ව කොටස

ව කොටස:

වක, වඛ, වග, වච, වජ, වඤ, වඥ, වට, වඩ, වත, වද, වඳ, වන, වණ, වප, වභ, වම, වය, වල, වළු, වස, වශ, වෂ, වහ

වක

▲ වක්කලී තෙර- Vakkali Thera: බලන්න: උපග්‍රන්ථය:1

▲ වාක්සත්‍ය - Speaking the Truth: වාක්සත්‍ය: සත්‍ය කථාකිරිමය. වාක්සත්‍ය ඉක්මවා ගිය පුද්ගලයා ( දැන බොරුකියන මිනිසුන්), විසින් නොකළ හැකි පාප කර්මයක් නොමැතිබවය. එබඳු පුද්ගලයාට පරලොව, සැප නොමැත, දුගතිය ඇතිවේ. මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක: 1.3.5 සම්පජාන මුසාවාද සූත්‍රය, පි. 372.

▲ වාක් සංඛාර - Verbal volitional formations: ත්‍රිවිධ සංඛාරයන්ගෙන් එකකි: වචනයෙන් සිදුවේ, එනිසා කුසල-අකුසල විපාක ඇතිවේ. බලන්න: සංඛාර.

▲ වික්ඛායිතක සංඥා භාවනාව -Vikkhayitika sanna bhavana දස අසුභ ආවර්ජනයකි: සතුන් කාදමා ඇති සිරුර අරමුණු කරගනිමින් කරන භාවනාවය. බලන්න: දසඅසුභය.

▲ වික්ෂිප්ත සිත: පාලි: චෙතසො විකෙඛපං-mental distraction/Muddle-mindedness: වික්ෂිප්ත : එකම අරමුණක සිත පිහිටුවා ගැනීමට (සමාධිගත) නොහැකිවීමය. වික්ෂිප්ත සිත නිසා:අලසබව, අයෝනිසෝමනසිකාරය හා වැරදි මග ගනි. වික්ෂිප්ත සිත පහකිරීමට නැතිකර, ආරියන් දැකිය යුතුය,ධර්මය ඇසිය යුතුය, අනුන් විවේචනය නතර කළ යුතුය, සමාධිය වඩා ගත යුතුවේ මුලාශ්‍ර:අංගු.නි:(6) :10 නිපාත:10.2.3.6.තයොධම්ම සූත්‍රය,පි.284, EAN-10: 76-6. Incapable, p. 524.

▲ වික්ෂෝභනය- Vikshobhna: මෙය කෙළෙස් ඇතිවීමෙන් සිතේ ඇතිවන කැළඹීම-ඉඤ්ජිතය ය. බලන්න: ඉඤ්ජිතය.

▲ විකාලභෝජනය-Vikaala bhojanaya: විකාලභෝජනය, දස සික්ඛාපදයෙන් එකකි, සංඝයා රකින ශිලයකි. එහි ගුණ ම.නි: භද්දාලි සූත්‍රයේ පෙන්වා ඇත.

▼ විකාල භෝජනයෙන් වැලකුණ පුද්ගලයෝ අල්ප ය.: මූලාශ්‍රය:සංයු.නි: (5-2) මහාවග්ග: සච්චසංයුත්ත:12.8.9 විකාලභෝජන සූත්‍රය, පි.364.

▲ වකුටු කම්ම- Vakutu kamma: වකුටු- ඇද බව, නරක -අකුසල කර්මවල ස්වභාවයක්ය. බලන්න:කම්ම ක්‍රියාවලිය.

වඛ

▲ වෙඛනස්ස පරිබ්‍රාජක- Vekhanassa paribrajika: බලන්න: උපග්‍රන්ථය: 3

වග

▲ව්‍යග්ඝපජ්ජ-Vyaggapajja: බලන්න: උපග්‍රන්ථය: 3

▲ වංගීස තෙර-Vangisha Thera: බලන්න: උපග්‍රන්ථය:1

▲ විග්ගාහිකකථා- Vigghakia katha: විග්ගාහිකකථක් එකිනෙකා හා විරුද්ධවෙමින් කරන කථාය. එය මගබඹසර පිණිස නොවේ .බලන්න: වාදවිවාද. මූලාශ්‍රය:සංයු.නි: (5-2) මහාවග්ග: සච්චසංයුත්ත:12.1.9 විග්ගාහිකකථා සූත්‍රය, පි.290.

වච

▲ වංචාව - fraud:කපටි-සාඨෙය්‍යං,උපකෙළෙසයකි.බලන්න: උපකෙළෙස.

▲ වචසා පරිචිතා- recited verbally: අසනලද ධර්මය යහපත් ලෙසින් සජ්ජායනා කිරීමය. බලන්න: බහුශ්‍රැත.

▲ වච්ඡගොත්ත තෙර-Vachchagothta Thera: බලන්න: උපග්‍රන්ථය:1

▲වචී කම්ම- verbal actions: වචනයෙන් කරන යහපත් හෝ අයහපත් ක්‍රියාය, යහපත් හෝ අයහපත් විපාක ඇතිකරයි. බලන්න:දස අකුසල, දස කුසල.

▲ වචීසංඛාර- the verbal formation: විතක්ක හා විචාරයය, ත්‍රිවිධ සංඛාරයකි. බලන්න:සංඛාර.

▲වාචික සුචරිත ක්‍රියා හා වාචික දුශ්චරිත ක්‍රියා-Verbal Good conduct & Misconduct යහපත් වාචික කම්ම සුචරිතය. අයහපත් වාචික කම්ම දුශ්චරිතය. වාචික දුශ්චරිතය: මුසාවාදා, පිශුනාවාචා, පරුෂාවාචා, සම්ප්‍රප්ඵලාපය ය. වාචික සුචරිතය: සත්‍යවචන, කේලාම් නොකීම: මුදු වචන, නුවණින් සිතා කරන කථාය. මූලාශ්‍ර:අංගු.නි: (2): 4 නිපාත: අභාවග්ග: 4.3.5.8. 4.3.5.9 සූත්‍ර, පි.294, සුචරිත වග්ග: 4.5.3.1 සූත්‍රය, පි.460.

▲විචිකිච්චාව- doubt: ත්‍රිවිධ රත්නය පිළිනොගැනීම, නීවරණයකි. බලන්න: නීවරණ.

▼ විචිකිච්චාව ඇතිවිට,අකුසල මූල නැතිනොවේ.මෙය පහකිරීමට අයෝනිසෝමනසිකාරය, වැරදිමග හා සිතේ ලීනත්වය නැතිකර ගත යුතුය. මූලාශ්‍රය: අංගු.නි: (6):10 නිපාත: 10.2.3.6 තයොධම්ම සූත්‍රය,පි.284.

▼ විචිකිච්චාවෙන් මිදීම: විචිකිච්චාව ඇති කෙනෙක්, ශ්‍රේෂ්ඨධර්මය, අවබෝධ කර ඉන් මිදිය යුතුවේ. මූලාශ්‍රය: ඛු.නි.සුත්තනිපාත: පාරායන වග්ග:වස්තුගාථා:ධොතකමානවක,පි.344.

▲ විචිකිච්චා අනුසය- vicikicchānusayo: මෙය අනුසයකි, සිතයට ඇති කෙලෙසකි. බලන්න: අනුසය.

▲ විච්ඡිද්දක සංඥාව- perception of a fissured corpse: අසුභය සංඥා වකි. බිඳීගිය මළකඳක් අරමුණුකර භාවනාව වැඩිමෙන් විදසුන් නුවණ ඇතිවේ.බලන්න: සතිපට්ඨාන භාවනා.

▼විච්ඡිද්දක සංඥාව වැඩිම පහසු විහරණය පිණිසය.: මූලාශ්‍රය: සංයු.නි: (5-1): මහාවග්ග: බොජ්ඣංගසංයුත්ත:2.7.- විච්ඡිද්දක සූත්‍රය, පි.271.

වජ

▲ වජ්ජි දේශය-Vajji Province: වජ්ජින් වාසය කරන මෙ දේශය මගධයට උතුරින් පිහිටා ඇත. බුදුන් වහන්සේ අවසාන චාරිකාවේදී වැඩසිටි ස්ථානයකි.බොහෝ වජ්ජින් බුදුන් සරණ ගියහ. බලන්න: උපග්‍රන්ථය1,3.

▲ වජ්ජියමාහිත ගහපති- Householder Vajjiyamahita: බලන්න: උපග්‍රන්ථය:3

▲ වජිරා තෙරණිය-Vajira Therani: බලන්න: උපග්‍රන්ථය: 2

▲ විජම‍්භිකා -Vijambika: විජම‍්භිකා- ඇඟමැළි කැඩීම, ථිනමිද්ධයේ එක් ලක්ෂණයකි. බලන්න: ථිනමිද්ධය.

▲ විජය-Victory: විජය යනු සසර ජය ගැනීමය. කය පිලිබඳ යථා අවබෝධය, රහත්මග නුවණින් අවබෝධ කිරීමය.බලන්න: ඛු.නි:සුත්තනිපාත:උරගවග්ග:1-11 විජය සූත්‍රය, පි.80.

▲ විජය ගහපති-Householder Vijaya:උපග්‍රන්ථය: 3

▲ විජයා තෙරණිය-Vijaya Therani: උපග්‍රන්ථය: 2

▲ විජ්ජාචරණ සම්පන්න: පාලි: විජ‍්ජාචරණසම‍්පන‍්නො- perfect in true knowledge and conduct: ත්‍රිවිධ විද්‍යා හා පසළොස් (15) චරන ගුණ සම්පන්න බවය. නව බුදු ගුණයකි, රහත්-අසේඛ ගුණයකි.බලන්න: බුදුගුණ, අසේඛබල, පසළොස් චරණගුණ : 1 ) ශිලසම්පන්නබව, 2 ) ඉන්ද්‍රිය සංවරය, 3) ආහාරයේ පමණ දැනීම 4 ) නිදිවැරිම- ජාගාරානු සතිය, 5-11) සප්ත සද්ධර්ම ගුණ : i බුදුන්වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව, ii හිරි හා iii ඔත්තප්ප ඇතිබව, iv බහුශ්‍රැතබව, v දැඩි විරිය ඇතිබව, vi සතිය vii ප්‍රඥාව 12-15) සිව්ජාන ලබාගැනීමේ හැකියාව. ත්‍රිවිධ විද්‍යා (ඥාන) : 1 පෙර ජාති සිහිකිරීමේ නුවණ (පුබ‍්බෙනිවාසා නුස‍්සතිඤාණං)

2 දිවැස් නුවණ (දිබ‍්බෙන චක‍්ඛුනා) හා 3 ආසව ක්‍ෂය කිරීමේ නුවණ (ආසවානං ඛයත්‍ථං). මූලාශ්‍ර: ම.නි: (2 ): 2.1.3 :සේඛ සූත්‍රය, පි. 44, MN 53: Sekha Sutta, p. 436.

▲ විජජාභාගීය ධර්ම: පාලි: විජ‍්ජාභාගියා ධම‍්මා-Dhamma qualities pertain to true knowledge: අවිද්‍යාව දුරුකර, විද්‍යාව- සත්‍ය ඥාණය- නිවන සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය ධර්මයකි. සියලු අකුසල පහකර කුසලය වැඩීමට උපකාරීවන කුසල ධර්මයන්ය.

▼ විජ්ජාභාගීය ධර්මයන්ට කායගතා සතිය ඇතුළත්වේ: කෙනෙක්, කායගතාසතිය වඩන්නේ ද, බහුල කරගන්නේද, විද්‍යාව ඇතිකරන කුසල ධර්මතා සත්‍යඥාන අවබෝධය පිණි ඇති ධර්ම කොටස් (විජ‍්ජාභාගියා ධම‍්මා) කායගතා සතියට ඇතුලත් වේ යයි බුදුන් වහන්සේ වදාළහ:

“...එවමෙව ඛො භික‍්ඛවෙ යස‍්ස කස‍්සචි කායගතාසති භවිතා බහූලීකතා, අන‍්තොගධා තස‍්ස කුසලා ධම‍්මා, යෙ කෙචි විජ‍්ජාභාගියා”. සටහන: විජජාභාගීය ධර්මයන්ට අෂ්ඨ සත්‍ය විද්‍යා -අෂ්ඨ සත්‍ය ඥාන (eight true knowledge) ඇතුලත් බව මෙහි දක්වා ඇත:1) විපස්සනා නුවණ 2) මනෝමය කය ඇතිකරගැනීමේ නුවණ 3-8) සය අභිඥා (There are eight kinds of true knowledge: insight knowledge, the mind- made body, and the six kinds of direct knowledge). බලන්න: EAN: Note: 205, p.591. මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: කායගතාසති වග්ග: 1.16.7.1 සූත්‍රය. පි. 126, EAN:1: Mindfulness Directed to the Body, p.52.

▼ දීඝායු උපාසකට උපදෙස්: බුදුන් වහන්සේ දීඝායු උපාසකට විජ්ජාභාගීය ධර්ම වඩා ගැනීමට මෙසේ උපදෙස් වදාළහ:

“...තස‍්මාතිහ ත්‍වං දීඝාවූ, ඉමෙසු චතුසු සොතාපත‍්තියඞෙගසූ පතිට‍්ඨාය ඡ විජ‍්ජාභාගියෙ ධම‍්මෙ උත‍්තරිං භවෙය්‍යාසි ඉධ ත්‍වං දීඝාවූ, සබ‍්බසඬඛාරෙසු අනිච‍්චානුපස‍්සි විහරාහි, අනිච‍්චෙ දුක‍්ඛසඤ‍්ඤී දුක‍්ඛෙඅනත‍්තසඤ‍්ඤී පහාණසඤ‍්ඤී විරාගසඤ‍්ඤී නිරොධසඤ‍්ඤීති. එවං හි තෙ දීඝාවූ සික‍්ඛිතබ‍්බන‍්ති...”: ‘ දීඝායු ඔබ, සෝතාපත්ති සිව් දහම පිහිටුවා ගෙන, විජ්ජාභාගීය ධර්මතා සපුරාලන කරුණු 6 ක් (සංඥා 6) පුහුණුකර වඩාගත යුතුය: 1. සියලු සංස්කාර අනිච්චබව මෙනෙහිකිරිම 2. අනිච්චදේ දුක්ඛයන සංඥාව මෙනෙහිකිරිම 3. දුකෙහි අනාත්ම සංඥාව මෙනෙහිකිරිම 4.පහාණ සංඥාව මෙනහිකිරිම 5. විරාග සංඥාව මෙනෙහිකිරිම, 6. නිරෝධ සංඥාව මෙනෙහිකිරිම. එලෙසින් ඔබ හික්මිය යුතුය.’. මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග: සොතාපතති සංයුත්ත: 11.1.3 දීඝාවූ උපාසක සූත්‍රය, පි. 164, ESN: 55: Sotapattisamyutta: 3.3 Dīghāvu, p, 2185.

▼ විජ්ජා භාගිය ධර්ම කොටස්: 1) අනිච්ච සංඥාව 2) අනිච්චේ දුක්ඛ සංඥාව 3) දුක්ඛේ අනත්ත සංඥාව 4) පහාන සංඥාව 5) විරාග සංඥාව 6) නිරෝධ සංඥාව. බලන්න: සංඥා.: මූලාශ්‍ර: අංගු.නි:(4 ): 6 නිපාත:6.1.4.5 විජ්ජාභාගිය සූත්‍රය, පි. 108, EAN:6: 35.5 Pertain to True Knowledge, p. 332.

▲ විජ්ජා විමුක්තිය: පාලි: විජ‍්ජාවිමුත‍්ති- Knowledge and liberation

විජ්ජා විමුක්තිය: නිවනය,අවිද්‍යාව අවසන්කිරීමය.ඒ සඳහා ත්‍රිවිධ ඥාණ ලබා ගත යුතුය. විමුක්තිය යනු චේතෝ විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය ලැබීමය. විජ්ජාවිමුක්තිය පිණිස අෂ්ට විද්‍යා ඥාන අවශ්‍යවේ. බලන්න: ත්‍රිවිධ ඥාණ ,අෂ්ට විද්‍යා ඥාන. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි.468: “විජ‍්ජාවිමුත‍්ති: විද්‍යාව හා විමුක්තිය”. B.D: p.191: “Vijjā: Higher Knowledge- 3 fold knowledge”, p. 193: Vimutti: Deliverance-is 2 kind: Deliverance through wisdom (paññā- vimutti) & Deliverance of mind”.

▼ බුදුන්වහන්සේ වදාළේ, බඹසර විසීමේ අරමුණ වන්නේ අරහත් මාර්ග ඥාන විද්‍යාව හා අරහත් ඵල විමුක්තිය පසක් කිරීම බවය (විජජාවීමුතති ඵල සචඡිකිරියතථං- realization of the fruit of true knowledge and liberation). ඒ සඳහා ඇති ක්‍රම වේදය නම් අරිය අටමග වර්ධනය කරගැනීමය. මූලාශ්‍ර: සංයු.නි: (5-1)මහාවග්ග: මග්ගසංයුත්ත:1.5.6. විජ්ජා විමුත්ති සුත්‍රය, පි. 74, ESN: V: realization of the fruit of true knowledge and liberation, p. 1651.

▼ විජ්ජා විමුක්තිය, සච්ඡිකාතබ්බ - නිවන පිණිස සාක්ෂාත් කර ගත යුතු ධර්මතාවයකි. මූලාශ්‍ර: දීඝ.නි : (3): 11 දසූත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼ විජ්ජා විමුක්තිය සාක්ෂාත් කරගැනීමට සමථය හා විදර්ශනා- විපස්සනාව අවශ්‍යය යි බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: සමථ හා විපස්සනා.

වඤ

▲ විඤ‍්ඤාණං අනිදස‍්සනං - Vinnana anidassana

විඤ්ඤාණය අනිදසස්න වීම- හැර දැමීම, කිසිවක් ඉතිරිනොවීම ගෙවීයාම නම් නිවනය:

විඤ‍්ඤාණං අනිදස‍්සනං අනන‍්තං සබ‍්බතො පහං එත්‍ථ ආපො ච පඨවි තෙජො වායො න ගාධති එත්‍ථ දීඝඤ‍්ච රස‍්සඤ‍්ච අණුං ථූලං සුභාසුභං එත්‍ථ නාමඤ‍්ච රූපඤ‍්ච අසෙසං උපරුජ‍්ඣති. මූලාශ්‍ර: දීඝ.නි: (1): 11 කෙවඩ්ඩ සූත්‍රය,ඡෙදය-88, පි.500, EDN:11 Kevaddha Sutta, para-85, p. 135.

▲විඤඤානඤචායතනය- the base of the infinity of consciousness: මෙය අරූප බ්‍රහ්ම ලෝකයකි, 6නි විඥාන ස්ථානයය. මෙහි පහළවීමට විඤඤාන අනන්තය යන සංඥාව දියුණුකර ගතයුතුවේ. බලන්න: ම.නි:අට්ඨකනාගර සූත්‍රය.

▼සැරියුත්, මුගලන්තෙරුන් එම සම්පත්තිය වඩාගෙන ඇත. මූලාශ්‍ර: සංයු.නි: (3): ඛන්ධවග්ග: 7.1.6 විඤඤානඤචායතනසූත්‍රය පි.498, සළායතනවග්ග: මොග්ගල්ලානසංයුත්ත: 6.1.6 විඤඤානඤචායතන සූත්‍රය, පි.522.

▲ විඤ්ඤාණඤ්චායතන ධාතුව- Element of base of the infinity of consciousness: මෙය සප්ත ධාතු වලින් එකකි. බලන්න: ධාතු.

වඥ

▲විඥාණය: පාලි: විඤඤාණං -consciousness: විඥාණය, පංච උපාදානස්කන්ධයේ එක් ස්කන්ධයකි, සිව් අහාර වලින් එකකි, ලෝකයා සසර සැරිසරන්නේ විඥාන ක්‍රියාවලිය නිසාය. බලන්න: පංච උපාදාන ස්කන්ධය, ආහාර.

▼ විඥාණය, පටිච්චසමුප්පාදයේ 3 නි පුරුකය: සංඛාර හේතුකොට විඥාණය ඇතිවේ, සංඛාර නැතිවීමෙන් විඥාණය නැතිවේ.

“...සඬඛාර පච‍්චයා විඤ‍්ඤාණං “...සඬඛාර නිරොධා විඤ‍්ඤාණ නිරොධො...”

විඥාණය නිසා නාමරූප ඇතිවේ, විඥාණය නිරෝධ වීමෙන් නාම රූප නිරෝධ වේ. විඥාණය 6 ආකරය: ඇසේ විඥාණය(චකඛුවිඤඤාණං) කණේ විඥාණය (සොත විඤඤාණං) නාසයේ විඥාණය (ඝාණවිඤඤාණං) දිවේ විඥාණය (ජිවහාවිඤඤාණං) කයේ විඥාණය (කායවිඤඤාණං) මනසේ විඥාණය (මනොවිඤඤාණං). සටහන: මනෝ විඥානය: ඇස, කණ, නාසය, දිව හා කය නිසා ඇතිවෙන පස් ආකාරවූ විඥානය හැර මනස නිසා ඇතිවෙන අනිකුත් විඥානයන්ය. එනම්, සිතේ ඇතිවන සංකල්ප රූප,අභ්‍යන්තර චිත්ත තත්‍ව්යන්ය. බලන්න:EMN:note:130, p. 1075. මූලාශ්‍ර: සංයු.නි: (2 ): නිදානවග්ග: පටිච්චසමුප්පාද සූත්‍රය, පි. 24, විභඬග සූත්‍රය, පි.26,ESN: 12: Nidanavagga: 1.1. Dependent Origination, p. 610 & 1 2.2 Analysis of Dependent Origination, p.611, ම.නි: (1): 1.1.9 සම්මා දිට්ඨි සූත්‍රය, පි. 130, EMN: 9: Sammādiṭṭhi Sutta- Right View, p. 121.

▼ සය විඥානය: සළායතන ක්‍රියාත්මක වන අන්දම දැනගැනීමට සය විඥානය ගැන අවබෝධය අවශ්‍ය වේ. මූලාශ්‍ර: ම.නි: (3): 3.4.7 සළායතන විභඬග සුත්‍රය, පි. 474, EMN: 137 Saḷāyatana vibhanga Sutta-The Exposition of the Six fold Base, p.974 .

▼ සය විඥානය, අනිත්‍යබව මෙනහිකිරීම,කළකිරිම පිණිස, නිවන පිණිස පවතී. මූලාශ්‍රය:සංයු.නි: (2): නිදානවග්ග:රාහුලසංයුත්ත:6.1.3 විඥාන සූත්‍රය, පි.398.

▼ විඥානය ගැන මනා අවබෝධය ලැබීම පිණිස සම්මා දිට්ඨිය ඇති කර ගත යුතුය. මුලාශ්‍ර: ම.නි: (1): 1.1.9 සම්මා දිට්ඨි සූත්‍රය, පි. 130, EMN: 9: Sammādiṭṭhi Sutta- Right View, p. 121.

▼ විඥානයේ පිහිටීම සසර දුක පිණිසවේ. චේතනා අරමුණු කොටගෙන විඥානය පිහිටන ආකාරය, එමගින් පුනර්භවය සැකසීම හා සසර දුක් ඇතිවීම මේ සූත්‍ර වල විස්තරාත්මකව පෙන්වා ඇත. එසේම, විඥානය නො පිහිටීම සසර දුක නිමාවය. පටිච්චසමුප්පාදය ක්‍රියාවලිය ද මෙහි දක්වා ඇත.

මූලාශ්‍ර: සංයු.නි: (2 ): නිදානවග්ග: අභිසමයසංයුත්ත:කළාරඛත්තිය: චේතානා සූත්‍ර 3කි. පි. 124, ESN:12: Nidanasamyutta: IV: The Karakhattiya: Volition 3 suttas p. 665.

▼ සියලු විඥානයන් (සය විඥානය ) අනිත්‍යය.එලෙස, දකිනා පුද්ගලයා ‘සද්ධානුසාරි’ ය. ඒබව, විදසුන් නුවණින් අවබෝධ කරගන්නා පුද්ගලයා ‘ධම්මානුසාරි’ මූලාශ්‍රය:සංයු.නි: (3): ඛන්ධවග්ග: ඔක්කන්තිසංයුත්තය: චක්ඛුවග්ග: 4.1.3 විඥාන සූත්‍රය, පි.472.

▼ සියලු විඥානයන්හි පැවැත්වීම නිසා ජරා මරණය පහලවේ, ඒවා නිරුද්ධවීම, ජරාමරණය අවසන්වීමය. මූලාශ්‍රය:සංයු.නි: (3): ඛන්ධවග්ග: උප්පාදසංයුත්තය:5 .1.3 විඥාන සූත්‍රය, පි.480.

▼ විඥානය නිරුද්ධවීම: ආධ්‍යාත්මය පිලිබඳ ඇල්ම, බාහිරදේ පිලිබඳ ඇල්ම නිසා උපදින වේදනා නොපතන, සිහිය ඇතිව හැසිරෙන පුද්ගලයාගේ විඥානය නිරුද්ධවේ. මූලාශ්‍රය: ඛු.නි.සුත්තනිපාත: පාරායනවග්ග:වස්තුගාථා: 5-13 උදයමානවක,පි.360.

▲ විඥාන ආහාර- Vinnana ahara: මෙය, සත්ත්‍වයන්ගේ පෝෂණය පිණිස අවශ්‍ය ආහාර 4 න් එකකි, මේ නිසා පුනර්භවය සකස්වේ. බලන්න: ආහාර, පුනර්භවය.

▲ විඥාන කසිණසංඥාව- consciousness kasiṇa: මෙය දස කසිණයන්ගෙන් එකකි. බලන්න: කසිණ.

▲ විඥාන කායසය-six classes of consciousness: විඥාන කායසය ලෙසින් පෙන්වා ඇත්තේ සළායතන, බාහිර අරමුණු ස්පර්ශ කිරීම නිසා හටගන්නා සය විඥානයන්ය. බලන්න: ඡ ඡක‍්ක ධම‍්මො. මූලාශ්‍ර: ම.නි: (3): 3.4.7 සළායතන විභඬග සුත්‍රය, පි. 474, EMN: 137 Saḷāyatana vibhanga Sutta-The Exposition of the Six fold Base, p.974 .

▲ විඥාන චරියාව-Vinnana Chariya: මෙය චර්යානානානත්ව ඥාණයට අයත් එක් අංගයකි. බලන්න: චර්යානානානත්ව ඥාණය.

▲ විඥාන ධාතුව- Consciousness element: සය ධාතුවලින් එකකි. බලන්න: ධාතු.

▲ විඥානය සකස්වීම- Formation of Consciousness: රූප, වේදනා, සංඥා,සංස්කාර අරමුණු කොට, පිහිට කොටගෙන විඥානය සකස්වීම මෙහි විස්තර කර ඇත. මේ පිලිබඳ යොදාගෙන ඇත්තේ බීජ උපමාවය: බුදුන් වහන්සේ බීජ වර්ග 5 ක් පෙන්වා ඇත: මූලබීජ, ස්කන්ධබීජ, පුරුක්බීජ, අග්‍රබීජ, බීජ බීජ (germ-seeds). මේ හැම බීජයක්ම, නොකැඩි, අව්වෙන් හෝ සුළඟින් විනාශනොවී, සාරය සහිතව, තෙතමනය ඇතිව පොළවේ වගාකරන්නේ නම්, ඒවා යහපත්ව වැඩේ. ප්‍රත්‍යසහිත කර්ම විඥානය, පංච බීජ වැනි යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. රූප, වේදනා, සංඥා,සංස්කාර අරමුණු කොට, පිහිට කොට, තණ්හාවෙන් තෙත්වූ, කර්ම විඥානය, වැඩි විපුල බවට පත්වේ. රූප, වේදනා, සංඥා,සංස්කාර නැතිව කර්ම විඥානයේ: ඒම, යෑම, චුතිය, යලි උපත, වැඩිම, නැගීම හෝ පැතිරීම යන කරුණ විය නොහැකිය. ඒවායේ, ප්‍රහීණක් වේද, අරමුණු සිඳී යාමක් වේද, එවිට කර්ම විඥානයේ පිහිටීමක් නොවේ යයි බීජ උපමාව අනුව, විඥානය සකස්වීම විස්තර කර ඇත. බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍ර: සංයු.නි: (3 ): ඛන්ධසංයුත්ත:1.2.1.2 බීජසූත්‍රය,පි.122, ESN: 22: Khanda samyutta: 54.2 Seeds, p.1038.

▲ විඥානය හා නාමරූප- Consciousness & Name & Form: විඥානය හා නාමරූප එකිනෙකට හේතු ප්‍රත්‍යවන සම්බන්ධතාවයක් ඇතිබව සූත්‍ර දේශනාවල පෙන්වා ඇත (නාමරූප සහ විඤ‍්ඤාණෙන අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයතාය- Relationship between Consciousness and Name & Form). පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ දී විඥානය හේතු කොට නාමරූප ඇතිවේ යයි පෙන්වා ඇත. දීඝ.නි: මහා නිදාන සූත්‍රයේ දී විඥානය හා නාමරූප අතර ඇති සම්බන්ධතාවය නිසා සසර පවතින අන්දම විස්තරකර ඇත.

▼ විඥාන හේතුකොට නාමරූප ඇතිවේ, නාමරූප හේතුකොට විඥාන ඇතිවේ: 1) විඥාන ප්‍රත්‍යයෙන් නාමරූපය ඇතිවේ යන්න මෙසේ දැන ගත යුතුවේ: විඥානය, මව් කුසට බැස ගැනීමක් නැත්නම් (ප්‍රතිසන්ධි ලෙසින් පහළ නොවන්නේ නම්), නාමරූපය (කළලය ආදී ලෙසින්) මව් කුසේ පහළ නොවේ. එසේම, විඥානය මව්කුසට බැස ඉන්පසු පහවී යන්නේ නම්, නාමරුපයට පරිපුර්ණ ස්කන්ධයක් ලෙසින් වැඩිමට අවස්ථාව නොමැත. ඉපදුන කුඩා දරුවෙක්ගේ විඥානය සිඳී ගියේ නම් නාමරූපයට වැඩි,දියුණුවීමට නොහැකිවේ. එලෙස විඥානය, නාමරූපයට හේතුවේ, නිදානයවේ, සමුදයවේ, ප්‍රත්‍ය වේ.

