ස කොටස

ස කොටස :සක,සඛ,සග,සඝ,සච,සජ,සඤ,සඥ,සත,සථ, සද,සඳ, සධ, සන-සප-සබ-සභ-සම-සය-සර-සල-සළ-සව, සස, සහ

සක

▲සකදාගාමී-Sakadagami: සකදාගාමී යනු ආරිය මාර්ගයේ දෙවන පියවර ලැබීමය. ඒ උතුමෝ, කාමරාග, ව්‍යාපාද යන සංයෝජන 2 හි බල හීන කර, ක්‍රෝධ, පටිඝ, උපනාහ යන කෙළෙස් වල බල බිඳ දමා ඇත.දුගතියෙන් මිදී ඇත, එක් වරක් පමණක් කාමලෝකයේ යළි උපත ලබා දුක කෙළවර කරගනී. බලන්න: සිව්මග සිව්ඵල.

▲ සක්ක නම් යක්ඛ-Sakka named Yakka:බලන්න: යක්ඛ

▲ සංකේතය-Symbol: සංකේතය- සලකුණ -යමක් හැඳින්වීමට උපකාරී කරගන්නා දෙයකි. සංකේත 4 ක් පෙන්වා ඇත: 1. රියට සලකුණ :කොඩිය (ධජය), 2. ගින්නට සලකුණ:දුම, 3. රටට සලකුණ: රජතුමා, 4. ස්ත්‍රියට සලකුණ: සැමියාය. මූලාශ්‍රය:සංයු.නි: (1): සගාථවග්ග: දේවතා සංයුත්ත:1.8.2. රථ සූත්‍රය, පි.104.

▲ සංකිලෙසධම්ම- Sankilesa Dhamma: සංකිලෙසධම්ම යනු හේතු ප්‍රත්‍ය නිසා හටගත් සියලු ධර්මයන්ය. ඒ හැම කෙළෙස් සහගතය ය. මූලාශ්‍රය:සංයු.නි: (4): සළායතනවග්ග:වේදනාසංයුත්ත:ජාතිධම්මවග්ග: 1.4.6 සංකිලෙස ධම්ම සූත්‍රය, පි.84.

▲ සක්කාය දිට්ඨිය: පාලි: සක‍්කායදිට‍්ඨිං- Identity view / Personal-existence view: සක්කාය දිට්ඨිය (සත්කාය දිට්ඨිය-සක්කාය) යනු, අවිද්‍යාව නිසා පංච උපාදානස්කන්ධය තමාය යයි ගැනීමය (තමා යයි කෙනෙක් ඇතය යන අල්වා ගැනීම). එය ආත්මය ලෙසින් අල්වා ගැනීමය, තමා කවරෙක්ද යනවග- අනන්‍යතාවයක් ඇතිකර ගැනීමය. සම්මා දිට්ඨියට නැතිවිට සක්කාය දිට්ඨිය ඇතිවේ. සෝතාපන්නබව ලැබූ විට ඒ දිට්ඨිය නැතිවේ. බලන්න: සෝතාපන්න.

▼ සක්කාය යනු පංච උපාදානස්කන්ධයය: සක්කාය සමුදය- ඇතිවීමට හේතුව තණ්හාවය. එම තණ්හාව නැතිකර ගැනීම සක්කාය නිරෝධයය. සක්කාය නිරෝධ ගාමිනි පටිපදාව, ආරිය අටමග යයි පෙන්වා ඇත. මූලාශ්‍රය:සංයු.නි: (3): ඛන්ධසංයුත්ත:අන්තවග්ග: 1.3.1.3 සක්කාය සූත්‍රය, පි. 302.

▼ සැරියුත් තෙරුන් මෙසේ වදාළහ:

“...මේ උපාදානස්කන්ධ පස සත්කාය යයි බුදුන් වහන්සේ විසින් වදාරන ලදී”. සක්කාය දිට්ඨිය පිරිසිඳ දැනගැනීම පිණිස ආරිය අටමග සම්පුර්ණ කරගත යුතුවේ. සටහන: මේ සූත්‍රය දේශනා කර ඇත්තේ ජම්බූඛාදක පරිබ්‍රාජකයාටය. මූලාශ්‍ර: සංයු.නි :(4 ): සළායතන වග්ග: ජම්බූඛාදක සංයුත්ත:4.1.15 සක්කාය සූත්‍රය,පි. 510, ESN: IV: 38 Jambukhādaka saṃyutta: 15 Identity, p. 1410.

▼ සක්කාය සමුදය හා නිරෝධය: බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ: ධර්මය නොදත් පෘතග්ජනයා, පංච උපාදානස්කන්ධය, ආත්මය ලෙසින් ගැනීම,සක්කාය සමුදය ගාමිණී ප්‍රතිපදාවය, දුක්ඛසමුදයගාමිණී සමනුදර්ශනාව බවය. සක්කාය නිරෝධය-නැතිවීම යනු, ආරිය ශ්‍රාවකයා, පංච උපාදානස්කන්ධය පිලිබඳ යථා අවබෝධය ලැබීමය- ආත්මය ලෙසින් නොගැනිමය. එය සක්කාය නිරෝධ ගාමිණී ප්‍රතිපදාවය, දුක්ඛනිරෝධ ගාමිණීසමනුදර්ශනාව යය. මූලාශ්‍ර: සංයු.නි: (3 ): ඛන්ධසංයුත්ත:අත්තදීපවග්ග: 1.1.5.2 පටිපදා සූත්‍රය, පි. 106, ESN: 22: Khandasamyutta: V:44.2 The Way, p.1031.

▼ විශාක උපාසක, ධම්මදින්නා තෙරණියගෙන්, බුදුන් වහන්සේ සක්කාය දිට්ඨිය ගැන කුමක් වදාරා තිබේද? යයි විමසුහ:

“කතමොනු ඛෝ අය්‍ය සක‍්කායො වූත‍්තො භගවාතා ති?”:

තෙරණිය මෙසේ වදාළහ: “පඤ‍්ච ඛො ඉමෙ...උපාදානක‍්ඛන්‍ධා සක‍්කායො වූත‍්තො භගවාතා”: බුදුන් වහන්සේ මේ පංච උපාදාන ස්කන්ධය, සක්කාය ලෙසින් වදාළහ. සටහන්: * සක්කාය ඇතිවීමට හේතුව තණ්හාව බව ද, එය නැතිකර ගැනීමේ මග ආරිය අටමග වඩා ගැනීම බවද මේ සූත්‍රයේ පෙන්වා ඇත. ** බුදුන් වහන්සේ, තෙරණියගේ දේශනාව අනුමත කර, ධම්මාදින්නා තෙරණිය ප්‍රඥාවන්ත යයි වදාරා ඇත. බලන්න:උපග්‍රන්ථය:1,3. මූලාශ්‍ර: ම.නි: (1) 1.5.4. චූල වෙදල්ල සූත්‍රය,පි. 721, EMN:44: Cūḷavedalla Sutta, p.379.

▼ සක්කාය දිට්ඨිය පහකිරීම: හිස ගිනිගත් කෙනෙක් එම ගින්න වහා නිමා දැමීමට කටයුතු කරන මෙන්, කඩුවකින් පහර ලදවිට වහා ප්‍රතිකාර සොයා යනලෙසින් සක්කාය දිට්ඨිය පහකර ගැනීම පිණිස සිහිය ඇතිව අප්‍රමාදව කටයුතු කළයුතුයයි බුදුන් වහන්සේ මෙහිදී පෙන්වා ඇත. උපමා: 1) හිසගිනි ගැනීම 2) කඩුවකින් පහර ලැබීම.බලන්න: උපග්‍රන්ථය:5 මූලාශ්‍ර: සංයු.නි:(1 ):සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.3.1 සත්ති සූත්‍රය, පි. 50, ESN:1: Devatasamyutta: 21.1 A Sword, p. 83.

▼ සක්කායදිට්ඨිය නැතිකිරීමේ පිළිවෙත: සක්කායදිට්ඨිය ඇතිවිට, රාගය දෝසය හා මෝහය යන අකුසල පවතී. සක්කායදිට්ඨිය නැති කරගැනීමට ධර්මතා 3 ක් පහ කර ගත යුතුවේ:අයෝනිසෝමනසිකාරය, මිථ්‍යාමග ගැනීම, චිත්තලීනත්වය: ධර්මය පිලිබඳ සිතේ ඇති උදාසීන බව ( mental sluggishness). සටහන: සෝතාපන්න මග ඵල ලැබීමට සක්කායදිට්ඨිය පහ කළ යුතුය. මූලාශ්‍ර: අංගු.නි: (6 ):10 නිපාත: ආකංඛවග්ග:10.2.3.6 තයෝධම්ම සූත්‍රය,පි.284, EAN: 10: Tens,76-6.Incapable, p. 524.

▲ සක්කාය නිස්සරණිය ධාතුව-Sakkaya Nissaraniyadhatu: පංච උපාදානස්කන්ධය පිලිබඳ නො ඇලි, එහි සිත නොයෙදවා ඉන් මිදීමට ඇති හැකියාවය. බලන්න: ධාතු.

▲ සක්කච්චකාරී- Sakkachchakari: සමාධිය සකස්කරන කුසලය මින් අදහස් කෙරේ. බලන්න: ජාන.

▲සක්මන් භාවනාව- Walking meditation: සක්මන, ඇවිදීම (චරනය) පිලිබඳව සිත පිහිටුවාගෙන කරන භාවනාව සක්මන් භාවනාවය. සක්මන පිලිබඳ වෙන්කරගත් මාර්ගය චංකමයය. බුදුන් වහන්සේ නිතරම සක්මන් භාවනාවේ යෙදී සිටි බවද, ශ්‍රාවක පිරිසට එම භාවනාවේ යෙදීමට අනුබල දුන් බවද සූත්‍ර දේශනාවල පෙන්වා ඇත. බලන්න:දීඝ.නි: (3): අග්ගඤඤ සූත්‍රය,පි.152.

▼ මෙහිදී බුදුන් වහන්සේ හා ශ්‍රවක පිරිස සක්මන් භාවනාවේ යෙදීසිටීම විස්තර කර ඇත. මූලාශ්‍රය:සංයු.නි: (2): නිදානවග්ග: ධාතුසංයුත්ත: සත්තධාතුවග්ග: 2.2.5 චංකමසූත්‍රය, පි.263.

▼සක්මන් භාවනාවේදී, කාම, ව්‍යාපාද හා වීහිංසා විතක්ක ඇතිවේ නම් ඒවා පහ කිරීමට විරිය කළයුතුවේ. එසේ කිරිමට වීරිය නැති පිරිස ‘හීන වීරිය’ ඇති අයය. එහෙත්, ඒවා පහකර ගැනීමට වීරිය කරණ අය ‘සමථ හා විදර්ශනා’ ලබාගැනීමට සිත මෙහෙයවූ අයවේ. ඔවුන් අරහත්වය ලැබීමට හැකියාව ඇති උතුමන්ය. මූලාශ්‍රය: අංගු.නි: (2): 4 නිපාත: චරවග්ග: 4.1.2.1 චරන්ත සූත්‍රය, පි.48.

▼ සක්මන් භාවනාවේ ආනිසංස: 1) චාරිකා ආදියේ යෙදීමට හැකියාව ලැබීම 2) ප්‍රධන් විරිය ඇතිකර ගැනීමට හැකිවීම 3) ශරීර සෞඛ්‍යය යහපත්වීම 4 ) අහාර පාන දිරවීමට පහසුව 5) එමගින් ලබන සමාධිය- චිත්ත ඒකග්‍රතාවය දිගු කාලයක් පවත්වා ගැනීමට හැකිවීම. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: 5.1.3.9 චඬකමානිසංස සූත්‍රය, පි. 66, EAN:5: 29.9 Walking meditation, p. 245.

▲සක්දෙවිඳු: පාලි: සක‍්ක - Sakka deva: සක්දෙවිඳු - සක්‍ර දෙවියෝ- දේවානමින්ද, තව්තිසා හා චාතුර්මහාරාජකීය දේවලෝකයන්ට අධිපති දෙවියෝය. ඉන්ද්‍ර, කෝසිය, වාසව ලෙසින්ද හඳුන්වයි. බුදුන් වහන්සේ වෙතින් ධර්මය අසා සෝතාපන්න මගඵල සාක්ෂාත් කරගත්හ. විස්තර පිණිස බලන්න: සංයු.නි: (1) සගාථවග්ග: සක්කසංයුත්තය.

▼එක් සමයක මුගලන් මහා තෙරුන් තව්තිසා දෙව්ලොවට පැමිනිම හා සක්දෙවි හා දේවසභාව සමග දහම් කතාවේ යෙදීම මෙහි දක්වා ඇත. බලන්න: සංයු.නි: (4): සළායතනවග්ග: මොග්ගල්ලානසංයුත්ත: සක්ක සූත්‍ර , පි.526. ශබ්දකෝෂ: B.D: p. 288: “sakka: “the king of Gods” (devānam-inda), is the lord over the celestial beings in the heaven of the Thirty Three (tāvatiṃsa)”.

▼ තමා බුදුන් වහන්සේගේ මෙහෙකරුවෙක් යයි සක්දෙවිඳු පවසා ඇත. බුද්ධත්වය ලබා, උරුවෙල, නදී හා ගයාකාශ්‍යප ආදීවූ ජටිලයන් දමනය කර බිම්බිසාර රජතුමා හමුවීමට බුදුන් වහන්සේ රජගහ නුවරට වඩින අවස්ථාවේ සක්දෙවිඳු තරුණ මිනිස්වෙසක් ගෙන බුදුගුණ කියමින් ජනයා ඉදිරියේ ගමන්කළහ. සක්දෙවිඳුගේ ගායනය අසා, මහජනයා ඔහු කවරෙක්ද? යයි ඇසුවිට මෙසේ පැවසුහ:

“ යම් නුවණැත්තෙක් තෙමේ සියලු ස්කන්ධ ආයතනයන්හි දැමුනේද, පිරිසිදු වුයේද, අප්‍රතිපුද්ගල වුයේද, ලෝකයෙහි රහත් වුයේද, යහපත් ගමන් ඇත්තේද, මම උන්වහන්සේගේ මෙහෙකරුවෙමි”. බලන්න: බුදුගුණ. මූලාශ්‍ර: වින.පි: මහාවග්ග (1) : 48: මහාඛන්ධක: 48 උරුවෙල පටිහාරිය කතා, පි. 127 හා 1: 9 ඡෙදය, පි 158.

▼ සියලු ලෝක වාසින්ද, සතරවරම් දෙවියෝද, යසස් ඇති දෙවියෝද සක් දෙවිඳු නමදිති. සක් දෙවිඳු, බුදුන් වහන්සේටද, රහතුන්හට, ප්‍රමුඛ සිල්වත් සංඝයාහට, සිල්වත් ගිහි උවසුවන් හට නමස්කාර කරන බව මෙහි දක්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (1): සක්ඛසංයුත්ත:සක්ඛ නමස්කාර සූත්‍ර, පි.442.

▼සක්දෙවිඳු වරින්වර බුදුන් වහන්සේ බැහැදැක ධම්ම කරුණු විමසා ඇත: 1) දෙවි මිනිසුන් ඇතුළු සියලු සත්වයෝ සාමයෙන් ජීවත්වීමට පතයි, එහත් ඔවුන් නිතරම වාසය කරන්නේ වෛරසහගතවය; කවර සංයෝජනයකින් ඔවුන් බැඳී ඇත්ද ? එම සංයෝජන ඇතිවීම හා නැතිවීම පිළිබඳ කරුණු ගැන සක්දෙවිඳු ප්‍රශ්නමාලාවක්, බුදුන් වහන්සේගෙන් විමසුහ. ඒ පිළිබඳ විස්තර මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර:දීඝ.නි: (2 ): සක්කපඤ්හ සූත්‍රය- ඡෙදය 12, පි. 430, EDN: 21: Sakkapanha Sutta- Sakka’s questions, section 2.1 , p. 241.

2) ලෝකයා කුමක් දවා සුවසේ වාසය කරන්නේද? යයි සක්දෙවිඳු, විමසුවිට, බුදුන් වහන්සේ වදාළේ, කෙනක් ක්‍රෝධය දවාලන්නේ නම් ඔහු සුවපත්ව වාසය කරණ බවය. මූලාශ්‍රය: සංයු.නි: (1): සක්ඛසංයුත්තය: 11.3.1 ඣත්වා සූත්‍රය, පි.448.

▼සක්දෙවිඳුගේ දේවසත්වත පද: සක්දෙවිඳු, මිනිස් ලෝකයේ වාසය කරන සමයේ උතුම් පද 7 ක් (දේවසත්වත පද) ආරක්ෂාකළ හෙයින්, තව්තිසාවේ අධිපති බවට පත්වුහ.බලන්න: දේවසත්වත පද.

▼සක්දෙවිඳු හඳුන්වන නම්: 1) සක්දෙවිඳු, පෙර කල මිනිස් ලෝකයේ උපත ලබා මඝ මානවක ලෙසින් තම යහළුවන් සමග බොහෝ කුසල් ක්‍රියා කර ඇතිනිසා ‘මඝවන්තු’ ලෙසින් හඳුන්වයි. සටහන: අටුවාවට අනුව, මඝ නම් බ්‍රාහ්මණ තරුණයා සිය මිතුරන් 33 දෙනා සමග කුසල කටයුතු කර, දේවසත්වත පද සම්පුර්ණ කර, සිය මිතුරුන් 31 සමග තව්තිසාදේව ලෝකයේ අධිපතිබවට පත්වුහ. තාවතිංස යනු 31ක් ක් බවය බලන්න: ESN: note: 636, p. 586. 2) නගරයක්, නගරයක් පාසා දන් දුන් නිසා ‘පුරින්ද’ (Urban Giver) ලෙසින් පෙන්වා ඇත. 3) සකස්කර දන් දුන් නිසා ‘සක්ක’ ය. 4) ආවාස ආදිය පුජා කළ හෙයින් ‘වාසව’ ය. 5) අරුත් දහසක් මොහොතකින් සිතිය හැකි නිසා ‘සහස්සඛ’ ය. (thinks of a thousand matters in a moment- Thousand-eyed) 5) සුජා නම් අසුර මානවිකාවගේ සැමියා නිසා ‘සුජම්පති’ ය. 6) තව්තිසා දෙවලෝකයේ ඉසුරුමත්ව අධිපතිව වසන හෙයින් ‘දේවානමින්ද’ ය (lord of the devas). මූලාශ්‍ර: සංයු.නි: (1): සගාථවග්ග: සක්ඛසංයුත්ත: 11.2 දේවසත්තවතපද සූත්‍රය, පි. 43, ESN: 11: Sakkasamyutta: 12.2 Sakka’s names, p. 477.

▼සක්දෙවිඳුගේ ඉවසීම: 1) එක්සමයක, සුර අසුර සටනේදී පරාජයට පත්වූ වේපචිත්ති අසුරරජු, බැමිවලින් වෙලා, සක්දෙවිඳු වෙතට පැමිණිවුහ. ඒ අවස්ථාවේ වේපචිත්ති අසුර රජු, සක්දෙවිඳුට අපහාස වචනයෙන් බැනවැදුනි, එහෙත්, සක්දෙවිඳු ඒ ගැන නිශ්ශබ්දවුහ. ඒ දුටු මාතලී දේවපුත්‍ර, සක්දෙවිඳුගේ රියදුරා අසතුට පත්ව, අසුර රජුගේ බැනුම් අසා නිසලව සිටින් නේ ඇයිද යයි ඇසුහ. සක්දෙවිඳු මෙසේ පැවසුහ:

“ මාවැනි නුවණැති කෙනක්, අනුවණ මිනිසකුගේ අමන කතා අසා කිපෙන්නේ ඇයි? සතුරා කිපී ඇතිබව දුටුවිට, සිහියෙන් යුතුව නිසලවීම යහපත්වේ... ධර්මයෙන් රැකවරණය ලැබූවිට,ඉවසීම හා මෘදුබව පවත්වා ගත යුතුවේ”. සටහන: එම සිදුවීම පදනම් කොට, බුදුන් වහන්සේ සංඝයාහට අනුසාසන වදාළේ:

“ තමන්ගේ පුණ්‍ය බලයෙන් තව්තිසාවේ අධිපතිව දෙව්සැප විඳින සක්දෙවිඳු එසේ ඉවසීම හා මෘදුබව ඇතිව වාසය කරන්නේ නම්, යහපත්ලෙසින් වදාළ ධම්මවිනය පුරුදු පුහුණු කරන ඔබ කෙතරම් දුරට ඉවසීම හා මෘදුබව ඇතිකර ගත යුතුද?” .මූලාශ්‍ර:සංයු.නි: (1):සගාථවග්ග: සක්ඛසංයුත්ත: 11.1.4 වේපචිත්ති සූත්‍රය, පි. 418, ESN: 11: Sakkasamyutta: 4.4. Vepacitti, p. 462.

2) එක් සමයක, අරුපි යක්ෂයෙක් සක්දෙවිඳුගේ අසුනේ හිඳ ගත්විට දේවපිරිස එසේ කිරීම ගැන ඔහුට දොස් පැවසුහ. එහි පැමිණි සක්දෙවිඳු ඔහුට තෙවරක් නමස්කාර කළහ. සක්‍රදෙවියන්ගේ ඉවසීම දැක, ඒ අසුනේ සිටීමට නොහැකිවූ යක්ෂයා අතුරුදහන්වුහ. ඒ අවස්ථාවේ දේවසභාව අමතා, සක්‍ර දෙවියෝ පැවසුවේ තමා ක්‍රෝධය නොමැතිව වාසය කරන බවය. බලන්න: ක්‍රෝධය. මූලාශ්‍ර:සංයු.නි: (1):සගාථවග්ග: සක්ඛසංයුත්ත:11.3.2 දුබ්බන්ණිය සූත්‍රය, පි.448.

▼සක්දෙවිඳුගේ සුභාෂිතය: සක්දෙවිඳු සැමවිටම සුභාෂිතය භාවිතා කරයි- ඉවසීම, මෘදුබව, කළහ නොකිරීම ආදීය ගැන සුභ වචනම කතා කරයි. එමනිසා සුරඅසුර අතර ඇතිවූ සුභාෂිත සටනින්, සක්දෙවිඳු ජය ගති. මූලාශ්‍ර:සංයු.නි: (1) සගාථවග්ග: සක්ඛසංයුත්ත: 11.1.5 සුභාසිතජය සූත්‍රය, පි. 422, ESN: 11: Sakkasamyutta: 4.4. Vepacitti, p. 462.

▼සක්දෙවිඳුගේ දයාව: එක් සමයක සුරඅසුර සටනේදී, පැරදුන සක්දෙවිඳු පලායන්නේ, කුරුළු පැටවුන් සිටින කුඩු සහිත වනයකට පැමිණියහ. කුරුළු පැටවුන් සිටින කුඩු කඩා දමා ජයගන්නවාට වඩා පරාජය ලැබීම මැනවි යයි සිතා, රිය ආපසු හරවන්න යයි සක්දෙවිඳු තම රියදුරු මාතලී හට (මාතලී දේවපුත්‍ර) පැවසුහ. සක්දෙවිඳු හඹා පැමිණි අසුරයන්, සක්රිය ආපසු තමන් වෙතට එනබව දැක භියවී පලාගියෝය. ධර්මානූකුලවීමෙන්, සක්දෙවිඳු ජය ලබාගති. මූලාශ්‍ර: සංයු.නි: (1) : සගාථවග්ග: සක්ඛසංයුත්ත: 11.1.6 කුලාවක සූත්‍රය, පි. 422, ESN: 11: Sakkasamyutta: 6.6 The birds nests, p. 468.

▼ සක්දෙවිඳු මහා කාශ්‍යප තෙරුන්ට දන් පිරිනැමීම: මහා කාශ්‍යප තෙරුන්ට දන් පිළිගන්වා සතුටට පත් සක්දෙවිඳු මෙසේ පවසා ඇත:

“අසිරිමත්ය! කසුප් තෙරුන් කෙරෙහි සුපිහිටි දානයකි! උතුම් දානයකි!...”. මූලාශ්‍රය: ඛු.නි:උදානපාලිය:නන්දවග්ග: 3.7 කාශ්‍යප සූත්‍රය, පි.212.

▼වෙනත් මූලාශ්‍ර:

1. ‘පැරණි බෞද්ධ චින්තාවේ සංකල්පය සහ යථාර්තය’ (Concept and Reality in Early Buddhist Thought): කටුකුරුන්දේ ඤාණානන්ද භික්ඛු, කටුකුරුන්දේ ඤාණානන්ද සදහම් සෙනසුන් භාරය, 2016, වෙබ්අඩවිය: www.seeingthroughthenet.net- 2. “Sakka’s Quest: Sakka-pañā Sutta: Introduction, Translation and Comments by Sister Vajirā, Wheel- 10, BPS, 1964.

▲ සක්විතිරජ: පාලි: රජා චක‍්කවත‍්ති- Wheel-Turning Monarch: බෞද්ධ වෘත්තාන්තයන්ට අනුව සක්විතිරජ (චක්‍රවර්ති රජ) පරම පාලකයාය, සතර දීපයන්ට අධිපතිය, ඉසුරුමත්ය. සටහන: සතර දීප : ලෝකයේ අක්ෂය ලෙසින් සලකන සිනේරු කන්දට: දකුණින් පිහිටි ජම්බුද්වීපය, බටහිරින් පිහිටි අපරගොයානය, උතුරින් පිහිටි උත්තර කුරුදේශය හා නැගෙනහිරින් පිහිටි පුබ්බාවිදේහය. බලන්න: ESN: note 317, p. 2426.

▼ සක්විති රජ අසිරිමත් මිනිසෙක් ලෙස ලෝකයෙහි උපදී. ඔහුගේ පහළවීම, ලෝකවාසීන්ගේ හිතසුව පිණිසය. එම රජුගේ මරණය බොහෝ දෙනාට දුක පිනිසවේ. එවැනි උතුමෙකු වෙනුවෙන් දාගැබක් -ස්ථුපයක් ඉදිකිරිම වටින්නේය. මූලාශ්‍රය: අංගු.නි: (1): 2 නිපාත: 2.2.6.1 සූත්‍රය, පි. 184.

▼සක්විති රජ ධර්මයට අනුව තම රජය පාලනය කරයි. ධර්මය, ඉහළින් තබාගෙන, පුද සත්කාර ගවුරව සම්මාන කොට, ධර්මය ධජය කොටගෙන, ධර්මය ආධිපත්‍ය කොටගෙන දැහැමින් රජකරති. සටහන: සක්විති රජු, දස කුසල දහමට අනුව රජ කරයි. විශ්ව සම්මත යහපත්බව හා සත්‍ය පදනම් කොට රජ කරණ ඔහු, තමාගේ රටවැසියනට දැහැමිවු රැකවරණය ලබාදෙයි. බලන්න:EAN, note no: 346, p. 597. මූලාශ්‍රය: අංගු.නි: (1): 3 නිපාත: 3.1.2.4 සූත්‍රය, පි. 246.

▼ සක්විති රජු කරුණු 5 ක් සහිතව තමා රාජ්‍ය පාලනය කරන නිසා, කිසිම සතුරෙකුට ඔහුගේ අණසක නැතිකළ නොහැකිය: ඔහු 1) අර්ථයදනී- එනම් කුමක් යහපත්ද? යන දැනීම 2) පාලන ධර්මය දනී 3) මාත්‍රාව දනී-කවර අන්දමේ දඬුවම් පැනවීය යුතුද? යන්න. 4) කාලය දනී-කුමන වෙලාවේ රජසැප විඳිය යුතුද: කුමන වෙලාවේ විනිශ්චය කටයුතු වල යෙදිය යුතුද? කුමන අවස්ථාවේ චාරිකා කළයුතු ද යන්න දනි. 5) තමාගේ පිරිස දනී: ශාක්‍ය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර, ශ්‍රමණ ආදීලෙසින්. එමනිසා ඔහුගේ අණසක නැමති චක්‍රය කිසිවෙකුට ආපසු හැරවිය නොහැකිය. එම ලෙසින්ම රජුගේ දෙටුපුත්ද එම පස් කරුණු මානව දැන කටයුතු කරයි. බලන්න: ධම්මචක්‍රය. සටහන: ධාර්මික සක්විති රජ පවා තමාගේ චක්‍රය-අණසක පවත්වන්නේ, ඔහුට ඉහලින් ඇති ධර්මයට ගරුසත්කාර කරමින් බව මෙහි පෙන්වා ඇත. මූලාශ්‍රය: අංගු.නි: (3) 5 නිපාත:රාජවග්ග: 5.3.4.1, 5.3.4.2, 5.3.4.3 සූත්‍ර, පි.264.

▼සක්විති රජ අග්‍ර රජය: ලෝකයේ සියලු මහා හෝ කුඩා රජවරුන් අතුරින් අග්‍ර වන්නේ සක්විති රජය. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: 10.1.2.5 අප්‍රමාද සූත්‍රය, පි.68, EAN: 10: 15-5 Heedfulness, p.497.

▼සක්විති රජු දුගතිය පහකොට නැත: සක්විතිරජු සිව් දීපයන්ට අධිපතිව, ඉසුරුමත්ව රජකම් කර, මරණින් මතු දෙව්ලොවේ උපත ලැබීමට වාසනාව ඇත. එහෙත්, සෝතාපන්න ආරිය පුද්ගලයන් සතු සිව්දහම ඔහුට නොමැත. එමනිසා ඔහු දුගතියේ උපත ලැබීමෙන් මිදී නැත යි බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍ර: සංයු.නි :(5-2): මහාවග්ග: සොතාපත්ති සංයුත්ත: 11.1.1 රාජසුත්‍රය, පි. 162, ESN: 55: Sotapattisamyutta: 1.1 Wheel-turning Monarch, p, 2183.

▼ සක්විති රජු අනිත්‍ය ස්වභාවය පහකර නැත: සියලුම ඉසුරුඇති බලවත්වූ සක්විති රජු පවා අනිත්‍ය ස්වභාවයෙන් මිදීනැත. පෙර භවයක මහාසුදස්සන නම්වූ සක්විති රජ ලෙසින් තමන්වහන්සේ ලැබූ සැප විහරණ පෙන්වාදුන් බුදුන් වහන්සේ වදාළේ ඒ සෑම දෙයක්ම අනිත්‍යස්වභාවය ඇතිනිසා වෙනස්වූ බවය. බලන්න: බුදුන් වහන්සේ: පෙර ජිවිත. මූලාශ්‍ර: සංයු.නි (3 ): ඛන්ධසංයුත්ත: 1.2.5.4 ගොම පින්ඩුපම සූත්‍රය, පි. 274, ESN: 22: Khandasamyutta: 96.4 A Lump of Cow dung, p. 1087.

▼ සක්විති රජුට රත්න 7ක් හා ඉර්දීසම්පත් 4 ක් ඇත: 1) චක්‍ර රත්නය 2) හස්ති රත්නය 3) අශ්ව රත්නය 4) මානික්‍ය රත්නය 5) ස්ත්‍රී රත්නය 6) ගහපති රත්නය 7) පුරෝහිත රත්නය. ඉර්දීසම්පත්: 1) මනා රූප සම්පත්තිය 2) දීර්ඝ ආයුෂ සම්පත්තිය 3) නිරෝගී සම්පත්තිය 4) සෙසු අයගේ ප්‍රියමනාප බව ලැබීම. සටහන: සක්විති රාජසම්පත් පිලිබඳව සම්පුර්ණ විස්තර මේ සූත්‍රවල විස්තරකර ඇත. මූලාශ්‍ර:දීඝ.නි: (2 ): 4. මහාසුදස්න සුත්‍රය, පි. 282 හා දී.ඝ.නි: (3 ): 3 චක්‍රවර්ති සිංහනාද සූත්‍රය, පි.112, EDN: 17 Mahāsudassana Sutta, p.202 & 26: The Lion’s Roar on the Turning of the Wheel, p. 300, ම.නි: (2): 2.5.1 බ්‍රහ්මායූ සූත්‍රය, පි. 592 හා ම.නි: (3 ): 3.3.9 බාල පණ්ඩිත සූත්‍රය, පි. 376, EMN: 91: Brahmāyu Sutta, p. 672 & 129: Fool & Wise Men, p. 929, සංයු.නි: (5-1) මහාවග්ග: බොජ්ඣංගසංයුත්ත:2.5.2 චක්කවත්ති සූත්‍රය, පි.224.

▲ සාකච්ඡා-Discussions: ධම්ම සාකච්ඡාවක් කිරිමට සුදුසුකම් 5 ක් සැරියුත් තෙරුන් පෙන්වා ඇත: 1) ශිලසම්පන්නබව හා ශිලය පිලිබඳ ප්‍රශ්න විසඳීමට හැකිබව 2) සමාධි සම්පන්නබව හා සමාධිය පිලිබඳ ප්‍රශ්න විසඳීමට හැකිබව 3) ප්‍රඥාසම්පන්නබව හා ප්‍රඥාව පිලිබඳ ප්‍රශ්න විසඳීමට හැකිබව 4) විමුක්ති සම්පන්න බව හා විමුක්තිය පිලිබඳ ප්‍රශ්න විසඳීමට හැකිබව. 5) විමුක්ති ඥානදර්ශන සම්පන්න බව හා විමුක්ති ඥානදර්ශන පිලිබඳ ප්‍රශ්න විසඳීමට හැකිබව. මූලාශ්‍රය: අංගු.නි: (3): 5 නිපාත: ආඝාතවග්ග: 5.4.2.3 සාකච්ඡා සූත්‍රය, පි.330.

▲සාක්ෂාත් කරගතයුතු ධර්මතා-Dhamma to be realized: සාක්ෂාත් කරගතයුතු ධර්මතා- ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්ම (සච්ඡිකරණිය ධම්ම- සච්චිකාතබ්බ ධම්ම) 4 ක් මෙහි දක්වා ඇත: 1) නාමකයෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්ම (realized by the body): අෂ්ඨවිමොක්ක-eight emancipations. 2) ස්මෘතියෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්ම (realized by memory): පෙරවිසු කඳ පිළිවෙත දැකීමේ නුවණ- පුර්වනිවාස සිහිකිරීමේ නුවණ- One’s past abodes 3) ඇසින් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්ම realized by the eye: සත්‍ව්යන්ගේ චුතිය හා උත්පත්තිය- චුතුප්පාත නුවණ (දිවැස) - passing away and rebirth of beings 4) ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්ම realized by wisdom: ආශ්‍රවක්ෂය-ආසවක්‍ෂය destruction of the taints. මූලාශ්‍ර: අංගු:නි: (2) : 4 නිපාත: බ්‍රාහ්මණවග්ග: 4.4.4.9 සච්ඡිකරණිය සූත්‍රය, පි. 376, EAN: 4: 189.9 Realization, p.211.

