ත්‍රව, ආචාර ධර්ම නොපිළිගෙන, විවිධවූ යෝග ක්‍රියාවල යෙදෙමින් කයට වේදනා ගෙනදේ. 2.පරන්තප පුද්ගල: අනුනට වද හිංසා කිරීමේ පිළිවෙත අනුගමනය කරයි: අනුන් ලවා සතුන් මරවයි, වෙනත් අයට වද හිංසා පමුණුවයි. 3. අත්තන්තප-පරන්තප පුද්ගල: තමාටද, අනුන්ටද වද හිංසා කිරිමේ පිළිවෙත අනුගමනය කරයි. රජවරු ආදී බලසම්පන්න පුද්ගලයෝ තමනට කායික හිංසා කරමින් යෝගකර්මයේ යෙදේ. ඔවුන් තමන්ගේ සේවකයන්, යටත් වැසියන් ලවා යාග හෝම පිණිස සතුන් මරවවමින් ඔවුන්ට ද දුක ගෙනෙදේ. 4. අහිංසක -සුවපත්වූ උතුම් පුද්ගලයා: ඔහු 1, 2 හා 3 යන පුද්ගලයන් අනුගමනය නොකරයි. සියලු කෙළෙස් හැර මගඵල සුවය මෙලොවදීම ලබන ආරිය උතුමා. (රහතන්වහන්සේ). මූලාශ්‍ර:ම.නි: (2 ) 2.1.1 කන්දරක සූත්‍රය, පි. 18 හා 2.1.10 අපන්ණක සූත්‍රය, පි.124, EMN: 51: Kandaraka Sutta, p. 425 & 60: Apaṇṇaka Sutta- The Incontrovertible Teaching, p. 478.

3) ධර්මය අවබෝධකරන අන්දම අනුව-දහම් නුවණ අනුව ධර්මය අවබෝධ කරගන්නා ආකාරය අනුව මේ ලෝකයේ පුද්ගලයන් සිව්දෙනක් වේ: 1) උග‍්ඝටිතඤ‍්ඤු (understands quickly): ධර්මය වහා අවබෝධකර ගන්නා පුද්ගලයා. ඔහුට දහම් දැනුම ඇත, එමනිසා, දහම ඇසු පමණින්ම, චතුසත්‍ය අවබෝධය ලැබී විමුක්තිය ලබාගැනීමට සමත්වේ. 2) විපචිතඤ‍්ඤු (understands through elaboration): ධර්මය විස්තරාත්මකව පහදා දීම අවශ්‍ය පුද්ගලයා. කෙටි දහම් කරුණු විස්තරකරදීම නිසා ලබන අවබෝධය තුලින් ඔහුට විමුක්තිය ලබා ගැනීමට හැකියාව ඇත. 3) නෙය්‍යා පුද්ගල (needs to be guided): මග පෙන්වීම මගින් ධර්මය ක්‍රමයෙන් අවබෝධ කරගන්නා පුද්ගලයා. ඉගැන්වීම් මගින්, ප්‍රශ්න ඇසීමෙන්, යෝනිසෝමනසිකාරයෙන් ධර්ම කරුණු සලකා බැලීමෙන්, කල්‍යාන මිත්‍ර සේවනය නිසා ඔහුට ක්‍රම ක්‍රමයෙන් ධර්මය අවබෝධ කර විමුක්තිය ලබා ගැනීමට හැකිවේ 4) පදපරම: බොහෝ දහම් කරුණු අසා සිතේ දරා ගෙන සිටියද, මේ භවයේ විමුක්තිය ලබාගැනීමට අවබෝධය නොමැති පුද්ගලයා.බලන්න: බෝධි භික්ඛු හිමිගේ සටහන: EAN: note: 831,p.623. මූලාශ්‍ර: අංගු.නි: ( 2): 4 නිපාත:4.3.4.3 නෙය්‍යාපුග්ගල සූත්‍රය, පි. 281, EAN:4: 133.3 Of Quick Understanding,p.196.

4) කෙළෙස් අනුව: කෙළෙස් ඇතිබව දන්නා හෝ නොදන්නා පුද්ගල වර්ග 4 ක් පිළිබඳව සැරියුත් තෙරුන් විස්තර කර ඇත. ලාමක ආශාවන්ට යට විමනිසා භික්ෂුව තුළ කෙළෙස් හටගනී. බලන්න: කෙළෙස්. මූලාශ්‍ර:ම.නි:(1)1.1.5 අනගංණ සූත්‍රය,පි.74,EMN:5 Without blemishes, p. 94.

5) තමාට හා ලෝකයාට හිතබව හා අහිතබව:මේ ගණයට ගැනෙන පුද්ගලයන් 4 දෙනක් ගැන මේ සූත්‍රයේ විස්තරාත්මකව පෙන්වාඇත. මූලාශ්‍රය: අංගු.නි: (2): 4 නිපාත: අසුරවග්ග: 4.2.5.6 රාගවිනය සූත්‍රය, පි.204.

6) ගරු පුද්ගලයන් 4 ක් ගැන මෙහි දක්වා ඇත. බලන්න: ගරු පුද්ගල.

7) ජානසමාපත්ති ලබන පුද්ගල වර්ග 4ක් මෙහි දක්වා ඇත. බලන්න: ජාන.

▲ පුද්ගල පස් වර්ගය-5 kind of persons: ස්වභාවය අනුව: 1) පළමු අවජානිපුද්ගල-(දත්වා අවජානි -one who gives and then despises) :මොහු සිව්පසය දේ, ඉන්පසු දුන් පුද්ගලයාට අවමන් කරයි 2) දෙවෙනි අවජානිපුද්ගල (සංවාස අවජාන-one who despises as a result of living together): මොහු කෙනෙක් සමග එක්ව වාසය කර, ඉන්පසු තමා හා එක්ව සිටි කෙනා ගැන අවමන් කරයි. 3) ග්‍රහණමුඛ පුද්ගල (පහසුවෙන් රැවටෙන- person gullible for gossip: මොහු අන්‍යන්ගේ ගුණ හෝ නුගුණ ඇසුවිට එය වහා පිළිගනී.4) ලොලෝ පුද්ගල (අත්තනොමිතික- චපල-capricious person): ඔහුට ශ්‍රද්ධාව, පිළිගැනීම, ආදර ගෞරවය ආදී ගුණ නැත.5) පුද්ගල ලොලෝ:

(මන්දබුද්ධික- dull and stupid): කුසල අකුසල පිලිබඳ අවබෝධය නැත මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: තිකන්ඩකිවග්ග: 5.3.5.1 අවජානාති සූත්‍රය, පි.290, EAN: 5:V: 141.1 sutta, p.283.

▲ පුද්ගල සය වර්ගය- 6 kind of persons: මෙහිදී, පුද්ගලයන්ගේ උත්පත්තිය , ස්වභාවය, නැඹුරුකම් අනුව ඔවුන් කොටස් 6 කට බෙදා පෙන්වා ඇත. බලන්න: ඡළඅභිජාති.

▲ පුද්ගල අට වර්ගය -8 kind of persons: දැඩි ආශාව නිසා ධර්ම මාර්ගයේ පිරිහෙන පුද්ගලයන් 4ක් හා දැඩිආශාව ඇතිවූ විට ඒවා මැඩ ගෙන ධර්ම මාර්ගය දියුණු කරගන්නා පුද්ගලයන් 4 ක් ගැන මෙහි විස්තර කර ඇත. බලන්න: ඉච්ඡාව

▲ පුද්ගල දස වර්ගය- Ten kind of persons: 1) ධනය ධාර්මිකව හා අධාර්මිකව උපයා, කාමයෙහි සතුටුවන (කාමභෝගී) පුද්ගලයන් දස දෙනෙක් සිටි. බලන්න: කාමභෝගී පුද්ගලයෝ. 2) ආධ්‍යාත්මික වෙනස්කම් ඇති පුද්ගලයන් දස දෙනෙක් ගැන මෙහි පෙන්වා ඇත. බලන්න: තථාගතයන් වහන්සේ. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: 10.2.3.5 මිගසාලා සූත්‍රය, පි. 274, EAN:10: 75.5 Migasālā, p. 522.

▲ පුද්ගලනානත්‍වය- Differentiation of people: පුද්ගල නානත්‍වය ලෙසින් පෙන්වා ඇත්තේ, සද්ධා, විරිය, සති, සමාධි හා ප්‍රඥා ඉන්ද්‍රියයන්, ආධ්‍යාත්මික ඉන්ද්‍රිය වර්ධනය අනුව, ධර්මමාර්ගයේ ගමන් කරන පුද්ගලයන් ලබන ප්‍රතිලාභ විවිධබවය: ඉන්ද්‍රිය ධර්ම වර්ධනය අනුව සතරමග ඵල ලබා ගැනීම වෙනස්වේ. බලන්න: ඉන්ද්‍රිය නානත්‍වය, ඵලනානත්‍වය, පුද්ගලනානත්‍වය.

▼ බ්‍රහ්මචාරි හා බ්‍රහ්මචාරි නොවන පුද්ගලයන්, මරණින් මතු සමානවූ ස්ථානයක පහළවීම පිළිබඳව ගිහිඋපාසිකාවක් වූ මිගජාලා, ආනන්ද තෙරුන් වෙතින් කරන ලද විමසීමක් අනුව බුදුන් වහන්සේ මේ සූත්‍රයන් වදාළහ. සාමන්‍ය ලෝකයාට පුද්ගලයන් ගේ ඉන්ද්‍රිය වර්ධනය පිලිබඳ තීරණය කිරීමේ හැකියාව නොමැත. එම හැකියාව ඇත්තේ තථාගතයන් හෝ උන්වහන්සේට සමාන උතුමෙක්හට පමණි. බලන්න: ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය සටහන: පළමු සූත්‍රයේ ඉන්ද්‍රිය වර්ධනයේ වෙනස්කම් අනුව, පුද්ගලයන් 6 දෙනක් ගේ පරලොව ගමන වෙනස්වන ආකාරය පැහැදිලි කර ඇත. දෙවන සූත්‍රයේ පුද්ගලයන් 10 දෙනක් ගැන විස්තර පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: 6 නිපාත: 6.1.5.2 මිගසාලා සූත්‍රය, පි.130, 10 නිපාත: 10.2.3.5 මිගසාලා සූත්‍රය, පි.274.

▲ පුද්ගලික ප්‍රසාදය- personal confidence: පුද්ගලික ප්‍රසාදය ලෙසින් මෙහි පෙන්වා ඇත්තේ බුදුන් වහන්සේ කෙරෙහි ඇති ප්‍රසාදයය, දැඩි විශ්වාසයය. පුද්ගලික ප්‍රසාදය ඇති ගිහි උපාසකයන් අතුරින්, ජිවක කොමාරභච්ච වෛද්‍යවරයා, අග්‍ර බව බුදුන් වහන්සේ වදාළහ. බලන්න: උපග්‍රන්ථය:3

▲ පුද්ගලික සත්‍යයන් පහකිරීම: පාලි : පනුණ‍්ණපච‍්චෙකසච‍්චො -dispel of personal truths: ලෝකයේ ඇති පුද්ගලික සත්‍ය නම් මිනිසුන් තුල ඇති විවිධ මත දිට්ඨි හා පිලිගැනිම්ය. ආරියෝ මේවා බැහැර කර සිටි. බලන්න: දිට්ඨි, ආරිය වාසස්ථාන.

▼ ආරියෝ ලෝකයේ ඇති සියලු පුද්ගලික සත්‍ය බැහැර කර ඇතය යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. ඔවුන්, විසින් ඒ දේ මැනවින් දුරලා ඇත, පහ කර ඇත, අත හැර දමා ඇත, ප්‍රතික්ෂේපකර ඇත, ප්‍රහිනය කර ඇත, තබා ගෙන නැත, ප්‍රහාණය කර ඇත, සහමුලින්ම පහකර ඇත. එකල, ලෝකයේ පැවති දිට්ඨි 10 ඔවුන් පිළිනොගනී. මූලාශ්‍ර: අංගු.නි: (6 ):10 නිපාත: 10.1.2.9 පඨමාරියවාස සූත්‍රය, 10.1.2.10 හා දෙවෙනි අරියවාස සූත්‍රය, පි.82-84, EAN:10:19.9 & 20.10 Abodes of the Noble Ones, p. 498-499.

පධ

▲ පධාන - Striving: පධාන ලෙසින් ධර්මයේ පෙන්වා ඇත්තේ මාර්ගය වඩා ගැනීම පිණිස කරන විරීයය- ප්‍රධාන වීරියය- ප්‍රධන් විරිය. බලන්න: වීරිය, සම්‍යක් ප්‍රධාන වීරිය. සටහන්: * බෝසතුන් බුදුවීමට පෙර ප්‍රධාන වීරිය වඩා මාරයා ජයගැනීම පිලිබඳ විස්තර පිණිස බලන්න: ඛු.නි: සූත්ත නිපාත: 3 මහාවග්ග: 3-2 පධාන සූත්‍රය. ** ප්‍රධන්විරිය පිණිස, තරුණබව, අල්පාබාධ, පිඬුසිඟා යැමට මනා පරිසරය තිබීම, ජනයා අතර සමගිය, සංඝයා අතර සමගිය උපකාරිවේ. බලන්න: අසමය හා සමය.

▲ පධාන සතර - The 4 strivings: පධාන සතර- සතර ප්‍රධාන වීරිය - සතර සම්‍යක් ප්‍රධාන විරිය ලෙසින්ද පෙන්වා ඇත: 1) සංවර ප්‍රධාන වීරිය (Striving by restraint):නුපන් ලාමක අකුසල ඇතිනොවීම පිණිස: ඡන්දය උපදවීම, වෑයම් කිරීම, සිත තිර කොට ගැනීම, වීරිය ආරම්භ කිරීම. 2) ප්‍රහාන ප්‍රධාන වීරිය (striving by abandonment): ලාමක අකුසල ප්‍රහීණය පිණිස: ඡන්දය උපදවීම... 3) භාවනා ප්‍රධාන වීරිය (striving by development ): නුපන් කුසල් ධර්ම ඇතිකර ගැනීම පිණිස: ඡන්දය උපදවීම... 4) අනුරක්ෂණා -අනුරක්ඛනා ප්‍රධාන වීරිය (striving by protection): උපන් කුසල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස, විනාශ නොවීම පිණිස, බොහෝකර ගැනීම පිණිස, විපුල කර ගැනීම පිණිස, පරිපුර්ණ කරගැනීම පිණිස ඡන්දය උපදවීම...). දුක නැතිකරගැනීමට, කෙළෙස් ප්‍රහීණය පිණිස මේ සතර ප්‍රධන් වීරිය වැඩිය යුතුවේ. සටහන්: * මේ සූත්‍රයේදී බුදුන් වහන්සේ ආදිත්‍ය බන්ධු (Kinsman of the Sun) ලෙසින් පෙන්වා ඇත. බලන්න:බුද්ධනාම ** සතර සම්‍යක් ප්‍රධාන විරිය, අසේඛබල 10 න් එකකි. බලන්න: ආස්‍රව හා ආස්‍රව ක්‍ෂය කිරීම. ** ප්‍රධන් විරිය වඩන ආකාරය, චතුසම්මප්පධාන ලෙසින් පෙන්වා ඇත. බලන්න: චතුසම්මප්පධාන. මූලාශ්‍ර: අංගුනි: (2 ): 4 නිපාත: 4.2.2.9 පධාන සූත්‍රය, පි.160, EAN:4: 69.9 Striving, p. 176.

▲ පධානිය අංග - five factors of striving: ප්‍රධන් විරිය කරන මහණ සතු ගුණ පධානිය අංග ලෙසින් පෙන්වා ඇත: 1) බුදුන් වහන්සේ පිලිබඳ ඇති ශ්‍රද්ධාව 2) නිරෝගීබව-අල්ප අබාධ සහිතවීම 3) අවංකබව 4) දැඩි වීරිය තිබිම 5) කෙළෙස් ප්‍රහීණයට සමත් ප්‍රඥාව තිබීම. බලන්න: පංච ප්‍රාධානික අංග. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: 5.2.1.3 පධානියඅංග සූත්‍රය, පි. 126, EAN:5: 53.3 Factors, p. 257.

පන

▲ පන්සිල්- Five precepts: පන්සිල්-පංචශිලය බෞද්ධයන් රකින මුලික ශික්‍ෂා පදයන්ය. බලන්න: පංච ශිලය.

▲ පානවර්ග- Kind of drinks: පාන වර්ග ලෙසින් පෙන්වා ඇත්තේ ගිලන්පස පිණිස කැප බීම වර්ගයන්ය. බලන්න: සංඝයාට කැප පානවර්ග.

▲ පානාතිපාතා-Panatipatha: පානාතිපාතා යනු ප්‍රාණඝාතයය, සත්වයන්ට හිංසා කිරීම. ඉන් වැලකීසිටීම පංච ශිලයේ එක් ශික්ෂා පදයකි: “පානාතිපාතා වේරමණී ශික්ඛා පදං සමාදියාමි”. බලන්න: පංච ශිලය, ප්‍රාණඝාතය.

▼ පරපන නසන අය නිරයට යයි: බුදුන් වහන්සේ පරපණ නසන කෙනෙකුගේ ස්වභාවය මෙසේ දක්වා ඇත: මේ ලෝකයේ කෙනෙක් ප්‍රාණඝාතය කරයි. ඔහු දරුණුය, අත් ලේවලින් වැසි ඇත. පහර දිම් කරයි, ප්‍රචණ්ඩය, සෙසු ප්‍රාණීන් ගැන සිත්පිත් නැති (දයාව නැති) කෙනකි: “ඉධ භික‍්ඛවෙ එකච‍්චො පාණාතිපාති හොති ලුදෙදා ලොහිතපාණි හතපහතෙ නිවිට‍්ඨො අදයාපන‍්නො සබ‍්බපාණභූතෙසු”. එවැනි අය ඒකාන්තයෙන්ම නිරයට යයි. සටහන: ප්‍රාණඝාතය කරන අය නිරයේ උපදින බව: විස්තර පිණිස බලන්න: * අංගු:නි; (2) 4 නිපාත: 4.2.4.1 පානාතිපාතා සූත්‍රය, ** 4.7.1 පානාතිපාතා සූත්‍රය: ප්‍රාණඝාතය පිණිස අනුන් උනන්දු කිරීම, සහභාගී කිරීම හා එහි ගුණවැනිමද නිරයට ගෙනයන අකුසලයක් බව මේ සූත්‍රයේ පෙන්වා ඇත. ** සංයු.නි: (5-2) මහාවග්ග: සච්චසංයුත්ත: 12.8.1 සූත්‍රයේදී, ප්‍රාණඝාතය කරන ලෝකයා බොහෝ යයි බුදුන් වහන්සේ වදාළහ. මුලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: කරජකාය වග්ග: 10.5.1.1. පඨම නිරය සූත්‍රය, පි. 548, ජානුසොණි වගග:10.4.2.10,චුන්ද සූත්‍රය, පි.508, EAN:10: The Deed-born body: 211.1 Hell, p. 556, Jāṇussoṇī: 176.10, Cunda, p.553.

▼ වෙනත් මුලාශ්‍ර: 1. ප්‍රාණය විනාශ කිරීමය-පානාතිපාතය ය, ප්‍රාණවධය යයි ද කියයි. එයට අංග 5 ක්වේ: ජිවය ඇති සත්වයෙක් වීම, සත්වයෙක් යන සංඥාව ඇතිවීම, ‘මරන්නෙමි’ යන වධක චේතනාව, ඒ සඳහා කරණ උපක්‍රමය, එයින් දිවි තොර කිරීම. සද්ධර්ම කෝෂය, පි. 113.

▲ පින්: පාලි:පුණ්‍ය-Merit: ධර්මයට අනුව පින් - පිං -පුණ්‍ය යනු කාර්මිකව යහපත් ඵලවිපාක ලබාදෙන කුසල් ක්‍රියාවලටය. පින්කළබව- පින්කරතිබීම, සුභ කරුණක් යයි මංගල සූත්‍රයේදී පෙන්වා ඇත. බලන්න: කතපුඤ්ඤ,කුසල හා අකුසල, දානය, අග්‍ර පින. සටහන්: * එක් සමයක සක් දෙවිඳු මිනිස් වෙසක් ගෙන මහා කාශ්‍යප තෙරුන්ට දානය පිළිගැන්වීම පිලිබඳ විස්තර මෙහි දක්වා ඇත. දුගී මිනිසුන්ට පින් ලබාගැනීමේ අවස්ථාව පැහැර ගැනීම ගැන තෙරුන් අවවාද කලවිට සක්දෙවිඳු මෙසේ පවසා ඇත:“ වහන්ස, අපටත් පිනෙන් වැඩ ඇත, අපටත් පිනෙන් කටයුතු ඇත”. බලන්න: ඛු.නි:උදානපාලිය:නන්දවග්ග: 3.7 කාශ්‍යප සූත්‍රය, පි.212. ** අන් කිසිවෙකුට පැහැර ගැනීමට නොහැකි දේ, කෙනෙක් කරගත් පින්ය. බලන්න:සංයු.නි: (1) සගාථවග්ග: දේවතාසංයුත්ත: ජරාවග්ග: ජරාසූත්‍රය, අප්සරා සූත්‍රය, පි. 92.

▲ පින් කිරීම - Meritorious actions: පින් කිරීමට (පුණ්‍යක්‍රියා ) කිරීමට කිසිවිටක බිය නොවීය යුතුය යි බුදුන් වහන්සේ වදාළහ. පින්-පුණ්‍ය යන ශබ්දය, සුඛයට- සැපයට නමකි. දිර්ඝවූ සසරේ බොහෝ පින් කළනිසා තමන්වහන්සේ බොහෝ දෙව්සැප සම්පත් ලැබුබව මේ සූත්‍රයේ දී බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (4 ): 7 නිපාත: 7.2.1.9 මාපුඤඤාභායි සූත්‍රය, පි. 432, EAN: 7: 62.9. Donot be afraid of merit, p. 391.

▲ පින් වැඩෙන අන්දම - Development of merit: යම් කෙනෙක් ධර්මයේ පිහිටා, ශිල සම්පන්නව, අනුන් උදෙසා මල්වතු, උද්‍යාන, වනගොමු සකස්කරයිද, ඒදඬු, පාලම් සාදයිද, පැන්හල්, පැන් පොකුණු ඉදි කරයිද ඔවුන්ට දිවා රාත්‍රියේ, හැම කාලයේදීම පින් වැඩෙන බව බුදුන් වහන්සේ වදාළහ. එවැනි අය ස්වර්ගයට යති. මූලාශ්‍ර: සංයු.නි: (1 ): සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.5.7 වනරෝප සූත්‍රය, පි. 86, ESN: 1: Devatasmayutta: 47.7 Planters of groves, p. 122.

▲ පින්දීම - offering merits: මියගිය ඥාති මිත්‍රයන් සිහිපත්කර ඔවුනට පින්දීම පිණිස(පින් අනුමෝදනා කිරීම), සංඝයාට දාන වස්තු පිරිනැමිම බෞද්ධයන්ගේ චාරිත්‍රයකි. බුදුන්වහන්සේ වැඩසිටි සමයේ විසු බ්‍රාහ්මණයන්ද මළවුන් අනුස්මරණය කර දන්දීම කලබව සූත්‍රවල දක්වා ඇත. බලන්න: දානය, මළවුන් අනුස්මරණය.

▼පින්දීම-මියගිය අයට- Offering merits for departed ones: මළවුන් අනුස්මරණයකිරීම පිණිස දෙන දාන මගින් මියගිය නැදෑයනට පින්අනුමෝදන් සිදුවේද? යයි ජාණුස්සොණි බ්‍රාහ්මණයා ඇසු ප්‍රශ්ණ වලට පිළිතුරු ලෙසින් බුදුන් වහන්සේ මෙසේ කරුණු පෙන්වා ඇත: 1) මියගිය අය සිහිපත්කර දෙන දානය මගින් ඔවුනට යහපතක් වේද: ඔවුන්ට ඉන් පින් ලැබේද? (Can our gift, Master Gotama, actually be of benefit to our departed relatives and family members? Can our departed relatives and family members actually partake of our gift?). 2) “...ඨානෙ ඛො බ්‍රාහ‍්මණ, උපකප‍්පති, නො අට‍්ඨානෙති” පින්ගැනීමට හැකි ස්ථානයක ඔවුන් යළි උපත ලබාඇත්නම් ඔවුන්ට පින්ලබාගත හැකිය, අස්ථානයක යළි උපත ලබාඇත්නම් පින්ලබා ගත නොහැකිය. On a right occasion, brahmin, it can be of benefit, not on a wrong occasion). 3 ) ස්ථානය හා අස්ථානය කුමක්ද? ( what is a right occasion and what is a wrong occasion) 4) ස්ථානය: ප්‍රේත ලෝකය. අස්ථානය: නිරය, තිරිසන් ලෝකය, මිනිස්ලෝකය, දේවලෝක. සටහන:ස්ථානඅස්ථාන දන්නා නුවණ තථාගතයන්ගේ දස බල ඥානයන්ගෙන් එකකි. 5) මේ භවයේ සිටි නැදෑ මිතුරන් ප්‍රේතලෝකයේ යළි උපත ලබා නොමැතිනම් ඔවුන් වෙනුවන් දෙන දානයේ පින කවරෙක් අනුමෝදන්වේද? (“But, Master Gotama, who partakes of the gift if that deceased relative or family member has not been reborn in that place?) 6) “අඤෙඤපිස‍්ස බ්‍රාහ‍්මණ පෙතා ඤාති සාලොහිතා තං ඨානං අනනුප‍පත‍්තා හොන‍්ති. තෙ තං දානං පරිභූඤ‍්ජන‍්ති ති”. පෙර ජතිවල සිටි නැදෑයන් ප්‍රේතලෝකයේ සිටි නම් ඔවුන්එම පින් අනුමෝදන් කරගනී. (Other departed relatives or family members who have been reborn in that place partake of the gift). 7) පෙර ජතිවල නැදෑයන් ප්‍රේතලෝකයේ නොසිටිනම් කවරෙක් එම පින් අනුමෝදන් කරගනීද? (But, Master Gotama, who partakes of the gift if neither that deceased relative or family member nor any others have been reborn in that place?) 8) “අට‍්ඨානං ඛො බ්‍රාහ‍්මණ, අනවකාසො යංතං ඨානං විචිත‍්තං අස‍්ස ඉමිනා දීඝෙන අද‍්ධුනා යදිදං පෙතෙහි ඤාති සාලොහිතෙහි. අපි ච බ්‍රාහ‍්මණ දායකොපි අනිප‍්ඵලො හොති”.මේ දීර්ඝ සසර ගමනේදී කෙනෙක්ගේ, මියගිය නෑදෑහිතවතුන් ගෙන් ප්‍රේතලෝකය හිස්ය යයි කීම සිදුවිය නොහැකි, සිතා ගැනීමට නුපුළුවන් දෙයක්ය. එමනිසා මළවුන් සිහිකර දෙන දාන දායකයන්ට ඵලයක්ය, නිශ්ඵලයක් නොවේ. (Over this long stretch of time [in saṃsāra], brahmin, it is impossible and inconceivable for that place to be devoid of one’s departed relatives and family members. Further, for the donor too it is not fruitless.). 9 ) අස්ථානයේ දෙන දානවල විපාක තිබේද? (Does Master Gotama posit [the value of giving] even on the wrong occasion?) .කෙනෙක් දෙන දානය නිෂ්ඵල නොවේ, මෙලොවදී මෙන්ම පරලොවදී පවා ඉන් යහපත් ප්‍රතිඵල ලැබේ. ( Brahmin, I posit [the value of giving] even on the wrong occasion). සටහන: මේ දේශනාව අවසානයේදී, ජාණුස්සොණි බ්‍රහ්මණයා, බුදුන් වහන්සේ සරණ ගියහ. බලන්න:උපග්‍රන්ථය:3.මූලාශ්‍ර: අංගු.නි (6 ) 10: නිපාතය:10.4.2.11 ජාණුස්සොණි සූත්‍රය, පි. 518, EAN:10: 177.11: Jāṇussoṇī, p. 554.

▼පින් දීම ප්‍රේතයන්ට -Offering merits for Prethas: ප්‍රේතඋත්පති ලබා සිටින සත්ත්‍වයෝ තමන්ගේ ඥාතින් ගෙන් පින් බලාපොරොත්තුවෙන් පසුවේ. යම් නෑදෑයන් පිරිසක්, මියගිය ඥාතීන් සිහිකර, යම් ආහාර පාන දන්දෙති- ප්‍රේතදාන, පින් අනුමෝදන් කරති. ප්‍රේතඋත්පති ලබා, එම ස්ථානයට පැමිණි ඒ සත්ත්‍වයෝ ඒ ලැබූ පින් අනුව සතුටට පත්වේ, තම නෑදෑයන්ට තුති කරති. ඒ දන් දුන් දායකයන්ට ද යහපත් ඵල ලැබේ. එමනිසා, මියගිය අය වෙනුවෙන් ශෝක වැළපීම් ආදී නිෂ්ඵල දේ කරනවා වෙනුවට, ඔවුන් සිහිකර, ඔවුන් පෙරදී තමනට කරණ ලද උපකාර සිහිකර දන් දිය යුතුවේ. එමගින් දන් දෙන අයටද පින් රැස්වෙන බව බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍ර: ඛු.නි: ඛුද්දකපාඨ: 7 තිරෝකුඩ්ඩ සූත්‍රය, පි. 42:Tirokuțțasutta: Bhikkhu Sujato: Suttacentral.

▲ පින්ගිය තෙර- Pingiya Thera: බලන්න: උපග්‍රන්ථය:1

▲ පුන්නජි තෙර- Punnaji Thera: බලන්න: උපග්‍රන්ථය: 1

▲ පුන්ණිකා තෙරණිය-Punnika Therani: බලන්න: උපග්‍රන්ථය:2

▲ පුන්බ්බසුක භික්ෂූව (කිටාගිරිය) - Punabbasuka Bhikkhu (Kitagiri): බලන්න: උපග්‍රන්ථය: 4.