“තස‍්මාතිහානන්‍ද එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච‍්චයො නාමරූපස‍්ස යදිදං විඤ‍්ඤාණං”

2) නාමරූප ප්‍රත්‍යයෙන් විඥානය ඇතිවේ යන්න මෙසේ දැන ගත යුතුවේ: විඥානයට, නාම රූපයේ පිහිට නො ලැබෙන්නේ නම්, මතු ජාති ජරා මරණ ආදීවූ දුක රැසේ හටගැනීමක් නොවේ. එමනිසා, නාමරූප, විඥානයට හේතුවේ, නිදානයවේ, සමුදයවේ ප්‍රත්‍යවේ. 3) නාමරූපය හා විඥානය එකිනෙකට හේතු ප්‍රත්‍ය භාවයෙන් ඇති සම්බන්ධය අනුව භවය පැනවීම වේ යයි බුදුන් වහන්සේ වදාළහ:

“ ආනන්ද, විඥානය නාමරූපයට ප්‍රත්‍යය වීම, නාමරූප විඥානයට ප්‍රත්‍යය වීම යන මෙපමණකින්ම ඉපදීම හෝ දිරායාම හෝ මියයාම හෝ චුතවීම හෝ යළි උපත ලැබීම හෝ වෙයි. මෙපමණකින්ම අධිවචන ව්‍යවහාරයට (සිරිවර්ධන ආදීවූ නාම මාත්‍ර ව්‍යවහාරය) හේතුවේ. මෙපමණකින්ම ඒ ඒ අර්ථ ප්‍රකාශ කරන වචනයන්ට හේතුවේ, මෙපමණකින්ම ඒ ඒ අදහස් හඟවන නම්වලට හේතුවේ. මෙපමණකින්ම ප්‍රඥාවෙන් දත යුතුවේ. මෙපමණකින්ම සංසාර චක්‍රය පවතී. මෙපමණකින්ම විඥාන සහිතවූ නාම රූප යන මේ කරුණු දෙක මේ භවය පැනවීම පිණිස පවතී:

“එත‍්තාවතා ඛො ආනන්‍ද ජායෙථ වා ජියෙථ වා මීයෙථ වා චවෙථ වා උප‍්පජ‍්ජෙථ වා, එත‍්තාවතා අධිවචනපථො, එත‍්තාවතා නිරුත‍්තිපථො, එත‍්තාවතා විඤ‍්ඤත‍්තිපථො, එත‍්තාවතා පඤ‍්ඤාවචරං එත‍්තාවතා වට‍්ටං වත‍්තති, (එත‍්තාවතා) ඉත්‍ථත‍්තං පඤ‍්ඤාපනාය, යදිදං නාමරූප සහ විඤ‍්ඤාණෙන අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයතාය පවත‍්තති”

( Thus far then... we can trace birth and decay, death and falling into other states and being reborn, thus far extends the way of designation, of concepts, thus far is the sphere of understanding, thus far the round goes as far as can be discerned in this life, namely to mind-and-body together with consciousness). මූලාශ්‍ර: දීඝ.නි: ( 2 ): 2 මහානිදාන සූත්‍රය, ඡෙද: 21-22, පි. 95, EDN:15: Mahānidāna Sutta: The Great Discourse on Origination, p. 166.

▼සංයෝජන ධර්මයන් නිතර ආස්වාදය කරණ පුද්ගලයා, විඥානයට බැස ගනී, ඒ නිසා නාමරූප ඇතිවේ... දුක් රැසේ ඇතිවීම හටගනී. මේ පිලිබඳ යොදාගත් උපමාව-මහාරුක: යම්කිසි මහා රුකක් ඇතිවිට එහි යට ඇති මුල්ද, හරස්ව ඇති මුල්ද, ගසට අවශ්‍ය පෝෂණය ගෙනදේ. එමනිසා ඒ රුක බොහෝකලක් පවතී. එලෙස, නාම රූප හා විඥානය සිතේ බැසගැනීම නිසා දිගුකලක් දුක් විඳිමින් සසරේ සැරි සැරීමට සිදුවේ. බලන්න: නාමරූප, උපග්‍රන්ථය:5 මූලාශ්‍රය: සංයු.නි: (2): නිදානවග්ග: අභිසමයසංයුත්ත:1.6.9 විඥාණ සූත්‍රය, පි. 164.

▼සය විඥානය (චක්ඛු ආදී) පිලිබඳ සිතේ ඇතිවන ඡන්දරාගය, කෙලෙස් ඇතිවීමට මූලිකවේ. මූලාශ්‍රය: සංයු.නි: (3 ):ඛන්ධවග්ග: කෙලෙස සංයුත්ත : 6.1.3 විඥාණ සූත්‍රය, පි.436.

▲විඥාන ස්ථාන: පාලි: විඤ‍්ඤාණට‍්ඨිති - stations of consciousness: විඥාන ස්ථාන- විඥානස්ථිති ලෙසින් පෙන්වා ඇත්තේ යළි උපතට හේතුවන විඥාණය (ප්‍රතිසන්ධි විඥාණය) පිහිටන තැන් 7ක් හා ආයතන- ක්ෂේත්‍ර 2 ය.(ද‍්ව ආයතනානි). සටහන: These are the ‘places’ or ‘states’ in which conscious rebirth takes place. බලන්න: EDN: Notes: 352, 353, p. 426.

▼ විඥාන ස්ථාන 7 හා ආයතන 2: විඥානය පිහිටන ස්ථාන සප්ත විඥාන ස්ථාන හා ආයතන 2 (සත‍්ත විඤ‍්ඤාණට‍්ඨිති): 1) කයෙන් හා සංඥාවෙන් වෙනස්කම් (කාය නානත්වය හා සංඥා නානත්වය) ඇති සත්ත්‍වයන් සිටින ස්ථාන: එනම්, මිනිසුන්, ඇතැම් දෙවියන් හා ඇතැම් ප්‍රේතයන් සිටින ස්ථාන. සටහන: අටුවාවට අනුව: මිනිසුන් ගේ ශරීර එකිනෙකාට වෙනස්ය (නාන‍්තතාකායා-different in body), එකම කාය ස්වරුපය ඇති මිනිසුන් දෙදනෙකු නැත. එමනිසා ඔවුන් කාය නානත්වය කොටසට වැටේ. ඔවුන්ගේ සංඥා ද විවිධය (නාන‍්තතසඤ‍්ඤිනො - different in perception). ඔවුන්ගේ ප්‍රතිසන්ධි සංඥාව- යළි උපතට හේතුවන සංඥාව - rebirth perception විවිධය. ඇතැම් දෙවියන් ලෙසින් පෙන්වා ඇත්තේ: කාමාවචර දේවලෝක 6 වසන දෙවියෝය. ඇතැම් ප්‍රේත යනු: දුගතියෙන් පිටත සිටින සමහර යක්ෂයන් හා භූතයන්ය. බලන්න: EAN: Note: 1503, p. 654. 2) කයෙන් විවිධවූ, සංඥා වෙන් සමාන සත්ත්‍වයන් සිටින ස්ථාන. එනම්, ප්‍රථම ජානයෙන් උපන් බ්‍රහ්මකායික දෙවියන් වසන බ්‍රහ්මලෝක: බ්‍රහ්ම පරිසජ්ජා, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම ආදීවූ. සටහන : අටුවාවට අනුව: එම බ්‍රහ්ම දෙවිවරුන්ගේ කයේ වෙනස්කම් ඇත, එහෙත්, ඔවුන්ගේ සංඥාව සමානය. එයට හෙතුව ඔවුන් සැමදෙනාටම ප්‍රථම ජාන සංඥාව තිබීමය. සතර දුගතියේ සිටින සත්ත්‍වයන් ද මේ ගණයට වැටේ (ප්‍රේත, තිරිසන්, අසුර, නිරය) ඔවුන් කයෙන් වෙනස්ය, එහෙත් සංඥාව සමානය: යළි උපතට හේතුවුවේ අකුසල සංඥාවය. බලන්න: EAN: Note:1504, p. 654. 3) සමාන කාය ඇති සංඥාව වෙනස් ඇති සත්ත්‍වයන් සිටින ස්ථාන. එනම් දෙවෙනි ජානයෙන් උපන් ආභස්සර දෙවියන් වසන ස්ථාන. සටහන: අටුවාවට අනුව: ආභස්සර දේවලොක තුනේ දෙවියන්ගේ කාය ස්වරූප සමානය එහෙත් සංඥා වෙනස්ය: සමහර දෙවියන් සිතුවිලි රහිතය නමුත් විචාර කිරීම ඇත (අවිතක්ක-විචාර), තවත් දෙවිවරු සිතුවිලි හා විචාර නොමැත (අවිතක්ක-අවිචාර). බලන්න: EAN: Note 1505, p. 654. 4) කයෙන් හා සංඥාවෙන් සමාන සත්ත්‍වයන් සිටින ස්ථාන. එනම්: සුභකිණණ දේවලෝකය. සටහන: අටුවවට අනුව: මේ දෙවිවරුන්ගේ කාය ස්වරූප සමානය. සතරවෙනි ජානය ඇති නිසා සමාන සංඥාව ඇත. බලන්න: EAN: Note: 1506, p. 654. 5) ආකසානාඤචායතන අරූප බ්‍රහ්මලෝකයේ වසන දෙවියෝ. 6) විඤ්ඤාණඤචායතන අරූප බ්‍රහ්මලෝකයේ වසන දෙවියෝ. 7) ආකිඤ්චඤ්ඤායතන අරූප බ්‍රහ්මලෝකයේ වසන දෙවියෝ. ආයතයන දෙක: 1) අසංඥසත්වායතනය 2) නෙවසංඥා නා සංඥා ආයතනය. සටහන: විඥානය පිහිටන ස්ථාන 7 හා ආයතන 2 පිළිබඳ: ඇතිවීම, නැතිවීම, ආස්වාදය, ආදීනවය හා නිස්සරණය පිලිබඳ යථා අවබෝධය ලබා උපාදාන රහිතව මිදුන භික්ෂුව, ප්‍රඥා විමුක්තය. මූලාශ්‍ර: අංගු.නි: (4 ): 7 නිපාත: 7.1.5.1 විඥානස්ථිති සූත්‍රය, පි. 362, EAN: 7: 44.1 Stations, p.380, දීඝ:නි: (2): 2 මහානිදාන සූත්‍රය: 40-41 ඡෙද, පි. 118, EDN: 15 Mahānidāna Sutta: The Great Discourse on Origination, para. 33, p. 169.

▼ සප්ත වීඥානසථිතියෙන් මිදීම දුකින් මිදීමය: විඥානය පිහිටන ස්ථාන හත පිලිබඳ යහපත් අවබෝධය ඇතිව ඒවා ගැන කළකිරී, නොඇලී, මිදී සිටීමෙන් දුක කෙළෙවර කරගැනීමට හැකියාව ලැබේ. මූලාශ්‍ර:අංගු.නි: (6):10 නිපාත: 10.1.3.7. ප්‍රථම මහාපඤ්හ සූත්‍රය,පි. 116 , EAN:10: 27.7 Great Questions -1, p. 503.

▼ විඥානය පිහිටන ස්ථාන හත පිලිබඳව දන්නේනම්, ඒවායේ ඇතිවීම, නැතිවීම, ආස්වාදය, ආදීනව, නිස්සරණය දන්නේනම්, එසේ දකින පුද්ගලයා ඒවා අභිනන්දනය කිරීම (මමය, මාගේ ය යන ලෙසින් අලවා ගැනීම) සුදුසු නොවේ යයි බුදුන් වහන්සේ වදාළහ. යම් කලක, කෙනෙක් එම කරුණු පිලිබඳ යථා අවබෝධය ලබා උපාදාන රහිතව මිදුනේ නම් ඔහු ප්‍රඥාවිමුක්තය (ප්‍රඥා බලයෙන් නාම රූප කයින් මිදීම) ලබාගත් උතුමෙකි. බලන්න: ප්‍රඥාවිමුක්ත.

වඩ

▲වඩුවා උපමාව- Simile of the carpenter: බලන්න: උප ග්‍රන්ථය:5.

▲ වැඩිහිටි සංඝයා- Elderly Sangha: වැඩිහිටි සංඝයා යනු තෙර- ථෙර, තේරී- ථෙරි , වසර 10කට වැඩිකලක් සසුනේ යහපත් ලෙසින් හැසිරෙන ජේෂ්ඨ භික්ෂු, භික්ෂුණියන්ය. මෙහි වැඩිහිටි භික්ෂුන් ගේ උතුම් ගුණ පෙන්වා ඇත. ධම්මවිනයේ වර්ධනය පිණිස, වැඩිහිටි සංඝයාට ගරුකළයුතුය, දහම් කරුණු අසා පැහැදිලි කරගත යුතුය යි බුදුන් වහන්සේ අනුසාසනා වදාළහ.

බලන්න: ම.නි: (1 ) 1.4.3 මහා ගෝපාලක සූත්‍රය, පි.546. මූලාශ්‍ර: අංගු.නි: (6 )10 නිපාත, උපාලි වග්ග: 10.2.5.8. ථෙර සූත්‍රය,පි.388, EAN:10: V,98.8. Elder. P. 538.

▲ වැඩිහිටිබව හා තරුණබව: පාලි: වුද‍්ධභූමි, දහරභූමි-stage of an elder & a youth: වහාරයේ වැඩිහිටි යනු වයසින් වැඩිමහල්අයය, තරුණ යනු වයසින් බාල යොවුන් අයය. ධර්මයට අනුව වැඩිහිටිබව හා තරුණබව නිර්ණය කරන්නේ වයසින් නොව, දහම් නුවණ මෝරා ඇති අන්දම අනුවය. වයසින් වැඩිහිටි වුවද නුවණ මද නම් ඔහු බාලයෙකි. තරුණ වුවත්, නුවණ මුහුකුරා ඇත්නම් ඔහු වැඩිහිටියෙකි. බලන්න: දහර

▼ බුදුන් වහන්සේ වැඩිහිටිබව හා තරුණබව ගැන පැවසීම, මහා කච්චායන තෙරුන් පෙන්වා අත:

“...භාග්‍යවත් වූ, සියලු දතයුතු දේ දන්නාවූ, සියලු දැකිය යුතු දේ දක්නාවූ, ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද වෘද්ධභූමියක් හා දහරභූමියක් ඇත. ඉදින්, උපතින් වයස 80- 100ක් ඇති කෙනෙක් සිටි, ඔහු වස්තුකාම කෙලෙස්කාමයෙන් ඇලි ගැලී ඒවා ඉවසමින්, ඒවා ගැන සිතමින්, ඒවා ගැන උනන්දුවී ජිවත්වේ නම් ඔහු බාල වැඩිහිටියෙකි. එහෙත්, වයසින් බාල, කළුකෙස් ඇති තරුණ කෙනෙක් සිටි, ඔහු වස්තුකාම කෙලෙස්කාමයෙන් ඇලි ගැලී ඒවා ඉවසමින්, ඒවා ගැන සිතමින්, ඒවා ගැන උනන්දුවී ජිවත් නොවේ. ඔහු නුවණැති වැඩිහිටිකි”. සටහන්: මේ ප්‍රකාශය බුදුන් වහන්සේ, බ්‍රහ්මණයන්හට වදාලහ. බලන්න: අංගු.නි: (2 ): 4 නිපාත: 4.1.3.2 උරුවෙල සූත්‍රය-2 , පි. 66,EAN: 4: 22.2 Uruwela-2, p. 155. මූලාශ්‍ර: අංගු:නි: (1 ):2 නිපාත: 2.1.4.7 සූත්‍රය: පි.169, EAN: 2 : 38.7 Sutta, p.62.

▼ වේරඤ්ජ නම් බ්‍රාහ්මණයෙක්, බුදුන් වහන්සේ හමුවට පැමිණ පවසා සිටියේ: උන්වහන්සේ වැඩිහිටියන්ට ගෞරව නොකරන බවය. ඒ ගැන බුදුන් වහන්සේ මෙසේ පිළිතුරු වදාළහ:

“බ්‍රාහ්මණය, මේ ලොවේ, දෙවියන්, මරුන්, බ්‍රහ්මයන් අතර, මේ මිනිස් ප්‍රජාව තුල, මාවිසින් වැඳ නමස්කාර කිරීමට සුදුසු, මගේ අසුනින් නැගිට පිළිගැනීමට හෝ ඒ අසුන දීමට සුදුසු කිසිවෙක් මම නොදකිමි. යම්ලෙසකින් තථාගතයන් කෙනකුට වැඳ නමස්කාර කිරීම ආදිය... කරන්නේනම්, ඒ පුද්ගලයාගේ හිස පැලි යනු ඇත”. සටහන: දේශනාව අවසානයේදී වේරඤ්ජ බ්‍රාහ්මණයා බුදුන්සරණගියහ. මූලාශ්‍ර: අංගු.නි: (5): 8 නිපාත:8.1.2.1 වේරඤ්ජසූත්‍රය,පි.61,EAN:8:11.1Verañjā, p.416.

වට

▲ වට්ටමූලක තණ්හාව - Vattamulaka thnaha: මේ තණ්හාව නිසා සසර ගමන- සසරවටයේ සැරිසැරීම ඇතිවේ. බලන්න: තණ්හාව.

▲ වට්ට සුඛ හා විවට්ට සුඛ- Vatta sukha & Vivatta sukaha; වට්ට සුඛය- සාසව සුඛය ලෙසින් පෙන්වා ඇත්තේ සමාන්‍ය ලෝකයා ආසව ආදීයට යටවී ඒවා සැපය යි ගැනීමය (සංසාර සුඛය). වීවට්ට සුඛය- අනාසවසුඛය- ආසාව රහිත සුඛය, කෙළෙස් බැහැර කිරීම නිසා ආරියන් විඳින සුවයය. බලන්න: සුඛ. මූලාශ්‍රය: අංගු.නි: (1): 2 නිපාත: සුඛවග්ග සූත්‍ර, පි.192.

▲වට්ටගාමි සුඛ හා විවට්ටගාමි සුඛ- Vattagami sukha & Vivatta gami sukaha: වට්ටගාමි සුඛ- සාමිස සුඛය, කම්සැප විඳීමය. විවට්ටගාමි සුඛය -නිරාමිෂ සුඛය, ලෝකෝත්තර සුවයය. බලන්න: සුඛ. මූලාශ්‍රය: අංගු.නි: (1): 2 නිපාත: සුඛවග්ග සූත්‍ර, පි.192.

▲ වුට්ඨානකුසලය-Vutthanakusala: වුට්ඨානකුසලය යනු ජාන සමාපත්තියෙන් නැගීසිටීම පිලිබඳ දක්‍ෂ බවය. මූලාශ්‍රය: සංයු.නි: (3): ඛන්ධකවග්ග: ජානසංයුත්ත:13.1.3 වුට්ඨානකුසල සූත්‍රය, පි.568.

වත

▲ වත්ථු-support: වත්ථු (වත්‍ථු) ලෙසින් පෙන්වා ඇත්තේ උපකාරය, පිහිට, සහයෝගයය. දෙවියෙක් විසින් විමසනු ලදුව, බුදුන් වහන්සේ ලෝකයාට ඇති උපකාර මෙසේ පෙන්වා ඇත: පුත්‍රයෝ මිනිසුන්ට පිහිටය, ස්වාමියාට, බිරිය උතුම් යහළුවා ලෙසින් පිහිටවේ, පොළව ඇසුරුකරගෙන ජිවත්වන සත්‍ව්යන්ට පිහිට වැස්සය. මූලාශ්‍රය:සංයු.නි: (1) සගාථවග්ග: දේවතා සංයුත්ත: 1.6.4 වත්‍ථු සූත්‍රය, පි.92.

▲ වත්ථුනානත්ත ඤාණය- Vaththunanaththa nana: ආධ්‍යාත්මික ධර්මතා: සළායතන, පිරිසිඳව අවබෝධ කරගැනීමය. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදා 1: 15 වත්ථුනානත්ත ඤාණය, පි.164.

▲ විතක්ක: පාලි: විතක‍්කො- thoughts: විතක්ක (විතර්ක) යනු සලායතන වලින් අල්වාගත් බාහිර අරමුණු පිලිබඳ සිතෙන් විමසා බැලීමය. ධර්මයට අනුව කුසල හා අකුසල යයි විතර්ක වර්ග 2කි. කාම, ව්‍යාපාද හා විහිංසා විතර්ක අකුසලය. ඒවා ප්‍රහිණය පිණිස කුසල විතක්ක: නෙක්කම්ම, අව්‍යාපාද හා අවිහිංසා විතර්ක වැඩිය යුතුය. මූලාශ්‍රය: අංගු.නි: (4) 6 නිපාත: 6.1.5 සූත්‍රය, පි.280.

▼ තථාගතයන් වහන්සේට ඇති විතක්ක: තථාගතයන්හට බහුලව පවතින විතක්ක 2 කි: 1) කේෂම විතක්ක: අවිහිංසාවහි ඇලුන, එහි නිරතවූ තථාගතයන් මෙසේ සිතති: “ මම මේ ක්‍රියාවෙන්, තස නම්වූ (තණ්හාව ප්‍රහිණ නොකළ) හෝ ථාවර නම්වූ (තණ්හාව ප්‍රහිණ කළ) හෝ කිසිවෙකු නො පෙළෙමි”. 2) ප්‍රවීවෙක විතක්ක: උතුම් විවේකයෙහි ඇලුනාවූ, එහි නිරතවූ තථාගතයන් මෙසේ සිතති: “ යමක් අකුසල වේද එය ප්‍රහීණය (කරඇත) ’. මූලාශ්‍රය:ඛු.නි: ඉතිවුත්තක: 2.2.1 විතක්ක සූත්‍රය, පි.388.

▼ කුසල විතර්ක හා අකුසල: සය ඉන්ද්‍රියට ගැටෙන බාහිර අරමුණු පිලිබඳව පහළ කරණ සිතිවිලි විතර්කවේ. මේවා සංකප්ප (motivation) ලෙසින්ද ධර්මයේ පෙන්වා ඇත. කුසල විතක්ක (wholesome thoughts) 3 කි: නෙක්කම්ම විතර්ක- thought of renunciation, අව්‍යාපාද විතර්ක - thought of good will හා අවිහිංසා විතර්ක- thought of harmlessness. නෙක්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප හා අවිහිංසා සංකප්ප මේ කොටසට වැටේ.

අකුසල විතර්ක 3 කි: කාම විතර්ක- Sensual perception, ව්‍යාපාද විතර්ක- perception of ill will, වීහිංසා විතර්ක- perception of harming. කාම සංකප්ප, ව්‍යාපාද සංකප්හා වීහිංසා සංකප්ප මේ ගනයට වැටේ. මූලාශ්‍ර:දිඝ.නි: (3 ): 10 සංගිති සූත්‍රය- ඡෙදය 10 , පි. 378 , EDN: 33 Sangīti Sutta: The Chanting Together-section 10 , p. 365.

▼අකුසල විතක්ක බඹබසර ජිවිතයට බාධාවකි: කාම, ව්‍යාපාද හා විහිංසා විතක්ක බඹසර ජිවිතයට වැඩදායක නොවනබව බුදුන් වහන්සේ පෙන්වා ඇත. එම විතක්ක කළකිරිම, විරාගය, නිරෝධය...නිවන පිණිස නොපවතී. වැඩදායක විතර්ක නම්: චතුසත්‍ය පිලිබඳ සිතිවිලි ඇතිකරගැනීම හා විමසා බැලීමය යි මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (5-2):මහාවග්ග: සච්චසංයුත්ත: විතක්ක සූත්‍රය, පි.284, ESN: 56: Sacchasamyutta: 7.7 Thoughts, p. 2271.

▼ විතර්ක පහ කරගැනීම: කාම විතර්ක පහ කර ගැනීම පිණිස නෙක්කම්ම විතර්ක ඇතිකර ගතයුතුය. ව්‍යාපාද විතර්ක පහ කර ගැනීම පිණිස අව්‍යාපාද විතර්ක ඇතිකර ගතයුතුය. විහිංසා විතර්ක පහ කර ගැනීම පිණිස, අවිහිංසා විතර්ක ඇතිකර ගතයුතුය. මූලාශ්‍ර: අංගු.නි:(4 ): 6 නිපාත: විතක්ක සූත්‍රය, පි.279, EAN: 4:109.3 Thoughts, p.364.

▼ විතක්ක පහකිරීමේ ක්‍රමවේදය: භාවනාවේ යෙදී සිටින විට ඇතිවිය හැකි අකුසල විතක්ක පහ කර ගැනීම පිණිස යොදාගත යුතු ක්‍රම වේදය බුදුන් වහන්සේ මේ සූත්‍රයේදී විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර:ම.නි: (1): 1.2.10 විතක්කසන්තාන සූත්‍රය, පි. 320, EMN:20: The removal of distracting thoughts, p. 205.

▼ විතක්ක බහුල පුද්ගලයා: විතක්ක බහුල පුද්ගලයා ලෙසින් පෙන්වා ඇත්තේ ධර්ම පරියාපත්තිය ඉගෙන ඒවා පිලිබඳ අනුවිතක්ක, විචාර කරමින් දවස ගෙවන එහෙත් සමාධිය වඩා නොගන්නා පුද්ගලයාය. ඔහු ධම්ම විහාරි නොවේ. බලන්න: ධම්ම විහාරි. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: අනාගතභය වග්ග: 5.2.3.3 හා 5.2.3.4 සූත්‍ර, පි.160.

▲ විත්ථාරේන ධම්ම දේශනා -Dhamma discourse in detail: විත්ථාරේන යනු විස්තරාත්මකව ධර්මය දේශනා කිරීමය. මෙය තථාගතයන් ධර්මය දේශනා කරණ එක් පිළිවෙතකි. බලන්න:තථාගතයන්වහන්සේ. මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත: 2.1.2.4 සූත්‍රය, පි. 144, EAN: 2: 14.4 Sutta, p. 58.

▲ වේතරණි නරකය- Hell of caustic water: වේතරණි නරකය යනු ගිනිගත් ගංගාව (වේතරණිය ගංගාව) ඇති නිරයය. දුගතියකි.

වද

▲ වාද විවාද- පාලි: විග‍්ගාහිකකථං -Disputatious Talks: තමන් ගේ මතය, පිළිගැනීම ගැන වෙනත් අය විරුද්ධ වීමනිසා ඇතිවන කතාබහ වාද විවාද වලට මුලිකවේ. ධර්මයට පටහැණි කථා වාදවිවාද ඇතිකරන නිසා ඒවායෙන් වැලකීම සුදුසුය යි බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: විග්ගාහිකකථා, විවාද.

▼ වාදවිවාද බඹසර ජිවිතයට බාධාවකි

ධර්ම මාර්ගයේ හැසිරෙන විට වාදවිවාද ඇතිකරන දේ කථා නොකර සිටිය යුතුය යි බුදුන් වහන්සේ වදාළහ. වාදවිවාද කතාවන් මාර්ගය වලක්වයි. එහෙයින්, ඒවා අත්හැර සම්බෝධියට උපකාරීවන ධර්ම කථා- දුක හා දුකින් මිදීම ආදිය ගැන පමණක් කථා කළයුතුවේ. බලන්න: කථාව. සටහන්: * මේ සූත්‍රයේ වාදයන්ට මුල්වන හේතු විස්තරාත්මකව පෙන්වා ඇත. ** යම් දිට්ඨි හේතුකොටගෙන ඇතිකරගන්නා වාද විවාද නිසා ඇතිවෙන හානිගැන බලන්න: ඛු.නි: සුත්තනිපාත:අට්ඨක වග්ග: 4-8 පසුරසූත්‍රය. මූලාශ්‍ර: :සංයු.නි: (5-2 ) : මහාවග්ග:සච්චසංයුත්ත: 1.9 වීග්ගාහිකකථා සූත්‍රය, පි. 290, ESN: 56: Sacchasamyutta 9.9 Disputations Talks, p. 2273.

▼ වාදවිවාදයන්ට හේතු: එක්සමයක, මහා කච්චාන තෙරුන්, වරණා ප්‍රදේශයේ, කද්දමදහ තීරයේ වැඩවසන සමයේ, ආරාමදණ්ඩ බ්‍රාහ්මණ, උන්වහන්සේ බැහැදැක මෙසේ විමසුහ: 1) මිනිසුන් (බ්‍රහ්මණ, ක්‍ෂත්‍රිය හා ගෘහපතින්) එකිනෙකා හා වාදකිරීමට හේතු 2) ශ්‍රමණ බ්‍රාහ්මණයන් එකීනෙකා හා විවාද කිරීමට හේතු. මහාතෙරුන් මෙසේ වදාළහ:

1) “ කාමරාගයට ඇති ඇලීමනිසා, එයට බැඳී ඇති නිසා, එය තහවුරුකර ගෙන සිටින නිසා, එයින් සිත උමතුකර ගෙන සිටීම නිසා, එය තරයේ අල්වා ගෙන සිටින නිසා මිනිසුන් එකීනෙකා හා විවාද කරති”. “කාමරාග විනිවෙස විනිබන්‍ධ පලිගෙධ පරියුට‍්ඨානජ‍්ඣොසානහෙතු... ගහපතිකාපි ගහපතිකෙහි විවදන‍්තී ති” ( because of adherence to lust for sensual pleasures, bondage [to it], fixation [on it], obsession [by it], holding firmly [to it],that... house holders fight with householders.”

2) ශ්‍රමණ බ්‍රාහ්මණයන් එකීනෙකා හා විවාද කිරීමට හේතුව: “ දිට්ඨියට ඇති ඇලීමනිසා, එයට බැඳී ඇති නිසා, එය තහවුරුකර ගෙන සිටින නිසා, එයින් සිත උමතුකර ගෙන සිටීම නිසා, එය තරයේ අල්වා ගෙන සිටින නිසා ශ්‍රමණ බ්‍රාහ්මණයන් එකීනෙකා හා විවාද කරති”.. ඉන්පසුව ඔහු, ඒ කාමරාග බන්ධන, දිට්ඨි බන්ධනනොමැති කෙනෙක් ලෝකයේ සිටිද? යයි විමසුවිට තේරුන් මෙසේ වදාළහ: “භාග්‍යවතුන් වහන්සේ ඒ බන්ධන වලින් මිදී වාසය කරන්නේ ය” යි, මහා තෙරුන් බුදුන් වහන්සේගේ උතුම් ගුණ වදාළහ. බලන්න: බුදුගුණ. සටහන්: එම දේශනාව අවසානයේ ආරාමදණ්ඩ බ්‍රාහ්මණ බුදුන් සරණ ගියහ. මූලාශ්‍ර: අංගු: (1 ): 2 නිපාත: 2.4.16 සූත්‍රය, පි.166, EAN: 2: 37.6 Sutta, p.62.

▼ බුදුන් වහන්සේ විවාද ඇතිවීමට බලපාන හේතු 6 ක් පෙන්වා ඇත, මේවා අකුසලයන්ය.1) කිපෙන සුළුබව- බද්ධ වෛරය තිබීම-ක්‍රෝධය 2) ගුණමැකීම- මක්ඛය-යුගග්‍රාහ 3) ඉරිසියාව 4) කපටිබව- මායාව 5) ලාමක දිට්ඨි තිබීම (සම්මා දිට්ඨියට පටහැනි) 6) ස්වදිට්ඨියේ එල්ලී සිටීම (තමාගේ මතයේ). මූලාශ්‍ර: අංගු:නි: (4 ): 6 නිපාත: 6.1.4.6 විවාදමූල සූත්‍රය, පි. 110, EAN:6: 36.6 Disputes, p.332.

▲ වෙදගු- A Master of Knowledge: වෙදගු-විදිත්තා -විශාරද ගුරුවරයාය. ධර්මයේ වෙදගු බව ලැබීම පිණිස කෙනෙක් ධර්මතා 7 ක් කඩාබිඳ දැමීය යුතුබව බුදුන් වහන්සේ පෙන්වා ඇත: සක්කාය දිට්ඨිය, විචිිකිචිිඡාව, සීලබ්බතපරාමාසය, රාගය, දෝෂය, මෝහය හා මානය: එනම්, රහතුන්ය.