▲ සාක්ෂාත් නොකරගතයුතු ධර්මතා- the Dhamma not to be realized: ආධ්‍යාත්මික ජිවිතයේදී සාක්ෂාත් නොකරගතයුතු ධර්මතා ලෙසින් මෙහිදී පෙන්වා ඇත්තේ මිථ්‍යා දිට්ඨිය පෙරටු කරගත් වැරදි මගය. බලන්න: මිථ්‍යාත්වය. මූලාශ්‍ර: අංගු.නි (6): 10 නිපාතය:10.3.5.10 සච්ඡිකාතබ්බ සූත්‍රය, පි. 478, EAN:10: Noble, p. 548.

▲සකුලුදායි පරිබ්‍රාජික- Paribbrajaka Sakuladai: මේ පරිබ්‍රාජක බුදුන් වහන්සේ වැඩසිටි සමයේ, විශාල ශිෂ්‍ය පිරිසක් සහිතව සිටි මොහු ප්‍රසිද්ධ ආගමික නායකයෙකි. බුදුන් වහන්සේ කෙරේ පැහැදීමක් ඇතිව සිටි සකුලදායි පරිබ්‍රාජක, බුදුන් වහන්සේ වදාළ ධර්මය පිළිගෙන, උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වීමට සුදානම් වූ අවස්ථාවේ දී, ඔහුගේ ශිෂ්‍ය පිරිස එය වලක්වාලිය. බලන්න: ම.නි: චූල සකුලදායි සූත්‍රය. ම.නි: මහා සකුලදායි සූත්‍රයේදී, ඔහු තමන්, බුදුන් වහන්සේට ගරු කිරීමට හේතු කරුණු පෙන්වා ඇත. සටහන:අටුවාවට අනුව, කර්ම විපාකයක් හේතුකොටගෙන ඔහුට එම ජීවිතයේදී බුද්ධ ශ්‍රාවකයෙක් වීමට නොහැකිවිය. එහෙත්, අශෝක අධිරාජයා ගේ සමයේදී, අස්සගුත්ත තෙර ලෙසින් අරහත්වය ලැබූ ඔහු, උතුම් මෛත්‍රී විහරණයේ යෙදී සිටියහ. බලන්න:EMN:note:786, p.1137. ම.නි. චූල හා මහා සකුලදායි සූත්‍ර.

▲ සාකෙත නුවර- Saketa Nuwara: කෝසලරාජධානියට අයත් නුවරකි. බුදුන් වහන්සේ හා සංඝයා චාරිකාවේ වඩින අවස්ථාවන්හි ඒ නුවර අසබඩ මිගදාය අඳුන්වනයේ වාසය කර ඇත. මූලාශ්‍රය: සංයු.නි: (5-1): මහාවග්ග: ඉන්ද්‍රියසංයුත්ත:ජරාවග්ග: 4.5.3 සාකෙතසූත්‍රය, පි.414.

▲ සුකථා කථා - Sukatha katha: සුකථා කථා ලෙසින් පෙන්වා ඇත්තේ කිසියම් කතාවක් අසා ප්‍රීතිමත්වීම, හා කතා කරන කෙනා ගැන ප්‍රසාදය ඇතිවීමය. එය ආකාර 5 කින් සිදුවේ: 1) ශ්‍රද්ධාවත් කෙනෙකුට ශ්‍රද්ධාව ගැන කතාකිරීම 2) සිල්වත් කෙනෙකුට ශිලය ගැන කතාකිරීම 3) බහුශ්‍රැත කෙනෙකුට බහුශ්‍රැතබව ගැන කතාකිරීම 4) ත්‍යාගශීලි කෙනෙකුට ත්‍යාගශීලිබව ගැන කතාකිරීම 5) ප්‍රඥාව ඇතිති කෙනෙකුට ප්‍රඥාව ගැන කතාකිරීම. සුකථා කථා නොවන්නේ දුක‍්කථා කථාය. බලන්න: දුක‍්කථා කථා. මූලාශ්‍ර: අංගු.නි: (3):5 නිපාත: 5.4.1.7 දුක‍්කථා සූත්‍රය, පි. 316, EAN: 5: 1567.7 Wrongly Addressed Talk, p. 288.

▲ සුක්ඛා තෙරණිය-Sukkha therni: බලන්න: උපග්‍රන්ථය: 2

▲ සුක්ෂම ලක්‍ෂණ ප්‍රතිවෙධක ඥාණ- knowledges that penetrate subtle characteristics: සුක්ෂම ලක්‍ෂණ ප්‍රතිවෙධක ඥාණ 4 ක් මෙහි පෙන්වා ඇත: රූපය, වේදනාව, සංඥාව, සංඛාර. මේ ඥාණ සහිතව පංචස්කන්ධය යහපත් ලෙසින් දකින උතුමා ඒකාන්තයෙන්ම මාරයා ජයගෙන අන්තිම දේහය දරයි- අර්හත්ය. බලන්න: EAN: Note: 645:p.614. මූලාශ්‍ර: අංගු.නි: (2) 4 නිපාත: 4.1.2.6 සොඛුම්ම සූත්‍රය, පි.58, EAN:4: 16.6 Exquisiteness, p.154.

▲ සුකුමාල ශ්‍රමණ-a delicate bhikkhu: සුකුමාල ශ්‍රමණ (සුකුමාර -සමණ සුකුමාල) ලෙසින් මෙහි පෙන්වා ඇත්තේ කරුණු 5 ක් සහිත භික්ෂුව පිලිබඳවය: 1) බොහෝවිට තමන් වෙනුවන්ම පිළියෙළ කල චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ලබයි (සිව්පසය). 2) සෙසු සංඝයා (සබ්‍රම්සරුන්) ඔහු කෙරේ මනාප කාය, වාක්, මනෝ කර්ම පවත්වති.3) ඔහුට අල්පාබාධ ඇත. 4) සිව්ජාන පහසුවෙන්ම ලබා ගත හැකිය. 4) අසාව ක්‍ෂය කොට විමුක්ති සුවයෙන් වාසය කිරීම. සටහන: මෙහිදී, බුදුන් වහන්සේ ඒකාන්තයෙන්ම ‘සුකුමාල ශ්‍රමණ’ බව පෙන්වා ඇත. මූලාශ්‍රය:අංගු.නි: (3): 5 නිපාත: ඵාසුවිහාරවග්ග: 5.3.1.4 සමනසුඛුමාල සූත්‍රය, පි.230.

▲ සැකය- doubt: සැකය, සාංකාව (kankhā) -විචිකිච්චා ලෙසින්ද දක්වා ඇත. ලෝකයේ පවතින යම් කරුණු පිළිබඳව සිතේ ඇතිවන අවිනිශ්චිතභාවය සැකයවේ. දහම් කරුණු පිළිබඳව ඇති සැකය, අවිශ්වාසය විචිකිච්චාවය, මෙය නීවරණයකි. ධර්මය නුවණින් නොදකින පුද්ගලයාට බුදුන් වහන්සේ ආදී ධර්මතා 8 ක් ගැන සැක ඇතිවේ. එවැනි සැකයන් පහ කරගැනීමට යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කලයුතුවේ. ධර්මය පිලිබඳ බොහෝ දේ ඉගෙන ගෙන තිබීම, පැහැදිලි නැති ධර්මතා ගැන ප්‍රශ්න විමසිම, විනය පිලිබඳ නිපුණබව, ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව තිබීම, කලණ මිතුරු සේවනය, හිස් කථා බැහැර කර යහපත් කතාවේ යෙදීම, විචිකිච්චාව නැති කර ගැනීමට උපකාරීවේ. බලන්න: EAN: note: 38, p.582, විචිකිච්චාව. මූලාශ්‍රය: අංගු.නි: (1): 1 නිපාත:නීවරණප්‍රහාණ වග්ග සූත්‍ර, පි.44.

▲ ස්කන්ධ උපධි- Skandha Upadhi: පංච උපාදානස්කන්ධය, මමය යි අල්වා ගැනීම, ස්කන්ධ උපධිවේ. බලන්න: උපධි.

▲ ස්කන්ධ පරිනිබ්බානය- Skandha Parinibbana: බුදුන් වහන්සේ හා රහතුන්ගේ කය, මිය ඇදීම ස්කන්ධ පරිනිබ්බානයය.

▲ සික්ඛාපච්චක්ඛාන-Sikkhapachchakkhana: මින් අදහස් කරන්නේ, ශික්‍ෂාව අත්හැර ගිහිබවට පත්වෙන සංඝයාය. බලන්න: ශික්‍ෂාව.

▲ සික්ඛා අනුත්තර- unsurpassed training: මෙය උත්තරීතර ධර්මතාවලින් එකකි. බුදුන් වහන්සේ හෝ ශ්‍රාවක සංඝයා වෙතින් නිවන පිණිස පුහුණුව ලැබීමය, එය අන් පුහුණුවන්ට වඩා උතුම්ය. මූලාශ්‍ර: අංගු.නි: ( 4 ): 6 නිපාත: 6.1.3.10 අනුත්තරිය සූත්‍රය, පි. 92, EAN:6: 30.10 Unsurpassed Things, p. 329.

▲ සික‍්ඛාමානා-Skkamana: සික‍්ඛාමානං යනු, ධර්ම පුහුණුව -ශික්ෂාව කෙරේ ඇති ඇල්මය. එම ගුණය ඇති සංඝයා අතුරින්, රාහුල තෙරුන් අග්‍රය. බලන්න: උපග්‍රන්ථය:1

▲ සෝකසල්ලහරණ ධම්මපරියාය- Sokasallaharana dhamma pariyaya: මෙය, නාරද තෙරුන් වදාළ, ශෝකය පහකරගැනීමේ ධම්ම පරියායය. බලන්න: ශෝකය.

සඛ

▲ සංඛතධර්ම- conditioned Dhamma: සංඛතධර්ම යනු හේතුප්‍රත්‍ය නිසා සකස්වූ දේටය. නිවන හැර සෙසු ධර්මතා සංඛතය, නිවන අසංඛතය ධර්මයකි.බලන්න: නිවන. මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක: 2.2.6 අජාත සූත්‍රය, පි. 393.

▲ සංඛත ධාතු හා අසංඛත ධාතුව : පාලි: සඬඛත ධාතු- අසඬඛත ධාතු conditioned element & un conditioned element: ධර්මයේ සංඛත ධාතු යනු හේතු ප්‍රත්‍ය නිසා සකස්වී ඇති සියලු ධර්මතාය. (පංච උපාදාන ස්කන්ධ ආදීවූ). අසංඛත ධාතුව නම් නිවනය. බලන්න: ධාතු කුසලතාවය, නිවන, හේතු ප්‍රත්‍ය ධම්ම. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි. 488: “සංඛත ධාතු: ප්‍රත්‍යයොතපන්න ධර්ම, සංස්කාරයන් විසින් කළ, සංස්කාරයන් ගෙන් උපන්”. B.D: p.163: “Sankhata: The ‘Formed’, i.e. anything originated or conditioned, comprises, all phenomena of existence.

▼ සංඛත ධාතු විශේෂ නුවණින් අවබෝධ කරගතයුතුය: සංඛත ධාතු , ආධ්‍යාත්මික වර්ධනය පිණිස විශේෂ නුවණින් (ඥාතපරිඥාවෙන් විශේෂයෙන් දත යුතු) , යහපත් ලෙසින්ම අවබෝධ කරගතයුතු අභිඥෙයිය ධර්මතාවයකි. බලන්න: අභිඥෙයිය ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි:(3 ):11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲සංඛිත්ත ධර්ම-The Dhamma in Brief: සංඛිත්ත ධර්ම ලෙසින් පෙන්වා ඇත්තේ නිවන සාක්ෂාත් කරගැනීමට උපකාරීවන ධර්මය කෙටියෙන් දැක්වීමය. එනම්, අනිච්ච, දුක්ඛ, විපරිනාම ස්වභාවය ඇති සළායතන, බාහිර අරමුණු, එනිසා ඇතිවන ත්‍රිවිධ වේදනා අදිය තමන්ගේ දෙයක් නොවන බව නුවණින් අවබෝධ කරගැනීම සංඛිත්ත ධර්මයය-ධර්මය කෙටියෙන් දැක්වීම ය යි මේ සූත්‍රයේ පෙන්වා ඇත.එසේ අවබෝධ කරගැනීම දුක අවසන්කර ගැනීමය. මූලාශ්‍ර: සංයු.නි: (4 ):සළායතනවග්ග: වේදනාසංයුත්ත:9 ඡන්නවග්ග: 1.9.3 සංඛිත්ත ධර්ම සූත්‍රය, පි.148: ESN:35: Salayatanasamyutta:IV: Channa:86.3 The Dhamma in brief,p.1248.

▲සිඛි බුදුන්වහන්සේ-The Buddha Sikhi: ගෝතම බුදුන් වහන්සේට පෙර වැඩසිටි, සිඛි බුදුන් වහන්සේ පිලිබඳ විස්තර මෙහි දක්වා ඇත. බලන්න:බුද්ධවංශ පාලි:20: සිඛි බුදුන්වහන්සේ.

▼ සිඛි බුදුන් වහන්සේ ගේ සම්බෝධිය: සිඛි බුදුන් වහන්සේ ගේ සම්බෝධිය පිලිබඳ මෙහි විස්තර කර ඇත. මූලාශ්‍රය:සංයු.නි: (2): නිදානවග්ග: අභිසමයසංයුත්ත: බුද්ධවග්ග:1.1.5 සිඛිසූත්‍රය, පි.35.

▼ සිඛි බුදුන් වහන්සේ හා අගසව් දෙනම: සිඛි බුදුන් වහන්සේ, අරුණාවති රාජධානියේ වැඩසිටියහ, උන්වහන්සේගේ අගසව් දෙනම:අභිභූ හා සම්හවය. සිඛි බුදුන් වහන්සේ බඹලොවට වැඩම කිරීමද, උන්වහන්සේගේ ඇරයුම පරිදි අභිභූ තෙරුන් බ්‍රහ්මදෙවියන් ඉදිරියේ උන්වහන්සේගේ ඍද්ධි බල දැක්වීම මෙහි පෙන්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (1) සගාථවග්ග: බ්‍රහ්මසංයුත්ත:6.2.4 අරුණාවති සූත්‍රය, පි.304.

▲සංඛාර- පාලි: සඬඛාරා- volitional formations: සංඛාර, චේතනා ලෙසින්ද හඳුන්වයි. මෙය, පංච උපාදානස්කන්ධයේ එක් ස්කන්ධයකි. චේතනා නිසා යළි උපත ලබා දෙන කම්ම සකස්වේ.බලන්න:චේතනා.

▼සංඛාර පටිච්චසමුප්පාදයේ 2 නි පුරුකය: අවිද්‍යාව හේතුකොට සංඛාර ඇතිවේ, එම අවිද්‍යාව සහමුලින්ම නැතිවීමෙන් සංඛාර පහවේ:

“...අවිජ‍්ජාපච‍්චයා සඬඛාරා...” “...අවිජ‍්ජායතෙත්‍ව අසෙසවිරාග නිරොධා සඬඛාර නිරොධො...”

සංඛාර: 3 කි: කාය සංඛාර, වාක් (වචී) සංඛාර, චිත්ත (මනෝ) සංඛාර. කයෙන් වචනයෙන් හා සිතින් සංඛාර චේතනා ඇතිකරයි, සසර පැවැත්ම දික්කරයි. සටහන: පටිච්චසමුප්පාදයේ පෙළ යෙදුමට අනුව සංඛාර, කුසල සංඛාර හා අකුසල සංඛාර වේ. බලන්න: EMN: note: 131, p. 1075. මූලාශ්‍ර: සංයු.නි: (2 ): නිදාන වගග:අභිසමයසංයුත්ත: බුද්ධවග්ග: 1.1.1 පටිච්චසමුප්පාද සූත්‍රය, පි.24, 1.1.2 විභඬග සූත්‍රය, පි.26, ESN: 12: Nidanasamytta: 1.1. Dependent Origination, p. 610, 1 2.2 Analysis of Dependent Origination, p.611, ම.නි: (1): 1.1.9 සම්මා දිට්ඨි සූත්‍රය, පි. 130, EMN: 9: Sammādiṭṭhi Sutta- Right View, p. 121.

▼ ත්‍රිවිධ සංඛාර විස්තරය: කාය සංඛාර (the bodily formation): යනු ආස්වාස ප්‍රස්වාසයය. එය කය සම්බන්ධ ධර්මතාවයක් නිසා කාය සංඛාර යයි කියනු ලැබේ 2) වචී සංඛාර (the verbal formation) : යනු විතර්ක විචාරයය. කෙනෙක්, කතාවට පළමුව සිතයි, අනතුරුව කතාකරයි, එමනිසා එය වචී සංඛාර යයි කියනු ලැබේ 3) චිත්ත සංඛාර (the mental formation): යනු සංඥා හා වේදානා ය. මේවා සිත පදනම් කරගෙන ඇතිවෙන නිසා, චිත්ත සංඛාර යයි කියනු ලැබේ. සටහන: නිරෝධ සමාපත්තියට සමවදින විට මේ සංඛාර 3 ක්‍රියා කරන ආකාරය පිළිබඳව බලන්න: සංඥාවේදිත නිරෝධ සමාපත්තිය. මූලාශ්‍ර:සංයු.නි: ( 4 ): සළායතන වග්ග: චිත්තසංයුත්ත: 7.1.6 දුතිය කාමභු සූත්‍රය, පි. 562, ESN:41: Chittasamyutta: 6 Kāmabhū-2, p. 1440, ම.නි: (1): 1.5.4 චූලවෙදල්ල සූත්‍රය, පි. 722, EMN: 44 Cūḷavedalla Sutta-The Shorter Series of Questions and Answers, p. 379.

▼ සියලු සංඛාර අනිච්චය: සියලු සංඛාර අනිච්චය, ඉපදී නැතිවී යන ස්වභාවය ඇතිය, ඒ නිසා, ඒවායින් මිදීම, සන්සිඳීම සුවය යයි බුදුන් වහන්සේ වදාළහ:

“අනිච‍්චා වත සංඛාරා උප‍්පාදවයධම‍්මිනො උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣන‍්ති තෙසං වූපසමො සුඛොති”

සටහන: බුදුන් වහන්සේගේ මහා පරිනිබ්බානයෙන් පසු සක්දෙවිඳු මෙම ගාථාව පැවසුහ. මූලාශ්‍රය:සංයු.නි: (2) : නිදානවග්ග:අනමතග්ග සංයුත්ත: දුග්ගතවග්ග: 3.2.10 වෙපුල්ල පබ්බත සූත්‍රය, පි.314.

▼ සංඛාර ගැන රහතන්වහන්සේගේ ප්‍රකාශය: රහතන්වහන්සේ සියලු සංඛාර පිළිබඳව පවසන්නේ මෙසේය:

‘සියලු සංඛාර අනිත්‍ය, ඉපදීම හා නැසීම ස්වභාවය කොට ඇත. සංඛාරයන්ගේ සංසිඳීම සැපය’.

මූලාශ්‍ර: සංයු.නි : (1): සගාථවග්ග:දේවතා සංයුත්ත: 1.2.1 නන්දන සූත්‍රය, ESN: 1: Devatasamyutta: 11.1 Nandana, p. 70.

▼ සංඛාර අවබෝධ කරගැනීම: සංඛාර ගැන මනා අවබෝධය ලැබීම පිණිස සම්මා දිට්ඨිය ඇති කර ගත යුතුය මූලාශ්‍ර: ම.නි: (1): 1.1.9 සම්මා දිට්ඨි සූත්‍රය, පි. 130, EMN: 9: Sammādiṭṭhi Sutta- Right View, p. 121.

▼ සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිස සංඛාර හේතුවේ: උපන් සෑම සත්ත්‍වක්ගේම පැවැත්ම පිණිස සංඛාර හේතුවන බව බුදුන් වහන්සේ වදාළහ:

“සබ‍්බෙ සත‍්තා සඬඛාරාට‍්ඨිතිකා”. (All beings are maintained by conditions - sankhdratthitikā). මූලාශ්‍ර: දිඝ.නි: (3 ): 10 සංගිති සූත්‍රය,පි. 374, EDN: 33 Sangīti Sutta: The Chanting Together-section, p. 363.

▲සංඛාර අනුපුර්ව නිරෝධය- successive cessation of formations සංඛාර අනුපුර්ව නිරෝධය (අනුපුබ්බ සංකාර නිරෝධය) යනු, ජාන සමාපත්ති ලබා අනු පිලිවෙලින් නිරෝධය- විමුක්තිය ලබා ගැනීමය: 1) පළමු ජානයේදී වචන නිරුද්ධ වේ. 2) දෙවන ජානයේදී විතර්ක විචාර නිරුද්ධ වේ 3) තෙවන ජානයේදී ප්‍රීතිය නිරුද්ධ වේ 4) සිව්වන ජානයේදී ආශ්වාසප්‍රශ්වාස නිරුද්ධ වේ, 5) ආකාසාන ඤ්චායතන සමාපත්තියේ දී, රූපසංඥා නිරුද්ධවේ 6) විඤ්ඤාණ ඤ්චායතන සමාපත්තියේ දී, ආකාසානඤ්චායතන සංඥා නිරුද්ධවේ 7) ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියේ දී, විඤ්ඤාණඤ්චායතන සංඥා නිරුද්ධවේ 8) නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියේ දී, ආකිඤ්චඤ්ඤායතන සංඥා නිරුද්ධවේ 9) සඤඤාවෙදයිත නිරෝධ සමාපත්තියේ දී, සංඥා, වේදනා නිරුද්ධවේ 10) අරහත්බව ලැබූවිට රාගය, දෝසය හා මෝහය (අකුසල මුල්) නිරුද්ධවේ. මූලාශ්‍රය: සංයු.නි: (4): සළායතනවග්ග: වේදනාසංයුත්ත: 2.2.1 රහොගත සූත්‍රය, පි. 438.

▲ සංඛාර අනුපුර්ව සංසිඳීම-successive subsiding of formations සංඛාර අනුපුර්ව සංසිඳීම : 1) පළමු ජානය මගින් වචන සන්සිඳේ 2) දෙවන ජානය මගින් විතක්කවිචාර සන්සිඳේ 3) තෙවන ජානය මගින් ප්‍රීතිය සන්සිඳේ 4) සිව්වෙන ජානය මගින් ආශ්වාසප්‍රශ්වාස සන්සිඳේ 5) ආකාසානඤ්චායතන සමාපත්තියේ දී, රූපසංඥා සන්සිඳේ 6) විඤ්ඤාණ ඤ්චායතන සමාපත්තියේ දී, ආකාසානඤ්චායතන සංඥා සන්සිඳේ 7) ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියේ දී, විඤ්ඤාණඤ්චායතන සංඥා සන්සිඳේ 8) නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියේ දී, ආකිඤ්ච ඤ්ඤායතන සංඥා සන්සිඳේ 9) සඤඤාවෙදීත නිරෝධ සමාපත්තියේ දී, සංඥා, වේදනා සන්සිඳේ 10) රහත්බව ලැබූවිට රාගය, දෝසය හා මෝහය සන්සිඳේ එනම්: නිවනය. මූලාශ්‍රය: සංයු.නි: (4): සළායතනවග්ග: වේදනාසංයුත්ත: 2.2.1 රහොගත සූත්‍රය, පි. 438.

▲සංඛාර උත්පත්ති- Reappearance by Aspiration: සංඛාරඋත්පත්ති යනු යහපත් පුද්ගලයෙකුට ප්‍රාර්ථනාකර සුගතියක යළි උපත ලබා ගැනීමේ පිළිවෙලය. බලන්න: ප්‍රාර්ථනා. මූලාශ්‍ර: ම.නි: (3): 3.2.10 සංඛාරඋත්පත්ති සූත්‍රය, පි. 272,EMN:120, Reappearance by Aspiration, p.882.

▲ සංඛාර දුක්ඛ -Sankhara Dukka: මෙය ත්‍රිවිධ දුක් වලින් එකකි. බලන්න: දුක.

▲ සුඛ හා දුඛ-Happiness & suffering: ධර්මයේ සුඛ- සතුට ලෙසින් පෙන්වා ඇත්තේ සසර දුකින් මිදීමය. දුක යනු සසර ගමනය. දුක නම් යළිඋපතය: දුක නම් යළිඋපතය (අභිනිවෘතිය- අභිනිබ‍්බත‍්ති- Rebirth), සුඛ නම් යළි උපතක් නොවීමය (අනභිනිවෘතිය -අනභිනිබ‍්බත‍්ති) යයි සැරියුත් තෙරුන් වදාළහ. යළි උපතක් ඇතිවිට දුක ඇතිවීම අපේක්ෂා කළයුතුවේ. ශිතය, ග්‍රීෂ්මය, බඩගින්න, පිපාසය, මළපහකිරීම, මුත්‍රා පහකිරීම, ගින්නෙන් අපදාවීම, පොලු, පිහි, වලින් අපදාවිම, නැදෑ මිතුරන්ගේ බැණුම් ඇසීමට සිදුවීම ආදිය දුකකි. එහෙත්, යළි උපතක් නොවේ නම් පෙරකී දුක් ඇතිනොවේ. එය සුඛයවේ, සිතට සැපයකි. සටහන්: * මේ දේශනා වදාරා ඇත්තේ සාමණ්ඩකාණි පිරිවැජියාටය. ** දුතිය සුඛ සූත්‍රයේදී ධම්ම විනයේ අනභිරතිය දුඛය (Dissatisfaction), අභිරතිය සුඛය (Enjoyment) යි පෙන්වා ඇත. සතර ඉරියව්වේ (ඇවිදීම ආදී) දී හුදකලා තැනක සිටිනවිට අසතුට සිතේ ඇත්නම් ඉන් ඇති වෙන්නේ දුකය. එහෙත්, ඒ ක්‍රියාවල යෙදෙනවිට , ඒවා ගැන ප්‍රීතියක් ඇතිනම් එමගින් සුවය-සුඛය ඇතිවේ. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: 10.2.2.5 පඨම සුඛ සූත්‍රය, පි. 246, EAN:10: 65.5 Happiness 1,p. 519.

▼ සුඛ හා දුක ඇතිවීම: කරුණු 6 ක් සමන්විතවීම නිසා මේ ජීවිතයේදීම සුවයෙන් සතුටින් වාසය කළහැකිවේ, සුගතියේ යළි උපතට පත්වේ යයි මෙහි පෙන්වා ඇත. 1) නෙක්ඛම්මවිතක්ක 2) අව්‍යාපාද විතක්ක 3) අවිහිංසාවිතක්ක 4) නෙක්ඛම්ම සංඥා 5) අව්‍යාපාද සංඥා 6) අවිහිංසාසංඥා: (thought of renunciation, the thought of good will, the thought of harmlessness, perception of renunciation, perception of good will, and perception of harmlessness). ඉහත දැක්වූ කරුණු 6 නොමැතිව, කාමවිතක්ක... ආදී කරුණු නිසා මේ ජීවිතයේදී දුකින් වාසයකර මරණින් මතු දුගතියේ යළි උපතට පත්වේ. මූලාශ්‍ර: අංගු.නි: (4): 6 නිපාත: අරහන්තවග්ග: 6.2.3.1 දුක්ඛ සූත්‍රය, පි.252,EAN:6: 75.1 Suffering, p. 359.

▲ සුඛය-පාලි: සුඛං- pleasure: සුඛය (සුවය) යනු සුවපත් සිතක් තිබීමය. මෙය සිත සමාධියට පත් කරගැනීමට උපකාරීවන අංගයකි. අකුසල පහවීම නිසා සිත සුවපත් පත්වේ (සුඛිනෝ චිත්තං සමාධියති). බලන්න: සමාධිය, ජාන. සටහන: ධම්මපදය: සුඛවග්ගයේහි සුඛය ලබාදෙන කරුණු - අවෛරබව, කෙළෙස් නැතිබව ආදී කරුණු සමුහයක්ම පෙන්වා ඇත.

▼ පස්සදිය සුඛය ඇතිකරයි: පස්සදිය නිසා සිතේ සුඛය ඇතිවේ, සුවපත් සිත සමාධිය ඇති කරයි:

“පස‍්සද‍්ධි ඛො ආනන්‍ද සුඛත්‍ථා සුඛානිසංසා... සුඛ ඛො ආනන්‍ද සමාධත්‍ථං සමාධා නිසංසං”. (The purpose and benefit of is pleasure ... purpose and benefit of pleasure is stillness of mind). මූලාශ්‍ර:අංගු.නි: (6 ): 11 නිපාත:නිසසය වගග: 11.1.1.කීමත්ථිය සූත්‍රය හා 11.1.2 න චේතනාය කරණිය සූත්‍රය, පි.611-614, EAN:11: Dependence: 1.1 What Purpose & 1-2 Volition p.566.

▼තෙවෙනි ජානය සුඛය: තෙවෙනි ජානයට සමවැදීම සුඛය යි මහා මුගලන් තෙරුන් මෙහිදී පෙන්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (4): සළායතනවග්ග: මොග්ගල්ලානසංයුත්ත:6.1.3 සුඛ සූත්‍රය, පි.518.

▼ විවිධ සුඛ: මෙහි දක්වා ඇති විවිධ සුඛයන්: 1) ගිහි සුඛ හා පැවිදි සුඛ, පැවිදි සුඛ අග්‍රය. 2) කාම සුඛය හා නෙක්ඛම්ම සුඛය, නෙක්ඛම්ම සුඛය අග්‍රය. 3) උපධි සුඛය හා නිරුපධි සුඛය, නිරුපධි සුඛය අග්‍රය 4) සාසව සුඛය- වට්ට සුඛය හා අනාසවසුඛය (විවට්ට සුඛ- ආසව රහිත), අනාසවසුඛය අග්‍රය. 5) සාමිස සුඛය (වට්ටගාමි ) හා නිරාමිස සුඛය (විවට්ටගාමි), නිරාමිස සුඛය අග්‍රය 6) ආරියසුඛය හා අනාරිය සුඛය, ආරිය සුඛය අග්‍රය 7) කායික සුඛය හා චෛතසික සුඛය (මානසික), මානසික සුඛය අග්‍රය 8) පලමු හා දෙවෙනි ජන නිසා ලබන ප්‍රීතිසුඛය (සප්‍රීතික) හා තෙවෙනි හා සිව්වෙනි ජාන නිසා ලබන නිෂ්ප්‍රීතික (ප්‍රීතිය රහිත) සුඛය, නිෂ්ප්‍රීතික සුඛය අග්‍රය. 9) පලමු හා දෙවෙනි හා තෙවෙනි ජාන නිසා ලබන සාත සුඛය හා සිව්වෙනි ජානය නිසා ලබන උපේක්ෂා සුඛය, උපේක්ෂා සුඛය අග්‍රය. 10) සමාධි සුඛය හා අසමාධි සුඛය, සමාධි සුඛය අග්‍රය 11) පලමු හා දෙවෙනි ජන නිසා ලබන සප්‍රීතිකාලම්භන සුඛය හා තෙවෙනි හා සිව්වෙනි ජාන නිසා ලබන නිෂ්ප්‍රීතිකාලම්භන සුඛය, නිෂ්ප්‍රීතිකාලම්භන සුඛය අග්‍රය 12) පලමු හා දෙවෙනි හා තෙවෙනි ජාන නිසා ලබන සාතලම්භන සුඛය හා සිව්වෙනි ජානය නිසා ලබන උපේක්ෂාලම්භන සුඛය, උපේක්ෂාලම්භන සුඛය අග්‍රය 13) රූපාලම්භන සුඛය ( රූපාවචර ජාන- සිව්ජාන) හා අරූපාලම්භන සුඛය (අරූපාවචර ජාන), අරූපාලම්භන සුඛය අග්‍රය. මූලාශ්‍රය: අංගු.නි: (1): 2 නිපාත: සුඛවග්ග සූත්‍ර, පි.192.

▲ සුඛ අනුපස්සි- contemplating the happiness: සුඛඅනුපස්සි යනු නිවනේ සුවය ආවර්ජනා කරමින් වාසය කිරීමය. එම සුඛය ඇති පුද්ගලයන් 7 කි,ඔවුන් ආහුනෙය්‍ය... පාහුනෙය්‍ය...ආදී ගුණ ඇති උතුමන්ය. මූලාශ්‍රය: අංගු.නි: (4): 7 නිපාත: 7.1.2.9 සුඛඅනුපස්සි සූත්‍රය, පි.320.

▲ සුඛ ඉන්ද්‍රිය- Sukha Indriya: මෙය ඉන්ද්‍රිය 22න් එකකි. බලන්න: ඉන්ද්‍රිය.

▲ සුඛ ධාතුව-Sukha Dhathu: සුඛ ධාතුව (the pleasure element) සය ධාතුවලින් එකකි. බලන්න: ධාතුකුසලතාවය.

▲සුඛ ධර්මය- Sukha Dhamma: සුඛ (ශුක්ල) ධර්ම යනු කුසල ධර්මයන්ය. හිරි හා ඔත්තප්ප සුඛ ධර්මවේ.මේවා ලෝකපාලක ධර්මතාය. බලන්න: හිරි ඔත්තප්ප. මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත: වස්සුපනායිකාවග්ග:2.1.1.8 සුක්ක සූත්‍රය,පි.140, හා 2.1.1.9 චරියා සූත්‍රය, පි.140, ඛු.නි: ඉතිවුත්තක: 2.2.5 ශුකලධම්ම සූත්‍රය, පි. 392.

▲ සුඛ වේදනා-Sukha Vedana: සුඛ වේදනා (Pleasurable feelings ) යනු ස්පර්ශය නිසා විඳින සැප වේදනාය. මෙය ත්‍රිවිධ වේදනාවලින් එකකි. බලන්න:වේදනා.

▲ සුඛ පටිපදා- Sukha patipada: ආධ්‍යාත්මික මාර්ගය වඩා ගැනීමට යොදාගන්නා පටිපදා 4 න් දෙකක්: සුඛාපටිපදා දන්ඩාභිඤඤා, සුඛාපටිපදාඛිප්පාභිඤඤා ලෙසින් පෙන්වා ඇත. බලන්න: සතර ප්‍රතිපදා.