▲ පුනබ්බසු යක්ඛ- Punabbasu Yakka: බලන්න: යක්ඛ

▲ පුන්සඳ - the full moon: නාගතිමග- දහම් මගගමන් කරන පුද්ගලයාගේ කිර්තිය, පසළොස්වක දින පායන පුන්සඳ මෙන් පැතිරේ.බලන්න: අගතිමග හා නාගති මග, උපග්‍රන්ථය:5

▲ පුනර්භවය: පාලි: පුනබ‍්භව- Rebirth: ධර්මයේ පුනර්භවය- (ප්‍රතිසන්ධිය) ලෙසින් පෙන්වා ඇත්තේ කෙනෙක් මේ ජීවිතය අවසන් කර මිය යාමෙන් පසු -කෙළෙස් ප්‍රහීණ නොකර ගත් නිසා, ත්‍රිවිධ භවයන් ගෙන් එකක (කාම රූප අරූප) යළි උපත ලබාගැනීමය. සටහන්: * සම්මා සම්බෝධිය ලැබීමෙන් පුනර්භවය නැති කළ බව බුදුන් වහන්සේ ධම්ම චක්කපවත්වන සුත්‍රයේ දී පෙන්වා ඇත. ** සංයු.නි. (5-1) මහාවග්ග: ඉන්ද්‍රිය සංයුත්ත:4.3.1 පුනබ්භව සූත්‍රයේද එම කරුණ පෙන්වා ඇත. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි.390: “පුනබ‍්භව: පුනර්භවය, නැවත හටගැනීම” B.D:p.145: “Punabbhava: re-becoming, renewed existence is a sutta terma for rebirth… in later litreture it is called ‘patisandhi’.”

▼ විඥාණ ආහාරය පුනර්භවය (ප්‍රතිසන්ධිය-යළි උපත) නාමරූප හටහැනීම පිණිස ප්‍රත්‍ය (හේතුවේ) වේ ය යි බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: ආහාර. මූලාශ්‍ර: සංයු.නි: (2): නිදානවග්ග: 1.2.2 මෝළිය ඵග්ගුන සූත්‍රය, පි. 42, ESN: Nidanasamyutta: 12.2 Moļiyaphhagguna, p. 625.

▼ තණ්හාව පුනර්භවය ඇතිකරයි, එය දුක්ඛ සමුදය යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. "ඉද ඛො පන භික‍්ඛවෙ, දුක‍්ඛසමුදයො අරියසච‍්චං: ‘යායං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනනන්‍දිනී, සෙය්‍යථිදං: කාම තණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා’.. බලන්න: චතුරාර්ය සත්‍ය. සටහන: පුනර්භවය ඇති නොවීමට තණ්හාව දුරුකර ගතයුතුය, මේ ප්‍රශ්ණය විමසුවේ පිංගියමානවක තෙරුන්ය. මූලාශ්‍රය: ඛු.නි. සුත්තනිපාත: පාරායනවග්ග:වස්තුගාථා: පි,326, 5-16 පිංගියමානවක,පි.364.

▼ විඥානය පිහිටි කල්හි, වැඩුන කල්හි, මතු පුනර්භවය- යළි උපත හට ගැනීම වේ. පුනර්භවය ඇතිකළ ජාති ජරා... ආදීවූ දුක් රැස ඇතිවේ. පුනර්භවය නැතිවීම සසර දුක නිමාවීමය. මූලාශ්‍ර: සංයු.නි: (2 ): නිදානවග්ග: අභිසමයසංයුත්ත:කළාරඛත්තිය: චේතානා සූත්‍ර 3කි. පි. 124, ESN:12: Nidanasamyutta: IV: The Karakhattiya: Volition 3 suttas p. 665.

▼ වෙනත් මුලාශ්‍ර: 1. “Does Rebirth Make Sense” by Venerable Bhikkhu Bodhi (පුනර්භවය පිළිගැනීමට ඇති හේතු ගැන කරුණු පෙන්වා ඇත).

▲ පැන්හල් හා පැන්පොකුණු- Watering places & ponds: බුදුන් වහන්සේ වැඩසිටි සමයේදී ද මගින් ගේ පහසුව තකා පැන්හල්, පැන් පොකුණු මං සන්ධි අසල සාදා තිබුන බව සූත්‍ර දේශනාවල සඳහන් වේ. යම් කෙනක්, අන්‍යයන්ගේ යහපත පිණිස පැන්හල් ආදිය කරවන්නේ නම් එය පුණ්‍ය ක්‍රියාවකි, සුගතියට මග පාදයි. මූලාශ්‍රය: සංයු.නි: (1): සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.5.7 වනරෝප සූත්‍රය, පි.86.

▲ පැනස- eye of wisdom: පැනස- ප්‍රඥා ඇස ලෙසින් පෙන්වා ඇත්තේ, ආසව ක්‍ෂය කිරීමේ නුවණ ලැබීමය. බලන්න: චක්ඛු තුන, ත්‍රිවිධ චක්ෂු.

පණ

▲ පණ්ඩිතයා: පාලි: පණ‍්ඩිතො-The wise person: ධර්මයට අනුව පණ්ඩිතයා- නුවණැති පුද්ගලයා යනු ධර්මය යහපත්ව අවබෝධ කරගත් තැනැත්තාය. සටහන: ඛු.නි: ධම්මපද: 6 පණ්ඩිතවග්ගයේ: පණ්ඩිතයා සේවනය කිරිමේ වැදගත්කම පෙන්වා ඇත.

▼ බුදුන් වහන්සේ පණ්ඩිතයා මෙසේ හඳුන්වා ඇත: මෙලොව දියුණුව හා පරලොව දියුණුව පිළිබඳව අප්‍රමාදව කටයුතු කරන, ඒ දෙවැදෑරුම් වූ දියුණුව ලබන ධෘතිසම්පන්න- ප්‍රඥාව ඇති පුද්ගලයා පණ්ඩිතයා යයි කියනු ලැබේ. සටහන: මෙලොව හා පරලොව දියුණුව පතන පුද්ගලයා පුණ්‍ය ක්‍රියා කරයි. දාන, ශිල හා සමාධි . බලන්න: පුණ්‍යක්‍රියා හා පුණ්‍යවස්තු, අප්‍රමාද හා ප්‍රමාද, ඥානය. මූලාශ්‍ර: සංයු.නි: (1):මහාවග්ග: කෝසලසංයුත්ත, 3.2.7. අප්පමාද සූත්‍රය, පි.186, ESN: Kosala smayutta: 18.8 Diligence -2, p. 242

▲ පණ්ඩිත ප්‍රඥාව -Panditha Paññā: ආරියන් ගේ උතුම් අවබෝධය (නිවන ලබාගැනීම පිණිස) පණ්ඩිත ප්‍රඥාවය. ජවන, නිබ්බේධික, මහා, තීක්‍ෂණ, විපුල, ගාම්භීර හා අසාමන්ත යන සප්ත ප්‍රඥාවන් වැඩීමෙන් නැවත නැවත එහි යෙදීමෙන් පණ්ඩිත ප්‍රඥාව (පාණ්ඩිත්‍යය) පරිපුර්ණවේ: “ඉමා සත‍්තපඤ‍්ඤා භාවිතා බහුලීකතා පණ‍්ඩිච‍්චං පරිපූරෙති”. මූලාශ්‍ර: ඛු.නි: පටිසම්භිදා 2 :ප්‍රඥාවග්ග: 3.1 ප්‍රඥා කථා, පි.166.

▲ පාණ්ඩුකම්බල ශෛලාසනය- Pandukambala sailasanaya සක්දෙවිඳුගේ ආසනය පාණ්ඩුකම්බල ශෛලාසනය ලෙසින් දක්වා ඇත. බලන්න: දුබ්බන්ණිය මිටියක්ෂයා.

▲ පිණ්ඩපාත-Alms: පිණ්ඩපාත යනු පිඬුසිඟා යෑමය. බුදුන් වහන්සේ මෙන්ම,ගිහිගෙය හැර, බුදුසසුනට ඇතුළුවූ ශ්‍රාවක සංඝයාද, කය පවත්වා ගැනීම පිණිස පිඬුසිඟා යාමේ චාරිත්‍රයේ යෙදී සිටි. මෙය සංඝයාට කැප සිව්පසයෙන් එකකි. පිණ්ඩපාතයෙන් පමණක් යැපෙන සංඝයා, පිණ්ඩපාතිකයෝ ලෙසින් හඳුන්වයි, එය ධුතාංග පුහුණුවකි. බලන්න: සිව්පසය. සටහන්: * අංගු.නි: (3) 5 නිපාත: අරඤඤවග්ග සූත්‍ර: පිණ්ඩපාතයෙහි යෙදන සංඝයා වර්ග 5ක් පෙන්වා ඇත. ඔවුන් අතුරින්, අල්පේච්ඡතාවය, සන්තුෂ්ටිය, කෙළෙස් පහකරගැනීම අරමුණු කොට, පිඬුසිඟා යන මහණ අග්‍රයයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. **බුදුන් වහන්සේ පිඬුසිඟා වඩින අවස්ථාවක, මාරයා, උන්වහන්සේට පිණ්ඩපාතය ලැබීම වළකාලිම පිලිබඳ සිද්ධිය, සංයු.නි: (1) මාරසංයුත්ත: පිණ්ඩ සූත්‍රයේ විස්තර කර ඇත.

▼ ජීවිකාවන් අතුරුන් ලෝකයා පිඬුසිඟායෑම ලාමකයයි සිතයි, ගරහයි. එහත්, පැවිදිවන කුල පුත්‍රයෝ, එහි අර්ථය දැනම පිඬුසිඟා වඩින බව බුදුන් වහන්සේ මෙහිදී පෙන්වා ඇත. මූලාශ්‍රය:සංයු.නි: (3) ඛන්ධසංයුත්ත: 1.2.3.8 පිණ්ඩොල්‍ය සූත්‍රය, පි. 184.

▼ තමන් පිලිබඳ යසෝරාවය නොපතන, අටලෝදහමින් නොසැලෙන, පිණ්ඩපාතික අංග රකිනා මහණහට දෙවියෝ ආදරය කරති යයි බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍රය: ඛු.නි: උදානපාලිය: 3.8 පිණ්ඩපාතික සූත්‍රය, පි. 216.

▼ පිඬු සිඟා යෑමේ පිළිවෙල: කය හා සිත ඉවත්කොට, ආගන්තුකයෙක් ලෙසින් කුලයන් වෙත පිඬුපිණිස-පිඬුසිගා එළඹිය යුතුය යි බුදුන් වහන්සේ සංඝයාට උපදෙස් ඇත. සඳ උපමාව යොදාගනිමින් බුදුන් වහන්සේ වදාළේ, මහා කාශ්‍යප තෙරුන් මෙන් කුලයන් හා නොගැටී කටයුතු කලයුතු බවය. බලන්න: චන්දිම, උපග්‍රන්ථය:5. මූලාශ්‍ර: සංයු.නි: (2) නිදානවග්ග: කස්සපසංයුත්ත: 4.1.3 චන්දඋපමා සූත්‍රය, පි.324.

▲ පිණ්ඩපාත පාරිශුද්ධිය- The Purification of Alms food: පිණ්ඩපාත පාරිශුද්ධිය ලෙසින් පෙන්වා ඇත්තේ, පිඬුසිඟායන භික්ෂුව, අයහපත් අකුසල් සිත නොමැතිව, ලෝභ දෝස මෝහ ආදී කෙළෙස් වලින් තොරව,පිණ්ඩපාතය ලබා ගැනීමට කටයතු කිරීමය. මේ සූත්‍රයේදී බුදුන් වහන්සේ එම ක්‍රම විධිය විස්තරාත්මකව පෙන්වා ඇත. සටහන්: * සැරියුත් තෙරුන්, ශුන්‍යතා විහරණයෙන් වාසය කිරීම අගය කරමින්, බුදුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කර ඇත. බලන්න: ශුන්‍යතා විහරණය. ** පිණ්ඩපාතික අංග රකිමින්, අටලෝදහමින් නොසැලී යහපත් ලෙසින් පිඬුසිඟායන භික්ෂුවට දෙවියෝ ආදරය කරයි. බලන්න: ඛු.නි: උදාන පාලිය: නන්දවග්ග: 3.8 පිණ්ඩපාතික සූත්‍රය, පි.216. මූලාශ්‍ර: ම.නි: (3): 3.5.9 පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රය, පි. 624, EMN: p.1047.

▲ පිණ්ඩොල භාරද්වාජ තෙර- Piṇḍola Bhāradvāja Thera: බලන්න: උපග්‍රන්ථය1

▲ ප්‍රාණඝාතය: පාලි: පාණාතිපාතා- destruction of life: ධර්මයට අනුව ප්‍රාණඝාතය - පරපන නැසීම -ජිවිත හානි කිරීම දස අකුසලයන් ගෙන් එකකි, නිරයට මගකි. පංච ශිලය හා අනිකුත් ඉහළ ශිල යන්හි, ප්‍රාණඝාතය නොකිරීම සිල් පදයක් ලෙසින් පෙන්වා ඇත. බලන්න: පානාතිපාතා.

▲ ප්‍රාණීන්- beings: සියලුම ප්‍රාණීන්, සිව් ඉරියව්ව පැවතීම පිණිස පොළොව පිහිට කරගනී. එලෙස, ශීලයේ පිහිටා සප්ත බොජ්ඣංග වැඩිය යුතු බව මෙහිදී පෙන්වා ඇත. බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍රය: සංයු.නි: (5-1) මහාවග්ග: බොජ්ඣංගසංයුත්ත:2.2.1 පාණ සූත්‍රය, පි.190.

▼ මහාමුහුදේ ඇති ප්‍රාණීන් බොහෝය, බොහෝ සියුම් ප්‍රාණීන් ද සිටි. යම් පුද්ගලයෙක්, මුළු දඹදිව ඇති ලි රැගෙන, ඒවා උල්කර, මුහුදේ ඇති සියලු ප්‍රාණීන් ඇල්ලීමට උත්සාහ කලද එය සිදුනොවේ. එලෙස, අත්භවය සියුම්ය, ආපය දුක මහත්ය. එම දුකෙන් ගැලවීම පිණිස චතුසත්‍ය අවබෝධ කර විරිය කළයුතුවේ.බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍රය: සංයු.නි: (5-2 ) මහාවග්ග:සච්චසංයුත්ත: 12.4.6 පාණ සූත්‍රය, පි. 322.

▲ පුණ්‍ය ක්‍රියා- Meritorious actions:පුණ්‍ය යනු යහපත් ඵල ලබාදෙන ක්‍රියාවන්ය. බලන්න: පින්.

සටහන්: * අන්‍යයන්ගේ සුවය පිණිස උයන්වතු කිරීම පුණ්‍යක්‍රියාවකි. බලන්න: උද්‍යාන. ** සංඝයාගේ යහපත පිණිස ආවාස සදා පුජාකිරීම පුණ්‍ය ක්‍රියාවකි. බලන්න: ආවාස. ** අන්‍යයන්ගේ යහපත පිණිස එදඬු, පාලම් ආදිය සැදීම පුණ්‍ය ක්‍රියාවකි. බලන්න: එදඬු පාලම්. ** ආරිය උතුමන් සිහිපත් කිරීමට ස්ථුප සැදීම, ඒවාට පුද පුජා පැවැත්වීම පුණ්‍ය ක්‍රියාවකි. බලන්න: ස්ථුප, චෛත්‍ය.

▲ පුණ්‍ය කෙත- Field of merits: පුණ්‍ය කෙත- පින් කෙත ලෙසින් පෙන්වා ඇත්තේ දානය පිළිගැනිමට සුදුසු උතුමන්ය: බුදු, පසේ බුදු හා සංඝයාය. කෙතක වපුරන ධාන්‍ය ආදියන් යහපත් අස්වැන්න ලැබනෙ ලෙසින්, උතුමන්ට පිළිගන්වන දාන පුජා නිසා මහා පින් ලැබේ. බලන්න: දක්ශිනාවට සුදුසු, සංඝ ගුණ. උපග්‍රන්ථය:5 (බීජ උපමාව)

▲ පුණ්‍යක්‍රියා හා පුණ්‍යක්‍රියා වස්තු: පාලි: පුඤ‍්ඤකිරියා පුඤ‍්ඤකිරියවත්‍ථු -deeds of merit & grounds based on merit . ධර්මයට අනුව පුණ්‍යක්‍රියා යනු කුසල ක්‍රියාය. මෙලොව හා පරලොව යහපත පිණිස පවතින හොඳ ක්‍රියාවන්ය. පුණ්‍යක්‍රියා වස්තු ලෙසින් ධර්මයේ පෙන්වා දෙන්නේ කුසල ක්‍රියාව හා එයට අයත් ආනිසංස ගැනය. බලන්න: පින්

▼ පුණ්‍යක්‍රියා වස්තු 3 කි: දානමය පුණ්‍යක්‍රියා වස්තු, ශිලමය පුණ්‍යක්‍රියා වස්තු හා භාවනාමය පුණ්‍යක්‍රියා වස්තු. එමගින්, යහපත් ලෙසින් දන්දීම, ශිලසම්පන්නවීම හා සමාධි සමාපත්ති ලබාගැනීමට හැකිවීම. මූලාශ්‍ර: දිඝ.නි:(3):10 සංගිති සූත්‍රය- පි. 381, EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 367. සටහන්: * බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ, මතු උතුම් සැප විපාක පතන කෙනෙක් මේ තුන් පුණ්‍යක්‍රියා කරමින්, සම හැසිරීම හා මෙත්තාසහගත සිත වඩා ගත යුතුය. එවැනි අය බඹලොව උපදි. මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක: 3.2.1 පුණ්‍යක්‍රියාවස්තු සූත්‍රය, පි. 416.

▼ යහපත් කම්ම ප්‍රතිඵල ලබා ගැනීම පිණිස පුණ්‍යක්‍රියා කලයුතු ආකාරය පිලිබඳ විස්තර පිණිස බලන්න: අංගු.නි: (5) 8 නිපාත: 8.1.4.6 පුඤ්ඤකිරියවත්ථු සූත්‍රය.

▼ පුණ්‍යක්‍රියා කිරීම ගැන ප්‍රඥාවන්තයෝ ප්‍රසංසා කරති: බුදුන් වහන්සේ මෙසේ වදාළහ: ආයුෂ, නීරෝගිබව, ශරීර වර්ණය, දෙව්ලොව උපත, උසස්කුලයක උපත, උදාරබව, අන්‍යන්ට ප්‍රියබව, කැමතිදේ ලැබීම ආදිය පතන අය විසින් නොපමාව පුණ්‍ය ක්‍රියා කළයුතුවේ. නුවණැති අය පින් කිරීම පසසති. මූලාශ්‍ර: සංයු.නි: ( 1) සගාථවග්ග: කෝසලසංයුත්ත: 3.2.7 අප්පමාද සූත්‍රය, පි. 186, ESN: 1: Kosalasmayutta: 18.8 Diligence -2, p. 242.

▲ පුණ්‍යනදි - Streams of merits: අග්‍රදානයන් පිරිනැමීම, ආරිය ශ්‍රාවකයා තුල ඇති උතුම් ගුණ පුණ්‍යනදි ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත. අංග 6 කින් පරිපුර්ණ දානය, පුණ්‍ය නදීයක් යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. එම දානය නිසා ලැබෙන පින අප්‍රමාණය, අසීමිතය . බලන්න: ඡළඅංග දානය

▼ දානය නිසා ඇතිවන පුණ්‍යනදී 5කි. 1) යම් කෙනෙක් පුජා කළ සිවුරු පොරවා ගෙන, භික්ෂුවක් අරහත්ඵල සමාධිය ලබන්නේද, එය දායකයාට පුණ්‍ය නදියකි 2) යම් කෙනෙක් පුජා කළ පිණ්ඩපාතය වළඳා, භික්ෂුවක් අරහත්ඵල සමාධිය ලබන්නේද, එය දායකයාට පුණ්‍ය නදියකි 3) යම් කෙනෙක් පුජා කළ සේනාසනයක් පරිහරණය කරමින් භික්ෂුවක් අරහත්ඵල සමාධිය ලබන්නේද, එය දායකයාට පුණ්‍ය නදියකි. 4) යම් කෙනෙක් පුජා කළ ඇඳ පුටු ආදිය පරිහරණය කරමින් භික්ෂුවක් අරහත්ඵල සමාධිය ලබන්නේද, එය දායකයාට පුණ්‍ය නදියකි 5) යම් කෙනෙක් පුජා කළ ගිලන්පස අවුසද ආදිය පරිහරණය කරමින් භික්ෂුවක් අරහත්ඵල සමාධිය ලබන්නේද, එය දායකයාට පුණ්‍ය නදියකි. මේ පුණ්‍ය ක්‍රියා අප්‍රමාණය, දායකයාගේ හිත සුව පිණිසය, මතු දෙව්ලොව සැප පිණිසය. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: 5.1.5.5 පුඤඤාභිසන්ද සූත්‍රය, පි.102, EAN:5: 45.5 Streams, p. 253.

▼ සැප ලබාදෙන පුණ්‍යනදී (කුසල නදී): 1) ආරිය ශ්‍රාවකයාට ඇති උතුම් ගුණ 4ක් පුණ්‍ය නදි ලෙසින් දක්වා ඇත: 1-3. ත්‍රිවිධ රත්නය පිලිබඳ අවෙච්චා ප්‍රසාදය 4. ශිලසම්පන්න බව- ආරිය කාන්ත ශිලය තිබීම. 2) ආරිය ශ්‍රාවකයාට ඇති තවත් උතුම් ගුණ 4ක් පුණ්‍ය නදියන්ය: 1-3 ඉහත පරිදිය. 4. ත්‍යාගශීලිබව. 3) ආරිය ශ්‍රාවකයාට ඇති තවත් උතුම් ගුණ 4ක් පුණ්‍ය නදියන්ය: 1-3 ඉහත පරිදිය. 4. ප්‍රඥාව තිබිම- දුක නැතිකර ගැනීමේ අවබෝධය. මූලාශ්‍ර: සංයු.නි: (5-2 ): මහාවග්ග: සච්චසංයුත්ත: අභිසන්ද සූත්‍ර 3 කි, පි. 242, ESN: 55: Sothapannasamyutta: Streams of Merit- 3 suttas, p. 2225.

▲ පුණ්‍යනිධාන- Treasures of merits: කෙනෙක් මෙලොව කරන කුසල ක්‍රියා, පරලොවදී ඔහුට පුණ්‍යනිධානයක් වන ආකාරය මේ සූත්‍රයේ විස්තර කර ඇත. බලන්න: නිධානය. මූලාශ්‍රය: ඛු.නි:ඛුද්දකපාඨ: 8 නිධිකණ්ඩ සූත්‍රය, පි. 44.

▲ පුණ්ණ තෙර - Punna Thera: බලන්න: උප ග්‍රන්ථය:1

▲ පුණ්ණමන්තානිපුත්ත තෙර- Punna mantaniputtha Thera: බලන්න: උප ග්‍රන්ථය:1

▲ පුණ්ණක මානවක තෙර- Punnaka manawaka Thera: බලන්න: උප ග්‍රන්ථය:1,3

▲ පුණ්ණිය තෙර- Punniya Thera: බලන්න: උප ග්‍රන්ථය:1.

▲ පුණ්‍යාභිසංස්කාර -meritorious karmic formations: මින් අදහස් කරන්නේ, කාම ලෝකයේ හා රූප ලෝකයන්හි යළි උපතට හේතුවන කුසල චේතනාය, පුර්ණ කර්මය්න්ය. බලන්න: කම්ම නිදාන. මූලාශ්‍ර: දිඝ.නි: (3 ):10 සංගිති සූත්‍රය- පි. 381 , EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 367.

▲ පුණ්ඩරික නිරය- Pundarika Hell: මේ නිරය සුදුනෙලුම් නිරය- white-lotus hell ලෙසින්ද පෙන්වා ඇත. අයහපත් කම්ම විපාක ඵලදීම පිණිස මේ නිරයේ උපත ලබයි. බලන්න: නිරය.

▲ ප්‍රණීත-Excellent: ප්‍රණීත-පණිත යනු උතුම් බවය, අග්‍රබවය. ධර්මයේ ප්‍රණීත ලෙසින් පෙන්වා ඇත්තේ නිවනය, මෙය නිවන හඳුන්වන පදයකි. සටහන: සංයු.නි: (4) සළායතනවග්ග: අසංඛතසංයුත්තයේ: 9.2 පණිත සූත්‍රයේදී: නිවන ප්‍රණීත යයිද, ප්‍රණිතගාමී මග- නිවන් මග බවද පෙන්වා ඇත.

▲ ප්‍රණීතඅධිමුක්තිය-Pranitha-adhimukti: ප්‍රණීතඅධිමුක්තිය නම් නිවනට යොමුකරන දොරටු- විමොක්ක දොරටු තුනය: ශුන්‍යතා, අනිමිත්ත, අප්පණිත විමොක්ක. අරණවිහාර ඥාණය පිණිස අවශ්‍ය අංගයකි. බලන්න: අරණවිහාර ඥාණය, විමොක්ක දොරටු. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදා-1, ඥානකතා: 33 අරණවිහාර ඥාණය, පි. 206.

▲ ප්‍රණීත කාම-Pranitha kama: ලෝකයා විඳින කාම ආස්වාද වලින් ඉහළම ආස්වාදය මෙයය. එනම්, රජවරුන් ආදීන් විඳින අග්‍ර කාම සැපයය. බලන්න: කාමආස්වාදය.

▲ ප්‍රණීත ධාතුව-Pranita dhatu: ප්‍රණීත (උසස්) ධතුව මගින්, උසස් ගතියක්, ඉහළ උපතක් ලැබේ. බලන්න: ගති. මූලාශ්‍රය:සංයු.නි: (2) නිදානවග්ග: ධාතුසංයුත්ත:2.2.3 ගිඤ්ජකාවස්ථ සූත්‍රය, පි.260.

▲ ප්‍රණීත සීලය-Pranita sila: මෙය ත්‍රිවිධ ශීලයන් අතුරින් එකකි. ප්‍රඥාව සහිතව සමාදන්වන සීලයය. විසුද්ධිමාර්ගය, පරිච්ඡේදය1 හි මේ පිලිබඳ විස්තර දක්වා ඇත. බලන්න: ශිලය.

පප

▲ පාපය- Bad: පාපය -නරක- අයහපත්දේ ලෙසින් ධර්මයේ පෙන්වා ඇත්තේ ධර්මයට එරෙහි ක්‍රියාය. සටහන: “පාපය ලාමක වශයෙන් බලන්න, ඒ බව දැක ඒ ගැන කලකිරෙන්න, නො ඇලෙන්න, මිදෙන්න” යයි බුදුන් වහන්සේ වදාළහ. බලන්න: දේශනා වාර.

▼ දස අකුසලයේ යෙදීම, මිථ්‍යා දිට්ඨිය ඇතිවීම පාපය වේ. එවැනි කටයුතු කරන පුද්ගලයෝ, අන් අය එවැනි ක්‍රියාවලට යොමුකරයි ඒ පුද්ගලයෝ පාපතර පුද්ගලයන්ය. එවැනි පාපකර්ම නොකරන්නා කල්‍යාන- භද්‍ර පුද්ගලයාය. විස්තර පිණිස බලන්න: අංගු.නි: (2) 4 නිපාත: 4.51.7 - සූත්‍ර 4කි, පි.446.

▲ පාපික (ලාමක) ආසාව: පාලි: පාපිකා ඉච‍්ඡා- Evil desire: තමන්ට නොමැති උතුම් ගුණ එනම්, ශ්‍රද්ධාව, සීලය, බහුශ්‍රැතබව, හුදකලාවාසයට ප්‍රියබව, විරිය ඇතිබව, සිහිනුවණ ඇතිබව, සමාධිඇතිබව, ප්‍රඥාව ඇතිබව, ආසව නැතිකලබව ආදී ගුණ තමනට ඇතැයි පෙන්වීමට ඇති කැමැත්ත පාපික ආසාව ය ය. මෙය, සිත නිසා හටගන්නා අකුසලයක් ය යි බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: කුසල හා අකුසල.

▼ පාපික අසාව පහ කරගත හැකිවන්නේ නිතර නිතර ප්‍රඥාවෙන්, එහි ආදීනව (ඇතිවෙන අයහපත් කර්ම විපාක ආදිය ගැන) බලමින්, විදසුන් නුවණින් කටයතු කිරීමෙන්ය. මූලාශ්‍ර:අංගු.නි :(6 ): 10 නිපාතය: 10.1.1.3 කාය සූත්‍රය, පි. 100, EAN:10: 23.3 Body, p. 500.

▲ පාපික (ලාමක) ඊර්ෂ්‍යාව: පාලි: පාපිකා ඉස‍්සා - Evil envy: වෙනත් කෙනෙක් ගේ සම්පත් පිළිබඳව සිතේ හටගන්නා දැඩි ඉරිසියාව, පාපික ඊර්ෂ්‍යාව ය. මෙය, සිත නිසා හටගන්නා අකුසලයක් ය යි බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: කුසල හා අකුසල.

▼ යම්කිසි පුද්ගලයෙකු, වෙනත් කෙනෙක් සතු ධන සම්පත්, ලාභ ගැන දැඩි ඉරිසියාවක් ඇතිවේ. තමන්ට නොමැති ඒ සම්පත් වෙනත් අයට තිබීම ගැන අසතුටුව, ඔහු මෙසේ පතන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත: “අහෝ ඒ පුද්ගලයාට, එම ධන සම්පත්, ලාභ ආදිය ඇති නොවේවා”. පාපික ඉරිසියාව පහ කරගත හැකිවන්නේ නිතර නිතර ප්‍රඥාවෙන්, එහි ආදීනව (ඇතිවෙන අයහපත් කර්ම විපාක ආදිය ගැන) බලමින්, විදසුන් නුවණින් කටයතු කිරීමෙන්ය. මූලාශ්‍ර:අංගු.නි :(6): 10 නිපාතය: 10.1.1.3 කාය සූත්‍රය, පි. 100, EAN:10: 23.3 Body, p. 500.

▲ පාපික කම්ම- Evil actions: පාපික කම්ම ලෙසින් පෙන්වා ඇත්තේ අයහපත් විපාක ගෙනදෙන, දුගතියක යළි උපත ඇතිකරන අකුසල ක්‍රියාය. බලන්න: අකුසල, කෙළෙස්, කම්ම.

▲ පාපික ධම්ම- Evil Dhamma: පාපික ධම්ම-ධර්ම ලෙසින් පෙන්වා ඇත්තේ ධර්මයට එරෙහි ක්‍රියාවන් අනුගමනය කිරීමය. අහිරිකය හා අනොත්තප්පය, කළු ධර්ම හෙවත් පාපි ධර්මලෙසින් පෙන්වා ඇත.බලන්න: අහිරිකය හා අනොත්තප්පය,කණ්හධර්ම. සටහන: ධම්ම පදය:9 පාප වග්ගයේ පාපධම්ම විස්තරාත්මකව දක්වා ඇත.

▼ පාපධර්මය නම් දස අකුසලයය, මිථ්‍යාදිට්ඨය... මිථ්‍යා විමුක්තිය ඇතුළු දස අංග- වැරදිමග අනුගමනය කිරීමය. පාපධම්මතරයා නම් තමන් පාපධර්ම කරමින් අනුන්ටද ඒවා කිරීමට අනුබල දෙන පුද්ගලයාය. මූලාශ්‍රය: අංගු.නි: (2) 4 නිපාත: පාපධර්ම සූත්‍ර 2කි, පි.448.