සටහන: මෙය බුදුන් වහන්සේ හඳුන්වන පදයකි. බලන්න: බුද්ධ නාම. මූලාශ්‍ර: අංගු.නි: ( 4 ): 7 නිපාත: 7.2.4.6 වෙදගු ධම්ම සූත්‍රය, පි. 510, EAN:7: 90.6 A Master of Knowledge, p. 406.

▼ සිත කෙලෙසන, පුනර්භවය ඇතිකරවන, කයට සිතට දුක් විපාක ලබාදෙන, මතු කල ජාති ජරා මරණ දුක් ඇතිකරවන, සියලු ලාමක අකුසල් හැම අකුසල් හැම සන්සිඳවූ නිසා ඔහු ‘වෙදගු’ - ඥානය ලැබූ උතුමා- යයි හඳුන්වන බව මෙහි දක්වා ඇත. මූලාශ්‍ර: ම.නි: (1): 1.4.9 මහා අස්සපුර සූත්‍රය, පි.652,EMN: 39 Mahā-Assapura Sutta, p.342.

▲ වේදනා- feelings: ධර්මයට අනුව ස්පර්ශ ආයතන 6 නිසා දැනෙන විවිධ වූ විඳීම් වේදනාය. සියලු ධර්මතා වේදනාව සම්බන්ධ කොට ඇත:

“වෙදනා සමොසරණ සබ‍්බෙ ධම‍්මා”.

සටහන්: * විවිධ වේදනා ගැන බලන්න:බහුවේදනා. ** වේදනාකාය සය ලෙසින් පෙන්වා ඇත්තේ, සළායතන බාහිර අරමුණු ස්පර්ශ කිරීම නිසා හටගන්නා සය වේදනාවන්ටය. බලන්න: ඡ ඡක‍්ක ධම‍්මො. ** කායික හා මානසික වේදනා: කය හා සිත මුල්කරගෙන ඇතිවෙන දුක් වේදනය. බලන්න: දුක.

▼ වේදනා පටිච්චසමුප්පාදයේ 7 නි පුරුකය. සපර්ශය නිසා වේදනා හටගනී, සපර්ශය නිරෝධ වීමෙන් වේදනා නිරෝධවේ:

“...ඵස‍්සපච‍්චයා වෙදනා...”“...ඵස‍්ස නිරොධා වෙදනා නිරොධො...”

වේදනා නිරෝධ වීමෙන් තණ්හාව නිරෝධ වේ. වේදනා සයකි: 1) ඇසේ ස්පර්ශය නිසා 2) කණේ ස්පර්ශය නිසා 3) නාසයේ ස්පර්ශය නිසා 4) දිවේ ස්පර්ශය නිසා 5) කයේ ස්පර්ශය නිසා 6) මනසේ ස්පර්ශය නිසා ඇතිවන වේදනා 6 ය. මූලාශ්‍ර: සංයු.නි: (2 ): නිදාන වගග :1.1.1 පටිච්චසමුප්පාද සූත්‍රය හා 1.1.2 විභඬග සූත්‍රය, පි.24, ESN:12: Nidanavagga: 1.1 Dependent Origination & 2.2 Analysis of Dependent Origination, p.610, ම.නි: (1): 1.1.9 සම්මාදිට්ඨි සූත්‍රය: පි.130, EMN: 9: Sammādiṭṭhi Sutta- Right View, p. 121.

▼ හේතු ප්‍රත්‍ය මුල්කරගෙන වේදනා ඇතිවේ.: සියලු වේදනා තමාවිසින් හෝ අන්‍යයන්විසින් හෝ දෙදෙනා එකතුව කළ දෙයක් නොවේ, ඒවා හේතුප්‍රත්‍ය ධර්මය නිසා ඇතිවීඇත, ඒ හේතු නැතිවිමෙන් නැතිවේ යයි මෙහි විස්තර කර ඇත. මූලාශ්‍රය:සංයු.නි: (2) නිදානවග්ග: අභිසමය සංයුත්ත: 1.2.8 තීම්බරුක සූත්‍රය, පි.58.

▼ මුලික වේදනා 3 කි: වේදනාවෙ වෙනස, විඳීමේ ආකාර අනුව පෙන්වා ඇත: එනම්: 1) සුව-සැප වේදනා, 2) දුක් වේදනා, 3) නොදුක්නොසුව වේදනා -මැදහත්. (Pleasant feeling, painful feeling, neither-painful nor- pleasant feeling) මේ තුන් වේදනා විඳිම පිරිසිඳ දැනීම පිණිස (full understanding) අරියඅටමග වැඩිය යුතුවේ.

“... තිස‍්සො ඉමා භික‍්ඛවෙ, වෙදනා:... සුඛා වෙදනා දුක‍්ඛා වෙදනා අදුක‍්ඛමසුඛා වෙදනා... තිස‍්සන‍්නං වෙදනානං පරිඤ‍්ඤාය අරියො අට‍්ඨඬගිකො මග‍්ගො භාවෙතබ‍්බො”

සටහන්: *අහසේ විවිධ සුළං හමා යන ලෙසින් කයේද විවිධ වේදනා ඇතිවේ. එම වේදනා ගැන යථා අවබෝධය ලබන, කෙලෙස් රහිත උතුමා නිවන ලබාගනී. බලන්න: සංයු.නි. (4) : වේදනා සංයුත්ත: 2.2.2 හා 2.2.3 ආකාශ සූත්‍රය. මූලාශ්‍ර: සං.නි : (5-1) මහාවග්ග: මග්ගසංයුත්ත: 1.3.9 වේදනා සූත්‍රය, පි. 63, ESN:45: Maggasamyutta: 29.9 Feeling, p. 1635, මග්ගසංයුත්ත: ඵසානවග්ග:1.15 සූත්‍ර. පි.158, සංයු.නි: (4): සළායතන වග්ග: 4.1.7 වේදනා සූත්‍රය, පි. 506, ESN: IV: 38: Jambukhādak asaṃyutta: 7 Feeling , p. 1402.

▼ සියලු වේදනා දුක් සහිතය, අනිච්ච ස්වභාවයෙන් යුක්තය: අභ්‍යන්තර හෝ වේවා බාහිර හෝ වේවා සියලු වේදනා නැසෙන සුලු බිඳෙන සුළු නිසා ඒවා දුක බව නුවණින් අවබෝධ කරන්නේනම් කිසිම වේදනාවකට නො ඇලි සිටිය හැකිබව බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍ර: සං.නි: (4 ) සළායතනවග්ග: වේදනා සංයුත්ත:සගාථා වගග: 1.20.2 සුඛ සූත්‍රය, පි.416, ESN:36: Vedanāsamyutta, 2.2 Pleasure, p. 1332.

▼ සියලු වේදනා අවබෝධකිරීමට සතර සතිපට්ඨානය වැඩිය යුතුය. මූලාශ්‍රය:සංයු.නි:(5-1):මහාවග්ග:සතිපට්ඨානසංයුත්ත:3.5.9 වේදනා සූත්‍රය, පි.366.

▼වේදනා හා ඒවා හටගන්නා ආකාරය සම්‍යක් ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නා, බුද්ධ ශ්‍රාවකයා, ඒ වේදනා යම් තැනක නිරුද්ධ වේ නම් ඒ නිවන බව දැන වේදනා ක්‍ෂය කර පිරිනිවන් ලබයි. සටහන: සැප වේදනාව වෙනස්වියන නිසා දුක බවද, දුක් වේදනාව පිඩාව ඇතිකරන නිසා උලක් ලෙසින්ද, මැදහත් වේදනාව අනිත්‍ය බවද දක්නා මහණ ආරියය, සම්මා දර්ශනය ලබා ඇත, දුක කෙළවර කරඇත යයි මෙහි පෙන්වා ඇත. මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක: 3.1.3 හා 3.1.4 වේදනා සූත්‍ර, පි.408

▼ වේදනා 3 පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කිරීමට හේතුවූ කරුණු: වේදනා 3 නිසා දුක ඇතිවේ: එමගින් සංඛාරයන්හි: අනිත්‍ය බව, ක්‍ෂය වන බව, වයබව- නැතිවීයාම, විරාගබව, නිරෝධ බව, විපරිණාම බව අවබෝධ කර ගත හැකිවේ. මූලාශ්‍රය: සංයු.නි: (4): සළායතනවග්ග:වේදනාසංයුත්ත: රහොගතවග්ග: 2.2.1 රහොගත සූත්‍රය, පි. 438.

▼ සියලු වේදනා ක්‍ෂය කරගැනීමෙන් නිවන සාක්ෂාත්වේ: සමාධිගතවූ, නුවණැති, බුද්ධ ශ්‍රාවකයා වේදනා තුනේ ඇතිවීම හා නැතිවීම ද වේදනා නැසීමට යන මගද මැනවින් දැන ඒ වේදනා ක්‍ෂය විමේන් තණ්හාව ප්‍රහිනව උතුම් නිවන ලබන බව බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍ර: සං.නි: (4 ): සළායතනවග්ග: වේදනා සංයුත්ත:සගාථා වගග: 1.20.1 සමාධි සූත්‍රය, පි.416, ESN: 36: Vedanāsamyutta, 1.1 Concentration, p. 1330.

▼ සළායතන බාහිර ඉන්ද්‍රියන් හා ගැටීමෙන් ඇතිවන චක්ඛුසම්ඵස්ස ආදිය නිසා හටගන්නා වේදනා අනිත්‍ය බව දැනගැනීම, කළකිරිම පිණිස වේ, සම්බෝධිය පිණිසවේ.

මූලාශ්‍ර: සං.නි: (2): නිදානවග්ග: රාහුලසංයුත්ත:6.1.5 වේදනා සූත්‍රය, පි.400, සංයු.නි: (3): ඛන්ධවග්ග: ඔක්කන්තිසංයුත්ත: 4.1.5 වේදනා සූත්‍රය, පි.472.

▼ සියලු වේදනා නිසා යම් ඉපදවීමක්, පැවැත්මක් ඇතිවේනම් ඒ ජරා මරණයෙහි පහළවීමය. මූලාශ්‍රය: සංයු.නි: (3): ඛන්ධවග්ග: උප්පාද සංයුත්ත: 5.1.5 වේදනා සූත්‍රය, පි.480.

▼ සියලු වේදනා නිසා යම් ඡන්දරාගයක් ඇතිවේනම්, එමගින් සිත කෙලෙසේ. මූලාශ්‍රය: සංයු.නි: (3): ඛන්ධවග්ග: කිලෙසසංයුත්ත: 6.1.5 වේදනා සූත්‍රය, පි.488.

▼ වේදනා පහකරගැනීමට ත්‍රිවිධ අනුසය ධර්මතා නැතිකරගත යුතුය: වේදනා නැතිකරගැනීමේ පිළිවෙත බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත: * රාගානුසය (underlying tendency to lust) නැතිවිට සුව වේදනා විඳීම පහවේ. * පටිඝානුසය (underlying tendency to aversion) නැතිවිට දුක් වේදනා විඳීම පහවේ. * අවිජ්ජානුසය (underlying tendency to ignorance) නැතිවිට නොදුක් නොසුව වේදනා විඳීම පහවේ. අනුසය පහවීමෙන් නිරානුසය වූ පුද්ගලයා තණ්හාව සිඳ දමා, සියලු සංයෝජන මුලින්ම ගලවා, මනා අවබෝධය ලබා දුක අවසන් කළ උතුමෙක්ය. මූලාශ්‍ර: සං.නි: (4 ): සළායතනවග්ග: වේදනා සංයුත්ත:සගාථා වග්ග: 1.20.3 පහාන සුත්‍රය, පි.416, ESN:36: Vedanāsamyutta, 3.3 Abandonment, p. 1333.

▼ කායික දුක් වේදනා පාතාලය වැනිය: කයේ ඇතිවන දුක්වේදනා, බුදුන් වහන්සේ උපමා-පාතාලය: කොට ඇත්තේ පාතාලය (bottomless abyss) ලෙසින්ය. පුහුදුන් මිනිසා (පෘතග්ජන- uninstructed world-ling) කායික වේදනා ඇතිවූවිට තදබල ලෙසින් ශෝකවී මුළාවට පත්වේ. ඔහුට දහම් අවබෝධය නොමැති නිසා ඒ දුක්වේදනා පාතාලයෙන් ගොඩවිම දුෂ්කරය. එහෙත්, දහම දත් ආරිය ශ්‍රාවකයා කායික වේදනා ඇතිවිට ශෝකනොවේ, මුලාවට පත්නොවේ. ඔහු පාතාලයෙන් එගොඩවී සිටි.බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍ර: සං.නි: (4 ): සළායතනවග්ග: වේදනා සංයුත්ත:සගාථා වගග: 1.20.4 පාතාල සූත්‍රය, පි.418, ESN:36: Vedanāsamyutta, 4.4. The Bottomless Abyss, p. 1335.

▼වේදනා පිලිබඳ නියම අවබෝධය ලබාගැනීමෙන් දුක නැතිකර ගත හැකිවේ: බුදුන් වහන්සේ වදාළේ: 1) සුඛ වේදනාව ඇතිවූවිට එය දුකක් ලෙසින් දැකිය යුතුය (වෙන්ස්වියන නිසා). 2) දුක වේදනාව ඇතිවූවිට එය උලක්ඇනුන ලෙසින් දැකිය යුතුය 3) නොදුක්නොසුව-මැදහත් වේදනා අනිච්ච ලෙසින් දැකිය යුතුය. එලෙස ධර්මානුකූලව වේදනාවන්හි යථාබව අවබෝධ කරගත් පුද්ගලයා නියම දැකීම ලබාඇත (මැනවින් දැක තිබේ). ඔහු තණ්හාව සිඳ, සංයෝජන බිඳ, මානය සහමුලින්ම ප්‍රහීණය කර දුක අවසන්කරගත් උතුමෙකි. මූලාශ්‍ර: සං.නි: (4 ): සළායතනවග්ග: වේදනා සංයුත්ත:සගාථා වගග: 1.20.5 දට්ඨබ්බ සූත්‍රය, පි.419, ESN:36: Vedanāsamyutta, 5.5 Should be seen, p. 1335.

▼ පුහුදුන් මිනිසා හා අරිය ශ්‍රාවකයා වේදනා විඳින්නේ වෙනස් අයුරින්ය බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

පුහුදුන් මිනිසාට කායික දුක් වේදනා ඇතිවිට ඔහුට වේදනා දෙකක් ඇතිවේ: කායික දුක් වේදනා හා මානසික දුක් වේදනා. මෙහිදී යොදාගෙන ඇත්තේ උල උපමාවය: පළමු උල යනු කායික වේදනා ඇතිවීමය. දෙවන උල යනු කායික වේදනාව නිසා මනස වේදනාවට පත්වීමය. එලෙස දුක් වේදනා විඳින ඔහු ගේ සිතේ එම වේදනා කෙරේ තරහක් ඇතිවේ- පටිඝානුසය ඇතිවේ. ධර්මානුකූලව දුක් වේදනා වලින් මිදීමේ ක්‍රමය නොදන්නා ඔහු දුක්වේදනාවලින් මිදිමට සුඛ වේදනා (පස්කම් සැප ) සොයායයි. එවිට සිදුවන්නේ රාගානුසය ඇතිවීමය. වේදනාවල යථා ස්වභාවය නොදන්නා නිසා ඒවායේ ඇතිවීම (සමුදය-origin ), නැතිවීම (වය- passing away),ආස්වාදය (gratification) ආදීනවය (danger) හා නිදහස්වීම (escape) ඔහු දන්නේ නැත. කරුණු නොදන්නා නිසා අදුකම අසුඛම වේදනා ඇතිවූවිට අවිජ්ජානුසය ඇතිවේ. මෙලෙසින් ත්‍රිවිධ වේදනාවන්ට බැඳී යන ස්වභාවය ඇති පුහුදුන් මිනිසා උපතට, වයසට යාම, මරණයට පත්වීම ආදීවූ සියලු දුකට පත්වේ (යළි උපතක් ඇතිනිසා). අරිය ශ්‍රාවකයාට කායික වේදනා ඇතිවූ විට ඔහුගේ මනස වේදනාවට පත් නොවේ. ධර්මය දන්නා ඔහු දුක් වේදනා පිළිබඳව තරහක් ඇති නොකර ගනී, පටිඝානුසය ඇතිනොවේ. සුඛ වේදනා (කම්සුව) සොයා යන්නේ නැත.එයට හේතුව දුක් වේදනා වලින් මිදීමේ මග ඔහු දන්නා නිසාය. කාමසුව සොයා නොයන නිසා ඔහුට රාගානුසය ඇතිනොවේ. එම අවබෝධය ඇතිනිසා අදුකම අසුඛම වේදනා පිලිබඳ අවිජ්ජා අනුසය ඔහුට ඇතිනොවේ. වේදනාවල යථා ස්වභාවය දන්නා නිසා ඒවායේ ඇතිවීම, නැතිවීම ආස්වාදය, ආදීනවය හා නිදහස්වීම දන්නා ඔහු ත්‍රිවිධ වේදනාවලට නොබැඳේ. නොබැඳීම නිසා ඔහු ජාති ජරා මරණ ආදීවූ දුක් ගොඩෙන් නිදහස්වූ උතුමෙකි (යළි උපත අවසන් කර ඇත). මූලාශ්‍ර: සං.නි: (4 ): වේදනා සංයුත්ත:සගාථා වගග: 1.20.6 සල්ල සූත්‍රය, පි.420, ESN: 36: Vedanāsamyutta, 6.6 The dart, p. 1336

▼ ත්‍රිවිධ වේදනා පහකරගැනීමේ ක්‍රමය:: දහමට අනුව සති සම්ප්‍රජන්‍යය (සිහිය හා නුවණ) සහිතව, මනා දැනුම ඇතිව වාසය කරන පුද්ගලයාට (ආරිය ශ්‍රාවකයා) ත්‍රිවිධ වේදනා ඇතිවූවිට ඒ ඒ වේදනා තමාට ඇතිවූබව අවබෝධවේ. ඒ වේදනා ඇතිවීමට හේතුව තමාගේ කය නිසා බව ඔහු දනී. තමාගේ කය අනිච්ච ස්වභාවය ඇති, හේතු ප්‍රත්‍ය නිසා උපන් බව ඔහු සිහි කරයි. එසේ අනිච්චවූ කයක් නිසා ඇතිවෙන වේදනා නිත්‍ය නොවන බවත් ඒවා අනිත්‍ය- වෙස්වීමේ ස්වභාවය සහිත බව ඔහු නුවණින් විමසා අවබෝධකරගනී. මෙසේ කයේ අනිච්චබව, වේදනාවල ඇති අනිච්චබව ඔහු මෙනෙහි කරයි (භාවනා කරයි). එසේම, නැතිවීම (වය-vanishing) පිළිබඳව, විරාගය පිළිබඳව, නිරෝධය පිළිබඳව, පටිනිස්සගය - අතහැරීම (relinquishment) පිළිබඳව ඔහු මෙනෙහි කරයි. එසේ මෙනෙහි කරන ඔහුට කය හා දුක් වේදනා පිළිබද පටිඝානුසය, කය හා සුඛවේදනා පිලිබඳ රාගනුසය, කය හා අදුකම අසුඛම වේදනා පිලිබඳ අවිජ්ජනුසය පහවේ. යම් වේදනාවක් ඇතිවූවිට (ත්‍රිවිධ වේදනා) ඒ වේදනාව අනිච්චබව දනී, තමා එම වේදනාව අල්ලා නොගත්බව දනී, එම වේදනාවෙන් සතුටක් නැතයයි දනී. ඒවේදනාවලට නොබැඳුන බව දනී. ජීවිතය අවසන් වනවිට ඇතිවන වේදනාව විඳින බවඔහු දනී. එහිදී ඔහු මෙසේ අවබෝධය ලබයි: කය බිඳීමෙන්, ජීවිතය කෙළෙවර වීමෙන්, තමන් අල්ලා නොගත් සියලු විඳීම් මෙහිදීම සිසිල්ව යන්නේය.

“...එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කායපරියන‍්තිකං වෙදනං වෙදියමානො කායපරියනන‍්තිකං වෙදනං වෙදියාමිති පජානාති, ජිවිතපරියන‍්තිකං වෙදනං වෙදියමානො ජිවිතපරියන‍්තිකං වෙදනං වෙදියාමිති පජානාති, කායස‍්ස භෙදා උද‍්ධං ජිවිතපරියාදානා ඉධෙව සබ‍්බවෙදයිතානි අනභී නන්‍දිතානි සීතීවීස‍්සන‍්තිති පජානාතී”.

සටහන: මේ පිලිබඳව යොදාගෙන ඇත්තේ පහන උපමාවය: පහනක්, තෙල් හා වැටිය නිසා දැල්වේ. තෙල් හා වැටිය අවසන්වීමෙන් පහන නිවියයි. එලෙස කය බිඳී ජීවිතය කෙළවර වනවිට නො අල්ලා ගත් සියලු වේදනා මෙතැනදීම සිසිල්ව යයි.( Just as, bhikkhus, an oil lamp burns in dependence on the oil and the wick, and with the exhaustion of the oil and the wick it is extinguished through lack of fuel, so too, bhikkhus, when a bhikkhu feels a feeling terminating with the body … terminating with life … He understands: ‘With the breakup of the body, following the exhaustion of life, all that is felt, not being delighted in, will become cool right here.’ මූලාශ්‍ර: සං.නි: (4 ): සළායතනවග්ග: වේදනා සංයුත්ත:සගාථා වගග: 1.20.7 ගිලන්හල සූත්‍රය, පි.424 , ESN: 36: Vedanāsamyutta, 7.7 The sick ward, p. 1339.

▼ වේදනා ඇතිවීම හා සංසුන්වීම: 1) මිථ්‍යා දිට්ඨිය ඇතුළු මිථ්‍යා අටමග නිසා ඇතිවන වේදනා ඇත. එසේම මිථ්‍යා අටමග පහවීමෙන් ලබන වේදනා ද ඇත (මිථ්‍යා අටමග පහවීමෙන් ඇතිවෙන වේදනා යනු ආරිය අටමග අනුගමනය කිරීමය) 2) සම්මා දිට්ඨිය ඇතුළු ආරිය අටමග නිසා ඇතිවන වේදනා ඇත. එසේම ආරිය අටමග පහවීමෙන් ලබන වේදනා ද ඇත 3) ආශාව-ඡන්දය (desire) නිසා ඇතිවන වේදනා ඇත එසේම ආශාව පහවීමෙන් ලබන වේදනා ද ඇත 4 ) විතක්ක (සිතුවිලි) නිසා ඇතිවන වේදනා ඇත , එසේම විතක්ක පහවීමෙන් ලබන වේදනා ද ඇත 5 ) සංඥා (perception) නිසා ඇතිවන වේදනා ඇත, එසේම සංඥා පහවීමෙන් ලබන වේදනා ද ඇත. සටහන: අටුවාවට අනුව: තණ්හාව ඇසුරු කොටගෙන සිතේ ඇතිවන අට ආකාර චිත්ත (අභිධර්මයට අනුව) නිසා ඇතිවෙන වේදනා ඡන්දය නිසා ඇතිවෙන වේදනාවන්ය. විතක්ක ඇසුරු කොට සිතේ ඇතිවන වේදනා ලෙසින් පෙන්වා ඇත්තේ ප්‍රථම ජානය නිසා ඇතිවන වේදනාවන්ය. සංඥා ඇසුරු කොට සිතේ ඇතිවන වේදනා ලෙසින් පෙන්වා ඇත්තේ දෙවන ජානයේ සිට ආකිඤචඤ ඤායතන සමාපත්තිය දක්වා ඇති 6 ආකාර සමාපත්ති නිසා ඇතිවෙන වේදනාවන්ය. බලන්න: ESN: note:20, p. 2391. 6) ඡන්දය, විතක්ක හා සංඥා නොසංසිඳීම නිසා ඇතිවන වේදනා ඇත 7) ඡන්දය සංසිඳී, විතක්ක හා සංඥා නොසංසිඳීම නිසා ඇතිවන වේදනා ඇත (ප්‍රථම ජානය නිසා) 8) ඡන්දය හා විතක්ක සංසිඳී, සංඥා නොසංසිඳීම නිසා ඇතිවන වේදනා ඇත (දෙවන ජානය හා ඉහල ජාන නිසා) 9) ඡන්දය, විතක්ක හා සංඥා සංසිඳීම නිසා ඇතිවන වේදනා ඇත (නෙවසඤඤානාසඤඤායතන සමාපත්තිය නිසා) 10) නොපැමිණි අරහත්වය ලබා ගැනීමට කරන වීරිය නිසා ඇතිවෙන වේදනා ඇත 11) අරහත්වය ලැබීම නිසා ඇතිවෙන වේදනා ඇත (අරහත්වය ලැබීම නිසා ඇතිවන ලෝකෝත්තර වේදනාව). බලන්න: ESN: note 21 & 22, p. 2391 )

මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග: මග්ගසංයුත්ත: විහාර සූත්‍ර 1 හා 2, පි. 48, ESN: 45: Maggasamyutta, II Dwelling 1 & 2, p. 1616.

▼ සියලු වේදනා පිලිබඳ මනා අවබෝධය පිණිස සම්මා දිට්ඨිය ඇති කර ගත යුතුවේ.මූලාශ්‍ර: ම.නි: ( 1): 1.1.9 සම්මා දිට්ඨි සූත්‍රය, පි. 130, EMN: 9: Sammādiṭṭhi Sutta- Right View, p. 121.

▼ ආධ්‍යාත්මික වර්ධනය පිණිස, ත්‍රිවිධ වේදනා (තිස‍්සො වෙදනා) පිරිසිඳව අවබෝධ කල යුතුවේ. බලන්න: පරිඥෙය්‍ය ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි: ( 3 ): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼ ස්පර්ශය නිසා හටගත් සියලු වේදනා අනිත්‍යය ය: එලෙස, දකිනා පුද්ගලයා ‘සද්ධානුසාරි’ ය. ඒබව, විදසුන් නුවණින්, ජානසමාපත්ති ලබා අවබෝධ කරගන්නා පුද්ගලයා ‘ධම්මානුසාරි’ ය. ඔවුන් සම්බෝධිය පිහිට කරගෙන ඇත. මූලාශ්‍රය:සංයු.නි: (3): ඛන්ධවග්ග: ඔක්කන්ති සංයුත්තය: චක්ඛුවග්ග:4.1.5 වේදනා සූත්‍රය, පි.472.

▼වේදනා තුන පිරිසිඳ දැනගැනීම: ජම්බුඛාදක පරිබ්‍රාජක විසින් විමසන ලදුව, සැරියුත් තෙරුන් වදාළේ වේදනා පිරිසිඳ දැනීමේ මග සොඳුරුවූ ආරිය අටමග බවය. මූලාශ්‍රය:සංයු.නි: (4):සළායතනවග්ග: ජම්බුඛාදකසංයුත්ත:4.1.7 වේදනා සූත්‍රය, පි.506.

▼ වේදනා නානත්වය: ධාතු නානත්වය නිසා ඵස්ස නානත්වය ඇතිවේ, ඵස්ස නානත්වය නිසා වේදනා නානත්වය උපදී. මූලාශ්‍රය:සංයු.නි: (2 ):නිදානවග්ග: ධාතුසංයුත්ත: 2.1.4 වේදනා සූත්‍රය, පි.246.

▼ වේදනාරහිත හා වේදනාසහිත ධර්ම: පාලි: අබ්‍යාපජඣා ධම‍්මා, සබ්‍යාපජඣා ධම‍්මා -non- afflictive & afflictive Dhamma: යම් කරුණු නිසා ජිවිතයට මානසික වේදනා නොමගෙනදෙන ධර්ම වේදනා රහිත ධර්ම වේ. යම් කරුණු නිසා ජිවිතයට මානසික වේදනා ඇතිවේනම් ඒ ධර්ම වේදනා සහිත ධර්ම වේ.වේදනා රහිත ධර්ම:1) අක්‍රෝධය 2) එදිරි නැතිබව 3) අනුන්ට අවමන් නොකිරීම 4) අහංකාරනොවීම, 5) ඉරිසියා නොවීම 6) නොමසුරුකම 7) අමායාව 8) කපටිනැතිබව 9) හිරිය 10) ඔත්තප්පය.වේදනා සහිත ධර්ම: 1) ක්‍රෝධය 2) එදිරිය 3) අනුන්ට අවමන් කිරීම 4) අහංකාරය, 5) ඉරිසියාව 6) මසුරුකම 7) මායාව 8) කපටිබව 9) හිරි නැතිබව 10) ඔත්තප්ප නැතිබව. මූලාශ්‍ර:අංගු.නි: (1):2 නිපාත:17: 1 අකුසල පෙය්‍යාලය, පි.230, EAN:2: XVII, Unwholesome, p. 74.

▼වේදනා නිබිද්දාව: ඒ සඳහා ඇති පිළිවෙත 6 ආකාරය: 1) වේදනාව දත යුතුය- Feelings should be understood: වේදනාව තුන් ආකාරයය: සුඛවේදනාව, දුකවේදනාව වේදනාව, අදුක්කමසුඛවේදනාව. 2) වේදනාවේ නිදාන සම්භවය (උත්පත්ති කරුණ) දත යුතුය (the source and origin of Feelings should be understood) වේදනාවේ උත්පත්ති කරුණ, ස්පර්ශයය 3) වේදනාවේ විවිධත්වය (වෙමත්තතාව) දත යුතුය (the diversity of Feelings be understood) සාමිස සුඛවේදනා, නිරාමිස සුඛවේදනා, සාමිස දුක්වේදනා, නිරාමිස දුක්වේදනා, සාමිස අදුක්කම සුඛවේදනා, නිරාමිස අදුක්කමසුඛවේදනා.

4) වේදනාවේ විපාකය දත යුතුය (the result of Feelings should be understood) තමන් අත්දකින වේදනාවට අනුරූපව කෙනෙක්, යහපත් (පුණ්‍ය) හෝ අයහපත් (අපුණ්‍ය) ආත්මභාවයක් ඇතිකරගනි.(One produces an individual existence that corresponds with whatever [feelings] one experiences and which may be the consequence either of merit or demerit). 5) වේදනාවේ නිරෝධය දත යුතුය (the cessation of Feelings should be understood) ස්පර්ශයේ නිරෝධය, වේදනාවේ නිරෝධයය. 6) වේදනා නිරෝධගාමිණි ප්‍රතිපදාව දත යුතුය දත යුතුය (the way leading to the cessation of Feelings should be understood) එනම්, ආරියඅටමගය. මේ කරුණු 6 යහපත් ලෙසින් දන්නා ආරිය ශ්‍රාවකයා, නිබ්බෙදික බ්‍රහ්මචරියාවවු වේදනා නිරෝධය දන්නේය. මූලාශ්‍ර: අංගු.නි: (4) 6 නිපාත: 6.2.1.9 නිබ්බේධිකසූත්‍රය,පි.220,EAN:6: 63.9Penetrative, p.355.

▲ වේදනානු පසස්නාව- Vedananaupassana: සතර සතිපට්ඨාන භාවනාවකි. බලන්න: භාවනා.