▲ සුඛ ප්‍රාර්ථනා- Wishing happiness: සුඛ ප්‍රාර්ථනා යනු මෙලොව හා පරලොව සැප පැතීමය. නුවණැති පුද්ගලයා, යහපත් ලෙසින් සිල්රකිමින් ප්‍රශංසාව, වස්තුලාභය,දෙව්ලොව සැප පතයි. මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක: 3.3.7 සුඛ ප්‍රාර්ථනා සූත්‍රය, පි.436.

▲සුඛ මාර්ගය-දුක් මාර්ගය- Happy way & unhappy way: සුඛ මාර්ගය ( ශුක්ල මග) ලෙසින් මෙහි පෙන්වා ඇත්තේ සම්මා දිට්ඨිය පෙරටු කරගත් නිවැරදි මගය. දුක ගෙනදෙන මග ( කෘෂ්ණමග) මිථ්‍යාදිට්ඨිය පෙරටු කරගත් වැරදි මගය. මූලාශ්‍රය: අංගු.නි: (6): 10 නිපාත: අරියවග්ග: 10.3.5.2 සුඛමග සූත්‍රය, පි. 474.

▲ සුඛවිපාක හා දුක් විපාක- Sukha vipaka & Dukvipaka: යහපත් කම්ම මගින් මෙලොව හා පරලොව දී සුඛවිපාක ඇතිවේ. අයහපත් කම්ම නිසා මෙලොව හා පරලොව දුක්විපාක ඇතිවේ.සුඛ විපාක ලබාදෙන ධර්මය නම් සම්මා දිට්ඨිය ප්‍රමුඛ නිවැරදි මග ගැනීමය. සසර ගමන දික්කරන වැරදිමග ගැනීම නිසා අප්‍රමාණ දුක් විපාක විඳීමට සිදුවේ. බලන්න: සම්‍යක්තවය, මිථ්‍යාත්වය. මූලාශ්‍ර:අංගු.නි:(6 )10 නිපාත සාධු වග්ග, 10.3.4.11 දුක්ඛවිපාක සූත්‍රය, පි.472.

▲ සුඛ සෝමනස්ස- abounds in happiness and joy: කරුණු 6 කින් සමන්විත්විම නිසා, මේ දිවියේදීම සැපය හා සොම්නස බහුලව වාසය කිරීමය: 1) ධම්මාරාමවීම 2) භාවනාරාම වීම 3) ප්‍රහාණාරාම (කෙළෙස් පහකිරීමට ඇති ඇල්ම) 4) ප්‍රවීවෙකාරාමය- පවිවිවේකය (කායචිත්ත උපධි විවේකයෙහි ඇති ඇල්ම) 5) අව්‍යාපාදරාම 6) නිෂ්ප්‍රපඤචාරාම (නිවනෙහි ඇල්ම). ඒ කරුණු ඇති උතුමා, මේ දිවියේදීම ආසාවක්‍ෂය කිරීම පරිපුර්ණකිරීම අරඹා ඇත. මූලාශ්‍ර: අංගුනි: (4): 6 නිපාත: අරහත්වග්ග: 6.2.3.4 සුඛ සෝමනස්සසූත්‍රය, පි.254.

▲ සුඛ සංඥාව- Sukha sanna: ඉර්දී වඩා ගැනීමෙන් සුඛ සංඥාව ඇතිකර ගැනීම ගැන බලන්න: අයගෝලය උපමාව.

▲සුඛුද්‍රය ධම්ම- Sukkhudraya Dhamma : සුඛුද්‍රය ධම්ම (සුවගෙනදන) ලෙසින් පෙන්වා ඇත්තේ: ප්‍රාණඝාතය, සොරකම, කාමයේ වරදවා හැසිරීම, මුසාවාදය, පිසුණාවාචය, පරුෂාවාචය, සම්ප්‍රප්ඵලාප, ලෝභය, ව්‍යාපාදය හැර දැමීම හා සම්මා දිට්ඨිය ගැනීමය. මේවා සම්මා දසධම්ම ලෙසින්ද පෙන්වා ඇත. මූලාශ්‍රය: අංගු.නි: (6) 10 නිපාත: සාධුවග්ග: 10.4.3.10 දුක්ඛුද්‍රය සූත්‍රය, පි.534.

▲ සුඛල්ලිකානු යෝගය-පාලි: සුඛල‍්ලිකානුයොගො- life devoted to pleasure: මෙහිදී, බුදුන් වහන්සේ ආරියහා අනාරිය යනුවෙන් සුඛල්ලිකානු යෝග දෙකක් පෙන්වා ඇත: 1. අනාරිය සුඛල්ලිකානු යෝගය: පහත්වූ (හීන), ලාමකවූ (ග්‍රාම්‍ය), ලෞකිකවූ, පුහුදුන් මිනිසා සේවනය කරණ, අර්ථසාධනය පිණිස නොවන අයහපත් පැවැත්මය. එම පැවැත්ම මගින් විරගය, නිරෝධය, උපසමාය, අභිඤ්ඤාය සම්බෝධිය, නිවන නොලැබේ. අනාර්ය සුඛල්ලිකානු යෝග 4කි:1) සතුන් මැරීමෙන් 2) සොරකමින් 3) බොරුකියා 4) පස්කම් සැප විඳිමින් ඉඳුරන් පිනවීමය.

“ චත‍්තාරො ‘මෙ සුඛල‍්ලිකානුයොගො හීනා ගම‍්මා පොථුජ‍්ජනිකා අනරියා අනත්‍ථසංහිතා න නිබ‍්බිදාය න විරාගය න නිරොධාය න උපසමාය න අභිඤ‍්ඤාය න සම‍්බොධාය න නිබ‍්බානාය සංවත‍්තතන‍්ති...” (There are, Cunda, four kinds of life devoted to pleasure which are low, vulgar, worldly, ignoble and not conducive to welfare, not leading to disenchantment, to dispassion, to cessation, to tranquility, to realization, to enlightenment, to Nibbana...) 2. ආරිය සුඛල්ලිකානු යෝගය නිවන පිණිස පවතී. එම පැවැත්ම ඒකාන්තයෙන්ම නිවන පිණිස පවතී. එමගින් සසර කළකිරිම, විරාගය, නිරෝධය, කෙලෙස් නිවීම (උපසමය), විශිෂ්ට නුවණ ලැබීම, සම්බෝධිය හා නිවන සාක්ෂාත්වේ. ආර්ය සුඛල්ලිකානු යෝග 4කි:1) ප්‍රථම ජානය2) දෙවන ජානය 3) තෙවන ජානය4) සිව්වන ජානය නිසා ලැබෙන සුව.මෙ මගින් සතර ඵල සතර ආනිසංස ලැබේ: සෝතාපන්නවීම, සකදාගාමීබව, අනාගාමිබව හා අරහත්වය ලැබීම:

“ චත‍්තාරො ‘මෙ සුඛල‍්ලිකානුයොගො හීනා ගම‍්මා එකන‍්ත නිබ‍්බිදාය විරාගය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තතන‍්ති...කතමෙ චත‍්තාරො? …පඨමං ඣානං...දුතියං ඣානං ...තතියං ඣානං... චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති”. (There are, Cunda, these four kinds of life devoted to pleasure which are entirely conducive to disenchantment, to dispassion, to cessation, to tranquility, to realization, to enlightenment, to Nibbāna. What are they? Firstly, a monk, detached from all sense-desires ... enters and remains in the first jhāna... in the second jhāna...the third jhāna... the fourth jhāna...). මූලාශ්‍ර: දීඝ.නි:(3) 6.පාසාදිකසූත්‍රය-ඡෙදය:17,පි. 210, EDN:29.The delightful discourse-Para:23,p. 318.

▲ සේඛ හා අසේඛ: පාලි: සෙඛො - අසෙඛො- trainee & one beyond training: සේඛ (ශිෂ්‍ය): උසස් පුහුණුවේ නිරත - අධිශිලය, අධි චිත්තය හා අධිප්‍රඥාව පුහුණු කරන (in higher training) එහෙත්, අරහත්වය නොලැබූ, ආරිය භික්ෂුන් සත් දෙනා ය. අසේඛ: පුහුණුව සම්පුර්ණ කරගත් රහතන්වහන්සේය (one beyond training). බලන්න: සත් ආරිය පුද්ගලයෝ, දස අසේඛිය ධර්ම. ශබ්දකෝෂ: පා.සිංශ:පි.534: “සෙඛ: හික්මීම සහිත පුද්ගලයා, රහත්ඵලය හැර ඉතිරි මගපලයන්ට පැමිණි පුද්ගලයා, සප්තවිධ ආර්යයා, පි. 114: අසෙඛ:අශෛක්‍ෂයා, හික්මී අවසන්කළ තැනැත්තා, රහතන්වහන්සේ. B.D: p: 168: “Sekha: A “noble Learner’, a disciple in higher training, i.e.one who pursue the 3 kind of training (sikkhā), is one of those 7 kinds of noble disciples who have reached one of the super-mundane paths or the 3 lower fruition… one possessed of the 4th fruition (arahatta-phala) is called ‘one beyond training- asekha- no more learner”.

▼සේඛ භික්ෂුව අප්‍රමාදව කටයුතු කලයුතුවේ: සේඛ - ශිෂ්‍ය භික්ෂූන්, පුහුණුවේ අභිමාර්තය-ඉලක්කය (නිවන) ලබා නොමැත. එමනිසා ඉලක්කය සාක්ෂාත් කරගැනීමට ඔවුන් අප්‍රමාදව කටයුතු කළ යුතුවේ යයි බුදුන් වහන්සේ වදාළහ. එයට හේතු? එම ආරියන්, සුදුසු සේනාසනවල වාසය කරමින්, කල්‍යාන මිත්‍ර සේවනය කරමින්, ආධ්‍යාත්මික ඉන්ද්‍රියයන් පෝෂණය කර ගත යුතුවේ. එසේ කටයුතු කරණ ඔවුන්, විශේෂ නුවණ ඇතිකරගෙන, කුල පුත්‍රයන් ගිහිගෙයින් නික්මීමේ පරමාර්ථය වූ උතුම් බඹසර නිමාකර, නිවන ලබාගැනීම සාක්ෂාත් කර ගනී. අප්‍රමාදව පුහුණුවීම නිසා ලබන උතුම් ඵලය දැකීම නිසා, තවදුරටත් අප්‍රමාදව කටයුතු කල යුතුවෙ.

“යෙ ච ඛො තෙ භික‍්ඛවෙ භිකඛු සෙක‍්ඛා අප‍්පත‍්ත මානසා අනුත‍්තරං යොගකෙඛමං පත්‍ථයමානා විහරන‍්ති. තථාරූපානාහං භික‍්ඛවෙ භිකඛුනං අප‍්පමාදෙන කරණිය’න‍්ති වදාමි. තං කිස‍්ස හෙතු: අප‍්පෙචනාමිමෙ ආයස‍්මන‍්තො අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානා කල්‍යාණ මිත‍්තෙ භජමානා ඉනද්‍රියානි සමන‍්නානයමානා යස‍්සින‍්තාය කුලපුත‍්තා සම‍්මදෙව ආගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති, තදනුත‍්තරං බ්‍රහ‍්මචරිය පරියොසානං දීට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සචඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරෙය්‍යු’න‍්ති. ඉමෙ ඛො අහං භික‍්ඛවෙ ඉමෙසං භිකඛුනං අප‍්පමාඵලං සම‍්පස‍්සමානො අප‍්පමාදෙන කරණියන‍්ති වදාමි”. (... bhikkhus who are in higher training, whose minds have not yet reached the goal, and who are still aspiring to the supreme security from bondage, that they still have work to do with diligence. Why is that? Because when those venerable ones make use of suitable resting places and associate with good friends and nurture their spiritual faculties, they may by realizing for themselves with direct knowledge here and now enter upon and abide in that supreme goal of the holy life for the sake of which clansmen rightly go forth from the home life into homelessness. Seeing this fruit of diligence for these bhikkhus, I say that they still have work to do with diligence). මූලාශ්‍ර: ම.නි: (2): 2.2.10 කීටාගිරි සූත්‍රය,පි. 252, EMN: 70: Kīṭāgiri Sutta, p. 536.

▼ ‘සේඛ’ ලෙසින් හඳුන්වන්නේ කව්රුද ? : “කිත‍්තාවතා නු ඛො භන‍්තෙ සෙඛො හොතීති? “ භික්ෂුන් ඇසු ප්‍රශ්ණ පිළිබඳව බුදුන් වහන්සේ මෙසේ වදාළහ: පුහුණුව ලබන භික්ෂුව, සේඛ ආරිය අටමගින් සමන්විත නම් ඔහු සේඛ වේ:

“ ... ඉධ භිකඛු සෙඛාය සම‍්මාදිට‍්ඨි සමන‍්නාගතො හොති, සෙඛෙන සම‍්මාසඬකප‍්පෙන ...සෙඛාය සම‍්මාවාචාය... සෙඛෙන සම‍්මා කම‍්මන‍්නෙන... සෙඛෙන සම‍්මාආජීවෙන... සෙඛෙන සම‍්මාවායාමෙන... සෙඛාය සම‍්මාසතියා... සෙඛෙන සම‍්මාසමාධිනා සමන‍්නාගතො හොති, එත‍්තාවතා ඛො භිකඛු සෙඛො හොතීති”. ( Here, bhikkhu, one possesses a trainee’s right view ... a trainee’s right concentration. It is in this way that one is a trainee).මූලාශ්‍ර: සංයු.නි: (5-1):මහාවග්ග: මග්ගසංයුත්ත:1.2.3 සේඛ සූත්‍රය, පි. 50 , ESN: Maggasamyutta, 13.3 A Trainee, p. 1618.

▼සේඛ පුද්ගලයා හික්මි සිටි: හික්මෙන තැනැත්තා (කීකරු) යන අරුතින් සේඛ වේ යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත:

“සික‍්ඛතීති ඛො භිකඛු තස‍්මා සෙඛොති වූච‍්චති. කිඤ‍්ච සික‍්ඛති : අධිසීලම‍්පි සික‍්ඛති, අධිචිත‍්තම‍්පි සික‍්ඛති, අධිපඤ‍්ඤම‍්පි සික‍්ඛති. සික‍්ඛතීති ඛො භිකඛු තස‍්මා සෙඛොති වූච‍්චතිති”. ‘කිනම් දෙයක හික්මේද? ඔහු අධිශීලයේ, අධිචිත්තයේ, අධිප්‍රඥාවේ හික්මෙයි. එසේ හික්මෙන නිසා සේඛ යයි කියනු ලැබේ’. (He trains, bhikkhu, therefore he is called a trainee. And in what does he train? He trains in the higher virtuous behavior; he trains in the higher mind; he trains in the higher wisdom. He trains, bhikkhu, therefore he is called a trainee)

මේ දේශනාව අවසානයේදී බුදුන් වහන්සේ මේ ගාථා වදාළහ:

“සෙඛස‍්ස සික‍්ඛමානස‍්ස උජුමග‍්ගානුසාරිනො ඛයස‍්මිං පඨමං ඤාණං තතො අඤ‍්ඤා අනන‍්තරා කතො අඤ‍්ඤාවිමුත‍්තස‍්ස ඤාණං වෙ හොති තාදීනො අකුප‍්පා මෙ විමුත‍්තීති භවසඤෙඤාජනක‍්ඛයෙති

‘පුහුණුවේ යෙදෙමින්, ඍජු ආරිය මග ගමන්කරන සේඛ පුද්ගලයාට, පළමුව, කෙළෙස් ක්‍ෂය කරන නුවණ - මාර්ග ඥානය පහලවේ. අනතුරුව, ඔහුට අරහත්ඵල ඥානය ඇතිවේ. ඒකාන්තයෙන්ම ඒ උතුම් පුද්ගලයාට ‘භව සංයෝජන පහවිය, කිසිවෙකුට සෙලවිය නොහැකි විමුක්තිය ලදිමි’ යන ප්‍රත්‍යවෙක්‍ෂණ ඥානය ඇතිවේ’. (As the trainee trains along the straight path, the knowledge of destruction arises first immediately followed by final knowledge. Thereafter, when the fetters of existence are destroyed, for one liberated by final knowledge, the knowledge arises: ‘My liberation is unshakable’. මූලාශ්‍ර:අංගු.නි: (1): 3 නිපාත: 3.2.4.5. සූත්‍රය, පි. 446, EAN:3: 85.5. A Trainee, p.121.

▼ අසේඛ වෙන්නේ කෙසේද? “කිත‍්තාවතා නු ඛො භන‍්තෙ භික‍්ඛු සෙඛො හොතී ති?” භික්ෂුවක් එසේ අසනලද ප්‍රශ්නයකට, බුදුන් වහන්සේ මෙසේ පිළිතුරු වදාළහ:

“ ... ඉධ භිකඛු, භිකඛු අසෙඛාය සම‍්මාදිට‍්ඨි සමන‍්නාගතො හොති, අසෙඛෙන සම‍්මාසඬකප‍්පෙන ...අසෙඛාය සම‍්මාවාචාය... අසෙඛෙන සම‍්මාකම‍්මන‍්නෙන... අසෙඛෙන සම‍්මාආජීවෙන... අසෙඛෙන සම‍්මාවායාමෙන... අසෙඛාය සම‍්මාසතියා... අසෙඛෙන සම‍්මාසමාධිනා සමන‍්නාගතො හොති. අසෙඛෙන සම‍්මාඤාණෙන... අසෙඛාය සම‍්මාවිමුත‍්තීයා සමන‍්නාගතොහොති.එවංඛො භිකඛු භිකඛු අසෙඛො හොතී ති”. ‘යම් භික්ෂුවක් අසේඛ සම්මා දිට්ඨිය ඇති ආරිය අටමගින් සමන්විතව, අසේඛ සම්මා ඥාණය හා සම්මා විමුත්තිය පරිපුර්ණය කරගැනීමෙන්, ඔහු අසේඛ වේ". සටහන: ‘Asekha’: A term for an arahant, who has completed the training in the noble eightfold path and thus possesses, beyond the eight path factors, right knowledge (sammāñāṇa) and right liberation (sammāvimutti). බලන්න: EAN:10: note: 2147, p.683, දස අසේඛියධම්ම. මූලාශ්‍ර: අංගු.නි: ( 6): 10 නිපාත: සමණසඤ්ඤා වගග: 10.3.1.11. අසේඛ සූත්‍රය, පි.426 හා 10.3.1.12. අසේඛියධම්ම සූත්‍රය,පි.428 , EAN: 10: 111.11 One beyond training 1 & 2, p.543.

▼ සේඛ පුහුණුව: සේඛ භික්ෂුව සතර සතිපට්ඨානය (සිව් සිවටන්) ඇතිකරගෙන වාසය කලයුතුවේ.මූලාශ්‍රය: සංයු.නි: (5-2): මහාවග්ග: අනුරුද්ධසංයුත්ත: 8.1.4 කන්ටකී සූත්‍රය, පි.94.

▼සේඛ ගුණ: උසස් පුහුණුව ලබන සේඛ භික්ෂුන්ගේ ස්වභාවය බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත: උසස් පුහුණුවේ යෙදෙන භික්ෂුන්: නිරතුරුවම ශිලසම්පන්නය, සිල්වත් ජිවිතයක් ගත කරයි (අධි ශිලය) , ප්‍රඥා සම්පන්නය, තියුණු නුවණ ඇතිව වාසය කරයි (අධි ප්‍රඥාව) . සතර සතිපට්ඨානයේ මානව ස්ථාපිත උසස් සිතක් ඇතිව වාසය කරයි (අධිචිත්තය):

“...ඉමස‍්මිං භිකඛුසඬෙඝ සෙඛා සන‍්තතසීලා සන‍්තතවුත‍්තිනො නිපකා නිපකවුත‍්තිනො. තෙ චතුසු සතිපට‍්ඨානෙසු සූපට‍්ඨිතචිත‍්තා විහරන‍්ති...” (... There are bhikkhus in higher training, of constant virtue, living a life of constant virtue, sagacious, living a life of constant sagacity. They abide with their minds well established in the four foundations of mindfulness). මූලාශ්‍ර: ම.නි: (2 ): 2.1.1 කන්දරක සූත්‍රය පි. 18, EMN: 51: Kandaraka Sutta, p. 425.

▼ අසේඛ යනු උත්තම පුරුෂයාය:පංච නීවරණ පහකර, පංච අංගයන්ගෙන් සමන්විත වූ භික්ෂුව (රහතන්වහන්සේ) ධර්ම විනයේ උතුම් පුරුෂයා ය.බලන්න: උත්තම පුරුෂයා.පංචඅංග ප්‍රහීණය යනු පංචනිවරණ පහකර ගැනීමය. පංචඅංග ඇතිකර ගැනීම යනු: අසේඛ ශිලයය. ( virtuous behavior of one beyond training- ශිලය පරිපූර්ණබව), අසේඛ සමාධිය (concentration of one beyond training- සමාධිය පරිපූර්ණබව) අසේඛ ප්‍රඥාව- wisdom of one beyond training- ප්‍රඥාව පරිපූර්ණබව) අසේඛ විමුත්තිය (liberation of one beyond training) අසේඛ විමුත්ති ඥානදර්ශනය (the knowledge and vision of liberation of one beyond training) සම්පුර්ණ කරගැනීමය. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: නාථ වග්ග: 10.1.2.2 පංචඅංග සූත්‍රය, පි.58, EAN: 10: Protector: 12.2 Five Factors, p. 495.

▼ අසේඛ ගුණ: අසේඛ භික්ෂුව (රහතුන්) ආහුනෙය්‍ය,පාහුනෙය්‍ය ආදී ගුණයෙන් සමන්විතය. මූලාශ්‍රය: අංගු.නි: (3): 5 නිපාත: ඵාසුවිහාරවග්ග: 5.3.1.8 අසේඛ සූත්‍රය, පි.236.

▼ සේඛ භික්ෂුව ආරිය පුද්ගලයෙකි: සේඛ යනු, සසර බන්ධනයෙන් තවමත් නොමිදුන, නිවන අරමුණු කොට ඇති ධර්මයේ උසස් පුහුණුව ලබන භික්ෂුවය. එනම්, සෝතාපන්න හෝ සකදාගාමී හෝ අනාගාමී මග ඵල සාක්ෂාත් කරගත්, රහත්බව නොලැබූ ආරියන්ය.එබඳු අරිය ශ්‍රාවකයා අනිච්ච, දුක්ඛ හා අනාත්ම ධර්මතා පිලිබඳ අභිඥාලාභීයෙක්ය, එහෙත්, අරහත් මගඵල සම්පුර්ණ කරණ අවබෝධය- පරිඥාව ලබා නොමැත. රහතුන් අභිඥාව හා පරිඥාව සම්පුර්ණකර ඇත. බලන්න: EMN: notes: 21-24, p. 1064. මූලාශ්‍ර: ම.නි: (1): මූල පරියාය සූත්‍රය, පි. 22,EMN:1: Mūlapariyāya Sutta, p. 61.

▼ සේඛ බල: සේඛ භික්ෂුව සතු සේඛබල පහක්වේ (පංච සෙඛ බලානි): 1) ශ්‍රද්ධාබලය 2) හිරිබලය 3) ඔත්තප්ප බලය 4) වීරියබලය 5) ප්‍රඥාබලය. මූලාශ්‍ර: අංගු.නි : (3 ): 5 නිපාත: 5.1.1.1. සේඛබල සඬඛිත සූත්‍රය, පි. 24, EAN:5: The Trainee’s Powers- 1.1.In Brief, p. 238. සේඛයන්, තම අවබෝධය හා පුහුණුව මගින් සියළු කෙලෙස්: රාග,දෝෂ,මෝහ හැර දමයි, සියලු අකුසල අත්හරි. එලෙස කටයුතු කිරීමෙන් ඔහුට ඇතිවන ආධ්‍යාත්මික ශක්තිය භාවනා බලය වේ... භාවනා බලය ඇති භික්ෂුව, විවේකය ඇසුරුකරමින්, විරාගය ඇසුරුකරමින්, නිරෝධය ඇසුරුකරමින්, කෙලෙස් හැරදැමීමෙන්, විමුක්තිය පිණිස සප්ත බෝජ්ජංග ධර්ම වඩයි... ඔහු සියලු කාමයන් ගෙන් වෙන්වී, සිව්ජාන වර්ධනය කරගනී. සටහන්: *සේඛබල යනු, මාර්ගය පුහුණුකරණ සත් දෙනාය: සෝතාපන්න සිට අරහත් මග දක්වා දියුණු කරන උත්තමයන්ය. රහතන්වහන්සේ මේ ගණයට නොවැටේ. එතුමන් අසේඛය. බලන්න: සේඛ, EAN:2: note no. 229, p.592. මූලාශ්‍ර:අංගු.නි: (1) 2 නිපාත: 2.1.1, 2.1.2 සූත්‍ර, පි.142, EAN:2: 11-1 sutta, p. 57.

▼ සේඛ භික්ෂුව විශාරදවීම: සේඛ භික්ෂුව විශාරදවීම (සේඛවොසාරජ්ජ) පිණිස ධර්මතා 5ක් තිබිය යුතු බව මෙහි දක්වා ඇත. එනම්: පංච සේඛ බලයන්ය. මූලාශ්‍ර: අංගු.නි : (3 ): 5 නිපාත:ඵාසුවිහාරවග්ග:5.3.1.1 සේඛවොසාරජ්ජ සූත්‍රය, පි.224.

▼සේඛයන් සම්පුර්ණ කරගත් ගුණ: 1) ශිලසම්පන්න2) ඉන්ද්‍රිය සංවරය 3) භෝජනයේ මාත්‍රවීම) 4) ජාගාරානු සතිය) 5) සප්ත සද්ධර්මය තිබීම 6) කැමති පරිදි සිව් ජාන ලබාගැනී. ඔහු එම අර්හත් මගට බැස ඇත. උතුම් නිවන -අධිගමය ලැබීමට ඔහුට හැකියාව ඇත.සේඛ ගුණ සාක්ෂාත් කරගත් ආරියශ්‍රාවකයා විජ්ජාචරණ සම්පන්නවේ (vijjācaraṇasampanna-perfect in true knowledge and conduct). ඔහු සතු චරණ ගුණ: ශිලසම්පන්නබව, ඉන්ද්‍රිය සංවරය, ආහාරයේ පමණ දැනීම, නිදිවැරිම, සප්ත සද්ධර්ම ගුණ හා සිව්ජාන ලබාගැනීමේ හැකියාව. ඔහු ලැබූ ත්‍රිවිධ ඥාන පෙර ජාති සිහිකිරීමේ නුවණ (පුබෙබනිවාසං අනුසසරති), දිවැස් නුවණ (දීබෙබන චකඛුනා), ආසව ක්‍ෂය කිරීමේ නුවණ (ආසවානං ඛය). සටහන්: * චරන ගුණ 15කි, විජ්ජා 3 කි. මේ ගුණ බුදුවරුන් හා රහතන්වහන්සේ සතුය. බලන්න: බුදුගුණ, ත්‍රිවිධ ඥාන, විජ්ජාචරණසම්පන්න. ** බුදුන් වහන්සේගේ ඇරයුමක් මත ආනන්ද තෙරුන් මෙම ප්‍රතිපදාව ශක්‍යන්හට වදාළහ. මූලාශ්‍ර: ම.නි:(2 ): 2.1.3 :සෙඛ සූත්‍රය, පි. 44, MN 53: Sekha Sutta, p.436

▼ සේඛ භික්ෂුවකගේ පරිහානියට බලපාන කරුණු: 1) වැඩකටයුතු වලට 2) කතාබහට3) නින්දට4) අන්‍ය ඇසුරට ඇලීම 5) ඉන්ද්‍රිය අසංවරය 6) භෝජනයෙහි පමණ නොදැනීම. එම කරුණු හැර, පරිහානිය වලකා ගත හැකිය. මූලාශ්‍ර: අංගු.නි:(4 ):6නිපාත: 6.1.4.1සේඛසූත්‍රය, පි.102,EAN:6:31 .1Trainee, p.330 .

▼ සේඛ භික්ෂුවකගේ පරිහානිය හා දියුණුව: මෙහි සේඛ භික්ෂුව පරිහානියට පත්වීම හා වර්ධනයවීමට බලපාන කරුණු පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (3 ): 5 නිපාත: ථෙරවග්ග: 5.2.4.9 සේඛ සූත්‍ර 2කි, පි. 205.

▼ සේඛ ධර්මතා සපුරා ගැනීමට හේතු කරුණු: පවිටු මිතුරන් ඇතිවීට, සේඛ ධර්මතා සම්පුර්ණ කරගත හැකිනොවේ. කල්‍යාන මිත්‍ර සේවනය, සේඛ ධර්මතා සපුරා ගැනීමට උපකාරිවේ. සේඛ යනු අරහත්වය පිණිස පුහුණුවන උතුම් ශ්‍රාවකයාය. සේඛ භික්ෂුවහට බොහෝ උපකාරීවන ධර්මතා 2 කි: යෝනිසෝමනසිකාරය හා කල්‍යානමිත්‍ර සේවනය. මූලාශ්‍රය: ඛු.නි:ඉතිවුත්තක:1 හා 2 සේඛ සූත්‍ර, පි.360.

▼ සේඛපුහුණුව පිණිස කල්‍යාන මිත්‍ර සේවනය උපකාරීවේ: කල්‍යාන මිත්‍ර සේවනය, සේඛ ධර්මතා සපුරා ගැනීමට උපකාරිවේ. පවිටු මිතුරන් ඇතිවීට, සේඛ ධර්මතා සම්පුර්ණ කරගත හැකිනොවේ. මූලාශ්‍රය:අංගු.නි: (4): 6 නිපාත:අනාගාමිවග්ග. 6.2.2.3 මිත්ත සූත්‍රය, පි.238.

සග

▲සංගයනා- Sanghayana: සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධර්මවිනය චිරස්ථායි වනු සඳහා සම්මුඛ ශ්‍රාවකවූ ධර්මවිනයධර අනුබුද්ධ මහාකාශ්‍යාප, ධර්මභාණ්ඩාගාරික ආනන්ද, අග්‍රවිනයධර උපාලි ආදී සිවුපිළිසිඹියා පත් මහරහතුන් විසින් පවත්වනලද ප්‍රථම සංගායනාව සෙසු සියලු සංගායනාවන්ට භුමිවූ බවත්, සියලු බොදු නිකායකයින් විසින් පිළිගන්නා ලද බවත්, ත්‍රිපිටකධර්ම විනිශ්චය පිලිබඳ සතර මහාඅපදේශ (ප්‍රමාණ) යන් අතුරෙහි “ආචාර්යවාදය” වශයෙන් ගන්නා ලද බවත් අර්ථකථා ගත විස්තරයන්ගෙන් පැහැදිලිවේ. මහාකාශ්‍යප තෙරුන්ගේ සිසු පරපුර - සංයුත්තභාණක යන්වුහ. මූලාශ්‍රය: වින.පි: මහාවග්ග පාළි 1: ප්‍රස්තාවනා පි 26, 63.

▲සංග්‍රාම-Battle: සංග්‍රාම යනු එකිනෙකා සමග විරුද්ධව සටන් කිරිමය. එවැනි සටන් නිසා ඇතිවෙන අයහපත් විපාක: ජයගැනීම හා පැරදීම පිළිබඳව බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත: “ දිනන අය, වෛරි ජනයා ලබයි. පැරදුන අය දුකින් වාසය කරයි. දිනුම් පැරදුම් දෙක හැර දමා සංසින්ඳුනවිට සුවයෙන් සැතපේ”. “ යම්තාක් කෙනකුට හැකියාව ඇතිද, හෙතම සෙසු අය වනසයි. යම් කලක අන්‍යයෝ තමන් වනසයිද, එවිට තමන් වැනසේ. අනුවණ අය තමන්හට වාසනාව ඇතයි සිතති, එහෙත්, නරක කම්ම ඵල දෙනවිට ඔවුන් බොහෝ දුක් විඳිති” ( Victory breeds enmity, The defeated one sleeps badly. The peaceful one sleeps at ease, having abandoned victory and defeat. The fool thinks fortune is on his side So long as his evil does not ripen, but when the evil ripens the fool incurs suffering). සටහන: මෙහිද, පසේනදී කෝසල රජ හා මගධාධිපති අජාසත් රජ අතර වූ සංග්‍රාමයක් ගැන දක්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (1) සගාථවග්ග: කෝසලසංයුත්ත: ප්‍රථම හා දෙවනි සංග්‍රාම සූත්‍ර, පි.180, ESN:3: Kosalasamyutta, 14.4.& 15.5 suttas, p. 237.

▲සංග්‍රාමජිත් තෙර-Sangramajit Thera: බලන්න: උපග්‍රන්ථය:1

▲ සංගාරව භද්‍රමුඛ - Sangārava Bhdramukha: බලන්න: උපග්‍රන්ථය:3

▲ සංගාරාව බ්‍රාහ්මණ 1& 2- Brahmin Saṅgārava 1&2 : බලන්න: උපග්‍රන්ථය:3

▲ සංග්‍රහ වත්ථු- Sangrha vatu: සංග්‍රහ වත්ථු ලෙසින් මෙහි පෙන්වා ඇත්තේ දානය, ප්‍රියවචනය, අර්ථචරියාව, සමානත්ම තාවයය. බලන්න: සතර සංග්‍රහ වත්ථු. මූලාශ්‍රය: අංගු.නි: (2): 4 නිපාත:චක්කවග්ග: 4.1.4.2 සංග්‍රහ වත්ථු සූත්‍රය, පි.88 හා අභිඤඤාවග්ග: 4.6.3 සංග්‍රහ වත්ථු සූත්‍රය, පි.498.