▲ පාපික පුද්ගල- Evil person: පාපික- නරක පුද්ගලයා, ලාමක ශිලය හා ලාමක දිට්ඨිය ඇති තැනැත්තාය. එම කරුණු නිසා ඔහු ඒකාන්තයෙන්ම නිරයට පැමිණේ. මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක: 2.1.5 පාපික ශිලය, පි.380.

▲ පාපමිත්‍රසේවනය: පාලි: පාපමිත‍්තො -bad friendship: ධර්මයේ පාපමිත්‍රයන්- නරක මිතුරන්-පවිටු මිතුරුන් ලෙසින් පෙන්වන්නේ සද්ධර්මයට ගරු නොකරන අයටය. ඔවුන් අසත් පුරුෂයන් ලෙසින්ද හඳුන්වයි. පාපමිත්‍ර සේවනය නිසා කෙනෙක් අකුසල ක්‍රියාවනට පෙළඹේ, සසර දික්කරගනි. බලන්න: සත්පුරුෂ හා අසත්පුරුෂ. පාප මිත්‍ර- පවිටු මිතුරන් සේවනය පහ කර ගැනීම පිණිස කලාන මිතුරු සේවනය වැඩිය යුතුය. මූලාශ්‍රය: අංගු.නි: (4) 6 නිපාත: 6.1.9 සූත්‍රය, පි.286.

▼ ධර්මයේ ප්‍රමාදවන තැනැත්තාට පාපමිත්‍රසේවනය නැතිකරගැනීම පහසු නොවේ. පාපමිත්‍ර සේවනය කරන්නාට අශ්‍රද්ධාව, ත්‍යාගශීලි නැතිබව (අවදඤඤුතාව) හා කුසිත- අලස බව පහකරගැනීම හැකිනොවේ. හිරිඔතප්ප ඇතිවීම හා අප්‍රමාදය ඇතිවීම නිසා කෙනෙක් පාපමිත්‍ර සේවනය අතහැර කල්‍යාන මිත්‍රයන් සේවනය කිරීමට පෙළඹේ. මූලාශ්‍ර: අංගු.නි: (6):10 නිපාතය: 10.2.3.6 තයොධම්ම සූත්‍රය,පි.284, EAN:10: Tens,76-6.Incapable, p. 524.

▼ පාප මිතුරුන් සේවනය නිසා අසද්ධර්මය ඇසේ. පාප මිත්‍ර සේවනය, මුළු ධර්ම මාර්ගය වර්ධනය කරගැනීමට ඇති බාධාවකි. එමගින් අසද්ධර්මය ඇසීමට සිදුවේ: “...එවමෙව ඛො භික‍්ඛවෙ අසප‍්පුරිසංසෙවො පරිපූරො අසදධම‍්ම සවනං පරිපූරෙති” අසත්පුරුෂයන්-පාප මිත්‍රයන් ඇසුරු කිරීම අසද්ධර්මය පෝෂණය වීමට හේතුවය. මූලාශ්‍ර:අංගු.නි: (6 ): 10 නිපාත: යමක වග්ග: 10.2.2.1 අවිද්‍යා සූත්‍රය, පි.232, EAN:10: II Pairs: 61.1.Ignorance, p. 517.

▼ පාපමිත්‍ර සේවනය ආධ්‍යාත්මික මගට හානිය ඇති කරයි. බලන්න: හානභාගිය ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි : (3): 11 දසුත්තර සූත්‍රය, පි. 483,EDN:34: Dasuttara Sutta: Expanding Decades, p.384.

▼ පාපමිත්‍ර සේවනය නුගුණයකි. එය අතහැර ගැනීම පිණිස කල්‍යාන මිත්‍රයන් (සත්පුරුෂයන්) සේවනය කල යුතුවේ: “පාපමිත‍්තතාය පහානාය කල්‍යාණමිත‍්තතා භාවෙතබ‍්බො...”.මූලාශ්‍ර: අංගු.නි: (4 ):6 නිපාත: තික වග්ග: 6.1.9 දෝවචස්සතා සූත්‍රය, පි. 285, EAN: 6: 115.9. Difficult to correct, p. 365.

▼ බුදුන් වහන්සේ පාපමිත්‍ර සේවනය පිළිබඳව යහපත් ලෙසින් වදාරා ඇත. ඒ ධර්මය සංඝයා එක්ව, ධර්මයේ චිරස්ථිතිය පිණිස සජ්ජායනා කිරීම සුදුසු ය යි සැරියුත් මහා තෙරුන් සංඝයාට උපදෙස් දී ඇත. මූලාශ්‍ර:දිඝ.නි: (3):10 සංගිති සූත්‍රය,පි. 372 , EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 362.

▲ පපඤචිතය-proliferation: පපඤචිතය ලෙසින් පෙන්වා ඇත්තේ ප්‍රපංචකිරීමය, එනම් අකුසල සිත දිගින් දිගට පවත්වාගෙන යාමය. බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “මහණෙනි, ‘මම වෙමි’ යි යන එන්දීතයකි. ‘මේ මම වෙමි’ යි ...‘මම වන්නෙමි’ යි... ‘මම නොවන්නෙමි’ යි... ‘රූප ඇත්තෙක් වන්නෙමි’ යි... ‘රූප නැත්තෙක් වන්නෙමි’ යි... ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යි... ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යි... ‘නොම සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යි ... යන මෙය එන්දිතයකි ... එන්දිතය රෝගයකි...ගඩුවකි... හුලකි... ඒ නිසා මෙහි ලා එන්දිතා රහිත සිතින් යුතුව වාසය කරන්නෙමු යයි ඔබ විසින් හික්මිය යුතුය.” මූලාශ්‍ර: සංයු.නි: (4) සළායතනවග්ග: වේදනාසංයුත්ත :ආසිවිසවග්ග:1.19.11 යවකලාපී සූත්‍රය, පි.410, ESN: 36: Vedanasamyutta:248.11 The Sheaf of Barley, p.1327.

▲ පපඤචක්ඛය- Papanchakaya: පපඤචක්ඛය ලෙසින් දක්වා ඇත්තේ සියලුම ප්‍රපංච විනාශ කර ගැනීමය- අරහත්වය ලැබීමය: ‘ ඒ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ ප්‍රපංච සංඥාවන්ගේ ප්‍රහාණය නුවණින් සලකා බලමින් වැඩහුන්සේක... මේ උදානය පලකළසේක:’. “ යමෙකුට ප්‍රපංචයෝ ද ඔවුන් විසින් කරන ලද සසර සිටිම නැද්ද, සංඥා සංඛාත තෘෂ්ණා දිට්ඨි නැද්ද, පටිඝ සංඛාත අවිද්‍යාව ඉක්මවා ඇත්ද, සිව් ඉරියව්වෙන් කල් යවන, තණ්හා රහිත වූ ඒ මුණිහට දෙවියන් සහිත ලෝකය අවඥා නො කරයි’. මූලාශ්‍ර: ඛු.නි: උදාන පාලිය: 7.7 පපඤචක්ඛය සූත්‍රය, පි. 312.

▲ ප්‍රපංච -proliferations: ප්‍රපංච ( පපඤච) ලෙසින් පෙන්වා ඇත්තේ, කෙනක්, සය ඉන්ද්‍රිය මගින් අල්ලා ගන්නා බාහිර අරමුණු කෙරෙහි ඇලි හෝ ගැටී, ඒ පිළිබඳව දිගින් දිගට විතර්ක කරමින්, සිතමින්, අකුසල සිතුවිලි පවත්වා ගැනීමය. එමනිසා දිට්ඨි, මාන ආදී කෙළෙස් ඇතිවේ, ඒවා ධර්ම මාර්ගයට බාධාවකි. මෙයට විරුද්ධ පදය නිපපංචය යනු නිවනය: සියලු සංඛාර අවසන් කිරීමය. බලන්න: නිපපඤච. ශබ්දකෝෂ: B.D:p. 123: “Papańca: It signifies the expansion, differentiation, diffuseness, or manifoldness of the world…”.

▼ මේ සූත්‍රයේදී මහාකච්චාන තෙරුන්, බුදුන් වහන්සේ සැකවින් දෙසු ධර්මය (ප්‍රපංච ක්‍රියාවලිය) විස්තරාත්මකව පෙන්වා ඇත, බුදුන් වහන්සේ අනුමත කරවදාළහ. සටහන: අංගු:නි: 4 නිපාත: 4.4.3.3. මහාකොට්ඨිත සූත්‍රය: සය ඉන්ද්‍රිය මගින් අරමුණු අල්ලා ගැනීම නතරවීම- ප්‍රපංච නතරවීම යයි පෙන්වා ඇත. මූලාශ්‍ර: ම.නි: (1): 1.2.8 මධුපිණ්ඩික සූත්‍රය, පි. 292, EMN: 18: The Honey -ball, p. 196.

▼ ප්‍රපංච ක්‍රියාවලිය: එක්සමයක සක්දෙවිඳු, ලෝකයා වෛරසිතින්, තරහින් අන්අයට හිංසා කරමින් ජිවත්වීමට හේතු විමසුහ. මෙහිදී බුදුන් වහන්සේ පෙන්වා වදාළේ: එවැනි හැසිරීමට හේතුව ඉරිසියාව හා ආත්මාර්ථකාමී යන සංයෝජන නිසාය (jealously & selfishness). ඒ සංයෝජන වලට හේතුව, ප්‍රියබව හා අප්‍රිය බවය (like & dislike), ප්‍රිය අප්‍රිය සංඛාර ඇතිවන්නේ, චන්දය නිසාය, චන්දයට හේතුව විතක්ක කිරීමය. විතක්කය නිසා ප්‍රපංච- අකුසල සිතිවිලි හටගනී. ප්‍රපංච නිරෝධ කරගැනීමේ පිළිවෙල: ත්‍රිවිධ වේදනා (සොම්නස, දොම්නසා, උපේක්ඛා) ඇතිවෙනවිට, ආකාර 2 කින් කටයුතු කලයුතුය: 1) ඇතිවීම ගැන සෙවිය යුතුය 2) වේදනා නිසා අකුසල සිත් හටගන්නේ නම් ඒ ගැන සිතීම අත්හළයුතුය. කිසියම් වේදනාවක් නිසා කුසල සිතක් ඇතිවේනම් එය පුරුදු කලයුතුය. එලෙස පුරුදු පුහුණුවීම මගින්, කෙනෙක් ප්‍රපංච සංඥා අල්වා නොගන, ඒවා නිරෝධ කරගැනීමට හැකිවේ යයි මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: දීඝ.නි: ( 2) සක්කපඤහ සුත්‍රය පි 412, EDN: 21, Sakkapanha Sutta- Sakka’s questions, p234.

▼ වෙනත් මුලාශ්‍ර: 1. Concept & Rality in Early Buddhist Thought: An essay on Papancha & Papancha-Sanna=Sankha by Bhikkhu Nanananda: BPS 1971. (මෙහි, ප්‍රපංච පිලිබඳව විස්තරාත්මකව දක්වා ඇත)

▲ප්‍රපාතය -the precipice: චතුසත්‍ය අවබෝධ නොකිරීම නිසා අත්වෙන ඉමහත් දුක්වේදනා ඇති සසර ගමන, බිහිසුණු ප්‍රපාතයකින් ඇදවැටීම වැනිය යයි බුදුන් වහන්සේවදාළහ. සත්‍ය අවබෝධ කරගත් ප්‍රඥාවන්තයන්, මහාදුක් සහිත ප්‍රපාතයෙන් නොවැටේ. ඔවුන් යළි උපත ආදී වූ දුක් කඳෙන් මිදී සිටිති. බලන්න: උපග්‍රන්ථය:5 මූලාශ්‍ර: සංයු.නි: ( 5-2): මහාවග්ග: සච්චසංයුත්ත: 12.5.2 පපාත සූත්‍රය, පි. 332, ESN:56: Sacchasamyutta: 42.2 The Precipice, p. 2313.

▲ පිප්පිලි සිටුවරයා- Pipali situ: මහා කාශ්‍යප තෙරුන්ගේ ගිහිනමය. බලන්න: උපග්‍රන්ථය:1

පබ

▲ පබ්බජා - One who has gone forth: පබ්බජා යනු ගිහිගෙය හැර බුදු සසුනේ පැවිදිවූ, සාමණේර සංඝයා හඳුන්වන ආකාරයකි. උපසම්පදාව ලබාගැනීමට පුරුදු පුහුණුවන පැවිදි ශ්‍රාවකයාය. සටහන:ඛු.නි:සුත්තනිපාත:2 චූල්ලවග්ග:සම්මා පරිබ්බජනිය සූත්‍රයේදී, ගිහිගෙය හැර, පබ්බජාවූ මහණ ලෝකයට නොඇලි යහපත් ලෙසින් වාසය කරණ ආකාරය පෙන්වා ඇත.

▼ බුදුන් වහන්සේ, පබ්බජා විසින් නිතර නිතර ආවර්ජනා (ප්‍රත්‍යවෙක්ෂා -reflections ) කලයුතු ධර්මතා 10ක් පෙන්වාඇත: 1) මම පන්ති භේදයකින් තොර සමුහයකට පිවිසි වාසය කරමි- වීවර්ණභාවයට පැමිණ වෙසෙමි. සටහන: බුදුන් වහන්සේ වැඩසිටි සමයේ ඉන්දියානු සමාජයේ පැවති ප්‍රධාන කුල 4 ‘වර්ණ’ ලෙසින් හඳුන්වා ඇත. වීවර්ණභාවය යනු කුල භේදය නැතිබවය. බුදුසසුනට ඇතුළුවූ පසු, පැවිද්දන්, ගිහිකල අයත්ව සිටි කුලය හැර දමා ‘ශ්‍රමණ’ බවට පත්වේ. බලන්න: EAN:note: 2053, p. 679, කුලය. 2) මම අන්‍යයන්ගේ උපකාරයෙන් දිවිපැවැත්ම ගෙනයමි. 3) මගේ හැසිරීම-ගිහියන්ගේ හැසිරීම මෙන් නොවිය යුතුය 4) මගේ ශිලය යහපත්ද? යයි සොයා බැලිය යුතුය.5) මගේ සබ්‍රහ්මචාරිවරු, මා ගැන සොයාබලා, මගේ ශිලය ගැන මට දොස් කියන්නේද? යයි සොයා බැලිය යුතුය. 6) ප්‍රියවූ, මනාපවූ හැම දෙනාගෙන්, හැම දෙයකින්ම මට ඇත්විමට, වෙන්වීමට සිදුවේ. 7) මම මගේ කර්මයේ හිමිකාරයාවෙමි... 8) මම මගේ දිවාකාලය රාත්‍රී කාලය යහපත් ලෙසින් ගතකරන්නේද? 9) හිස්වූ කුටිවල (හුදකලාව- විවේකිව) සිටීම මට සතුට ගෙනදෙන්නේද? 10) උත්තරිය මිනිස් දහමින් යුත්, ආරියබව ලබාදෙන, ඥාන දර්ශන විශේෂයක් (අලමරියඤාණදස්සනය ) මම ලබාගෙන තිබේද? (මම බුදුසසුනේ ආරියෙක්ද?) මගේ අවසන් මොහොතේ, සබ්‍රහ්මචාරින් ඒ පිලිබඳ මා විමසනවිට, අපහසුවට පත්නොවී සිටීමට මට හැකිද? “අත්‍ථිතිනු ඛො මෙ උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සන විසෙසො...”. බලන්න: උත්තරීය මනුස්ස ධම්ම, සමණසංඥා. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: අකෝෂ වග්ග, 10.1.5.8.දසධර්ම සූත්‍රය,පි.182, EAN: 10:48.8. Things, p. 512.

▲ පබ්බජා පුහුණුවියයුතු දසසංඥා - The 10 perceptions to be trained by one who has gone forth: නුපන් අකුසල ධර්ම වලින් සිත ආරක්ෂා කරගැනීම පිණිස, පබ්බජා විසින් සංඥා පුහුණුවියයුතු, හික්මිය යුතු සංඥා 10: 1.අනිච්ච්සංඥාව 2. අනාත්ම සංඥාව ... 3.අසුභ සංඥාව... 4. ආදීනව සංඥාව... 5.ලෝකයේ සමබව හා විසම බව ... ( ලොකස‍්ස සමඤ‍්ච විසමඤ‍්ච) 6. ලෝකයේ ඇතිවීම හා නැතිවීම ... (ලොකස‍්ස සම‍්භවඤ‍්ච- විභවඤ‍්ච) 7. ලෝකයේ ඇතිවීම නැතිවීම... (ලොකස‍්ස සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච) 8. පහානසංඥාව 9. විරාගසංඥාව ... 10.නිරෝධසංඥාව මේවා වඩා ගනිමින් සිත ශක්තිමත්-ප්‍රබලව තබාගතයුතුය. මේ දසසංඥාවන් වඩා ගැනීමේ ප්‍රතිලාභනම්: අනාගාමි හෝ අරහත්වයට පත්වීමය. සටහන්: * මෙහිදී ලෝකය සේ පෙන්වා ඇත්තේ පංච උපාදානස්කන්ධය ය *5-7 සංඥා හැර සෙසු සංඥා 7 ගිරිමානන්ද සූත්‍රයේ දක්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6 ):10 නිපාත:සචිත්ත වග්ග: 10.2.1.9.පබ්බජා සූත්‍රය,පි.220, EAN: 10: 59.9. Going Forth.p.516.

▲ පබ්බාජනිය කම්ම - pabbajaniya Kamma: පබ්බාජනිය කම්ම යනු, සසුනේ පාපික ලෙසින් හැසිරෙන සංඝයා නෙරපීමේ විනය කර්මය ය. සටහන: කීටාගිරි ආරණ්‍යයේ, අදහැමි ලෙසින් වාසය කල අස්සජි හා පුනබ්බසුක යන භික්ෂූන්, නෙරපීම පිලිබඳ මෙහිදී විස්තර දක්වා ඇත. බලන්න:උපග්‍රන්ථය:4 මූලාශ්‍ර:වින.පි: චූලවග්ග පාලිය:1: 3 පබ්බාජනිය කම්ම, පි.52.

▲ පබ්බතය- the mountain: 1) කල්පයක දීර්ඝකාලීන බව පෙන්වීම පිණිස බුදුන් වහන්සේ මේ උපමාව දක්වා ඇත. යොදුනක් දිග, පළල හා උස ඇති මහා ගල් පව්වක්, සිනිදු සළුවකින් සෑම වසරකට එක්වරක් මැදීමෙන් ගෙවිඅවසන්වූවද, කල්පයක් අවසානයට පත්නොවේ. බලන්න: කල්පය.මූලාශ්‍ර:සංයු.නි: (2): නිදානවග්ග: අනමතග්ගසංයුත්ත:3.1.5 පබ්බත සූත්‍රය, පි.301, ESN:15: Anamataggasamyutta:5.5 The Mountain, p. 301.

2) මහා ගල් පව්වක් -පබ්බතයක් සෑම දෙසින් පැමිණ සියල්ල යට කරන ලෙසින්, ජරා මරණය සෑම අතින්ම පැමිණ මිනිසුන් යට කරන අන්දම පෙන්වීමට මේ උපමාව දක්වා ඇත. මූලාශ්‍ර:සංයු.නි: (1):සගාථවග්ග: කෝසලසංයුත්ත:3.3.5 පබ්බතඋපමා සූත්‍රය, පි.210, ESN:3:Kosalasamyutta:III:25.5 The simile of the mountain, p.259.

3-5) සෝතාපන්න බව ලැබීම, දිට්ඨිසම්පන්නවීම (දහම් ඇස ලැබීම) නිසා ලැබෙන මහා අර්ථය පෙන්වීමට බුදුන් වහන්සේ, හිමාලය, සිනෙරු වැනි මහා පර්වත මේ සූත්‍රවලදී උපමාකර පෙන්වා ඇත. මූලාශ්‍ර:සංයු.නි: (2) නිදානවග්ග: අභිසමයසංයුත්ත:1.10.9-1.10.11 සූත්‍ර3කි, පි. 240, ESN:13:Abhisamayasamyutta: 9-11 suttas, p.733.

6) පටිභාන පර්වතයේ මහා බැවුම් වලට වඩා බිහිසුණු වන්නේ චතු සත්‍ය අවබෝධ නොකර සසර දුක් ප්‍රපාතයට ඇදවැටීමය යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍ර:සංයු.නි: (5-2 කාණ්ඩය):මහාවග්ග: සච්චසංයුත්ත :පබ්බතවග්ග:12.5.2 පපාත සූත්‍රය, පි. 332, ESN: 56: Saccha samyutta:42.2 The Precipice, p.2312.

▲ පුබ්බංගම- forerunner: පුබ්බංගම යනු පුර්වනිමිත්තය-යමක් සිදුවීමට පෙර ඇති ලක්ෂණයය. හිරු උදාවීමේ පුර්ව නිමිත්ත අරුණෝදයය. එලෙසින්, කුසල ධර්මයට පෙර නිමිත්ත, සම්මා දිට්ඨියයි බුදුන් වහන්සේ වදාළහ. සම්මා දිට්ඨිය නිසා සම්මා සංකප්ප ඇතිවේ...එලෙසින්, ක්‍රමානුකූලව, දස සම්මාධර්ම අංග වර්ධනය වේ. මූලාශ්‍ර:අංගු.නි: (6): 10 නිපාත: 10.3.2.9. පුබ්බංගම සූත්‍රය, පි.458, EAN:10: 121.9. forerunner, p.547.

▼ දේවලෝකයෙන් චුතවීමට පෙර පුර්ව නිමිති 5 ක් ඇතිවේ: 1) පැළඳි මල්මාලා පරවේ 2) හැඳි වස්ත්‍ර කිලිටුවේ 3) දාඩිය වැගිරේ 4) කය දුර්වර්ණ වේ 5) දිව්‍ය ආසනයට නො ඇලේ. බලන්න: සුගතිගමන. මූලාශ්‍ර:ඛු.නි:ඉතිවුත්තක:චතුවග්ග:3.4.4 පුර්වනිමිත්ත සූත්‍රය,පි.450.

▲ පුබ‍්බෙචකතපුඤඤතා- Pubbechakathapunnata: මින් අදහස් කරන්නේ පෙරකළ පින්-පුණ්‍ය ඇතිබවය. මෙය අග්‍රබව ලබාදෙන චක්‍රසතරෙන් එකකි, මංගල සූත්‍රයේ, මෙය සුභ කරුණක් ලෙසින් පෙන්වා ඇත. බලන්න: චක්‍රසතර.

▲ පුබ්බේනිවාසානුස්සති ඥානය- knowledge of the recollection of past abodes: පෙර භවයන් සිහිකිරීමට ඇති හැකියාව-නුවණ. බලන්න: පුර්ව නිවාස සිහිකිරීමේ නුවණ. සටහන: පටිසම්භිදාවේ: හේතු ප්‍රත්‍යයෙන් ඇතිවූ ධර්මතා වල නානත්වය හා ඒකත්වය කර්ම වශයෙන් දැනගැනීමේ ප්‍රඥාව පුර්ව නිවාස සිහිකිරීමේ නුවණ සේ පෙන්වා ඇත. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදා 1: 53 පුර්ව නිවාස සිහිකිරීමේ නුවණ, පි.236.

▲ පුබ්බාවිදේහය-Pubbavidehaya: සක්විති රජ පාලනය කරන සතර දිපයන්ගෙන් එකකි. බලන්න: සක්විතිරජ, දඹදිව.

පභ

▲ පභංන්ඟු - Fragile: පභංන්ඟු යනු බිඳෙනසුළුබවය. බුදුන් වහන්සේ, බිඳෙනසුළු දේ ලෙසින් පෙන්වා ඇත්තේ පංච උපාදානස්කන්ධයය. පංච උපාදානස්කන්ධයය පිලිබඳ යම් නිරෝධයක් වේනම් එය නො බිඳෙනසුළුය. එනම් නිවනය. බලන්න: පංච උපාදානස්කන්ධයය. මූලාශ්‍ර:සංයු.නි: (3) ඛන්ධසංයුත්ත:භාරවග්ග:1.1.3.11 පභංන්ඟු සූත්‍රය,පි.86, ESN:22:Khandasamyutta:32.11, The Fragile,p.1025.

▲ පභා - Radiances: පභා-ප්‍රභාව යනු දීප්තිමත්බවය. බුදුන් වහන්සේ මේ ලෝකයේ ප්‍රභා 4 ක් ඇතිබව වදාළහ: 1) චන්ද්‍රප්‍රභා 2) සුර්යප්‍රභා 3)අග්නිප්‍රභා 4) ප්‍රඥාප්‍රභා. ඒ අතුරින් ප්‍රඥාප්‍රභාව අග්‍රය. මූලාශ්‍ර:අංගු.නි: (2 ): 4.නිපාත:4.3.5.2 පභා සූත්‍රය, පි.290,EAN:4: V: 142.2. Radiances, p.198.

▲ ප්‍රභාස්වර - Luminous: ප්‍රභාස්වර යනු ආලෝකමත් බවය. බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ, සිත ප්‍රභාස්වරබවය, එහෙත්, උප කෙළෙස නිසා කිලිටිවීමෙන් ඒ ආලෝකමත්බව නැතිවේ. බලන්න: සිත-චිත්ත. සටහන: මේ වග්ගයේදී ප්‍රභාස්වර සිත කිළිටිවන අන්දම හා ආරිය ශ්‍රාවකයා ගේ සිත ප්‍රභාස්වරබවට පත්වීම ආදී කරුණු පෙන්වා ඇත. මූලාශ්‍ර:අංගු.නි: (1): 1 නිපාත:6 ප්‍රභාස්වර වග්ග:පි.58, EAN:1:VI: Luminous, p.39.

පම

▲ පාමොක්ඛය - release: ධර්මයට අනුව පාමොක්ඛය යනු, දුකනැතිකිරීමේ මග අනුගමනය කිරීමෙන් ඇතිවන ඵලයය. බලන්න: නිමොක්ඛය.

▲ ප්‍රේමය - Affection: ප්‍රේමය (ඇල්ම-ආලය) හේතුවෙන් ප්‍රේමය උපදී; ප්‍රේමය හේතුවෙන් ද්වේශය උපදී, ද්වේශය හේතුවෙන් ප්‍රේමය උපදී යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. 1) ප්‍රේමය හේතුවෙන් ප්‍රේමය උපදී: පුද්ගලයෙක්හට, කෙනෙක් ප්‍රියමනාප වේ. වෙනත් අයද එම කෙනා කෙරෙහි ප්‍රිය මනාප ලෙසින් හැසිරේ. ඒ හේතුව නිසා ඒ පුද්ගලයා ඔවුන් කෙරෙහි ප්‍රේමය ඇතිකරගනී. 2) ප්‍රේමය හේතුවෙන් ද්වේශය උපදී: පුද්ගලයෙක්හට, කෙනෙක් ප්‍රියවේ, එහෙත්, වෙනත් අය එම කෙනා කෙරෙහි ප්‍රිය මනාප ලෙසින් නො හැසිරේ. එවිට ඒ පුද්ගලයාට ඔවුන් කෙරෙහි දෙව්ශය ඇතිවේ 3) ද්වේශය හේතුවෙන් ප්‍රේමය උපදී: පුද්ගලයෙක්හට, කෙනෙක් ප්‍රියමනාප නොවේ වේ. වෙනත් අයද එම කෙනා කෙරෙහි ප්‍රිය මනාප ලෙසින් නො හැසිරේ. ඒ හේතුව නිසා ඒ පුද්ගලයා ඔවුන් කෙරෙහි ප්‍රේමය ඇතිකරගනී. සටහන: මේ සූත්‍රයේදී, ද්වේශය නිසා ද්වේශය හටගන්නා බව ද පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (2 ): 4 නිපාත: 4.4.5.10 ප්‍රේම දෝශ සූත්‍රය, පි. 428, EAN:4: 200.10 Affection, p. 221.

▲ ප්‍රමාදය - heedless: ධර්මයට අනුව ප්‍රමාදවීම (පමාදය) යනු ආධ්‍යත්මික මාර්ගය වඩා ගැනීම අතපසු කිරීමය, මෙය අකුසලයකි. බලන්න: අප්‍රමාදය හා ප්‍රමාදය. සටහන්: * “...ප්‍රමාදය මරණයට මගය...ප්‍රමාදවුවෝ මළවුන් වැනිය”: ධම්මපදය:2. **අංගු.නි: (1)1 නිපාත:ප්‍රමාදවග්ගයේ, ධර්මයේ ප්‍රමාදවීම නිසා සිදුවන අනර්ථය, අයහපත විස්තරාත්මකව පෙන්වා ඈත.

▼ ප්‍රමාදය පහකිරීම පිණිස අප්‍රමාදය වැඩිය යුතුය. මූලාශ්‍රය: අංගු.නි: (4) 6 නිපාත: 6.1.10 සූත්‍රය, පි.286.

▲ ප්‍රමාදවිහාරි හා අප්‍රමාදවිහාරි - Dwelling in heedless & Dwelling in diligence: ප්‍රමාදවිහාරි -පමාදවිහාරි - ප්‍රමාදව වාසය කරන, යනු ඉන්ද්‍රිය අසංවරයෙන් කටයුතු කිරීමය, එමනිසා,සිත එකඟ කරගැනීමට නොහැකිව සමාධිය ලබාගැනීමට නොහැකිවේ, ඔහු ආධ්‍යාත්මික වර්ධනය පමාකරගනී. ඉන්ද්‍රිය සංවරය ඇති පුද්ගලයා:අප්‍රමාදවිහාරිය,( නොපාමාවිහරණ ඇත) ඔහුට සිත එකඟ කරගැනීමට පහසුවේ, ඒ නිසා සමාධිය ඇතිකර ගැනීමට හැකිවේ, එමගින් ආධ්‍යාත්මික දියුණුව ඔහු ලබාගනී. බලන්න: අප්‍රමාදය. මූලාශ්‍රය: සංයු.නි: සළායතනවග්ග: වේදනාසංයුත්ත: 1.10.4 පමාදවිහාරි සූත්‍රය, පි.192.

▲ ප්‍රමෝදය: පාලි: පාමොජ‍්ජා - joy: ප්‍රමෝදය, සිත සමාධියට පත් කරගැනීමට උපකාරීවන අංගයක්ය. අකුසල පහවීම නිසා සිතට ප්‍රමෝදය ඇතිවේ. බලන්න: අවිප්‍රතිසාරය, පසුතැවිල්ල, ප්‍රීතිය, සමාධිය.