▲විදර්ශනා-Insight: විදර්ශනා- විපස්සනා ලෙසින් පෙන්වා ඇත්තේ අවිජ්ජාව පහකර ගැනීම පිණිස ප්‍රඥාව වර්ධනය කරගැනීමය. ධර්ම කරුණු ප්‍රඥාවෙන් අවර්ජනා කිරීම විපස්සනා භාවනාවය. එමගින් අවිජ්ජාව -මෝහය පහකර ගැනීමට හැකිවේ. බලන්න: සමථ හා විදර්ශනා.

▼ රාග දෝස මෝහය ක්‍ෂය කිරීමේ නුවණ විපස්සනාව වේ. ඒ නිවන් මගය. මූලාශ්‍රය:සංයු.නි: (4): සළායතනවග්ග: අසංඛතසංයුත්ත:9.2.2 විපස්සනා සූත්‍රය, පි.666.

▲ විදර්ශනා ඥානය- insight knowledge: මෙය, විජ්ජාවිමුක්තිය ලබාගැනීම පිණිස ඇති අෂ්ටවිද්‍යා ඥානයන්ගෙන් එකකි. බලන්න: අෂ්ටවිද්‍යා ඥාන.

▼අටුවාවට අනුව: විදර්ශනා ඥානය යනු ආරිය න්‍යයායේ අංගයකි. බලන්න: EAN: note: 2123, p. 682.

▼විදර්ශනා නුවණ ඇතිවීම මෙහි විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදා 2: පඤඤාවග්ග: 3-9 විදර්ශනා කථා, පි.238.

▲ විද්‍යාව: පාලි:විජ‍්ජා True Knowledge- non delusion: ධර්මයට අනුව විද්‍යාව-විජ්ජා-අමෝහය යනු චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමය. විද්‍යාව සත්‍ය ඥානය ලෙසින්ද පෙන්වා ඇත. එනම්, සසර දුක නැතිකරගැනීමේ නුවණය. අවිද්‍යාව යනු චතු සත්‍ය අවබෝධ නොකිරීමය. බලන්න: අවිද්‍යා. ශබ්දකෝෂ: පා.සි.ශ: පි.468: ‘විජ‍්ජා’ : ‘ශිල්පය, ත්‍රිවිද්‍යාව, විජ‍්ජාවිමුත‍්ති: විමුක්තිය”. B.D: p.353: ‘vijjā’:‘higher knowledge”. P.T.S: p.1383: ‘vijjā’: “possessed of wisdom”.

▼විද්‍යාව ඇතිවීමෙන් පටිච්චසමුප්පාදය අවසන්වේ: චතුරාර්යසත්‍ය අවබෝධයෙන්, අවිද්‍යාව ප්‍රහීණය වී විද්‍යාව පහළවේ.

මූලාශ්‍ර: සංයු.නි: (2 ): නිදාන වගග: 1.1.1 පටිච්චසමුප්පාද සූත්‍රය, පි.24, 1.1.2 විභංග සූත්‍රය, පි.26,ESN: 12: Nidanasamyutta: 1.1. Dependent Origination, p. 610 & 2.2 Analysis of Dependent Origination, p.61.

▼ කුසලධර්ම ඇතිකරගැනීමේ පුර්වගාමියා (forerunner) විද්‍යාව යයි බව බුදුන් වහන්සේ පෙන්වා ඇත: විද්‍යාව සමග හිරි ඔතප්ප ඇතිවේ, ඔහුට , සත්‍ය ඥානය අවබෝධ වේ, එමනිසා ඔහුතුල සම්මා දිට්ඨිය ඇතිවේ. සම්මා දිට්ඨිය ඇතිවිට 2 සම්මා සංකප්ප ඇතිවේ... එලෙස අනුක්‍රමයෙන් ආරිය අටමගේ සෙසු අංග ඇතිවේ. සම්මා සමාධිය ඇතිවිට, සම්මා ඥාණය-සත්‍ය ඥානය ඇතිවේ. සම්මා ඥානය මගින්, සම්මා විමුත්තිය ඇතිවේ, ඒ විද්‍යාව අවබෝධයය. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග: මග්ගසංයුත්ත: 1.1.1 අවිජ්ජා සූත්‍රය, පි. 30, ESN:45: Mgga samyutta: 1.1 Ignorance, p. 1603.

▼ විද්‍යාව පහළවීම: ඇස...ඇසෙන් දකිනා රූපය...ඇසේ විඥානය, (මේ 3 එක්වීමෙන් ඇතිවන) ඇසේ ස්පර්ශය... ඇසේ ස්පර්ශය නිසා යම් වේදනාවක් ඇතිවේද: සැප වේදනා, දුක වේදනා, සැපත් නැති දුකත් නැති (මැදහත්) වේදනා ...මේ සියල්ල අනිත්‍යබව, දන්නා, දකිනා පුද්ගලයා ට විද්‍යාව පහළවේ. බලන්න: අවිද්‍යාව ප්‍රහීණ කරගැනීමේ පිළිවෙත. මූලාශ්‍ර: සංයු.නි: ( 4) සළායතන වග්ග: 1.6.1 අවිජ්ජාපහාන සූත්‍රය, පි. 94, ESN: 35: Salayathanasamyutta: Ignorance: 53.1 Abandoning , P. 1234.

▼ සම්මා දිට්ඨිය විද්‍යාව ඇතිකරයි: නිවැරදි ලෙසින් තබන ලද උලක් හෝ කූරක් (හැල්නන්ඩුව-යවනන්ඩුව) මගින් හානියක් සිදුනොවේ. එලෙස, සම්මා දිට්ඨිය ඇතිවිට යහපත-විද්‍යාව ඇතිවී සසරින් මිදීමට හැකිවේ. බලන්න: උපග්‍රන්ථය:5 මූලාශ්‍ර: සංයු.නි: ( 5-1): මග්ගසංයුත්ත :1.1.9 සූක සූත්‍රය, පි.44, ESN: 45: Magga samyutta: 9.9. The Spike, p. 1613.

▼ සම්මා දිට්ඨිය ඇතිවිට අවිද්‍යාව නැතිවී, විද්‍යාව ඇතිවේ: මූලාශ්‍ර: ම.නි: (1 ): 1.1.9 සම්මා දිට්ඨි සූත්‍රය, පි. 130, EMN: 9: Sammādiṭṭhi Sutta- Right View, p.1217.

▼ පහාතබ්බා ධර්මතා ප්‍රහීණ කිරීමෙන් විද්‍යාව ඇතිවේ.බලන්න: පහාතබ්බා ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි : (3 කාණ්ඩය): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼කායගතා සතිය වඩාගැනීමෙන්, විපුල කරගැනීම විද්‍යාව ඇතිකරගැනීමට හේතුවේ. බලන්න: කයගතා සතියේ ප්‍රතිලාභ. මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: කායගතාසති වග්ග සූත්‍ර, පි. 125, EAN:1: Mindfulness Directed to the Body, p.52.

▼ බුදුන් වහන්සේ විද්‍යාව ඇතිකරගැනීම පිළිබඳව යහපත් ලෙසින් වදාරා ඇත. එම ධර්මය සංඝයා එක්ව, ධර්මයේ චිරස්ථිතිය පිණිස සජ්ජායනා කිරීම සුදුසු ය යි සැරියුත් මහා තෙරුන් සංඝයාට උපදෙස් දී ඇත. මූලාශ්‍ර:දිඝ.නි: (3 ):10 සංගිති සූත්‍රය,පි. 372, EDN: 33 SangītiSutta: The Chanting Together, p. 362.

▼විද්‍යාව පෝෂණය විම

විද්‍යාව පෝෂණය වීම බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත:

“කල්‍යාන මිත්‍ර සේවනය නිසා සද්ධර්මය ඇසීම පෝෂණය වේ, සද්ධර්මය ඇසීම නිසා ශ්‍රද්ධාව පෝෂණය වේ. ශ්‍රද්ධාව නිසා යෝනිසෝමනසිකාරය පෝෂණයවේ. යෝනිසෝමනසිකාරය නිසා සතිය හා සම්ප්‍රජන්‍යය පෝෂණයවේ. සතිය හා සම්ප්‍රජන්‍යය නිසා ඉන්ද්‍රිය සංවරය පෝෂණය වේ. ඉන්ද්‍රිය සංවරය නිසා ත්‍රිවිධ සුචරිතය පෝෂණය වේ. ත්‍රිවිධ සුචරිතය නිසා සතර සති පට්ඨානය පෝෂණය වේ. සතර සති පට්ඨානය නිසා සප්ත බොජ්ඣංග ධර්ම පෝෂණය වේ. සප්ත බොජ්ඣංග ධර්ම නිසා විද්‍යාවිමුක්තිය පෝෂණය වේ”.

මේ ක්‍රියාවලිය පිලිබඳ බුදුන් වහන්සේ පෙන්වා වදාළ උපමාව-කඳු මුදුනට වැටෙන වැස්ස: කඳු මුදුනට වැස්ස පතිතවූ විට, එම දිය ගලා ගොස් කඳු බෑවුමෙ ඇති විවර, පැලුම් ආදිය පිරේ. ඒවා පීරි ගොස් ගලායන දිය මගින් දොළ පාර පීරී යති. ඒවා පීරි ගොස් ගලායන දිය මගින් පොකුණු පීරි යති. ඒවා පීරි ගොස් ගලායන දිය මගින් විල් පීරී යති. ඒවා පීරි ගොස් ගලායන දිය මගින් ඇල ආදී කුඩා දිය පහර පීරි යති. ඒවා පීරි ගොස් ගලායන දිය මගින් නදී පීරි යති. ඒවා පීරි ගොස් ගලායන දිය මගින් ගංඟා ද අනතුරුව මහා ගංඟා ද පීරි යති. මහා ගංඟා පීරි ගොස් ගලායන දිය මගින් මහා සාගරය පිරි යයි. එලෙස, කුසල ධර්මතා පෝෂණය වීමෙන් නිවන- විමුක්තිය නමැති සාගරය පෝෂණය වේ. බලන්න: උප ග්‍රන්ථය:5. මූලාශ්‍ර:අංගු.නි: (6 ): 10 නිපාත: යමක වග්ග: 10.2.2.1 අවිද්‍යා සූත්‍රය, පි.232, EAN:10: II Pairs: 61.1.Ignorance, p. 517.

▼විද්‍යා සහගතබව: විද්‍යාසහගතබව ලෙසින් පෙන්වා ඇත්තේ යථාබව අවබෝධ කිරීමය.

ශ්‍රැතවත් ආරිය ශ්‍රාවකයා, රූප...වේදනා...සංඥා...සංඛාර ... විඥාන ආදී ධර්මතා කුමක්ද? යයි දනී, ඒ ඒ ධර්මතා ඇතිවන්නේ කෙසේද?, නැතිවෙන්නේ කෙසේද? ඒවා නැතිකර ගැනීමේ මාර්ගය කුමක්ද? යයි දනී, එය විද්‍යාව ය, ඒ පමණකින්ම විද්‍යා සහගතබව ඇතිවේ. මූලාශ්‍ර: සංයු.නි: ( 3 ): ඛන්ධසංයුත්ත: 1.3.2.1 අවිජ්ජා සූත්‍රය, 1.3.2.2. හා විජ්ජා සූත්‍රය, පි. 311,ESN: 22: Kahnadasamyutta: 113.1 Ignorance, 114.2 True knowledge, p. 1100.

▼විද්‍යාව යනු චතු සත්‍ය අවබෝධයය.: අවිද්‍යාව පහ කර විද්‍යාව ඇතිකර ගැනීමට ආරිය අටමග වැඩිය යුතුය. මූලාශ්‍රය: සංයු.නි: (4 ) සළායතන වග්ග: ජම්බූඛාදක සංයුත්ත: 4.1.9 අවිජ්ජා සූත්‍රය, පි. 506, ESN: 38: Jambukhādaka -saṃyutta: 9 Ignorance, p. 1404.

▼විද්‍යාව ඇතිකර ගැනීම: සැරියුත් තෙරුන් වහන්සේ මෙසේ වදාළහ:

“...යම් කලක සිට, ආරිය ශ්‍රාවකයා, ආසව (ආශ්‍රව) ගැන දනීද, ආසව සමුදය දනීද, ආසව නිරෝධය දනීද, ආසව නිරෝධ ගාමිණි පටිපදාව දනීද, හෙතෙම, සහමුලින්ම, රාග අනුසය, පටිඝ අනුසය, අසමිදිට්ඨි මාන අනුසය මුලින් උපුටා දමා, අවිද්‍යාව පහකර විද්‍යාව උපදවා මේ ජිවිතයේදීම දුක කෙළවර කරගනී...”

මූලාශ්‍ර: ම.නි: (1): 1.1.9 සම්මා දිට්ඨි සූත්‍රය, පි. 130, EMN: 9: Sammādiṭṭhi Sutta- Right View, p. 121.

▼ සම්‍යක්තවය ඇතිවීම නිසා විද්‍යාව පහළවේ.: සම්‍යක්තවය යනු සම්මා දිට්ඨිය පෙරටු කරගත් අංග 10 සම්පුර්ණ වීමය. බලන්න: සම්‍යක්තවය. මූලාශ්‍ර:අංගු.නි: (6): 10 නිපාත: සමණසඤ්ඤා වගග, 10.3.1.5. විජ්ජා සූත්‍රය,පි.412, EAN:10: 105.5 True Knowledge, p.541.

▼විද්‍යාව සම්පුර්ණවීමට අවශ්‍ය දස කරුණු: 1) ශ්‍රද්ධාව තිබීම 2) ශිලසම්පන්නවීම 3) බහුශ්‍රැතවීම 4) ධර්මකථිකවීම 5) පරිසාවචර වීම- පිරිස ඇසුරුකිරිම 6) ධර්මය යහපත් ලෙසින් පිරිසට දේශනාකිරීමේ හැකියාව 7) විසාරදබව-විනයධර 8 ) පුර්වනිවාස සිහිකිරීමේ නුවණ තිබීම 9) දිවැස තිබීම10) ආසවක්‍ෂය කිරීම. සටහන: ඒ 10 අංග පරිපුර්ණවීම නිසා ‘භික්ෂුව සමන්තපාසාදිකා වේ (who inspires confidence)’, සර්වආකාර පරිපුර්ණ වේ (who is complete in all aspects)’ යයි මෙහි දක්වා ඇත. මූලාශ්‍රය: අංගු.නි: (6): 10 නිපාත: ආනිසංසවග්ග: 10.1.1.10 විජ්ජාසූත්‍රය, පි.52, EAN:10: 10.10 True knowledge, p. 494.

▼රූප, වේදනා, සංඥා, සංඛර, විඥානය යන පංච උපාදානස්කන්ධය දන්නාබව, එහි සමුදය, නිරෝධය හා නිරෝධගාමිණී පටිපදාව දන්නා බව විද්‍යාව වේ. සටහන:සංයු.නි: (5-2): මහාවග්ග:සච්චසංයුත්ත:12.2.8 විජ්ජාසූත්‍රය, පි.308 හි මේ සමාන විස්තරයක් දක්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (3): ඛන්ධසංයුත්ත:ධම්මකථිකවග්ග:1.3.2.2. විජ්ජා සූත්‍රය, පි.312.

▲ විද්‍යාවිමුක්ති ඥානදර්ශනය-true knowledge and liberation: විද්‍යාවිමුක්ති ඥානදර්ශනය ලෙසින් පෙන්වා ඇත්තේ, සත්‍ය ඥානය ලබා විමුක්තිය-නිවන සාක්ෂාත් කරගැනීමය- සසර දුකින් මිදීමය. විද්‍යාවිමුක්ති පෝෂණය වන ආකාරය: සප්ත බොජ්ඣංගය වැඩිම නිසා විද්‍යාවිමුක්ති ය පෝෂණයවේ. බොජ්ඣංගපෝෂණය වන්නේ සතර සතිපට්ඨානය මගින්ය. සතර සතිපට්ඨානය පෝෂණය වන්නේ ත්‍රිවිධ සුචරිතය මගින්ය. ත්‍රිවිධ සුචරිතය පෝෂණය වන්නේ ඉන්ද්‍රිය සංවරය මගින්ය. ඉන්ද්‍රිය සංවරය පෝෂණය වන්නේ සම්ප්‍රජන්‍යය මගින්ය. සම්ප්‍රජන්‍යය පෝෂණය වන්නේ යෝනිසෝමනසිකාරය මගින්ය. යෝනිසෝමනසිකාරය පෝෂණය වන්නේ ශ්‍රද්ධාව මගින්ය. ශ්‍රද්ධාව පෝෂණය වන්නේ සද්ධර්ම ශ්‍රවනය මගින්ය. සද්ධර්ම ශ්‍රවනය පෝෂණය වන්නේ කල්‍යානමිත්‍ර ආශ්‍රය නිසාය. මේ පිලිබඳව පිලිබඳ යොදගෙන ඇති උපමාව-කඳු මුදුනට වැටෙන වැස්ස. කඳුමුදුනට වැස්ස වසිනවිට, ජලය බෑවුම ඔස්සේ ගලා ගොස් එහි ඇති විවර පුරවයි, ඒ විවර පිරිගියවිට, ජලය ගලාවිත් නිම්නය ද එතැන්සිට, කුඩා ගංගා ද, ඒවා පිරි කුඩා විල්ද, එතැන්සිට ගලායන ජලය මහාවිල්ද පුරවයි. මහාවිල්වල ජලය පිරි ගලා ගොස් අසල ඇති ඇල, දොළ, හා ගංගා පුරවයි. ගංගා වල ජලය ගලාවිත් මහා සයුර පුරවයි. එලෙස, කල්‍යානමිත්‍ර ආශ්‍රය නිසා, සද්ධර්ම ශ්‍රවනය...ආදී ලෙසින්, එක් කුසල දහමක්,ආසන්න කුසල දහම පුරවාලමින්... විද්‍යාවිමුක්තිය ඇතිවීම දක්වා සම්බන්ධවෙමින් පැතිරී යති. බලන්න: උපග්‍රන්ථය:5

මූලාශ්‍ර:අංගු.නි.(6):10 නිපාත, යමක වග්ග,10.2.2.1.අවිද්‍යා සුත්‍රය, පි.232, EAN:10: II Pairs .61.1.Ignorance, p. 517.

▲ වෝදාන ඥානය- Vodana Nana: වෝදාන ඥානය (ව්‍යවදාන ඥාන) ලෙසින් පෙන්වා ඇත්තේ අතිතය, අනාගතය හා වර්තමාන කාල 3 පිළිබඳව සිත වික්ෂිප්ත නොකර, ප්‍රභාස්වර සිත ඇතිකර ගැනීමේ නුවණය. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදා 1: 3 ආනාපානසතිකථා: 3-4 වෝදාන ඥානය, පි.338.

වධ

▲ විධා-Vidha: විධා යනු මානයය. (ත්‍රිවිධ මාන), ඒවා නැතිකර ගැනීමට ආරියඅටමග වැඩිය යුතුවේ. බලන්න: ත්‍රිවිධ මාන. මූලාශ්‍රය:සංයු.නි: (5-1): මහාවග්ග: මග්ගසංයුත්ත:ඵසනාවග්ග:1.15- විධාසූත්‍රය, පි.154.

▼ විධාව නැතිකිරීමට බොජ්ඣංග ධර්මතා වැඩිය යුතුවේ. මූලාශ්‍රය: සංයු.නි: (5-1): මහාවග්ග:බොජ්ඣංගසංයුත්ත: චක්කවත්තිවග්ග: 2.5.4 විධාසූත්‍රය, පි.224.

▲ විධුර තෙර- Vidura Thera: මේ තෙරුන්, කකුසඳ බුදුන්වහන්සේගේ අගසව් දෙනමගෙන් කෙනකි. මූලාශ්‍රය:සංයු.නි: (2) : නිදානවග්ග: අන්මතග්ග සංයුත්ත: දුග්ගතවග්ග: 3.2.10 වෙපුල්ල පබ්බත සූත්‍රය, පි.314.

වඳ

▲වඳුරා හා මස්වැද්දා උපමාව- Simile of Monkey & the hunter: මේ උපමාවෙන් පෙන්වා ඇත්තේ, සතර සතිපට්ඨානය හැර පස්කම් සැපයට යටවී මාරයාට හසුවීම, ආශාව නිසා වඳුරෙක් මස් වැද්දාගේ උගුලට හසුවී විනාශවීමය. බලන්න: ගෝචර භුමිය, උපග්‍රන්ථය:5

වන

▲වනගොමු සකස්කිරීම- Creating forests: වනගොමු සකස්කිරීම යනු වනරෝපනය- යනු ගස් සිටුවා වනභූමි ඇතිකිරීමය. යම් කෙනක්, අන්‍යයන්ගේ යහපත පිණිස වනරෝපණය කරන්නේ නම් එය පුණ්‍ය ක්‍රියාවකි, සුගතියට මග පාදයි. බලන්න: පින්. මූලාශ්‍රය: සංයු.නි: (1): සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.5.7 වනරෝප සූත්‍රය, පි.86.

▲ වනපත්ථ-jungle thickets: වනපත්ථ යනු ආධ්‍යාත්මික පුහුණුව පිණිස හුදකලාව ප්‍රියකරණ සංඝයා වාසය කරණ ගැඹුරු වන බිම්ය. එලෙස ජිවත්වන සංඝයා වනවාසී ලෙසින් හඳුන්වයි. වනපෙත් ආශ්‍රිතව සංඝයා වාසය කළයුතු ආකාරය මෙහිදී පෙන්වා ඇත. මූලාශ්‍රය:ම.නි: (1): සිහනාදවග්ග: 1.2.7 වනපත්ථ සූත්‍රය, පි.284.

▲ වන සෙනසුන් - Forest dwellings: වනසෙනසුන්- ආරණ්‍යසේනාසන ලෙසින්ද පෙන්වා ඇත. දුර කැලෑවල පිහිටි මේ ස්ථානවල වාසය කරන සංඝයා වනවාසීන්ය. බලන්න: ආරණ්‍යසේනාසන.

▲ විනය හා අවිනය-discipline & non-discipline

බුද්ධ දේශනාවල ඇතුලත් වී ඇත්තේ ධර්මය හා විනය පිලිබඳ උපදෙස්, අවවාද යන්ය. විනය ලෙසින් පෙන්වා ඇත්තේ, බුදුන් වහන්සේ වදාළ විනයට අනුව කටයතු කිරීමය. අවිනය යනු විනයට අනුකුළ නොවීමය. විනය නොතකා හැරීම නිසා බොහෝ දෙනාට අහිත සිදුවන බව, සද්ධර්මයේ පිරිහීමට හෙතුබව බුදුන් වහන්සේ වදාළහ. සටහන්: * අටුවාවට අනුව: By the sutta method, discipline (vinaya) means restraint, abandoning, reflection, and the removal of lust, hatred, and delusion. Non-discipline (avinaya) means non-restraint, non-abandoning, non-reflection, and the non-removal of lust, hatred, and delusion. By the Vinaya method, discipline is a proper base, motion, announcement, bounded area, and assembly. Non-discipline is a defective base, motion, announcement, bounded area, and assembly.” බලන්න: EAN:note: 62, p.584. මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත:අධම්මවග්ග: සූත්‍ර 1.10 -පි.78, EAN:1: 131-34-, p.42.

▲ විනය කම්ම-Vinaya kamma : විනය කම්ම ලෙසින් පෙන්වා ඇත්තේ සංඝයා පිළිබඳව කටයුතුය. විනයට එරෙහිව කටයුතු කරන සංඝයාට පනවන නීතිද මෙයට ඇතුලත් වේ. වැරද්ද පිළියම් කරගත්විට විනය කම්ම අහෝසි කෙරේ. බලන්න: උකෙඛපනීයකම්ම, පටිසාරණියකම්ම, භණ්ඩුකර්මය, වින.පි:මහාවග්ග පාලිය1.

▲විනයධර-expert in the discipline: විනයධර වීමට ධර්ම කරුණු 7 ක් සම්පුර්ණකරගත යුතුය: 1) වරද (ආපත්තිය) දන්නා බව 2) නිවරදය (අනාපත්තිය) දන්නා බව 3) සුළු වරද (ලහුකාපත්තිය) දන්නා බව 4) මහා වරද (ගරුකාපත්තිය) දන්නා බව 5) පාතිමෝක්ෂසංවර ශිලය, ආචාරගෝචර සම්පන්නබව 6) සිව්ජාන නිදුකින් ලබාගැනීමට හැකිබව 7) ආසව ක්‍ෂය කර විමුක්තිය ලබා ඇතිබව. සටහන්: * දෙවෙනි සූත්‍රයේ දී විනයධර වීමට ඉහත1-4කරුණු හා 6-7 කරුණු දක්වා ඇත, 5) කරුණ:විනය පිලිබඳ ස්ථාවරබව තිබීමය. ** තෙවෙනි සූත්‍රය: දෙවන සූත්‍රයට සමානය ** සතර වෙනි සූත්‍රය: 1-4 කරුණු සමානය, 5) කරුණ: පුර්වනිවාස සිහිකිරීමේ නුවන 6) කරුණ: දිවැස් තිබීම 7) පෙර සඳහන් 7 කරුණට සාමානය. මූලාශ්‍ර:අංගු.නි: (4): 7 නිපාත: විනයවග්ග: 1 2 3 4 විනයධර සූත්‍ර, පි.502, EAN:7: An expert in discipline, 4 suttas, p.404.

▼විනයධර ශෝබන වීම - විනය යහපත්ව අවබෝධ කර තිබීම, පිලිබඳ අවශ්‍යතාවයන් මෙහි විස්තරකර ඇත. මූලාශ්‍රය: අංගු.නි: (4): 7 නිපාත: විනයවග්ග: 7.2.3.5-8 දක්වා සූත්‍ර 4කි. පි.504.

▲ විනය පැනවීමට හේතු- Reasons for Training rules: සංඝයාට විනය නීති (සිකපද) පැනවීමට හේතු කරුණු: 1) සංඝයාගේ සුභසාධනය (well-being) හා පහසුවෙන් සිටීම පිණිස-පහසු විහරණය පිණිස. 2) දුස්සීලව හැසිරෙන සංඝයා ගැන පරීක්ෂාවෙන් සිටීම මගින් යහපත්ව හැසිරෙන (පෙශල භික්ෂුන්) සංඝයාට පහසුවෙන් වාසය කිරීමට හැකිවීම පිණිස 3) මේ ජිවිතයේ ඇති ආසවයන් (taints) සංවර කරගැනීමට හා මතු ජිවිතයේ සුභ සාධනය පිණිස ආසව පහකරගැනීම පිණිස. 4) මේ ජිවිතයේ ඇති වෛරයන් (enmities) සංසිඳවා ගැනීම පිණිස හා මතු ජිවිතයේ සුභසාධනය පිණිස වෛරය පහකරගැනීම පිණිස. 5) මේ ජිවිතයේ ඇති දෝෂ (faults) සංසිඳවා ගැනීම පිණිස හා මතු ජිවිතයේ සුභ සාධනය පිණිස දෝෂ පහකරගැනීම පිණිස . 6) මේ ජිවිතයේ ඇති උවදුරු-බිය (perils) සංසිඳවා ගැනීම පිණිස හා මතු ජිවිතයේ සුභ සාධනය පිණිස උවදුරු පහකරගැනීම පිණිස. 7) මේ ජිවිතයේ ඇති අකුසල් සංසිඳවා ගැනීම පිණිස හා මතු ජිවිතයේ සුභ සාධනය පිණිස අකුසල් පහකරගැනීම පිණිස. 8) ගිහියන් හට අනුකම්පාව පිණිස .9) පාපි චේතනා ඇති අය විසින් ඇතිකලහැකි කළහ, භේද ආදිය වළක්වා ගැනීම පිණිස, එමගින්, ශ්‍රද්ධාව නොමැති අයතුළ ශ්‍රද්ධාව ඇතිවීම පිණිස, ශ්‍රද්ධාව ඇති අයගේ ශ්‍රද්ධාව විපුල කරගැනීම පිණිස 10) සද්ධර්මයේ අඛණ්ඩ පැවැත්ම පිණිස 11) විනයට අනුග්‍රහ පිණිස (promoting the discipline). සටහන්: * විනය කර්ම පිලිබඳ මෙහි විස්තර කර ඇත. ** විනය නීති- සිකපද පිලිබඳ විස්තර පිණිස බලන්න: වි.පි.මහාවග්ග පාලිය. මූලාශ්‍රය:අංගු.නි: (1):2 නිපාතය: 2 විනය පෙයියාලය: 1.10, පි. 230.

▼ සංඝයාගේ යහපත පිණිස සික පද පැනවීම ගැන මෙහි විස්තරාත්මකව දක්වා ඇත. මූලාශ්‍රය:අංගු.නි: (1): 2 නිපාත: විනයපෙය්‍යාලය, පි.230.

▲වීනාව - the lute: සළායතන මගින් අල්ලා ගන්නා අරමුණු නිසා ඇතිවෙන විවිධ වේදනා, සංඥා ආදිය ට නො ඇලීම ඇතිකර ගැනීම පෙන්වීමට විනාව උපමාව යොදගෙන ඇත:

කිසිදිනක් වීනාවක් නොදුටු රජතුමෙක් වීනාවෙන් නැගෙන මිහිරි නාදය අසා එයට කැමතිවේ. ඔහු, ඒ මිහිරි නාදය ඇතිකරන වීනාව බැලීමට කැමතිව, සේවකයන් ලවා වීනාවක් ගෙන්වා ගනී. එහෙත් වීනාව ගැන සතුටට පත් නොවන ඔහු, ඉන් නැගෙන මිහිරි නාදය ගෙන එනලෙසින් සේවකයන්ට අන කරයි. වීනාවේ, ඇති අංග යොදාගෙන සංගීතකාරයා වඒ මිහිරි නාදය ඇති කරන බව සේවකයන් රජුට පවසයි. මිහිරිනදයට මිස වීනාවට ඇලුම් නොකරන රජතුමා, ඒ වීනාව කඩා බිඳ දමා විනාශ කරයි. එලෙස, සළායතන මගින් අල්ලා ගන්නා අරමුණු නිසා ඇතිවෙන විවිධ වේදනා, සංඥා ආදිය පිලිබඳ යථා අවබෝධය ලබාගන්නා භික්ෂුව හෝ භික්ෂුණිය, ‘මමය මාගේය’ යන සංකල්පය බිඳදමයි. සටහන: අටුවාවට අනුව: පංචඋපාදානස්කන්ධය වීනාව වැනිය. භාවනාවේ නිරත පුද්ගලයා රජතුමා වැනිය. වීනාව බිඳ දමන රජතුමාට ඉන් කිසිම මිහිරි නාදයක් නො ඇසේ. එළෙසින්, භාවනා යෝගියාට පංචඋපාදානස්කන්ධයේ යථාබව අවබෝධව එය, මමය මගේය යන අල්ලා ගැනීම නුවණින් අත්හැර දමයි. බලන්න:ESN: note: 217, p.1555. මූලාශ්‍ර: සංයු.නි: (4): සළායතනවග්ග:වේදනාසංයුත්ත: ආසිවිසවග්ග:1.10.9 විනාඋපමාව සූත්‍රය, පි.400, ESN: Salayathna vagga: Vedanasamyutta: 246.9 The Simile of the lute, p.1324.