▲ සංග්‍රහ වත්ථු බල-Sangrha vattu bala: සංග්‍රහ වත්ථු බල ලෙසින් පෙන්වා ඇත්තේ: ප්‍රඥාබලය, වීරියබලය,අනවජ්ජබලය, සංග්‍රහ බලය යන බල සතරය. මේ සතර බල ඇති පුද්ගලයා පස්බිය ඉක්මවා ඇත. ප්‍රඥාබලය: කුසල අකුසල, සාවද්‍ය නිරවද්‍ය, කළු සුදු, සේවිතබ්බ අසේවිතබ්බ, ආරියබව කරන අනාරිය බව කරන, සියලු ධර්ම යහපත් ලෙසින් දැකීමය. වීරියබලය: සියලු අකුසල ප්‍රහීණය පිණිස, කුසලය වැඩිම පිණිස ප්‍රධන් වීරිය තිබීම.අනවජ්ජබල: කාය වචී හා මනෝ දොරටුවලින් නිවැරදි කම්ම කිරීම. සංග්‍රහබල: දානය, ප්‍රියවචනය, යහපත් අර්ථ චරියාව, සමානාත්මතාවය යන සතර සංග්‍රහ වස්තු සහිතවීම. පස්බිය: 1 ආජීවකබිය (ජිවිතවෘත්තිය පිලිබඳ), 2 ගැරහුම් ලැබීමේ බිය (අසිලෝකභිය), 3 පිරිස්මැද පසුබෑමේ බිය (පරිස්සාරජ්ජභය), 4 මරණභිය 5 දුගතිබිය (අපායභය). මූලාශ්‍රය: අංගු.නි: (5): 9 නිපාත:සම්බෝධිවග්ග:9.1.1.5 බලසංග්‍රහ වත්ථු සූත්‍රය, පි.408.

▲ සුගත- fortunate one: සුගත යනු වාසනාවන්තබවය. බුදුන්වහන්සේ හඳුන්වන ගුණ නාමයකි, බුදු ගුණයකි. රාග දෝස හා මෝහ යන සියලු කෙළෙස් සහමුලින්ම උපුටා දැමු රහතුන් සුගත යයි සැරියුත් තෙරුන් වදාළහ. මූලාශ්‍ර: සංයු.නි (4 ) සළායතන වග්ග: ජම්බූඛාදක සංයුත්ත: 4.1.3 ධමමවාදී සුත්‍රය, පි. 502 , ESN: IV: 38 Jambukhādakasaṃyutta: 3 Proponents of Dhamma, p. 1398.

▲ සුගත විනය-Discipline of the Fortunate one තථාගතයන් විසින්, මුල, මැද හා අග යහපත්වූ ...පරිශුද්ධ බ්‍රහ්මචරියාව දෙසනසේක. එය සුගත විනය යයි මෙහි දක්වා ඇත. ලෝකයාට හිත පිණිස, සුව පිණිස අනුකම්පාව පිණිස යහපත පිණිස සුගත විනය දේශනා කර ඇත. බලන්න: ධම්මවිනය. මූලාශ්‍රය: අංගු.නි: (2): 4 නිපාත: ඉන්ද්‍රියවග්ග: 4.4.1.10 සුගතවිනය සූත්‍රය, පි.306.

▼සුගත විනයේ දස ධම්ම ලෙසින් පෙන්වා ඇත්තේ, සම්මා දිට්ඨිය ප්‍රමුකවූ දස අංග, සම්‍යක්තවයය. බලන්න: දසධම්ම. මූලාශ්‍රය:අංගු.නි: ( 6): 10 නිපාත: පරිශුද්ධ වග්ග: 10.3.3.1-10.3.3.9 සූත්‍ර, පි.462.

▲ සුගතිය-Favorable destinations: සුගතිය යනු යහපත් කර්ම විපාක නිසා මරණින් මතු යළි උපත ලබන සුභ ස්ථානයකි. දේවලෝක, බ්‍රහ්මලෝක හා මිනිස් ලෝකයේ සැපසම්පත් සහිතව ඉපදීම සුගතිය ලැබීමය. කෙනක් තුන්දොරින් කුසලක්‍රියා කරන්නේනම්, සම්මාදිට්ඨිය ඇත්නම් ඔහුට සුගතියේ ඉපදීමට වාසනාව ඇත. බලන්න: දුගතිය, කම්ම. මූලාශ්‍ර: අංගු.නි: (2 ): 4 නිපාත: කම්ම වග්ග සූත්‍ර, පි. 468, EAN:4: Kamma: p. 227, අංගු.නි (1) 3 නිපාත: දේවදුතවග්ග: 3.1.4.6 සුත්‍රය, පි. 292, EAN:3: Divine Messengers: 36. 6 Messengers, p.92, මනි: (3) 3.3.10, දේවදුත සූත්‍රය, පි. 400, EMN:130: The Divine Messengers, p.941.

▼සුගතියේ යලි උපත ලැබීම ගැන මිථ්‍යා දිට්ඨි: බුදුන් වහන්සේ වැඩ වසන සමයේ, මේ පිලිබඳ අන්‍යආගමිකයන් අතර විවිධ දිට්ඨි පැවතිනි. බුදුන් වහන්සේ පෙන්වා වදාළේ එබඳු දිට්ඨි, මිථ්‍යා දිට්ඨි නිසා යලි උපත දුගතිය බවය. පැවති දිට්ඨි: 1) යුද්ධයේ විරිය කරන අසරුවන් සරඤජිත දේව සභාවේ උපත ලැබීම. බලන්න: සංයු.නි (4) සළායතනවග්ග: ගාමිණිසංයුත්ත: 8.1.5අස්සාරෝහගාමිණි සූත්‍රය, පි.590.2) යුද්ධයේ විරියකරන හස්තිහහත්ථරෝහක හමුදාව) සරඤජිත දේව සභාවේ උපත ලැබීම.බලන්න: සංයු.නි: (4) සළායතනවග්ග:ගාමිණිසංයුත්ත:8.1.4 හත්ථාරෝහගාමිණි සූත්‍රය,පි.590. 3)යොධාජීව භටයන් සරඤජිත දේවසභාවේ උපත ලැබීම.බලන්න:සංයු.නි:(4) සළායතනවග්ග: ගාමිණිසංයුත්ත:8.1.3 යොධාජීව සූත්‍රය, පි.588.4) ජනයා පිනවන නළුවන් පහාස දේව සභාවේ උපත ලැබීම. මූලාශ්‍රය: සංයු.නි: (4) සළායතනවග්ග:ගාමිණිසංයුත්ත:8.1.2 තාලපුට සූත්‍රය, පි.584.

5) පජ්ජාභුමි බ්‍රාහමණයන්හට, කලුරිය කල පිරිස සුගතියට යැවීමේ හැකියාව ඇතිබව. සටහන්: * මළමිනිය අසල සිට ඔවුන් මෙසේ පවසන බව අටුවාව පෙන්වා ඇත: “They stand around him saying, ‘Go, sir, to the brahmā world; go, sir, to the brahmā world,’ and thus make him enter (pavesenti) heaven.” බලන්න: ESN: note: 342, p. 1567. ** එම දිට්ඨි වැරදි බව පෙන්වීමට බුදුන් වහන්සේ යොදාගත් උපමා:

1) මහාගල උපමාව: කෙනෙක් මහා ගලක් ගැඹුරු විලකට දමා ඒ ගලට උඩට ඒමට යයි කියයි. එහෙත්, ඒ ගලට උඩට මතුවීමට නොහැකිය. එසේම අයහපත් අකුසල කරන කෙනෙක්, මරණින් මතු සුගතියේ යළි උපත ලැබීම සිදුවන දෙයක් නොවේ. 2) ගිතෙල් කලය උපමාව: කෙනෙක් ගිතෙල් ඇති මැටි කාලයක් ගෙන එය විලකට දමයි. කලය බිඳී කෑලි යටට යයි, තෙල් උඩට මතුවේ. එලෙස යහපත් කුසල කම්ම කරන පුද්ගලයෙක් මරණින් මතු දුගතියට යන්න යයි පැතීම නිෂ්ඵල දෙයකි. මූලාශ්‍රය: සංයු.නි: (4) සළායතනවග්ග:ගාමිණිසංයුත්ත:8.1.6 අසිබන්ධක සූත්‍රය, පි.592.

▲ සුගතිගමන-Going to a happy destination: දෙවියන්ගේ සුගති ගමන ලෙසින් බුදුන් වහන්සේ වදාළේ, දෙවියෙක්, දෙව්ලොවින් චුතව, මිනිස් ලෝකයේ යළි උපතක් ලැබීමය. දෙවියෙක්, චුතවන අවස්ථාවේ, සෙසු දෙවියන් ඔහුවෙත පැමිණ මෙලෙසින් ඔහු අමතයි:

“පින්වත, දෙව්ලොවින් චුතව, මිනිස් ලෝකය නැමති සුගතියට යන්න...එහිදී සද්ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගන්න- සුලද්ධ ලාභය ලබන්න. එම ශ්‍රද්ධාව, මුල්කරගත්විට, වෙනත් කිසිවෙකුට එය ඉවත් කිරීමට නොහැකිය. සුලද්ධ ලාභය ලැබ සුප්පතිට්ඨත වන්න”.

සටහන්: * දෙවියෙක් චුතවන අවස්ථාවේ ඔහුට පෙරනිමිති 5 ක් ඇතිවේ: 1) පැළඳි මල් පරවේ 2) හැඳි වස්ත්‍ර කිළුටුවේ 3) දාඩිය වැගිරේ 4) සිරුර දුර්වර්ණවේ 5) ස්වකිය දිව්‍යආසනයේ නො ඇලේ. ** සුලද්ධ ලාභය යනු ධර්මය පිළිබඳව යහපත් ලෙසින් ශ්‍රද්ධාව ඇතිකර ගැනීමය ** සුප්පතිට්ඨත: පිහිටුවා ගත් සැදෑ හිත වෙනත් කිසිවෙකුට නොසෙල්විය හැකිබව. මූලාශ්‍රය: ඛු.නි:ඉතිවුත්තක:චතුවග්ග:3.4.4 පුර්වනිමිත්ත සූත්‍රය,පි.450.

▲ සාගත තෙර-Sagatha Thera: බලන්න: උපග්‍රන්ථය:1.

▲ සොගන්ධික නිරය- sweet-fragrance hell: අයහපත් කම්ම විපාක ඵලදීමට මට ඇති නිරයකි. බලන්න: නිරය.

සඟ

▲සිඟාල- the fox: 1) උපමාව:සිගාල (සිවලා, නරිය) උක්කන්ටක (කුෂ්ඨ) රෝගයෙන් පෙලන සිවලාට එක තැන සිටීම පහසු නත. මෙ උපමාවෙන් පෙන්වා ඇත්තේ ලාභසත්කාර වලට යටවූ මහණහට ධර්මයේ ස්ථාවර වීමට නොහැකි බවය. ඒ රෝගයෙන් පෙලෙන සිවලා ගුහාවට, රුක්මුලකට, ජලාසයකට ආදී කවර තැනකට ගියද ඌට ඇති කැසීම නතර නොවේ, දුකම ඇතිවේ. එලෙස, ලාභසත්කාර නිසා සිත මැඩිගිය මහණට, කවර තැනකට ගියද සිත සමාධියට පත් කර ගත නොහැකිවේ, දුකට පත්වේ. මූලාශ්‍රය: සංයු.නි: (2) නිදාන්වග්ග: ලාභසත්කාරසංයුත්ත:5.1.8 සිගාල සූත්‍රය, පි.372.

2) කුෂ්ඨසැදුන සිවලාට එක තැනක විසිමට නොහැකිය. එලෙස ප්‍රමාදය, කලගුණ නොමැතිකම ආදී අවගුණ ඇතිවිට සිත සමාධිය ලබා ගැනීමට නොහැකිය. බලන්න: උපග්‍රන්ථය:5 මූලාශ්‍රය: සංයු.නි: (2) නිදාන්වග්ග:ඔපම්මසංයුත්ත: සිගාල සූත්‍ර 1 හා 2 , පි.440.

▲සිඟාලමාතා තෙරණිය-Singalamatha Therani: බලන්න: උපග්‍රන්ථය:2

▲ සිඟාලක ගෘහපුත්‍ර-Singalaka the householder’s son: බලන්න: උපග්‍රන්ථය:3.

සංඝ

▲සංඝයා-Sangha: බුදුන් වහන්සේ වෙත පැවිදිවූ පිරිස (මහණ, මෙහෙණි,භික්‍ෂු භික්‍ෂුණියන්) සංඝයාය. සංඝයා අෂ්ඨපුරුෂ පුද්ගලයෝ ලෙසින්ද හඳුන්වයි: එනම්, සෝතාපන්න සිට අරහත් දක්වා මාර් ඵල ලැබූ උතුම් භික්ෂු භික්ෂුණියන්ය. සංඝයා ත්‍රිවිධරත්නයෙන් එක්රත්නයකි. බලන්න: ත්‍රිවිධ රත්නය,සංඝගුණ.

▼වෙනත් මුලාශ්‍ර: 1. “An Introduction to the Teaching of the Buddha Gotama” by Subhadra Bhikshu: BPS: Wheel: 152 -154: 2008 : On line edition (සංඝයා හඳුන්වාදීම, පැවිදි බව ලැබීම ආදී කරුණු මෙහි ඇතුලත්ය).

▲ සංඝයාට අනතුරු- Dangers to the Sangha: ධර්ම මාර්ගයේ ගමන් කරනවිට, සමහර ස්ථාන, පිරිස්, ඇසුරුකිරිම නිසා, සංඝයාට බොහෝ අනතුරු- ආදීනව ඇතිවේ. C සංඝයා රජමාළිගාව වැනි තැන් ඇසුරු කිරිමෙන් සිදුවිය හැකි හානි -උවදුරු 10 ක් මේ සූත්‍රයේ පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි:(6 )10 නිපාත: 10.1.5.5. අනතුරු සුත්‍රය,පි.174, EAN:10: 45.5. Entering, p. 510.

▲ සංඝයාට ඇති භය හතර-Four fears of the Sangha: පැවිදි ජීවිතයේදී සංඝයා මුහුණපාන බිය-බාධක 4 කි. 1. ඌමිභය: පැවිදි ජිවිතයේ දී හැසිරීම පිලිබඳ ලැබෙන අවවාද අනුසාසනා නොරිස්සිම නිසා- ඒ ගැන තරහ ඇතිකරගෙන නැවත ගිහි බවට පත්වීම. මේ බිය රළ පහරට ගසාගෙන යාම වැනිය.2. කුම්භිල භය: පැවිදි ජීවිතයේදී ආහාර පාන ගැනීම පිලිබඳ ඇති සිල්පද වලට කැමති නොවී නැවත ගිහි බවට පත්වීම. මේ බිය කිඹුලාට හසුවීම වැනිය. 3. ආවට්ටභය: ඉන්ද්‍රිය සංවරය නොමැති නිසා, ගිහියන් විඳින පස් කම් සැපයට ලොල්වී, නැවත ගිහි බවට පත්වීම. මේ බිය දිය සුලියට හසුවීම වැනිය.4. සුසුකා භය: අසිහියෙන් පිඬු සිඟායනවිට, කාන්තවන් දැකීමෙන් රාගය ඇවිස්සී, නැවත ගිහි බවට පත්වීම. මේ බිය චන්ඩ මසුන්ට හසුවීම වැනිය. බලන්න: අංගු.නි: (2) 4 නිපාත:කේසිවග්ග: බිය සූත්‍ර 2කි, භයවග්ග:සූත්‍ර 2කි. උපග්‍රන්ථය: 5

▲සංඝයා අනුපස්සනාකලයුතු ධම්ම -Recollection Dhamma for the Sangha

සංඝයා අනුපස්සනා කලයුතු ධර්මතා ගැන විස්තර මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර:අංගු.නි:(6 ):11නිපාත: සාමඤඤ වර්ගය,11.3.1 සිට 8 දක්වා සූත්‍ර, පි.704, EAN: 11: Elevens, III Similarity p.577.

▲සංඝයාගේ අනුකම්පාව-Compassion of the Sangha: සංඝයා ගිහියන්ට අනුකම්පාවෙන් කටයුතු කළයුතුවේ.සංඝයා, ගිහියන් පිළිබඳව පස් ආකාරයකින් අනුකම්පාවෙන් කටයුතු කරන අන්දම පෙන්වා ඇත. බලන්න: අනුකම්පාව මූලාශ්‍ර:අංගු.නි: ( 3 ): 5 නිපාත: 5.5.4.5 අනුකම්පක සූත්‍රය, පි. 450, EAN: 5: 235.5, Compassionate, p. 309.

▲ සංඝයාට අවවාද අනුසාසනා- Advice to the Sangha: * ආචාරශීලිව හැසිරීම. බලන්න: ආචාරශීලි බව, අංගු.නි: (3): 5 නිපාත: ථෙරවග්ග: 5.2.4.5 අකන්ඛම සූත්‍රය, පි. 202. * භාවනාව වඩාගැනීම: බලන්න: සංයු.නි: (4 ): සළායතනවග්ග:අසංඛත සංයුත්ත, 9.1.1සූත්‍ර, පි. 659. * පබ්බජා දස ධර්මය නිතර මෙනෙහි කිරීම. බලන්න: පබ්බජා දස ධර්ම * දෙවලොක සැප නොපතා නිවන පිණිස කටයුතු කිරීම: බලන්න: අංගු.නි: (1 ): 3 නිපාත: 3.1.2.8 දේවලෝකඋත්පත්ති සූත්‍රය, පි. 254 * බිඳුන සංඝයා එකමුතුකිරීම. එම අනුසස දෙව්ලොව සැපට හේතුවේ. බලන්න: දේවලෝක.

▲ සංඝයාට ආරක්ෂාව -Protections for the Sangha: සංඝයාට යහපත් ලෙසින් ධර්ම මාර්ගය වඩාගැනීමට ආරක්ෂාව ලබාදෙන කරුණු නාථකරණ ධර්මයන්ය. බලන්න: නාථකරණ ධර්ම මූලාශ්‍ර: අංගු.නි: (6 )10 නිපාත, නාථ වග්ග, 10.1.2.7 නාථකරණ සූත්‍ර 2කි, පි.72.

▲ සංඝයාට ආහාර ගැන උපදෙස් - Advice to Sangha on food: 1) ලටුකිකොපම සූත්‍රයට අනුව සංඝයා උදැසන, දහවල හා සවස දානය වැළදුබව දක්වා ඇත. බුදුන්වහන්සේ ඔවුනට දිවාකල විකල්බෝජනය අතහැරීමට උපදෙස් දුන්විට සංඝයා බුදුන් වහන්සේ කෙරෙහි ඇති ගෞරවය නිසා එම නියමය බාරගත්හ. මේ ගැන භික්ඛු බෝධි හිමිගේ සටහන:බලන්න: EMN: note: 671, p.1126. මූලාශ්‍ර: ම.නි (2 ) 2.2.6 ලටුකිකොපම සූත්‍රය, පි. 206, EMN: 66 Laṭukikopama Sutta- The Simile of the Quail,p.514.

2) රාත්‍රී භෝජනය අතහැරීම පිළිබඳව බුදුන් වහන්සේ සංඝයාට මෙසේ වදාළහ: ‘මහණෙනි, මම රාත්‍රී භෝජනයෙන් වැලකි සිටිමි. එමනිසා මම නීරෝගබව, කයේ සැහැල්ලු බව හා කායබලය සුඛ විහරණය ඇතිව වාසය කරමි. ඔබද රාත්‍රී භෝජනයෙන් වැලකි එම සුව පහසුව ලබාගන්න’. සංඝයා බුදුන්වහන්සේගේ අවවාදය පිළිගත්හ. සටහන: අස්සජි හා පුන්බ්බසුක යන භික්ෂූන් දෙදෙනා එම අවවාදය පිළි නොගන්නා ලදී. බලන්න: උපග්‍රන්ථය:4 මූලාශ්‍ර: ම.නි ( 2 ) 2.2.10 කීටාගිරි සූත්‍රය, පි. 252, EMN: 70: Kīṭāgiri Sutta, p. 536.

▲සංඝයා උතුම්බව-Noble Sangha: ශිල,සමාධි ප්‍රඥා සම්පන්න, විමුක්තිය හා විමුක්ති ඥාන දර්ශනය සම්ම්පන්න උතුම් සංඝයා ඇසුරු කිරීම නිසා බොහෝ අනුසස් ලැබේ. මූලාශ්‍රය: සංයු.නි: (5-1) මහාවග්ග: බොජ්ඣංගසංයුත්ත: සීල සූත්‍රය, පි.174.

▼සංඝයා සතු උතුම් ගුණ

සංඝයාගේ උතුම් ගුණ බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත:

“...මහණෙනි, මේ පිරිස ප්‍රලාප රහිතය...නිෂ්ප්‍රලාපය, නිර්මලය, ශිලආදිවූ හරයේ පිහිටා ඇත...එබඳු පිරිසක් ලෝකයෙහි දකින්නට දුර්ලභය...මේ පිරිස ආහුනෙය්‍යය, පාහුනෙය්‍යය, දක්ඛිනෙය්‍යය, අංජලීකරණියය, ලෝකයට අනුත්තර පුණ්‍ය කෙතකි...මෙබඳු පිරිසකට අල්ප ලෙසින් දෙන දානය, විපාක ලෙසින් මහත්වේ, මහා කොට දෙන දානය, විපාක ලෙසින් බහුතරවේ ...යම් පිරිසක් දැකීමට මාර්ග උපකරන ගෙන, යොදුන් ගණනක් මග ගෙවා යන්නේද, මෙබඳු පිරිස, එලෙසින් දුර ගෙවා දැකීමට සුදුසුය...”. මූලාශ්‍රය: අංගු.නි: (2): 4 නිපාත: බ්‍රාහ්මණවග්ග:4.4.4.10 භික්ඛුසංගථොමන සූත්‍රය, පි.375.

▲සංඝයාට උපසම්පදාව-Higher ordination of Sangha: සංඝයාට උපසම්පදාව ලබාදීමට, වැඩිහිටි භික්ෂුවක් තුළ තිබියයුතු ගුණාංග මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6 )10 නිපාත,උපාලි වග්ග, 10.1.4.4. උපසම්පදා සූත්‍රය,පි. 154, EAN: 10:IV,34.4. Full Ordination, p. 508.

▲ සංඝයායාගේ කීකරුබව-Obedience of the Sangha: සූත්‍ර දේශනාවන්හි බොහෝ තැන, සංඝයා බුදුන් වහන්සේගේ අවවාද අනුසාසනා කීකරු ලෙසින් පිලිගත් බව පෙන්වා ඇත. ප්‍රථම බෝධියේ සංඝයා (පළමු කාලයේ බුදුන් වහන්සේ වෙතින් පැවිද්ද ලත් අය), බුදුන් වහන්සේගේ අවවාද අනුසාසනා එලෙසින් පිළිගෙන කීකරුව කටයුතු කළ නිසා, ඔවුන් ඒකාන්තයෙන්ම, බුදුන් වහන්සේගේ සිත්ගත්හ. එනිසා ඔවුන්ට දීර්ඝ වශයෙන් අනුසාසනා කිරීම අවශ්‍යවුවේ නැත.

‘ඒ භික්ෂුන්ට, මා විසින් කළයුතු වුවේ සිහිය ඉපදවීම පමණක්ය’ යි බුදුන් වහන්සේ වදාළහ. සටහන්: * මෙහිදී පෙන්වා ඇත්තේ එක්වේල භෝජනය පිලිබඳ බුදුන් වහන්සේගේ අනුසාසනය සංඝයා පිළිගැනිම ගැනය. ** එම කරුණ පැහැදිලි කිරීම පිණිස යොදාගෙන ඇත්තේ අශ්වරථය උපමාවය. සතර මහා සංධියක, මනාව පුහුණුකළ අශ්වයන් යෙදු රියක් ඇත. අශ්වයන් දමනය කිරීමේ ශුර පුද්ගලයෙකුට, එම රියට නැගී ඕනෑම දිසාවකට අසුන් මෙහෙවිය හැකිය. එලෙස, මානව පුහුණු සංඝයාට, බුදුන් වහන්සේ අවවාදයක් දුන් පමණින්ම ඔවුන් එය පිළිගනිති. බලන්න: උපග්‍රන්ථය:5 සටහන: මේ සූත්‍රය දේශනා කිරීමට හේතුවුවේ, මෝලියඵහගුණ භික්ෂුව ගේ හැසිරීම ගැනය. ඔහු බුදුන් වහන්සේ වදාළ අවවාද පිළිනොගත්හ, පසුව පැවිදි බව අත්හළහ. බලන්න: උපග්‍රන්ථය: 4 මූලාශ්‍රය:ම.නි: (1): ඔපම්මවග්ග: 1.3.1 කකචුපම සූත්‍රය, පි.328.

▲සංඝයාගෙ කුසල ධර්ම පිරිහීම දියුණුවීම-Decline & growth of wholesomeness of the Sangha: සංඝයාගේ කුසල ධර්ම පිරිහීමට හා දියුණුවීමට බලපාන කරුණු මෙහි විස්තරකර ඇත. මූලාශ්‍ර:අංගු.නි:(6 ):10 නිපාත: සචිතත වග්ග, 10.2.1.3.ඨිති සුත්‍රය, පි.200, EAN: 10: 53.3.Standstill,p.513.

▼ කුසල ධර්ම වැඩිමට උපදෙස්: මෙහිදී සැරියුත් තෙරුන් සංඝයාට කරන ලද අනුසාසනා විස්තරය දක්වා ඇත.

මූලාශ්‍ර: අංගු.නි:(6 )10-නිපාත, යමක වග්ග, 10.2.2.7. පඨම නළකපාන සුත්‍රය, පි.248 හා 10.2.2.8. දුතිය නළකපාන සුත්‍රය, පි.254, EAN:10: II Pairs.67.7 Nalakapana -1, p. 519 & 68.8. Nalakapana -2, p. 520.

▲ සංඝයාට කැප පානවර්ග- Allowable drinks for the Sangha: බුදුන්වහන්සේ සංඝයාට කැපයයි වදාළ පාන (ගිලන්පස) -යුෂ: අඹපැන්, දඹ පැන්, ඇට කෙසෙල් පැන්, මස් කෙසෙල් පැන්, මිපැනි, මිදිපැන්, ඕලු පැන්, බොරලළුදමුනු පැන්. ධාන්‍ය ඵලරස හැර සියලු ඵලරස, පිසූ පලාකොළරස හැර දිය මුසුකොට මිරිකාගත් කොළරස, මීපුප් හැර සියලු මල්රස, උක්ඉස්ම.

“ අනුජානාමි භිකඛවෙ, අටඨපානානි: අමබපානං ජමබුපානං චොචපානං මොචපානං මධුපානං මුදදිකපානං සාලුකපානං ථාරුසකපානං...සබබං ඵලරසං ඨපෙතවා ධඤඤ ඵලරසං, සබබං පතතරසං ඨපෙතවා ඩාකරසං... සබබං පුපථරසං ඨපෙතවා මධුක පුපථරසං...උචඡුරස...’ මූලාශ්‍රය:වින.පි: මහාවග්ග පාළිය-2: භේසජ්ජකන්ධය:43 ඡෙදය, පි.108.

▲ සංඝ ගුණ-Qualities of the Sangha: තෙරුවන් සරණ යන බොදු ශ්‍රාවකයන් සංඝ ගුණ මෙසේ සජ්ජායනා කරති:

“සුපටිපන‍්නො භගවතො සාවකසඬෙඝා, උජුටිපන‍්නො භගවතො සාවකසඬෙඝා, ඤායටිපන‍්නො භගවතො සාවකසඬෙඝා, සාමීචිපටිපන‍්නො භගවතො සාවකසඬෙඝා යදිදං චත‍්තාරි පුරිසයුගානි අට‍්ඨපුරිසපුග‍්ගලා. එස භගවතො සාවකසඬෙඝා ආහුණෙය්‍යා පාහු ණෙය්‍යා දක‍්ඛිණෙය්‍යා අඤ‍්ජලීකරණියො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති”.

සටහන: 1. සුපටිපන්නය ( බ්‍රහ්මචරියා පිළිවෙතට ඇතුළුවී ඇත) 2. උජුපටිපන්නය (මධ්‍යම පටිපදාව නම්වූ සෘජු පිළිවෙතට ඇතුළුවී ඇත)3. න්‍යායපටිපන්නය (පටිච්චසමුප්පාද න්‍යාය පිළිපැදිමට ඇතුළුවී ඇත) 4. සාමිචිපටිපන්නය (සසරදුක නැතිකරණ පිළිවෙතට ඇතුළුවී ඇත- බෝධිපාක්‍ය ධර්මතා අනුගමනය කරති. සතර පුරුෂ යුගවූ, අෂ්ටපුද්ගලවූ (සතරමග ඵල ලැබූ) ඒ සංඝයා 5. ආහුණෙය්‍ය ( දුර බැහැර සිට පුද පුජා ගෙනවිත් පුජා කිරීමට සුදුසුය), 6. පාහුණෙය්‍ය ( ආගන්තුක සත්කාරයට සුදුසුය), 7. දක්ඛිණෙය්‍ය (දාන මාන පුජාකිරීමට සුදුසුය) 8. අංජලිකරණීය (දෙඅත් මුදුනේ තබා නමස්කාර කිරීමට සුදුසුය), 9. අනුත්තරවූ පුණ්‍ය කෙතකි ( සංඝයා, ලෝකයාට උසස් පින් ගෙනෙදෙන කෙතක් බඳුය. එතුමන්ට කරන පුජා, කෙතක වැපිරූ ධ්‍යාන මෙන් මහා ඵල ලබාදේ) ( The Saṅgha of the Blessed One’s disciples is practicing the good way, practicing the straight way, practicing the true way, practicing the proper way; that is, the four pairs of persons, the eight types of individuals—this Saṅgha of the Blessed One’s disciples is worthy of gifts, worthy of hospitality, worthy of offerings, worthy of reverential salutation, the unsurpassed field of merit for the world) සටහන්: * ආහුනෙය්‍ය,පාහුනෙය්‍ය, දක්ඛිණෙය්‍ය,අංජලිකරණිය, ලෝකයාට අනුත්තර පුණ්‍යකෙතක් යන ගුණ ඇතිවීමට සංඝයාට දක්‍ෂතා 4 ක් ඇතිවිය යුතුය. 1) ස්ථාන කුසලය ඇතිවීම දුර පිලිබඳ කුසලය ඇතිවීම 3) දක්ෂ කුරුමාණම් කාරයෙක් වීම 4) මහා සෙනගක් බිඳලීමට දක්‍ෂවීම. බලන්න: යොධාජිව, අංගු.නි: (1): 3 නිපාත: යොධාජීවවග්ග: 3.3.4.1 සූත්‍රය, පි. 550. **විස්තර පිණිස බලන්න: ආහුනෙය්‍ය ආදී ගුණ. මූලාශ්‍ර: අංගු.නි: (6): 11 නිපාත: අනුසතිවග්ග: 11.2.1 & 11.2.2 මහානාම සූත්‍ර, පි. 654, 11.2.3 නන්දිය සූත්‍රය, පි.658, EAN: 11: Recollection: 11.1 Mahanama, 12.1 Mahanama (2), p.570, 13.3. Nandiya, p.571.

▼ සංඝයාගේ ගුණ මහිමය මෙහි දක්වා ඇත.: මූලාශ්‍රය: අංගු.නි: (5): 8 නිපාත: ආජඤ්ඤ සූත්‍රය, පි. 90,EAN:8: 13.3. Thoroughbred, p 420.

▼ සංඝයාට ඇති ගුණ 5 ක් පෙන්වා දුන් බුදුන් වහන්සේ වදාළේ, එමගුණ ඇති භික්ෂුව, ඛත්තිය රජු මෙන් කැමති දිසාවක පහසු විරණය ඇතිව වාසය කරන බවය: 1) පාතිමොක්ඛ සංවර ශිලය තිබීම 2) බහුශ්‍රැතබව 3) ප්‍රධන් විරිය ඇතිබව 4) ප්‍රඥාව තිබීම 5) එම සිව් කරුණු මගින් ඔහු විමුක්තිය ලබාගැනීම. මේවා විමුක්තිය ලැබූ රහතුන් සතු ගුණයන්ය. බලන්න: ඛත්තිය රජ. මූලාශ්‍රය: අංගු.නි: (3) 5 නිපාත: රාජවග්ග: ඛත්තිය රාජ සූත්‍රය, පි.268,

▲සංඝයාගේ ගති -Sangha behavior: ගති පැවතුම් අනුව සංඝයා තුන් ආකාරය:1) නිරාශ සංඝයා: ශිලසම්පන්න නොවූ, ධර්මයට අනුකූල හැසිරීම නැති මොහු, අරහත්වයට කවදා පත්වෙමි ද යන ආශාව නොමැත. 2) ආශංස නිරාශ සංඝයා: ශිලසම්පන්න වූ, ධර්මයට අනුකූල හැසිරීම ඇති මොහු, අරහත්වයට කවදා පත්වෙමි ද යන ආශාව ඇතිව සිටි 3) විගතාශ සංඝයා: අරහත්වය ලැබූ උතුමා, ඔහුගේ ආශාවන් හැම සන්සිඳී ඇත. මූලාශ්‍ර:අංගු.නි: ( ): 3 නිපාත: 3.1.2.4. සූත්‍රය, පි. 246 , EAN:3: 13.3 A Bhikkhu, p.82.

▲ සංඝ දානය- Offerings to Sangha: සංඝ දානය ලෙසින් පෙන්වා ඇත්තේ බුදුන් වහන්සේ ප්‍රමුකකොටගෙන සංඝයාට පිරිනමන දානයය. සංඝ දානය පිරිනමන විට තිබිය යුතු අංග 6 ක් මෙහි පෙන්වා ඇත: බලන්න: දානය මූලාශ්‍ර: අංගු.නි: (4 ): 6 නිපාත: 6.1.4.7 ඡළාඬගදාන සූත්‍රය, පි. 112, EAN:6: 37.7 Giving, p. 332.

▼ ගුණ ධර්ම 10ක් සපුරා ඇති භික්ෂුව, සිව්පසය දීමට, නමස්කාරය ලැබීමට සුදුසු බව මෙහි දක්වා ඇත: 1 සිල්වත්බව 2 බහුශ්‍රැතබව 3 කල්‍යාණමිත්‍රයන් සිටීම 4 සම්මා දිට්ඨිය තිබීම හා සම්මා දර්ශනයෙන් යුතුවීම 5 විවිධවූ ඉද්ධිබල තිබීම 6 දිවකණ තිබීම 7 පරසිත් දැනගැනීම 8 පෙර ජාති දන්නා නුවණ තිබීම 9 දිවැස් තිබීම 10 සියලු ආසව ක්‍ෂයකර විමුක්ති සුවය විඳීම. මූලාශ්‍ර:අංගු.නි: (6):10 නිපාත, 10.2.5.7. ආහුනෙය්‍ය සූත්‍රය,පි.384, EAN:10: V,97.7 Worthy Of Gifts. P.537.