▼ පසුතැවිලි නොවන පුද්ගලයාට ප්‍රමෝදය ඇතිවේ. “...අවිප‍්පටිසාරො ඛො ආනන්‍ද පාමොජ‍්ජත්‍ථො පාමොජ‍්ජානිසංසො ... පාමොජ‍්ජං පීතත්‍ථං පීතානිසංසා...”. පසුතැවිල්ල නැතිවීම නිසා ලබන ආනිසංසය, ඵලය නම් සිත ප්‍රමෝදයට පත්වීමය. සිත ප්‍රමෝදවූවිට ප්‍රීතිය ඇතිවේ (The purpose and benefit of non-regret is joy... purpose and benefit of joy is rapture). එමගින් සමාධියට සිත නැමේ. මූලාශ්‍ර:අංගු.නි: (6 ): 11 නිපාතය:නිසසය වගග: 11.1.1.කීමත්ථිය සූත්‍රය හා 11.1.2 න චේතනාය කරණිය සූත්‍රය, පි.611-614, EAN:11: Dependence: 1.1 What Purpose & 1-2 Volition p.566.

පය

▲ පායාසි රජ -King Payasi: බලන්න: උපග්‍රන්ථය:3

▲ පියා - father: අවිද්‍යාවෙන් වැසුන මුලක් නොපෙනෙන සසරේ, යම් කෙනෙකුට පියෙක් නොවූ සත්වයෙක් දැකීම සුලභ නැත යයි බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍රය: සංයු.නි: (2) නිදානවග්ග: අනමතග්ගසංයුත්ත: 3.2.5 පිතුසූත්‍රය, පි.312.

▲ පියඋරුමය - ancestral domain: පියා ගේ උරුම භුමිය ලෙසින් පෙන්වා ඇත්තේ සතරසතිපට්ඨානය ඇසුරු කරගෙන ජිවත්විමය. බලන්න: ගෝචර භුමිය.

▲ ප්‍රියබව හා අප්‍රියබව: පාලි: පිය, අප‍්පිය- pleasing & displeasing ධර්මයේ ප්‍රියභාවය ලෙසින් පෙන්වා ඇත්තේ තමන් හා වාසය කරන අයගේ සිත් දිනාගෙන, ඔවුන්ගේ ගරු සැලකිලි ලබාගෙන යහපත් ලෙසින් වාසය කිරීමය. එලෙස නො හැසිරීම මගින් අන්‍යයන්ට අප්‍රිය වේ. සටහන: ඛු.නි: ධම්මපදය: පියවග්ගයේ ප්‍රියමානප බව විස්තර කර ඇත.

▼ සෙසු සංඝයාගේ ප්‍රියබව, ගරුබව ලාබා ගැනීම පිණිස භික්ෂුවක් හැසිරිය යුතු ආකාරය බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත: 1) යම්කිසි කෙනක් අප්‍රිය ලෙසින් වාසය කරන්නනේ නම්,ඔහු වර්ණනා නොකිරීම- ඔහුට ප්‍රසංසා නොකිරීම 2) යම්කිසි කෙනක් ප්‍රිය ලෙසින් වාසය කරන්නනේ නම්,ඔහු විවේචනය නොකිරීම 3) ලාභ සත්කාර ලබා ගැනීමට ආසා නොවීම 4) ගරු බුහුමන් ලබාගැනීමට ආසා නොවීම. 5) පව්කිරීමට ලැජ්ජාවීම (හිරි) 6) පව්කිරීමට බිය තිබීම (ඔතප්) 7) අල්ප ආසා ඇතිව සිටීම- අල්පේච්ඡතාවය 8) සම්මා දිට්ඨිය ඇතිව වාසය කිරීම 9) කිර්තිය-ප්‍රසිද්ධියට අකැමතිවීම 10) කටයුතු කිරීමට සුදුසු වේලාව දන්නාබව 11) සිමාව ඉක්මවා කටයුතු නො කිරීම 12) පිරිසිදු කාය වචී හා මනෝ කර්ම තිබීම 13) බොහෝලෙසින් කතාවේ නොයෙදීම 14) තමන් සමග වාසය කරන සෙසු සංඝයාට නින්දා අපහාස නො කිරීම. සෙසු සංඝයාට අප්‍රියබව ඇතිකරන අයහපත් හැසිරීම: 1) අප්‍රිය ලෙසින් වාසය කරන අය, ඔහු වර්ණනා කිරීම 2) ප්‍රිය ලෙසින් වාසය කරන අය ඔහු විවේචනය කිරීම 3) ලාභ සත්කාර ලබාගැනීමට ආසාවීම 4) ගරු බුහුමන් ලබාගැනීමට ආසාවීම 5) පව්කිරීමට ලැජ්ජා නොවීම 6) පව්කිරීමට බිය නොමැතිවීම 7) පාපික ආසා ඇතිව සිටීම 8) සම්මා දිට්ඨිය නොමැතිවීම 9) කිර්තිය-ප්‍රසිද්ධියට කැමතිවීම 10) කටයුතු කිරීමට සුදුසු වේලාව නො දැනීම 11) සිමාව ඉක්මවා කටයුතු කිරීම 12) අපිරිසිදු කාය වචී හා මනෝ කර්ම තිබීම 13) බහුල ලෙසින් අනවශ්‍ය කතාවේ යෙදීම 14) තමන් සමග වාසය කරන සෙසු සංඝයාට නින්දා අපහාස කිරීම. සටහන:සංයු.නි: (1) කෝසලසංයුත්ත:3.1.4 පිය සූත්‍රයේ: තුන්දොරින් සුචරිතයෙහි යෙදන පුද්ගලයා ප්‍රිය කෙනෙකි, එහෙත්, දුශ්චරිතයේ යෙදන පුද්ගලයා අප්‍රිය කෙනෙක් ලෙසින් පෙන්වා ඇත. මූලාශ්‍ර:අංගු.නි: (5): 8 නිපාත: 8.1.1.3 හා 8.1.1.4 ප්‍රිය සූත්‍ර, පි. 34, EAN:8: 3.3 & 4.4 Pleasing, p. 412.

▼ බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “සබ‍්බා දිසා අනුපරිගම‍්ම චෙතසා-නෙවජ‍්ඣගා පියතරමත‍්තනා ක්‍වචි, එවං පියො පුථු අත‍්තා පරෙසං - තස‍්මා න හිංසෙ පරං අත‍්තකාමොති”: “සියලු දිසාවන් සිතින් තරණය කර බලනවිට, තමන්ට වඩා ප්‍රිය කෙනෙක් කිසි තැනක නොපෙනේ. එලෙසින්, අන්‍යයන්හටද, තමන්ම ප්‍රියවේ. එනිසා, තම අර්ථය කැමති පුද්ගලයා සෙසු අය නො පෙලිය යුතුවේ”. සටහන: මේ සූත්‍රය දේශනා කර ඇත්තේ පසේනදී කෝසල රජු හා මල්ලිකා දේවිය අතර ප්‍රියයන් ගැන වූ සංවාදයක් අරභයාය. මූලාශ්‍ර: සංයු.නි: (1) සගාථවග්ග: කෝසලසංයුත්ත:3.1.8 මල්ලිකා සූත්‍රය, පි.166.

▲ පියදස්සි බුදුන් වහන්සේ-The Buddha Piyadassi

ගෝතම බුදුන් වහන්සේට පෙර වැඩසිටි මේ බුදුන් වහන්සේගේ විස්තර පිණිස බලන්න: ඛු.නි: බුද්ධවංශය.

▲ ප්‍රියංකර - Priyankara: බලන්න: යක්ඛ

▲ පියක භාන්ඩාගාරික - Piyaka the Treasurer: බලන්න: නාරද තෙර.

පර

▲ පරචිත්ත පරියාය - skilled in the ways of others’ minds: පරචිත්ත පරියාය යනු අනුන්ගේ මනස අවබෝධය කිරීමේ කුශලතාවයය. බුදුන් වහන්සේ ගේ අවවාදය වුවේ පරචිත්ත පරියාය හැර දමා, සචිත්ත පරියාය වර්ධනය කරගන්නා ලෙසය. බලන්න:සචිත්ත පරියාය.

▲ පරචිත්ත විජානන ඥානය - To understand the minds of other beings: අනුන්ගේ සිතේ ස්වභාවය දන්නා නුවණ. බලන්න: චේතෝපරිය ඥානය.

▲පරදාරසේවනය- Paradarasevanaya: පරදාරසේවනය ලෙසින් පෙන්වා ඇත්තේ, විවාහකව සිටි තමාගේ බිරිද-සැමියා හැර වෙනත් කාන්තාවක් හෝ පුරුෂයෙක් සමග වැරදි කාමසේවනයය. මෙය අකුසලයකි. බලන්න: කාම-මිථ්‍යාචාරය.

▲පරම අස්වැසීම- supreme consolation: පරම අස්වැසීම -පරමස්සාය- උතුම් අස්වැසීම ලෙසින් පෙන්වා ඇත්තේ සියලු උපාදාන ප්‍රහිණය කර විමුක්තිය ලැබීමය. සටහන: මේ සූත්‍රය, සැරියුත් තෙරුන්, තමන්ගේ බෑණා වූ,ජම්බුඛාදක පරිබ්‍රාජකට දේශනා කරන ලදී. මූලාශ්‍ර:සංයු.නි: (4 ): සළායතනවග්ග: ජම්බුඛාදකසංයුත්ත: 1.4.6 පරමස්සාය සූත්‍රය, පි. 504, ESN:38: Jambukhadhakasamyutta:6 supreme consolation, p. 1401.

▲ පරම උත්තරසමාපත්තිය- Parama uththra samapathtiya: පරම උත්ත සමාපත්තිය ලෙසින් පෙන්වා ඇත්තේ ශුන්‍යතා විහරණයය. බලන්න: ශුන්‍යතා විහරණයය.

▲පරම දිට්ඨධම්ම නිර්වාන වාදය: පාලි: පරමදිට‍්ඨධම‍්ම නිබ‍්බානං -View on: supreme nibbāna in this very life: පරම දිට්ඨ ධම්ම නිර්වානවාදය (මේ ජීවිතයේදීම නිවන ලබාගැනීම) ලෙසින් පෙන්වා ඇත්තේ නිවන පිළිබඳව බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ පැවති විවිධ මත හා දිට්ඨි වලින් එක දිට්ඨියක් ගැනය.බලන්න: දිට්ඨි.

▼ සමහර මහණබමුණන්, ජීවත්ව සිටින සත්ත්‍වයන් (විද්‍යාමාන) පිළිබඳව පරම දිට්ඨි ධර්ම නිර්වාන වාදය ගැන, මත 5 ක් පනවා ඇතැයි බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) මේ අත්බව, පස්කම් සැපයෙන් සපුරුවාගෙන, ඉඳුරන් පිණවා ගැනීම, මේ භවයේම දීම නිවන ලැබීමය යන මතය: “යතො ඛො භො යං අත‍්තා පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතො සමඞ‍්ගිභූතො පරිවාරෙති, එත‍්තාවතා ඛො භො අයං අත‍්තා පරමදිට‍්ඨධම‍්ම නිබ‍්බානං පත‍්තො හොතී’ති” (In as far as this self, being furnished and endowed with the fivefold sense-pleasures, indulges in them, then that is when the self realizes the highest Nibbāna here and now). 2) පස්කම් සැප අනිත්‍ය, දුක ගෙනදේ. එහෙත්, මේ ආත්මය යම්විටක විතක්ක විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති පළමු ජානය ලැබීම මේ භවයේම දීම නිවන ලැබීමය යන මතය. 3) විතක්ක විචාර රහිත, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති දෙවෙනි ජානය ලැබීම මේ භවයේම දීම නිවන ලැබීමය යන මතය. 4) ප්‍රීති නොමැති, උපෙක්කාව හා සිහිය ඇති දෙවෙනි ජානය ලැබීම මේ භවයේම දීම නිවන ලැබීමය යන මතය. 5) සියලු සැප දුක රහිත, සොම්නස හා දොම්නස පහකරඇති, උපේක්කාව හා සිහිණුවන ඇති සිව්වෙනි ජානය ලැබීම මේ භවයේම දීම නිවන ලැබීමය යන මතය. සටහන: මේ සෑම මතයක්ම බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කර ඇත. මූලාශ්‍ර: දීඝ.නි: (1 ) 1.බ්‍රහ්මජාල සූත්‍රය, ඡෙදය:95, පි.18, EDN: 1.Brahmajāla Sutta: The Supreme Net, section: 3.19, p.82.

▼ මේ ජීවිතයේදීම නිවන සාක්ෂාත් කරගැනීම-දිට්ඨධම්ම නිබ්බාන ගැන බුදුන් වහන්සේ මෙසේ වදාළහ: සළායතනයන්ගේ, ඇතිවීම නැතිවීම, ආස්වාදය, ආදීනවය හා නිස්සරණය තත්වූ පරිදි දැන අනුපාද විමොක්ෂය (උපාදාන රහිත) ලැබීම- අරහත්වය ලැබීම මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගත හැකි නිවනය. (එම නිවන අග්‍රය) : “...එතදග‍්ගං භික‍්ඛවෙ පරමදිට‍්ඨධම‍්ම නිබ‍්බානං පඤ‍්ඤාපෙන‍්තානං යදිදං ඡන‍්නං ඵස‍්සායතනානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදිනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභුතං විදිත්‍වා අනුපාදා විමොක‍්ඛො...” .මුලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: 10.1.3.9.ප්‍රථම කොසල සූත්‍රය,පි. 134, EAN-10: The Great Chapter, 29.9 Kosala-1, p. 505.

▲ පරනිර්මිත-වසවත්තිය-Paranirmithavasavathtiya: මෙය කාමාවචර දේවලෝකයකි. බලන්න: දේවලෝක.

▲ පරලොව-Paralova: පරලොව -එලොව යනු වර්තමාන භවයෙන්-මෙලොවින්, මියයාමෙන්- චූතවීමෙන් පසු, කර්මානුරූපව, යළි උපත ලබන භවයය. බලන්න: සුගතිය, දුගතිය, යළිඋපත.

▲ පරවාදය- others’ doctrines: ධර්මයේ පරවාදය ලෙසින් පෙන්වා ඇත්තේ බුදුදහමට අනුව කටයුතු නොකිරීමය. වැරදි මත- දිට්ඨි ගැනීමය. බලන්න: දිට්ඨි,මිථ්‍යා දිට්ඨිය. යම්කෙනෙක් චතුසත්‍ය අවබෝධ කර ඇත්නම් ඔවුන් පරවාදයට නොපැමිණේ. මූලාශ්‍ර: සංයු.නි: (1):සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.1.7 අප්පටිවිදිත සූත්‍රය, 1.1.8 සුසම්මුට්ඨ සූත්‍රය, පි. 34, ESN: Devatasamyutaa: 7.7 Not Penetrated,p.65.

▲ පරවිපත්ති හා පරසම්පත්-Paravipathti & Parasampath: පරවිපත්ති ලෙසින් පෙන්වාත්තේ, අනුන් කරන අයහපත් කටයුතු නිසා ඔවුන්ගේ ධර්ම මාර්ගය පිරිහිමය. පරසම්පත් යනු අනුන් කරන යහපත් කටයුතු නිසා ඔවුන්ගේ ධර්ම මාර්ගය දියුණුවට පත්වීමය. බලන්න: ආත්මවිපත්ති-පරවිපත්ති.

▲ පරසතු මල් රුක-Parasathu flower tree

තව්තිසා දෙව්ලොව, නන්ද උයනේ ඇති පරසතු මල්රුක (පාරිචඡත්‍රක වෘක්‍ෂය- pāricchattaka coral tree), කොවිදාර ලෙසින් ද හඳුන්වයි. එම රුක පිලිබඳ විස්තර මේ සූත්‍රයේ පෙන්වාඇත. බලන්න: EAN:note:1586, p.657. සටහන: පරසතු රුක ක්‍රම ක්‍රමයෙන් වැඩි මල් හටගෙන දස අත සුවඳ හමන ලෙසින්, ගිහිගෙය හැර, ශ්‍රමණබව ලබාගෙන, ධර්මය ක්‍රමානුකුලව පුරුදුවන භික්ෂුව, සියලු කෙළෙස් හැර, උතුම් විමුක්තිය ලැබීමේ අසිරිය එම උපමාව තුලින් බුදුන් වහන්සේ විස්තර කොට වදාළහ. බලන්න: උපග්‍රන්ථය:5 (පරසතු මල්) මූලාශ්‍ර:අංගු.නි: (4): 7 නිපාත:7.2.2.5 පාරිචඡත්‍රක සූත්‍රය, පි.468, EAN:7: 69.5 Pāricchattaka, p.400.

▲ පරහිත- Welfare of others: පරහිත යනු අන්‍යයන්ගේ යහපත පිණිස කටයුතු කිරීමය. මෙය පරාත්ථකාමීබව ලෙසින්ද පෙන්වා ඇත. අනුන්ගේ ආධ්‍යාත්මික ජීවිතය වඩා ගැනීම පිණිස උපකාරිවීම, සහයවීම පරහිත පිණිස කටයුතු කිරීමය යි බුදුන් වහන්සේ පෙන්වාඇත. අත්තහිත යනු තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය වඩා ගැනීමට කටයුතු කිරීමය. අත්තහිත-පරහිත යනු තමන්ගේ මෙන්ම අනුන්ගේ යහපත පිණිස කටයුතු කිරීමය. බලන්න: අත්තහිත, ආත්මාර්ථකාමී. මූලාශ්‍ර: අංගු.නි: (3 ): 5 නිපාත:බලවග්ග: 5.1.2.8 -5.1.2.10 සූත්‍ර, පි.44, EAN:5:II Powers:17.7- 20.10,p.241.

▲ පරික‍්ඛයාය (පාලි)- විනාශකිරීම-the utter destruction: පරික‍්ඛයාය ලෙසින්පෙන්වා ඇත්තේ කෙළෙස් සහමුලින්ම විනාශ කර නිවන ලැබීමය. අරහත්වය පිණිස රාගය, දෝසය හා මෝහය -අකුසල මුල් විනාශ කිරීම අවශ්‍යවේ. මූලාශ්‍ර: අංගු.නි: (2): 4 නිපාත: 8. රාගාදීපෙය්‍යාලය වග්ගසූත්‍ර, පි. 516, EAN:4: VIII: Lust & so forth, p. 233.

▲ පරිකුප්ප-Parikuppa: පරිකුප්ප යනු කිපෙන සුළුබවය. එවැනි අය අතින් සිදුවන ආනන්තරිය කම්ම විපාක, පැරණි තුවාලයක්-වනය මෙන් පිළිම් කල නොහැකි බව මෙහි පෙන්වා ඇත. ඔවුන් නියතයෙන්ම නිරයගාමිවේ. බලන්න: ආනන්තරිය කම්ම, කුප්ප. බලන්න: උපග්‍රන්ථය:උපමා (පැරණි තුවාලය) මූලාශ්‍රය: අංගු.නි: (3): 5 නිපාත:ගිලානවග්ග: 5.3.3.9 පරිකුප්ප සූත්‍රය, පි.262. EAN: 5: 129.9 Lesions, p. 279.

▲ පරිජාන හා අපරිජාන-fully understanding & not fully understanding: පරිජාන ලෙසින් පෙන්වා ඇත්තේ යහපත් ලෙසින් අවබෝධ කිරීමය- පුර්ණ අවබෝධය. අපරිජාන යනු පුර්ණ අවබෝධය නොමැති බවය. බලන්න: පරිඥාය, පරික‍්ඛය, පරිපුර්ණ අවබෝධය. මේ සූත්‍රයේදී, සම්පුර්ණ අවබෝධය ලැබීම ලෙසින් පෙන්වා ඇත්තේ සළායතන හා බාහිර අරමුණු පිලිබඳ යථාබව අවබෝධ කරගැනීමය. එමගින් දුක අවසන් කරගත හැකිවේ. මූලාශ්‍ර:සංයු.නි: (4 ): සළායතනසංයුත්ත:1.3.4 හා අ.3.5 අපරිජාන සූත්‍ර, පි.58 ESN:35: Salayathnasamyutta:III: 25.3 & 26.4 suttas, p.1225.

▲ පරිඥාය: පාලි: පරිඤ‍්ඤා: full understanding

පරිඥාය, යනු ධර්මපිලිබඳ පුර්ණ-යහපත්- මනා අවබෝධය ලැබීමය. අරහත්වය පිණිස රාගය, දෝසය හා මෝහය (අකුසල මුල්) ක්‍ෂය කිරීමට මේ අවබෝධය ලැබිය යුතුය. පරිඥෙය්‍ය ධර්මතා : රූප, වේදනා, සංඥා, සංඛාර හා විඥානය- පංච උපාදානස්කන්ධය ය. (what, bhikkhus, are the things that should be fully understood? Form, bhikkhus, is something that should be fully understood. Feeling … Perception … Volitional formations … Consciousness is something that should be fully understood). සටහන්: * නිවන පිස මේ ධර්මතා යහපත් ලෙසින්ම අවබෝධ කරගතයුතුවේ. ** ආරිය සත්‍ය හතර-චතුරාර්ය සත්‍ය යහපත් ලෙසින් අවබෝධ කරගැනීම පරිඤෙය්‍ය ලෙසින් පෙන්වා ඇත. බලන්න: සංයු.නි:සච්චසංයුත්ත:12.3.9 පරිඤෙය්‍ය සූත්‍රය. ** පරිඥාව ලැබූ පුලයා: රහතන්වහන්සේය.බලන්න: පරිපුර්ණ අවබෝධය: මූලාශ්‍ර:අංගු.නි: (2 ): 4 නිපාත: 8. රාගාදීපෙය්‍යාලය වග්ග සූත්‍ර, පි. 516, EAN:4: VIII: Lust & so forth, p. 233, සංයු.නි: (3 ): ඛන්ධසංයුත්ත: 1.3.1.4 පරිඥෙය්‍ය සූත්‍රය, පි. 303, ESN:22:106.4 To be fully understood, p. 1097.

▼ පරිඥෙය්‍ය ධර්මතා: ආධ්‍යාත්මික වර්ධනය පිණිස පිරිසිඳ ලෙසින්- සම්පුර්ණයෙන්ම අවබෝධ කර ගත යුතු ධර්මතා මෙලෙසින්ද පෙන්වා ඇත. (Dhamma to be thoroughly known): 1) ආස්‍රව හා උපාදාන ඇතිවීමට හේතුවූ (ප්‍රත්‍ය) ස්පර්ශය, පිරිසිඳ දැන ගත යුතු එක් ධර්මයකි.(ඵස‍්සො සාසවො උපාදානියා අයං එකො ධම‍්මො පරිඤෙඤය්‍යා). බලන්න: ස්පර්ශය, ආස්‍රව, උපාදාන. 2) නාම රූප (නාමඤ‍්ච, රූපඤ‍්ච - Mind and body). බලන්න: නාම රූප. 3) ත්‍රිවිධ වේදනා (තිස‍්සො වෙදනා) : 1සැප වේදනාව (සුඛා වෙදනා) 2 දුක වේදනාව (දුක‍්ඛා වෙදනා) 3 සැපත් නොවන දුකත් නොවන වේදනාව (අදුක‍්ඛමසුඛා වෙදනා) බලන්න: වේදනා. 4) සතර ආහාර- සිව් පෝෂණය. බලන්න: අහාර. 5) පංච උපාදානස්කන්ධය: රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාණය . 6) සළායතන- ආධ්‍යාත්මික ආයතන සය. මූලාශ්‍ර: දීඝ.නි : (3): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲ පරිප්‍රඥාව-Paripanna: පරිප්‍රඥාව, ආධ්‍යාත්මික වර්ධනය පිණිස උපකාරවන, පස් ආකාර නුවණින් එකක්ය. බලන්න: ඤාණපඤචකය.

▲ පරිනිබ්බානය: පාලි: පරිනිබ‍්බානං-Pari Nibbāna: ධර්මයට අනුව පරිනිබ්බානය -පරිනිර්වානය යනු සියලු ආසවයන් ප්‍රහීණකර දුකින් මිදීමය. මේ ජීවිතයේදීම ලබාගත හැකි උපරිම සුඛයය, නිවන ලබාගැනීමය. සටහන්: * පරිනිබ්බානය ලැබූ රහතුන්ගේ කය, මිය ඇදීම ද පරිනිබ්බානයට පත්වීම (පරිනිර්වාණය-Final nibbaana) ලෙසින්ද දක්වයි. ** දීඝ.නි: මහා පරිනිර්වාණ සූත්‍රයේදී පෙන්වා ඇත්තේ බුදුන් වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණය ය. ** බලන්න: අනාගාමි. ** පටිසම්භිදාවේ: සම්මා ඥානය ඇත්තහුන් ගේ කෙලෙස්- ස්කන්ධ ප්‍රවෘත්ති ක්‍ෂය කිරීමෙහි ප්‍රඥාව, පරිනිර්වාණ ඥානලෙසින් පෙන්වා ඇත. බලන්න: ඛු.නි: පටිසම්භිදා1 :ඥාණකථා: 35 පරිනිබ්බාන ඥානය, පි. 212. ** සංයු.නි: (4): සළායතනවග්ග: වේදනාසංයුත්ත:ගහපතිවග්ග: 1.13.1, 1.13.2 සූත්‍රයන්හිදී, බුදුන් වහන්සේ කෙනෙක් මේ ජීවිතයේදීම පිරිනිවන් පෑමට හේතු කරුණු විස්තර කර ඇත. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි. 372: “පරිනිබ‍්බාන: පිරිනිවින්පෑම: කෙළෙස් පරිනිර්වානය, රහතුන්ගේ ස්කන්ධ පරිනිර්වානය”. B.D: p.126: “Pariibbāna: Full Nirvana- is a synonym for Nirvana: this term, therefore, does not refer exclusively to the extinction of the 5 groups at the death of the Holy one.

▼ උපාදාන රහිතව පිරිනිවීම (අනුපාදාපරිනිබ‍්බානත්‍ථං- for attaining final Nibbāna without clinging) ලෙසින් පෙන්වා ඇත්තේ මේ ජීවිතයේදීම කෙලෙසුන්ගෙන් වෙන්වී පරිනිබ්බානය ලැබීමය.ඒ පිලිබඳ පටිපදාව ආරිය අට මගය. මූලාශ්‍ර: සංයු.නි: (5-1):මහාවග්ග: අඤ‍්ඤාතිත්‍ථියා පෙය්‍යාලො සූත්‍ර: 1.5.1, 1.5.2, 1.5.3, 1.5.4, 1.5.5, 1.5.6, 1.5.7, 1.5.8, පි.71, ESN: V: Wanders of the other sects: 41.1 to 48.8 suttas, p. 1649.

▼ පරිනිබ්බානය පිළිබඳව බුදුන් වහන්සේ වදාළ ක්‍රමය, (පර්යාය) ආනන්ද තෙරුන් මෙසේ පෙන්වා ඇත: “ඇවැත්නි මේ සසුනේ මහණ...ප්‍රථම ජානයට පැමිණ වාසය කරයි…( එලෙස සිව් ජාන) එපමණකින්ම, පරිනිබ්බානය යයි අවස්ථානුරූපව (පර්යායෙන්) බුදුන් වහන්සේ දෙසනා කරන ලදී”. “ මේ සසුනේ මහණ... ආකාසානඤ චායතන සමාපත්තියට පැමිණ වාසය කරයි... (එලෙස සිව් අරූප ලැබීම) එපමණකින්ම, පරිනිබ්බානය යයි අවස්ථානුරූපව, බුදුන් වහන්සේ දෙසනා කරන ලදී.. “...මේ සසුනේ මහණ මුළුමනින්ම, නෙවසඤඤානාසඤඤායතනය ඉක්මවා සඤඤාවෙදයිත නිරෝධයට පැමිණ වාසය කරයි. නෙවසඤඤානාසඤඤා විපස්සනා ප්‍රඥාවෙන් දැකීමෙන් ඔහුගේ ආසව ක්‍ෂයවේ. එපමණකින්ම, පරිනිබ්බානය යයි අවස්ථානුරූපව, බුදුන් වහන්සේ දෙසනා කරන ලදී”.මූලාශ්‍ර: අංගු.අංනි: (5 ): 9 නිපාත: සාමඤඤවග්ග: 9.1.5.8 පරිනිබ්බාන සූත්‍රය, පි. 566, EAN:9: 49.8 Finala Nibbāna , p. 485.

▼ බුදුන් වහන්සේ පරිනිර්වාණය සාක්ෂාත් වීම (නිවන) ගැන වදාළ උදාන: “මහණෙනි යමෙක්හි පඨවිධාතුව...වායු ධාතුව නැද්ද... ආකසානඤචායතාන ...නෙවසඤචායතාන සිත නැද්ද...මේ ස්කන්ධ ලෝකය නැද්ද, මෙයීන් උපදිනා අන්‍ය ස්කන්ධ ලෝකයකුත් නැද්ද, එහි අඳුරක් නැතිනිසා, අඳුර දුරලන්ට සඳහිරු නැද්ද, එසේවූ ඒ ආයතනය (මාර්ග ඵලසිතට අරමුණුබ නිවන) ඇත... එහි කිසිවෙකුගේ ඒමක් යෑමක් සිටීමක්, මරණයක්, මැරි ඉපදීමක් නැත. මෙය කිසිවෙක නොපිහිටි, ප්‍රත්‍යයයන්ගෙන නොපවත්නා, කිසිම අරමුණක නො එල්බෙන දහමකි. මෙයම දුකෙහි කෙළවර ය”. “ස්වභාවයෙන් ගැඹුරු බැවින් ඉතා සියුම් බැවින් නුවණ නො මුහුකළවුන් විසින් දැකිය නොහැකි, තණ්හා රහිත, ඒකාන්තයෙන් ඇත්තා වූ නිවන නම් සුවසේ දැකිය හැකි නොවේ. ප්‍රහාණාභිසමය වශයෙන් තණ්හාව පිලිවිදුනා ලදී. අරියමගනුවණින් දන්නාහට තණ්හා පරිබෝධයක් නැත”. “මහණෙනි, හේතු ප්‍රත්‍යයෙන් නොඋපන්, පහළනොවූ, කිසිවෙකින් නො කරනලද, ප්‍රත්‍යයෙන් අසංසකෘතවූ නින ධර්මය-පරමාර්ථ වශයෙන් ඇත. ... මේ හේතු ප්‍රත්‍යයෙන් නොඋපන්, නො පහළනොවූ, නොකරනලද අසංසකෘත නිර්වාන ධාතුව අවිද්‍යමාන නම්, මෙහි හේතු ප්‍රත්‍යයෙන් උපන්, පහලවූ, කරනලද, සංසකෘතවූ, ස්කන්ධපංචකයාගේ නිස්සරණයක් නො පැනෙන්නේය (නො ලැබිය හැකිය)... යම්ලෙසකින් නොඋපන්, නො පහළනොවූ, නොකරනලද අසංසකෘත ධාතුවක් පරමාර්ථ වශයෙන් ඇත්ද, එහෙයින්, උපන්, පහලවූ, කරනලද, සංසකෘතවූ ස්කන්ධපංචකයාගේ නිස්සරනයක් පැනේ”. “තණ්හාදිට්ඨි සංඛාරයන් ඇසුරු කලවුන්ට, සුව දුක් ආදිය උපන් කල් සිත්සතන් කම්පනයවේ. තණ්හාදිට්ඨි සංඛාරයන් ඇසුරු නො කලවුන්ට-විදසුන් වඩන්නාට සිත්සතන් කම්පනය නැත.කම්පනය නැති කල සිතේ සංසිඳීම වේ. සිතේ සංසිඳීම ඇති කල්හි, විදසුන්වඩන්නාට අරහත් මාර්ගක්‍ෂණයෙහිදී භවයන්හි නැමීම (හෙවත් තණ්හාව) නොවේ. භවයන්හි නැමීම නැතිකළ පිළිසිඳවීම, මේ භවයට ඒමක්, අන් හවයකට යෑමක් නොවේ. භවයෙන් භවයට එම යෑම නැති කල චුති උත්පත්ති නොවේ. චුති උත්පත්ති නැති කල මේ කාම භවයේ ද එහි-අරූප භවයේද මේ දෙක අතරේ (රූපභවයේ) ද පැවැත්මක් නැත. මෙයම දුකේ කෙළවරය.” මූලාශ්‍රය: ඛු.නි:උදානපාලිය:8 පාටලීගාමවග්ග: නිබ්බාන සූත්‍ර 4 කි. 317.