▲විනාශය-Disaster: විනාශය-වැනසීම-ව්‍යසනය ලෙසින් මෙහිදී පෙන්වා ඇත්තේ, යම් මහණ කෙනෙක් තමන් හා වාසය කරන සෙසු සංඝයාහට අයහපත් ලෙසින් පරිභව නින්දා කිරීම නිසා ඔහුට විඳීමට සිදුවන අයහපත් කර්ම ඵලයන්ය. මෙහි අයහපත් විපාක 11 ක් පෙන්වා ඇත. මූලාශ්‍රය: අංගු.නි: (6) :11 නිපාත: නිස්සයවග්ග: 11.1.6 ව්‍යසන සූත්‍රය, පි.624.

▼බුදුන් වහන්සේ ව්‍යසන 5ක් පෙන්වා ඇත

1) ඥාතිව්‍යසනය 2) භෝග (සම්පත්) ව්‍යසනය 3) රෝග ව්‍යසනය 4) ශිලව්‍යසනය 5) දිට්ඨි ව්‍යසනය. සටහන: ශිල හා දිට්ඨිය විනාශවීම දුගතිය ඇති කරයි, මූලාශ්‍රය: අංගු.නි: (3) :5 නිපාත: ගිලානවග්ග: 5.3.3.10 සම්පදා සූත්‍රය, පි.262.

▲ විනිපාතය- Vinipāta: විනිපාතය යනු නිරය- සතර අපායවේ, එම ස්ථානවල උපත ලබන සත්වයන් විනිපාතක ලෙසින් හඳුන්වති, එනම් දුගති උපතක් ලැබූ සත්වයා. බලන්න: නිරය, කම්මවිපාක.

▼සිව්දහම (සෝතාපන්න) ඇති අය විනිපාතය ඉක්මවා ඇත.මූලාශ්‍රය: සංයු.නි: (5-2): මහාවග්ග: සෝතාපත්තිසංයුත්ත:රාජාකාරාමවග්ග: 11.2.5 විනිපාත සූත්‍රය, පි.196.

▲ විනිබන්ධන-Vinibandhana: සිත වෙළා බැඳලන ධර්මතා විනිබන්ධන වේ. එවැනි ධර්මතා 5 කි: 1) කාමය පහනොවීම 2) කය පිලිබඳ අවිගත රාගය 3) බාහිර රූප පිලිබඳ අවිගත රාගය 4) බොහෝ ආහර ගැනීම හා නින්දට ඇලීම 5) බ්‍රහ්මචරියාවේ අරමුණ ලෙසින් දෙවනිකායක පහළවීම පැතීම. මේවා ඇතිවිට ධර්මය වඩා ගැනීමට විරිය නැතිවේ. මූලාශ්‍රය: අංගු.නි: (3): 5 නිපාත: කිම්බිලවග්ග: 5.5.1.6 විනිබන්ධ සූත්‍රය, පි.424.

▼ විනිබන්ධන පහකර ගැනීම පිණිස සතර සතිපට්ඨානය වැඩිය යුතුවේ. මූලාශ්‍රය: අංගු.නි: (5): 9 නිපාත:9.2.2.10 විනිබන්ධ සතිපට්ඨාන සූත්‍රය, පි.582.

▲ වීනිලක සංඥාව- perception of a livid corpse: කයේ අසුභය පෙන්වන සංඥා 10 න් එකකි. නිල්වූ මළකඳක් අරමුණුකොට වඩන හවානාවය. විදසුන් නුවණ වඩාගැනීමට මගකි. බලන්න: දස සංඥා, දසඅසුභ භාවනාව.

▼ වීනිලක සංඥා භාවනාව පහසුවිහරණය පිණිස පවතී.: මූලාශ්‍රය: සංයු.නි: (5-1): මහාවග්ග: බොජ්ඣංගසංයුත්ත: ආනාපානවග්ග: 2.7- විනිලක සූත්‍ර, පි.271.

▲ වෙනයිකො- abolitionist: බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සමහර අන්‍ය පරිබ්‍රජකයෝ:

‘ගුරු ගෝතම, සෑම දෙයක්ම අහෝසිකරන කෙනෙක්ය... ඔහු නිශ්චිත ප්‍රකාස කිරීමෙන් වැලකිසිටි’ යන මතය දැරුහ.

ඔවුන්ගේ ඒ මත පිළිබඳව චම්පා නුවර, වජ්ජියමාහිත ගහපති මෙහිදී දැක්වූ කරුණු බුදුන් වහන්සේ අනුමත කරඇත. බලන්න: දිට්ඨි. මූලාශ්‍රය: අංගු.නි: (6): 10 නිපාත: 10.2.5.4.වජ්ජියමාහිත සූත්‍රය,පි.368, EAN:10: 94-4 Vajjiyamāhita, p.535.

වණ

▲ වාණිජ කටයුතු-Business: වාණිජ කටයතු ලෙසින් මෙහිදී පෙන්වා ඇත්තේ වෙළදාම ආදී කටයුතුවල නිරතවීමය. සැරියුත් තෙරුන් විසින් විමසනු ලදුව, කෙනක් වාණිජ කටයතුවල දියුණුවීම හා පිරිහීම ගැන බුදුන් වහන්සේ මෙහිදී කරුණු පෙන්වා ඇත. ශ්‍රමණ බ්‍රාහ්මණයන්හට අවශ්‍ය දේ පෙරදී හෝ මේ භවයේදී ලබාදන පුද්ගලයාගේ වාණිජ කටයතු සඵලවේ, එසේ නොදුන් පුද්ගලයාගේ වාණිජ කටයතු නිස්ඵලවේ යයි මෙහි පෙන්වා ඇත. මූලාශ්‍රය: අංගු.නි: (2): 4 නිපාත: අපණ්ණකවග්ග: 4.2.3.9 වාණිජ්ජා සූත්‍රය, පි.174.

▼ධර්මයේ හැසිරෙන ගිහියන් විසින් නොකළයුතු‍ -වැරදි වාණිජ කටයුතු: 1) සත්‍ව්යන්ට හිංසාව පිණිසවූ අවි විකිණීම (ශස්ත්‍රවාණිජ්‍ය) 2) වහල් වෙළඳාම (සත්‍ව්ව වාණිජ්‍ය) 3) මස් පිණිස සතුන් විකිණීම (මාංසවාණිජ්‍ය) 4) මත්පැන් මත් ද්‍රව්‍ය විකිණීම (මද්‍යවාණිජ්‍ය) 5) වස විස විකිණීම (විෂවාණිජ්‍ය).මූලාශ්‍රය: අංගු.නි: (3 ): 5 නිපාත:5.4.3.7 වණිජ්ජා සූත්‍රය, පි.360.

▲වෙණහු දේවපුත්‍ර- Venahu devaputhra: බුදුන් වහන්සේ සැවැත්නුවර වැඩවසන සමයේ මේ දෙවියෝ, බුදුන් වහන්සේගේ ගුණ මෙසේ පවසා ඇත:

“ යම් මිනිස් කෙනක් බුදුරජානන් වහන්සේ පයුරුපසනා කොට, සසුනේ නොපමාව හික්මෙන්නේ නම් ඔවුන් ඒකාන්තයෙන්ම සුවපත් වූ වෝය”. බලන්න: බුදුගුණ. මූලාශ්‍රය: සංයු.නි: (1): සගාථවග්ග: දේවපුත්‍රසංයුත්ත :2.2.2 වෙණහු සූත්‍රය, පි. 124.

වප

▲ වප්ප තෙර පස්වග -Vappa Thera Pasvaga: බලන්න: උපග්‍රන්ථය:1

▲ වප්ප ශාක්‍ය-Vappa the Sakkyan: බලන්න: උපග්‍රන්ථය:3

▲ විපුබ්බක සංඥා භාවනාව -Vipubbaka sanna bhavana: මෙය දස අසුභ භාවනා වලින් එකකි, නවදොරින් ඕජස් ගලන සතුන් කන මල සිරුර අරමුණු කොට සිත සමාධිකර ගැනීමය. බලන්න: දස අසුභසංඥා භාවනාව.

▲ විපරිනාම දුක්ඛ- Viparinama dukka: ධර්මතා වෙනස්වීම නිසා හටගන්නා දුක මින් අදහස් කෙරේ. මෙය ත්‍රිවිධ දුක් වලින් එකකි. බලන්න: දුක, ත්‍රිවිධ දුක

▲ විපුල ප්‍රඥාව: පාලි: විපුලපඤ‍්ඤා- vastness of wisdom: ධර්මතා පිලිබඳ අවබෝධය මහත්බවට පත්වීම -විශාලවීම විපුල ප්‍රඥාව වේ. බලන්න: ප්‍රඥාව.

▼ රූපයේ විරාගානුපස්සනාව, වැඩීමෙන් නැවත නැවත එහි යෙදීමෙන් විපුල ප්‍රඥාව පරිපුර්ණවේ:

“විරාගානුපස‍්සනා ... රූපෙ විරාගානුපස‍්සනා භාවිතා බහුලීකතා විපුලපඤ‍්ඤං පරිපූරෙති”: විපුල ප්‍රඥාව යනු කුමක්ද? : සිව් පිළිසිඹියාව... ශීල සමාධි හා ප්‍රඥා ස්කන්ධ. .. විමුක්ති ස්කන්ධය හා විමුක්ති ඥානදර්ශන ස්කන්ධය... ස්ථාන අස්ථාන නුවණ ... විහාර සමාපත්තින් ... ආර්යසත්‍ය... සත්තිස් බොධිපාක්‍ය අංග... ආර්යමාර්ගය... ශ්‍රමණඵල... අභිඥා...පරම අර්ථයවූ නිවන ආදී ධර්මතා පිලිබඳඇති විපුලවූ අවබෝධය, විපුල ප්‍රඥාවය.

මූලාශ්‍ර: ඛු.නි: පටිසම්භිදා : ප්‍රඥාවග්ග: 3.1 ප්‍රඥා කථා, පි. 166-176.

▼ සතර ධර්මය ඇති පුද්ගලයාට (සෝතාපන්න) විපුල ප්‍රඥාව ඇතිවේ.

“…ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ධම‍්මා භාවිතා බහුලීකතා විපුලපඤ‍්ඤාතාය සංවත‍්තනතිති”. (these four things, when developed and cultivated lead to the vastness of wisdom) බලන්න: ප්‍රඥාව, සතර ධර්මය. මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග: සෝතාපන්න සංයුත්ත:11.7.3 විපුල ප්‍රඥා සූත්‍රය, පි. 280, ESN: 55: Sotapatthisamyutta: 62.1 Greatness of Wisdom p. 2261

▼ කායගතා සතිය වැඩීම විපුල ප්‍රඥාව පිණිසය: (Mindfulness directed to the body...when developed and cultivated, leads to the vastness of wisdom). මූලාශ්‍ර:අංගු.නි: (1): 1 නිපාත: කායගතාසති වග්ග, පි. 125 EAN:1: Mindfulness Directed to the Body, p.52.

▼ වෙනත් මුලාශ්‍ර: 1. “මහත් වූ ධර්‍මයන් විෂයෙහි පැවැති දැනීම විපුලපඤ්ඤා වේ”

https://pitaka.lk/dhammapada/ss/katha-28.html

▲ විපල්ලාස- Perversions: විපල්ලාස-විපරියාස ලෙසින් පෙන්වා ඇත්තේ ධර්මය වරදවා ගැනීමය. සම්මා දිට්ඨිය නොමැතිකම විපල්ලාස ඇතිවීමට හේතුවේ.විපල්ලාස ඇතිවිට යථාබව අවබෝධ කරගැනීමට නොහැකිවේ. සංඥා, විත්ත, දිට්ඨි පිළිබඳව සතර ආකාරයෙන් විපල්ලාස කරයි: 1) අනිත්‍ය දේ නිත්‍ය ලෙසින් ගැනීම - නිත්‍යසංඥාව 2) දුක ගෙනදෙන දේ සුඛ යයි ගැනීම -සුඛසංඥාව3) අනාත්ම දේ ආත්මය සේ ගැනීම -අත්තසංඥාව 4) අශුභදේ ශුභ යයි ගැනීම-සුභසංඥාව. බලන්න: සතර විපල්ලාස. මූලාශ්‍රය: අංගු.නි: (2): 4 නිපාත: 4.1.5.9 විපල්ලාස සූත්‍රය, පි.122.

▼ විපල්ලාස මෙහි විස්තරාත්මකව දක්වා ඇත. මූලාශ්‍රය:ඛු.නි: පටිසම්භිදා 1: මහාවග්ග:8 විපරියාස කථා, පි.528.

▲ විපචිතඤ‍්ඤු -understands through elaboration: විපචිතඤ‍්ඤු පුද්ගලයා යනු ධර්මය අවබෝධ කරගැනීම පිණිස ධර්ම කරුණු විස්තරාත්මකව පැහැදිලි කරදිය යුතු පුද්ගලයාය. එලෙසින් ඔහුට, විමුක්තිය ලබාගැනීම පහසුවේ. බලන්න: පුද්ගලයෝ සිව්දෙන. මූලාශ්‍ර: අංගු.නි: ( 2): 4 නිපාත:4.3.4.3 නෙය්‍යාපුග්ගල සූත්‍රය, පි. 281, EAN:4: 133.3 Of Quick Understanding,p.196.

▲ විපස්සනා- Vipassana: බලන්න: විදර්ශනා.

▲ විපස්සි බුදුන්වහන්සේ-The Buddha Vipassi: ගෝතම බුදුන් වහන්සේට පෙර වැඩසිටි විපස්සි බුදුන් වහන්සේ ගේ සම්බෝධිය පිලිබඳ මෙහි විස්තර කර ඇත. මූලාශ්‍ර:සංයු.නි: (2): නිදානවග්ග: අභිසමයසංයුත්ත: 1.1.4 විපස්සි සූත්‍රය, පි.30, බුද්ධවංශ පාලි:19: විපස්සි බුදුන්වහන්සේ.

▲වේපචිත්ති අසුරරජ- Vepachithti Asura: වේපචිත්ති අසුරරජ හා සක්දෙවිඳුන් අතර සුභාෂිතය පිලිබඳ වූ කථා බහ ගැන මෙහි දක්වා ඇත.

සටහන: වේපචිත්ති අසුරරජ, දෙවියන් සමගවූ යුද්ධයේදී පරාජයට පත්වීම ගැන විස්තර පිණිස බලන්න: සක්ඛසංයුත්ත:11.1.4 වේපචිත්ති සූත්‍රය, පි.418. මූලාශ්‍රය:සංයු.නි: (1): සගාථවග්ග:සක්ඛසංයුත්ත:11.1.5 සුභාෂිතජය සූත්‍රය, පි.422.

▲වෙපුල්ල පවව- Mount Vepulla: වෙපුල්ල පර්වතය, මගධයේ පිහිටි උස් කඳු වැටියකි. මේ පර්වතයේ නමද එහි උසද කලින් කලට වෙනස්වී ගිය බව බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ සංස්ඛාරයන්ගේ අනිච්ච බව පෙන්වීමට පිණිසය. ගෝතම බුදුන් වහන්සේ පහළවීමට පෙර එහි නම් වෙනස්වීයාම බුදුන් වහන්සේ මෙහිදී විස්තර කර ඇත: 1) කකුසඳ බුදුන් සමයේ: නම:පාචීනවංස, එකල එම පර්වතය නැගීමට හා බැසීමට දින 8 ක් ගතවිය. 2) කොනාගමන බුදුන් සමයේ: නම: වංනික්ක, එකල එම පර්වතය නැගීමට හා බැසීමට දින 6 ක් ගතවිය. 3) කාශ්‍යප බුදුන් සමයේ:නම: සුඵස්ස, එකල එම පර්වතය නැගීමට හා බැසීමට දින 4 ක් ගතවිය. වර්තමානයේ, ගෝතම බුදුන් සමයේ වෙපුල්ල පව්ව නැගීමට හා බැසීමට යන්නේ සුළු කාලයකි. බලන්න: මිනිස් ආයුෂ. මූලාශ්‍රය:සංයු.නි: (2) : නිදානවග්ග:අන්මතග්ග සංයුත්ත: දුග්ගතවග්ග: 3.2.10 වෙපුල්ල පබ්බත සූත්‍රය, පි.314.

▲ වෙපුල්ල පව්ව උපමාව- Simile of Vepulla mountain: සසරේ දීර්ඝබව පෙන්වීමට මේ උපාමාව යොදාගෙන ඇත:

“ මගධරට ගිරිබ්ජ්ජ නම්වූ රජගහනුවර සමීපහි, ගිජිකුළු පව්වට උතුරින් පිහිටි මේ වේපුල්ල පව්ව- රජගහනුවර පිරිවරා පිහිටි කඳු පහ අතුරින් මහා කන්දය. එක් කපක් තුල, රැස්කරනලද එක් පුද්ගලයෙක් ගේ ඇට ගොඩ මේ පව්වට සමානය”. මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක: 1.3.4 අට්ඨිපුඤජ සූත්‍රය, පි.370.

වභ

▲විභංග-Analysis: විභංග යනු ධර්මතාවක් පැහැදිලි කිරීම පිණිස බෙදා දැක්වීමය.

▼ මේ සූත්‍රයේදී පටිච්චසමුප්පාද ධර්මය බෙදා දක්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (2): නිදානවග්ග:අභිසමයසංයුත්ත:1.1.2 විභංගසූත්‍රය, පි.26.

▼ මේ සූත්‍රයේදී ආරිය අටමග බෙදා දක්වා ඇත.මූලාශ්‍රය: සංයු.නි: (5-1):මහාවග්ග:මග්ගසංයුත්ත: අවිජ්ජාවග්ග:1.1.8 විභංග සූත්‍රය, පි.42.

▼ මේ සූත්‍රයේදී සතිපට්ඨානය බෙදා දක්වා ඇත.මූලාශ්‍රය: සංයු.නි: (5-1):මහාවග්ග:බොජ්ඣංගසංයුත්ත:3.4.10 විභංග සූත්‍රය, පි.353.

▼ මේ සූත්‍රයේදී පංච ඉන්ද්‍රිය බෙදා දක්වා ඇත.මූලාශ්‍රය: සංයු.නි: (5-1):මහාවග්ග:ඉන්ද්‍රියසංයුත්ත: 4.1.9 විභංග සූත්‍රය, පි. 377.

▼ මේ සූත්‍රයන්හිදී: සුඛ, දුඛ, සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා ඉන්ද්‍රිය 5 බෙදා දක්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (5-1):මහාවග්ග:ඉන්ද්‍රියසංයුත්ත: සුඛිඉන්ද්‍රියවග්ග:4.4.6-8 විභංග සූත්‍ර, පි. 400.

▼ මේ සූත්‍රයේදී සතර ඉද්දිපාද බෙදා දක්වා ඇත.

මූලාශ්‍රය: සංයු.නි: (5-2):මහාවග්ග:ඉද්දිපාදසංයුත්ත:7.2.10 විභංග සූත්‍රය, පි. 62.

▲ විභජ්ජවාදය -Vibhajja-Vada: විභජ්ජවාදය යනු කරුණු වීශ්ලේෂණාත්මකව විභාකර දැක්වීමය (Analytical or Discriminating doctrine). එමනිසා බුදුන් වහන්සේ ‘විභජ්ජවාදි’ යයි හඳුන්වයි. බලන්න: බුද්ධනාම. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි.475: “විභජ්ජ: බෙදීම, කොටස්කිරිම; විභජ්ජවාද: බුද්ධවචනය, සර්වඥදේශනාව; විභජ්ජවාදී: විභජ්ජවාදී ඇත්තා, බුදුරජ”..B.D:p. 190: “Vibhajja-Vada: …name for the original Buddha doctrine called Theravada” සටහන: අටුවාවට අනුව, 3 නි සංඝායනාවේ මුලිකත්වය දැරූ මොග්ගලීපුත්තතිස්ස තෙරුන්, ‘බුදුන් වහන්සේ විභජ්ජවාදී’ යයි, අශෝක අධිරාජයාහට පවසා ඇත. බලන්න: කථාවත්ථු අටුවාව

▼ සමහර අන්‍ය පරිබ්‍රාජකයන්ගේ මතය වූවේ බුදුන් වහන්සේ සෑම තපස්බවක්ම ගරහන බවය. ඒ පිළබඳව වජ්ජියමාහිත ගහපති මෙසේ පැවසුහ:

“ ...භාග්‍යවතුන්වහන්සේ, හැම තපස්බවක්, හැම තවුස්දමක් ගරහන්නේ නැත. යමක් ගැරහිය යුතුනම්, උන්වහන්සේ ඒදේ ගරහති; යමක් පැසසිය යුතු නම් උන්වහන්සේ ඒදේ පසසති. ගැරහියයුතු දේ ගරහන, පැසසිය යුතු දේ පසසන , භාග්‍යවතුන්වහන්සේ, විභජ්ජවාදීය, එක් පසක් පමණක් ගෙන කටයුතු නොකරන්නේය”. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: 10.2.5.4.වජ්ජියමාහිත සූත්‍රය,පි.368, EAN:10: 94-4 Vajjiyamāhita, p.535.

▲ විභව තණ්හාව- Vibava tanha: විභව තණ්හාව (craving for non being) බොහෝ දුක් ඇතිකරන සසර දික් කරන ත්‍රිවිධ තණ්හාවන් ගෙන් එකකි. ආත්මය ලෙසින් සලකන දෙය සහමුලින්ම විනාශ කරගැනීමට- ( සමූලඝාතනය- Annihilation) ඇති ආශාවය. මෙය බුදුදහමේ නිරෝධයට (දුක අවසන්කරගැනීම) වඩා වෙනස් වන්නේ, ආත්මයක් ගැන විශ්වාස කරමින් එය විනාශ කරගැනීමට ආශා කිරීමය. මෙය උච්ඡෙදවාදී දිට්ඨියය, බුදුන් වහන්සේ වැඩසිටි සමයේ, සමහර අන්‍ය ආගමින නිකායන් දැරූ මතයකි. බලන්න: තණ්හාව, දිට්ඨි, භවදිට්ඨිය හා විභවදිට්ඨිය.

▲ විභවදිට‍්ඨිය-Belief in non-existence: විභව දිට්ඨිය යනු, මරණින් පසු පුද්ගලයා- නැතිවීයාමය, භංග වීමය. මෙය උච්ඡේද දිට්ඨිය ලෙසින් ද හඳුන්වයි. බලන්න: භවදිට්ඨිය හා විභවදිට්ඨිය.

වම

▲ විමානක ප්‍රේත-Vimanaka Pretha: පහත් ලෝකවල (දුගතියේ) යළි උපත ලබන සමහර සත්‍ව්යන් විමානක ප්‍රේතයන් සේ හඳුන්වයි. කලින් කලට, කර්ම විපාක වලට අනුරූපව ඔවුන් සැප වේදනා ද, දුක් වේදනාද අත්දකි. විස්තර පිණිස බලන්න:ඛු.නි: විමානවත්ථු පේතවත්ථු.

▲විමංසා-Inquiry

විමංසා යනු විමසා බැලීමය, එසේ විමසා බලන්නා විමංසක ලෙසින් හඳුන්වයි. ධර්මය පිලිබඳ යහපත් අවබෝධය ලබා ගැනීමපිණිස ධර්ම කරුණු, නිතර විමසා බලා, පැහැදිලි අවබෝධය ලබා ගතයුතුයයි බුදුන් වහන්සේ සංඝයාට අනුසාසනා කර ඇත. අනුන්ගේ සිත් දැනගැනීමේ නුවණ නොමැති මහණ විසින් තථාගතයන් සම්බුද්ධ ද? යයි පිරික්ෂා කළයුතු යයි බුදුන් වහන්සේ මෙහිදී පෙන්වා ඇත. එතුමන්ගේ කායසමචාරය, වාක් සමාචාරය ආදීය සොයා බලා, උන්වහන්සේ හට කෙළෙස් නොමැතිබව අවබෝධ කරගතයුතුය. සටහන: විමංසා කිරීම ප්‍රඥාව ඇතිකරගැනීමට උපකාරිවේ. මූලාශ්‍ර:ම.නි: (1): 1.5.7 විමංසක සූත්‍රය, පි.764, EMN:47: Vīmaṁsaka Sutta, p.401.

▲ වීමංසා ඉද්දිපාද- Wimansa iIddipada : වීමංසා ඉද්දිපාද සතර ඉද්දිපාද වලින් එකකි. බලන්න: සතර ඉද්දිපාද සටහන: මේ ඉද්දිපාදය, වීමංසා සමාධිය ඉද්දිපාද ලෙසින්ද පෙන්වා ඇත: සමාධිය ලබාගැනීම පිණිස (ධර්ම විචය) ඇතිව, ප්‍රධාන විරිය ඇතිව, වීමංසා ඉද්දිපාදය පිහිට කොට, අකුසල මැඩ, සිත සමාධියට පත් කර ගැනීමය. මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග: ඉද්දිපාද සංයුත්ත:7.2.3 ඡන්ද සූත්‍රය, පි.48,ESN: 51: Iddipadasamyutta: 13.3 Concentration due to desire, p. 2073.

▲විමුක්තිය: පාලි: විමුත‍්තී- Liberation: ධර්මයට අනුව විමුක්තිය -විමොක්ඛය යනු සසර දුකින් නිදහස් වීමය. නිවන ලැබීමය.විමුක්තිය ආකාර 2 කට අනුව සිදුවේ: චේතෝ විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය. සියලු ධර්මතා විමුක්තිය සාරය (හරය) කොට ඇත යයි බුදුන් වහන්සේ වදාළහ.

විමුත‍්තීසාරා සබ‍්බෙ ධම‍්මා (Liberation is their core). බලන්න: අංගු.නි: (1) 2 නිපාත: 2.1.8 මූලක සූත්‍රය.

▼ විමුක්තියට උපකාරී ධර්මතා- Things which support liberation චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ලබා දෙන ධර්මතා : 1) කයේ අසුභය ආවර්ජනය 2) ආහාරයෙහි ප්‍රතිකූලසංඥාව වැඩිම 3) සබ්බලෝකේ අනභිරත සංඥාව වැඩිම 4) සබ්බසංඛාරයෙහි අනාත්ම සංඥාව වැඩිම 5) මරණ සංඥාව වැඩිම 6) අනිච්ච සංඥාව වැඩිම 7) අනිච්චේ දුක්ඛ සංඥාව වැඩිම 8) දුක්ඛේ අනත්ත සංඥාව වැඩිම 9) පහාන සංඥාව වැඩිම 10) විරාග සංඥාව වැඩිම 11) නිරෝධ සංඥාව වැඩිම හා විපුලබවට පත් කරගැනීම. මූලාශ්‍රය: අංගු.නි: ( 3): 5 නිපාත: 5.2.3.1හා 5.2.3.2 චේතෝවිමුක්ති ඵල සූත්‍ර 2 කි, පි. 156, EAN: 5: 71.1 & 72.2 Liberation of Mind, p. 263.

▼ තථාගතයන් වහන්සේ, විමුක්තිය පිළිබඳ අවබෝධය ගැන, ආනන්ද තෙරුන් මෙසේ වදාළහ:

“විමුක්තිය ලැබූ හෝ ලබන හෝ මතුවට ලබාගන්නා ලෝකයේ ඕනෑම පුද්ගලයෙක් පළමුව ප්‍රඥාව දුර්වල කරන පංච නිවරණ ප්‍රහීණය කලයුතුය; ඉන්පසු සතර සතිපට්ඨානය මනාව පිහිටුවාගත් සිතකින්, නිවැරදි ලෙසින් සප්ත බොජ්ඣංග ධර්ම වැඩිය යුතුය. මේ ක්‍රමයට සත්වයෝ ලෝකයෙන් නිකුත්ව විමුත්තිය ලබයි. මූලාශ්‍ර: අංගු.නි:(6 )10-නිපාත: 10.2.5.5. උත්තිය සුත්‍රය,පි.374, EAN:10: V,95-5 Uttiya, p.536.

▲ විමුක්ති ආයතන- Bases of liberation; විමුක්ති ආයතන: සියලු කෙළෙස් ප්‍රහීණකර නිවන ලබාගැනීම පිලිබඳ කටයුතු කරණ ආකාරයය. විමුක්ති ආයතන 5 කි. බලන්න: පංච විමුක්ති ආයතන. මූලාශ්‍රය: අංගු.නි: (3): 5 නිපාත:පංචඅන්ගිකවග්ග: 5.1.3.6 විමුත්තායතන සූත්‍රය, පි.54.

▲ විමුක්ති ඥානය-Vimukthi Nana: ආරිය මාර්ගයේ විමුක්තිය ලබා, ප්‍රහීණය කරගත් උප කෙලෙශයන් ගැන ආපසු බැලීම විමුක්ති ඥානය වේ. එනම් සෝතාපන්න වීමෙන් සක්කාය දිට්ටිය ආදී අංග 3 ක් පහකර ගැනීම, අනාගාමී: ඔරම්භාගිය සංයෝජන පහකිරීම, අරහත්: දස සංයෝජන පහකර ගැනීම ආදී වශයෙන්ය. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදා 1: 13 විමුක්ති ඤාණය, පි.157.

▲ විමුක්ති ඥාන දර්ශනය -knowledge and vision: විමුක්ති ඥාන දර්ශනය ලෙසින් පෙන්වා ඇත්තේ සසර දුක නිමකර නිවන ලැබීමය, ඒ පුද්ගලයා උත්තරීතර මනුෂ්‍යයාය, ඒ සඳහා ගතයුතු මග ආරිය අටමගය. එම උතුම් බව ලැබූ පුද්ගලයා ආහුනෙය්‍ය,පාහුනෙය්‍ය බවට සුදුසුය. බලන්න: උත්තරීතර මනුෂ්‍යයා. මූලාශ්‍ර: සංයු.නි: ( 5-1):මහාවග්ග:මග්ගසංයුත්ත: 1.5.7 ඤාණදස්සන සූත්‍රය, පි. 76, ESN: 45: Maggasamyutta:42-48, knowledge and vision, p. 1651.

▲ විමුක්ති මග- the emancipating way: බ්‍රහ්මචරියාව- ආධ්‍යාත්මික මග, විමුක්ති මග ලෙසින්ද හඳුන්වයි. බලන්න: ආධ්‍යාත්මික මග, EAN: note 352,p. 597, බ්‍රහ්මචරියාව.

▲ විමුක්ති රසය- Vimuktirasa: ධර්මයේ ඇති එකම රසය විමුක්ති රසයය. බලන්න: එක රසය. මූලාශ්‍ර:අංගු.නි: 8 නිපාත: 8.1.2.9 පහාරාද සූත්‍රය, පි.103, EAN:8:19.9 Pahārāda,p.421.

▲ විමුක්ති සම්පන්න- Vimuktisampanna: විමුක්ති සම්පන්න වීම, සංඝයාට ආහුනෙය්‍ය,පාහුනෙය්‍ය ආදිය ලැබීමට අවශ්‍ය කරුණු 5 න් එකකි. බලන්න: ආහුනෙය්‍ය ආදී ගුණ. මූලාශ්‍රය: අංගු.නි: (3): 5 නිපාත: ඵාසුවිහාරවග්ග: 5.3.1.7 සීලසම්පන්න සූත්‍රය, පි.236, රාජවග්ග: 5.3.4.9 අකන්ඛම සූත්‍රය, පි.277.