▲සංඝයා හා ධම්ම විනය- Sangha & the Dhamma & Discipline: සංඝයා ධම්ම විනයේ දියුණුව පිණිස පහ කරගත යුතු කරුණු ගැන මහා මුගලන් තෙරුන් වදාළ අවවාද මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර:අංගු.නි: (6) 10 නිපාත,ථෙර වග්ග, 10.2.4.4. ව්‍යාකරණ සුත්‍රය,පි.304, EAN:10:IV-The Elders, 84.4 Declaration, p. 526.

▼ සංඝයා ධම්ම විනයේ අදක්ෂ හා දක්ෂ වීම

මේ පිලිබඳ බුදුන් වහන්සේ වදාළ කරුණු 11ක් මෙහි විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6)10 නිපාත: අනුසති වගග,11.2.7 ගෝපාලක සූත්‍රය,පි.682, EAN: 11: II Recollection, 17.7 The Cowherd,p.574.

▲සංඝයා ධර්මයේ දක්ෂබව හා අදක්‍ෂබව- Skillful & unskillful of the Sangha in Dhamma: ධර්මයේ දක්‍ෂ නොවීම නිසා, භික්ෂුවකගේ පරිහාණිය ඇතිවෙන බවද, දක්ෂ විම නිසා ප්‍රගතිය ඇතිවෙන බව මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි:(6 )10 නිපාත, සචිත්ත වග්ග, 10.2.1.5. පරිහානසුත්‍රය, පි.212, EAN: 10: 55.5 Decline, p. 515.

▲ සංඝයාට නින්දා කිරීම- Insulting the Sangha: යම් මහණ කෙනෙක්, සෙසු සංඝයාහට නින්දා කරන්නේ නම් එය ආර්ය උපවාදයක්ය. ඒ නිසා නරක විපාක විඳීමට සිදුවේ. බලන්න: ආර්ය උපවාදය. සටහන: කෝකාලික භික්ෂුව, අගසව් දෙනමට නින්දා අපහාස කිරීම නිසා, නිරයේ පහළවිය. බලන්න: අංගු.නි: (6): 10 නිපාතය: 10.2.4.9 කොකාලික සූත්‍රය, පි. 332, EAN: 10: 89.9 Kokālika, p.530, ඛු.නි:සුත්ත නිපාත: 3-10: කෝකාලික සූත්‍රය, පි.220. මූලාශ්‍ර: අංගු.නි: ( 3 ): 5 නිපාත: 5.5.2.1 අකොකාසක සූත්‍රය, පි. 428, EAN: 5: 211.1 One who insults, p. 306.

▲ සංඝයාට නිස්සයදීම- dependence to Sangha: නිස්සය යනු වැඩිහිටි - ජේෂ්ඨ භික්ෂුව, තමන් සමග සිටින කණිෂ්ට සංඝයාට යැපීම සැලසීමය. නිස්සය ලබාදීමට සුදුසු, භික්ෂුවක් තුළ තිබියයුතු ගුණාංග මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6)10 නිපාත: උපාලි වග්ග, 10.1.4.5. නිස්සය සූත්‍රය,පි. 156 , EAN: 10: IV,35.5. Dependence, p. 508.

▲ සංඝාණිකාරාමය- Sanghanikaramaya: සංඝාණිකාරාමය ලෙසින් පෙන්වා ඇත්තේ සංඝයා ඔවුනොවුන් නිතර ඇසුරු කරමින්, එහි නියැලී සිටීමය. එවැනි හැසිරීම, මාර්ගය වඩාගැනීමට බාධාවක්වේ. මූලාශ්‍රය: අංගු,නි: (4): 6 නිපාත:අනාගාමිවග්ග:6.2.2.4 සංඝාණිකාරාම සූත්‍රය, පි.240.

▲සංඝයා හා පාතිමොක්ඛ- Sangha & Patimokkha: සංඝයා, පාතිමොක්ඛ පිලිබඳව දතයුතු කරුණු මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6)10 නිපාත:උපාලි වග්ග, 10.1.4.1. උපාලි සූත්‍රය,පි. 152, හා 10.1.4.2. පාතිමොකඛටඨපන සූත්‍රය,පි.152, EAN:10:Upali,31.1. Upali-1 & Suspending, p. 508.

▲ සංඝයාගේ පාපී ගුණ- Evil qualities of the Sangha: බුදුන් වහන්සේ කපුටා උපමාව යොදාගනිමින් වදාළේ, සංඝයාට ඇති පාපීගුණ, කපුටන්ට ඇති අවගුණ හා සමාන බවය. කපුටා-කවුඩා ගේ අවගුණ: විනාශකාරී හා අවිනීතබව (destructive & impudent), ඉතා කෑදරබව හා බොහෝ බඩගිනි ඇතිබව (ravenous & voracious), කුරිරු බව හා අනුකම්පා රහිත බව (cruel & pitiless), දුබලබව හා රළු කටහඬ ඇතිබව (weak & raucous), අවුල් සිත් ඇතිබව හා රැස්කරගැනීමට කැමතිබව (muddle-minded & acquisitive). බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍ර: අංගු.නි: (6 ) 10 නිපාත, ආකඞඛ වග්ග, 10.2.3.7. කාකසුත්‍රය,පි.292 හා මහා වග්ග, 10.1.3.3. කාය සුත්‍රය,පි. 100, EAN:10: 77.7. The Crow, p. 525, The Great Chapter, 23.3. Body, p. 500

▲ සංඝයාගේ පහසුවිහරණය- Sangha dwelling at ease: පහසු විහරණයෙන් වාසය කිරීම ලෙසින් පෙන්වා ඇත්තේ තමන් සමග සිටින සෙසු සංඝයා කෙරෙහි සතර බ්‍රහ්මවිහරණය ඇතිව, ඔවුන් තුල ඇති ආරිය දිට්ඨිය තමන් තුල පිහිටුවා ගෙන සුවයෙන් වාසය කිරීමය.: සටහන: සංඝයා සුවයෙන් වාසය කිරීමට හේතුවන තවත් කරුණු මෙහි විස්තර කර ඇත. බලන්න: 5නිපාත: 5.3.1.6 ආනන්ද සූත්‍රය, පි.234. මූලාශ්‍රය: අංගු.නි: (3): 5 නිපාත:ඵාසුවිහාරවග්ග: 5.3.1.5 ඵාසුවිහාර සූත්‍රය, පි.232.

▲ සංඝයා පරිපූර්ණවිම-Full perfection of the Sangha: සංඝයා පරිපූර්ණත්වයට පත්වීමට අවශ්‍ය ගුණ මෙහි විස්තර කර ඇත. මූලාශ්‍ර:අංගු.නි: ( 6):10 නිපාත: ආනිසංස වග්ග,10.1.1.8 සද්ධ සූත්‍රය හා 10.1.1.9. සන්ත විමොක්ඛ සූත්‍රය පි.50, EAN:10: I Benefits, 8.8. Faith, p. 494 &8.8. Faith, 9.9 Peaceful, p. 494.

▲සංඝයාගේ පිරිහීම-Reasons for the decline of the Sangha: සබ්‍රම්සරුන්හට නින්දා කිරීම නිසා පිරිහීම ඇතිවේ බලන්න: ආරියඋපවාදය. එබඳු භික්ෂුවකටට සිදුවිය හැකි පරිහාණ 11කි: 1) ආධ්‍යාත්මික වශයෙන් මෙතක් ලබානොගත් දේ ලබාගැනීමට නොහැකිවේ 2) කිසියම් විශේෂතාවයක් ලබාසිටියේ නම් (මාර්ගයේ) ඉන් පිරිහීමට පත්වේ 3) ඔහුගේ යහපත් ධර්මගුණ ඔපවන්නේ නැත 4) තම ගුණ පිළිබඳව ඔහු අධිතක්සේරු කරයි 5) බ්‍රහ්මචරියාව උකටලිව ගත කරයි 6) ඔහු අතින් කැළැල් සහිත වැරදි ක්‍රියා සිදුවේ 7) ආධ්‍යාත්මික පුහුණුව අතහැර ගිහිබවට පත්වේ 8) දරුණු රෝගයක් වැළඳේ 9) මානසිකත්වය අවුල්වී උන්මාදයට පත්වේ 10) සිහි විකල්ව මරණයට පත්වේ 11) මරණින් මතු දුගතියේ උපත ලබයි. මූලාශ්‍ර: අංගු.නි: (6) 11නිපාත, 1 නිසසය වගග,11.1.6.ව්‍යසන සුත්‍රය, පි.624, EAN:11: Dependence, 6.6 Disaster, p.567.

▼පරිහාණිය වලක්වා ගැනීම පිණිස සංඝයා පුහුණු කරගතයුතු ධර්මතා: 1) ශ්‍රද්ධාසම්පන්න වීම, අශ්‍රද්ධාව පහකිරීම. 2) ශිලසම්පන්න වීම, දුස්සීලය පහකිරීම 3 ) බහුශ්‍රැත වී, අල්පශ්‍රැත බව පහකර ගැනීම. 4 කීකරු අවවාද ඉවසන සුළු (සුචච) බව, අකීකරු බව පහකරගැනීම. 5) කල්‍යාණ මිත්‍ර සේවනය, පාපමිත්‍රයන්දුරුකිරීම. 6) විරිය ආරම්හකිරීම, අලස(කුසිත) බව පහකිරීම. 7 සතිය ඇතිකරගැනීම, මුලාවූ සිහිය පහකිරීම. 8) සන්තුෂ්ටිය ඇතිකර ගැනීම අසන්තුෂ්ටිය පහකර ගැනීම. 9) අල්ප චේතනා ඇතිකර ගැනීම, පාපී චේතනා පහකිරීම. 10) සම්මා දිට්ඨියට පැමිණීම, මිථ්‍යාදිට්ඨිය පහකිරීම. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: ථෙර වග්ග: 10.2.4.2 ආනන්ද සූත්‍රය,පි.296, EAN:10: IV-The Elders, 82.2. Ananda, p. 526.

▼ සංඝයා සද්ධර්මයේ පිරිහීම හා වැඩිම: පංච ධර්මය (ශ්‍රද්ධාව, වීරිය, හිරි, ඔතප්ප, ප්‍රඥාව) නොමැති සංඝයා, සසුනේ පිහිටන්නේ නැත (චුතවේ) යයි මෙහි දක්වා ඇත. එහෙත්, ඒ ගුණ ඇති මහණ සද්ධර්මයේ පිහිටාසිටි. සටහන: 5.1.1.9 හා 10 අගාරව සූත්‍රයන්හි, බුදුන් ඇතුළු ගරුකලයුතු උතුමන්ට ගරු නොකරන, පංච ධර්මය නැති පිරිස ධර්මයේ පිරිහෙන බව දක්වා ඇත.

මූලාශ්‍ර: අංගු.නි : (3 ): 5 නිපාත:සේඛබලවග්ග: 5.1.1.8 චවන සූත්‍රය, පි.32.

▲ සංඝයා ගෙ පුහුණුව-Training of the Sangha: සංඝයා ගේ පුහුණුව-ශික්‍ෂණය පිලිබඳව මෙහි විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි:( 6)10 නිපාත, උපාලි වග්ග -2, 10.2.5.9. උපාලි සූත්‍රය,පි.390 , EAN: අඕ: V,99.9 Upaali, p. 538.

▼ සංඝයා ශික්‍ෂාව අත්හැරීමේ විපාක හා ශික්‍ෂාව පවත්වා ගැනීමේ යහපත මෙහි විස්තර කර ඇත. බලන්න: ශික්‍ෂාව මූලාශ්‍ර: අංගු.නි : (3 ): 5 නිපාත:සේඛබලවග්ග: 5.1.1.5 සික්ඛාපච්චක්ඛාන සූත්‍රය, පි.28.

▼සංඝයා පුහුණුවීමේ අනුසස්: බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

‘... මගේ ශ්‍රාවකයන්, අප්‍රමාදව, උනන්දුවෙන්, දැඩි අදිටනින් යුතුව, දිගුකලක් (වසර 10ක්...9ක්... මාස 1 ක්... ආදීවශයෙන්) හෝ එක් දිනක්, එක් රාත්‍රියක්..ඔවුන්ගේ පුහුණුව, මගේ උපදෙස් වලට අනුකුලව කරගන්නේ නම් ඔවුන්ට විශේෂවූ සතුටක්... ඉතා දීර්ඝ කාලයක් ( වසර 100ක්... වසර 10000ක් ...දස මිලනයක්...) විඳීමට හැකිවේ; ඔවුන් අනාගාමී...සකදාගාමී හෝ නිසැකවම සෝතාපන්න වේ’. මූලාශ්‍ර: අංගු.නි: (6)10 නිපාත: අකෝෂ වග්ග, 10.1.5.6.ශාක්‍ය සූත්‍රය,පි.176,EAN:10: V,46.6. Sakyans.p.511.

▲සංඝයා බුද්ධ දරුවෝය-Sangha is children of The Buddha: බුදුන් වහන්සේගේ පුත්‍රයන්-ශාක්‍යපුත්‍ර (බුද්ධ පුත්‍ර, බුද්ධ දියණිය)ලෙසින් සංඝයා හඳුන්වයි. බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“ඔබ වනාහි මගේ මුඛයෙන් උපන්- ධර්මජවූ, ධර්මයෙන් නිර්මිතවු, ධර්මය දායාද කොට ඇති, ආමිසය දායාද කොට නැති ඖරස පුත්‍රයෝය” මූලාශ්‍රය:ඛු.නි: ඉතිවුත්තක: 4.1.1. බ්‍රාහ්මණ සූත්‍රය, පි.485.

▲සංඝයා බුදුන්වහන්සේට ලංවිම හා දුරවීම - Sangha who are near or far to The Buddha: පස්කම් සැපයේ ඇලුන, ඉන්ද්‍රිය අසංවර වූ අයහපත් ගුණ ඇති සංඝයා, බුදුන් වහන්සේ සමීපයේ සිටියද ඔවුන් බුදුන් වහන්සේට ලංවී නැත. එහෙත්, ඉතා දුරක සිටියද කෙළෙස් වලින් මිදුන සංඝයා බුදුන් වහන්සේට සමීපව වාසය කරන බව මෙහි පෙන්වා ඇත. මූලාශ්‍රය:ඛු.නි: ඉතිවුත්තක: 3.5.3 සංඝාටිකණ්න සූත්‍රය,පි.469

▲සංඝයාට බාධක- Obstacles for the Sangha: භික්ෂුවක් තමන් සම්පුර්ණ නොකරගත් ශිලය, නොලත් මාර්ගඵල, නොලත් සමාධි, තමන් ලැබූබව ප්‍රකශ කිරීම ධර්ම මාර්ගයට බාධාවකි, ඒ නිසා පරිහාණියට පත්වන බව මෙහි පෙන්වා ඇත. මූලාශ්‍රය: අංගු.නි: (6): 10 නිපාත: 10.1.3.4. මහාචුන්ද සූත්‍රය, පි.106 හා 10.2.4.6. අධිමාන සූත්‍රය, පි.316.

▲ සංඝයාගේ මිත්‍රයා-Friend of the Sangha: කරුණු 7 ක් ඇති මහණ, සංඝයා සේවනය කලයුතු මිත්‍රයෙකි, එමගින්, යහපත් ඵල ඇතිවේ: 1) ප්‍රියබව 2) ගරුබව 3) සම්මානියබව 4) කතාවේ දක්ෂබව 5) අන්‍යයන් කතා කරනවිට ඉවසීමෙන් සවන් දෙන ගතිය 6) ගැඹුරු ධර්ම කතා පැවසීම 7) වැරදි, අකුසල ක්‍රියා කිරීමට අනුන් නො පෙළඹීම.

මූලාශ්‍රය:අංගු.නි: (4): 7 නිපාත:දේවතාවග්ග: 7.1.4.6 භික්ඛුමිත්ත සූත්‍රය, පි.350.

▲සංඝයා මහත්ත්‍වයට පත්වීම- Sangha achieving greatness: සංඝයා මහත්ත්‍වයට පත්වීම යනු මාර්ග ඵල ලබාගැනීමය. එවිට, බුදුන් වහන්සේ පවා සංඝයාහට ගරුකරනබව මෙහි දැක්වේ. මූලාශ්‍ර: අංගු.නි: ( 2 ): 4 නිපාත: 4.1.3.1. ප්‍රථම උරුවෙල සූත්‍රය, පි. 64, EAN: 4:1.21 Uruwela, p. 155.

▲සංඝයා හා මුදල් පරිහරණය - Sangha & Using of money: සංඝයාට රන් රිදී මුදල් ආදිය පරිහරණය අකැප බව මෙහි පෙන්වා ඇත. බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“...ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන්ට රන් රිදී නොම කැපය...ඔවුන් ඒවා නො ඉවසයි...ඔවුන් ඒවා අත් හැර ඇත...”. සටහන: රන්රිදී ආදිය පරිහරණය පස්කම් ගුණ පරිහරණයය, එවැනි අයට ශ්‍රමණ ධර්ම නොමැතිබව මෙහිදී පෙන්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (4) සළායතනවග්ග:ගාමිණිසංයුත්ත:8.1.10 මණිචූලක සූත්‍රය, පි.614.

▲ සංඝයා- විවිධ පර්ෂද- Sangha- different assemblies: සංඝයා ගේ හැසිරීම අනුව ඔවුන් විවිධ පර්ෂදයන්ට ගැනෙන ආකාරය මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත: 2.1.5.1 -2.1.5.10 සූත්‍ර, පි. 174, EAN:2: 42.1- 51.10, Suttas, p. 64.

▲ සංඝයාගෙ වාසස්ථාන සුදුසු බව-Suitability of lodging for the Sangha: සංඝ වාසස්ථානය: විහාරයක, සෙනසුනක තිබිය යුතු ගුණ අංග මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6 )10 නිපාත, නාථ වග්ග, 10.1.2.1 සේනාසන සුත්‍රය, පි.56, EAN:10: II Protector, 11.1. Lodging, p. 495.

▲සංඝ විනය-Disciplinary matters for the Sangha: සංඝයාගේ විනය කරුණු විනිශ්චය-තීරණය කිරීමට සුදුසු පුද්ගලයාට තිබියයුතු ගුණාංග මෙහි දක්වා ඇත. මූලාශ්‍ර:අංගු.නි: (6 )10 නිපාත, උපාලි වග්ග, 10.1.4.3. උබ්බාහිකා සූත්‍රය,පි. 154, N:10:IV,33.3. Adjudication, p. 508.

▼විනය කරුණු පිලිබඳ චෝදනාකිරීමේ පිළිවෙත මෙහි විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6)10 නිපාත:අකෝෂ වග්ග, 10.1.5.4 ,කුසිනාරා සූත්‍රය,පි.168, EAN:10: V,44.4. Kusinara, p. 510.

▼ සංඝ විනය කම්ම: තස්සපාපිය්‍යසිකා කර්මය : බරපතල කර්මයක් කළ සංඝයාට පනවන විනය කර්මයකි. මූලාශ්‍ර: අංගු.නි: (5): 8 නිපාත: 8.2.9.10 තස්සපාපිය්‍යසිකා සූත්‍රය, 380, EAN: 5: 90.10 Behavior, p. 455.

▲සංඝයාගේ වර්ධනයට ඇති ක්‍රමවිධිය - The method for the growth of the Sangha: යම් භික්ෂුවක් මේ සසුනේ වර්ධනය වීමට, ප්‍රගතියක් ලැබීමට, පරිණත බවට පත්වීමට අපේක්ෂා කරන්නේනම් ඔහු විසින් දස ධර්මතාවන් වැඩිය යුතුබව මෙහිදී පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6 )10 නිපාත: ථෙර වග්ග, 10.2.4.2 .ආනන්ද සුත්‍රය,පි.296, EAN:10: IV-The Elders, 82.2. Ananda, p. 526.

▲ සංඝයා සාකච්ඡාවට දක්ෂවීම- Sangha capable for discussion: සෙසු සබ්‍ර්හමචාරින් හා සාකච්ඡාකිරීමට සුදුසු සංඝයාට ගුණ 5 ක් තිබිය යුතු බව මෙහි පෙන්වා ඇත. බලන්න: සාකච්ඡා. මූලාශ්‍රය: අංගු.නි: (3): 5 නිපාත: ආඝාතවග්ග: 5.4.2.3 සාකච්ඡා සූත්‍රය, පි.330.

▲ සංඝයා සැකකිරීම-Doubting the Sangha: කරුණු 5 ක් නිසා සංඝයා ගේ චරිතය ගැන ලෝකයාට සැක ඇතිවිය හැකිනිසා ඒ කරුණු මගහැර සිටීම සුදුසු බව මෙහි පෙන්වා ඇත: මතු දැක්වෙන ආශ්‍රයන් ගෙන් වැලකි සිටිය යුතුය (නිතර නිතර එවැනි තැන් අසුරුකිරිම නොකළ යුතුය): 1) ගණිකාව 2) වැන්දඹුව 3) මහළුවූ අවිවාහක කාන්තාව 4) නපුංසක (පණ්ඩක-eunuchs) 5) මෙහෙණිය. සටහන: එබඳු කරුණු නිසා ආරිය බවට පත්වූ උතුමන් ගැන පවා ලෝකයා තුල සැක ඇතිවිය හැකිය. බලන්න:EAN: Notes: 1110, 1111. මූලාශ්‍රය: අංගු.නි: (3): 5 නිපාත:ඵාසුවිහාරවග්ග:5.3.1.2 සංකීත සූත්‍රය, පි.224, EAN:5: 102.2 Suspected, p.274.

▲සංඝයාගේ සත්පුරුෂබව හා අසත්පුරුෂ බව-Sangha: qualities of sathpurusha & asathpurusha: අසත්පුරුෂ ලක්ෂණ ඇති මහණ කෙනෙක් තමාගේ උසස් කුලය (high-cast), පවුලේ ධනය(family wealth), පවුලේ බලය(family power),තමාට ඇති ප්‍රසිද්ධිය (well known) තමාට ලැබෙන සිව්පසය (four requisites), තමාගේ බහුශ්‍රැත බව (learned),විනයධරබව (expert in discipline),ධර්මකථිකබව (preacher of the Dhamma), දුර අරණ්‍යවල වාසය කිරීම forest dweller) හා දුෂ්කර තාපස වෘත (ascetic practice) පිළිබඳව හා තමන් ලබාගන්නා රූපජාන, අරූප සමාපත්ති ආදීය පිළිබඳව උඩඟුව, සෙසු අය පහත් කර සලකයි. සත්පුරුෂ ගුණ ඇති මහණ කෙනෙක් ඉහත දැක්වූ කරුණු පිළිබඳව උඩඟුවන්නේ නැත, එමනිසා සෙසු අය පහත් කොට සලකන්නේ ද නැත. ධර්මය දන්නා ඔහු ලෝභ දෝස මෝහ ආදී කෙලෙස්, බාහිර කරුණු නිසා පහ කර ගත නො හැකිබව දනී. දහමට අනුව මමත්වය (identification) ඇතිතාක් තණ්හාව යට නොකළහැකිබව ඔහු අවබෝධ කර ඇත. එබඳු උසස් ගුණ ඇති සත්පුරුෂයා රූප හා අරූප සමාපත්ති ලබා, සංඥාවේදිත නිරෝධ සමාපත්තිය ලබාගනී (abides in the cessation of perception and feeling). ප්‍රඥාවෙන් සත්‍ය අවබෝධ කරගන්නා ඔහුගේ සියළු ආසව පහවේ. එබඳු මහණ කිසිම පුද්ගලයෙක් ත්‍රිවිධ මානයෙන් නොගන්නේය, එසේම කිසිදු දෙයක් නොගන්නේය, කිසිදු වස්තුවක් නොගන්නේය යයි බුදුන්වහන්සේ වදාළහ. (කිසිම දෙයකට නොඇලුන- රහතන්වහන්සේ බව).

... අයං ඛො භිකඛවෙ, භිකඛු න කිඤචි මඤඤති, න කුහිඤචි මඤඤති න කෙනවී මඤඤති’ති. ( …this bhikkhu does not conceive anything, he does not conceive in regard to anything, he does not conceive in any way). මූලාශ්‍ර: ම.නි.(3): 3.2.3 සප්පුරිස සූත්‍රය, පි. 170, EMN: 113-Sappurisa Sutta, p. 820.

▼සත්පුරුෂ සංඝයා සම්මා මග-ආරියමග අනුගමනය කරයි. අසත්පුරුෂ සංඝයා මිථ්‍යාමග- අනාරියමග අනුගමනය කරයි.

මූලාශ්‍ර :අංගු.නි (6 ):10 නිපාතය: සප්පුරිසධම්ම සූත්‍රය, පි.476, EAN: 10: V Noble-P.548.

▲සංඝයා සොභාමානවීම- adorn of the Saṅgha: ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපන්න සතර පුද්ගලයෝ, සංඝයා සෝභමාන කරන්නේය යයි (සඬඝං සොභෙන‍්ති) බුදුන් වහන්සේ වදාළහ. එනම්: භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා යන සිව්පිරිස. බලන්න: සිව්පිරිස. මූලාශ්‍ර: අංගු.නි: ( 2 ): 4 නිපාත: 4.1.1.6 අප්පස්සසුත සූත්‍රය, පි. 36, EAN:4: 7.7 They Adorn, p. 150.

▲ සංඝ සමගිය හා සංඝභේදය- Sangha harmony & division: සංඝසමගිය, බොහෝදෙනාට හිත සුව පිණිස ඇති කුසල ධර්මයකි. සංඝයා අතර සමගිය ඇතිකරන පුද්ගලයාට නිවනින් නො පිරිහෙයි, කල්පයක් දෙව්සැප ලබයි. සංඝභේදය බොහෝදෙනාට හිත සුව පිණිස නොවන අකුසල ධර්මයකි, නිවන පිණිස නොපවතී, අවීචිමහානරකයෙහි කල්පයක් දුක් විඳීමට හේතුවේ. මූලාශ්‍ර: ඛු.නි: ඉතිවුත්තක: 1.2.8 සංඝභේද සූත්‍රය, පි.362, අංගු.නි: (6 )10 නිපාත, උපාලි වග්ග, 10.1.4.6. සංඝභේද සූත්‍රය,පි. 158, හා 10.1.4.8. සංඝ සමගිය සුත්‍රය,පි.160 EAN:10: IV,37.7. Schism-1, p. 509 & 38.8. Schism-2, p. 509.

▼ සංඝයා-භේද කිරීමේ අකුසල විපාක: සංඝ භේදය නිසා ඇතිවන අයහපත් විපාක මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6 )10- නිපාත: උපාලි වග්ග, 10.1.4.9. ප්‍රථම ආනන්ද සූත්‍රය,පි.162, EAN:10: IV,39.9.Ananda,p. 509.

▼සංඝයා සමගි කිරීමේ කුසල විපාක: සංඝයා සමගි කිරීමේ කුසල විපාක මෙහි විස්තර කර ඇත. මූලාශ්‍ර: අංගු.නි:(6 )10 නිපාත: උපාලි වග්ග, 10.1.4.10. ද්විතිය ආනන්ද සූත්‍රය,පි.164, EAN:10: IV,40.10 .Ananda -2,p. 509.

▼ ලාභසත්කාරවලට යටවීම නිසා දේවදත්ත සංඝභේදය කලබව මෙහි දක්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (2) : නිදානවග්ග: ලාභසත්කාර සංයුත්ත:5.4.1 සංඝභේද සූත්‍රය, පි.388.

▼සතර අයහපත් ගුණ ඇති පවිටු මහණ, සංඝ භේදයෙන් සතුටුවේ යයි බුදුන් වහන්සේ වදාළහ:1.සිල්වත්නොවීම 2.මිථ්‍යා දිට්ඨිය තිබීම 3. මිථ්‍යා ආජීවය තිබීම 4. ලාභසත්කාර ආදිය ලැබීමට ඇති කැමැත්ත. මූලාශ්‍රය: අංගු:නි: (2) : 4 නිපාත: ආපත්තිභයවග්ග: 4.5.5.1 පාපභික්ෂූ සූත්‍රය. පි.484.

▼ සංඝයා විවාදකිරිම නිසා අසමගිය ඇතිවීම: විවාද වලට හේතු කරුණු හා විවාද නොකිරීමේ යහපත මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි:(6 )10 නිපාත: අකෝෂ වග්ග, විවාද සුත්‍ර,පි.166 හා 10.1.5.10 භණඩන සුත්‍රය,පි. 188, EAN:10: V,41.1 Disputes & 42.2 Roots-1,509, 50.10.Arguments,p. 512.

▲සංඝයා දිවි හානිකරගැනීම- Sangha committing suicide: අසුභභාවනාව වඩා, නිරෝධය නොලැබූ, එහෙත්, කය ගැන මහා පිළිකුලට පත් බොහෝ සංඝයා සිය දිවි නැතිකිරීම ගැන විස්තර මෙහි දක්වා ඇත. එමනිසා සංඝයාහට ප්‍රණීත අරමුණක් ලෙසින් ගෙන ආනාපානසතිය වැඩිමට බුදුන් වහන්සේ උපදෙස් වදාළහ. සටහන: චන්න තෙර, වක්කලී තෙර ආදීන් බලවත් රෝගීබව නිසා දිවිහානි කරගත් බව සූත්‍ර දේශනා වල දක්වා ඇත. බලන්න: උපග්‍රන්ථය:1. බලන්න: සංයු.නි: (5-2) ආනාපානසතිසංයුත්ත:10.1.9 අසුභ සූත්‍රය, පි.128.

▲සංඝයා සිව්පස පරිහරණය -The 4 requisites use by the Sangha: සංඝයා පරිහරණය කරනදේ සිව්පසය. එමගින් කුසල හෝ අකුසල ඇතිවීම පිළිබඳව මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6 )10 නිපාත:සචිත්ත වග්ග, 10.2.1.4. සමථ සූත්‍රය, පි.204, EAN:10: 54.4 Serenity.

▲සංඝයා සිහිපත් කළයුතු ස්ථාන 3 - Three places that Sangha should remember: 1) තමන් ගිහිගෙයින් නික්මී පැවිදිබවට පත්වූ ස්ථානය 2) චතුසත්‍ය අවබෝධ කරගත් ස්ථානය (සෝතාපන්න බව ලැබූ ) 3) අසාව ක්‍ෂය කරගත් ස්ථානය (අරහත්වය ලැබූ). මූලාශ්‍ර: අංගු.නි: ( 1): 3 නිපාත: 3.1.2.2. සූත්‍රය, පි. 242, EAN:3: 12.2 To be remembered, p. 82.

▲ සංඝයා ශිලසම්පන්නවිම-Virtuous conduct of Sangha: ධර්මයේ හැසිරෙන සංඝයා ශිලසම්පන්නව වාසය කිරීම ආධ්‍යාත්මික වර්ධනය පිණිස අවශ්‍ය කරුණක් වේ. භික්ෂුවක් ‘තෙර’- වැඩිහිටි භික්ෂුවක් ලෙසින් හැඳින්වීම පිණිස අවශ්‍ය ගුණ අතරින් ශිලසම්පන්න බව එක් ගුණයකි, මෙය,සේඛ ප්‍රතිපදාව පුහුණු කරණ භික්ෂුව සතු ගුණයකි.

▼සංඝයා ශිලසම්පන්න වන ආකාරය: “මේ සසුනේ මහණ සිල්වත්වේයි, පාතිමෝක්‍ෂසංවර ශිලයෙන් සමන්විතය, ආචාරශිලිව වාසය කරයි, සුළු වරදෙහි පවා බිය දකී, ශික්ෂාපදයන්හි යහපත් ලෙසින් හික්මි සිටි”.

“ ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සිලවා හොති පාතිමොක‍්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම‍්පන‍්නො අණුමත‍්තසු වජ‍්ජෙසු භයදස‍්සාවී සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු”. (Here, a bhikkhu is virtuous; he dwells restrained by the Pātimokkha, possessed of good conduct and resort, seeing danger in minute faults. Having undertaken the training rules, he trains in them.) සටහන්: * අටුවාවට අනුව: ‘සම්පන්න සීල’ (possessed of virtue) යනු “පරිපුර්ණශිලය’ (perfect in virtue) හෝ ‘ශීලයසමන්නාගතව’ය. ** ‘ගෝචරසම්පන්න’ලෙසින් අදහස් වන්නේ, පිණ්ඩපාතය ලබාගැනීමට හැකි සුදුසු සේනාසනය, වාසස්ථානය. භික්ෂුව හැසිරිය යුතු ආකාරය(ලීලාව). බලන්න: EMN: note: 76, p. 1069. මූලාශ්‍ර:අංගු.නි: ( 2): 4 නිපාත: 4.1.3.2 ප්‍රථම උරුවෙල සූත්‍රය, පි. 64, EAN: 4: 21.1.Uruwela-1, p. 155. ම.නි: (1 ): 1.1.6 ආකන්ඛේයිය සූත්‍රය, පි. 94, EMN: 6: Ākankheyya Sutta - If a Bhikkhu Should Wish, p. 99.

▼සංඝයා ශිලය රකින අන්දම: මේ සසුනේ 1) මහන ප්‍රාණඝාතයෙන් වලකි. දඬුමුගුරු ආයුධ නො දරන්නේය, පව පිළිකුල් කරන්නේය, මෛත්‍රිය ඇතිව, සියලු සතුන් කෙරෙහි අනුකම්පාවෙන් වාසය කරයි. 2) සොරකම් කිරීමෙන් වළකියි.දුන් දෙයපිළිගනී, ඉවසයි. 3) අබ්‍රහ්ම චරියාවෙන් වළකියි 4 ) වචනයෙන් පිරිසිදුය- බොරු කීමෙන් වලකී, සත්‍යම කියයි, ලෝකයා නො රවටයි. කේලාම් කීමෙන් වළකියි. පිරිස අතර සමගිය ඇතිකිරීමට රුකුල් දෙයි. රළු බස් කීමෙන් වළකියි. පහන් සිත් උපදන ප්‍රිය වචන කතා කරයි. හිස් කතා වල නොයෙදේ, දහම් කතාවල පමණක් දේ. 5) ඔහු බිජ-ඇට ආදී පැලවෙනදේ, පැලවුනදේ විනාශ නො කරයි. 6)නොකල්වේලාවන්හි, රාත්‍රියේ ආහාර ගැනීමෙන් වළකියි 7) නටන, ගයන විසුළු දැකුම් වලින් වැළකේ 8) කය සැරසීමට, විලවුන් ආලේප කිරීමට, මල් දැරීම ආදියෙන් වලකි 9) පමණට වඩා උස්වූ හෝ නොකැපවූ මහා අසුන් ආදියෙන් වළකියි. 10) රන්රිදී මසුරන් ආදිය නො පිළිගනී 11) අමු මස්, අමු ධාන්‍ය නොපිලිගගි 12) ස්ත්‍රීන්, දැරියන්, දැසි දාසයන් නො පිළිගනී 13) ඇතුන් අසුන් ආදී සතුන් නො පිලිගනී 14) කෙත් වාතු නොපිළිගනී 13) ගිහියන්ගේ පණිවිඩ ආදිය කිරීමෙන් වලකී 14) වෙළදාම් කිරීම, ගනුදෙනු කිරීම අනුන් රැවටීම ආදියේ නොයෙදේ 15) කෙකෙගු අත් පා සිඳීම, රැහැන් වලින් බැදීම ආදී දේ නොකරයි. එලෙස අයහපත් අකුසල වලින් මිදී සිටිති. එම කරුණු පිලිබඳ විස්තරයක් මේ සූත්‍රයේ පෙන්වා ඇත. මූලාශ්‍ර: දීඝ.නි: (3): පාසාදික සූත්‍රය, පි. 210, EDN: 29 The delightful discourse, p. 318.