▲ පරිනිබ්බාන ඥාන- Pari-nibbāna Nana: පරිනිබ්බාන ඥාන-පරිනිර්වාන ඥාන ලෙසින් පෙන්වා ඇත්තේ, සම්මා ඥානය ඇති උත්තමයා සියලු කෙළෙස් ක්‍ෂය කලබව අවබෝධ කිරීමය. මූලාශ්‍ර: ඛු.නි:පටිසම්භිදා 1:මහාවග්ග:ඤානකතා:35: පරිනිර්වාණ ඥානය,පි.212.

▲ පරිපූරක-Fulfillment: පරිපුරක ලෙසින් පෙන්වා ඇත්තේ සහමුලින්ම සම්පුර්ණ බවය. ශිලය, සමාධිය හා ප්‍රඥාව අනුව කෙනෙක් පරිපුරක ද, පරිපුරක නොවේද යන්න මේ සූත්‍රයේ පෙන්වා ඇත: 1) ශිලය, සමාධිය හා ප්‍රඥාව සහමුලින්ම පරිපුරක නො කරගත් පුද්ගලයා 2) ශිලය සම්පුර්ණ කරගත්, අනිත් කරුණු 2 සම්පුර්ණ නො කරගත් පුද්ගලයා 3) ශිලය හා සමාධිය පරිපුරකරගත් එහෙත් ප්‍රඥාව සම්පුර්ණ නො කරගත් පුද්ගලයා.4) ශිලය, සමාධිය හා ප්‍රඥාව සහමුලින්ම පරිපුරක කරගත් පුද්ගලයා. සටහන: අටුවාවට අනුව:1 පුද්ගලයා පෘතග්ජනය, 2පුද්ගලයා සෝතාපන්න හා සකදාගාමිය, 3 පුද්ගලයා අනාගාමිය, 4 පුද්ගලයා අර්හත්ය. බලන්න:EAN:Note: 834, p.624. මූලාශ්‍ර: අංගු.නි: (2 ):4 නිපාත: පරිපූරකාරීපුග්ගල සූත්‍රය, පි.284, EAN:4: 136.6 sutta, p.197.

▲ පරිපුර්ණ අවබෝධය - full understanding: ධර්මයේ පරිපුර්ණ අවබෝධය ලෙසින් පෙන්වා ඇත්තේ යම් ධර්මතාවයක් පිලිබඳව නුවණින් විමසා බලා පුර්ණ අවබෝධය ලබා ගැනීමය.ශබ්දකෝෂ: පා.සිං.ශ: පි.370: “පරිඤ‍්ඤා: අවබෝධය- මනා දැනීම...”.B.D: p.126: “Pariññā: Full understanding, full comprehension-There are 3 kinds of mundane (lokiya) full understanding: 1) Full understanding of the known-ñātapariññā : is the knowledge consisting in the discernment of the specific characteristics of a phenomena… 2) Full understanding as investigating- tīranapariññā-investigating with insight wisdom… 3) Full understanding as overcoming - pahānapariññā-the insight wisdom which has the above mentioned general characteristics as its objects and arise after overcoming the idea of permanence etc.”

▼ බුදුන් වහන්සේ, ධර්මය දේශනා කරනවිට ආධ්‍යාත්මික වර්ධනය පිණිස වැඩිය යුතු ධර්මතා (කුසල ධර්ම) හා ප්‍රහාණය කරගතයුතු ධර්මතා (කෙළෙස් ආදිය) පරිපුර්ණ ලෙසින් අවබෝධ කරගත යුතු යයි අවවාද අනුසාසනා වදාරා ඇත. උදාහරණයක් ලෙසින් ‘දුක’ ඇතිවීම බැලීමට හා නැතිකරගැනීම පිණිස, දුක පිලිබඳ සම්පුර්ණ දැනුම (පරිඤ‍්ඤාය) තිබිය යුතුවේ. ආරිය අට මග වඩා ගැනීමෙන් එම අවබෝධය ඇතිවේ. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග: මග්ගසංයුත්ත: 1.15 දුක්ඛතා සූත්‍රය, පි.156, ESN: Maggasamyutta: 165.5 Suffering, p. 1710.

▼ වෙනත් මුලාශ්‍ර: 1. “ ඤාතපරිඤ්ඤාය, තීරණපරිඤ්ඤාය, පහානපරිඤ්ඤාය යැයි ලෞකික පරිඥා 3 කි. ඥාතපරිඥා: රූපය, රූපයේ බිඳීම් ලක්ෂණ, වේදනාවේ විඳීම් ලක්ෂණ ආදී, ඒ ඒ ස්කන්ධ- ධාතු- ආයතන හා ඒවාට ආවේණික ලක්ෂණ පිළිබඳව (ඇති ස්වභාවය) සැලකීම ඥාතපරිඥා නම් වේ. තීරණපරිඥා: රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය ආදී ලෙසින් රූපා දී වූ ධර්මයන්ගේ අනිත්‍ය. දුක්ඛ, අනාත්ම යන සාමාන්‍ය (සියල්ලට සාධාරණ) ලක්ෂණයන් අරමුණු කොට ඇති විදර්ශනා නුවණ තීරණ පරිඥා නම් වේ. ප්‍රහානපරිඥා: ඒ ත්‍රිභූමික ධර්මයන් කෙරෙහි නිත්‍ය සංඥා ආදිය දුරුකිරීම් වශයෙන් ඇති ලක්ෂණ නොහැරම ස්කන්ධයන් අරමුණු කරන ලක්සනාලම්බනික විදර්ශනා නුවණ ප්‍රහානපරිඥා නම්වේ. සිංහල විශුද්ධීමාර්ගය:20 පරිඡේදය: පි. 961.

▲ පරිබ්‍රාජික- Wanderers: පරිබ්‍රාජික යනු බුදුන් වහන්සේ වැඩසිටි සමයේ විසු අන්‍යආගමිකයන්ය. එවක සිටි ප්‍රසිද්ධ පරිබ්‍රාජිකයන්: අන්නභාර, වරධර හා සකුලුදායි ය. බුදුන් වහන්සේ මේ තිදෙනාට, ආරියවංශ යට අයත් සතර ධර්ම පද කරුණු පැහැදිලි කර වදාළබව මේ සූත්‍රයේ දක්වා ඇත. බලන්න: ආරියවංශය. සටහන: පරිබ්‍රාජිකයන් පිළිබඳ විස්තර පිණිස බලන්න: ම.නි: පරිබ්‍රාජක වග්ග. මූලාශ්‍ර: අංගු.නි: ( 2): 4 නිපාත: 4.1.3.9 ධම්මපද සූත්‍රය, පි. 80 , EAN:4 : 29.9 Dhamma Factors, p. 159.

▲ පරිභව නොකළයුතු සිව් දෙනා- Four people not to be disregarded: ලාබාල- තරුණ යයි සිතා අවමන් නොකළයුතු පුද්ගලයන් 4 දෙනක් බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) තරුණ ක්‍ෂත්‍රිය 2) ලදරු සර්පයා 3) කුඩා ගින්න 4) ලාබාල මහණ. බලන්න: දහර.

▲ පරියාය-Pariyaya: මේ සූත්‍රයේදී පරියාය ලෙසින් පෙන්වා ඇත්තේ පංචනීවරණ හා සප්ත බොජ්ඣංග පිලිබඳ ධර්මතා විග්‍රහකිරීමකි: 1) පංචනීවරණ, දස නීවරණ බවට පත්වීමේ නියාය: අභ්‍යන්තරයේ ඇති පංච නීවරණ හා බාහිර පංච නීවරණ දස නීවරණවේ. 2) බොජ්ඣංග හත, 14ක් බවට පත්වීමේ නියාය: අභ්‍යන්තරයේ සප්ත බොජ්ඣංග හා බාහිර සප්ත බොජ්ඣංග, බොජ්ඣංග 14 වේ. සටහන: මේ පරියාය විස්තර කර බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ තථාගත හෝ බුද්ධ ශ්‍රාවකයෙක් හෝ තථාගත හෝ බුද්ධ ශ්‍රාවකයෙක් ගෙන් ඒ ගැන ඇසු කෙනෙක් හැර වෙනත් කෙනෙක්හට ඒ පිළිබඳව විග්‍රහකිරීමට හැකියාව නොමැතිබවය. බුදුදහමේ හා අන්‍ය පරිබ්‍රාජක දහමේ වෙනස මින් පෙන්වා ඇත. මූලාශ්‍ර:සංයු.නි: (5-1): මහාවග්ග: බොජ්ඣංගසංයුත්ත: 2.6.2 පරියාය සූත්‍රය, පි.238, ESN:41:Bojjhangasamyutta:VI: 52.2 method of exposition, p.1791.

▲ පරියොගාහ ඤාණය- Pariyogaha Nana: රූපආදී ස්කන්ධ අනිත්‍ය වශයෙන් නුවණින් දැක ලබන ප්‍රඥාව පරියොගාහ ඤාණය ලෙසින් පෙන්වා ඇත. මූලාශ්‍රය:ඛු.නි: පටිසම්භිදා1 : මහාවග්ග: ඤාණවග්ග: 42: පරියොගාහ ඤාණය, පි.224.

▲ පරියත්ති අන්තරාධාන - Disappearing of the Dhamma learning: පරියත්ති අන්තරාධාන ලෙසින් පෙන්වා ඇත්තේ, ධර්මය ඉගෙනගැනීම අතුරුදහන්වීමය. මෙය සද්ධර්මය අතුරුදහන්වීමට බලපාන කරුණකි. බලන්න: ධර්මය අතුරුදහන්වීම.

▲ පරිළාහ - Parilaha: පරිළාහ යනු දැවිමය. සසර දුක් ගින්නෙන් දැවීම පරිළාහ-පරිදාහ ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත. එම දැවීම මහා පරිළාහ නිරයේ ඇති ගින්නෙන් දැවීයාමට වඩා බිහිසුණුය. මූලාශ්‍ර: සංයු.නි: (5-2 ): මහාවග්ග: සච්චසංයුත්ත:12.5.3 පරිළාහසූත්‍රය, පි.336, ESN:56: Sacchasamyutta:V:43.3. The Great Conflagration, p. 2314.

▲ පරිවිමංසනය - Investigation: පරිවිමංසනය ලෙසින් පෙන්වා ඇත්තේ යහපත් ලෙසින්ම පරික්ෂාකිරීම-පිරික්සීමය. මේ සූත්‍රයේදී දුක නැතිකර ගැනීම පිණිස, දුක ඇතිවීමට හේතු පරික්ෂා කිරීම විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍රය:සංයු.නි: (2) නිදානවග්ග:අභිසමයසංයුත්ත: 1.6.1 පරිවීමංසන සූත්‍රය, පි.148, ESN:12: Nidanasmayutta: VII: 51.1 Through Investigation, p.681.

▲ පරිසදුෂණ හා පරිස ශෝභන - People who are blemishes/ adornment an assembly: පරිසදුෂණ (පරිසස්දූසනයෝ) ලෙසින් පෙන්වා ඇත්තේ, පිරිස් සමුහයක් අතර සිටින පාපී මිනිසුන්ය. අසිල්වත් මහණ, මෙහණිය, උපාසක, උපාසිකා පරිසදුෂණයන්ය. සිල්වත් මහණ, මෙහණිය, උපාසක, උපාසිකා, පිරිස ශෝභමාන (පරිස සෝභනයෝ) කරති. මූලාශ්‍ර:අංගු.නි: (2 ): 4 නිපාත:4.5.2.1 පරිසසෝභන සූත්‍රය, පි.452, EAN:4:II: 211.1 Assembly, p.224.

▲ පරිස්සාරජ්ජභය-Parisarajjabhaya: මෙය පස්බිය වලින් එකකි, පිරිසඅතර පසුබෑමට පත්වීමේ බියය. බලන්න: සංග්‍රහ වත්ථු බල.

▲ පරිශුද්ධ ධර්ම-Purified Dhamma: පරිශුද්ධ ධර්ම ලෙසින් පෙන්වා ඇත්තේ දස ධර්මයය: ආරිය අටමග, සම්මා ඤාණය හා සම්මා විමුක්තියය. දස ධර්ම ඇත්තේ ධර්මවිනයේ පමණකි. සටහන: මේ සූත්‍රයේ, දස ධර්ම මගින් ආධ්‍යාත්මික ජීවිතය පිරිසිදුවන ආකරය පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: 3 පරිශුද්ධවග්ග, පි.462, EAN:10: III Purified,p.547.

▲ පරිහානිය ධර්ම- Dhamma that lead to decline: පරිහානිය ධර්ම ලෙසින් පෙන්වා ඇත්තේ, ආධ්‍යාත්මික මග පරිහානියට පත් කරන අකුසලයන්ය. බලන්න: අපරිහානිය ධර්ම. සටහන:ඛු.නි: සු.නි:පරාභව සූත්‍රයේ, පරිහාණි ධර්ම විස්තරාත්මකව පෙන්වා ඇත.

▼ සළායතන විසින් අල්ලා ගන්නා බාහිර අරමුණු ඉවසාසිටින්නේනම්, ඒවා පහ නොකරන්නේ නම්, අකුසල දහම් ඇතිවේ, එය පරිහානියය. එහෙත්, ඒවා නො ඉවසන්නේ නම්, පහකර, කෙළෙවර කරන්නේනම්, කුසල් ධර්මය ඇතිවේ. එය අපරිහානියය. මූලාශ්‍ර:සංයු.නි: (4 ): සළායතනවග්ග: වේදනා සංයුත්ත:1.10.3 පරිහාන ධම්ම සූත්‍රය, පි.190, ESN:Vedanasamytta:V The sixes:96.3 Decline,p.1261.

▼ සය කරුණු සහිතව වාසය කරන මහණ පරිහානියට පත් වේ යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) වැඩකටයුතු වලට ඇලීම 2) කතාබහට ඇලීම 3) නින්දට ඇලීම 4) අන්‍ය ඇසුරට ඇලීම 5) අකීකරුබව 6) පාප මිත්‍ර ඇසුර. මේ ධර්මතා සහිතව වෙසෙන මහණ තුන්කාලයේදීම (අතීත, අනාගත, වර්තමාන) ආධ්‍යාත්මික මාර්ගයේ පරිහානියට පත්වේ. මූලාශ්‍ර: අංගු.නි: (4 ): 6 නිපාත: 6.1.3.1 සාමගාමක සූත්‍රය, පි. 70 , EAN: 6 : 21.1 Sāmaka, p. 326.

▼ අකුසල ධර්ම වැඩිවීම පරිහානියය: රාගය දෝසය හා මෝහය (අකුසල මුල්) බහුලව තිබීම හා ස්ථාන අස්ථාන කරුණු පිලිබඳ ගැඹුරු ප්‍රඥාව නොමැතිවීම අකුසල වැඩි පරිහානිය ඇතිකරයි. එම කරුනු නොමැතිවීම කුසල් ධර්ම වැඩීමට, අපරිහානියට හේතුවේ යයි සැරියුත් තෙරුන් පෙන්වා ඇත. මූලාශ්‍ර:අංගු.නි: ( 2 ): 4 නිපාත: 4.4.1.8 පරිහානි සූත්‍රය, පි.300, EAN:4: Faculties:158.8 decline, p.199.

▲ පරිහාණි හා අපරිහාණි පුද්ගලයෝ-Persons subject to decline & not subject to decline: ධර්ම මාර්ගයේ පරිහාණියටපත්වෙන පුද්ගලයාගේ ස්වභාවය:1) පෙර නො ඇසු ධර්මය ඇසීමට නොලැබීම 2) ඇසු ධර්මය අමතකවීම 3) අසා පුරුදු කල ධර්මය සිතින් අවර්ජනා නොකිරීම 4) ඇසු ධර්මය තුලින් තමන්ට අවබෝධ නොවූ ධර්මය කුමක්ද යයි නොදැනීම. ( Here, a bhikkhu does not get to heara teaching he has not heard before, 2 forgets those teachings he has already heard, 3 does not bring to mind those teachings with which he is already familiar, 4 and does not understand what he has not understood). ධර්ම මාර්ගයේ පරිහාණියට පත්නොවෙන පුද්ගලයාගේ ස්වභාවය:1) පෙර නො ඇසු ධර්මය ඇසීමට ලැබීම 2) ඇසු ධර්මය සිතේ දරා ගැනීම 3) අසා පුරුදු කල ධර්මය සිතින් අවර්ජනා කිරීම 4) ඇසු ධර්මය තුලින් තමන්ට අවබෝධ නොවූ ධර්මය කුමක්ද යයි දැනීම. සටහන්: * මේ සූත්‍රය, සැරියුත් තෙරුන් වදාළහ. ** ඛුනි:ඉතිවුත්තක:3.3.10 පරිහානසූත්‍රයේ: සේඛ භික්ෂුව පරිහානියට පත්වීම හා පරිහානියට පත්නොවීම පෙන්වා ඇත: 1) කර්මාන්තයේ ඇලීම හා නිරතවීම 2) කතාවට ඇලීම හා කතාවේ නිරතවීම 3) නින්දට ඇලීම හා නිරතුරුව නිදාගැනීම. එම කරුණු නොමැති සේඛ භික්ෂුව පරිහානියට පත්නොවේ. මූලාශ්‍ර:අංගු.නි: (6 ): 10 නිපාත: 102.1.5 පරිහාන සූත්‍රය, පි.212, EAN:10: 55.5 Decline, p.515.

▼ පිරිහෙන හා නොපිරිහෙන පුද්ගලයන්ගේ ස්වභාවය මෙහි විස්තරාත්මකව පෙන්වා ඇත.: මූලාශ්‍රය: ඛු.නි: සුත්තනිපාත:උරගවග්ග:-6 පරාභව සූත්‍රය, පි.50.

▲ පර්යාප්ති බහුල පුද්ගලයා- Pariyapti bahula pudgala: පර්යාප්ති බහුල පුද්ගලයා ලෙසින් මෙහිදී පෙන්වා ඇත්තේ සූත්‍ර ආදීවූ නවඅංග සසුනේ ධර්මතා - ධර්ම පරියාපත්තිය ඉගෙන, එයම මුල්කර - පරියාපත්තියබහුල කරගෙන දවස ගෙවන, සමාධිය නො වඩන මහණය. එවැනි අය ධම්ම විහාරි නොවේ. බලන්න: ධම්ම විහාරි. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: අනාගතභය වග්ග: 5.2.3.3 හා 5.2.3.4 සූත්‍ර, පි.160.

▲ පර්යේෂණ: පාලි: ඵසනා -searches: පර්යේෂණ (පරියේසනා) යනු සෙවීමය. ලෝක සත්ත්‍වයෝ කම්සැප සොයායයි. නුවණ ඇති පුද්ගලයා දුකින් මිදීම පිණිස ආධ්‍යාත්මික මගක් සොයා යයි. අප බෝසතුන් ද ලෝකයේ පවතින දුක් දොම්නස්දැක ඉන් මිදීම පිණිස මගක් සොයාගියබව සුත්‍රදේශනා වල පෙන්වා ඇත. බලන්න: ම.නි: ආරියපර්යේෂණ සූත්‍රය, ආරිය හා අනාරිය පර්යේෂණ.

▼ පර්යේෂණ 3 කි: බුදුන්වහන්සේ සෙවීම් 3 ක් පෙන්වා ඇත: 1) කාමෙසනා- කම්සැප සෙවීම 2) භවෙසනා- භව සෙවීම 3) බ්‍රහ්මචරියෙසනා (බඹසර සෙවීම: මිථ්‍යාදිට්ඨියඇතිව හෝ සම්මා දිට්ඨිය ඇතිව). මේ සෙවීම පිලිබඳ සත්‍ය අවබෝධය ලබාගැනීමට (අසත්‍ය බැහැර කිරීමට) අරියඅටමග ආකාර 3 ට වැඩිය යුතුවේ: i) ...මහණ තෙමේ විවේකය...විරාගය...නිරෝධය සහිත, විමුක්තියට නැඹුරුවූ සම්මා දිට්ඨිය වඩයි... සම්මා සංකප්ප (ආදී අංග 8 ඇතුළත්) ...අරිය මග වඩයි. ii) ...මහණතෙමේ රාගය... දෝසය ...මෝහය ...දුරුකිරීම කෙළවර කොට ඇති අරිය අටමග වඩයි. iii) ...මහණතෙමේ නිවනට නැමුණු ...නිවනට යොමුවූ...නිවන කෙළවර කර ඇති අරියඅටමග වඩයි. සටහන: සෙවීම අවසන්වීම, සැක නැතිවීමය, ආසව ක්‍ෂය කිරීමය, නිවන ලැබීමය. මූලාශ්‍ර: සංයු.නි: (5-1) මග්ගසංයුත්ත: ඵසසානා වග්ග, පි. 150, ESN: 45: Maggasamyutta: XIV:Searches: Direct Knowledge , p. 1705, ඛු.නි: ඉතිවුත්තක: 3.1.5 හා 3.1.6 ඵෂණා සූත්‍ර, පි. 409.

▼ ආරිය පරියෙසන හා අනාරිය පරියෙසන: මේ සූත්‍රයේ ආරිය පරියේසන 4 ක් හා අනාරිය පරියේසන 4 ක් පෙන්වා ඇත: අනාරිය පරියේසන: මෙලොව කෙනක්හට, ජරාව ඇත, මරණයඇත, ලෙඩදුක් ඇත (ව්‍යාධි), කෙළෙස් ඇත. ඔහු ඒ කරුණුම සොයා යයි. 2) ආරිය පරියේසන: මෙලොව කෙනක්හට, ජරාව ඇත, මරණයඇත, ලෙඩදුක් ඇත (ව්‍යාධි), කෙළෙස් ඇත. එහෙත්, ඔහු ඒවා නොසයා, ඒවායේ ආදීනව දැක, ඉන් ගැලවීම වූ අනුත්තර යොගක්‍ෂේමය (බැඳිම් වලින් නිදහස්වීම) වූ නිවන සොයා යයි. මූලාශ්‍ර:අංගු.නි: (2 ): 4 නිපාත: 4.6.2 පරියෙසනා සූත්‍රය, පි.496, EAN:4: 255.2 Quests, p.231.

▲ පර්යයයෙහි ඥානය-Paryehinana: මෙය ආධ්‍යාත්මික වර්ධනය පිණිස උපදවාගතයුතු ඥානයන්ගෙන් එකකි. බලන්න:උත්පාදයිතව්‍ය ධර්ම.

▲ පරාක්‍රමධාතුව- the element of exertion: පරාක්‍රමධාතුව- පරාක්‍රම විරිය, දැඩි විරිය ලෙසින්ද දක්වා ඇත. යම්කිසි කටයුත්තක් ආරම්භකරගත් පසු එම කටයුත්ත, සියලු බාධක මග හැර අවසන් කරගැනීමට ගන්නා උත්සාහය, පරාක්‍රමධාතුවය. බලන්න: වීරිය.

▲ පරාත්ථකාමි- Unselfishness: අන්‍යයන් ගැන ද තමන් ලෙසින්ම සැලකීම පරාත්ථකාමිබවය, මෙය කුසලයකි. බලන්න: ආත්මාර්ථකාමී.

▲ පරාමට්ඨ සීලය-Paramattasila: විවිධ ශිලයන්ගෙන් එකකි, තණ්හාව හෝ දිට්ඨිය ක් ඇතිව සමාදන්වන සීලයක්ය. බලන්න: ශිලය.

▲ පාර-Para: ධර්මයට අනුව ‘පාර’ යනු නිවන හඳුන්වන පදයකි- සසර පරතෙරය (පාරඬගමය), නිවනය. බලන්න: නිවන සටහන්: විස්තර පිණිස බලන්න: * සංයු.නි: (4) සළායතනවග්ග: අසංඛතසංයුත්ත:9.2 :පාර සූත්‍ර. ** සංයු.නි: (5-1) මහාවග්ග: මග්ගසංයුත්ත:3 පටිපත්තිවග්ග:1.4.4 පාරඬගම සූත්‍රය, පි.66.

▲ පාරායන ධර්ම පරියාය-Parayana Dhammapariyaya: මගධයේ, පාසාණක චේතියේ වැඩවසන සමයේ බුදුන් වහන්සේ හමුවට පැමිණි බාවාරි බ්‍රාහ්මණගේ 16ක්වු ශිෂ්‍ය පිරිසට, නිවන් මග පෙන්වා දෙමින් වදාළ දේශනා පාරයන ධර්ම පරියාය ලෙසින් පෙන්වා ඇත. එම ධර්ම කරුණු, නිර්වාන පාර වෙතට යොමු කරන හෙයින්, ඒ ධර්ම පරියාය ‘පාරායන’ ලෙසින් හඳුන්වා ඇත. උතුම් ආරිය මග වඩා අපාර සංඛ්‍යාත සසරින් පරතෙරට පැමිණීමේ මග (පාරගමනය) නිසා ‘පාරායන’ වේ. මූලාශ්‍රය: ඛු.නි.සුත්තනිපාත: පාරායනවග්ග:පි,326-366.

▲ පාරමී-Parami: බුද්ධත්වය පතන බෝසත්වරු විසින් සම්පුර්ණ කරගන්නා උතුම් ප්‍රතිපත්ති පාරමිවේ - පාරමිතා. මේවා 10කි- දස පාරමිතා :1)දාන - generosity, 2) ශිල-virtue 3) නෙක්ඛම්ම- renunciation 4) ප්‍රඥා - wisdom 5) වීරිය- energy 6) ඛන්ති- forbearance/patience 7) සච්ච - truthfulness 8) අදිට්ඨාන- determination 9) මෙත්තා- goodwill/loving kindness 10) උපේක්ඛා - equanimity. සටහන්: * “පාරමීනම් කවරයත්: තණ්හා මාන දිට්ඨි විසින් අනුපහතවූ කරුණා උපාය කුසලඥාන දෙකින් පරිගෘහිතවූ දානාදී ගුණයෝ පාරමී නම් වේ. එබඳු ගුණ ඇති මහාබෝසත්හු ‘පරම’ යායි කියනු ලැබේ, ඒ පරමයන්ගේ ක්‍රියාව හෝ පරමයන්ගේ භාවය යනාදී අරුතින් ‘පාරමී’ යයි කියනු ලැබේ. බලන්න: ඛු.නි: චරියාපිටකය- සංඥාපනය: පි.18. ** ඛු.නි: චරියා පිටකය: එම පාරමිතා 10 පිළිබඳව විස්තරාත්මකව දක්වා ඇත.

▲ පාරිචරියා අනුත්තර - unsurpassed service: බුදුන් හා බුද්ධ ශ්‍රාවකයන්හට සේවය කිරීම පාරිචරියා අනුත්තරය, අති උතුම් සේවයය, සෙසු සේවයන්ට වඩා අග්‍රය. බලන්න: අනුත්තර ධර්මතා.

▲ පාරිභෝග චෛත්‍යය -Pariboga chetiya: පාරිභෝග චෛත්‍යය ලෙසින් පෙන්වා ඇත්තේ, බුදුන් වහන්සේ පරිහරණය කල දේය: බෝධිරුක, පාත්‍රය, සිවුර ආදියය. බලන්න: චෛත්‍යය.

▲ පාරීමතිරය- near shore: පාරිමතිරය ලෙසින් පෙන්වා ඇත්තේ සසරය, මිථ්‍යාමගය, මෙතෙරය. බලන්න:එතෙර මෙතෙර, ඔරීමතීරය හා පාරීමතීරය.

▲ පාරිලෙය්‍යක වනය - Parileiyaka forest: මේ වනය කොසඹෑනුවර අවට පිහිටි වනයකි. බුදුන් වහන්සේ කොසඹෑනුවර, ඝෝෂිතාරාමයෙහි වැඩසිටින අවස්ථාවේ සංඝයා අතර පැවති අසමගිය සන්සුන් කිරීමට නොහැකිව, හුදකලාවම, පාරිලෙය්‍යක (පාරිලෙයිය) වනයට වැඩම කිරීම මේ සූත්‍රයේ පෙන්වා ඇත. බලන්න: සංයු.නි: (3): ඛන්ධසංයුත්ත: ඛජ්ජනියවග්ග:1.2.3.9 පාරිලෙය්‍යක සූත්‍රය,පි.188. සටහන: එහි, මහාසල්ගසක් මුල වැඩවාසය කළ බුදුන් වහන්සේට, ඒ වනයේ එකලාව හැසිරෙන ඇතෙක් ( පරිලේයිය ඇතා) පැන් ආදිය ගෙනදීමෙන් සත්කාර කලබව මෙහි විස්තර කර ඇත. බලන්න: වින:පි.මහාවග්ග 2: කොසම්බඛන්ධ:28, පි.370, ඛු.නි: උදානපාලිය: 4.5 නාගසූත්‍රය: මේ සූත්‍රයේදී බුදුන් වහන්සේ, තමන්වහන්සේ නාග ලෙසින් හඳුන්වා ඇත.