▲ විමොක්ඛ- Deliverance: විමොක්ඛ -විමුක්තිය (විමොක‍්ඛා) යනු දුකින් නිදහස්වීමය-සසරින් ගැලවීමය-යළි උපත නිමකරගැනීමය. විමොක්ක දොරටු තුනකි (Doors of liberation / emancipation): විමොක්ක දොරටු තුන නිවන සාක්ෂාත්කර ගැනීමය පිණිසය. 1) සුඤ්ඤත විමොක්ක (විමොක්ෂය) : හිස්බව, මේ සසුනේ මහණ, පංචස්කන්ධය මමය, මාගේය, මගේ ආත්මය යයි නොගෙන අනාත්ම බව- කිසිදෙයක් නොමැතිබව- ශුන්‍ය බව මෙනෙහිකරයි. එසේ මෙනෙහි කරන භාවනා යෝගියාට උපදින මාර්ගය සුඤ්ඤත විමොක්ෂ යවේ. 2) අනිමිත්ත විමොක්ක (විමොක්ෂය): නිමිති රහිතබව, මේ සසුනේ මහණ, පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් බලන්නේ එහි නිත්‍ය නිමිත්තක් නැතිබව මෙනෙහිකරයි. සංඥා, දිට්ඨි, චිත්ත විපල්ලාස හෙවත් නිත්‍ය යන වැටහීමෙන් මිදෙන මග අනිත්‍ය සංඥාව වැඩීමය. එසේ මෙනෙහි කරන භාවනා යෝගියාට උපදින මාර්ගය : අනිමිත්ත විමොක්ෂයවේ. 3) අප්පණිහිත විමොක්ක :මේ සසුනේ මහණ, පංචස්කන්ධය දුක බව මෙනෙහි කරමින් එයට ඇති ආශාව දුරුකරයි.

‘එතං මම එතං සුඛං’: ආදීවූ පංච උපාදානස්කන්ධය ‘මමය මට ඇති සැපයය’ යන තණ්හාව බැහැරකරයි. එසේ අප්පණිහිත සංඥාව වඩනවිට, දුක අවබෝධව, තන්හාව පහවයයි. එසේ උපදින මාර්ගය අප්පණිහිත විමොක්ෂයවේ. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදාමග්ග:1: මහාවග්ග-විමොක්ඛ කථා.

▲විමොක්ඛ අට - 8 Ways to liberation: විමොක්ඛ අට: සිව් ජාන හා අරූප සමාපත්ති සතරය. බලන්න: අෂ්ඨ විමොක්ක.

▲විමොක්ක මාර්ග 11 - 11 Ways to liberation: මෙහිදී ආනන්ද තෙරුන්, අරහත්වය ලැබීම පිණිස බුදුන් වහන්සේ වදාළ. විමොක්ඛ මාර්ග 11ක් පෙන්වා ඇත: 1-4)සිව්ජාන 5-8) සිව්බ්‍රහ්මවිහාර 9-11) අරූපසමාපත්ති. මූලාශ්‍රය: අංගු.නි: (6): 11 නිපාත: 2 අනුසති වගග: 11.2.6 අට්ඨකනාගර සූත්‍රය, පි.674

වය

▲ වයධම්ම-Cessation: වයධම්ම යනු වෙනස්වීමය, නැතිවියාමය. හේතුප්‍රත්‍ය යෙන් හටගත් ස්කන්ධ ධර්මයන්ගේ විපරිණාමය දැකීම වයවේ. බලන්න:විවිධ ඥාන, උදයත්තගාමිණි ප්‍රඥාව. බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “...රූපය වයධම්මය...වේදනාව...සංඥාව... සංස්කාර...විඥාණය වයධම්මය (නැසෙනසුළුය). එසේ දකිනා ආරිය ශ්‍රාවකයාට රහත්බව පිණිස අනෙකක් නැත”. සටහන: සංයු.නි: (4): සළායතනවග්ග: වේදනාසංයුත්ත:1.4.8 වයධම්ම සූත්‍රයේ (පි.84), මෙයට සමාන විස්තරයක් දක්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (3) ඛන්ධවග්ග: රාධසංයුත්ත: 2.2.10 වයධම්මසූත්‍රය,පි.386.

▲ ව්‍යාධිධම්ම- Vyadidhamma: ව්‍යාධිධම්ම යනු සියල්ල (සියලු ධර්මතා ( ලෙඩවන බවය-ආබාධයටපත්වන බවය. මූලාශ්‍රය:සංයු.නි: (4): සළායතනවග්ග:වේදනාසංයුත්ත:ජාතිධම්මවග්ග: 1.4.3 ව්‍යාධිධම්ම සූත්‍රය, පි.84.

▲ව්‍යාපාදය:පාලි: බ්‍යාපාදො - ill will: ව්‍යාපාදය -තරහ, සිත කෙළෙසන ධර්මයකි දස අකුසල්වලින් එකකි, ධර්ම මාර්ගය අහුරවන නීවරණයකි, අකුසල මූලයකි. මෙය කෙනෙක් දුගතියට පත්කිරීමට හේතුවේ. බලන්න: උපකෙළෙස, නීවරණ, දසඅකුසල.

▼ ව්‍යාපාදය ඇතිවීමේ ක්‍රියාවලිය හා එමගින් පුහුදුන් මිනිසා තුන් දොරින් අකුසල ක්‍රියා කිරීමට යෙදීම මේ සූත්‍රයේ විස්තර කර ඇත. මූලාශ්‍ර: සංයු.නි: ( 2 ): නිදානවග්ග: ධාතුසංයුත්ත: 2.2.2 සනිදාන සූත්‍රය,පි. 258, ESN: 14: Dathusamyutta: 12.2 With a source, p. 751.

▼ බුදුන් වහන්සේ තරහ සිත් ඇති කෙනෙකුගේ ස්වභාවය මෙසේ දක්වා ඇත:

“මේ ලෝකයේ කෙනෙක් තරහ සිත් ඇතිව සිටි. ඔහු ක්‍රෝධසිතින් මෙසේ සිතයි: ‘මේ සත්‍වයෝ මැරෙත්වා, ඝාතනය වේවා, මුල්ම නැසෙත්වා, විනාශවෙත්වා, සහමුලින්ම නැතිවේවා’.”

“ඉධ භික‍්ඛවෙ එකච‍්චො බ්‍යාපන‍්නචිත‍්තො හොති පදුට‍්ඨමනසඬකප‍්පො,‘ඉමෙ සත‍්තා භඤ‍්ඤනතුවා බජ‍්ඣනතුවා උච‍්ඡිජ‍්ජනතුවා විනස‍්සනතු වා මා වා අහෙසුනන‍්ති’ ”. මූලාශ්‍ර:අංගු.නි: (6): 10 නිපාත: කරජකාය වග්ග: 10.5.1.1. පඨම නිරය සූත්‍රය, පි. 548, EAN:10: The Deed-born body: 211.1 Hell, p. 556.

▼ වෙනත් මුලාශ්‍ර: 1. “ව්‍යාපාද: නම් හිතේසැප විනාශයට හේතුවූ දුෂිතවූ සිතය. සිත විකාර ගත වීමය”: සද්ධර්ම කෝෂය, පි. 104. 2. “ද්වේෂය- ව්‍යාපාදය නිසා බොහෝ අකුසල ඇතිවේ. මෙය ලෝභයට වඩා දරුණුය. ලෝභය නිසා අකුසල ඇතිවී වැඩි එන්නේ සෙමින්ය. ද්වේෂය නිසා අකුසල වේගයෙන් නැගී එති. ද්වේෂයෙන් මඩනා ලද පුද්ගලයා පළමුව රවා බලයි, පරුෂ වචන කියයි, අනුන්ට පහර දෙයි, දේපොළ විනාශ කරයි, සිය දිවි නසා ගනී. ද්වේෂය අකුසල මූලයකි...”. කෙලෙස් එක්දහස් පන්සියය: පි. 124, රේරුකානේ චන්දවිමල මහානාහිමි, 2008.

▲ව්‍යාපාද ධාතුව- Element of ill will : ව්‍යාපාදධාතුව යනු සිතේ ඇති තරහ, වෛර ස්වභාවයය. මෙය නැතිකර ගැනීමට, අව්‍යාපාද ධාතුව- මිත්‍රශීලිබව- මෙත්තාව වැඩිය යුතුවේ. බලන්න: ත්‍රිවිධ ධර්මතා. සටහන: ව්‍යාපාද විතර්කය යනු ව්‍යාපාදධාතුව බව මෙහි දක්වා ඇත. බලන්න: සංයු.නි: (2): නිදානවග්ග: ධාතුසංයුත්ත: 2.2.2 සනිදාන සූත්‍රය,පි. 258

▲ ව්‍යාපාද නිස්සරණිය ධාතුව- element of escape from ill will ක්‍රෝධය තරහ ආදී පටිඝයෙහි සිත නොයෙදවා ඉන් මිදීම ව්‍යාපාද නිස්සරණිය ධාතුවය. බලන්න: නිස්සරණිය ධාතු.

▲ ව්‍යාපාද විතක්ක- Thoughts of ill will: ව්‍යාපාද විතක්ක යනු සිතේ ඇතිවූ තරහ, වෛරය පිළිබඳව සිතිවිලි පවත්වාගෙන යෑමය. මෙය නැතිකර ගැනීමට, අව්‍යාපාද විතක්ක- මෙත්තා සහගත සිතිවිලි වැඩිය යුතුවේ. බලන්න: ව්‍යාපාද ධාතුව, ත්‍රිවිධ ධර්මතා.

▲ ව්‍යාපාද සංඥා - Perceptions of ill will: ව්‍යාපාද සංඥා යනු සිතට ගත් තරහ, වෛරය ආදී අරමුණු පවත්වාගෙන යෑමය. මෙය නැතිකර ගැනීමට, සංඥාව වෙනස් කර අව්‍යාපාද සංඥාව- මෙත්තා සහගත අරමුණු ඇතිකර ගතයුතුය. බලන්න: ත්‍රිවිධ ධර්මතා.

▲ වායෝ ධාතුව - wind element: සතර මහා භූතයන්ගෙන් එකකි. බලන්න: සතර මහා භූත, ධාතුමනසිකාර භාවනාව.

වර

▲ වෛරය- Hatred: වෛරය (දොසො), අනුන්කෙරෙහි ඇති දැඩි තරහය, දසඅකුසලයන්ගෙන් එක් අකුසලයකි. මූලාශ්‍රය: අංගු.නි: (3): 5 නිපාත: උපාසකවග්ග:5.4.3.4 වෙරසූත්‍රය, පි.354.

▼මේ සූත්‍රයන්හි, වෛර 5 හා භය 5 විස්තරාත්මකව පෙන්වා ඇත.

මූලාශ්‍රය: අංගු.නි: (5): 9 නිපාත: වෙරභය සූත්‍ර 2 කි, පි.478.

▲වර්ධනය-Growth: වර්ධනය (වඩ්ඪි) යනු යම්කිසි දෙයක වැඩිමය, නැගී ඒමය. ආධ්‍යාත්මික මගේ වර්ධනයට උපකාරීවන කරුණු: 1) ශ්‍රද්ධාවර්ධනය 2) ශිලවර්ධනය 3) ප්‍රඥාවර්ධනය. මූලාශ්‍රය: අංගු.නි:(1 ): 3 නිපාත: යොධාජීවවග්ග:3.3.4.7 සූත්‍රය, පි.556.

▼කරුණු 5 ක් ඇති ආරිය ශ්‍රාවකයා, ආරිය ශ්‍රාවිකාවය, ආරිය වර්ධනය ඇතිකර ගනි. : 1) ශ්‍රද්ධාවර්ධනය 2) ශිලවර්ධනය 3) ශ්‍රැතවර්ධනය 4) ත්‍යාග වර්ධනය 5.) ප්‍රඥාවර්ධනය. ඔවුන් මේ භවයේදීම ජිවිත සාරය (නිවන) ලබාගනී. මූලාශ්‍ර:අංගු.නි: (3): 5 නිපාත: සඤඤාවග්ග: ප්‍රථම හා දුතිය වඩ්ඪි සූත්‍ර, පි. 150, සංයු.නි: (4): සළායතනවග්ග: මාතුගාමසංයුත්ත:බලවග්ග:3.3.10 වඩ්ඪි සූත්‍රය, පි.498.

▼කරුණු 10 ක් ඇති ගිහි ආරිය ශ්‍රාවකයා මේ භවයේදීම ජිවිත සාරය (නිවන) ලබාගනී. 1) කෙත්වතු වැඩේ 2) ධන ධ්‍යාන වැඩේ 3) දරුවන් වැඩේ 4) දාස ආදීන් වැඩේ 5 ) පශුසම්පත් ආදියෙන් වැඩේ (6-10) ශිලය ආදී පෙරදක්වා ඇති කරුණු 5. මූලාශ්‍රය:අංගු.නි: (6): 10 නිපාත: ආකංන්ඛෙයියවග්ග:10.2.3.4 වඩ්ඪි සූත්‍රය, පි.272.

▲ වර්ණාකිරීම-Praise: වර්ණාකිරීම: ගුණ දැක ඔහුට ප්‍රසංසාකිරීමය. එහෙත්, වර්ණාකිරීමට නුසුදුසු ගුණ ඇති අය ගැන හෝ කරුණු පිලිබඳ ගුණ කියන අය නිරයගාමිවන බව මේ සූත්‍රයන්හි දක්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (2): 4 නිපාත:මචලවග්ග: 4.2.4.3 වණ්ණ සූත්‍රය, පි. 180, අංගු.නි: (3): 5 නිපාත: 5.3.2.6 වණ්ණ සූත්‍රය, පි.246.

▲ වැරදි ක්‍රියා:පාලි: වජ‍්ජ- Faults: වැරදි ක්‍රියා යනු, අපරාධ, අසම්මත ක්‍රියාය (සමාජය පිලිනොගත් හැසිරීම). බුදුන් වහන්සේ වැරදි ක්‍රියා 2 ක් පෙන්වා ඇත: 1) දිට්ඨධම්ම වැරදි ක්‍රියා (දිට‍්ඨධම‍්ම වජ‍්ජ) : මෙලොවදීම දුක් විපාක විඳීමට සිදුවන වැරදි ක්‍රියා 2) සම්පරායික වැරදි ක්‍රියා (සම‍්පරායික වජ‍්ජ): පරලොව දී දුක් විපාක විඳීමට සිදුවන වැරදි ක්‍රියා. දිට්ඨධම්ම වැරදි ක්‍රියා: සොරකම් කර හසුවූ කෙනෙකුට රජය විසින් දඬුවම් ලබාදේ- විශාල මුදලක් වන්දි ලෙසින් ගෙවීමට, සිරගේ සිටිමට, ආදී දඬුවම් විඳීමට සිදුවේ. වැරදි කිරීම නිසා මෙලොවදී විඳීමට සිදුවන දඬුවම් දන්නා, දකිනා නුවණැති පුද්ගලයා වැරදි ක්‍රියා දුර ලයි. වැරදි ක්‍රියා ගැන දඬුවම් බලන්න: EAN: note: 216: p. 591. සම්පරායික වැරදි ක්‍රියා: තුන් දොරින් කරන ලාමක පාපි ක්‍රියා පරලොවදී ( සතර අපායේ ආදී) දුක් විපාක දෙන වැරදි ක්‍රියාවන්ය. ධර්මය දත් නුවණැති පුද්ගලයා, වැරදි ක්‍රියා කිරීමෙන්, මතු දුගතියේ දී විඳීමට සිදුවන දුක් පීඩා සිහිපත්කර ඒවායේ නොයෙදේ. බුදුන් වහන්සේ භික්ෂුන්ට අවවාද කළේ , දිට්ඨධම්ම වැරදි ක්‍රියා හා සම්පරයික වැරදි ක්‍රියා කිරීම බිය ගෙනෙදෙන බව දැන, ඒවායින් වැළකීමට පුරුදු පුහුණු වියයුතු බවය. සටහන: අංගු.නි: (1): 2 නිපාත:පුග්ගලවග්ග: 4.3.4.5 වජ්ජපුග්ගල සූත්‍රයේ: වැරදි ක්‍රියා කරන පුද්ගලයන් 3 දෙනක් ගැන පෙන්වා ඇත: සාවද්‍ය, වද්‍යබහුල, අල්පවද්‍ය. මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත:වස්සුපනායිකාවග්ග: 2.1.1.1. වජ්ජ සුත්‍රය, පි. 133, EAN: 2: 1.1 Faults, p. 56.

▲ විරද්ධ-Viraddha: විරද්ධ යනු වරදවා ගැනීමය. මෙහිදී පෙන්වා ඇත්තේ ආරිය අටමග වරදවා ගැනීමෙන් සිදුවන අයහපතය. බලන්න:: සංයු.නි: (5-10: මහාවග්ග: මග්ගසංයුත්ත:පටිපදාවග්ග: 1.4.3 විරද්ධ සූත්‍රය, පි.66.

▼ මෙහිදී පෙන්වා ඇත්තේ සතරසතිපට්ඨානය වරදවා ගැනීමෙන් සිදුවන අයහපතය. මූලාශ්‍රය: සංයු.නි: (5-1): මහාවග්ග: සතිපට්ඨාන සංයුත්ත:අනනුස්සුතවග්ග: 3.4.3 විරද්ධ සූත්‍රය, පි.350.

▼ මෙහිදී පෙන්වා ඇත්තේ සතර ඉද්දිපාද වරදවා ගැනීමෙන් සිදුවන අයහපතය. මූලාශ්‍රය: සංයු.නි: (5-2): මහාවග්ග: ඉද්දිපාදසංයුත්ත:චාපාලවග්ග:7.1.2 විරද්ධ සූත්‍රය, පි.26.

▲ විරාගය- Dispassion: විරාගය (විරාගො) යනු සසරට නො ඇල්මය- පංච උපාදානස්කන්ධයට නො ඇලීමය. සංඛත හෝ වේවා අසංඛත හෝ වේවා (හේතු ප්‍රත්‍යයෙන් සකස්වූ හෝ හේතු ප්‍රත්‍යයෙන් ඇතිනොවූ) යම්තාක් ධර්මයෝ ඇත්නම්, විරාගය ඒ හැමට වඩා අග්‍රය: එමගින්, රාග ආදීවූ මද මඩන්නේය, ආශාව නම්වූ පිපාසය සංසිඳුවන්නේය, ආලය-තණ්හාව සහමුලින්ම නසන්නේය. සසර වටයේ දුක් සිඳදමන්නේය. තණ්හාව ක්‍ෂය කරන, විරාගය ඇති, නිරෝධය ඇති නිවනක් ඇත්ද එය අග්‍රය. යම්කෙනෙක් විරාග ධර්මයේ පැහැදෙන්නේ නම් ඔහු අග්‍රවූ දේ කෙරෙහි පැහැදී ඇත. අග්‍රස්ථානය කෙරෙහි ප්‍රසන්නවූ ඒ තැනැත්තාට අග්‍ර විපාක ලැබේ යයි බුදුන් වහන්සේ වදාළහ:

“ යාවතා භික‍්ඛවෙ ධම‍්මා සඬඛතා වා අසඬඛතා වා, විරාගො තෙසං ධම‍්මානං අග‍්ගමක‍්ඛායාති. යදීදං මදනිම‍්මදනො පිපාසවිනයො ආලයසමුග‍්ඝාතො වට‍්ටුපච‍්ඡෙදො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං. යෙ භික‍්ඛවෙ ධම‍්මෙ පස‍්සනා, අග‍්ගෙ තෙ පස‍්සනා, අග‍්ගෙ ඛො පන පස‍්සනානං අග‍්ගො විපාකො හොති”. සටහන: විරාගය යනු නිවනය. නිවන අරමුණු කරගත් උපසමානුසති භාවනාවේ යෙදෙන යෝගියා ඉහත දැක්වූ ගාථාව මෙනහිකරයි. බලන්න: උපසමානුසති භාවනාව. මූලාශ්‍ර: අංගු.නි: (2 ): 4 නිපාත: 4.1.4.4. අග්ගප්පසාද සූත්‍රය, පි. 92, EAN: 4: 34.4 Confidence, p.161, අංගු.නි: (3 ): 5 නිපාතය:2 චුන්දී සූත්‍රය,පි.75, EAN: 5: 32.2 Cundi, p.247.

▼ විරාගය හෙවත් නොඇල්ම- සය ඉන්ද්‍රිය පිනවීමටඇති ඇල්ම-ආශාව නැතිවීයාම සසරින් එතෙරවීමේ මගය. විරාගයට පත් සිතේ විමුක්තිය ඇතිවේ. බුදුන්වහන්සේ වදාලේ විරාගය මගින් විමුත්තිඥාන දර්ශනය ඇතිවන බවය- නිවන සාක්ෂාත්වීමය. මූලාශ්‍ර:අංගු.නි:( 6 )11නිපාත: 1 නිසසය වගග,11.1.1.කීමත්ථිය සුත්‍රය, 11.1.2 න චෙතනාය කරණිය සුත්‍රය පි.611-614, EAN:11: I Dependence, 1-1 What Purpose,1-2 Volition p.566.

▼විරාග ධර්මය යනු නිවනය, ඒ පිණිස ඇති මග (නිවන්මග) මේ සූත්‍රයන්හි පෙන්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (4): සළායතනවග්ග: අසංඛතසංයුත්ත:9.2- විරාගසූත්‍ර, පි.688.

▼ රාගය දුරුකිරීම විරාගය බවද, ඒ පිණිස ඇති මග ආරියඅටමග ය. මූලාශ්‍රය: සංයු.නි: (5-1): මහාවග්ග: මග්ගසංයුත්ත:1.5.1 විරාග සූත්‍රය, පි.72.

▼සතර සතිපට්ඨාන වර්ධනය, විරාගය පිණිස වේ. මූලාශ්‍රය: සංයු.නි: (5-1): මහාවග්ග: සතිපට්ඨානසංයුත්ත:අනනුස්සුතවග්ග: 3.4.2 විරාග සූත්‍රය, පි.347.

▼ මෙහිදී විරාගය මාර්ගය බව, විමුක්තිය ඵලය බව පෙන්වා ඇත. මූලාශ්‍රය:ඛු.නි: පටිසම්භිදා 2: යුගනද්ධ: 2.5 විරාග කථා, පි.92.

▲ විරාග සංඥාව: පාලි: විරාගසඤ‍්ඤා- perception of dispassion: විරාග සංඥාව ලෙසින් පෙන්වා ඇත්තේ ලෝකයේ සකස්වූ ධර්මතා වලට ඇති ඇල්ම- තණ්හාව පහවියාමය. නිවන සාක්ෂාත් කර ගැනීමට උපකාර කරගන්නා භාවනා ක්‍රමයකි. බලන්න: දස සංඥා, භාවනාව, ගිරිමානන්ද සූත්‍රය.

▼විරාගසංඥාව භාවිතා කිරීම, බහුලව භාවිතා කිරීම නිසා මහත්ඵල මහා ආනිසංස ලැබෙන බව මෙහි දක්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (5-1): මහාවග්ග:බොජ්ඣංගසංයුත්ත:නිරෝධවග්ග: 2.8.- විරාග සූත්‍ර, පි. 275.

▲ වීරාතෙරණිය- Vira Therani: බලන්න: උපග්‍රන්ථය:2

▲වීරිය: පාලි: විරියා - Striving-energy : වීරිය යනු අකුසල පහ කරගැනීමට හා කුසල වඩා ගැනීමට ඇති අදීට්ඨානයය, උත්සාහයය. වීරිය, ඉන්ද්‍රියක් හා බලයක් ලෙසින් ක්‍රියා කරනවිට ආධ්‍යාත්මික වර්ධනයට විශේෂ බවක් ඇතිවේ. මෙය සේඛ පුහුණුවේ යෙදෙන භික්ෂූන් සතු ගුණයකි, ආරිය අටමගේ එක් අංගයකි, එනම්, සම්මා වායාමය. වීරිය, සප්ත බොජ්ඣංග ධර්මයකි. විරිය නොමැතිව ආධ්‍යාත්මික මග වඩා ගත නොහැකිය.ශබ්දකෝෂ:පා.සිං.ශ: පි.460: “විරිය: ශක්තිය, බලය, ආනුභාවය”.B.D: p. 199: “Viriya: Energy-virility, manliness, heroism, is one of the 5 spiritual faculties… is identical with Right Effort in the 8 fold path”.

▼ වීරිය ඇතිකරගැනීම අවස්ථා 3ක් අනුව සිදුවේ. 1) ආරම්භක ධාතුව (ආරම්භවිරිය- ආරබ්ධ විරිය) 2) නික්කම ධාතුව (නික්කම විරිය- නික්මීමේ විරිය) 3) පරාක්‍රමධාතු (පරාක්‍රම විරිය- දැඩි විරිය). යම් කටයුත්ත කරගැනීම පිණිස පළමුව ගන්නා උත්සාහය ආරම්භක ධාතුවය. එම කටයුත්ත නොනවත්වා කර ගැනීමට උත්සාහය පවත්වා ගැනීම නික්කම ධාතුවය. සියලු බාධා අවහිර මැඩගැනීම පිණිස යොදාගන්නා බලගතු විරිය පරාක්‍රමධාතුවය. ථිනමිද්ධය පහකර ගැනීම පිණිස විරිය යොදාගැනීම ගැන බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“මහණෙනි... නුපන් ථිනමිද්ධය නො ඉපදවීම පිණිස, උපන් ථිනමිද්ධය පහකර ගැනීම පිණිස ආරම්භක ධාතුව, නික්කම ධාතුව, පරාක්‍රමධාතුව යම් සේ වේද, එබඳු අන් එක ධර්මයක් මම (බුදු නුවණින්) නොදකිමි...” ( Bhikkhus, I do not see even one other thing on account of which un-arisen dullness and drowsiness do not arise and arisen dullness and drowsiness are abandoned so much as the element of instigation, the element of persistence, the element of exertion). සටහන: * Ārambhadhātu, nikkamadhātu, parakkamadhātu. Mp explains these as three successively more powerful degrees of energy. බලන්න:EAN:note:33,p.581. මූලාශ්‍ර: අංගු.නි: (1 ): 1 නිපාත:නීවරණප්‍රහාණවග්ග: 1.2.8 සූත්‍රය, පි. 46, EAN: 1: Obsession of the mind: 18.8 sutta, p. 37.

▼ අකුසල නැති කරගැනීමට හා කුසල ධර්ම ඇතිකරගැනීමට, වඩා ගැනීමට, ආරම්භක විරිය (ආරද්ධවීරිය) වැනි, වෙනත් එකම ධර්මතාවයක් නොමැති බව බුදුන් වහන්සේ වදාළහ.බලන්න:අංගු.නි: (1): 1 නිපාත: විරියආරම්භවග්ග සූත්‍ර, පි. 60.

▼ප්‍රධාන විරිය පිරිම: ලෝකයේ දුකසේ වැඩිය යුතු ප්‍රධාන වීරිය 2කි:1) සංඝයාට සිව්පස පිරිනැමීම පිණිස ගිහියන් දරන වීරිය 2) ගිහිගෙයින් නික්ම අනගාරික ලෙසින් (පබ්බජා), සියලු උපධි නැතිකරගැනීමට දරන වීරිය- නිවන පිණිස. දෙවන වීරිය අග්‍ර ය.. සටහන්: * මේ වීරිය ප්‍රධාන වීරිය ලෙසින්ද පෙන්වා ඇත. ** දෙවන වීරිය ‘සබ්බඋපධි පටිනිස්සගො’: අටුවාවට අනුව උපධි 3 කි:පංච උපාදානස්කන්ධය, කෙළෙස්, සංඛාර-චේතනාය. (ස්කන්ධ, කේලේශ, අභිසංස්කාර). එම උපධි ප්‍රහීණය කිරීම සබ්බඋපධි පටිනිස්සගොය. මෙය නිවන හඳුන්වන පදයකි. බලන්න: EAN: note: 219,p. 591. මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත: 2.1.1.2 පධාන සූත්‍රය, පි.136, EAN:2: 2.2 Striving, p. 56.

▲ වීරියආරම්භ ඤාණය-Knowledge about beginning of Striving: නො හැකුළුණු සිත් ඇතිව, නිවනට මෙහෙයවූ ආත්මය ඇතිවිමය. මෙහිදී පෙන්නා ඇත්තේ සම්මා ප්‍රධන වීරියය. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදා 1: 38 වීරියආරම්භ ඤාණය, පි.218.

▲ වීරිය ඉන්ද්‍රිය: පාලි: විරියිනද්‍රියං-faculty of energy: වීරිය ඉන්ද්‍රිය, ආධ්‍යාත්මික ඉන්ද්‍රිය පහෙන් එකකි, මාර්ගයට විශේෂතාවයක් ලබා දෙයි, බෝධි පාක්‍ෂික ධම්මයකි, ආරියඅටමගේ එක් අංගයකි. බලන්න: පංච ඉන්ද්‍රිය.

▼ වීරිය ඉන්ද්‍රිය යනු කුමක්ද?:

“කතමඤ‍්ච භික‍්ඛවෙ විරියිනද්‍රියං: ඉධ භික‍්ඛවෙ, අරියසාවකො ආරද‍්ධවීරියො විහරති, අකුසලානං ධම‍්මානං පහානාය, කුසලානං ධම‍්මානං උපසම‍්පදාය ථාමවා දළ‍්හපරාක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු. ඉදං වූච‍්චති විරියිනද්‍රියං”. ආරිය ශ්‍රාවකයා අකුසල් දහම් ප්‍රහාණය පිණිස කුසල් දහම් රැස්කරගැනීමට පිරිපුන් වීරිය යොදයි. කුසල් දහම් පිණිස තිර වීරිය ඇත. දැඩි පරාක්‍රමය ඇතිව, කුසල් ඇතිකර ගැනීමට නොපැකිලිව කටයුතු කරයි. මෙය වීරිය ඉන්ද්‍රිය ය. මේ ඉන්ද්‍රිය දැකිය හැක්කේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය තුලින්ය. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග: ඉන්ද්‍රියසංයුත්ත: 4.1.8 දට්ඨබ්බ සූත්‍රය හා 4.1.9. විභංග සූත්‍රය, පි. 377, ESN: Mahavagga: 48 : Indriyasamyutta: 8.8 To be seen & 9.9 Analysis, p. 1933.

▲ වීරිය ඉද්දීපාද - Viriya Iddipada: සතර ඉද්දිපාද යන්ගෙන් එකකි.වීරිය සමාධි ඉද්දිපාද ලෙසින් ද පෙන්වා ඇත. සමාධිය ලබාගැනීමට, වීරිය ඇතිකර ගනී, ප්‍රධාන විරිය ඇතිව, වීරිය ඉද්දිපාදය පිහිට කොට, අකුසල මැඩ, සිත සමාධියට පත් කර ගනි. මූලාශ්‍ර: සංයු.නි: (5-2 ): මහාවග්ග: ඉද්දිපාද සංයුත්ත:7.2.3 ඡන්ද සූත්‍රය, පි.48,ESN: 51: Iddipadasamyutta: 13.3 Concentration due to desire, p. 2073.

▲ වෙරෝචන අසුරරජු-Verochna King of Asura: බුදුන් වහන්සේ බැහැදැකීමට සක්දෙවිඳු හා මේ අසුරරජු පැමිණීම මෙහි විස්තර කර ඇත. මූලාශ්‍රය: සංයු.නි: (1): සගාථවග්ග: සක්ඛසංයුත්ත: 11.1.8 වෙරෝචන අසුරින්ද සූත්‍රය, පි.428.