▼ ශීලසම්පන්නබවේ ගුණඅංග: බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“මේ සසුනේ මහණවූ භික්ෂුව සිල්වත්ය; පාතිමොක්ඛ ශිලයෙන් සංවරය. යහපත් හැසිරීමෙන් යුතුය; ආචාර සම්පන්නය; සුළු හෝ වරදෙහි බිය ඇතිව සිටි. ශික්‍ෂා පද සමාදන්ව, ඒවා මැනවින් පුහුණු කරයි”. මූලාශ්‍ර: අංගු.නි: (6 ) 11 නිපාත, සුභූති සූත්‍රය, ,පි. 661, EAN: 11: 14 .4 Subhuti, p 572.

▼ ශිල සම්පන්න වීමට ගුණ 10 තිබිය යුතුවේ:: 1) පාතිමොකඛ සංවරයෙන් සමන්විතවිම 2) ආචාරශිලිව වාසය කිරීම 3) සුළු වරදේ පවා බිය දැකීම 4) නිවැරදි කාය හා වචී කර්ම සහිතවීම 5) පිරිසිදු ජිවිත පැවත්මක් (ආජීවය) තිබීම 6) මනා ඉන්ද්‍රිය සංවරය ඇතිබව 7) පමණ දැන ආහාර ගැනීම 8) සෑමවිටම සිහිනුවණ ඇතිව සිටීම 9) ලැබෙනන සිව්පසයෙන් තුටුව වාසය කිරීම- සන්තුෂ්ටිය 10) ශික්ෂාපද අනුව හික්මි වාසය කිරීම. සිල්සම්පන්නවු තැනැත්තා කායික හා මානසික සුවයෙන් ජීවත්වේ. සටහන: සිල්වත්වීම: පරපණ නැසීම හැරදමා මෛත්‍රීයෙන් විසීම, නුදුන්දේ ගැනීමෙන් වැලකිම, බඹසර රැකීම, බොරුනොකීම, කේලාම්නොකීම, සැරවචන නොකීම, හිස්වචන කථා නොකිරීම... චුල ශිලය, මජ්ජිම ශිලය ආදීවශයෙන් ශිලය ආරක්ෂාකරගන්නා අන්දම පිළිබඳ විස්තර මෙම සූත්‍රවල පෙන්වාඇත. මූලාශ්‍ර: දීඝ.නි: (1): 2 ශ්‍රමනඵල සූත්‍රය, පි.98, ඡෙදය 28-පි.126 හා 11 කෙවඩ්ඩ සූත්‍රය, පි. 500, හා 13 තේවිජ්ජා සූත්‍රය, පි. 610, EDN: 2 Sāmaññaphala Sutta: The Fruits of the Homeless Life, p. 87, 11, Kewaddaha sutta, p. 136, 13 Tevijja Sutta: The Threefold Knowledge -The Way to Brahma, p.142.

▼ ශිල සම්පන්න භික්ෂුව තුල අසංවර බව ගැන බියක් නැත. අභිෂේක ලත් රජෙක්, සියලු සතුරන් මැඩ සුවසේ බිය රහිතව වෙසෙන ලෙසින්, ශිලසම්පන්න භික්ෂුව සුවසේ වාසය කරන බව මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: දීඝ.නි:(1 ) 11කෙවඩ්ඩ සූත්‍රය, පි.500, EDN :11 Kewaddaha.P.136.

▼ ශිලසම්පන්නවූ විට, ආරියන් දැකීමට ඇති අකමැත්ත, ධර්මය ශ්‍රවණය කිරීමට ඇති අකමැත්ත හා උපාරමභ චිත්ත- විවේචනයට නැමුන සිත් (mind bent on criticism) පහකර ගත හැකිය. මූලාශ්‍ර: අංගු.නි: (6 ):10 නිපාත: 10.2.3.6 තයෝධම්ම සූත්‍රය,පි.284, EAN:10: Tens,76-6.Incapable, p. 524.

▲සංඝයා ශ්‍රද්ධා සම්පන්නවීම- manifestations of faith in Sangha භික්ෂුවක් සද්ධාසම්පන්න බව ප්‍රකටවීම පිණිස ඇතිකරගතයුතු ගුණ 11ක් (ශිලසම්පන්න ආදී) මෙහි දක්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි:(6 ):11 නිපාත:අනුසති වග්ග,11.2.4 සුභූති සූත්‍රය ,පි.662 ,EAN:11: II Recollection, 14.4 Subhuti , p.572.

▼ දස ධර්ම පරිපූර්ණත්වයට පත්කරගත් භික්ෂුව සියළු ආකාරයෙන්ම ශ්‍රද්ධාව ඇතිකිරීමට සමත්බව-සමන්තපාසාදික බව මෙහි පෙන්වා ඇත.බලන්න: දසධර්ම. මූලාශ්‍රය:අංගු.නි:(6 )10:නිපාත: 10.1.1.8 සද්ධා සූත්‍රය,පි.50.

▲ සංඝයාට හුදකලා වාසය පිණිස අවවාද-Advice to Sangha regarding living in seclusion: සංඝයා හුදකලාව වන සෙනසුන්වල වාසය කිරීමට සුදුසුවිම පිළිබඳ කරුණු මෙහි විස්තර කර ඇත. මූලාශ්‍ර: අංගු.නි:(6 )10 නිපාත, උපාලි වග්ග2, 10.2.5.9. උපාලි සූත්‍රය,පි.390, EAN: 10: V,99.9 Upaali, p. 538.

▲ වැඩිහිටි සංඝයා-The elder Sangha: වැඩිහිටි සංඝයා සතු ගුණ මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6 )10 නිපාත, උපාලි වග්ග: 10.2.5.8. ථෙර සූත්‍රය,පි.388, EAN:10: V,98.8. Elder. P. 538.

▲සාමණේර සංඝයා- Novice sangha: සාමණේර සංඝයා විසින් බලාගැනීමට- උපස්ථාන කරවා ගැනීමට (to be attended upon by a novice), භික්ෂුවක් තුළ තිබිය යුතු ගුණාංග මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6 )10 ,නිපාත, උපාලි වග්ග, 10.1.4.6. සාමණේර සූත්‍රය,පි. 158, EAN:10: IV,36.6. Novice, p. 508.

▲ සංඝානුස්සති භාවනාව- Meditation on the qualities of the Sangha මෙ භාවනාව මගින් නිවන් සුවය ලැබෙදාදී.බලන්න: භාවනා.මූලාශ්‍ර: අංගු.නි: (6): 11 නිපාත: අනුසතිවග්ග: 11.2.1 & 11.2.2 මහානාම සූත්‍ර, පි. 654, 11.2.3 නන්දිය සූත්‍රය, පි.658, EAN: 11: Recollection: 11.1 Mahanama, 12.1 Mahanama (2), p.570, 13.3. Nandiya, p.571.

▼සංඝ ගුණ සිහිකර, සිත එකඟ කර ගැනීම අනුසති භාවනාවකි-සංඝානුස්සතිය. එම භාවනාව වැඩිම නිවන පිණිස පවතී යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත:

▲ සීඝ්‍ර ප්‍රඥාව: පාලි: සීඝපඤ‍්ඤා- rapidity of wisdom-quickness of wisdom: ධර්මතා සීඝ්‍ර ලෙසින් (වේගයෙන්) අවබෝධ කරගැනීමට හැකි නුවණ සීඝ්‍ර ප්‍රඥාවවේ.ශිඝ්‍රව අර්ථ ප්‍රතිවේධ කරන හෙයින් ශිඝ්‍ර ප්‍රඥාව වේ. ශිඝ්‍ර ප්‍රඥාව යනු කුමක්ද? වේගයෙන්: ශිලය, ඉන්ද්‍රිය සංවරය, භෝජනයෙහි පමණ දැනීම (භෝජනයෙහි මාත්‍රඥතාව), ජාගාරානු යෝගය පරිපුර්ණ කරගැනීම, ශිල සමාධි ප්‍රඥා ස්කන්ධ, විමුක්ති ස්කන්ධය හා විමුක්ති ඥානදර්ශන ස්කන්ධය පරිපුර්ණ කරගැනීම, ස්ථාන අස්ථාන නුවණ ප්‍රතිවේධ කරයි, විහාරසමාපත්ති, ආර්ය සත්‍ය ප්‍රතිවේධකරයි, සත්තිස්බෝධිපාක්‍යධර්මතා, ආර්යමාර්ගය වඩාගනී, ශ්‍රමණඵල සාක්ෂාත් කරගනි, අභිඥා ප්‍රතිවේධ කරයි, නිවන සාක්ෂාත් කරගනි, ධර්මතා සීඝ්‍ර ලෙසින් අවබෝධ කරගනියි. මූලාශ්‍රය:ඛු.නි: පටිසම්භිදා 3: ප්‍රඥාවග්ග: 3.1 ප්‍රඥා කථා, පි. 172-184.

▼සතර ධර්මය නිසා සීඝ්‍ර ප්‍රඥාව ඇතිවේ: 1) සත්පුරුෂ සේවනය 2) සද්ධර්ම ශ්‍රවණය 3) යෝනිසෝමනසිකාරය 4) ධර්මයට අනුකුලව පිළිපැදීම (ධර්මානුධර්ම ප්‍රතිපදාව) ඇති පුද්ගලයාට (සෝතාපන්න) සීඝ්‍ර ප්‍රඥාව ඇතිවේ. “…ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ධම‍්මා භාවිතා බහුලීකතා සීඝපඤ‍්ඤාතාය සංවත‍්තනතිති”. (these four things, when developed and cultivated lead to the rapidity of wisdom) බලන්න: ප්‍රඥාව, සෝතාපන්න. මූලාශ්‍ර: සංයු.නි: (5-2) මහාවග්ග: සෝතාපන්න සංයුත්ත:11.7.8 සීඝ්‍ර ප්‍රඥා සූත්‍රය, පි. 280, ESN: Sotapatthisamyutta: Greatness of Wisdom : p. 2261.

▼කායගතා සතිය වැඩීමෙන්, විපුල කරගැනීමෙන් සීඝ්‍ර ප්‍රඥාව ඇතිවේ. (Mindfulness directed to the body...when developed and cultivated, leads to the rapidity of wisdom) මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: කායගතාසති වග්ග සූත්‍ර, පි. 125, EAN:1: Mindfulness Directed to the Body: p.52.

සච

▲ සච්චක අග්ගිවෙස්සන නිගන්ඨනාථ පුත්‍ර- Saccaka the Nigaṇṭha’s son: බුදුන් වහන්සේ වැඩසිටි සමයේ විසු ප්‍රසිද්ධ අන්‍යආගමික නායකයෙක්වූ නිගන්ඨනාථ ගේ පුත්‍රයා ලෙසින් සච්චක පෙන්වා ඇත. බුදුන් වහන්සේ හා වාදකර, උන්වහන්සේ පැරදවීමට ඔහු ගත් උත්සාහය නිෂ්ඵලවිය.බලන්න: EMN :note: 369, p.1099. සටහන: අටුවාවට අනුව, සච්චක ධර්ම මාර්ගයේ උසස් තැනක් නො ලැබුහ. එහෙත්, ශ්‍රී ලංකාව් බුදුසසුන ස්ථාපිත වූ පසු, ඔහු කාල බුද්ධරක්ඛිත නමින් මහා අරහත්නමක් බවට පත්වේ යයි දක්වා ඇත.බලන්න:ම.නි: (1) චූල හා මහා සච්චක සූත්‍ර.

▲සච්ච-Truth: සච්ච-සත්‍ය යනු නිවනය. විවිධ ලෙසින් නිවන සාක්ෂාත් කරගැනීමට උපකාරීවන මාර්ග-(37ක්වු බෝධිපාක්‍ය ධර්මතා ඇතුලත්) මෙහි විස්තර කර ඇත. මූලාශ්‍ර: සංයු.නි: (4): සළායතනවග්ග: අසංඛතවග්ග සූත්‍ර:9.2.1 සිට, පි.666.

▲ සච්ච කථා- Sachha katha: සච්ච කථා ලෙසින් පෙන්වා ඇත්තේ චතු සත්‍යයය. මේ සත්‍ය සතර: යථා ස්වභාවය නිසා තථ ය, විපරිතභාවයෙන් අවිතථවේ, අන්‍යස්වභාව රහිත නිසා අනඤඤථවේ. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදා 2: යුගනද්ධ: 2 සච්ච කථා:පි.32.

▲සච්චඤාණ-Sachha Nana: සච්චඤාණ: චතුසත්‍ය 12 ආකාරයෙන් බැලීම පිලිබඳ නුවණය (සච්චඤාණචතුක්ක).

මූලාශ්‍රය:ඛු.නි:පටිසම්භිදා 1: ඤාණකථා:56-63 සත්‍යඥානචතුෂක්ද්වය, පි.244.

▲ සච්ච විභංග-The Exposition of the Truths: සච්ච විභංග ලෙසින් පෙන්වා ඇත්තේ චතුසත්‍ය බෙදා විස්තර කිරීමය.බුදුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ වදාළ සත්‍ය මෙහි දී විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර: ම.නි: (3): සච්ච විභංග සූත්‍රය, පි.528, EMN:141: The Exposition of the Truths, p.998.

▲ සංචේතනා- Volition: සංචේතනා ඇතිවන්නේ තුන්දොර නිසාය. කයක් ඇති නිසා, අභ්‍යන්තරයේ සුඛ හා දුක වේදනා ඇතිවේ, කතාව නිසා අභ්‍යන්තරයේ සුඛ හා දුක වේදනා ඇතිවේ, සිත ක්‍රියා කිරීම නිසා අභ්‍යන්තරයේ සුඛ හා දුකවේදනා ඇතිවේ. සියලු සංචේතනා වන්ට මූලිකඅවිද්‍යාවය. බලන්න: චේතනා. සටහන: මෙහිදී සංචේතනා නිසා උපධි ඇතිවීම ආදී ය විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර:අංගු.නි: (2): 4 නිපාත: 4.4.3.1 සංචේතනා සූත්‍රය, පි. 328, EAN: 4: 171.1 Volition, p. 204.

▲ සචිත්ත පරියාය Skilled in the ways of one’s own mind: සචිත්ත පරියාය යනු තමන්ගේ මනස අවබෝධය කිරීමේ කුශලතාවයය. පරචිත්ත පරියාය යනු අනුන්ගේ මනස අවබෝධය කිරීමේ කුශල තාවයය. බුදුන් වහන්සේ ගේ අවවාදය වුවේ පරචිත්ත පරියාය හැර දමා, සචිත්ත පරියාය වර්ධනය කරගන්නා ලෙසය.සචිත්ත පරියාය කුසලතාව වඩා ගන්නා අන්දම. මතු දැක්වෙන කරුණු තමා තුල තිබේද නැද්ද? ගැන නිතර නිතර අවර්ජනා- ප්‍රත්‍යවෙක්ෂනා කලයුතුවේ: 1 අබිජ්ජාව 2 ව්‍යාපාදය 3 ථිනමිද්ධය 4 උද්දච්චය 5 විචිකිච්චාව 6 තරහ 7 සිත කිලිටිබව 8 කය ගිලන්බව 9 විරිය 10 සමාහිත බව (සමාධිය). එසේ බලන විට: 1) එම කරුණු තමා කෙරහි අයහපත් ලෙසින් පිහිටා ඇතිනම් ඒ අකුසල් ප්‍රහීණය කරගැනීමට කැමැත්ත (ඡන්දය), විරිය, උත්සාහය, සති සම්ප්‍රජන්‍යය ඇතිකර ගෙන ඒවා වහා පහ කර ගත යුතුය. ඒ පිලිබඳ දැක්වූ උපමා: තමන්ගේ වස්ත්‍රය හෝ හිස ගිනිගත්කල ඒ ගින්න නිමා දැමීමට යුහුසුළුවන ලෙසින් සිතේ හටගත් අකුසල පහකර ගත යුතුවේ. උපමා: වස්ත්‍රය ගිනිගැනීම, හිස ගිනිගැනීම.උපග්‍රන්ථය:5 2) එම කරුණු නොමැතිව, සිතයහපත් ලෙසින් පිහිටා ඇතිනම් එම කුසලතා වඩා ගනිමින් ආසව ක්‍ෂය කිරීම පිණිස (අරහත්වය) කටයුතු කලයුතුවේ. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: සචිත්තවග්ග: 10.2.1.1. සචිත්ත සූත්‍රය, පි. 194, EAN:10: 51.1 One’s own mind, p. 513.

▼ සැරියුත් මහා තෙරුන් මෙසේ වදාළහ:

“නො චෙ භික‍්ඛු පරවිත‍්තපරියාය කුසලො හොති, අථ සවිත‍්තපරියාය කුසලො භවිස‍්සාමී’ති. එවං හි වො ආවූසො සික‍්ඛිතබ‍්බං”. ‘ඔබ, අනුන්ගේ සිත් දන්නා කුසලයෙහි නොයෙදී, තමාගේ සිත දන්නා කුසලය ඇති කරගන්නෙමි යයි හික්මිය යුතුය’. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: සචිත්තවග්ග: 10.2.1.2 සාරිපුත්ත සූත්‍රය, පි. 196 , EAN:10: 52.2. Saruputta, p. 513.

▲සච්ඡිකාතබ්බ ධර්ම: පාලි: සචඡිකාතබ‍්බො ධම‍්මො -Dhamma to be realized

සච්ඡිකාතබ්බ ධර්ම -සච්චිකරණිය ධම්ම-සාක්ෂාත් කරගතයුතු - ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම ලෙසින්පෙන්වා ඇත්තේ නිවන් අවබෝධය පිණිස ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්මතාවන්ටය. ඒ ධර්මතා:1) අකුප්ප චේතෝවිමුක්තිය -අරහත්වය (අකුප‍්පා චෙතොවිමුත‍්ති- Unshakeable deliverance of mind) 2) විජ්ජාව හා විමුක්තිය (විජ‍්ජා ච විමුත‍්ති ච): විජ්ජාව යනු ත්‍රිවිධ ඥාණ අවබෝධය ය, විමුක්තිය යනු අරහත්වය ය (නිවනය) . 4) පෙරවිසු කඳ පිළිවෙත දන්නා නුවණ 5) චුති උත්පත්ති නුවණ 6) ආස්‍රව ක්‍ෂය කිරීමේ නුවණ. 7) සතර ඵල-චත‍්තාරො සාමඤ‍්ඤඵලානි:සොතපන්න,සකදාගාමී,ආනගාමී අරහත් මූලාශ්‍ර: දීඝ.නි: (3): 11 දසූත්තර සූත්‍රය, පි.483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼සච්චකරණිය ධම්ම 4: ප්‍රත්‍යක්ෂ කලයුතු ධම්ම: 1) අෂ්ඨවිමොක්ඛ. 2) සමෘතියෙන් (සිහියෙන්) ප්‍රත්‍යක්ෂ කලයුතු ධම්ම: පුර්ව නිවාස සිහිකිරීම. 3) දිවසින් (දිබ්බ චක්ෂු) ප්‍රත්‍යක්ෂ කලයුතු ධම්ම: සත්වයන්ගේ චුතුඋත්පත්තිය . 4) ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කලයුතු ධම්ම: ආසවක්‍ෂයකිරීම. මූලාශ්‍රය:අංගු.නි: (2): 4 නිපාත:බ්‍රාහමණවග්ග: 4.4.4.9 සච්චිකරණිය සූත්‍රය, පි.376.

▼ සළායතන හා බාහිර අරමුණු ක්‍රියා වලිය විශේෂයෙන් අවබෝධ කරගැනීම සච්චිකාතබ්බ ධම්ම ලෙසින් මෙහි පෙන්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (4): සළායතනවග්ග: සබ්බානිච්චවග්ග සූත්‍ර, පි.88.

▼ මෙහිදී සච්චිකාතබ්බ ධම්ම ලෙසින් පෙන්වා ඇත්තේ සම්මා දිට්ඨිය පෙරටුකරගත් අංග 10 ය. සාක්ෂාත් නො කරගතයුතු ධම්ම නම් මිථ්‍යාදිට්ඨිය පෙරටුකරගත් අංග 10 ය. බලන්න: මිථ්‍යාත්වය හා සම්‍යක්තවය. මූලාශ්‍රය: අංගු.නි: (6): 10 නිපාත:ආරියවග්ග: 10.3.5.10 සච්චිකාතබ්බ සූත්‍රය, පි.478.

▼මෙහිදී සාක්ෂාත් කරගතයුතු ධර්ම ලෙසින් පෙන්වා ඇත්තේ දසකුසලය හා සම්මා දිට්ඨියය. සාක්ෂාත් නො කරගතයුතු ධර්ම නම් දසඅකුසලය හා මිථ්‍යාදිට්ඨිය. මූලාශ්‍රය: අංගු.නි: (6): 10 නිපාත:ආරියමග්ගවග්ග: 10.4.4.10 සච්චිකාතබ්බ සූත්‍රය, පි.542.

▲ සුචරිතය හා දුශ්චරිතය - Good conduct & Misconduct: කයෙන්, වචනයෙන් හා මනසින් (තුන්දොරින්) කරන යහපත් ක්‍රියා සුචරිතය ය, අයහපත් ක්‍රියා දූශ්චරිතයය. සුචරිතය නිසා ඇතිවන යහපත-අනුසස්: 1) තමන්ට උපවාද නොකරගැනීම- සිත් තැවුල් ඇති නොකර ගැනීම 2) පණ්ඩිතයන්ගේ ප්‍රසංසාව ලැබීම 3) යහපත් කීර්තියක් පැතිරීම 4) සිහියෙන් මරණයට පත්වීම 5) සුගතියක යළි උපත ලැබීම.දූශ්චරිතය නිසා ඇතිවන අයහපත-ආදීනව: 1) අයහපත් ක්‍රියා කිරීම් නිසා තමාට උපවාදකර ගැනීම 2) පණ්ඩිතයන්ගේ අප්‍ර සංසාවට ලක්වීම 3) අපකීර්තිය ඇතිවීම 4) සිහිමුලාවෙන් මරණයට පත්වීම 5) දුගතියක යළි උපත ලැබීම. මූලාශ්‍රය: අංගු.නි: (3): 5 නිපාත:දූශ්චරිත වග්ග සූත්‍ර, පි.458.

▼ත්‍රිවිධ දුශ්චරිතය පහ කර ගැනීමට, ත්‍රිවිධ සුචරිතය වඩා ගත යුතුවේ. මූලාශ්‍ර: අංගු.නි: ( 4 ): 6 නිපාත: 6.1.2. දුශ්චරිත සූත්‍රය, පි. 279 , EAN: 6: 108.2 Misconduct, p. 364.

▲සුචිලෝම යක්‍ෂ-Suchiloma Yakka: සුචිලෝම යක්‍ෂයා ඇසු ප්‍රශ්ණ හා බුදුන් වහන්සේ වදාළ පිළිතුරු මෙහි දක්වා ඇත. බලන්න:යක්ඛ. මූලාශ්‍ර: සංයු.නි: (1): සගාථවග්ග: යක්ඛසංයුත්ත: 10.1.3 සුචිලෝම සූත්‍රය, පි.394, ESN:10: Yakkasamyutta: Suchiloma, p. 575.

සජ

▲සජ්ජායනා - chanting: සජ්ජායනා (සංගායනා) යනු වචනයෙන් ප්‍රකාශ කිරීමය. ධර්මය පුහුණුවන සංඝයා, දහම් කරුණු මතකයේ තබාගැනීම පිණිස නිතරම සජ්ජායනා කරණ බව සූත්‍ර දේශනාවල දැක්වේ. සටහන: බුදුන් වහන්සේගේ පරිනිබ්බානයෙන් පසුව මහා කශ්‍යප තෙරුන් ප්‍රමුඛව පවත්වන ලද ප්‍රථම සංගායානාවේදී බුදුන් වහන්සේ වදාළ ධම්මවිනය සජ්ජායනා කර ඇත. විස්තර පිණිස බලන්න:වින.පි: මහාවග්ග පාලිය 1- ප්‍රස්තාවනාව, පි 26.

▼බුදුන් වහන්සේ වදාළ දහම් කරුණු සංඝයා එක්ව, ඒ ධර්මයේ චිරස්ථිතිය පිණිස සජ්ජායනා කිරීම සුදුසු ය යි සැරියුත් තෙරුන් සංඝයාට උපදෙස් දී ඇත. මූලාශ්‍ර: දිඝ.නි: (3):10 සංගිති සූත්‍රය, පි. 372 EDN: 33: Sangīti Sutta: The Chanting Together, p. 362.

▼ බහුශ්‍රැතවීම පිණිස, උගත් ධර්මය සජ්ජායනා කිරීම (වචිතා) සංඝයා ගේ පුහුණුවකි. බලන්න: බහුශ්‍රැත.

▼ආරක්ෂාව පිණිස, සුවපත්බව පිණිස, ආශිර්වාදය පිණිස පිරිත් සජ්ජායනා කිරීම බෞද්ධ චාරිත්‍රයකි. බලන්න: පිරිත් සජ්ජායනා.

▲ සජ්ජායනා බහුල පුද්ගලයා- Sajjayanabahula pudgala: සජ්ජායනා බහුල පුද්ගලයා ලෙසින් පෙන්වා ඇත්තේ ධර්ම පරියාපත්තිය ඉගෙන ඒවා සජ්ජායනා කරමින් - වාක්පරිචයෙන් දවස ගෙවන එහෙත් සමාධිය වඩා නොගන්නා පුද්ගලයාය. ඔහු ධම්ම විහාරි නොවේ. බලන්න: ධම්ම විහාරි. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: අනාගතභය වග්ග: 5.2.3.3 හා 5.2.3.4 සූත්‍ර, පි.160.

▲ සංජිව තෙර- Sanjiva Thera: බලන්න: උපග්‍රන්ථය: 1.

▲ සංජය බෙලට්ටිපුත්‍ර- Sañjaya Belatthaputta: බලන්න: අන්‍යආගමික නායකයෝ.

▲ සුජාතා උපාසිකා- Sujatha upasika: බලන්න: උපග්‍රන්ථය: 3

▲ සුජාත තෙර- Sujata Thera: බලන්න: උපග්‍රන්ථය:1

▲සුජාත බුදුන් වහන්සේ -The Buddha Sujatha: ගෝතම බුදුන් වහන්සේට පෙර වැඩසිටි, මේ වහන්සේ පිලිබඳ විස්තර මෙහි දක්වා ඇත. මූලාශ්‍රය:ඛු.නි: බුද්ධවංශ පාලි:12 සුජාත බුදුන්වහන්සේ.

▲ සුජාතා සේනානි දියණිය-Sujatha Senani’s daughter: බලන්න: උපග්‍රන්ථය:3.

සඤ

▲ සුඤඤතාව- voidness: සුඤඤතාව-ශුන්‍යතාවය යනු අනත්ත ලක්ෂණයය. බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“... ආනන්ද, ආත්මය හෝ ආත්මයට අයත් යන දෙයින් හෝ ශුන්‍ය වේද, ඒ නිසා ලෝකය ශුන්‍ය යයි කියනු ලැබේ”.. ( It is, Ānanda, because it is empty of self and of what belongs to self that it is said, ‘Empty is the world). මෙහිදී ඇස ආදී අභ්‍යන්තර ආයතන 6 , රූපය ආදී බාහිර ආයතන 6, චක්ෂුසම්පස්ස ආදී ස්පර්ෂ සය , ස්පර්ශය නිසා ඇතිවෙන ත්‍රිවිධ වේදනා, ඒවා ආත්මය හෝ ආත්මයට අයත් දෙයින් හෝ ශුන්‍ය නිසා ලෝකය ශුන්‍ය යයි පෙන්වා ඇත. සටහන: ලෝකය ශුන්‍යවන්නේ කෙසේද? යයි ආනන්ද තෙරුන්ගේ විමසීමක් මත මේ සූත්‍රය දේශනා කරඇත. මූලාශ්‍ර: සංයු.නි: (4) සළායතනවග්ග:වේදනාසංයුත්ත: 1.9.2 සුඤඤලෝක සූත්‍රය, පි.146, ESN: Vedanasamyutta:85.2 Empty Is the World, p.1248

▲සුඤ්ඤත විමොක්ෂය- liberation through voidness: මෙය නිවනට දොරටුවකි, විමොක්ක දොරටු තුනෙන් එකකි. බලන්න: විමොක්ක.

▲ සුඤඤත විහරනය- abide in void-ness: සුඤඤත විහරනය (ශුන්‍යතා විහරණය) ලෙසින් පෙන්වා ඇත්තේ බාහිර නිමිති නොගෙන, අභ්‍යන්තරයේ සුඤඤතාවය ඇතිකරගෙන, කිසිම නිමිත්තක් ගැන අවධානය යොමු නොකර භාවනාව වැඩිම- සමාපත්තිය ඇතිකර ගැනීමය. අරහත්ඵලය සාක්ෂාත් කරගත් ආරිය උතුමෝ විහරණය කරණ සමාපාත්තියය- අරමුණු රහිතව වැඩවිසීමය. බලන්න: චතු කොටික සුඤඤතාව, විමොක්ක දොරටු තුන . බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“ එම විහරනයට ඇතුල්වන භික්ෂුව, ආධ්‍යාත්මයෙහි සිත මානව පිහිටුවා ගත යුතුය, සිත එකඟ කර ගතයුතුය... කාමආදී අකුසල බැහැර කර, ක්‍රමයෙන් පළමු ජානයේ සිට සිව්වෙනි ජනය දක්වා දැහැන් ඇතිකරගෙන වාසය කරයි”. මෙහිදී ආනන්ද තෙරුන්හට එම විහරණය පිළිබඳව විස්තරාත්මකව පෙන්වා ඇත. එම සමාපත්තිය ‘පරම උත්තර සමාපත්තිය’ යයි බුදුන් වහන්සේ වදාළහ. සටහන්: * සුඤඤත විහරනය මගින් ඇතිකරගන්නා සුඤඤත ඵල සමාපත්තිය- අරහත්වය ලැබීමය (fruition attainment of arahantship ). නිවනේ ශුන්‍යබව මෙනෙහි කිරීමෙන් මේ සමාපත්තිය සාක්ෂාත්වේ. බලන්න: EMN: Note: 1137, p. 1167 . **ම.නි: මහාවේදල්ල සූත්‍රයේ: සුඤඤත ඵල සමාපත්තිය, අරහත්වය ලැබීමබව පෙන්වා ඇත. ** සැරියුත් තෙරුන් ශුන්‍යතා විහරණයෙන් වැඩසිටීම ගැන ප්‍රසංසා කළ බුදුන් වහන්සේ එම විහරණය “මහාපුරුෂ විහරනය’ ක් යයි වදාළහ. බලන්න: පිණ්ඩපාත පාරිශුද්ධිය. මූලාශ්‍ර: ම.නි: (3 ): 3.3.1 චුලසුඤඤත සූත්‍රය, පි. 280, EMN:121: The ShorterDiscourse on Voidness,p.887 3.3.2 මහා සුඤඤත සූත්‍රය, පි. 280.

▲සුඤඤත සමාධිය-Emptiness concentration: පංච උපාදාන ස්කන්ධයේ ශුන්‍ය බව අවර්ජනා කර ලබන සමාධිය, සුඤඤත සමාධියය, නිවනට මගය. බලන්න: විමොක්ක දොරටු තුන.

මූලාශ්‍ර: සංයු.නි: ( 4 ):සළායතනවග්ග: අසංඛතසංයුත්ත:9.2.6 සුඤඤත සමාධි සූත්‍රය, පි. 667, ESN:43: Asnkathasamyutta: Concentration-vi, p. 1509.

▲ සුඤඤතඵල සමාපත්තිය- attainment of voidness: සුඤඤත ඵල සමාපත්තිය: කිසිම නිමිත්තක් නොගෙන, ශුන්‍යබව මෙනෙහිකර ලබාගන්නා සමාපත්තිය මගින් සිත විමුක්තියට පත්ව, අරහත්වය සාක්ෂාත්වීමය. මූලාශ්‍ර:ම.නි: ( 3 ): 3.3.1 චුළ සුඤඤත සූත්‍රය හා 3.3.2 මහා සුඤඤත සූත්‍රය, පි. 280.

සඥ

▲සංඥා: පාලි: සඤඤා- perception: සංඥාව යනු අවබෝධය, යම් දෙයක් හඳුනාගැනීමය-සංජානනය ය. සංඥාව පංච උපාදානස්කන්ධයේ එක ස්කන්ධයකි. බුදුන් වහන්සේ, සමාධිය හා විදසුන් නුවණ වඩාගැනීම පිණිස විවිධවූ සංඥාවන් දියුණු කරගැනීමට උපදෙස් දී ඇත. බලන්න: භාවනා, පංච උපාදානස්කන්ධය. ශබ්දකෝෂ: පා.සි.ශ:පි.495: “සඤඤා: හැඳිනීම, නාමය, චේතනාව”. BD: p.164: “Saṅṅā: perception is one of the 5 group of existence (5 aggregates)-it is the awareness of an object’s distinctive marks”. PTS: p. 1509: “Saṅṅā: sense, consciousness, perception, being the third khandha …discernment, recognition”.