▲ පරුෂාවාචා: පාලි: ඵරුසාවාචා-Harsh speech: පරුෂ වචන- අනුන්ගේ සිත් රිදවන, සැර වචන කතා කිරීම ය. දස අකුසලයන්ගෙන් එකකි. බුදුන් වහන්සේ පරුෂවචන කතා කරන කෙනෙකුගේ ස්වභාවය මෙසේ දක්වා ඇත: මේ ලෝකයේ කෙනෙක් පරුෂවචන කතා කරයි. රළු, කටුක, අනුන්ගේ සිත්රිදවන, අනුන්ට දොස්කියන වචන තරහින් කතාකරයි. එසේ තරහ ඇතිව කතා කිරීම සිතේ සමාධියට හිතකර පිණිස නොවේ. එසේ ඔහු පරුස වචන කථාකරයි. “ඉධ භික‍්ඛවෙ එකච‍්චො ඵරුසාවාචො හොති, යා සා වාචා අණ‍්ඩකා කක‍්කසා පරකටුකා පරාභිසජ‍්ජනී කොධසාමන‍්තා අසමාධිසංවත‍්තනිකා තථාරූපිං වාචං භාසිතා හොති” එවැනි අය ඒකාන්තයෙන්ම නිරයට යයි. සටහන:පරුෂවාචා නිසා කර්ම සිව්ආකාරයකට රැස්වේ: 1) තමන් පරුෂ වචන කීම 2) අනුන්ලවා පරුෂ වචන කියවීම 3) පරුෂ වචන කීම අනුමත කිරීම 4) පරුෂ වචන කීම වර්ණනා කිරීම. බලන්න: අංගු:නි: (2) 4 නිපාත: කම්මපථවග්ග: 4.7.6 පරුෂවාචා සූත්‍රය. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: කරජකාය වග්ග: 10.5.1.1. පඨම නිරය සූත්‍රය, පි. 548, ජානුසොණි වගග: 10.4.2.10: චුන්ද සූත්‍රය, පි.508,EAN:10: The Deed-born body: 211.1 Hell, p. 556, Jāṇussoṇī: 176.10: Cunda, p.553.

▼ වෙනත් මුලාශ්‍ර: 1. ‘ඵරුසාවාචා නම් අන්‍යයන්ට රළුබස් පහළ කරන චේතනාවෝය. මෙයට ඔමසවාදය, සැඩබස, නිට්ඨුරවාක්‍යය යයිද කියයි. අංග 3 කි: අක්‍රෝෂ කටයුතු කෙනෙක් වීම, ක්‍රෝධයෙන් යුත් සිත, අක්‍රෝෂ කිරීම’: සද්ධර්ම කෝෂය, පි. 114.

▲ පිරිත් සජ්ජායනා - Pirith chanting: සංඝයා වැඩමවා, සෙත් ශාන්තිය, ආරක්ෂාව ලැබීම පිණිස, පිරිත් සජ්ජායනා කිරීම, ආසියානු බෞද්ධයන් තුල ඇති චාරිත්‍රයකි. ආරක්ෂාව පිණිස, රෝගාදී පීඩාවලින් සහනයක් ලැබීම පිණිස පිරිත් දේශනා කිරීම සුදුසුය යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත.

▼ ලෙඩ දුක් වලින් සහනය ලැබීමට පිරිත් සජ්ජායනා: දස සංඥා සජ්ජායනා කිරීම: දස සංඥා පිලිබඳ දහම් කරුණු ශ්‍රවණය කිරීමෙන් රෝග ආබධ සංසිඳේ යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: දස සංඥා. සටහන්: * දසසංඥා ශ්‍රවණය කිරීමෙන්, ගිරිමානන්ද තෙරුන් සුවපත්බවට පැමිණියේය. ** In Theravāda Buddhist countries this sutta has achieved the status of a paritta, a ‘protective discourse’, which bhikkhus often recite to people afflicted with illness. බලන්න: EAN: note:2074, p 680 . මූලාශ්‍ර:අංගු.නි: (6 ):10 නිපාත:සචිත්ත වග්ග: 10.2.1.10. ගිරිමානන්ද සූත්‍රය, පි.222, EAN:10: 60.10. Girimananda, p. 516.

▼ සප්ත බොජ්ඣංග සිහිපත් කිරීම මගින් කායික සුවය ඇතිවේ යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. සටහන: බුදුන් වහන්සේ, මහා කාශ්‍යප හා මහා මුගලන් තෙරුන් ගේ කායික ආබධ සංසිඳවීම පිණිස සප්ත බොජ්ඣංග ධර්ම දේශනා කර වදාළහ. බුදුන් වහන්සේ, කායික ආබධයකින් පෙලෙන සමයේදී මහා චුන්ද තෙරුන් ලවා බොජ්ඣංග ධර්ම සජ්ජායනා කරගත්හ. බොජ්ඣංග ධර්මතා ශ්‍රවණය කිරිමෙන්, බුදුන් වහන්සේගේ, මහා කාශ්‍යප හා මහා මුගලන් තෙරුන් ගේ කායික ආබධ සංසිඳුන බව පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: ( 5-1): මහාවග්ග: බොජ්ඣංග සංයුත්ත: ගිලාන වග්ග: 2.2.4 , 2.2.5 හා 2.2.6 ගිලාන සූත්‍ර, පි. 192- 193, ESN: Bojjanghasamyutta: 14.4. Ill 1-3 p. 1747.

▼ අමනුෂ්‍ය බලවේග, වසංගත රෝග දුරු කිරීම පිණිස ත්‍රිවිධ රත්නයේ ගුණ සජ්ජායනය කිරීම මගින් ඒ උවදුරු දුරුවී යන බව බුදුන් වහන්සේ වදාළහ. සටහන: විසාලා මහා නුවර පැවති අමනුෂ්‍ය බලවේග, වසංගත රෝග දුරු කිරීමට, තෙරුවන් ගුණ සජ්ජායන කරන්නයයි, බුදුන් වහන්සේ ආනන්ද තෙරුන්ට උපදෙස් වදාළහ. මූලාශ්‍ර: ඛු.නි:ඛුද්දකපාඨ: 6 රතන සූත්‍රය, පි. 35.

▼ ආරක්ෂාව පිණිස: යම් භයක් තැතිගැනීමක් ඇතිවූවිට ත්‍රිවිධ රත්නය සිහිකිරීම (ගුණ සජ්ජායනා කිරීම) යහපත ගෙනෙදෙන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. සටහන්: ** සර්ප ආදීන්ගෙන් ආරක්ෂා වීම පිණිස ඛන්ධ පිරිත සජ්ජායනා කරයි. ** බියක් තැතිගැනීමක් පහ කරගැනීමට ධජග්ග පිරිත දේශනා කරයි. මූලාශ්‍ර: සංයු.නි: (1 ):සක්කසංයුත්ත: 11.1.3 ධජග්ග සූත්‍රය, පි. 413, ESN: Sakkasamyutta: 3.3 The Crest of the Standard, p. 461.

▲ පිරිස - assembly: පිරිස-පරිස- පර්ෂදය -පිරිස්මුළුව ලෙසින් පෙන්වා ඇත්තේ මිනිසුන් ගේ එකතුවීමක් හෝ සමුහවීමක්ය. ලක්ෂණ අනුව බුදුන් වහන්සේ විවිධ පිරිස් කාණ්ඩ පෙන්වා ඇත: 1) අනුවණ පිරිස (නොගැඹුරු- උත්තානාච පරිසා-shallow): සිත කලබලසහිතය, මානය අධිකය, අහංකාරය, වාචාලය, සිහිනුවණ අවුල්ය, සිත චංචලය, ඉඳුරන් අසංවරය, සම්පජානය,සමාධිය නැත. 2) නුවණැති පිරිස (ගැඹුරු-ගම්භිර පරිසා- deep):සිත ශාන්තය, මානය නැත, නිරහංකාරය, වාචාල කතා නැත, සිහිනුවණ, සම්පජානය ඇත, ඉඳුරන් සංවරය, සමාධිය ඇත. මේ පිරිස ප්‍රමුඛය. 3) භේදකරන පිරිස-වග්ගාච පරිසා- divided): අන්‍යයන් භේද කරයි, සණ්ඩු, ආරවුල් ඇති කරයි 4) එකමුකරණ පිරිස: සමගි සම්පන්නය- කිරි හා දියමෙන් ගැලපි සිටි 5) පහත් පිරිස-අනග්ගවතිච පරිසා-inferior: පහත් ගති ඇත. සිව්පසේ ඇලුන, ධර්මය පිළිනොපදින සංඝයාද මේ ගණයට වැටේ 6) උසස්-අග්‍ර පිරිස: උසස් ගුණ ඇත. මාර්ගය යහපත් ලෙසින් වඩන සංඝයාද මේ ගණයට වැටේ 7) ආරිය පිරිස (උතුම්- noble): ආරිය ශ්‍රාවකයන්-චතුසත්‍ය අවබෝධය ඇත (සෝතාපන්න-අරහත්) 8) අනාරිය පිරිස (ignoble):ධර්මය නොදත්-චතුසත්‍ය නොදත් පිරිස 9) කසළ පිරිස (පරිසකසටොච - dregs of scums):අගතිමගට යන අය 10) නිකසළ පිරිස(පරිස මණ්ඩොච- cream of, best):නිවැරදි දහම් මග යන පිරිස 11) අවිනීත පිරිස- නොමනා හැසිරීම ඇත, ධර්මය ඇසීමට උනන්දුව නැත 12) වීනිතපිරිස:යහපත් හැසිරීම ඇත. ධර්මය ඇසීමට, ප්‍රශ්ණ විමසීමට උනන්දුය 13) ආමිස පිරිස: ආමිසයට ලැදි (සිව්පස) ධර්මයට නොලැදි පිරිස 14) සදහම් ගරුකරන පිරිස-නිරාමිස: ආමිසය ගරු නොකරයි, ධර්මය ගරුකරයි 15) විෂම පිරිස (unrighteous) :ධර්මයට විනයට අනුකූලව කටයුතු නොකරයි 16) සමපිරිස(righteous): ධර්මයට විනයට අනුකූලව කටයුතු කරයි 17) ධාර්මික පිරිස:සද්ධර්මය පිළිපදින, ගරුකරන අය 18) අධාර්මික පිරිස:සද්ධර්මය පිළිනොපදින, ගරුනොකරන අය 19) ධර්මවාදී පිරිස:ධර්මයට විනයට අනුකූලව කටයුතු කරයි 20) අධර්මවාදී පිරිස:ධර්මයට විනයට අනුකූලව කටයුතු නොකරයි. සටහන: අංගු.නි: (5) 8 නිපාත:8.2.7.9. පරිස සූත්‍රයේදී බුදුන් වහන්සේ අට පිරිසකට දහම් දේශනා කරනබව පෙන්වා ඇත: ඛත්තිය-කැත්, බ්‍රාහ්මණ, ගහපති, සමණ, චාතුර්මහාරාජික දේව පිරිස, තාවතිංස දේවපිරිස, මාරපිරිස හා බ්‍රහ්මදේව පිරිස. බලන්න: අටපිරිස. මූලාශ්‍ර: අංගු.නි: (1 ):2 නිපාත: පරිසවග්ග, පි. 174-184, EAN: 2: Assemblies, p. 63-65.

▼ පිරිස් තුන: 1) උක්කාචිතවිනීත පරිස (දුර්විනීත පිරිස-assembly trained in vain talk) .2) පටිපුච්ඡාවිනීතා පරිස (සුවිනීත පිරිස-assembly trained in interrogation). 3) යාවතාවවිනීතා පාරිස (ප්‍රමාණවත් සේ විනීත පිරිස-assembly trained to the limits). මූලාශ්‍ර: අංගු.නි: (1) 3 නිපාත:යෝධාජීවවග්ග: 3.3.4.2. සූත්‍රය, පි.552, EAN:3:134.2 Assemblies, p.138.

▲ පිරිසිදුබව- Purity: ආධ්‍යාත්මික ජිවිතයේ පිරිසිදුබව ලෙසින් පෙන්වා ඇත්තේ යහපත් ලෙසින් බඹසර ගතකිරීමය. බලන්න: නෑම.

▲ පිරිසිදු පරිපුර්ණ ආධ්‍යාත්මික ජීවිතය: පාලි: පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරිතුන‍්ති - complete & pure spiritual life: පිරිසිදු පරිපුර්ණ ආධ්‍යාත්මික ජීවිතය ලෙසින් පෙන්වා ඇත්තේ, යහපත් බ්‍රහ්මචරියාවය. පිරිසිදු බඹසර ඇති භික්ෂුවකගේ ගුණ බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත: 1) ඉන්ද්‍රිය සංවරය තිබීම 2) භෝජනයෙහි මාත්‍රවීම 3) ජාගාරානු සතිය තිබීම 4) සතිසම්ප්‍රජන්‍යය තිබීම. සටහන: බුදුන් වහන්සේ මේ සුත්‍රය දේශනා කර ඇත්තේ නන්ද තෙරුන් ගේ ආධ්‍යාත්මික ජීවිතය පෙන්වාදීම පිණිසය. මූලාශ්‍ර:අංගු.නි: (5 ): 8 නිපාත: 8.1.1.9. නන්ද සූත්‍රය, පි. 54, EAN:8: 9.9 Nanda, p. 414.

▲ පුරාණ උපාසක- Lay follower Purana:බලන්න: උපග්‍රන්ථය:3

▲ පුරාණකස්සප- Pūraṇa Kassapa: බුදුන්වහන්සේ වැඩසිටි සමයේ විසු අන්‍යආගමික ගුරුවරයෙකි. ඔහුගේ ඉගැන්වීම, අකිරියවාදය ( doctrine of non-doing) හා අහේතුක වාදයය (doctrine of non-causality) . බලන්න: EAN: Note: 1378, p. 648. සටහන: ඔහු දේශනා කල පුද්ගල පන්ති 6 පිලිබඳ විස්තර පිණිස බලන්න: ඡළාභිජාති.

▲ පුරාණ ශාස්තෘ -ආචාර්යවරු-Teachers of ancient: බුදුන් වහන්සේ, යම් යම් අවස්ථාවන්හිදී, පුරාණ දඹදිව වාසය කළ උතුම් ආධ්‍යාත්මික ගුරුවරු ගැන විස්තර දක්වා ඇත. * අරක ශාස්තෘ: යහපත් ලෙසින් ආධ්‍යාත්මික ජීවිතය ගෙනගිය උතුම් ගුරුවරයෙකි. බලන්න: අරක ශාස්තෘ. ** සුනෙත්ත ශාස්තෘ (Sunetta), මුගපක්ඛ ශාස්තෘ (Mūgapakkha), අරණෙමි ශාස්තෘ (Aranemi),කුද්දාලක ශාස්තෘ(Kuddālaka), හත්ථිපාල ශාස්තෘ(Hatthipāla), ජෝතිපාල ශාස්තෘ(Jotipāla) - මෙතුමන්හට බොහෝ ශිෂ්‍යපිරිසවුහ. ඔවුන්, බ්‍රහ්මලෝකයේ උපත ලබාගැනීම පිණිස තම ශිෂ්‍යයන්ට උපදෙස් දුන්හ. එතුමන් කෙරේ විශ්වාසී බව ඇතිකරගත් සිසුන් සුගතියේ යළි උපත ලැබුහ, විශ්වාසී බව ඇතිනොකරගත් අය දුගතියට පත්වුහ. මූලාශ්‍ර: අංගු.නි: (4) : 6 නිපාත:ධම්මිකවග්ග: 6.1.5.12 ධම්මික සූත්‍රය,පි.160, EAN:6: 54.12 Dhammika, p.343.

▲ පුරාණ මග-Ancient road: පෙර බුදුවරු වැඩි මග-පුරාණ මග -පැරණිමග ලෙසින් පෙන්වා ඇත්තේ ආරිය අට මගය. බලන්න: දිඝ.නි:මහාපදාන සූත්‍රය, සංයු.නි:නිදානවග්ග:අභිසමයසංයුත්ත 7: 1,7,5 නගර සූත්‍රය, ආරිය අටමග.

▲ පුර්ව නිමිත්ත - Purvanimitta: පුර්ව නිමිත්ත (පෙර නිමිත්ත) යනු යම්කිසි සිදුවීමකට පෙර ඇතිවන ලක්ෂණයන්ය. බලන්න: පුබ්බංගම

▲ පුර්ව නිවාස සිහිකිරීමේ නුවණ:පාලි: පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණං- Recollection of past abodes (pubbe-nivāsāussati): පුර්ව නිවාසය සිහිකිරීම -පෙරවිසු කඳ පිළිවෙත දන්නා නුවණ- පෙර ජාති දන්නා නුවණ - ත්‍රිවිධ ඥාණ යන්ගෙන් එකකි, සය අභිඥාවන්ගෙන් එකකි. බලන්න: ත්‍රිවිධ ඥාණ. සටහන්: * විස්තර පිණිස බලන්න: පටිසම්භිදා 1: ඥානකතා: 53. පුර්වනිවාසානුසමෘති ඥානය, පි. 236. ** සතර සතිපට්ඨානය යහපත් ලෙසින් වර්ධනය කරගැනිමෙන්, පුර්ව නිවාස සිහිකිරීමේ නුවණ ලබාගත හැකිවේ. බලන්න: සංයු.නි:අනුරුද්ධ සංයුත්ත:8.2.12 පුබ්බේනිවාස සූත්‍රය. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි. 391: “පුබ‍්බෙනිවාසඤාණ: පෙරවිසු ස්කන්ධ පටි පාටිය දැනගන්නා නුවණ, අසවල් ජාතියෙහි මෙසේ උපන්නෙමි, එහිදී මෙසේ සැප දුක ආයුස වින්දෙමි, මෙපමණ කාලයක් ජිවත්විමි යනාදී පිළිවෙත දැන ගන්නා ඥාණය”. B.D: p. 144: “Pubbe-nivāsāussati: Remembrance of former births is one of the Higher Powers (abhiññā) & factor of Threefold Knowledge (tevijjā)”.

▼ පෙරවිසු කඳ පිළිවෙත දන්නා නුවණ ,ආධ්‍යාත්මික වර්ධනය පිණිස සච්ඡිකාතබ්බ - සාක්ෂාත් කර ගත යුතු ධර්මතාවයකි. මූලාශ්‍ර: දීඝ.නි : (3) 11 දසූත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼ බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “ මහණෙනි, මම යම් තාක් කැමති වේ නම්, ඒ තාක් පෙර විසු කඳ පිළිවෙල සිහි කරමි...එක් ජාතියක්...දෙකක්... නොයෙක් වැනසෙන...නොයක් වැඩෙන කප්...” (Bhikkhus, to whatever extent I wish, I recollect my manifold past abodes, that is, one birth, two births,... three births... many aeons of world-contraction, many aeons of world-expansion...) මූලාශ්‍ර: සංයු.නි: ( 2 ): නිදානවග්ග: කස්සපසංයුත්ත: 4.1.9 ජාන අභිඥා සූත්‍රය, පි. 342, ESN: 16: Kassapasamyutta: 9 Jhānas and Direct Knowledges, p. 817.

▼ මහාපදාන සූත්‍රයේදී, බුදුන් වහන්සේ, සංඝයාට පෙර විසු කඳ පිළිවෙත ගැන දහම් කතා වදාළහ. සටහන: විපස්සි බුදුන් සිට කාශ්‍යප බුදුන් දක්වා පෙර වැඩසිට-අතීත කාලයේ බුදුවරු පිලිබඳ විස්තර මේ දහම් කතාවට ඇතුලත්වේ. මූලාශ්‍ර: දීඝ.නි: ( 2): 1: මහාපදාන සූත්‍රය, පි. 18, EDN: 14 Mahâpadāna Sutta: The Great Discourse on the Lineage, p. 151.

▼ කාශ්‍යප බුදුන් සමයේ විසු ගවේසී නම් උපාසක, තමාගේ 500ක් පමණ මිතුරන් ධර්ම මාර්ගයට පමුණුවා, පසුව ඔවුන් හා පැවිදිව, අරහත්වයට පත්වීම පිලිබඳ පෙර ජාතියක සිද්ධිය බුදුන් වහන්සේ, ආනන්ද තෙරුන්හට වදාළබව මේ සූත්‍රයේ පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (3 ): 5 නිපාත: 5.4.3.10 ගවේසි සූත්‍රය, පි. 370, EAN:5: 180.10 Gavesī, p. 296.

▼ වෙනත් මුලාශ්‍ර: 1. “පුර්ව නිවාසය සිහිකිරීම -පුබ්බේනිවාසානුස්සති නුවණය- පෙර ජාතීන්හි කාම, රූප, අරූප භවයන්හි පැවති ස්කන්ධ පරම්පරාව සිහි කිරීමට සමත් ස්මෘතිය ය. සිංහල විශුද්ධීමාර්ගය: 13 පරිඡේදය: පි. 599.

▲ පුරිස ඉන්ද්‍රිය -Masculinity: මෙය ඉන්ද්‍රිය 22න් එක් ඉන්ද්‍රියකි. බලන්න:ඉන්ද්‍රිය.

▲ පුරිසඉන්ද්‍රිය ඥානය- knowledge of a person’s faculties : මෙය තථාගතයන් සතු උතුම් නුවණක්ය: අන්‍යන්ගේ කුසල හෝ අකුසල තත්වයන් පිලිබඳ අවබෝධයය. සටහන: මේ සූත්‍රයේ, එම නුවණ විස්තරාත්මකව පෙන්වා ඇත. බලන්න: තථාගත බල. මූලාශ්‍ර: අංගු.නි: (4): 6 නිපාත: 6.2.1.8 පුරිසඉන්ද්‍රිය ඥාන සූත්‍රය, පි.210, EAN:6: 62.8 Knowledge, p. 353.

▲ පුරිස ධර්මතා- Purisa Dharmatha: පුරිස ධර්මතා ලෙසින් පෙන්වා ඇත්තේ පුද්ගලයෙක්ගේ සිත් සතන්හි පහළවන කරුණුය. මේවා හිතකර හෝ අහිතකරවේ. සිත් සතන්හි පහළවන අහිතකර ධර්මතා නිසා සිත අසහනයට පත්වේ, දුක පිණිස පවතී යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. මේවා ඇතිවීමට හේතු නම් අකුසල මුල්ය: ලෝභය, ද්වේශය, මෝහය. උණ ආදී බට ගස්, ඒවායේ හටගන්නා ඵලය නිසා විනාශවී යන ලෙසින්, සිතේ ඇතිවන අහිතකර දේ, කෙනකුගේ විනාශයට හේතුවේ. බලන්න:උපග්‍රන්ථය:5, :සංයු.නි: (1) සගාථවග්ග:කෝසලසංයුත්ත:3.1.9 පුරිස සූත්‍රය.

▲ පුරිස බන්ධන-Purisa bandana: කාන්තාවක් විසින්, පුරුෂයෙක් වසඟයට ගැනීම පුරිස බන්ධනයවේ. බලන්න: බන්ධන

▲ පුරිස ලක්ෂණ-Purisa lakshana: අයහපත් ලක්ෂණ 5 ක් ඇති පුරුෂයා, කාන්තාවට ප්‍රිය නොවේ: 1) රූමත් නොවීම 2) භෝගසම්පත් නැතිකම 3) නොසිල්වත් වීම 4) අලසබව 5) ප්‍රජාව- දරු සම්පත් නොලැබීම. එහෙත්, එම අවගුණ නොමැතිනම්, ඔහු කාන්තාවට මනාප වේ. බලන්න:සංයු.නි:මතුගාමසංයුත්ත:3.1.2 පුරිස සූත්‍රය.

▲ පුරුෂ රූපය - Form of a man: පුරුෂයකුගේ රූපය නිසා ස්ත්‍රිය වසඟයට පත්වේ, එනිසා සිතේ කෙළෙස් හටගනී. බලන්න: චිත්ත පරිදාය.

▲ ප්‍රාර්ථනා - Wishes: ප්‍රාර්ථනා ලෙසින් පෙන්වා ඇත්තේ යම් දෙයක් ලබාගැනීමට සිතේ ඇති අදහසය. ධර්මානුකූලව ජිවත්වන පුද්ගලයෙකුට, ප්‍රාර්ථනා කර, යළි උපත සුගතියක ලබාගැනීමට හැකිබව බුදුන් වහන්සේ පෙන්වා ඇත.

▼ යළි උපත සුගතියක ලබාගැනීමට ප්‍රාර්ථනා කිරීම: කෙනෙක් ශ්‍රද්ධාව, ශිලය, බහුශ්‍රැතබව, ත්‍යාගසිලිබව, ප්‍රඥාවන්ත යන ගුණ යන්ගෙන් සමන්විත නම් ඔහුට තමා කැමති පරිදි මිනිස්ලෝකයේ හෝ දේවලෝකයක යළි උපත ලබාගැනීමට සිත පිහිටුවා ගත හැකිබව මේ සූත්‍රයේ පෙන්වා ඇත. සටහන: අටුවාවට අනුව එම ගුණයන් ඇති එහෙත් ප්‍රාර්ථනා නොකරන කෙනක් හෝ එලෙස ප්‍රාර්ථනා කරන එහෙත් ගුණ නොමැති කෙනෙකුට, නිශ්චිත මතු භවය නොමැත- One who has either the five qualities without the aspiration, or the aspiration without the qualities, does not have a fixed destination.බලන්න: MN:note: 1133, p.1166. මූලාශ්‍ර: ම.නි: (3): 3.2.10 සංඛාරඋත්පත්ති සූත්‍රය, පි. 272,EMN:120, Reappearance by Aspiration, p.882.

▼ නිවන ලබාගැනීමට ප්‍රාර්ථනා කිරීම: කරුණු 5ක් සමන්විත භික්ෂුව ආසව ක්‍ෂයකර නිවන ලබා ගැනීම ප්‍රාර්ථනා කරයි: 1) ශ්‍රද්ධාවඇති 2) අල්පආබාධ ඇති 3) අවංකවබව ඇති 4) වීරිය ඇති 5) ප්‍රඥාව ඇති. තමාගේ එම ගුණ සිහිකර නිවන ලබාගැනීමට පතයි. සටහන: දෙවෙනි සූත්‍රයේදී තවත් කරුණු 5 ක් ඇති භික්ෂුව ආසව ක්‍ෂයකර නිවන ලබා ගැනීම ප්‍රාර්ථනා කරන බව පෙන්වා ඇත: 1) ශිල්වත්බව ඇති 2) බහුශ්‍රැත 3) සතරසති පට්ඨානයට අනුව සතිය පිහිටුවා ගෙන ඇති 4) වීරිය ඇති 5) ප්‍රඥාව ඇති. මූලාශ්‍ර:අංගු:නි: (3):5 නිපාත: 5.3.4.5 හා 5.3.4.6 ප්‍රාර්ථනා සූත්‍ර, පි.270, EAN:5: 135.5. & 136.6 Suttas, p.280.

▲ පෙරජිවිත - Former lives: පෙර ජිවිත යනු වර්තමාන ජිවිතයට පෙර, භවයන්හි පැවති ජීවිතයන්ය. සූත්‍ර දේශනාවන්හි, පෙර ජිවිත පිළිබඳ විස්තර පෙන්වා ඇත. පෙර ජිවිත දැකීමේ නුවණ - පුර්වනිවාස සිහිකිරීමේ නුවණ, ත්‍රිවිධ ඥානයන්ගෙන් එකකි. බුදුන් වහන්සේගේ පෙරජිවිත පිලිබඳ විස්තර ජාතක කථාවල දක්වා ඇත. බලන්න: ඛු.නි: ජාතක පාලි1 හා 2. සටහන්: * ම.නි: ඝටිකාර සූත්‍රයේ, බුදුන් වහන්සේගේ පෙර ජීවිතයකදී - කාශ්‍යප බුදුන් සමයේ, ජෝතිපාල බ්‍රහ්මණ ලෙසින් ජිවත්වූ බව පෙන්වා ඇත. බලන්න: බුදුන් වහන්සේ. ** සංයු.නි: (2) නිදානවග්ග: අනමතග්ගසංයුත්තයේ දී, තණ්හා ආදී කෙළෙස් නිසා, සත්‍වයෝ, අප්‍රමාණ පෙර ජිවිත ලබාසිටි බව විස්තර කරඇත.

▲ පෙරවිසු කඳ පිළිවෙත දැකීමේ නුවණ - Recollection of past lives බලන්න: පුර්වනිවාස සිහිකිරීමේ නුවණ.

▲ පෙර බුදුවරු - Former Buddhas: ගෝතම බුදුන්වහන්සේට පෙර වැඩසිටි බුදුවරු පිලිබඳ විස්තර පිණිස බලන්න: සංයු.නි: (2) නිදානවග්ග: අභිසමයසංයුත්ත, ඛු.නි: බුද්ධවංශ.

▲ පැරදීම - Defeat: පැරදීම- පරාජය, දුක් වේදනා ඇතිකරන බව බුදුන් වහන්සේ වදාළහ. බලන්න: සංග්‍රාම, ජයගැනීම හා පැරදීම.

▲ පැරණිකම්ම - Earlier Kamma: පැරණිකම්ම- පුරාණ කර්ම ලෙසින් පෙන්වා ඇත්තේ වර්තමාන ජිවිතයට පෙර කරනලද චේතනාය. බලන්න:කම්ම.

▲ පැරණි චාරිත්‍ර - Ancient traditions: බුදුන් වහන්සේ වැඩසිටි සමයේ, සමාජයේ පැරණි චාරිත්‍ර- පුරාණ සම්ප්‍රදායන් පැවති බව සූත්‍ර දේශනාවල දක්වා ඇත. සටහන්: 1) මළවුන් සිහිකිරීමේ චාරිත්‍රය. බලන්න: ආරියධෝවනය හා ආනාරියධෝවනය. 2) බමුණු කුලයේ පැරණි ව්‍රතයක් වූ පච්චොරොහණි උත්සවය. බලන්න: පච්චොරොහණි. 3) ගිනිදෙවියා පිදීම. බලන්න: ගිනිදෙවියා. 4) යාගහෝම පුජා පැවැත්වීම. බලන්න: යාගහෝම. 5) පජ්ජාභුමි බ්‍රාහමණයන් කලුරිය කල පිරිස සුගතියට යැවීම. බලන්න: සුගතිය. 6) ජල ස්නානය මගින් පව්සේදීම . බලන්න: පව් සේදීම.

පල

▲ පලගන්ඩතෙර - Palaganda Thera: බලන්න: උපග්‍රන්ථය:1

▲ පලෝක ධර්ම - Palaoka Dhamma: පලෝක යනු බිඳෙනසුළු ස්වභාවයය. පලෝක ධර්ම ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ සළායතන හා ඒවා අල්ලා ගන්නා බාහිර අරමුණු ආදිය නිසා ඇතිවෙන ත්‍රිවිධ වේදනාවන්ටය. බලන්න: ලෝකය. මූලාශ්‍ර:සංයු.නි: (4) වේදනාසංයුත්ත:9:1.9.1 පලෝකධම්ම සූත්‍රය, පි.146, ESN:35: Salayatanasamyutta:IV: Channa: 84.1 Subject to disintehration,p.1248.