▲ වේරම්භවාතය- Verammbha wind: වේරම්භවාතය යනු උස් අහසේ ඇතිවෙන මහා කුණාටු සුළඟටය. එයට හසුවෙන පක්ෂියන්ට, උන්ගේ අවයව පාලනය කර ගත නොහැකිව මහා දුකට පත්වේ. එලෙසින්, ලාභසත්කාර ආදියට යටවෙන සංඝයාට, ඉන්ද්‍රිය සංවරය නොමැති නිසා ඔවුන්, රාගආදී මහා කෙළෙස් කුණාටුවට යටවී දුකට පත්වේ. බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍රය:සංයු.නි: (2): නිදානවග්ග: ලාභසත්කාර සංයුත්ත:ද්‍රරුණවග්ග:5.1.9 වේරම්භ සූත්‍රය, පි.372.

▲ විරුඪක හා විරූපාක්ෂ දෙවියෝ- Virudaka * Virupaksha Devata බලන්න: සතර වරම් දෙවියෝ.

වල

▲වලාහක දේව නිකාය- Cloud Devas: වලාහක දේව නිකාය යනු වැස්ස ඇතිකරන දෙවියන්ය1) ශිත වලාහක දෙවියෝ 2) උෂ්ණ වලාහක දෙවියෝ 3) කුණාටු වලාහක දෙවියෝ (අබ්භවලාහක) 4) වාත (සුළං) වලාහක දෙවියෝ 5) වැස්ස වලාහක දෙවියෝ. මේ දේවනිකායේ පහළවීම පිණිස මෙලොවදී ත්‍රිවිධ සුචරිතයේ හැසිරිය යුතුවේ. පින් කළයුතුය. මේ දෙවියෝ වර්ණවත්ය, දීර්ඝ ආයුස ඇත, සුඛසම්පත් ඇත්තෝය. ඒ ඒ දෙවියන් සිතනා පරිදි ශිත, උෂ්ණ ආදී වලාකුළු ඇතිවේ. සටහන: වලාහක දෙවියන්ගේ කැමැත්ත පරිදි: ශිත කාලයේ හෝ ග්‍රීෂ්මකාලයේ සිසිල් බව ඇතිවේ; එසේම, කාලයේදී හෝ අකාලයේදී උණුසුම ඇතිවේ; එසේම කාලයේ හෝ අකාලයේ වලාකුළු අහසේ ඇතිවේ; කාලයේ හෝ අකාලයේ දැඩි සුළං ඇතිවේ; එසේම කලයේ හෝ අකාලයේ වැස්ස ඇතිවේ. මූලාශ්‍ර: සංයු.නි: (3): ඛන්ධවග්ග: වලාහක සංයුත්ත: සූත්‍ර, පි.540, ESN: 32 : valahaka- saṃyutta, p. 1158.

▲වලාකුළු- Clouds: වලාකුළු (මේඝය) වර්ෂාව ඇති කරයි. වලාකුළු වලට අධිපති දෙවියන් ගැන විස්තර පිණිස බලන්න: සංයු.නි: (3): ඛන්ධවග්ග:වලාහකසංයුත්තය

▲ වලාකුළු බඳු පුද්ගලයෝ- Persons similar to clouds: සිව් දෙනෙකි: 1) කෙනෙක් කථා කරයි, එහෙත් ක්‍රියා නොකරයි. ඔහු ගිගිරුම ඇති, වැස්ස නැති වලාකුළු බඳුය. ඔහු ධර්මය විස්තරාත්මකව හදාරයි එහෙත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර නොමැත. 2) කෙනෙක් කථා නොකරයි, එහෙත් ක්‍රියා කරයි. ඔහු ගිගිරුම නැති වැස්ස ඇති වලාකුළු බඳුය. ඔහු ධර්මය විස්තරාත්මකව හදාරා නැත, එහෙත්, චතුරාර්ය සත්‍ය අවබෝධකර ඇත. 3) කෙනෙක් කථා නොකරයි, එසේම ක්‍රියා නොකරයි. ඔහු ගිගිරුම නැති වැස්ස නැති වලාකුළු බඳුය. ඔහු ධර්මය හදාරන්නේ නැත, එසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කර නොමැත 4) කෙනෙක් කථා කරයි, එසේම ක්‍රියා කරයි. ඔහු ගිගිරුම ඇති වැස්ස ඇති වලාකුළු බඳුය. ඔහු ධර්මය විස්තරාත්මකව හදාරා ඇත, එසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ඇත. මූලාශ්‍ර: අංගු.නි: ( 3): 4 නිපාත: වලාහකවග්ග: 4.3.1.1. හා 4.3.1.2 සූත්‍ර, පි. 218, EAN: 4: 101.1 Clouds-1 & 2 , p. 185.

▲විලේපන-Vilepana: විලේපන යනු සුවඳවිලවුන් වලින් කය සැරසීමය. දසසිල් ආරක්ෂා කරන අය එවැනි දෙයින් වැළකේ. විලේපන දරන අය වැඩිය, ඒ සිකපදය ආරක්ෂා කරන අය අල්පය. මූලාශ්‍රය: සංයු.නි: (5-2): මහාවග්ග: සච්චසංයුත්ත:12.8.10 විලේපන සූත්‍රය, පි. 364.

වළ

▲වළඳ -the pot: වළඳ යනු මැටියෙන් සැදු භාජනයකි. මේ උපමාව යොදගෙන බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ ආධ්‍යාත්මික වර්ධනය දියුණු කරගත් පුද්ගලයා ඉහළට - උසස්බවට පත්වීමය- උතුම් යළි උපතක් ලබිමය. ගිතෙල් වැනි තෙල් බහා ලන ලද වළඳක්, ගැඹුරු විලක පතිත කලවිට, වළඳ බිඳී, මැටි කෑලි විලේ පතුලට යයි, තෙල් ඉහළට එයි. එලෙස, ධර්මානුකූල ජීවිතය ගත්කල පුද්ගලයා ගිතෙල්, මෙන් ඉහළට යයි. මූලාශ්‍රය: සංයු.නි: (5-2) මහාවග්ග: සෝතාපත්තිසංයුත්ත:11.3.1 මහානාම සූත්‍රය, පි.206.

▲ වෙළෙන්දා උපමාව-Simile of the shop keeper: ධර්ම මාර්ගයේ පරිහානියට පත්වීම හා වර්ධනය ඇතිකර ගැනීම පෙන්වා දිමට, මේ උපමාව යොදාගෙන ඇත. ධනය ලබා ගැනීමට හා ලබාගත් ධනය වර්ධනය කිරීමට දවස තුලදී කාර්යශුර නැති වෙළෙන්දා අසමත්වේ. එලෙස, උදැසන, දිවාකල හා හවස් කාලයේ ධර්මයේ කාර්යශුර නැති මහණ, මාර්ගයේ පරිහාණියට පත්වේ. එහෙත්, මුළු දවස තුල කාර්යශුරව කටයුතු කරන වෙළෙන්දා ධනය ලබාගැනීමට සමත්වේ. එලෙසින්, මුළු දවස තුල කාර්යශුරව, ධර්මයේ හැසිරෙන මහණ, කුසල ධර්ම ඇතිකර ගැනීමට හා විපුල කරගැනීමට දක්‍ෂවේ. කරුණු 3ක් ඇති වෙළෙන්දා මහා ධන සමපත් ලබාගැනීමට දක්ෂවේ: 1) වෙළඳ භාණ්ඩ පිලිබඳ තීක්‍ෂණ ඇස තිබීම- ඒවා ගැන හොඳ අවබෝධය ඇතිබව 2) වගකීමෙන් කටයුතු කිරීම- මිලදී ගැනීම හා විකිණීම පිළිබඳව ශුරබව තිබීම 3) වෙළඳ කටයුතු පිණිස අනුග්‍රාහකයන් ලැබීම- ඔහුගේ දක්ෂ බව දකින ධනවත් පුද්ගලයෝ තමන්ගේ ධනය ඒ වෙළඳ කටයුතුවලට ආයෝජනය කිරීමට කැමතිවේ. එලෙස, යහපත් ගුණ ඇති භික්ෂුව ධර්මයේ දක්ෂ වේ, මාර්ගය වඩාගනී. එම ගුණ නොමැති භික්ෂුව මාර්ගයේ පරිහාණියට පත්වේ. බලන්න: ධර්ම මාර්ගය. මූලාශ්‍ර: අංගු.නි: (2): 3 නිපාත: 3.1.2.9 -10 සූත්‍ර 2කි, පි. 256, EAN:3: 19.9 & 20.10 Shopkeeper, p. 84.

▲ වැළඳීම-Eating alms food: සංඝයා පිණ්ඩපාතයෙන් ලත් ආහාර අනුභවය, වැළඳීමය. මේ සූත්‍රයේදී සැරියුත් තෙරුන් අන්‍ය ආගමිකයන්ගේ හා බුද්ධ ශ්‍රාවකයන්ගේ වැළඳීමේ වෙනස පෙන්වා ඇත. 1) යටිමුව වැළඳීම: වාස්තුවිද්‍යාව නම්වූ මිථ්‍යා ජිවනයෙන් ජීවිතය ගෙනයන මහණ බමුණන්ගේ ආහාර ගැනීමය. 2) උඩුමුව වැළඳීම: නක්ෂත්‍රවිද්‍යාව නම්වූ මිථ්‍යා ජිවනයෙන් ජීවිතය ගෙනයන මහණබමුණන්ගේ ආහාර ගැනීමය. 3) සිව්දිගට මුව ඇතිව වැළඳීම: සිව්දිගට පණිවිඩ ගෙනයාම නම්වූ මිථ්‍යා ජිවනයෙන් ජීවිතය ගෙනයන මහණබමුණන්ගේ ආහාර ගැනීමය. 4) සිව්අනුදීගට මුව ඇතිව වැළඳීම: අංගවිද්‍යාව නම්වූ මිථ්‍යා ජිවනයෙන් ජීවිතය ගෙනයන මහණබමුණන්ගේ ආහාර ගැනීමය. තමන්වහන්සේ එවැනිදේ නොමැතිව දැහැමින් භික්ෂාව සොයා වළඳන බව සැරියුත් තෙරුන් වදාළහ. සටහන: මේ සූත්‍රය වදාළේ සුචිමුඛ නම් පරිබ්‍රාජිකවටය. මූලාශ්‍රය: සංයු.නි: (3): ඛන්ධවග්ග: සාරිපුත්‍රසංයුත්ත: 7.1.10 සුචිමුඛි සූත්‍රය, පි.500.

වළු

▲ වෙළුකන්ට උත්තරානන්දමාතා උපාසිකා- Velukanta nandamatha upasika: බලන්න: උපග්‍රන්ථය:3.

▲ වේළුවන ආරාමය- කලන්දක නිවාප- Veluvanayaarama: මගධදේශයේ, රජගහනුවර පිහිටි මේ ආරාමය බුදුන් වහන්සේ හා සංඝයා වැඩ වාසය කළ ස්ථානයකි.මගධයේ අධිපති, බිම්බිසාර රජතුමා, බුදුන් වහන්සේට, එම උයන පුජා කළහ: “...බිම්බිසාර රජුට ගමට නොදුරවූ, ගමට නොලංවූ, යෑම ඒම පහසු වූ, බුදුන් වැඳීම හා දහම් ඇසීම ප්‍රයෝජන කොට ඇති...දහවල ජනසමුහයා ගැවසීම නැති. රාත්‍රීහි නිසල...විවේකයට යෝග්‍ය යම් සෙනසුනක් වන්නේද... යන සිතක් ඇතිවිය”. වේළුවන උයන එම කටයුතු පිණිස සුදුසු බව අවබෝධ කරගත් රජතුමා, ඒ උයන බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝයාහට ... භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි රන් කෙණ්ඩියකින් පැන් වත්කොට පුජා කරන ලදී. සටහන: වේළු- උණබට ගොමුවලින් සකස්වී ඇති නිසා වේළුවනය ලෙසින් නම් කර ඇත. බොහෝ ලේනන් වාසය කරන ස්ථානයක් හා -ඒ සතුන්ට අභය බිමක් නිසා - කලන්දක නිවාප ලෙසින්ද හඳුන්වයි. බලන්න: බිම්බිසාර රජ. මූලාශ්‍රය: වින.පි: මහාවග්ග පාලිය 1, පි.159.

▲වේළුද්වාර ගම්වැසියෝ- Villagers from Veluddwara: බලන්න: උප ග්‍රන්ථය:3

වව

▲ විවට්ට ඤාණ-Vivatta Nana: විවට්ට ඤාණ (විවර්තඥාන- විවට්ටඥාන ෂට්කය) යනු ඤාණ 6 ක් ය: 1)සංඥා විවට්ට ඤාණය: නෙක්ඛම්මය අධිකකොට ඇති ප්‍රඥාවය 2) චේතෝ විවට්ට ඤාණය: ධර්මතාවල නා නා ස්වභාවය දන්නා ප්‍රඥාවය 3) චිත්ත විවට්ට ඤාණය: නෙක්ඛ්ම්ම ආදී ධර්මතා වල සිත පිහිටුවා ගැනීමේ ප්‍රඥාව 4)ඥානවිවට්ට ඤාණය: ශුන්‍යතාව (අනාත්ම දර්ශනය) පිලිබඳ ප්‍රඥාවය 5) විමෝක්ෂ විවට්ට ඤාණය: කාමච්ඡන්ද ආදිය දුරුකරගැනීමේ ප්‍රඥාව 6) සත්‍ය විවට්ට ඤාණය- චතුසත්‍ය පිලිබඳ අවිපරිත ස්වභාවය අවබෝධය. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදා 1: 44-49 විවට්ට ඤාණ, පි.226.

▲විවාද-Debate: විවාද යනු යම් මතයකට පැමිණ ඒ පිලිබඳ අන්‍යයන් හා වාද, කළහ කිරීමය. බ්‍රහ්ම චරියාවේ යෙදන සංඝයා විවාද වලින් බැහැරව කටයුතු කලයුතුය යි බුදුන් වහන්සේ අවවාද වදාළහ. උපාලි මහාතෙරුන් සංඝයා විවාදයන්ට එළඹීමට හේතු කරුණු බුදුන් වහන්සේ ගෙන් අසා ඇත. බුදුන් වහන්සේ එ කරුණු මෙසේ පෙන්වා ඇත: ධර්මය අධර්මය ලෙසින් පෙන්වීම, අධර්මය ධර්මය ලෙසින් පෙන්වීම , අවිනය විනය ලෙසින් පෙන්වීම, විනය අවිනය ලෙසින් පෙන්වීම, තථාගත යන් ගේ භාෂිතය, ප්‍රඥාප්ති ආදිය වැරදි ලෙසින් දැක්වීම නිසා ඇතිවන සංඝයා ගේ පහසුවිහරණයට බාධා කරයි. බලන්න: වාදවිවාද. මූලාශ්‍රය: අංගු.නි: (6): 10 නිපාත: අකෝකාසවග්ග: 10.1.5.1-3 විවාද සූත්‍ර, පි.166.

▼විවාද මූල: සංඝයා විවාදවලට මූලික වන කරුණු 6 කි:1) ක්‍රෝධය 2) ගුණමකුබව 3) ඉරිසියාව හා මසුරුකම 4) ලාමක ඉච්ඡා 5) මායා-කපටිකම 6) තම දිට්ඨිය දැඩිව ගැනීම නිසා. මූලාශ්‍රය: අංගු.නි: (4): 6 නිපාත:දේවතාවග්ග: 6.1.4.6 විවාදමූල සූත්‍රය, පි.110.

▲ විවිධ ඥාන- Various Knowledges: විවිධ ඥාන ලෙසින් පෙන්වා ඇත්තේ ආධ්‍යාත්මික මග වර්ධනය කරගැනීමට උපකාරීවන නුවණය, අවබෝධයය: 1) ශ්‍රැතමය ඥානය: (සුතමයෙ ඤාණං) : ධර්මය කණෙන් අසා, ඒ පිළිබඳව ඇතිකරගන්නා ප්‍රඥාව. 2) ශිලමය ඥානය (සීලමයෙ ඤාණං) : ධර්මය අසා ඒ ගැන ඇති කරගන්නා ප්‍රඥාව. 3) සමාධි භාවනාමය ඥානය (සමාධිභාවනාමයෙ ඤාණං): ශිලයෙන් සංවර වීම නිසා සිත එකඟබවට පත්වීමේන් ඇතිවන ප්‍රඥාව. 4) ධර්මසථිති ඥානය (ධම‍්මට‍්ඨිති ඤාණං): හේතු ප්‍රත්‍ය ධර්මතා පිරිසිඳලෙසින් දන්නා ප්‍රඥාව. 5) සම්මශන ඥානය (සම‍්මසනෙ ඤාණං): අතීත අනාගත වර්තමාන පංච ස්කන්ධ ධර්මයන් ගැන කලාප වශයෙන් රැස්කර නිශ්චය කිරීමේ ප්‍රඥාව. 6) උදයවයදර්ශන ඥානය (උදයබ‍්බයානුපස‍්සනෙ ඤාණං) හේතුප්‍රත්‍ය යෙන් හටගත් ස්කන්ධ ධර්මයන්ගේ විපරිණාමය දැකීමෙහි ප්‍රඥාව. 7) විදර්ශනා ඥානය (විපස‍්සනෙ ඤාණං) :රූපාදී ආලම්භන (අල්වාගැනීම්) ප්‍රත්‍යවෙක්ෂා කොට ඒවා යේ බිඳී යාම භඬගවශයෙන් දැකීමේ ප්‍රඥාව. 8) ආදීනව ඥානය (ආදීනවෙ ඤාණං ) උත්පත්ති ආදියේ භය වටහා ගැනීමේ ප්‍රඥාව. 9) සංසකාරඋපේක්ෂා ඥානය ( සඬඛාරුපෙක‍්ඛාසු ඤාණං): උත්පත්ති ආදිය මුදාලන්නට ඇති කැමැත්ත, ඒ ගැන ඇති ප්‍රත්‍යවෙක්‍ෂාව, අධ්‍යුපෙක්‍ෂණය යන ත්‍රිවිධ ප්‍රඥාව. 10) ගොත්‍රභූ ඥානය: කාම ලෝකයෙන් එතර කරන ප්‍රඥාව. මූලාශ්‍රය :ඛු.නි: පටිසම්භිදා 1: මහාවග්ග, ඥානකථා, පි. 24.

▲ විවිධ පර්ෂද: පාලි: නා නා පරිසා- Various assemblies: පර්ෂදය යනු, සමුහය හෝ එකට එක්වී ඇති පිරිසය. බුදුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස, සංඝ පර්ෂදය ලෙසින් හඳුන්වා ඇත. බුදුන් වහන්සේ, සංඝයා ගේ හැසිරීම අනුව, ඔවුන් වර්ගකර පෙන්වා ඇත: 1) නොගැඹුරු පිරිස: පාලි: උත‍්තානා පරිසා - shallow assembly: මේ ගනයට අයත්වන සංඝයා ගේ ගතිය: කලබල සහිතය (සිත වික්ෂිප්තය), උඩඟුය, ආඩම්බරය, දොඩමළුය, නොනවත්වාම කතා කරයි, සිහිකල්පනාවෙන් කටයුතු නොකරයි, සම්ප්‍රජන්‍යය නොමැත, සමාධිය නොමැත, ඒ මේ අතට දුවන සිත් ඇතිව සිටි, ඉන්ද්‍රිය සංවරය නොමැත. මේ පිරිස උතුම් නැත. ( restless, puffed up, vain, talkative, rambling in their talk, with muddled mindfulness, lacking in clear comprehension, un concentrated, with wandering minds, with loose sense faculties). 2) ගැඹුරු පිරිස (ගාම්භිර):පාලි: ගම‍්භීරා පරිසා deep assembly: මේ ගනයට අයත්වන සංඝයා ගේ ගතිය: කලබල රහිතය, උඩඟුනැත, ආඩම්බරනැත, දොඩමළු කතා නැත, නොනවත්වාම කතා නොකරයි, සති සම්ප්‍රජන්‍යය ඇත, සමාධිය ඇත, ඉන්ද්‍රිය සංවරය ඇත. මේ පිරිස උතුම්ය. 3) බෙදුන පිරිස: පාලි: වග‍්ග පරිසා-divided assembly මේ ගනයට අයත්වන සංඝයා ගේ ගතිය: වාද විවාද, කළහ කරමින් ආරාවුල් ඇති කරයි, තියුණු (දරුණු) වචන වලින් එකිනෙකාට පහරෙදෙයි. මේ පිරිස උතුම්නැත. (arguing and quarreling and fall into disputes, stabbing each other with piercing words). 4) සමගි පිරිස: පාලි: සමග‍්ගා පරිසා- harmonious assembly). මේ ගනයට අයත්වන සංඝයා ගේ ගතිය: එකමුතුබව, විවාද නොමැතිව සමගියෙන් හැසිරේ, කිරි හා දිය මානව මිශ්‍රවන ලෙසින් එකමුතුව සිටි, එකිනෙකා කෙරහි දයාවෙන් යුත් ඇස් ඇතිව හැසිරේ. මේ පිරිස උතුම්ය. (dwell in concord, harmoniously, without disputes, blending like milk and water, viewing each other with eyes of affection) සටහන: ම.නි. උපකිලේශ සූත්‍රයේ පෙන්වා ඇත්තේ, අනුරුද්ධ, නන්දිය හා කිම්බිල තෙරුන්, සමගි පිරිසට ඇති ගුණ සහිතව වාසය කර ඇතිබවය. 5) අග්‍ර නොවන පිරිස: පාලි: අනග‍්ගවතී පරිසා- inferior assembly: මේ ගනයට අයත්වන සංඝයා ගේ ගතිය: මේ පිරිසේ ජේෂ්ඨ භික්ෂුන් සුඛෝපභෝගී, නො සැලකිලිමත් ජිවිතයක් ගතකරයි, ප්‍රතිපත්ති නොරකී, විවේකය ඇති හුදකලා වාසය ප්‍රිය නොකරයි, (මාර්ගයේ) මෙතෙක්, නොලැබූ දේ ලබාගැනීමට, ඉටු නොකරගත් දේ ඉටු කරගැනීමට, සාක්ෂාත් නොකරගත් දේ සාක්ෂාත් කර ගැනීමට වීරිය නො දරයි. ඔවුන්ගේ ගෝල පරම්පරාවද, එලෙසින් හැසිරීමට පුරුදුවේ. මේ පිරිස උතුම් නොවේ. ( elder bhikkhus are luxurious and lax, leaders in backsliding, discarding the duty of solitude; they do not arouse energy for the attainment of the as-yet-unattained, for the achievement of the as-yet-unachieved, for the realization of the as-yet-unrealized) 6) අග්‍ර පිරිස: පාලි: අග‍්ගවතී පරිසා- Superior assembly: මේ ගනයට අයත්වන සංඝයා ගේ ගතිය: මේ පිරිසේ ජේෂ්ඨ භික්ෂුන් සුඛෝපභෝගී, නො සැලකිලිමත් ජිවිතයක් ගතනොකරයි, ප්‍රතිපත්ති රකී, විවේකය ඇති හුදකලා වාසය ප්‍රිය කරයි, (මාර්ගයේ) මෙතෙක්, නොලැබූ දේ ලබාගැනීමට, ඉටු නොකරගත් දේ ඉටු කරගැනීමට, සාක්ෂාත් නොකරගත් දේ සාක්ෂාත් කර ගැනීමට වීරිය දරයි. මේ පිරිස උතුම්ය. 7) ආනාරිය පිරිස: පාලි: අනරියා-ignoble assembly: මේ ගනයට අයත්වන සංඝයා ගේ ගතිය: චතුරාර්යසත්‍ය යථා පරිදි නොදනී. මේ පිරිස උතුම්නොවේ. 8) ආරිය පිරිස: පාලි:අරියා- noble assembly: මේ ගනයට අයත්වන සංඝයා ගේ ගතිය: චතුරාර්යසත්‍ය යථා පරිදි දනී. මේ පිරිස උතුම්ය

9) වැඩකට නැති පිරිස :පාලි:පරිසකසටො- dregs of an assembly: මේ ගනයට අයත්වන සංඝයා ගේ ගතිය: ආශාව නිසා (ඡන්‍දය- desire), ක්‍රෝධය නිසා (දෝසය-hate) , අවිද්‍යාව නිසා (මෝහය- delusion) , බියගුළුකම නිසා (භය- fear) අධර්ම මාර්ගය -අගතිමග ගනි . මේ පිරිස උතුම්නොවේ. බලන්න: අගති මාර්ගය හා අගති නොවන මාර්ගය. 10) ඉස්තරම් පිරිස (සරු) : පාලි: මණෙඩා- cream of an assembly මේ ගනයට අයත්වන සංඝයා ගේ ගතිය: ආශාව, ක්‍රෝධය, අවිද්‍යාව, බියගුළුකම යන සතර අගතිය ඔවුන්ට නොමැත. මේ පිරිස උතුම්ය. 11) නිෂ්ඵල කතා පුරුදු, විමර්ශනය නුපුරුදු පිරිස:පාලි: ඔක‍්කාචිතවිනීතා පරිසා නො පටිපුච‍්ඡාවිනීතා - assembly trained in vain talk, not in interrogation: මේ ගනයට අයත්වන සංඝයා ගේ ගතිය: තථාගතයන් වහන්සේ වදාළ ගාම්භීර ධර්මය ඇසීමට හෝ ඒ ගැන අවබෝධයක් ලැබීමට කැමති නොවේ. සසුනෙන් බාහිරවූ දේශනා ආදියට කැමතිය. ඒවා ගැන අවබෝධයක් ලබා ගැනීමට කැමතිය. එහෙත් ඒවා ගැන විමසීමක් නොකරයි. මේ පිරිස උතුම් නොවේ.12) විමර්ශනය පුරුදු, නිෂ්ඵල කතා නුපුරුදු: පාලි: පටිපුච‍්ඡාවිනීතා පරිසා නො ඔක‍්කාචිතවිනීතා assembly trained in interrogation, not in vain talk: මේ ගනයට අයත්වන සංඝයා ගේ ගතිය: සසුනෙන් බාහිරවූ දේශනා ආදිය ඇසීමට, ඉගෙන ගැනීමට ඔවුන් සිත් යොදවන්නේ නැත, එහෙත්, තථාගතයන් වහන්සේ වදාළ ගාම්භීර ධර්මය ඇසීමට, එය අවබෝධ කරගැනීමට සිත යොදවයි, ඒවා ගැන විමසා බලයි. මේ පිරිස උතුම්ය. සටහන: ඔක‍්කාචිතවිනීත: නොහික්මුණු, නොදැමුණු: පා.සිං.ශ: පි. 219, පටිපුච‍්ඡාවිනීතා : විචාරීම, විමසීම: පා.සිං.ශ: පි. 355.13) ආමිසය ගරු කරන සදහම් ගරු නොකරන පිරිස: පාලි: ආමිසගරු පරිසා නො සදධම‍්මගරු- assembly that values worldly things not the good Dhamma: මේ ගනයට අයත්වන සංඝයා ගේ ගතිය: මේ සංඝයා තමන්ගේ හා තමන් ගේ මිතුරු සංඝයා ගේ නොමැති ගුණ (මාර්ගඵල ලැබීම, සිල්වත් බව ආදී), යහපත් සංඝයා පිලිබඳ වැරදි ප්‍රකාශ ආදිය ලාභ සත්කාර ලබාගැනීම පිණිස දායකයන්ට පවසා එමගින් සිව්පසය ආදිය ලබයි. ඒවායේ ගැලී සිටින ඔවුන් සද්ධර්මයේ අගය නොදනී. මේ පිරිස උතුම් නොවේ. 14) සදහම් ගරු කරන ආමිසය ගරු නොකරන පිරිස: පාලි: සදධම‍්මගරු පරිසා නො ආමිසගරු- assembly that values the good Dhamma, not worldly things: මේ ගනයට අයත්වන සංඝයා ගේ ගතිය: මේ සංඝයා තමන්ගේ හා අන්‍යයන් ගේ ගුණ, අගුණ ගිහි දයකයන්හට, ලාභ ලබාගැනීම පිණිස වර්ණනා නො කරයි. සිව්පසයට නොඇලි ඒවා පරිහරණය කරයි. ආමිසයේ ආදීනවද, නිස්සරණය දන්නා ඔවුන් සද්ධර්මය ගරු කරයි. මේ පිරිස උතුම්ය. 15) විෂම පිරිස: පාලි: විසම පරිසා-unrighteous assembly righteous assembly.මේ ගනයට අයත්වන සංඝයා ගේ ගතිය: මේ සංඝයා ධර්ම කර්ම නොකරයි, අධර්ම කර්ම කරයි. විනය කර්ම නොකරයි, අවිනය කර්ම කරයි, ධර්ම කරුණු, විනය කරුණු පැහැදිලි නොකරයි, අධර්ම කරුණු, අවිනය කරුණු පැහැදිලි කරයි. ඔවුන් නිසා ධර්මය විනය දීප්තිමත් නොවේ. මේ පිරිස උතුම් නොවේ. 16) සමපිරිස: පාලි:සමා පරිසා righteous assemblyමේ ගනයට අයත්වන සංඝයා ගේ ගතිය: මේ සංඝයා ධර්ම කර්ම හා විනය කර්ම පමණක් කරයි, ඒවා පැහැදිලි කරදෙයි. ඔවුන් නිසා ධර්මය විනය දීප්තිමත්වේ. මේ පිරිස උතුම්ය. 17) අධාර්මික පිරිස: පාලි: අධම‍්මික පරිසා:- assembly that acts contrary to the Dhamma මේ ගනයට අයත්වන සංඝයා ගේ ගතිය: මේ සංඝයා ධර්ම විනයට අනුකූලව කටයුතු නො කරයි. මේ පිරිස උතුම් නොවේ. 18) ධාර්මික පිරිස:පාලි: ධම‍්මික පරිසා - assembly that acts in accordance with the Dhamma. මේ ගනයට අයත්වන සංඝයා ගේ ගතිය: මේ සංඝයා ධර්ම විනයට අනුකූලව කටයුතු කරයි. මේ පිරිස අග්‍රය. 19) අධර්මවාදී පිරිස:පාලි: අධම‍්මවාදීනී පරිසා - assembly that speaks non-Dhamma. මේ ගනයට අයත්වන සංඝයා ගේ ගතිය: මේ සංඝයා ධර්මයට අනුකූලවූ හෝ අනුකුල නොවූ විනය කරුණක් සලකා බලනවිට, ඒ ගැන ධර්මයට අනුකුලව කටයුතු නොකරයි. තමන්ට ඇති මත ආදිය වෙනස් නොකර තදින් අල්ලා ගෙන සිටි. අන්‍යයන් ගේ අදහස් නොවිමසයි. මේ පිරිස උතුම් නොවේ. 20) ධර්මවාදී පිරිස:පාලි: ධම‍්මවාදීනී පරිසා- assembly that speaks Dhamma. මේ ගනයට අයත්වන සංඝයා ගේ ගතිය: මේ සංඝයා ධර්මයට අනුකූලවූ හෝ අනුකුල නොවූ විනය කරුණක් සලකා බලනවිට, ඒ ගැන ධර්මයට අනුකුලව කටයුතු කරයි. තමන්ට ඇති මත ආදිය වෙනස් නොකර තදින් අල්ලා ගෙන නොසිටි. අන්‍යයන් ගේ අදහස් විමසයි. මේ පිරිස උතුම්ය. මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත: 2.1.5.1 -2.1.5.10 සූත්‍ර, පි. 174, EAN:2: 42.1- 51.10, Suttas, p. 64.