▼සියලු සංඥා (රූප, ශබ්ද, ගන්ධ,රස,ඵොට්ඨබ්බ,ධම්ම) අනිත්‍යය ය. එලෙස, දකිනා පුද්ගලයා ‘සද්ධානුසාරි’ ය,ඒබව, විදසුන් නුවණින්, ජානසමාපත්ති ලබා අවබෝධ කරගන්නා පුද්ගලයා ‘ධම්මානුසාරි’ ය. ඔවුන් සම්බෝධිය පිහිට කරගෙන ඇත. මූලාශ්‍රය:සංයු.නි: (3): ඛන්ධවග්ග: ඔක්කන්තිසංයුත්තය: චක්ඛුවග්ග:4.1.6 සංඥාසූත්‍රය, පි.474.

▲සංඥා තුන නම්: කාම සංඥාව,ව්‍යාපාද සංඥාව, විහිංසා සංඥාව. කාම සංඥාව නැතිකර ගැනීමට නෙක්කම්ම සංඥාව වැඩිය යුතුය. ව්‍යාපාද සංඥාව නැතිකර ගැනීමට අව්‍යාපාද සංඥාව වැඩිය යුතුය. විහිංසා සංඥාව නැතිකර ගැනීමට අවිහිංසා සංඥාව වැඩිය යුතුය. මූලාශ්‍රය: අංගු.නි: (4) 6 නිපාත: 6.1.4 සංඥා සූත්‍රය, පි.282.

▲සංඥා පහ-Five perceptions: මළකඳක අසුභය පෙන්වන සංඥා 5 මෙනෙහිකිරීම විමුක්තිය පිණිස වේ. 1) අට්ඨික සංඥාව (අට‍්ඨිකසඤ‍්ඤා -perception of a skeleton): ඇටසැකිල්ල අරමුණුකොට වඩන සංඥාව 2) පුළවක සංඥාව (පුළවකසඤ‍්ඤා - perception of a worm-infested corpse): පණුවන් වැසුන මළකඳක් අරමුණුකොට වඩන සංඥාව 3) වීනිලක සංඥාව (වීනිලකසඤ‍්ඤා-perception of a livid corpse) : නිල්වූ මළකඳක් අරමුණුකොට වඩන සංඥාව 4) විචඡිදදක සංඥාව (විච‍්ඡිද‍්දකසඤ‍්ඤා -perception of a fissured corpse) : කැඩී බිඳීගිය මළකඳක් අරමුණුකොට වඩන සංඥාව 5) උදධුමාතක සංඥාව (උද‍්ධුමාතකසඤ‍්ඤා - perception of a bloated corpse) : ඉදිමුණ මළකඳක් අරමුණුකොට වඩන සංඥාව . මේ සංඥා 5 වඩා ගැනීමෙන් ධර්මයේ අප්‍රමාදය ඇතිවේ, සුවපත් සිත් ඇතිව වාසය කලහැකිය, විමුක්ති මාර්ගයට පැමිණේ.

සටහන්: * සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව යටතේ මේ සංඥා පිළිබඳව විස්තර දක්වා ඇත ** අට්ඨික සංඥාව වඩාගැනීම මහත්ඵල මහා ආනිසංස ලබාදෙයි.බලන්න: මහත්ඵල මහා ආනිසංස. මූලාශ්‍ර: සංයු.නි: (5-1 ):මහාවග්ග: බොජ්ඣංග සංයුත්ත:ආනාපානවග්ග- සූත්‍ර, පි. 268, ESN: 46: Bojjhṅgasamyutta: VII: p. 1807.

▲සංඥා සය-Six perceptions: සොතාපන්න අංග දියුණු කරගත් පසු වැඩිය යුතු සංඥා හයක් ඇත. 1) සබ‍්බසඬඛාරෙසු අනිච‍්චසඤ‍්ඤී-සබ්බ සංඛාරේ අනිච්ච සංඥාව -සියලු සංඛාර අනිච්ච බව දැකීම. 2) අනිච‍්චෙ දුක‍්ඛසඤ‍්ඤී - අනිච්චේ දුක්ඛ සංඥාව -අනිච්චස්වභාවය ඇති සියලු දේ දුක බව දැකීම. 3) දුක‍්ඛෙඅනත‍්තසඤ‍්ඤී - දුක්ඛේ අනත්ත සංඥාව- දුකඇතිකරන සියලුදේහි අනත්ත ස්වභාවය දැකීම 4) පහාණසඤ‍්ඤී - පහාන සංඥාව 5) විරාගසඤ‍්ඤී - විරාග සංඥාව 6) නිරොධසඤ‍්ඤී- නිරෝධ සංඥාව. සටහන්: මේ සූත්‍රය දේශනා කලේ දීඝායු උපාසකටය. මරණය ආසන්නයේ සිටි ඔහු දැකීමට පැමිණි බුදුන් වහන්සේ ඔහුට සෝතාපන්න අංග 4 හි හික්මීමට උපදෙස් වදාළහ. ඒ උපාසක, තමන්හට ඒ සිව් දහම ඇති බව පැවසුවිට: විද්‍යාභාගිය නුවණවැඩිම පිණිස, සය සංඥාව විහරණය කරන්න යයි බුදුන් වහන්සේ වදාළහ. බලන්න: උපග්‍රන්ථය:3. ** මේ සංඥා 6 වඩාගැනීම, සත්‍ය ඥානය ලබා ගැනීමට හේතුවේ. බලන්න: ESN:note:324,p.2426.මූලාශ්‍ර: සංයු.නි: (5-2):මහාවග්ගය:සොතාපත්ති සංයුත්ත: 11.1.3 දීඝාවූ උපාසක සූත්‍රය, පි. 164, ESN:55: Sotapattisamyutta: 3.3 Dīghāvu, p, 2185.

▲ සංඥා සත- Seven Perceptions: සංඥා සත,- සප්ත සංඥා, මේවා වඩාගන්නේ නම්, ධර්ම මාර්ගයේ වැඩිම මිස පිරිහීමක් නොවන බව බුදුන් වහන්සේ වදාළහ. 1) අනිත්‍ය සංඥාව- perception of impermanence 2) අනාත්ම සංඥාව- non-self 3) අසුභ සංඥාව- impurity 4) ආදීනව සංඥාව-danger 5) ප්‍රහාණ -පහාන සංඥාව - overcoming 6) විරාග සංඥාව- dispassion 7) නිරෝධ සංඥාව- cessation. මුලාශ්‍ර: දීඝ.නි: (2 ): 3මහා පරිනිර්වාන සුත්‍රය, පි 138, EDN :16-Mahaparinibbana Sutta, p 171.

▲සංඥා දහය-Ten Perceptions: විවිධ දස සංඥා පෙන්වා බුදුන්වහන්සේ වදාළේ එම සංඥා වඩාගැනීමෙන් මහත්ඵල මහා ආනිසංස ලැබෙන බවය, නිවන සාක්ෂාත් කරගැනීමට හැකිබවය. ** පලමු දසසංඥාවන්: මේ දස සංඥා වඩාගැනීමෙන්, විපුලබවට පත් කර ගැනීමෙන මහත්ඵල මහා ආනිසංස ඇතිවේ, නිවනට ගෙනයයි, නිවන අවසාන කොට පවතී.

“...දසඉමා භික‍්ඛවෙ සඤ‍්ඤා භාවිතා බහුලීකතා මහප‍්ඵලා හොන‍්ති මහානිසංසා අමතොගධා අමතපරියොසනා ....”. ( these ten perceptions, when developed and cultivated, are of great fruit and benefit, culminating in the deathless, having the deathless as their consummation) 1) අසුභ සංඥාව (අසුභ සඤ‍්ඤා- perception of unattractiveness ) 2) මරණ සංඥාව (මරණ සඤ‍්ඤා - perception of death) 3) ආහරයෙහි ප්‍රතිකූල සංඥාව- (පිලිකුල්බව-ආහාරෙපටිකකූල සඤ‍්ඤා - perception of the repulsiveness of food ) 4) සියලු ලෝකය කෙරෙහි ඇල්ම නැති සංඥාව (සබ‍්බලොකෙ අනභිරථසඤ‍්ඤා- perception of non-delight in the entire world) 5) අනිත්‍ය සංඥාව (අනිච‍්චසඤ‍්ඤා- perception of impermanence) 6) අනිච්චයයේ දුක්ඛසංඥාව-(අනිච‍්චෙදුක‍්ඛසඤ‍්ඤා- perception of suffering in the impermanent) 7) දුකපිලිබඳ අනාත්ම සංඥාව (දුක‍්ඛෙඅනත‍්තසඤ‍්ඤා- perception of non-self in what is suffering,) 8) ප්‍රහාණ සංඥාව (පහානසඤ‍්ඤා- perception of abandoning) 9) විරාග සංඥාව (විරාගසඤ‍්ඤා- perception of dispassion) 10) නිරෝධ සංඥාව (නිරෝධසඤ‍්ඤා - perception of cessation). මූලාශ්‍ර: අංගු.නි:(6):10 නිපාත: 10.2.1.6 ප්‍රථම සංඥා සූත්‍රය, පි. 216, EAN: 10: 56.6 Perceptions-1, p. 515

** දෙවන දසසංඥාවන්: 1) අනිත්‍ය සංඥාව 2) අනාත්ම සංඥාව 3) මරණ සංඥාව 4) ආහරයෙහි ප්‍රතිකූල සංඥාව 5) සියලු ලෝකය කෙරෙහි ඇල්ම නැති සංඥාව 6) ඇටසැකිල්ල ගැන ඇති සංඥාව (අසතික- අටඨික සඤඤා) 7) පණුවන් ගැසුන මළ මිණියක් පිලිබඳ සංඥාව 8) නිල්ව ගිය මළ මිණියක් පිලිබඳ සංඥාව 9) දැදුරුව ගිය මළ මිණියක් පිලිබඳ සංඥාව.10) ඉදිමුණමළ මිණියක් පිලිබඳ සංඥාව. සටහන: 6-10 දක්වාවූ සංඥා භාවනා පිළිබඳව විසුද්ධිමාර්ගය පොතේ 6 පරිච්ඡේදයේ විස්තරාත්මකව දක්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6 ):10 නිපාතය: 10.2.1.7 දුතියසංඥා සූත්‍රය,පි.218, EAN:10: 56.7 Perceptions-2, p. 515

** තෙවන දසසංඥාවන්: අනිච්චසංඥාව, අනාත්මසංඥාව, අශුභසංඥාව, ආදීනවසංඥාව, ප්‍රහාණසංඥාව, විරාගසංඥාව, නිරෝධසංඥාව, සබ්බලෝකේ අනභිරතිසංඥාව, සබ්බසංඛාරයෙහි අනිච්ච සංඥාව හා ආනාපාන සතිය. සටහන: ගිරිමානන්ද තෙරුන්හට ඇතිවූ ආබාධයක් සුව පත් කිරීම පිණිස මේ සූත්‍ර දේශනාකර ඇත. මූලාශ්‍ර: අංගු.නි: ( 6 ): 10 නිපාත: 10.2.1.10 ගිරිමානන්ද සූත්‍රය, පි. 221, EAN: 10: 60.10. Girimānanda, p. 516.

▼කයේ ඇති අසුභ කොටස් 31-32 ගැන මෙනෙහිකිරීම, (අසුභ සංඥාව- perception of foulness ) මගින් ධර්මයේ අප්‍රමාදය ඇතිවේ, සුවපත් සිත් ඇතිව වාසය කලහැකිය, විමුක්ති මාර්ගයට පැමිණේ. බලන්න: භාවනා. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග:බොජ්ඣංග සංයුත්ත:නිරෝධවග්ග: 2.8.1 අසුභ සූත්‍රය, පි. 273, ESN: 46: Bojjhṅgasamyutta: VIII: 67.1 Foulness, p. 1819

▼කුසල හා අකුසල සංඥා- perception of wholesome & unwholesome: කුසල සංඥා 3 කි: නෙක්කම්ම සංඥා, අව්‍යාපාද සංඥා හා අවිහිංසා සංඥා.අකුසල සංඥා3 කි: කාම සංඥා, ව්‍යාපාද සංඥා හා වීහිංසා සංඥා. මූලාශ්‍ර: දිඝ.නි: (3 ): 10 සංගිති සූත්‍රය-ඡෙදය 10, පි. 378, EDN: 33 Sangīti Sutta: The Chanting Together-section 10 , p. 365.

▲සංඥාව කෙරෙහි නිබිද්දාව ඇතිකරගැනීම: ඒ සඳහා ඇති පිළිවෙත 6 ආකාරය:1) සංඥාව දත යුතුය- Perceptions should be understood: සංඥාව 6 සය ආකාරවේ: රූප සංඥා, ශබ්ද සංඥා,ගන්ධ සංඥා,රස සංඥා,ස්පර්ශ සංඥා, ධම්ම සංඥා.2) සංඥාවේ නිදාන සම්භවය (උත්පත්ති කරුණ) දත යුතුය (the source and origin of Perceptions should be understood) සංඥාවේ උත්පත්ති කරුණ, ස්පර්ශයය.3) සංඥාවේ විවිධත්වය (වෙමත්තතාව) දත යුතුය (the diversity of Perceptions be understood) රූප සංඥා එක් දෙයකි. එලෙස, ශබ්ද සංඥා,ගන්ධ සංඥා,රස සංඥා,ස්පර්ශ සංඥා, ධම්ම සංඥා එකිනෙකට වෙනස්ය. 4) සංඥාවේ විපාකය දත යුතුය (the result of Perceptions should be understood). සංඥාවේ විපාකය -ප්‍රතිඵලය නම් කතා ව්‍යවහාරයය. යම් ලෙසකින් හඳුනාගන්නේද, (මෙබඳු සංඥා ඇතිවසිටින්නේ ය) ඒ ඒ ලෙසින් ව්‍යවහාර කරති. (that perceptions result in expression. In whatever way one perceives something, in just that way one expresses oneself, [saying:] ‘I was percipient of such and such). 5) සංඥාවේ නිරෝධය දත යුතුය (the cessation of perceptions should be understood) ස්පර්ශයේ නිරෝධය, සංඥාවේ නිරෝධයය. 6) සංඥා නිරෝධගාමිණි ප්‍රතිපදාව දත යුතුය දත යුතුය (the way leading to the cessation of perceptions should be understood) එනම්, ආරියඅටමගය. මේ කරුණු 6 යහපත් ලෙසින් දන්නා ආරිය ශ්‍රාවකයා, නිබ්බෙදික බ්‍රහ්මචරියාවවු සංඥා නිරෝධය දන්නේය. මූලාශ්‍ර: අංගු.නි: (4) 6 නිපාත: 6.2.1.9 නිබ්බේධිකසූත්‍රය,පි.220,EAN:6: 63.9 Penetrative,p.355.

▲ සංඥාවේදිත නිරෝධ සමාපත්තිය: පාලි: සඤ‍්ඤාවෙදයිත නිරොධසමාපත‍්තියා-attainment of the cessation of perception and feeling: සංඥාවේදිත නිරෝධ සමාපත්තිය, සියලු සමාපත්ති අතරින් අග්‍රය. එම සමාපත්තියට සමවදින යෝගියාහට කිසිදු සංඥාවක් හෝ වේදනාවක් ඇති නොවේ, එලෙසින් දින 7 ක් සමාධිගතව සිටිය හැකිය. එම සමාපත්තිය, නිවන මේ ජීවිතයේදීම, විඳීමට ලැබෙන අත්දැකීමක් ලෙසින් සලකයි. මේ සමාපත්තියට සමවැදිමේ හැකියාව ඇත්තේ අනාගාමී උතුමන්ට හා රහතන්වහන්සේටය.

▼ සමථ හා විදර්ශනා භාවනා දියුණු කරගැනීම, සංඥාවේදිත නිරෝධ සමාපත්තිය වැඩිමට උපකාරවේ. එම සමාපත්තිය පිලිබඳ ලක්ෂණ: 1) එම සමාපත්තිය පිළිබඳව පළමුව සිත වඩා ගනී, ඒ අනුව සමාපත්තියට සම වැදේ. එම සමාපත්තියට සමවදින අවස්ථාවේ යෝගියාට මෙබඳු සිත් පහළ නොවේ: මම මේ සමාපත්තියට සමවදින්නෙමි හෝ මම මේ සමාපත්තියට සමවදිමි හෝ මම මේ සමාපත්තිය ලැබුවෙමි. (when a bhikkhu is attaining the cessation of perception and feeling, it does not occur to him: ‘I will attain the cessation of perception and feeling,’ or ‘I am attaining the cessation of perception and feeling,’ or ‘I have attained the cessation of perception and feeling’; but rather his mind has previously been developed in such a way that it leads him to such a state) 2) එම සමාපත්තියට සම වදින විට පළමුව වචී සංඛාරද, දෙවනුව කාය සංඛාරද, අවසානයේදී චිත්ත සංඛාරද නිරුද්ධවියයි. සටහන: 2 න ජාන සමාධියේදී වචී සංඛාර සන්සිඳේ , සිව්වන ජාන සමාධියේදී කාය සංඛාර සන්සිඳේ, සමාපත්තියට ඇතුළුවන අවස්ථාවේ චිත්ත සංඛාර සන්සිඳේ. බලන්න: ESN: Note: 301, p. 1563. 3) මෙම සමාපත්තියට සම වැදුන යෝගියා මළගිය කෙනෙක් සේ පෙනේ. කෙනෙක් මිය ගියවිට ඔහුගේ ආයු පිරිහී, කාය, වචී හා චිත්ත සංඛාර නිරුද්ධ වේ. එහෙත් සමාපත්තියට සමවැදුන යෝගියාගේ කාය, වචී හා චිත්ත සංඛාර නිරුද්ධවුවත් ඔහුගේ ආයුස පිරිහීනැත, ජිවිත උණුසුම ඇත, ඉඳුරන් ශාන්තය. 4) සමාධියෙන් නික්මෙන විට, මම මේ සමාපත්තියෙන් නැගිසිටිමි ආදී සිතුවිලි යෝගියාහට පහළ නොවේ. එයට හේතුව ඒ පිලිබඳ සිත පළමුව වඩා සිටි නිසාය. සටහන: අටුවාවට අනුව:සමාපත්තියට සම වැදීමට පෙර, ඒ පිළබඳ කාලය අදිට්ඨාන කරගනි. බලන්න: ESN: Note: 303 , p. 1563. 5) සමාපත්තියෙන් නැගී සිටින යෝගියාට, පළමුව චිත්ත සංඛාරද, දෙවනුව කාය සංඛාරද, අවසානයේදී වචී සංඛාරද ඇතිවේ. 6) සමාපත්තියෙන් නැගී සිටි යෝගියා, 3 න් ආකාර වූ ස්පර්ශ (ඵස්ස) විඳි: සුඤඤත ඵස්ස, අනිමිත්ත ඵස්ස, අප්පණිහිත ඵස්ස. ඔහුගේ සිත විවේකයට- නිවනට නැඹුරුවී තිබේ. බලන්න: විමොක්ක දොරටු තුන. මූලාශ්‍ර: සංයු.නි: (4 ): සළායතන වග්ග: චිත්තසංයුත්ත: 7.1.6 දුතිය කාමභු සූත්‍රය, පි. 562, ESN:41: Chitta samyutta: 6 Kāmabhū-2, p. 1440, ම.නි: (1): 1.5.4 චූලවෙදල්ල සූත්‍රය, පි. 722, EMN: 44 Cūḷavedalla Sutta-The Shorter Series of Questions and Answers, p. 379.

▼ භාවනාවේදී සංඥා හා වේදනා ඇතිවීම, සංඥාවේදිත නිරෝධ සමාපත්තිය ඇතිකරගැනීමට බාධාවකි. මූලාශ්‍ර:අංගු.නි: (6 ): 10 නිපාත: ආකන්ඛ වග්ග, 10.2.3.2 කණ්ටක සූත්‍රය, පි.268. EAN: 10: 71.2. Thorns, p. 521.

▼බුදුන් වහන්සේ සංඥාවේදිත නිරෝධසමාපත්තිය ලබාගැනීම මෙහි දක්වා ඇත. මූලාශ්‍රය: අංගු.නි: (5) 9 නිපාත: 9.1.4.10 තපුස්ස ගහපති සූත්‍රය, පි.534.

▲සංඥාප්ති බහුල පුද්ගලයා- Sannaptibahula puggala: සංඥාප්ති බහුල පුද්ගලයා ලෙසින් මෙහිදී පෙන්වා ඇත්තේ, ධර්ම පරියාපත්තිය ශ්‍රවණය කර, ඒ ධර්මය අන්අයට දේශනාකරන, එහෙත් සමාධිය වඩා නොගන්නා පුද්ගලයාය. ඔහු ධම්ම විහාරි නොවේ. බලන්න: ධම්ම විහාරි. මූලාශ්‍ර: අංගු.නි: (3): 5 නිපාත: අනාගතභය වග්ග: 5.2.3.3 හා 5.2.3.4 සූත්‍ර, පි.160.

සත

▲සත්‍වයා-Being: සාමාන්‍ය ලෝකයා සත්‍වයා ලෙසින් සලකන්නේ තම තමන්ගේ පංචඋපාදානස්කන්ධයය. ධර්මයේ පෙන්වා ඇත්තේ සත්‍වයා යන්න ලෝක ව්‍යවහාරයක් පමණක් බවය. නාම රූප ක්‍රියාවලිය හැර හුදෙක් සත්‍වයෙක් නොමැත. වජිරා තෙරණිය මෙසේ දක්වා ඇත:

“...ස්කන්ධඑකතුවූවිට, සත්‍වයා යයි ලෝකයා ව්‍යවහාර කරති. මෙහි ඇත්තේ දුක ඇතිවීම හා දුක ඇතිවී නැතිවීයාමය.වෙනත්දෙයක් මෙහි නොමැත,ඇත්තේ දුක ඇතිවීමය, දුක නැතිවීයාම පමණි”.බලන්න: උපග්‍රන්ථය:2.මූලාශ්‍රය: සංයු.නි: (1): සගාථවග්ග: භික්ඛුණිසංයුත්ත:5.1.10 වජිරා සූත්‍රය, පි.272.

▼උපදින සියලු සත්‍වයන් අතරින් මිනිසත් බව ලබන සත්‍වයෝ අල්පය, වෙනත් ලෙසින් - දුගතියේ උපදින සත්‍වයෝ බහුල බව මෙහි පෙන්වා ඇත. මූලාශ්‍රය: අංගු.නි: (1): 1 නිපාත: 1.16.4.2 සූත්‍රය, පි.110.

▼තණ්හාව, සත්‍ව්යන්ගේ උපත ඇතිකරයි, ඔවුන්ගේ සිත් සෑම තැනටම දිවයයි, සසරට පැමිණි ඔවුන්ට, දුක නිසා මහා බිය ඇතිවේ, යහපත් කම්ම ඔවුන්ට පිහිටවේ. මූලාශ්‍රය: සංයු.නි: සගාථවග්ග: දේවතාසංයුත්ත: ජනෙති සූත්‍ර 3කි, පි.94.

▲ සත්ත්‍වයන් පහළවන ස්ථාන- abodes of beings: මෙහිදී පෙන්වා ඇත්තේ මරණින් මතු, කම්මවිපාක අනුව සත්‍ව්යන් උපත ලබන ස්ථානා පිලිබඳවය. ධර්මයට අනුව සත්‍ව්යෝ පහළවන භව 3කි. ඒ භවයන්හි, ඇති විවිධ ස්ථාන- ලෝකයන්හි යළි උපත ඇතිවේ. සටහන: * දීඝ.නි. ඉංග්‍රීසි පරිවර්තනය (EDN) සම්පාදනය කළ මොරිස් වොල්සි- Maurice Walshe, පොත හැඳින්වීමේදී දක්වා ඇති “ලෝකවිස්තරය”ට (cosmology) අනුව යළිඋපත ලබන ස්ථාන ගැන සරල පරිවර්තනයක්:

“බුදුදහමේ, මරණින්පසු පහළවන ලෝක පිළිබඳව විස්තර සඳහන්වේ. ඒවා සදාකාලික දේවලෝක හෝ නිරයන් නොවේ, එහෙත් ඒවායේ ගතකිරීමට ඇති කාලසීමාව ඉතා දිගය, සැමදෙයක්ම නිරන්තරයෙන්ම වෙනස්වේ: ලෝක හා ලෝක ධාතු ඇතිවී නැතිවේ, සත්ත්‍වයෝ කර්ම ශක්තියට අනුව ඉපදී, මැරී යලි ඉපදේ...එම බියකරු තත්වයෙන් මිදිමට හැකිවෙන්නේ, ධර්මය අවබෝධ කර විමුක්තිය ලැබීමෙන්ය. එතෙක්, සත්ත්‍වයෝ සසර දිගින් දිගට ගමන් කරති... සසර පැවැත්ම ඇත්තේ තුන්ලෝකයෙන් ඒකකය: 1) කාම ලෝකය (World of Sense-Desires) හෝ 2) රූප ලෝකය (fine-material world) හෝ 3) අරූප ලෝකය (Formless or immaterial world). මේ තුන්ලෝකයෙන් එකක යළි උපත සකස්වේ. ඉන් ඔබ්බට ඇත්තේ එහා ඉවුර ලෙසින් හඳුන්වන ලෝකෝත්තර නිවනය, එය විස්තරකර නොහැකිය, සිය අත්දැකිමන් විඳිය යුතුවේ”.

▼ සත්ත්‍වයන් ඇතිවෙන භව තුන: කාමභව, රූප භව හා අරූප භව (kāma-bhavo, rūpa-bhavo, arūpa-bhavo). මූලාශ්‍ර: දිඝ.නි: (3): 10 සංගිති සුත්‍රය- ඡෙදය 10 , පි. 380 , EDN: 33 Sangīti Sutta: The Chanting Together-section 10 , p. 366.

▲සත්ත්‍වයෝ යළි උපත ලබනා තැන් 31 කි:කාම ලෝක: ස්ථාන 11 කි: පහළම ස්ථාන 4 කි-සතර අපාය: 1-4 දුගතිය (states of woe): 1 නිරය 2 අසුරලෝකය 3 ප්‍රේත ලෝකය 4 තිරිසන් යෝනිය 5 මිනිස් ලෝකය. 6-11: කාමාවචර දේවලෝක 6: 6 චාතුර්මහාරාජිකය 7 තව්තිසාව 8 යාමය 9 තුසිතය 10 නිර්මාණරතිය 11 පරනිර්මිත වසර්තිය. බලන්න: දේවලෝක. රූප බ්‍රහ්ම ලෝක16කි: 12-27: 12 බ්‍රහ්ම පරිසජ්ජා 13 බ්‍රහ්ම පුරෝහිත 14 මහා බ්‍රහ්ම 15 පරිතතඅභා 16 අපපමානභා 17 ආභස්සර 18 පරිතතසුභා 19 අපපමාන සුභා 20 සුභකිනනා 21 වෙහපඵලා 22 අසංඥසතතා 23 අවිහා 24 අතප්පා 25 සුදස්සා 26 සුදස්සි 27 අකනිට්ඨා අරූප බ්‍රහ්ම ලෝක 4 කි:28-31: 28 ආකාසානඤචායතනය 29 විඤඤානඤචායතනය 30 ආකිඤචඤඤායතනය 31 නෙවසඤඤානාසඤඤායතනය සටහන: විස්තර පිණිස බලන්න: දේවලෝක, බ්‍රහ්ම ලෝක, දුගතිය, සතර අපාය. මූලාශ්‍රය: EDN: Introduction- Cosmology, p. 30.

▲ සත්‍ව්වාවාස- abodes of beingsමෙහිදී, බුදුන් වහන්සේ සත්‍ව්යන් වාසය කරණ ස්ථාන 9 ක් පෙන්වා ඇත: 1) නානාත්‍ව්කාය නානාත්‍ව්සංඥා ඇති ස්ථාන 2) නානාත්‍ව්කාය ඒකත්‍ව්සංඥා ඇති ස්ථාන. 3) ඒකත්‍ව්කාය නානාත්‍ව්සංඥා ඇති ස්ථාන 4) ඒකත්‍ව්කාය ඒකත්‍ව්සංඥා ඇති ස්ථාන. 5) ප්‍රතිසංවේදනා රහිත අසංඥසත්‍ව්ස්ථාන 6) ආකාසානඤ්චායතනය. 7) විඥානන්ත්‍යායතනය. 8) ආකිඤ්චඤ්චඤායතනය. 9) නෙවසඤ්ඤා නාවසඤ්ඤායතනය. මේවා නවසත්‍ව්වාස යන්ය. මූලාශ්‍ර:අංගු.නි:(5):9 නිපාත:9.1.3.4 සත්තාවාස සූත්‍රය, පි. 470, EAN: 9: 24.4. Beings, p.470.

▲ සත්‍ව්යන්ගේ කාම උත්පත්ති හා සුඛ උත්පත්ති- Kama & Sukha uthpathti: කාමයට ඇලුන සත්ත්‍වයන් උපතලබන ස්ථාන කාම උත්පත්තිවේ. ජාන සමාපත්ති ලබා ඒ සුවයට ඇලුන සත්ත්‍වයන් උපතලබන ස්ථාන සුඛ උත්පත්තිවේ. කාම උත්පත්ති 3 කි: 1) නිබඳව කාමවස්තු වලට ඇලි සිටින සත්‍ව්යන් වසන තැන්: මිනිස්ලෝකය, සතර දිව්‍ය ලෝක (චාතුර්මහාරාජිකය, තව්තිසාව, යාමය,තුසිතය) හා නිරයේ හැර අන්‍ය දුගතිස්ථාන. 2) තමන් විසින් මවාගත් කාමවස්තුන් පිළිබඳව සතුටුවන දෙවියන් සිටින නිර්මාණරතිය. 3) අනුන් විසින් මවාගත් කාමවස්තුන් පිළිබඳව සතුටුවන දෙවියන් වසන පරනිර්මිත වසවර්තිය. සුඛ උත්පත්ති 3 කි: 1) පළමු ජානය ලැබූ බ්‍රහ්මකායික දෙවියන් සිටින රූප බ්‍රහ්ම ලෝකය. 2) දෙවැනි ජානය ලැබූ දෙවියන් වසන ආභස්වර දෙවලෝකය. 3) තෙවැනි වැනි ජානය ලැබූ දෙවියන් වසන සුභකින්න දෙවලෝකය. මූලාශ්‍ර:දිඝ.නි:(3):10 සංගිති සූත්‍රය,පි. 382,EDN: 33 Sangīti Sutta,p. 367.

▲ සත්ත්‍වයන්ගේ විවිධත්වය - Diversity of beings: සත්ත්‍වයන්ගේ විවිධත්වය පිළිබඳව බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන්ම සැසඳේ: ලාමක අදහස් ඇති අය ලාමක අදහස් ඇති අය හා එකතුවේ, කලණ අදහස් ඇති අය, කලණ අදහස් ඇති අය හා එකතුවේ. අතීත කාලයේහිද සත්ත්‍වයෝ අදහස් වශයෙන්ම සැසඳී එක්වුහ, අනාගත කාලයේහිද සත්ත්‍වයෝ අදහස් වශයෙන්ම සැසඳී එකතු වේ, වර්තමානයේදිද සත්ත්‍වයෝ අදහස් වශයෙන්ම සැසඳී එක්වි සිටි”

“ ශ්‍රද්ධාව නැති අය, ශ්‍රද්ධාව නැති අය සමග, ශ්‍රද්ධාව ඇතිඅය, ශ්‍රද්ධාව ඇති අය සමග එකතුවේ. එසේම: ලැජජ්ජා නැති අය... ලැජජ්ජා ඇති අය, පවට බියනැති අය... පවට බිය ඇති අය... එලෙස අවගුණ ඇති අය අවගුණ ඇති අය සමග ද, ගුණවත් අය, ගුණවත් අය සමගද එක්වේ. එලෙස, අවගුණ ඇතිව හැසිරෙන අය ඇසුර නිසා අයහපත් කර්ම ඇතිකරගනී, ගුණවත් අය එක්වී යහපත් කර්ම රැස්කර ගනී. මූලාශ්‍ර: සංයු.නි: ( 2): නිදානවග්ග: ධාතුසංයුත්ත: 2.2.5 චංකම සූත්‍රය, පි. 264 හා 3 කම්මපථවග්ග සූත්‍ර, පි. 280, ESN:14: Dhatusamyutta: 15.5 Walking back and forth, p. 755 & III Courses of Kasmma, p. 764.

▲සත්‍වඝාතනය-Destruction of Life: සත්‍වඝාතනය, යනු මනුෂ්‍ය, තිරිසන්සතුන් ආදී ප්‍රාණීන් ගේ ජීවිතය, චේතනා සහගතව නැතිකිරිමය. දස අකුසලයකි, අයහපත් කම්ම විපාක ඇතිකරයි.බලන්න: ප්‍රාණඝාතය.

▲ සතර අග්‍ර - Four foremost: සතර අග්‍ර ලෙසින් පෙන්වා ඇත්තේ අග්‍ර ධර්මතාවන්ය. එවැනි,කාණ්ඩ 2 ක් බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) අග්‍ර ශිලය, අග්‍ර සමාධිය, අග්‍ර ප්‍රඥාව හා අග්‍ර විමුක්තිය. 2) අග්‍රරූපය, අග්‍ර වේදනාව, අග්‍ර සංඥාව හා අග්‍රභවය. මූලාශ්‍ර:අංගු.නි: (2 ): 4 නිපාත: 4.2.3.4 පඨම අග්‍ර හා 4.2.3.5 දුතිය අග්‍ර සූත්‍ර, පි. 170, EAN: 4: 74.4 & 75.5 Foremost suttas, p. 178.

▲සතර අග්‍රප්‍රසාද-foremost kinds of confidence: සතර අග්‍ර ප්‍රසාද නම් ධර්මය පිලිබඳව කෙනක් තුල විශ්වාසය ඇතිකරන කරුණු 4 ක්ය. 1) බුදුන් වහන්සේ පිළිබඳව 2) ආරියඅටමග ගැන 3) විරාගය නම්වූ නිවන ගැන 4) ශ්‍රාවක සංඝයා ගැන. මූලාශ්‍ර: අංගු.නි: (2 ): 4 නිපාත:4.1.4.4. අග්ගපාසාද සූත්‍රය, පි.92, EAN:4: 34.4 Confidence, p.161.