▲ පාලකයෙක්ගේ ගුණ - Qualities of a leader: පාලකයෙක්- නායකයෙක් තුළ තිබිය යුතු යහපත් ගුණ 5 ක් මෙහි පෙන්වා ඇත: 1) දෙමාපියන්ට ආදර ගෞරව සහිතව සැලකීම. එසේකිරිම නිසා දෙමාපියන් ඔහුගේ හිත සුව පිණිස ආශිර්වාද කරති 2) තමාගේ බිරිය, දරුවන්, සේවක ආදින්ට ආදර ගෞරව සහිතව සැලකීම. එසේකිරිම නිසා ඔවුන්, ඔහුගේ හිත සුව පිණිස ආශිර්වාද කරති . 3) තමා ගේ අසල්වැසි ගෙවතු හිමියන්ට හා සමග එක්ව වෙළඳ ගනුදෙනු ආදී කරන පිරිසට, ආදර ගෞරව සහිතව සැලකීම. එසේකිරිම නිසා ඔවුන්, ඔහුගේ හිත සුව පිණිස ආශිර්වාද කරති 4) තමාගේ පව්ලේ ආරක්ෂක දෙවියන්හට, ආදර ගෞරව සහිතව සැලකීම. එසේකිරිම නිසා දෙවියෝ, ඔහුගේ හිත සුව පිණිස ආශිර්වාද කරති 5) උතුම්වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්හට ආදර ගෞරව සහිතව සැලකීම. එසේකිරිම නිසා ඒ උතුමෝ ඔහුගේ හිත සුව පිණිස ආශිර්වාද කරති. එලෙස ආශීර්වාද ලබන ඔහු පාලකයෙක් ලෙසින් දියණුවට පත්වේ. සටහන: මේ සූත්‍රය දේශනා කර ඇත්තේ විසාලාවේ, මහානාම ලිච්ඡවි වජ්ජි රජුටය. මූලාශ්‍රය:අංගු.නි: (3): 5 නිපාත: නීවරණවග්ග: 5.2.1.8 ලිච්ඡවිකුමාර සූත්‍රය, පි.142.

▲ පිලෝතික පරිබ්‍රාජක - Pilothika Paribrajaka: බලන්න: උපග්‍රන්ථය:3

▲ පාලම් පුජාකිරිම- Offering bridges: බුදුන් වහන්සේ ඇතුළු සංඝයාගේ පහසු විහරණය තකා පාලම් සැදීම, පුජකිරිම නිසා යහපත් ඵල විපාක ලැබේ: බලන්න:ධොතක තෙර.

පළ

▲ පළතුරු පුජා- Offering fruits: ආරියභවතුන්ට පළතුරු ආදිය පුජාකිරීමෙන් යහපත් විපාක ඇතිවේ: බලන්න: ලකුණ්ටකභද්දිය තෙර.

▲ පළමු අරහත් සංඝ- The first Arahants: බුදුන් වහන්සේගෙන් පසු අරහත්වය ලැබුවේ පස්වග මහණුන් බව අනත්ත ලක්ඛණ සූත්‍රයේ දක්වා ඇත. බලන්න:පස්වග මහණුන්.

▲ පළමු ශ්‍රමණ -The first ascetic: පළමු ශ්‍රමණ ලෙසින් පෙන්වා ඇත්තේ සෝතාපන්න ආරිය ශ්‍රාවකයාය. ඔහු දැකිය හැක්කේ බුදුසසුනේ පමණක්ය. බලන්න: ආරියඅටමග.

▲ පළාසය: පාලි: පළාසො-insolence: පළාසය -අනාදරබව- ගරුනැතිබව- යුගග්‍රාහය- අහංකාරබව ලෙසින්ද පෙන්වා ඇත. මෙය සිත කෙළෙසන අකුසලයකි, දුගතිය ඇති කරයි .බලන්න: උප කෙළෙස.

▼ වෙනත් මුලාශ්‍ර: 1. Per Bhikkhu Bodhi: Insolence is presumption (yugaggāha) arising when one puts oneself at the same level as others who have superior qualities. See: EMN note 87, p. 1179 2. “තමාට වඩා ගුණයෙන් උසස් අය හා තමා සමකොට ගන්නා ස්වභාවය පලාස වේ. මෙය එක් ආකාරයක මානයකි” කෙලෙස් එක්දහස් පන්සියය, පි. 83, රේරුකානේ චන්දවිමල මහානාහිමි, 2008. 3. “පලාස යනු තමන් ගුණ හීනව සිටිමින්ම ගුණවතුන් හා සමාන කොට සළකා ගැනීම”දිනමිණ: අන්තර්ජාල ලිපිය: http://archives.dinamina.lk/2012/08/08/_art.asp?fn=a1208082.

▲ පැළලුප් නුවර-Palalup Nuwara: බලන්න: පාටලීපුත්‍ර නුවර

▲ පුළවක සංඥාව- perception of a worm-infested corpse: කයේ අසුභය පෙන්වන සංඥා 10 න් එකකි (අසුභ භාවනාවකි) : පණුවන් වැසුන මළකඳක් අරමුණුකොට වඩන භාවනාවය. විදසුන් නුවණ වඩාගැනීමට මගකි. සතිපට්ඨාන සූත්‍රයේ පුළවක සංඥා භාවනාව විස්තරාත්මකව පෙන්වා ඇත. විස්තර පිණිස බලන්න: භාවනාව, සංඥා, සංයු.නි: (5-1) මහාවග්ග: බොජ්ඣංගසංයුත්ත: පුළවක සූත්‍ර.

▲ පොළඟා වැනි පුද්ගලයෝ- Persons like a poison snake: පොළඟා වැනි විසකුරු සර්පයන්ට සමාන ගති ඇති මිනිසුන් සිටිති. බලන්න: ආසිවිෂෝපම පුද්ගලයෝ.

▲ පොළව-Earth: පොළොව, පෘතුවිය ලෙසින්ද පෙන්වා ඇත. බලන්න: පඨවි.

▲ පිළිකුල්භාවනාව-Meditation on repulsiveness of the body: කයේ අශුභය බලමින් සිදුකරන මේ භාවනාව, කාමරාග කෙරහි කළකිරීමට උපකාරිවේ. බලන්න: අසුභනිමිත්ත: භාවනා.

▲ පිළින්දවච්ඡතෙර-Pilindavachcha Thera: බලන්න: උපග්‍රන්ථය:1

▲ පිළිවෙල කතාව -Piliwelakathawa: බුදුන් වහන්සේ ලෝකයාට ධර්මය දේශනා කරණ පිළිවෙල මින් අදහස් කෙරේ. බලන්න: අනුපූර්ව කථා.

▲ පිළිකා රෝගය- Cancer: කයේ ආදීනව බලමින් කරන භාවනාවේ, කයට ඇති පිඩාවක් ලෙසින් මෙ රෝගයද දක්වා ඇත. බලන්න: ගිරිමානන්ද සූත්‍රය.

▲ පිළිසිඹියා-Analytical knowledge: දහම විභාග කිරිමේ නුවණය. බලන්න: පටිසම්භිදා.

පව

▲ පවිටු දිට්ඨි-Unwholesome views: ලාමක දිට්ඨි ලෙසින්ද පෙන්වා ඇත. දහමට එරෙහිව ඇති මත ආදිය නිසා අකුසල් ඇතිවේ. අරිට්ඨ භික්ෂුවට ඇතිවූ පවිටු දිට්ඨිය බැහැර කරගැනීමට නොහැකිව ඔහු සසුනෙන් බැහැරවිය. බලන්න: දිට්ඨි, අරිට්ඨ භික්ෂුව.

▲ පවිත්‍රබව: පාලි: සොචෙය්‍ය- purity (soceyyañ): ධර්මයේ පවිත්‍රබව (ශුචි) පිරිසිදුබව ලෙසින් පෙන්වා ඇත්තේ අකුසල නොමැති යහපත්- පිරිසිදු සිතක් ඇතිබවය. මෙත්තා සහගත සිත, ව්‍යාපාදය නැති නිසා පවිත්‍රය.

▼ කාය, වාක් හා මනෝ දුශ්චරිත දුරුකර -ත්‍රිවිධ දුශ්චරිතය, කාය, වාක් හා මනෝ සුචරිතය - ත්‍රිවිධ සුචරිතය ඇති කර ගැනීමෙන් කෙනෙක් පවිත්‍ර බවට පත්වේ. බලන්න: පටිසංඛාන බල. මූලාශ්‍ර: අංගු.නි: (1 ):2 නිපාත: 2.1.2.1 සූත්‍රය, පි.142. EAN: 2: Sutta 1.1, p. 57

▼ බුදුන් වහන්සේ පවිත්‍රබව පිළිබඳව යහපත් ලෙසින් වදාරා ඇත. ඒ ධර්මතා සංඝයා එක්ව, ධර්මයේ චිරස්ථිතිය පිණිස සජ්ජායනා කිරීම සුදුසු ය යි සැරියුත් මහා තෙරුන් සංඝයාට උපදෙස් දී ඇත. මූලාශ්‍ර: දිඝ.නි: (3):10 සංගිති සූත්‍රය, පි. 372 , EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 362.

▲ පවිවිවේකය: පාලි: පවිවිවෙකං - Solitude: පවිවිවේකය- හුදකලා විවේකය ඇතිව වාසය කිරීම ධර්ම පුහුණුව ලබන භික්ෂුව සතු ගුණයකි. පවිවිවේක 3 කි: 1) භික්ෂුව අශිලය බැහැර කර ශිලසම්පන්න ව පවිවිවේකය ඇතිව සිටීම 2) භික්ෂුව මිථ්‍යාදිට්ඨිය බැහැර කර සම්මාදිට්ඨියේ පිහිටා පවිවිවේකය ඇතිව සිටීම 3) භික්ෂුව ආසව බැහැර කර නිරාසව පවිවිවේකය ඇතිව සිටීම. එවැනි භික්ෂුව අග්‍රය, ධර්මයේ හරය ලබා පවිත්‍රව වාසය කරන්නේය යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. සටහන: විවේකය යනු කෙළෙස් නොමැතිව සිටීමය. මූලාශ්‍ර: අංගු.නි: ( 1 ): 3 නිපාත: ලොණවග්ග: 3.2.5.2 සූත්‍රය, පි. 466, EAN: 3: Lump of Salt: 93.2 Solitude, p. 125.

▼ පවිවෙකයේ ඇලිසිටීම, හුදකලා වාසයට කැමතිවීම පවීවෙකාරාමයය. කායචිත්ත උපධි විවේකයෙහි ඇති ඇල්ම. බලන්න: සුඛ සෝමනස්ස.

▲ පාවචන-Pavachana: පාවචන යනු ප්‍රධානවූ උතුම් වචනයය.

“ බුදුරජානන් වහන්සේ විසින් අර්ථයට යෝග්‍ය පදයෙන් පදයට යෝග්‍ය ව්‍යංජනයෙන් ශ්‍රෝත්‍ර යෙන්, ජනයාට යථාඅවබෝධය වන පරිදි සිතින් සිතා දේශනා කරණ ලද පර්යාප්ති නම්වූ පාලිධර්මය එයින් ප්‍රකාශවේ. එය දේශනා විෂය වූ ධර්මනිරුක්තියයි. එයින් ත්‍රිවිධ ශාසනයම ප්‍රකාශවේ. එය ශාස්තෘන් වහන්සේ ගේ ධර්මවචනය යන අර්ථයෙන් සත්ථුපාවචන (ගුරු වචන) යයිද දත යුතුය. එලෙස පාවචනය යනු ධර්ම වචනයවේ”. මූලාශ්‍රය: වින.පි: මහාවග්ග පාළි 1. ප්‍රස්තාවනාව, පි 20.

▲ පවාරණ - Pavāraṇā: වස්ස ( rains residence) අවසානයේදී සංඝයා සිදුකරන චාරීත්‍රය (කටින පිංකම) පවාරණ ලෙසින් පෙන්වා ඇත. එම අවස්ථවේදී, සංඝයා, තමන්ගේ ජේෂ්ඨත්වය අනුව, තමන් අතින් සිදුවූ යම්කිසි වැරදි ක්‍රියා ඇත්නම් ඒවා ගැන පෙන්වා දීමට සෙසු සංඝයාට ආරාධනා කිරීම මෙහිදී සිදුවේ. බලන්න: ESN:note:513,p.567, වස්කාලය සටහන: * විස්තර පිණිස බලන්න:වින.පි:මහාවග්ග1: 4 පවාරණඛන්ධක, පි. 394. ** මේ සූත්‍රයේ බුදුන් වහන්සේ, පවාරණ අවස්ථාවේදී, තමන් වහන්සේ ගේ යම්කිසි කායික වාචික ක්‍රියා පිලිබඳ ගැරහීමක් ඇත්ද යයි පැවසීමට සංඝයාට ඇරයුම් කර ඇත. මූලාශ්‍ර: සංයු.නි: (1): සගාථවග්ග: වන්ගිසසංයුත්ත:8.1.8 පවාරණ සූත්‍රය, පි. 366, ESN:8: Vangisasamyutta: 7 Pavāraṇā,p.403.

▲ පාවානුවර - Pava Nuwara: පාවානුවර මල්ල දේශයේ පිහිටි නගරයකි. බුදුන් වහන්සේ පාවා නුවර අජකලාපක චෛත්‍යය අසල වැඩසිටීම හා එහිදී අජකලාපක යක්ෂයා බුදුන් වහන්සේට භය ඇතිකිරීමට ගත් උත්සාහය නිෂ්ඵලවීම පිලිබඳ සිද්ධිය මේ සූත්‍රයේ විස්තර කර ඇත. බලන්න: ඛු.නි:උදානපාලිය:1.7 පාවා සූත්‍රය. සටහන: පරිනිබ්බාන සූත්‍රයේ දී, බුදුන් වහන්සේ පාවානුවර, චුන්දගේ අඹඋයනේ වැඩසිටීම, අවසාන භෝජනය වැළදීම හා අන්‍යආගමික නායකයෙක්වූ නිගණ්ඨනාථ පුත්‍ර, ඒ නුවරදී මරණයට පත්වීම විස්තර කර ඇත.

▲ පව්ක්‍රියා - dreadful actions: පව්ක්‍රියා-පව ලෙසින් පෙන්වා ඇත්තේ අයහපත්, පාපී-අකුසල ක්‍රියාය-අපුණ්‍ය ක්‍රියාය. තුන්දොරින් පව්ක්‍රියා කිරීම නිසා මෙලොව හා පරලොව අයහපත් කම්ම විපාක විඳීමට සිදුවේ. බලන්න: කම්ම, පුණ්‍ය: සියලු බුදුවරුන්ගේ අනුසාසනය වන්නේ: සියලු පව්-පාපීක්‍රියා නොකලයුතුය, කුසලය වඩා ගත යුතුය.“සබ්බපාපස්ස අකරනං- කුසලස්සඋපසම්පදා...” බලන්න: ඛු.නි: ධම්මපද: බුද්ධවග්ග: ගාථාව:183.

▲ පව් සේදීම - Purification of unwholesome: බුදුන් වහන්සේ වැඩසිටි සමයේ අන්‍යආගමික බමුණෝ, තමන්ගේ පව්, ජාල ස්නානය මගින් සේදී යයි (water-purification) යන මතය දැරුහ (පැරණි චාරිත්‍රයකි) . එම ව්‍රතය පිළිගත් සංගාරාව බ්‍රාහමණ (2) හට බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “ධම‍්මො රහදො ධම‍්මො සීලතිතෙත්‍ථා- අනාවිලෝ සබ‍්භි සතං පස තෙත්‍ථා- යත්‍ථ හවෙ වෙදගුනො සිනාතා- අනල‍්ලගත‍්තා’ව පාරන‍්ති”. ධර්මය, ශිලය නමැති නානතොටුව ඇති විලකි, පහන්වූ උතුම් සත්පුරුෂයන් පසසන ජලාශයකි. ධර්මයේ පරතෙරට ගිය අරියෝ (වෙදගු), යම් තැනක ස්නානය කළාහුද, ඔවුන් නොතෙත් සිරුර ඇතිවම නිවන නමැති පරතෙරට ඒකාන්තයෙන්ම පැමිණේ”.

(The Dhamma, brahmin, is a lake with fords of virtue—A limpid lake the good praise to the good—Where the knowledge-masters go to bathe,And, dry-limbed, cross to the far shore). බලන්න: විල උපමාව: උපග්‍රන්ථය:5 එම දේශනාව අවබෝධ කරගත් සංගාරාව බමුණා, බුදුන් සරණ ගිය උපාසකයෙක් විය. මූලාශ්‍ර:සංයු.නි: (1) සගාථවග්ග: බ්‍රාහ්මණසංයුත්ත: 7.2.11 සංගාරාව සූත්‍රය, පි.352, ESN:7: Brahmanasamyutta: 21.11. Saṅgārava, p.388.

▲ පැවිද්ද සත් අවුරුදු වියේ-Becoming a monk in the age of seven: බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ නුවණැති දරුවන් සත්අවුරුදු වයසේ දී මහණව අරහත්වය ලැබූහ.බලන්න: කුමාරකාශ්‍යප තෙර,රාහුල තෙර,සෝපාක තෙර, සීවලී තෙර:උපග්‍රන්ථය:1

▲ පවුල් හා ආශ්‍රය- Association with families: සංඝයා පවුල්- කුලයන් සමග කරණ ආශ්‍රයේදී, නොඇලි- කය හා සිත ඉවතට ගෙන, ආගන්තුකයෙක් මෙන්, ගැටීම් රහිතව කටයුතු කල යුතුය යි බුදුන් වහන්සේ පෙන්වා ඇත: “යම්සේ සඳ, කිසිවක් කෙරේ නොඇලෙමින් අහසට නගින ලෙසින් ද ,ගරාවැටුන ලිඳක් හෝ කඳු බෑවුමක් ලඟදි කෙනෙක්, කය හා සිත ඉවත්කොට ඒ දෙස බලන ලෙසින්ද කටයුතු කලයුතුය. යම්සේ, දික් කරන ලද අත අහසේ නො ඇලේ, නො බැඳේ. එලෙසින්, පවුල් අතරට වඩින මහා කාශ්‍යප තෙරුන් ගේ සිත ඒ කුලයන්හි නොබැඳේ: ‘ලැබීමට කැමති අයට ලැබේවා ! පිං කැමති අයට පිං ලැබේවා’ යයි ඔහු නො සිතයි. ඔහු තමාට ලද දෙයින් සතුටුවේ, අන්‍යන්ට ලද දෙයින් සතුටුවේ, එබඳු සංඝයා, පවුල් වෙත යාමට වටින්නේය” යයි බුදුන් වහන්සේ වදාළහ. බලන්න: තික භෝජනය. මූලාශ්‍ර:සංයු.නි: (2): නිදානවග්ග: කස්සප සංයුත්ත: 4.1.3 චන්දුපම සූත්‍රය, පි. 324, ESN: 16: Kassapasamyutta: 3 Like the Moon, p. 809.

▲ පැවිද්ද - Going forth: පැවිද්ද -පැවිදිවීම ලෙසින් පෙන්වා ඇත්තේ, ගිහිගෙය හැර, බුදුසසුනට ඇතුළුවීමය, ශ්‍රමණ ජීවිතය ගෙනයාමය. බලන්න: පබ්බජා

▼ බුදුන් වහන්සේ පැවිද්ද පිළිබඳව ඉසිදත්ත හා පුරාණ උපාසකයන්ට * ඥාති සොහොයුරන්) මෙසේ වදාළහ: “ ගිහිගෙය පලිබෝධ සාහිතය ,කෙලෙස් නමැති දුවිලි ඇති වෙන තැනකි. පැවිද්ද- පබ්බජා එලිමහනකි (වීවෘතය). එහෙයින් ඔබ, අප්‍රමාදව වාසය කිරීම සුදුසුය”.මූලාශ්‍ර: සංයු.නි: (5-2 ): මහාවග්ග: සොතාපත්ති සංයුත්ත:11.1.6 ථපති සූත්‍රය, පි. 170,ESN:55:Sothapatthisamyutta:6.6. Chamberlains, p. 2189.

▼ පැවිදිකිරීමට සුදුසු නොවන අය: පංච ආබාධ: කුෂ්ඨ, ගණඩ, කිලාස, ක්‍ෂය, අපස්මාර ආබාධ ඇති පුද්ගලයන් පැවිදි කිරීමට නුසුදුසු අයවේ. එසේම රාජභටයන්, වයස අවුරුදු 15ට අඩු දරුවන්, මාපියන් විසින් අනුග්‍රහය නොදුන් අය පැවිදි නොකළයුතුවේ. මූලාශ්‍ර: වින.පි:මහාවග්ග පාලිය 1: පිටු: 258,262,270,284.

▼ පැවිදිජීවිතයේදී ඇතිවිය හැකි භය 4 ක් නිසා නැවත ගිහිබවට පත්වීම ගැන මෙහි දක්වා ඇත. බලන්න: බිය

▼ වෙනත් මූලාශ්‍ර: 1. “පැවිදිවන අවස්ථාවේ-පබ්බජා තමන්ගේ ගුරුවරයා ගෙන් මෙසේ පැවිද්ද ලබාගැනීමට ආයාචනා කරයි: “සබ‍්බනි දුක‍්ඛනිස‍්සරණ නිබ‍්බානසච‍්ඡිකරණත්‍ථායං ඉමං කාසවං ගහෙත්‍වා පබ‍්බාජෙථ මං භන‍්තෙ අනුකම‍්පං උපාදය...”. සියලු සසර දුකින් නික්මීම පිණිස, නිවන ප්‍රත්‍යක්‍ෂ කරගැනීම සඳහා අනුකම්පාවෙන්, පැවිදි කර වදාරනු මැනවි. බලන්න: අබිනික්මන: කටුකුරුන්දේ ඤාණනන්ද භික්ෂු: පහන්කනුව ධර්ම දේශනා, පි.6.

▲ පැවිදි සුඛ -Pavidi sukha: පැවිදි සුඛ ලෙසින් පෙන්වා ඇත්තේ ගිහිගෙයින් නික්මිම හේතුකොට සංඝයා ලබන ආධ්‍යාත්මික සුවයය. මෙය ගිහි සුඛයට වඩා අග්‍රය. බලන්න: සුඛය.

පස

▲පසන්න චිත්ත- Pleasant mind: පසන්න චිත්ත-පැහැදුන සිත ලෙසින් පෙන්වා ඇත්තේ තරහ දුරුකරගත් සිතය. එවැනි සිතක් ඇති පුද්ගලයා මරණින් මතු සුගතියේ උපත ලබයි. මූලාශ්‍ර:ඛු.නි:ඉතිවුත්තක:1.3.1 පසන්න චිත්ත සූත්‍රය, පි.366.

▲ පංසුකූලීක-wearers of rag-robes: ඉවතදමා ඇති, පරණ වස්ත්‍රවලින් සකසා ගත් සිව්රු දරන සංඝයා පංසුකූලීකයන් (පහුල් සිව්රු දරන්නෝ) සේ දක්වා ඇත. ඔවුන් ධුතාංග පුහුණුවේ යෙදී සිටින භික්ෂූන්ය. බලන්න:අංගු.නි: 5 නිපාත: ආරඤඤකවග්ග: 5.4.4.2 පංසුකූලීක සූත්‍රය, පි.378.

▲ පස් ඉන්ද්‍රිය-Five faculties: පස් ඉන්ද්‍රිය ලෙසින් පෙන්වා ඇත්තේ: සුඛඉන්ද්‍රිය, දුක ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය හා උපේක්ඛා ඉන්ද්‍රියය. බලන්න: ඉන්ද්‍රිය. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග: ඉන්ද්‍රිය සංයුත්ත: 4.4.1 - 4.4.3 සූත්‍ර, පි. 398, ESN:48: Indriyasamyutta: 31.1 -33.3 suttas, p. 1959.

▲පස්ගෝරස-Five milks: පස්ගෝරස යනු කිරි ආහාර පහක්ය. කිරි, දීකිරි, මෝරු, වෙඬරු, ගිතෙල්. බුදුන් වහන්සේ පස්ගොරස බෙහෙත් ආහාරයක් ලෙසින් වැළඳීමට සංඝයාට අනුදුන්හ.මූලාශ්‍ර:වින.පි: මහාවග්ග පාලි2: 6 භේසජ්ජඛන්ධකය,38, පි.104.

▲ පස්කම් ගුණ -five code of sensual pleasures: පස්කම් ගුණ යනු පංච කාම ගුණයන්ය. බලන්න: පංච කාම ගුණ.

▲ පස්කම්සැප- five sensual pleasures: සාමාන්‍ය ලෝකයා පස් ඉඳුරන් (ඇස,කණ, නාසය දිව හා කය) මගින් අල්ලා ගන්නා අරමුණු නිසා ලබන ආස්වාදය, පස්කම් සැප ලෙසින් පෙන්වා ඇත. පස්කම් සැප නිසා ඔවුන් කාමලෝකයට- සසරට බැඳී සිටි. බලන්න: පංච කාම ගුණ, සිව්ආහාර, ගණිකාව, ධම්ම සැපය, කාමය.සටහන්: සංයු.නි: (5-1) මග්ගසංයුත්ත:උත්තිය සූත්‍රයේ දී පස්කම් සැප විස්තරාත්මකව පෙන්වා ඇත. ** පස්කම් සැපයට ඇති ඇල්ම නැතිකිරීමේ මග, ආරියඅටමගය.බලන්න: ආරියඅටමග.

▲ පස්බිඳ - bit of soil

මේ උපමාව මගින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ, තමන් වහන්සේගේ නිය අග ඇති පස්බිඳ, මහා පොළොව හා සසඳන කළ ඉතා ස්වල්ප බවත්, එලෙස, මධ්‍යම ජනපදයෙහි මිනිස්බව ලබා උපන් ප්‍රමාණය සුළු බව පෙන්විමටය. එහෙත්, අප්‍රසිද්ධ, දනව්වල ඉපදෙන මිනිසුන් ප්‍රමාණය මහාපොළොව මෙන් මහත්ය. එය හේතුව ඔවුන් චතුසත්‍ය නොදුටු නිසා බව මෙහි දක්වා ඇත.බලන්න: උපග්‍රන්ථය:5. සටහන: මධ්‍යම ජනපදය, බුදුවරු උපත ලබන, ධර්මය දේශනා කරන ප්‍රදෙශයය. මූලාශ්‍රය: සංයු.නි: (5-2): මහාවග්ග: සච්චසංයුත්ත: 12.7.2. පච්චන්ත සූත්‍රය, පි. 356.

▲ පස්බිය- Five fears: 1 ආජීවකබිය (ජිවිතවෘත්තිය පිලිබඳ), 2 ගැරහුම් ලැබීමේ බිය (අසිලෝකභිය), 3 පිරිස්මැද පසුබෑමේ බිය (පරිස්සාරජ්ජභය), 4 මරණභිය 5 දුගතිබිය (අපායභය). සටහන: සංග්‍රහවත්ථු බල ඇති පුද්ගලයා මේ පස්බිය ඉක්මවා ඇත. බලන්න: සංග්‍රහ වත්ථුබල. මූලාශ්‍රය: අංගු.නි: (5): 9 නිපාත:සම්බෝධිවග්ග:9.1.1.5 බලසංග්‍රහ වත්ථු සූත්‍රය, පි.408.

▲පස් ලෞකික බල-Five material powers: පස් ලෞකික බල ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ විවාහක කාන්තාවකට (මාගම) ඇති බල පිලිබඳවය: රූප, භෝග, ඤාති, පුත්‍ර හා සීල බල. ඒ බල පසින් යුත් කාන්තාව විශාරදය, සැමියා මැඩ ගෙන සිටි. එහෙත්, සැමියාහට ඉසුරු බලය ඇත්නම් ඔහු තම බිරිඳ යටත් කොටගෙන සිටි. බලන්න: සංයු.නි: මාතුගාමසංයුත්ත: 3 බලවග්ග සූත්‍ර.

▲පස්වග මහණුන්- Five ascetic: බලන්න: පංචවග්ගියේ භික්ෂු.

▲ පස්සදිය: පාලි: පස‍්සද‍්ධා - tranquility: පස්සදිය (ශාන්තබව) සිත සමාධියට පත් කරගැනීමට උපකාරීවන අංගයක්ය. අකුසල පහවීම නිසා සිත නිවීම පස්සදිය ය. බලන්න: ප්‍රීතිය, සුඛය, සමාධිය. සටහන: පස්සදිය යනු නිවන හඳුන්වන පදයකි. බලන්න:නිවන.

▼ සිත ප්‍රීතියට පත්වීම නිසා පස්සදිය ඇතිවේ, සිත සංසුන්වීමෙන් සිත සුඛයටපත්වේ. “...පීතී ඛො ආනන්‍ද පස‍්සද‍්ධත්‍ථා පස‍්සද‍්ධානිසංසා පස‍්සද‍්ධි ඛො ආනන්‍ද සුඛත්‍ථා සුඛානිසංසා”. (The purpose and benefit of joy is tranquility... purpose and benefit of tranquility is pleasure).මූලාශ්‍ර: අංගු.නි: (6 ): 11 නිපාතය:නිසසය වගග: 11.1.1.කීමත්ථිය සූත්‍රය හා 11.1.2 න චේතනාය කරණිය සූත්‍රය පි.611-614, EAN:11: Dependence: 1.1 What Purpose & 1-2 Volition p.566.

▲ පස‍්සද‍්ධකායසඬඛාර (පාලි): කායක්‍රියා සංසුන්වීම- tranquilization of bodily activity: පස‍්සද‍්ධකායසඬඛාර ලෙසින් පෙන්වා ඇත්තේ සිව්වෙනි ජානයට පත්වීම නිසා කාය ක්‍රියාවන් සංසුන්බවට පත්වීමය. බලන්න: ජාන, ආරියවාසස්ථාන.

▲ පසේනදී කෝසල රජ- King Pasenadi Kosala: බලන්න: උපග්‍රන්ථය:3

▲ පසුතැවිල්ල- Regret-remorse: ධර්මයට අනුව පසුතැවිල්ල- පශ්චාත්තාපය, යනු යම් පුද්ගලයෙක්, තමන් විසින් කරන ලද අකුසල්, අයහපත් ක්‍රියා ගැන ළතැවීමය- කණගාටුවට පත්වීමය. මෙය නීවරනයකි, අකුසලයකි. පසුතැවිල්ල නිසා ආධ්‍යාත්මික මාර්ගය ඇහිරේ, සමාධි සමාපත්ති ඇති කරගැනීමට හැකිනොවේ. පසුතැවිල්ල නැතිවීමෙන් (අවිප්‍රතිසාරය) සිතේ ඇතිවන ප්‍රමෝදය සිත සමාධි ගතකර ගැනීමට උපකාරිවේ.බලන්න: අවිප්‍රතිසාරය, නීවරන, ප්‍රමෝදය. මූලාශ්‍ර:අංගු.නි: (6): 11 නිපාතය:නිසසය වගග: 11.1.1.කීමත්ථිය සූත්‍රය හා 11.1.2 න චේතනාය කරණිය සූත්‍රය, පි.611-614, EAN:11: Dependence: 1.1 What Purpose & 1-2 Volition p.566.

▲ පසේබුදු- Pasebudu: බලන්න: පච්චේක බුද්ධ.