▲ විවේචනය- criticism: අනුන් විවේචනය කිරීම (උපාරමභචිතතං), දුසිල්වත් පුද්ගලයා ගේ ලක්ෂණයකි. විවේචනයට බර පුද්ගලයාට අවුල්සහගත සිත, අසම්ප්‍රජන්‍යය හා සිත විසිරීයාම යන අකුසල පහකර ගැනීමට නොහැකිය. එහෙත්, කෙනෙක් විවේචනයේ නොයෙදේනම්, ඔහුට පෙරකී අකුසල 3 පහකර ගත හැකිවේ. මූලාශ්‍ර: අංගු.නි: (6 ):10 නිපාත: 10.2.3.6. තයෝධම්ම සූත්‍රය,පි.284, EAN, 10: 76-6. Incapable, p. 524.

▲ විවේකය-Solitude: කය හා සිත නිසල කරගෙන් සුවපත්ව වාසය කිරීම විවේකයවේ. ආධ්‍යාත්මික මාර්ගය වඩා ගැනීම පිණිස විවේකිව වාසය කිරීම වැදගත් යයි බුදුන් වහන්සේ අනුසාසනා කර ඇත. මෙහිදී විවේකය පිණිස වනයට පැමිණි භික්ෂුවක්, යහපත් ලෙසින් විවේකිව නො සිටිනු දැක වන දෙවතාවක් ඔහුට අවවාද කර, සංවේගය ඇතිකිරීම විස්තර කර ඇත. මූලාශ්‍රය: සංයු.නි: (1): සගාථවග්ග: වනසංයුත්ත: 9.1.1.ව්වේකසූත්‍රය, පි.378.

▼විවේකිව වාසය කලයුතු ආකාරය පිලිබඳ බුද්ධ අනුසාසනා මෙහි විස්තර කර ඇත. මූලාශ්‍රය:ඛු.නි: පටිසම්භිදා 2: පඤඤාවග්ග: 3.4 විවේක කථා, පි.214.

▼ මෙහිදී සැරියුත් තෙරුන් තමන්වහන්සේ විවේක සුවයෙන් වාසය කිරීම ලෙසින් පෙන්වා ඇත්තේ ප්‍රථම ජාන සමාපත්තියේ වාසය කිරීම බව පෙන්වා ඇත. මූලාශ්‍රය:සංයු.නි: (3): ඛන්ධකවග්ග: සාරිපුත්ත සංයුත්ත:7.1.1.විවේකජ සූත්‍රය, පි.494.

▲ විවෙකනිස‍්සිතං- Vivekanissitha: විවේකනිස්සිතං ලෙසින් පෙන්වා ඇත්තේ කාය චිත්ත විවේකය ඇතිව, බොජ්ඣංග ධර්ම වඩා ගැනීමය. බලන්න: බොජ්ඣංග ධර්මතා.

වස

▲වසල- Vasala: බුදුන් වහන්සේ වැඩසිටි සමයේ, විසු හීන කුලයක පිරිස, හඳුන්වා ඇත්තේ වසල (චණ්ඩාල-සැඬොල්) ලෙසිනි. කුලයෙන් කිසිවෙක් වසල නොවන බවත් පහත් ක්‍රියාවන්හි නිරත වන්නේ නම් කෙනෙක් වසල යයි හැඳින්වීමට සුදුසුය යි බුදුන් වහන්සේ මේසූත්‍රයේදී පෙන්වා ඇත:

“ජාතියෙන් වාසල නොවේ; ජාතියෙන් බ්‍රාහ්මණ නොවේ, කර්මයෙන්වාසල වේ; කර්මයෙන් බ්‍රාහ්මණවේ”: සටහන: වසලයෙක් තුල ඇති පහත් ක්‍රියා පිලිබඳ මෙහි විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍රය: ඛු.නි:සු.නි: උරගවග්ග:1-7 වසල සූත්‍රය, පි. 56.

▲ වසවත්ති දේවපුත්‍ර- Deva Vasavatthi: එක්සමයක, මුගලන් මහා තෙරුන්, දේවලෝකයන්හි චාරිකා කරන අවස්ථවේදී, මේ දේවපුත්‍ර යන්හට ධර්මය දේශනා කිරීම මෙහි දක්වා ඇත. මූලාශ්‍රය:සංයු.නි:සළායතනවග්ග: මොග්ගල්ලානසංයුත්ත: 6.1 - වසවර්ති සූත්‍ර, පි.544.

▲වස්කාලය -rain retreat: වස්කාලය (වස්සාන) යනු ආධ්‍යාත්මික දියුණුව පිණිස, සංඝයාට කැපකර ඇති මාස 3 ක පමණ විවේක කාලයය. බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සිට පැවති එන ක්‍රමයකි. වර්ෂා ඍතුවේ ඇවිදීම හිතකර නොවන නිසා ඒ කාලය තුල , නියමිත ආරණ්‍යය, ස්ථානයක වාසය කරමින්, සංඝයා තමන්ගේ බ්‍රහ්මචාරි ජීවිතය දියුණු කරගැනීමට උත්සාහ කරයි. වස් කාලය ඇරඹෙන්නේ ඇසල පුර පසලොස්වක දිනයේය. (සාමාන්‍යයෙන් ජුලි මාසයේ අග හෝ අගෝස්තු මාසයේ මුල), අවසන්වන්නේ ඔක්තෝම්බර් හෝ නොවැම්බර් මාසයේ මුලදීය (කාර්තික පුන් පොහෝදිනය). බලන්න: EAN: note: 227, p. 592.

▼ බුදුන් වහන්සේ, වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි, වස්සාන ඍතුවේ වස් එළඹීම පිණිස සංඝයාට අවසර දෙනලදී. වස් එළඹීම් 2 ක්ද ප්‍රකාශ කර ඇත:

‘පෙරවස්’ ආරම්භ වන්නේ, ඇසළ පුන් පොහෝදිනට පසු දිනයේදිය, ‘පසුවස්’ ආරම්භ වන්නේ, ඇසළ පුන් පොහෝයෙන් මසක් ඉක්ම ගිය පසුය. බලන්න: පවාරණ. සටහන: * වින.පි. මහාවග්ග පාලියේ වස්ස පිළිබදව විස්තරාත්මකව දක්වා ඇත. ** පෙරවස් හා පසුවස් ගැන විස්තර පිණිස බලන්න: අංගු.නි: (1): 2 නිපාත: 2.1.1.10. වස්සුපනායිකා සූත්‍රය, පි. 140, EAN:2: 10.10 Entering upon the Rains, p. 57. මූලාශ්‍ර: වින.පි: මහාවග්ග පාලි 1: වස්සුපනායිකඛන්ධකය, පි. 424.

▲ වස්සකාර මහාඇමති -Chiefminister Vassakara: මොහු මගධයේ අජාසත් රජුගේ මහා ඇමතිය. බුදුන් වහන්සේගේ අවසාන චාරිකාවේදී, රජගහනුවර වැඩවසන සමයේදී, රජුගේ නියමය අනුව බුදුන් වහන්සේ බැහැදැකීමට ගිජුකුළු පව්වට පැමිණීම, බුදුන් ප්‍රමුඛ සංඝයාට දන්පුජා කිරීම ආදී විස්තර දීඝ.නි: මහා පරිනිබ්බාන සූත්‍රයේ පෙන්වා ඇත. එම දානයේ අනුසස් පිලිබඳව බුදුන් වහන්සේ වදාළ කරුණු ගැන බලන්න: දානය. මූලාශ්‍ර: වින.පි: මහාවග්ග 2: පි 70 හා දීඝ.නි: (2): මහාපරිනිර්වාන සූත්‍රය, පි.156, EDN : 16 Mahaparinibbana Sutta, p 175.

▲වස්ත්‍රය -Clothes: 1. සිත කෙලෙස් වලින් කිලිටිවන අන්දම දැක්වීමට, බුදුන් වහන්සේ වස්ත්‍ර උපමාව වදාළහ. කිලිටි වස්ත්‍රයක්, වර්ණ කළද, එහි අපිරිසිදුබව නොමැකේ. එහෙත්, පිරිසිදු වස්ත්‍රයක්, වර්ණ කලවිට, ඒ වර්ණය මැනවින් පිහිටයි. කෙලෙස් නිසා සිත කිලිටිවන බව පෙන්වීමට බුදුන් වහන්සේ මේ උපමාව යොදාගෙන ඇත. මූලාශ්‍රය: ම.නි: (1): මූලපරියායවග්ග: 1.1.7 වත්ථුපම සූත්‍රය, පි.102.

2. සැරියුත් තෙරුන් වස්ත්‍ර උපමාව ආශ්‍රයකොට, සප්ත බොජ්ඣංග ධර්මතා වර්ධනයේ ආනිසංස මේ උපමාව යොදාගනිමින් පෙන්වා ඇත. රජෙක් තමාට කැමති කැමති පරිදි, කැමති කැමති වෙලාවකට සුදුසු වස්ත්‍ර හඳින පළඳින ලෙසින්, උන්වහන්සේ, කැමති කාලයක: දිවා රාත්‍රි, සිත ඇති පරිදි, සප්ත බොජ්ඣංග ධර්ම එකින් එක ගෙන වාසය කරන බවය. මූලාශ්‍රය:සංයු.නි; (5-1) මහාවග්ග: බොජ්ඣංගසංයුත්ත: 2.1.4 වත්ථ සූත්‍රය, පි.178.

3. බුදුන් වහන්සේ කසි වස්ත්‍රය උපමාකොට,අප්‍රමාදයේ අගය පෙන්වා ඇත.සියලු වස්ත්‍ර අතරින් ඉතා සිනිඳු කසීවස්ත්‍රය අග්‍රය.එලෙස කුසල් දහම් අතරින් අප්‍රමාදය අග්‍රයය. මූලාශ්‍රය:සංයු.නි; (5-1) මහාවග්ග:මග්ගසංයුත්ත: 1.13 වත්ථ සූත්‍ර, පි.132.

▲ වස්ත්‍ර දානය- Offering clothes: වස්ත්‍ර දන්දෙන කෙනා, වර්ණය ( අලංකාරය) ලබාදේ. බලන්න: දානය.

▲වසුදත්ත දේවපුත්‍ර- Vasudaththa devaputhra: බුදුන් වහන්සේ සැවැත්නුවර වැඩවසන සමයේ මේ දෙවියෝ, සිහිය ඇතිව වාසය කිරීම ගැන බුදුන් වහන්සේ සමග සංවාදයක යෙදීම මෙහි විස්තර කර ඇත. බලන්න: සිහිය. මූලාශ්‍රය: සංයු.නි: (1): සගාථවග්ග: දේවපුත්‍රසංයුත්ත:2.2.6 වසුදත්ත සූත්‍රය, පි. 126.

▲ වාසෙට්ඨ උපාසක -Vasetta upasaka:බලන්න: උප ග්‍රන්ථය:3.

▲ වාසෙට්ඨ බ්‍රාහ්මණ-Vasetta Brahamin: බලන්න: උප ග්‍රන්ථය:3.

▲ වැස්ස-Rain: වැස්ස ඇතිකරන දෙවියෝ වැස්ස වලාහක දෙවියන්, සිත පිහිටුවා ගන්නා ආකරයට (කැමැත්ත පරිදි) කාලයේදී, අකාලයේද වැස්ස ඇතිවේ. මූලාශ්‍රය: සංයු.නි: (3): ඛන්ධවග්ග: වලාහකසංයුත්ත:11.1.57 වැස්සවලාහක සූත්‍රය, පි.546.

▼කාලයට වැසි නොවැසීම: වැස්සට අන්තරාදායක කරුණු (වැසි අන්තරායන්) නිසා, කාලයට වැස්ස නොවසි. වැස්ස ගැන නිමිති කියන අය (rain forecasters) ඒවා ගැන නොදන්නා බව මෙහිදී පෙන්වා ඇත. එබඳු අනතුරු 5 කි: 1) උස් අහසේ තේජෝධාතුව කිපීම නිසා, වලාකුළු විසිරියෑම 2) උස් අහසේ වායෝධාතුව කිපීම නිසා, වලාකුළු විසිරියෑම 3) රාහු අසුර රජු, වැසිජලය දෝතින් ගෙන මහමුහුදට හැලීම 4) වැස්ස වලාහක දෙවියන්ගේ ප්‍රමාදවීම 5) ලෝකයේ මිනිසුන් අධාර්මික වීම. මේ කරුණු නිසා නියම කාලයට වැස්ස නොවසි. මූලාශ්‍රය: අංගු.නි: (3): 5 නිපාත: සොනවග්ග: 5.4.5.7 වැස්සඅන්තරාය සූත්‍රය, පි.412.

▲ වැස්ස බඳු පුද්ගලයෝ-People who are similer to the rain: වැස්ස බඳු පුද්ගලයෝ තිදෙනක් ලෝකයේ සිටි: 1) අවුට්ඨිකසම: නොවස්නා වැසිවලාවක් හා සමානය: මේ පුද්ගලයා මහණ බමුණු දුගී මහි පුලන්නන් ආදී කිසිවෙකුට ආහාරපාන වස්ත්‍ර ආදිය නොදෙයි 2) ප්‍රදේශවර්ෂි: පළාතකට පමණක් වැස්ස ගෙනදෙන වලාවක් හා සමානය: මේ පුද්ගලයා ඇතැම් අයට දාන දෙයි, ඇතැම් අයට දාන නොදෙයි. 3) සර්වත්‍ර වර්ෂි: සැම තැනටම වැස්ස ගෙනදෙන වලාවක් හා සමානය: මේ පුද්ගලයා සියල්ලන්ටම දාන දෙයි. බලන්න:ඛු.නි:ඉතිවුත්තක: 3.3.6 වෘෂ්ටි සූත්‍රය, පි. 434.

▲ වෙසමුනි රජ -King Vesamuni: සිව්වරම් මහා (සතරවරම් දෙවියෝ) රජවරුන්ගෙන් කෙනෙකි. වෙළුකන්ට උත්තරා නන්දමාතා ගේ පෙර ජිවිතයේ සහෝදරයාය. එතුමාගේ ඉල්ලීමක් අනුව ඇය අගසව් දෙනමට මහා දානයක් පිළිගන්වා ඇත. බලන්න: චාතුර්මහාරාජිකිය, පෙර ජිවිත. මූලාශ්‍ර: අංගු.නි: (4 ): 6 නිපාත: 6.1.4.7 ඡළාඬගදාන සූත්‍රය, පි. 112, EAN:6: 37.7 Giving, p. 332.

▲ වෙසාරජ‍්ජ(පාලි): විශාරද- self-confidence: වෙසාරජ‍්ජ- සෑම දෙයින්ම විශාරදබව, බුදුන් වහන්සේ හඳුන්වන ගරු පදයකි. බලන්න: බුද්ධනාම.

▼ තථාගතයන් වහන්සේ සතර ආකාරයෙන් විශාරද වේ: 1) තථාගතයන් වහන්සේ ‘සම්මා සම්බුද්ධ’ ය, උන්වහන්සේ ‘අනභි සම්බුද්ධ’ යයි මේ ලෝකයේ සිටින කිසිවෙකුට චෝදනා කළ නො හැකිය. 2) තථාගතයන් වහන්සේ ‘ක්ෂිණාශ්‍රව’ය (සියලු ආසව ක්‍ෂය කර ඇත), උන්වහන්සේ ‘අපරික්ෂිණයහ’ යයි මේ ලෝකයේ සිටින කිසිවෙකුට චෝදනා කළ නො හැකිය. 3) තථාගතයන් වහන්සේ විසින් (ලෝකයා විපතට පමුණුවන) “අන්තරාකාරී ධර්මතා’ පෙන්වා ඇත. ඒවා සේවනය කරන කෙනෙකුට, ඒවා ‘අන්තරාකාරී නොවන ධර්මතා’ යයි මේ ලෝකයේ සිටින කිසිවෙකුට චෝදනා කළ නො හැකිය. 4) තථාගතයන් වහන්සේ විසින් ‘දුක නැතිකර ගැනීම පිණිස පෙන්වා වදාළ ධර්මය, එලෙසින් පුරුදු පුහුණු කරණ කෙනෙකුට දුක නිමකර ගත හැකිවේ”, ඒ එය එසේ නොවේ යයි මේ කිසිවෙකුට චෝදනා කළ නො හැකිය. සටහන්: * මේ සතර කාරණා තම විශාරද ඥානයෙන් ප්‍රත්‍යවේක්ෂ කරන බුදුන් වහන්සේට උපන් සොම්නස්ස ඥානය චතු වෛසාරද නම්වේ (චතුවෙසාරජ්ජ). ** බලන්න: පා.සි.ශ: : “වෙසාරජ‍්ජ”, පි. 284. මූලාශ්‍ර: අංගු.නි: ( 2 ): 4 නිපාත: 4.1.1.8 වෙසාරජ්ජ සූත්‍රය, පි. 40, EAN:4: 8.8 Self- confidence, p. 150.

▲ වෙස්සභු බුදුන්වහන්සේ-The Buddha Vessabhu: මෙතුමන්, ගොත්ම බුදුන් වහන්සේට පෙර පහළවුහ. වෙස්සභු බුදුන් වහන්සේ පිලිබඳ විස්තර මෙහි දක්වා ඇත.බලන්න:බුද්ධවංශ පාලි:21: වෙස්සභු බුදුන්වහන්සේ.

▼ගෝතම බුදුන් වහන්සේට පෙර වැඩසිටි වෙස්සභු බුදුන් වහන්සේ ගේ සම්බෝධිය පිලිබඳ මෙහි විස්තර කර ඇත. මූලාශ්‍රය:සංයු.නි: (2): නිදානවග්ග: අභිසමයසංයුත්ත: 1.1.6 වෙස්සභු සූත්‍රය, පි.35.

▲ විසාරද බව-skillfull: විසාරදබව යනු පන්සිල් රකිමින්, දක්ෂ ලෙසින් ගිගිගෙයි වාසය කිරීමය. එලෙස ජිවත් නොවන තැනැත්තා අවිසාරදය. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: 5.4.3.2 විසාරද සූත්‍රය, පි.352, සංයු.නි: (4): සළායතන වග්ග: මාතුගාමසංයුත්ත: 3.3.9 විසාරදවාස සූත්‍රය, පි.498.

▼දස අකුසලයේ නොයෙදී දැහැමින් ගිගිජීවිතය ගෙනයාම විසාරද ය. මූලාශ්‍රය: අංගු.නි: (6): 10 නිපාත: 10.5.1.5 විසාරද සූත්‍රය, පි.560.

▲ විසාකා මහා උපාසිකා - Visaka Maha upasika: බලන්න: උපග්‍රන්ථය:3

▲ විසාක උපාසක - Visaka upasak: බලන්න: උපග්‍රන්ථය:3

▲විසාලා මහානුවර -Visala Mahanuwara: වෙසාලි ලෙසින්ද හඳුන්වයි, වජ්ජි ප්‍රදේශයේ පිහිටි, ලිච්චවීන්ගේ අගනුවරය. ගංගානම් නදියේ උතුරු දිගින් පිහිටා ඇත.

“බුදුන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සමයේ වේසාලි නගරය සමෘදධි මත් සැපතින් පිරි නගරයකි. බොහෝ මිනිසුන් ගෙන් ගැවසී, සුව සේ ලැබිය හැකි භික්‍ෂා ඇති තැනකි. සත්දහස්සත්සිය සතක් ප්‍රසාදයෝ විය, සත්දහස්සත්සිය සතක් කුළුගෙවල් විය,සත්දහස්සත්සිය සතක් ආරම විය, සත්දහස්සත්සිය සතක් පොකුණු විය’ මූලාශ්‍රය: වින.පි: මහාවග්ග පාලිය 2: 8 චීවරකන්ධය: පි.166. සටහන්: * විසාලා නුවර ඇතිවූ මහා වසංගතය නිසා දුකට බියට පැමිණි, නුවර වැසියන් අස්වස්නු පිණිස රතන සූත්‍රය දේශනා කර ඇත. බලන්න. පිරිත් සජ්ජායනා. ** බුදුන් වහන්සේ අවසාන චාරිකාවේදී, මේ නුවර අසබඩ පිහිටි මහාවනයේ කූටාගාර ශාලාවේ වැඩ වාසය කලබව දීඝ.නි: මහාපරිනිර්වාණ සූත්‍රයේ දක්වා ඇත.

▲ විසල්පුරවැසි උග්ග උපාසක-Ugga upasaka : බලන්න: උපග්‍රන්ථය:3

▲විසිතුරු ධර්මකතා-Visuthru Dhmmakatha: විසිතුරු ධර්මකතා (චිත්තකථිකානං) දේශනා කරන ඇති භික්ෂුන් අතරෙන් අග්‍ර: කුමාර කාශ්‍යප තෙරුන්ය. බලන්න: උපග්‍රන්ථය:1.

▲ වොස‍්සග‍්ගපරිණාමිං- Vosaggaparinami: මින් අදහස් කරන්නේ සියල්ල හැර, නිවනට සිත යොමුකර බොජ්ඣංග ධර්ම වඩා ගැනීමය. බලන්න: බොජ්ඣංග ධර්මතා, ඔසග්ග.

▲ වෛසය්‍ය කුලය (වෙළඳ)- Vaishaya Cast: බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ පැවති ප්‍රධාන කුල 4 න් එකකි. බලන්න: ගෝත්‍රය.

වශ

▲ වාශිෂ්ඨ තෙර-Vasihsta Thera: බලන්න: උපග්‍රන්ථය:1

▲ විශාඛපංචාලිපුත්ත තෙර- Visākha Pañcāliputta Thera: බලන්න: උපග්‍රන්ථය:1

▲ විශිෂ්ඨ මග- the exquisite way: ආධ්‍යාත්මික මග, විශිෂ්ඨ මගය.බලන්න: ආධ්‍යාත්මික මග.

▲විශිෂ්ඨ රත්න- Best Treasurers: ධර්මයට අනුව විශිෂ්ඨ රත්න (අනගි මැණික්) ලෙසින් පෙන්වා ඇත්තේ මාර්ගය වඩා ගැනීමට උපකාරීවන දේ ගැනය. රතන සූත්‍රයෙදී, ත්‍රිවිධරත්නය අනර්ඝ යයි පෙන්වා ඇත.

▼මිනිසුන්හට ඇති විශිෂ්ඨ- අනගි රත්න කුමක්ද යයි? දෙවියෙක් ඇසුවිට බුදුන් වහන්සේ අනගි රත්න 4ක් පෙන්වා වදාළහ: 1) යම් කෙනක්හට ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිනම් එය ඔහු සතු විශිෂ්ඨ රත්නයකි 2) සිතට සුවය දෙන ධර්මය කෙනෙක් පුරුදු පුහුණු කරන්නේ නම් එය ඔහු සතු විශිෂ්ඨ රත්නයකි 3) සියලු රස අතරින් අග්‍රවූ සත්‍ය, යම් කෙනෙක් සතුනම් එය ඔහු සතු විශිෂ්ඨ රත්නයකි4) ධර්මකාමී ජිවිතයක් ගතකිරීමට උපකාරීවන නුවණ කෙනෙක් සතුනම් එය ඔහු සතු විශිෂ්ඨ රත්නයකි. මූලාශ්‍ර: සංයු.නි: (1): සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.8.3 විතත සූත්‍රය, පි. 103, ESN: 1: Devatasamyutta: 73.3. Treasure, p.155.

▲විශේෂ අවබෝධය :පාලි: අභිඤ‍්ඤාය- direct knowledge: ධර්මයේ විශේෂ දැනුම (අවබෝධය- අභිඥා):ලෙසින් පෙන්වා ඇත්තේ යම් ධර්මතාවයක් පිලිබඳ කරුණු නුවණින් අවබෝධ කරගැනීමය. බුදුන් වහන්සේ, ධර්මය දේශනා කරනවිට ආධ්‍යාත්මික වර්ධනය පිණිස වැඩිය යුතු ධර්මතා (කුසල ධර්ම) හා ප්‍රහාණය කරගතයුතු ධර්මතා (කෙළෙස් ආදිය) යහපත් ලෙසින් අවබෝධ කරගත යුතු යයි අවවාද අනුසාසනා වදාරා ඇත. උදාහරණයක් ලෙසින් ‘දුක’ ඇතිවීම බැලීමට හා නැති කරගැනීම පිණිස, දුක පිලිබඳ විශේෂ දැනුම (අභිඤ‍්ඤාය) තිබිය යුතුවේ. ආරිය අට මග වඩා ගැනීමෙන් එම අවබෝධය ඇතිවේ. බලන්න: අනිච්ච, දුක්ඛ හා අනාත්ම, සය අභිඥා.ශබ්දකෝෂ: පාසිං.ශ: පි.89: “අභිඤ‍්ඤාය: දැනීම, අවබෝධය. විශේෂයෙන් දන්නා බව අභිඥා වේ. පංච අභින්ඥා හා ඡළ අභින්ඥා (6)” . මූලාශ්‍ර: සංයු.නි: (5-1): මග්ගසංයුත්ත: 1.15 දුක්ඛතා සූත්‍රය, පි.156, ESN: Magga samyutta: 165.5 Suffering, p. 1710.

▲ විශේෂභාගිය ධර්ම: පාලි: විසෙසභාගියා ධම‍්මො- Dhamma conducive to distinction: ආධ්‍යාත්මික වර්ධනයට -මාර්ගය වැඩිමට විශේෂයෙන්ම උපකාරිවන (විශේෂත්වය ගෙන දෙන) කරුණු විශේෂභාගිය ධර්ම වේ.

▼විශේෂ බව ගෙන දෙන ධර්මතා: 1) යෝනිසෝමනසිකාරය (යොනිසො මනසිකාරො අයං එකො ධම‍්මො විසෙසභාගීයො).2) සුවචභාවය - කිකරුබව (සොවචස‍්සතාවය ) 3) කල්‍යානමිත්‍ර සේවනය 4) ත්‍රිවිධ කුසල මූල : අලෝභය, අදෝසය හා අමෝහය 5) සතර විසංයෝග: කාම, භව, දිට්ඨි හා අවිජ්ජා යන යොග 4 න් නිදහස් වීම -බැඳීම් ගලවා දැමීම. 6) පංච ඉන්ද්‍රිය: ශ්‍රද්ධා, වීරිය, සතිය, සමාධිය හා ප්‍රඥාව යන ඉන්ද්‍රිය 5 ය. 7) ගෞරව ධර්මසය. මූලාශ්‍ර: දීඝ.නි : (3 ): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

වෂ

▲වෘෂභ-Bull: වෘෂභ යනු ගොනාය. හඳුන්වන විදියකි. ඇතැම් පුද්ගලයන්, ගොනුන් ලෙසින් හැසිරෙන බව මෙ උපමාවෙන් පෙන්වා ඇත. බලන්න:බලිවද්ද උපමාව-උපග්‍රන්ථය:5

▲ විෂම ලෝභය -unrighteous greed: විෂම ලෝභය ලෙසින් යනු අනුන්ගේ සම්පත් ආදිය පිළිබඳව, කෙනෙක් තුල ඇති දැඩි ආශාව- තණ්හාවය, මෙය කෙළෙසකි. බලන්න: කෙළෙස්.

වහ

▲විහාරත්ථ ඥානය- Viharathta Nana: මෙය අනිත්‍යදර්ශනය දන්නා නුවණ ලෙසින් පෙන්වා ඇත. බලන්න: ත්‍රිවිධඥාන. මූලාශ්‍රය: ඛු.නි:පටිසම්භිදා1:ඥාණකථා: 29-31ඥානත්‍රය,පි. 196.

▲විහාර සමාප්‍රත්‍යත්ත ඥානය-Vihara samapthyanana: මෙය ඥානත්‍රය- ත්‍රිවිධ ඥානයන්ගෙන් එකක් බව මෙහි දක්වා ඇත. බලන්න: ත්‍රිවිධඥාන. මූලාශ්‍රය: ඛු.නි:පටිසම්භිදා1:ඥාණකථා: 29-31ඥානත්‍රය,පි. 196.

▲ වීහිංසා- Cruelty: වීහිංසා, හිංසා කිරීම කායික, මානසික වධ හිංසා කිරීම. මෙය අකුසලයකි. වීහිංසාව නැතිකර ගැනීමට අවීහිංසාව වැඩිය යුතුය. බලන්න: සල්ලේඛ පරියාය. මූලාශ්‍රය: අංගු.නි: (4) 6 නිපාත: 6.1.7 සූත්‍රය, පි.284.

▲ විහිංසා ධාතුව - Element of cruelty: අනුන්ට හිරිහැර කිරීම පිළිබඳව සිත්සතන්හි ඇති කැමැත්ත මින් අදහස් කෙරේ. මෙය පහ කරගැනීම පිණිස අවිහිංසාධාතුව-කරුණාසහගත බව ඇතිකර ගත යුතුවේ. බලන්න:ත්‍රිවිධ ධම්මතා. මූලාශ්‍ර:අංගු.නි: ( 4 ): 6 නිපාත: තික වග්ග සූත්‍ර, පි. 280, EAN:6: I Triads, p. 364.

▲ වීහිංසා නිස්සරණිය ධාතුව - Element of escape from cruelty අනුන්ට හිංසාව, පිඩා කිරීමආදී නපුරු සිතිවිලින් සිත මුදාගැනීම මින් අදහස් කෙරේ. බලන්න: ධාතු.

▲ විහිංසා විතක්ක- Thoughts on cruelty: විහිංසාවිතක්ක යනු කෘරබව - අනුන්ට පිඩාකිරීමට සිතේ ඇතිවන සිතුවිලිය. මෙය ප්‍රහාණය පිණිස අවිහිංසාවිතක්කය වැඩිය යුතුය. බලන්න:ත්‍රිවිධ ධම්මතා. මූලාශ්‍ර:අංගු.නි: ( 4 ): 6 නිපාත: තික වග්ග සූත්‍ර, පි. 280, EAN:6: I Triads, p. 364.

▲ විහිංසා සංඥා- Perceptions on cruelty: සිතට ගන්නා අරමුණු මගින්, හිංසාකිරීම ගැන ගන්නා සංඥා, විහිංසාසංඥාවය. මෙය ප්‍රහීණය පිණිස අවිහිංසා සංඥා වැඩිය යුතුවේ. බලන්න:ත්‍රිවිධ ධම්මතා. මූලාශ්‍ර:අංගු.නි: ( 4 ): 6 නිපාත: තික වග්ග සූත්‍ර, පි. 280, EAN:6: I Triads, p. 364.

▲ වෙහප්ඵලා දේව- Vehapphalā deva: මහාඵල ඇති (devas of great fruit): සිව්ජානසමාපත්ති ඇති උසස් බ්‍රහ්ම දෙවියන් වාසය කරන බ්‍රහ්ම ලෝකයකි. බලන්න: බ්‍රහ්ම ලෝක.