▲ පස්වග තවුසන්-The Five ascetics: බලන්න: පස්වග මහණුන්

▲ පෙස්ස හස්ථාරෝහ පුත්‍ර-Pessa hastharoha puthta: බලන්න: උපග්‍රන්ථය:3

▲ පොසල මානවක-Posala Manawaka: බලන්න: උපග්‍රන්ථය:3

▲ පොසල මානවක තෙර-Posala Manawaka Thera: බලන්න: උපග්‍රන්ථය:1

▲ ප්‍රසන්න-pleasantness: සංඝයා ප්‍රසන්න ලෙසින් ගිහියන්ගේ අර්ථය පිලිබඳ කටයුතු කරන්නේ නම්, ඔවුන් කෙරේහි, ප්‍රසන්නබව පලකිරීමට ගිහියන්ට හැකිබව බුදුන් වහන්සේ පෙන්වා ඇත. කරුණු 8 ක් ඇතිව ඔවුන් ප්‍රසන්නව හැසිරේ: 1) ගිහියන්ට අලාභ ඇතිනොකරයි 2) අනර්ථය ඇතිනොකරයි 3) ගිහියන්ට ආක්‍රෝෂ නොකරයි 4) ගිහියන්ට පරිභව නොකරයි 5) ගිහියන් අතර භේද ඇතිනොකරයි 6) බුදුන්වහන්සේ ගැන ගුණ පවසයි 7) ධර්මය ගැන ගුණ පවසයි 8) සංඝයා ගැන ගුණ පවසයි. මූලාශ්‍රය:අංගු.නි: (5):8 නිපාත: සතිවග්ග: 8.2.9.8 සූත්‍රය, පි.378.

▲ ප්‍රසාදය හා අප්‍රසාදය- Confidence & lack of confidence: ප්‍රසාදය (විශ්වාසිබව): සංඝයා සතු ගුණ 8 ක් ඇතිවිට, ගිහියන් එබඳු උතුමන්ට ගරුකිරීම හා ප්‍රසාදය දැක්වීම කරණ බව මේ සූත්‍රයේ පෙන්වා ඇත. එහෙත්, සංඝයාට අවගුණ 8 ක් ඇත්නම්, උපාසකයන්හට, එබඳු සංඝයා කෙරෙහි අප්‍රසාදය දැක්විය හැකිය, ගරු නොකර සිටිය හැකිය. මූලාශ්‍ර: අංගු.නි: (5): 8 නිපාත: 8.2.9.8 අප්‍රසාද සූත්‍රය, පි. 378, EAN: 8: 88. 8 Lack of confidence, p. 455.

▲ ප්‍රසන්න-pleasantness: සංඝයා ප්‍රසන්න ලෙසින් ගිහියන්ගේ අර්ථය පිලිබඳ කටයුතු කරන්නේ නම්, ඔවුන් කෙරේහි, ප්‍රසන්නබව පලකිරීමට ගිහියන්ට හැකිබව බුදුන් වහන්සේ පෙන්වා ඇත. කරුණු 8 ක් ඇතිව ඔවුන් ප්‍රසන්නව හැසිරේ: 1) ගිහියන්ට අලාභ ඇතිනොකරයි 2) අනර්ථය ඇතිනොකරයි 3) ගිහියන්ට ආක්‍රෝෂ නොකරයි 4) ගිහියන්ට පරිභව නොකරයි 5) ගිහියන් අතර භේද ඇතිනොකරයි 6) බුදුන්වහන්සේ ගැන ගුණ පවසයි 7) ධර්මය ගැන ගුණ පවසයි 8) සංඝයා ගැන ගුණ පවසයි. මූලාශ්‍රය:අංගු.නි: (5):8 නිපාත: සතිවග්ග: 8.2.9.8 සූත්‍රය, පි.378.

▲ ප්‍රසාදය හා අප්‍රසාදය- Confidence & lack of confidence: ප්‍රසාදය (විශ්වාසිබව): සංඝයා සතු ගුණ 8 ක් ඇතිවිට, ගිහියන් එබඳු උතුමන්ට ගරුකිරීම හා ප්‍රසාදය දැක්වීම කරණ බව මේ සූත්‍රයේ පෙන්වා ඇත. එහෙත්, සංඝයාට අවගුණ 8 ක් ඇත්නම්, උපාසකයන්හට, එබඳු සංඝයා කෙරෙහි අප්‍රසාදය දැක්විය හැකිය, ගරු නොකර සිටිය හැකිය. මූලාශ්‍ර: අංගු.නි: (5): 8 නිපාත: 8.2.9.8 අප්‍රසාද සූත්‍රය, පි. 378, EAN: 8: 88. 8 Lack of confidence, p. 455.

▲ ප්‍රසාදික පුද්ගල: පාලි: පාසාදිකෙ-Inspiring person: ප්‍රසාදික පුද්ගල යනු ධර්ම මාර්ගයේ සතුට, විස්වාශය ඇති පුද්ගලයාය. අන්‍යන්ටද ඒ පුද්ගලයාගේ චරියාව ගැන ප්‍රසාදයක් ඇතිවේ. බලන්න: EAN:note: , p 1222. එවැනි පුද්ගලයෙකුට ආධ්‍යාත්මික වර්ධනයට අනුසස් (benefits ) 10 ක් ලැබේ: 1) තමා කෙරහි උපවාද ඇති නොකර ගැනීමට හැකිවීම 2) ප්‍රඥාවන්තයන්ගේ ප්‍රසාදයට ලක්වීම 3) ඔහු ගැන කිර්තිය පැතිරීම 4) එළඹී සිහිය ඇතිව මරණයට පත්වීම 5) මරණින් මතු සුගතියේ යළි උපත ලැබීම 6) තහවුරු නොවූ විස්වාසය තහවුරු වීම 7) ඇතිවූ විස්වාසය වර්ධනය වීම 8) ආචාර්යවරයාගේ ඉගැන්වීම් අනුගමනය කිරීමට හැකිවීම 9) එබඳු පුද්ගලයන්ගේ යහපත් චරියාව, ඔහුගේ ගෝලයන් අනුගමනය කිරීම 10) සිත ප්‍රසන්නබවට- ශාන්තබවට පත්වීම. බලන්න: අප්‍රසාදික පුද්ගල. මූලාශ්‍ර: අංගු.නි: ( 3): 5 නිපාත: 5.5.2.7 අපාසාදික සූත්‍ර 2 කි, පි.434, EAN:5: 217.7 Not Inspiring confidence -2 suttas, p. 307.

▲ ප්‍රසංශාව-praise: ගුණ 10ක් තමා තුළ ඇතිකරගෙන ඒවා ගැන සෙසු අයට වර්ණනා කිරීම මගින් ප්‍රසංශාව ඇතිවේ යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත: බලන්න: කතාව 1) අල්පේච්ඡතාවය (අප‍්පිච‍්ඡතා-few desires) 2) සන්තුෂ්ටිය( සන‍්තුට‍්ඨිතා- contentment) 3) විවෙකිබව (පවිවේක- solitude) 4) වෙනත් අය හා නොබැඳීම (අසංසග‍්ග-not bound up with others) 5) ආරම්භක වීරිය (විරියාරම‍්භ-energetic) 6) ශිලය (සීල-virtuous) 7) සමාධිය 8) ප්‍රඥාව 9) විමුක්තිය (විමුත‍්තී- liberation) 10 විමුක්ති ඥාන දර්ශනය (විමුත‍්තීඤාණදස‍්සන- knowledge and vision of liberation). සටහන: ප්‍රසංසාව -නින්දාව අටලෝදහමට අයත්වේ. බලන්න: අටලෝදහම. මූලාශ්‍ර:අංගු.නි: ( 6 ): 10 නිපාත: යමක වග්ග: 10.2.2.10. දුතිය කථාවත්ථු සූත්‍රය, පි.260, EAN: 10: Pairs: 69.9. Topics of Discussion -2, p. 520.

පශ

▲ පාශය- Snare: පාශය ලෙසින් පෙන්වා ඇත්තේ මාරයාගේ බන්ධනයය. බුදුන් වහන්සේ මාර බන්ධනයෙන් මිදීම මෙහිදී පෙන්වා ඇත. බලන්න: මාරයා.

“මාර බන්ධනයෙන් මිදුනෙමි, දෙවියන් පිලිබඳ යම් බන්ධන ඇත්ද, මිනිසුන් පිලිබඳ යම් බන්ධනඇත්ද, ඒ සියලු බැඳීම් වලින් මිදුනෙමි...” මූලාශ්‍ර: සංයු.නි: (1): මාරසංයුත්ත:පාස සූත්‍ර 2 කි, පි.218, ESN:4: Marasamyutta: Māra’s Snare 1 & 2, p.267.

පශ

▲ පාශය- Snare: පාශය ලෙසින් පෙන්වා ඇත්තේ මාරයාගේ බන්ධනයය. බුදුන් වහන්සේ මාර බන්ධනයෙන් මිදීම මෙහිදී පෙන්වා ඇත. බලන්න: මාරයා. “මාර බන්ධනයෙන් මිදුනෙමි, දෙවියන් පිලිබඳ යම් බන්ධන ඇත්ද, මිනිසුන් පිලිබඳ යම් බන්ධනඇත්ද, ඒ සියලු බැඳීම් වලින් මිදුනෙමි...”. මූලාශ්‍ර: සංයු.නි: (1): මාරසංයුත්ත:පාස සූත්‍ර 2 කි, පි.218, ESN:4: Marasamyutta: Māra’s Snare 1 & 2, p.267.

▲ පිශුනාවාචා- speaks divisively: පිශුණාවාචා - කේලාම්කීම- අනුන්බිඳවීම පිණිස කරන කතාවය. දස අකුසලයන්ගෙන් එකකි, දුගතිය ඇතිකරයි . බලන්න: කේළාම්කීම. සටහන: පිශුනාවාචා නිසා කර්ම සිව්ආකාරයකට රැස්වේ: 1) තමන් කේළාම්කීම 2) අනුන්ලවා කේළාම්කීම කියවීම 3) කේළාම්කීම කීම අනුමත කිරීම 4) කේළාම්කීම වර්ණනා කිරීම. බලන්න: අංගු:4 නිපාත: කම්මපථවග්ග: 4.7.5 පිශුනාවාචා සූත්‍රය.

▼ බුදුන් වහන්සේ කේලාම් කියන කෙනෙකුගේ ස්වභාවය මෙසේ දක්වා ඇත: මේ ලෝකයේ කෙනෙක් කේලාම් කියයි. මෙතැනින් අසා අනිත් තැනට වැරදි කියයි, එතැනින් අසා මෙතැනට ඇවිත් වැරදි කියයි. එලෙස දෙපක්‍ෂය භේද කිරීම පිණිස කේළාම් කියයි. එසේ සමගි අය භේද කරියි, භේද කිරිමට අනුබල දෙයි. ඔහු එකිනෙකා භේද කරමින් ප්‍රීතියට පත්වේ, සතුටුවේ, භේද කරන වචන කතා කරයි. “ඉධ භික‍්ඛවෙ එකච‍්චො පිසුනාවාචො හොති, ඉතො සුත්‍වා අමුත්‍ර අක‍්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්‍වා ඉමෙසං අමූසං භෙදාය. ඉති සමග‍්ගානං වා හෙත‍්තා, භින‍්නානං වාඅනුප‍්පදාතා, වග‍්ගාරාමො වග‍්ගරතො වග‍්ගනන්‍දි වග‍්ගකරණිං වාචං භාසිතා හොති”. එවැනි අය ඒකාන්තයෙන්ම නිරයට යයි. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: කරජකාය වග්ග: 10.5.1.1. පඨම නිරය සූත්‍රය, පි. 548, ජානුසොණි වගග: 10.4.2.10: චුන්ද සූත්‍රය, පි.508,EAN:10: The Deed-born body: 211.1 Hell, p. 556, Jāṇussoṇī: 176.10: Cunda, p.553.

▼ වෙනත් මුලාශ්‍ර: “පිසුණාවාචා: අනුන් භේද කරනු කැමැත්තෙන් හෝ තමා කෙරෙහි ප්‍රියබව ඇතිකරගැනීමේ කැමැත්තෙන් හෝ අනුන්ගේ සිත් බිඳීම යන වාක් ප්‍රයෝගය. පෙසුඤඤ, කේලාම්කීම යයිද කියයි. මෙයට අංග 4 කි: අන්‍යයෝ බිඳෙත්වා යන අදහස, මෙයින් ඔහුට ප්‍රියවෙමි යන අදහස, ඊට සුදුසු උත්සාහය, බිඳවීම පිණිස කියන, කරන ප්‍රයෝගය පිලිබඳ දැනීම”: සද්ධර්ම කෝෂය, පි. 113.

▲ ප්‍රශ්න ඇසිම- Asking Questions: කෙනක්, වෙනත් කෙනෙක් ගෙන් ප්‍රශ්න අසන්නේ (පඤහාපුච්ඡා )කරුණු 5 ක් නිසා හෝ ඒ කරුණු වලින් එකක් විශේෂ කරගෙන යයි සැරියුත් මහා තෙරුන් වදාළහ: 1) මන්ද බුද්ධිය හෝ අනුවණ කම නිසා 2) පාපික ආසාව නිසා 3) ඒ පුද්ගලයාට පරිභව කිරීමට 4) ඉගෙනගැනීම පිණිස 5) තමා අසන ප්‍රශ්නයට ඔහු නිවැරදිව පිළිතුරු දෙන්නේ නම් මැනව, නො එසේනම්, මම ඔහුට නිවැරදි පිළිතුර කියා දෙන්නෙමි යන අදහස ඇතිව. මෙහිදී, තෙරුන් පෙන්වා දුන්නේ තමන්වහන්සේ ප්‍රශ්නයක් අසන්නේනම් එය කරන්නේ 5 නි කරුණ නිසා බවය. මූලාශ්‍ර:අංගු.නි: ( 3): 5 නිපාත: 5.4.2.5 පඤහාපුච්ඡා සූත්‍රය, පි. 332, EAN: 5: 165.5 Asking Questions, p. 290.

▼ වෙනත් මුලාශ්‍ර: “පිසුණාවාචා: අනුන් භේද කරනු කැමැත්තෙන් හෝ තමා කෙරෙහි ප්‍රියබව ඇතිකරගැනීමේ කැමැත්තෙන් හෝ අනුන්ගේ සිත් බිඳීම යන වාක් ප්‍රයෝගය. පෙසුඤඤ, කේලාම්කීම යයිද කියයි. මෙයට අංග 4 කි: අන්‍යයෝ බිඳෙත්වා යන අදහස, මෙයින් ඔහුට ප්‍රියවෙමි යන අදහස, ඊට සුදුසු උත්සාහය, බිඳවීම පිණිස කියන, කරන ප්‍රයෝගය පිලිබඳ දැනීම”: සද්ධර්ම කෝෂය, පි. 113.

▲ ප්‍රශ්නව්‍යාකරණ- Dealing with questions: ප්‍රශ්නව්‍යාකරණ- පඤහව්‍යාකරණ- ලෙසින් පෙන්වා ඇත්තේ ප්‍රශ්න පිලිබඳ කටයුතු කිරිමේ විදියය. මෙහිදී ක්‍රම 4 ක් පෙන්වා ඇත: 1) ඒකාන්තයෙන්ම විසඳිය යුතු ප්‍රශ්න 2) බෙදා විසඳිය යුතු ප්‍රශ්න 3) ඒ පිලිබඳ විමසා (පිලිවිස) විසඳිය යුතු ප්‍රශ්න 3) තබාලිය යුතු ප්‍රශ්න (පිළිතුරු නොදෙන). මූලාශ්‍ර:අංගු.නි: ( 2 ) : 4 නිපාත: 4.1.5.2 පඤහව්‍යාකරණ සූත්‍රය, පි. 112.

පහ

▲ පහකරගතයුතු දිට්ඨි- Views to be aban: අපණ්ණක ධර්මය-දුකින්මිදීමේ මග පිණිස පහකරගතයුතු දිට්ඨි 5කි. බලන්න:දිට්ඨි.

▲ පහළවීම-manifestation: පහළවීම- පාතුභාව යනු ඇතිවීම- උත්පත්තිය ය. ධර්මයට අනුව ලෝකයේ 6 දෙනක් ගේ පහළවීම දුර්ලභය: 1) තථාගතයන් වහන්සේ 2) තථාගත ධම්මවිනය ඒ පරිද්දෙන්ම ඉගැන්වීමට හැකියාව ඇති උතුමන් 3 ) ආරියන් පහළවන මධ්‍යප්‍රදේශයේ උපත ලැබීම 4) ඉන්ද්‍රිය විකල නොවී උපත ලැබීම 5 ) ඥානවන්ත, නිපුණ පුද්ගලයන්ගේ උපත 5) හේතුප්‍රත්‍ය ධර්මතාව අවබෝධ කරන පුද්ගලයන්ගේ උපත. මූලාශ්‍ර:අංගු.නි: (4 ): 6 නිපාත: ආනිසංසවග්ග: 6.2.5.1 පාතුභාව සූත්‍රය, පි. 272, EAN:6: 97.2 Benefits,p. 362.

▲ පහන-Lamp: පහන ආලෝකය ලබාදේ. ලෝකයට ඇති පහන, ප්‍රඥාව යයි බුදුන් වහන්සේ වදාළහ. සටහන: ප්‍රඥා ආලෝකයෙන් අවිද්‍යා අඳුර බිඳේ. මූලාශ්‍රය: සංයු.නි: (1) සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.8.10 පජ්ජතෝ සූත්‍රය, පි. 108 .

▲ පහන් පුජා-Offering lights: පහන් පුජා කිරීම- ආලෝක පුජා බොදු චාරිත්‍රයකි. බුදුන් ප්‍රමුඛ සංඝරත්නයට පහන් පුජා කරන පුද්ගලයා ඇස් (පෙනීම) දෙන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: දාන. සංයු.නි: (1): සගාථවග්ග: දේවතාසංයුත්ත: කිංදද සුත්‍රය, පි.82, ESN:1: Devathasamyutta: 42.2. Giving what, p. 117.

▼ පහන් පුජාකිරීමේ අනුසස්: අනුරුද්ධ තෙරුන්, තම අපදානයේදී මෙසේ වදාළහ: “නර ශ්‍රෙෂ්ඨවූ වූ සුමේධ භාග්‍යවතුන් වහන්සේට, මම දහසක් වැටි ඇති පහනක් පුජා කෙළෙමි. ඒ පහන සතියක් පුරා දැල්විණි. මට බලවත් චිත්ත ප්‍රසාදයක් ඇතිවිය. පහන් පුජාවේ විපාක වශයෙන් දෙව්ලොව උපන් මාහට, හාත්පස යොදුන් සියයක් බබලවන දෙව් විමනක් පහළවිය. මම තිස් කපයක් ශක්‍රදෙව් රජ වූවෙමි, බොහෝ වරක් මිනිස් ලොව සක්විති රජ වූවෙමි, පැවිදිවූ පසු මට දිවැස් ලැබුණි. ඒ බුදුරදුන්ට කල පහන් පුජාවේ විපාකය ය”.මූලාශ්‍ර: ඛු.නි: අපදාන පාලි 1: 4 අනුරුද්ධ තෙර ගාථා 423 -437, පි. 93.

▲ පහසුවිහරණය-Dwelling in comfort: පහසු විහරණය ලෙසින් පෙන්වා ඇත්තේ අකුසල් සිත බැහැරකර, සමාධිය ලබා,නිවනට නැඹුරුවූ සිත ඇතිව වාසය කිරීමය.

▼ අට්ඨික භාවනාව බහුලකරගැනීමෙන් පහසුවිහරණය ලැබේ. බලන්න:භාවනාව. අසුභ සංඥාව වඩා ගැනීම පහසු විහරණය පිණිසවේ. බලන්න: අසුභ සංඥාව. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග: බොජ්ඣංග සංයුත්තය: ආනාපාන වග්ගය: 2.7.1 අට්ඨික සූත්‍ර, පි.268, ESN: Bojjhaṅgasaṃyutta:VII In and out Breathing, 57.1 The Skeleton, p. 1807.

▲ පහාතබ්බ ධර්ම: පාලි: පහාතබ‍්බො- Dhamma to be abandoned: පහාතබ්බ ධර්මතා, ආධ්‍යාත්මික ජීවිතය වර්ධනය පිණිස බාධා ඇතිකරයි. ආධාත්මික වර්ධනය පිණිස පහ කල යුතු ධර්මතා: 1) අස්මි මානය (අසමිමානො -Ego-conceit)2) අවිද්‍යාව (අවිජ‍්ජා- Ignorance) 3) භව තණ්හාව (භවතණ‍්හා) 4) ත්‍රිවිධ තණ්හා (තිස‍්සො තණ‍්හා): කාම, භව හා විභව තණ්හාව 5) සිව් ඔඝ: කාම, භව, දිට්ඨි හා අවිජ්ජා 6) පංච නීවරණ 7) සය තණ්හාව: රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධර්ම තණ්හාව. සටහන: සියලු අනිච්ච ධර්මතා පහාතබ්බ ධර්මවේ. බලන්න: සංයු.නි: සළායතන සංයුත්ත: 1.5.6 පහාතබ්බ සූත්‍රය. මූලාශ්‍ර: දීඝ.නි : (3 ): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲ පහාන ධර්ම-Dhamma for abandoning : මුළුමනින්ම (සර්ව ප්‍රහාන) පහක ලයුතු (ප්‍රහීණ) ධර්මතා ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ සළායතන හා බාහිර අරමුණුවලට ඇලීම- තණ්හාවය. ඒවා මනාව-පිරිසිඳ දැනගැනීමෙන්, ප්‍රහාණය පහසුවේ. එසේ නොමැතිනම් දුක අවසන් කර ගත නොහැකිවේ. බලන්න: සබ්බ ධර්ම.

සටහන්:* සංයු.නි: සළායතනසංයුත්තසළායතන සංයුත්ත:3 සබ්බවග්ග: පහාන සුත්‍ර 2: මේ පිළිබඳව විස්තරාත්මකව පෙන්වා ඇත. ** සළායතනසංයුත්ත: සගාථාවග්ග: 1.20.3 පහාණසූත්‍රය: ත්‍රිවිධ වේදනා පහ කරගන්නා ආකාරය මේ සූත්‍රයේ පෙන්වා ඇත. බලන්න: වේදනා.

▼ දිට්ඨිසම්පන්න (සෝතාපන්න) උතුමා ධර්මතා 6ක් ප්‍රහිණය කර ඇත: සක්කායදිට්ඨිය, විචිකිච්චාව, සීලබ්බතපරාමාස, අපායගාමිණී:රාගය දෝසය හා මෝහය. බලන්න: සෝතාපන්න, අංගු.නි: (4) 6 නිපාත: සිතිවග්ග: 6.2.4.6 පහිණ සූත්‍රය.

▲ පහානාය- abandoning: පහානාය යනු ප්‍රහීණය කිරිමය. නිවන පිණිස නීවරණ ආදී අකුසල පහකර ගත යුතුවේ.

▲ පහාන සංඥාව: පාලි: පහානසඤ‍්ඤා- perception of abandoning පහාන සංඥාව ලෙසින් පෙන්වා ඇත්තේ කාමය, ව්‍යාපාදය, හිංසාව ආදී අකුසල සිත් පහළවුවිට ඒවා ප්‍රහාණය කරගැනීමය. නිවන සාක්ෂාත් කර ගැනීමට උපකාර කරගන්නා භාවනාකි. බලන්න: දස සංඥා, නිස්සරණිය ධාතු. සටහන: පහාන සංඥාව ඇතිකර ගැනීමට සප්ත බොජ්ඣංග ධර්මතා වැඩිය යුතුය. බලන්න:සංයු.නි: (5-1) මහාවග්ග: බොජ්ඣංගසංයුත්ත:නිරෝධවග්ග: පහානසූත්‍ර.

▼ පහාන සංඥාව මෙනෙහි කිරීම. බලන්න: භාවනා, ගිරිමානන්ද සූත්‍රය.

▲ පහාස දේවසභාව -Pahasa devas: ජනයා පිනවන නළුවන්, මරණින් මතු පහාස දේව සභාවේ උපත ලැබේ යන වැරදි දිට්ඨිය. බලන්න: සුගතිය. මූලාශ්‍රය: සංයු.නි: (4) සළායතනවග්ග:ගාමිණිසංයුත්ත:8.1.2 තාලපුට සූත්‍රය, පි.584.

▲ පහාරද අසුර රජ- Asura king Paharada: අසුරනිකායේ රජකෙනෙකි. බලන්න: අසුර.

▲ පාහුණෙය්‍ය-Pahuneyya: මෙය සංඝ ගුණයකි, බුදුන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා, ආගන්තුක සත්කාරයට සුදුසු බව මින් පෙන්වා ඇත. බලන්න: සංඝගුණ. සටහන: පාහුණෙය්‍ය ගුණය පිණිස සංඝයාට ගුණ 5ක් තිබිය යුතුය. මූලාශ්‍රය: අංගු.නි: (3): 5 නිපාත: ඵාසුවිහාරවග්ග: 5.3.1.7 සීලසම්පන්න සූත්‍රය, පි.236, රාජවග්ග: 5.3.4.9 අකන්ඛම සූත්‍රය, පි.277.

▲ ප්‍රහාන ප්‍රඥාව- Prahana panna: මෙය ආධ්‍යාත්මික වර්ධනය පිණිස ඇතිකරගත යුතු පස් ආකර නුවණින් එකකි. බලන්න: ඤාණපඤචකය.

▲ ප්‍රහාණ පරිඥාව- full understanding as abandonment: අභිජානය ලැබීම පිණිස, ප්‍රහාණ පරිඥාව ඇතිකර ගත යුතුවේ. බලන්න: අභිජාන.

▲ ප්‍රහාණාරාම-Prahanarama: ප්‍රහාණාරාම යනු කෙළෙස් පහ කිරීමට ඇති ඇල්මය. මෙය, මේ දිවියේදීම සැප හා සොම්නස සහිතව වාසය කිරීමට අවශ්‍ය අංගයකි. බලන්න: සුඛ සෝමනස්ස.

ඵ කොටස:

ඵග, ඵට, ඵල, ඵස

ඵග

▲ ඵග්ගුන තෙර-Phagguṇa Thera: බලන්න: උපග්‍රන්ථය:1

ඵට

▲ ඵොට්ඨබ්බසංචේතනා- Phottabbasanchethana: කයේ පහස නිසා ඇතිවෙන චේතනා මෙලෙසින් හඳුන්වයි. බලන්න: චේතනා.

ඵල

▲ ඵල ඥානය-Phala Nana: ධර්මයේ ඵල ඥානය ලෙසින් පෙන්වා ඇත්තේ ආරිය මාර්ගය වර්ධනය කරගෙන, කෙළෙස් සන්සිඳුවා ගැනීමට ඇති ප්‍රඥාවය. සටහන්: * ඵල සතරකි: සෝතාපන්න සිට අරහත් මාර්ග සාක්ෂාත් කරගැනීම. ** විස්තර පිණිස බලන්න: ඛු.නි:පටිසම්භිදා 1: ඤාණකතා:12: ඵලඥානය, පි.154.

▲ ඵලනානත්‍වය- difference in the fruits: ආධ්‍යාත්මික පංච ඉන්ද්‍රිය වර්ධනය වීමේ ස්වභාවය අනුව ඇතිවන විවිධ ඵල, ඵලනානත්‍වය ලෙසින් පෙන්වා ඇත. බලන්න: ඉන්ද්‍රිය නානත්‍වය.

▲ ඵලප්‍රඥාව- Phala panna: ඵල ප්‍රඥාව යනු ප්‍රඥා විමුක්තිය ය. මෙය ඵල විමුක්තිය ලෙසින්ද දක්වා ඇත. බලන්න: ආධ්‍යාත්මික පංච ඉන්ද්‍රිය, අවසාන ඥාණය, ප්‍රඥා විමුක්තිය.

▲ ඵලුපජීවී-Fruit from the effort: ඵලුපජීවී ලෙසින් පෙන්වා ඇත්තේ කෙනෙක් තමන්ගේ විරියෙන්, සිය ජීවිකාව ගෙනයාමය. ඔහුට යහපත් කම්මවිපාක ඵල නැත. තවත් කෙනෙක් විරියෙන් නොව තමන් කල යහපත් කම්මවිපාක ඵල පිහිට කොටගෙන ජීවත්වේ. තවත් කොටසක් , සිය වීරිය සමග යහපත් කම්මවිපාක ඵල පිහිට කොටගෙන ජීවත්වේ. වෙනත් කොටසක් වීරිය ද නොමැතිව, කම්මවිපාක ඵල ද නැතිව ජීවත්වේ. සටහන: අටුවාවට අනුව දෙවෙනි ගණයට ගැනේනේ දෙවියන්ය, තෙවෙනි ගණයට ගැනේනේ රජවරු හා ඇමතිවරුය. අවසාන ගණයට ගැනේනේ, අපාය දුක් විඳින අයය. මෙහිදී කම්ම ඵල ලෙසින් පෙන්වා ඇත්තේ යහපත් කර්ම විපාකයන්ය. මූලාශ්‍ර: අංගු.නි: (2 ); 4 නිපාත:4.3.4.4. ඵලුපජීවීපුග්ගල සූත්‍රය, පි. 282, EAN:4:134.4 Effort, p.196.

ඵස

▲ ඵස්ස-Contact: ඵස්ස- ස්පර්ශය ලෙසින් යනු සළායතන මගින් බාහිර අරමුණු ස්පර්ශ කිරීමය. බලන්න: ස්පර්ශය.

▲ ඵුස්ස බුදුන්වහන්සේ-The Buddha Phussa: ගෝතම බුදුන් වහන්සේ ට පෙර පහළවූ, ඵුස්ස බුදුන් වහන්සේ පිලිබඳ විස්තර පිණිස බලන්න:බු ද්ධවංශ පාලි:18: ඵුස්ස බුදුන්වහන්සේ.

▲ ඵාසුවිහාර-dwelling at ease: ඵාසුවිහාර-පහසු විහරණය යනු කෙළෙස් වලින් තොරව වාසය කිරීමය. පහසු විහරණ ලෙසින් ධර්මයේ පෙන්වා ඇත්තේ සිව් ජානසමාපත්ති ලැබීම හා ආසව ක්‍ෂය කර ලබන විමුක්ති සුවයය. බලන්න: පහසු විහරණය. සටහන: සංඝයාගේ පහසු විහරණය ලෙසින් පෙන්වා ඇත්තේ: සෙසු අය කෙරහි මෙත්සිත ඇතිව කාය, වචී හා මනෝකර්ම කිරීම හා නිර්මල ශිලය (ආරියකාන්තශිලය) සහිතව වාසය කිරීමය. මූලාශ්‍ර:අංගු.නි: (3): 5 නිපාත:5.2.5.4 , 5.3.1.5 ඵාසුවිහාර සූත්‍ර, පි.212,EAN:5: 94.4 dwelling at ease, p.272.