▲ සතර අන්ත- Four ends: බුදුන් වහන්සේ අන්ත (කොටස් -ends) ධර්මතා 4ක් පෙන්වා ඇත: 1) සක්කාය අන්තය:පංච උපාදාන ස්කන්ධයය. 2) සක්කාය සමුදය අන්තය- යළි උපත ඇතිකරන තණ්හාවය (කාම, භව හා විභව). 3) සක්කාය නිරෝධ අන්තය-තණ්හාව සහමුලින්ම නැතිවීම 4) සක්කාය නිරෝධගාමිණී පටිපදා අන්තය-ආරියඅටමග වැඩිම. සටහන: අටුවාවට අනුව, මෙහිදී පෙන්වා ඇත්තේ, චතු සත්‍ය මගින් පංච උපාදානස්කන්ධය දැක්වීමය. බලන්න: ESN: note: 217, p. 1198. මූලාශ්‍ර: සංයු.නි: ( 3): ඛන්ධසංයුත්ත: අන්තවග්ග: 1.3.1.1. අන්ත සූත්‍රය, පි. 300, ESN:22: Khandasamyutta: 103-1 Portions, p. 1096.

▲ සතර අපාය-four lower hells: සතර අපාය: නිරය, තිරිසන් අපාය, ප්‍රේත යෝනිය, අසුරනිකායය. මේවා අකුසල කර්ම විපාක විඳීම පිණිස සත්‍ව්යෝ යළිඋපත ලබන දුගති ස්ථානයන්ය. බලන්න: සුගතිය හා දුගතිය, නිරය, තිරිසන් ලෝකය, ප්‍රේතලෝකය, අසුර.

▼ තුන්දොරින් පාප ක්‍රියා කරන, ආරිය උතුමන්ට නිගරු කරණ, මිථ්‍යා දිට්ඨිය ඇති මිනිසුන් සතර අපායේ යළි උපත ලබයි. මූලාශ්‍ර: ම.නි :(3): 3.3.10, දේවදුත සූත්‍රය, පි. 400, EMN:130: The Divine Messengers, p.941.

▼ ආර්යඋපවාද කම්ම නිරයේ උපතට හේතුවේ. බලන්න: ආර්යඋපවාද,

▲ සතර අපරිහානිය ධර්ම - Four Non-decline Dhamma: සතර අපරිහානිය ධර්ම යනු, මාර්ගයේ පරිහාණිය වලක්වන කරුණුය. 1) ශිලසම්පන්න බව 2) ඉන්ද්‍රිය සංවරය 3) භෝජනයෙහි පමණ දැනීම 4) නිදිවැරීමේ යෙදීම. බලන්න: අපරිහානිය ධර්ම.

▲ සතර අහිරාජකුල නාගයෝ- Sathara Abhirajakula Naga: විරූපක්ඛ, එරාපථ, ඡබ්‍යාපුත්ත, කණහාගොතමක යන විෂ සහිත නාගයන් කුලවර්ග 4 ගැන මෙහි විස්තර කර ඇත. මූලාශ්‍රය: අංගු.නි: (2): 4 නිපාත: 4.2.2.7 අහි මෙත්ත සූත්‍රය, පි.156.

▲ සතර අයහපත් ගුණ- Four bad qualities: 1.සිල්වත්නොවීම 2.මිථ්‍යා දිට්ඨිය තිබීම 3. මිථ්‍යා ආජීවය තිබීම 4. ලාභසත්කාර ආදිය ලැබීමට ඇති කැමැත්ත සංඝයාට ඇති අයහපත් ගුණයන්ය.: මූලාශ්‍රය: අංගු:නි: (2) : 4 නිපාත: ආපත්තිභයවග්ග: 4.5.5.1 පාපභික්ෂූ සූත්‍රය. පි.484.

▲ සතර ආර්ය සත්‍ය- The Four Noble Truths: දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධගාමිණි පටිපදා සත්‍ය. බලන්න: චතුරාර්යසත්‍ය, චතුසත්‍ය.

▲ සතර අසඬෙඛය්‍ය- Sathara Asankheiya: කල්පයක් තුල අසඬෙඛය්‍ය 4 ක්ඇත. බලන්න: කල්පය, කප. මූලාශ්‍ර: අංගු.නි: ( 2): 4 නිපාත: 4.4.1.6 අසඬෙඛය්‍ය සූත්‍රය, පි. 298, EAN: 4: 156.6 Eon, p. 199.

▲ සතර ආහාර: පාලි: චත‍්තාරො ආහාරා-Four nutriments: සතර ආහාර - සිව් පෝෂණය, මිනිසාගේ පැවැත්මට අවශ්‍ය කරුණුය : 1) භෞතික ආහාර 2) ස්පර්ශ ආහාර 3) මනෝසංචේතනා ආහාර 4) විඥානආහාර. බලන්න: ආහාර.

▼ සතර ආහාර, ආධ්‍යාත්මික වර්ධනය පිණිස පිරිසිඳව අවබෝධ කර ගත යුතු ධර්මතාය. බලන්න: පරිඥෙය්‍ය ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි: (3): 11දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼ සතර ආහාර, උපන් සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිස හා උපදින්නාවූ සත්ත්‍වයන්ට අනුග්‍රහ පිණිසවේ. සතර ආහාර තණ්හාව නිදාන කොට, තණ්හාව හේතුකොට, තණ්හාව ජාති කොට ඇත්තෝය. මූලාශ්‍ර: සංයු.නි: (2 ): නිදානවග්ග: 2 ආහරවග්ග: 1.2.1 ආහාර සූත්‍රය, පි. 41, ESN: 12 Nidanasamyutta: 11.1 Nutriment, p. 623.

▲ සතර ආශ්චර්ය අද්භූතධර්මතා - The four astounding and amazing things: තථාගතයන් පහළවීම නිසා ඇතිවූ පුදුම, අසිරිමත් ධර්මතා 4කි.බලන්න: තථාගත.

▲ සතර ඉද්දිපාද: පාලි: චත‍්තාරො ඉද‍්ධිපාදා -Four bases of spiritual power-Iddhipādā: සතර ඉද්දිපාද, බෝධිපාක්ෂික ධර්මතාවකි. ආධ්‍යාත්මික මාර්ගය වඩා ගැනීමට උපකාරවන ඉද්දිපාද 4 කි: 1) චන්ද සමාධි ඉද්දිපාදය-ප්‍රධාන විරිය සහිත, 2) විරියසමාධි ඉද්දිපාදය- ප්‍රධාන විරිය සහිත 3) චිත්තසමාධිඉද්දිපාදය - ප්‍රධාන විරිය සහිත, 4 )වීමංසා සමාධි ඉද්දිපාදය- ප්‍රධාන විරිය සහිත (desire -chanda, energy-viriya, mind -citta and investigation vīmaṃsā). සටහන්: * අටුවාවට අනුව: ධර්මයේ ඉද්දිපාද ක්‍රියා කරන ආකාර 2 කි: ඉද්ධි ප්‍රාතිහාර්ය ලැබීම - අධිප්‍රමාණ බල ලැබීම පිණිස හා විමුක්තිය ලබා ගැනීම පිණිස. මේ විධි 2 ක අරහත්වය පිණිස වේ. බලන්න: ESN: note: 246, p. 2417 ** ඉද්දිපාද පිලිබඳ විස්තර පිණිස බලන්න: සංයු.නි: (5-2): මහාවග්ග: ඉද්දිපාද සංයුත්තය. ශබ්දකෝෂ: පාසිශ: පි.153: “ඉද‍්ධිපාදා: ඍධිපාදක ධර්මයන්, සතර ඍධිපාද: ඍධියට මුල්වන ධර්ම’. B.D: p. 126: “iddhi: “power”, magical power”; iddhi-pāda: roads to power or success”.

P.T. S: p.293: “the four bases of Iddhi, the Iddhipādā. They are the making determination in respect of concentration on purpose, on will, on thoughts & on investigation”.

▼ ඉද්දිපාද සසරින් එතරවීම පිණිසය: සතර ඉද්දිපාද කෙනෙක් වඩන ලද්දේනම්, බහුල කර ඇත්නම්, මෙතෙරින් එතෙරට යාම පිණිස (සසරින් නිවනට) පවතී:

“චත‍්තාරො මෙ භික‍්ඛවෙ, ඉද‍්ධිපාදා භාවිතා බහුලීකතා අපරා පාරං ගමනාය සංවත‍්තතන‍්ති”: මූලාශ්‍ර: සංයු.නි: (5-2 ): මහාවග්ග: ඉද්දිපාද සංයුතත: 7.1.1. අපාර සූත්‍රය, පි. 26, ESN: 51: Iddhipāda-samyutta:1.1 From the Near Shore, p.2057.

▼ සතර ඉද්දිපාද මැනවින් පුහුණුකර,වර්ධනය කරගත්විට තමන්ට කැමති කාලයක් දීර්ඝ ආයුෂ (කල්පයක් හෝ ඊට වැඩි කලක් ) විඳිය හැකිබව බුදුන් වහන්සේ වදාළහ:

“...ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ඡන්‍දසමාධි...වීරියසමාධි... චිත‍්තසමාධි... වීමංසාසමාධි පධානසඬඛාර සමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. සො ඉමෙසං චතුන‍්නං ඉද‍්ධිපාදානං භාවිතත‍්තා බහුලීකතත‍්තා ආකඬඛමානො කප‍්පං වා තිට‍්ඨෙය්‍ය කප‍්පාවසෙසං වා. ඉදං ඛො භික‍්ඛවෙ භික‍්ඛුනො ආයුස‍්මිං”. මූලාශ්‍ර: දීඝ.නි:(3):චක්‍රවර්ති සිංහනාද සූත්‍රය,ඡෙදය-26,පි.11,EDN:26 Cakkavatti Sῑhanāda Sutta, p.300.

▼ ඉද්දිපාද වර්ධනය දුක නැතිකර ගැනීම පිණිසය: කෙනෙක් සතර ඉද්දි පාද දියණු කිරීම අත්හැර දැම්මේ නම්, ඔහු දුක නැති කරන ආරිය මග අත් හැර ඇත. සතර ඉද්දීපාද මනාව දියුණු කරගැනීම ආරම්භ කල විට, ඔහු දුක නැතිකරන ආරිය මගට බැසගත් කෙනෙක් වේ:

“යෙසං කෙසඤ‍්චි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො ඉද‍්ධිපාදා විරද‍්ධා, විරද‍්ධො තෙසං අරියො මග‍්ගො සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමී. යෙසං කෙසඤ‍්චි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො ඉද‍්ධිපාදා ආරද‍්ධා, ආරද‍්ධො තෙසං අරියො මග‍්ගො සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමීති” මූලාශ්‍ර:සංයු.නි: (5-2 ) : ඉද්දිපාද සංයුත්ත: 7.1.2 විරද්ධ සූත්‍රය, පි. 26 හා 7.1.3 අරිය සූත්‍රය, පි. 28, ESN: 51: Iddhipādasamyutta: 2.2 Neglected & 3.3 Noble, p. 2058-9.

▼ සතර ඉද්දිපාද මනාව වඩා ගැනීමෙන්, විපුල කරගනිමෙන්, ඒකාන්තයෙන්ම සසරට කලකිරීම ඇතිවේ (නිබිද්දාව). එමගින්, විරාගය, නිරෝධය, උපසමය (ශාන්තිය), අභිඥාණය , සම්බෝධිය හා නිවන සාක්ෂාත් වේ:

“චත‍්තාරො’ මෙ භික‍්ඛවෙ, ඉද‍්ධිපාදා භාවිතා බහුලීකතා එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤඤාය සම‍්බොධාය නිබ‍්බානය සංවත‍්තතනති”. (Bhikkhus, these four bases for spiritual power, when developed and cultivated, lead to utter revulsion,to dispassion, to cessation, to peace, to direct knowledge, to enlightenment, to Nibbāna). මූලාශ්‍ර: සංයු.නි: (5-2) : ඉද්දිපාද සංයුත්ත: 7.1.4 නිබ්බිදා සූත්‍රය, පි. 28,ESN: 51: Iddhipādasamyutta: 4.4 Revulsion, p. 2060.

▼ සතර ඉද්දිපාද පුහුණුකර, ප්‍රබල ලෙසින් වර්ධනය කළ නිසා තමන් මහත් ඍද්ධි අනුභාවයන් ලැබූ බව සනංකුමාර බ්‍රහ්මරාජයා පවසා ඇත. ඉද්දිපාද වර්ධනය පිලිබඳව මේ සූත්‍රයේ විස්තර කරතිබේ. මූලාශ්‍ර:දීඝ.නි: (2): 5. ජනවසභ සූත්‍රය, පි,322, EDN: 18 Janavasabha Sutta (17), p. 209.

▼ උද්ධම්භාගිය සංයෝජන පහකිරීම පිණිස සතර ඉද්දිපාදයන් මනාව වැඩිය යුතුයයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍ර: සං.නි: (5-2) : ඉද්දිපාදසංයුත්ත: උද්ධම් භාගිය සූත්‍රය පි. 84, ESN: Iddipada samyuththa, 51: 86 (10) Higher Fetters , p. 2108, අංගු.නි: (6) 10 නිපාත: 2 නාථ වග්ග, 10.1.2.3. සංයෝජන සූත්‍රය, පි.60, EAN: 10: II Protector, 13.3. Fetters, p. 496.

▼සතර ඉද්දිපාද නිවන් මගය- අසංඛත මගය: මූලාශ්‍ර: සංයු.නි: (4 ): සලායතනවග්ග: අසංඛතසංයුත්ත: ඉද්දිපාද සූත්‍රය, පි.662, ESN: 43: Asankatasamyutta: p. 7.7 Bases for Spiritual power, p.1501.

▼ වෙනත් මුලාශ්‍ර: 1. “The Requisites of Enlightenment by Ledi Sayadaw”: BPS: Wheel: 169-172 .

▲ සතර ඉරියව්ව- Four postures: සතර ඉරියව්ව: කය හසුරුවන මූලික ක්‍රමයන්ය-හිඳිම, සිටීම, ඇවිදීම හා ඇලවීසිටීම. මේ ඉරියව් පැවත්වීම පිලිබඳ සිහිය පිහිටුවා ගැනීම කායානුපස්සනාව භාවනාවේ එක්ක්‍රම විධියකි. බලන්න: භාවනා, සතර සතිපට්ඨානය.

▲ සතර කොට්ඨාශ: පාලි: චත‍්තාරො අන‍්තා- the four portions බලන්න: සතර අන්ත.

▲ සතර ඥානයෝ: පාලි: චත‍්තාරි ඤාණානි- Four knowledges සතර ඥාණයෝ, ආධ්‍යාත්මික වර්ධනය පිණිස උපදවා ගතයුතු ධර්මතාය: 1) ධර්මයෙහි ඥානය ( ධම‍්මෙ ඤාණං) : සතර මග සතර ඵල වේ (සෝතාපන්න සිට අරහත්බව දක්වා ඇති මගඵල) 2) අන්වයේහි ඥානය (අනවයෙ ඤාණං): අනුමාන ඥානය ලෙසින් ද හඳුන්වයි. චතුසත්‍ය අවබෝධ කරගෙන, දැන් මෙන්ම අතීතයේදීද මෙසේ දුක ආදිය පැවති යයි අවබෝධ කිරීම. 3) පර්යයයෙහි ඥානය (පරියෙ ඤාණං): අනුන්ගේ සිත් පිරිසිඳ දැනගැනීමේ නුවණ. 4) සම්මුතියෙහි ඥානය (සම‍්මුතියා ඤාණං) : 1-3 දක්වා ඇති ඥාන හැර ඉතිරි සියලු දේ පිලිබඳ ඇති නුවණ. බලන්න: උත්පාදයිතව්‍ය ධර්මතා. මූලාශ්‍ර: දීඝ.නි: (3):11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲සතර දීප-The four continents: ලෝකයේ අක්ෂය ලෙසින් සලකන සිනේරු කන්දට: දකුණින් පිහිටි ජම්බුද්වීපය, බටහිරින් පිහිටි අපරගොයානය,උතුරින් පිහිටි උත්තර කුරුදේශය හා නැගෙනහිරින් පිහිටි පුබ්බාවිදේහය සතර දීපයන්ය, සක්විති රජුගේ බල ප්‍රදේශයන්ය. බලන්න: සක්විතිරජ.

▲ සතර ධර්ම: පාලි: චත‍්තාරො ධම‍්මා- Four Dhammas: සතර ධර්මය -සිව්දහම: සෝතාපන්නබවට වැඩිය යුතු ධර්මතාය: 1) සත්පුරුෂ සේවනය 2) සද්ධර්ම ශ්‍රවණය 3) යෝනිසෝමනසිකාරය 4) ධර්මානුධර්ම ප්‍රතිපදාව.

“...සප‍්පුරිසසංසෙවො, සද‍්ධම‍්මසවනං,යොනිසොමනසිකාරො, ධම‍්මානුධම‍්මප‍්පටිපත‍්ති”. ( Association with superior persons, hearing the true Dhamma, careful attention, practice in accordance with the Dhamma) බලන්න: සෝතාපන්න, සිව් දහම.

▼මේ සතර ධර්ම වඩා ගැනීමෙන්, විපුල කරගැනීමෙන් ඇතිවන යහපත් ප්‍රතිඵලවන්නේ විවිධ ප්‍රඥා ඇතිවිමය:

“…චත‍්තාරො මෙ භික‍්ඛවෙ ධම‍්මා, භාවිතා බහුලීකතා: සොතාපත‍්තිඵල සච‍්ඡිකිරියාය සංවත‍්තතනති... සකදාගාමිඵල සච‍්ඡිකිරියාය... අනාගාමිඵල සච‍්ඡිකිරියාය... අරහත‍්තඵල සච‍්ඡිකිරියාය... පඤ‍්ඤාපටිලාභාය... පඤ‍්ඤා වූඩ‍්ඩියා... පඤ‍්ඤාවෙපුල‍්ලාය... මහාපඤ‍්ඤතාය... පුථුපඤ‍්ඤතාය... විපුල පඤ‍්ඤතාය... ගම‍්භීරපඤ‍්ඤතාය... අසාමන‍්තපඤ‍්ඤතාය... භූරිපඤ‍්ඤතාය ... පඤ‍්ඤාබාහුල‍්ලාය... සීඝපඤ‍්ඤතාය...ලහුපඤ‍්ඤතාය… හාසු පඤ‍්ඤතාය ... ජවනපඤ‍්ඤතාය... තික‍්ඛපඤ‍්ඤාතාය... නිබ‍්බෙධික පඤ‍්ඤාතාය...”. අනුසස්: 1) සෝතාපන්න මගඵල - fruit of stream-entry 2) සකදාගාමි මගඵල - fruit of once returning 3) අනාගාමි මගඵල - fruit of non-returning 4) අරහත් මගඵල - fruit of arahantship 5) ප්‍රඥාව ලැබීම පිණිස (Obtaining of Wisdom 6) ප්‍රඥාව වැඩීම පිණිස (Growth of Wisdom) 7) ප්‍රඥාවේ විස්තාරණය පිණිස (Expansion of Wisdom) 8) මහා ප්‍රඥාව පිණිස- greatness of wisdom 9) පුථු ප්‍රඥාව පිණිස- ලොව්තුරු ප්‍රඥාව- extensiveness of wisdom 10) විපුල ප්‍රඥාව පිණිස - vastness of wisdom 11) ගම්භීර ප්‍රඥාව පිණිස -ගැඹුරු ප්‍රඥාව- depth of wisdom 12) අසමන්ත ප්‍රඥාව පිණිස- සමකලනොහැකි ප්‍රඥාව- state of unequalled wisdom 13) භූරිප්‍රඥාව පිණිස- බොහෝ ප්‍රඥාව-පුළුල් ප්‍රඥාව- breadth of wisdom 14) බහුල ප්‍රඥාව පිණිස- abundance of wisdom 15) සීඝ්‍ර ප්‍රඥාව පිණිස-වහා වැටහෙන ප්‍රඥාව-quickness of wisdom 16) ලහු ප්‍රඥාව පිණිස- යුහුව ඇතිවෙන ප්‍රඥාව-buoyancy of wisdom 17) හාසු ප්‍රඥාව පිණිස- හාසබහුල ප්‍රඥාව- joyousness of wisdom 18) ජවන ප්‍රඥාව පිණිස-දුවයන ප්‍රඥාව- swiftness of wisdom 19) තික ප්‍රඥාව- තියුණු ප්‍රඥාව-sharpness of wisdom 20) නිබ්බේධික ප්‍රඥාව පිණිස- කෙලෙස් ප්‍රහාණයට ඇති ප්‍රඥාව- penetrativeness of wisdom. සටහන: මෙහි දක්වා ඇති ප්‍රඥාවන් පිලිබඳ විස්තර පිණිස බලන්න: ඛු.නි:පටිසම්භිදා 3. ප්‍රඥාවග්ග: 3.1 ප්‍රඥා කථා, පි. 166. මූලාශ්‍ර: සංයු.නි: (5-2): සෝතාපන්න සංයුත්ත: සප්ත ප්‍රඥාවග්ග හා මහා ප්‍රඥා වග්ග : 11.6.5 සූත්‍ර- පි. 276, ESN: 55: Sotapatthisamyutta: VI The Wise One- Great Wisdom, 55.5 - p. 2253.

▲ සතර ධර්ම පද- 4 Dhamma Factors: සතර ධර්ම පද ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ: 1 ) අනභිජ්ජාව (Non-longing) 2) අව්‍යාපාදය (Good will) 3) සම්මා සතිය (Right mindfulness) 4) සම්මා සමාධිය (Right concentration). මේවා ආරියවංශ පෙළපතට අයත් උතුමන් සතු ගුණයන්ය. බලන්න: ආරියවංශය.

▲ සතර බ්‍රහ්ම විහාර- Four sublime states: මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ඛා යන උතුම් විහරණයන්ය.බලන්න: බ්‍රහ්මවිහාර.

▼අන්‍යආගමිකයන් වඩන සතර බ්‍රහ්ම විහාර හා බුදු සසුනේ වඩන සතර බ්‍රහ්ම විහාර අතර ඇති වෙනස දැනගැනීම පිණිස මෙසේ ප්‍රශ්න කළ යුතුය යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත:

“කෙසේ වඩන ලද මෙත්තා...කරුණා...මුදිතා...උපක්ඛා චේතෝ විමුත්ති, කිනම් ගති ඇත්ද? කුමක් උතුම් කොට ඇත්ද? කිනම අනුසස් ඇත්ද? කුමක් කෙළවර කොට ඇත්ද?”

1) සතර බ්‍රහ්ම විහාර වැඩිය යුතු අන්දම: විවේකය, විරාගය, නිරෝධය ඇසුරුකොට, වොසග්ගපරිනාමිව, සප්ත බොජ්ඣංග වැඩිය යුතුය. 2) එසේ වඩන විට මෙබඳු හැකියාව ඇතිවේ: 1. යම්කිසි ප්‍රිය දෙයක් කෙරෙහි, ප්‍රිය නොවන අරමුණු ඇතිව සිටීමට, 2. යම්කිසි අප්‍රිය දෙයක් කෙරෙහි, ප්‍රිය අරමුණු ඇතිව සිටීමට, 3. ප්‍රිය හෝ අප්‍රිය අරමුණුවල, ප්‍රිය අරමුණු ඇතිව සිටීමට 4. ප්‍රිය හෝ අප්‍රිය අරමුණුවල, අප්‍රිය අරමුණු ඇතිව සිටීමට 5. ප්‍රිය හෝ අප්‍රිය අරමුණුකෙරෙහි, ප්‍රිය අප්‍රිය දෙකම දුරුකොට උපක්ඛා අරමුන සහිතව සිටීම. 3) එලෙස, උපේක්ඛාව ඇතිව, සිහි ඇතිව, මනා දැනීම ඇතිව (මෙත්තාචේතෝ විමුක්තිය) විසීම නිසා ශුභ විමොක්ෂයට පැමිණිය හැකිය. මෙත්තා චේතෝ විමුක්තිය ශුභය කෙළවර කොට ඇත. (අරහත්වය ලබා නොගත්තේ නම්). 4) ) එලෙස, උපේක්ඛාව ඇතිව, සිහි ඇතිව, මනා දැනීම ඇතිව (කරුණාචේතෝ විමුක්තිය) විසීම නිසා, රූප සංඥාව ඉක්මවා ආකාසානඤචායතනයට පැමිණිය හැකිය. කරුණ චේතෝ විමුක්තිය, ආකාසානඤචායතනය කෙළවර කොට ඇත. (අරහත්වය ලබා නොගත්තේ නම්). 5) එලෙස, උපේක්ඛාව ඇතිව, සිහි ඇතිව, මනා දැනීම ඇතිව (මුදිතාචේතෝ විමුක්තිය) විසීම නිසා, ආකාසානඤචායතනය ඉක්මවා, විඤඤාණ ඤචායතනයට පැමිණිය හැකිය. මුදිතාචේතෝ විමුක්තිය, විඤඤාණ ඤචායතනය කෙළවර කොට ඇත. (අරහත්වය ලබා නොගත්තේ නම්).6) එලෙස, උපේක්ඛාව ඇතිව, සිහි ඇතිව, මනා දැනීම ඇතිව (උපේක්ඛා චේතෝ විමුක්තිය) විසීම නිසා, විඤඤාණඤචායතනය ඉක්මවා, ආකිඤචඤඤායතනයට පැමිණිය හැකිය. උපේක්ඛා චේතෝ විමුක්තිය ආකිඤචඤඤායතනය කෙළවර කොට ඇත. (අරහත්වය ලබා නොගත්තේ නම්). සටහන: අන්‍යආගමික පිරිසක ගේ විමසීම මේ දේශනාවට මුල්වී ඇත. බුදුන් වහන්සේ හා ශ්‍රාවක සංඝයාට මිස, වෙනත් අයට ඒ ප්‍රශ්න ගැන පිළිතුරු දීම නොහැකිය. මූලාශ්‍රය: සංයු.නි: (5-1): මහාවග්ග:බොජ්ඣංගසංයුත්ත, 2.6.4 මෙත්ත සූත්‍රය, පි.246.

▲ සතර මග ඵල- Sathra magaphala: සෝතාපන්න මග හා ඵලය, සකදාගාමි මග හා ඵලය, අනාගාමි මග හා ඵලය, අරහත් මග හා ඵලයය. මේවා ධර්ම මාර්ගයේ උතුම් පියවරයන්ය. බලන්න: අට්ඨපුරුෂ පුද්ගලයෝ.

▲ සතර මාර්ග ප්‍රතිපදා: පාලි: චත‍්තස‍්සො පටිපදා- Four modes of practice: සතර මාර්ග ප්‍රතිපදා (පටිපදා)ලෙසින් පෙන්වා ඇත්තේ ධර්ම මාර්ගය වඩාගැනීම පිණිස යොදාගන්නා ක්‍රමවේද 4 ගැනය.ආධ්‍යාත්මික මග දියුණු කරගැනීම පිණිස යොදාගත යුතු ප්‍රතිපදා 4 ක් බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) දුක‍්ඛාපටිපදා දන්‍ධාභිඤ‍්ඤා (අවබෝධය කල්ගතවන, දුක් පිළිවෙත- Practice that is painful with sluggish direct knowledge): කෙනෙක් රාගයට... දෝෂයට...මෝහයට බලවත් ලෙසින් බරවූ ස්වභාවයෙන් යුක්තය, එම, කෙලෙස් -ආසව, වරින්වර පැනනැගී ඔහුට බලවත් වේදනා ගෙනදේ. සිත දොම්නස් වී විරිය අල්පවේ. එමනිසා, පංච ඉන්ද්‍රිය වර්ධනය ඉතා සෙමින් සිදුවේ. දුක කෙළවර කරගැනීමට කල්යයි. එනම්, ආසව ක්‍ෂය කරගැනීමට ආනන්තරික මාර්ගයට, එළඹීම ඉතා සෙමින් සිදුවේ. සටහන්: * ආසව ක්‍ෂය කරගැනීමට ආනන්තරික මාර්ගයට, එළඹීම සෙමින් (ආනන‍්තරියං පාපුණාති ආසවානං ඛයාය- sluggishly attains the immediacy condition for the destruction of the taints): සිතේ සමාධිය ඇතිවී විදසුන් නුවණ ලැබීම සෙමින් සිදුවේ. බලන්න: ආනන්තරික චිත්ත සමාධිය ** අටුවාවට අනුව ‘ආනන්තරිය’ යනු මාර්ගය හා ඵලය ආතර ඇති ආසන්න තත්වයය. බලන්න: EAN: note: 851, p.624. 2) දුක‍්ඛා පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා (අවබෝධය ඉක්මන්-ක්‍ෂණික, එහෙත් දුක් පිළිවෙත- practice that is painful with quick direct knowledge): කෙනෙක් රාගයට... දෝෂයට...මෝහයට බලවත් ලෙසින් බරවී සිටි. කෙලෙස් වරින්වර පැනනැගී ඔහුට බලවත් වේදනා ඇතිකරයි, සිත දොම්නස් කරයි. එහෙත්, ඔහුගේ පංච ඉන්ද්‍රිය උසස් ලෙසින් නැගී ඇත. එමනිසා, ඔහුට ඉතා ඉක්මනින්ම, අසාව ක්‍ෂය කිරිම පිණිස, ආනනතරික මාර්ගයට පැමිණ ආසව ප්‍රහිණය කරගත හැකිවේ. 3) සුඛාපටිපදා දන්‍ධාභිඤ‍්ඤා (අවබෝධය කල්ගතවන, සුව පිළිවෙත-practice that is pleasant with sluggish direct knowledge): මෙහිදී, කෙනෙක් කෙළෙස් වලට තදින් බරවී නැත. එමනිසා ඔහුට දොම්නස නැත. එහෙත්, පංච ඉන්ද්‍රිය වැඩිම දුබලය. එමනිසා අසාව ක්‍ෂය කිරිම පිණිස, ආනනතරික මාර්ගයට පැමිණීම ප්‍රමාදය, දුක කෙළවර කිරීමට කල් ගතවේ. 4) සුඛාපටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා (අවබෝධය ඉක්මන්, සුව පිළිවෙත- practice that is pleasant with quick direct knowledge): කෙළෙස් අඩුය, දොම්නස නැත, පංච ඉන්ද්‍රිය මනාව වැඩි තිබේ. ඔහු ඉතා ඉක්මනින්ම ආසව ක්‍ෂය කර, දුකින් මිදෙ. මේ ප්‍රතිපදාව සෙසු ප්‍රතිපදාවන්ට වඩා අග්‍ර යයි බුදුන් වහන්සේ වදාළහ. බලන්න: අග්‍ර දේ විනාශවීම. මූලාශ්‍ර: අංගු.නි: (2) 4 නිපාත:පටිපදා වගග, 4.4.2.1 පටිපදා සූත්‍ර 1 හා 2, පි.310, EAN: 4: 161-162 Modes of Practice, p. 201.

▼සතර ප්‍රතිපදා- දෙවෙනි වර්ගය: ලෝකයා තුල ඇති වෙනත් ප්‍රතිපාදා 4 ක්, බුදුන් වහන්සේ මෙසේ දක්වා ඇත: 1) අනධිවාසනා(නො ඉවසීම) සංඛ්‍යාත අකඛමා පටිපදාව (the impatient practice): කෙනෙක් තමන්ට නින්දා, පරිභව, ගැටෙන, පහර දෙන අයට පෙරලා ඒ දේ කරයි. ඔහු ශිත උෂ්ණ, මැසි මදුරු සර්ප උවදුරු, බඩගින්න පිපාසය ද, අනුන්ගේ නපුරු රළු වචන, බලවත් කායික වේදනා ආදිය ඉවසන්නේ නැත. 2) අධිවාසනා (ඉවසීම) සංඛ්‍යාත ඛමා පටිපදාව (the patient practice): කෙනෙක් තමන්ට නින්දා, පරිභව, ගැටෙන, පහර දෙන අයට පෙරලා ඒ දේ නො කරයි. ඔහු ශිත උෂ්ණ, මැසි මදුරු සර්ප උවදුරු, බඩගින්න පිපාසය ද, අනුන්ගේ නපුරු රළු වචන, බලවත් කායික වේදනා ආදිය ඉවසා දරාගනී. 3) දමා පටිපදාව-(ඉන්ද්‍රියදමන සංඛ්‍යාත- the taming practice): මේ සසුනේ මහණ යහපත් ලෙසින් සය ඉන්ද්‍රිය සංවර කොටගෙන වාසය කරයි.

4) සමා පටිපදාව (අකුසල විතක්ක ව්‍යපශම සංඛ්‍යාත- the calming practice): මේ සසුනේ මහණ උපන් කාම, ව්‍යාපාද, විහිංසා විතක්ක, ලාමක අකුසල දහම, නො ඉවසයි, දුරු කරයි, බැහැර කරයි, සමනය කරයි, අවසන් කරයි, සහමුලින්ම නැතිකර දමයි. මූලාශ්‍ර:අංගු.නි: (2): 4 නිපාත:පටිපදා වගග, 4.4.2.4 පටිපදා සූත්‍ර 2 කි, පි.316, EAN: 4: 164-165 Patience-2, p. 202.

▲ සතර මහා භූතයෝ-The four Great Elements: පඨවි, ආපො, තෙජෝ, වායෝ යන ධාතුන් සතර මහා භුතයන්ය, සතර මහා ධාතු ලෙසින්ද පෙන්වා ඇත. පංච උපාදානස්කන්ධ යේ රූපස්කන්ධය සකස්වී ඇත්තේ මේ සිව් භූතයන් ගෙනි. බලන්න: භාවනා, ධාතු, මහාභුත. සටහන: ම.නි. ධාතුවිභංග සූත්‍රයේ මේ පිලිබඳ විස්තරාත්මකව දක්වා ඇත.

▲ සතර යොග: පාලි: චත‍්තාරො යොගා-four yokes-bonds: යොග නම් බැමිය- බැඳීමය. සසරට කෙනෙක් බැඳ තබන බැමි 4 සතර යොගසේ දක්වා ඇත: 1) කාම යොගය 2) භව යොගය 3) දිට්ඨි යොගය 4) අවිජ්ජා යොගය (The bond of sensuality, the bond of existence, the bond of views, and the bond of ignorance) මේවා කෙළෙස් බැමිය. එම යොග වලින් ගැලවීම විසංයොගය වේ. බලන්න: සතර විසංයොග.

▼ සතරයොග ඇතිවීම හා ඒවා නැතිකර ගැනීම:: 1) කාම යොගය: කෙනෙකුට, කාමයේ ඇතිවීම, නැතිවීයාම, ආස්වාදය, ආදීනවය හා නිස්සරණය ගැන යථා අවබෝධය නැත. එමනිසා, ඔහුට වස්තු කාමයෙහි යම් ආශාවක්, සොම්නසක්, සෙනෙහසක්, මත්වීමක්, පිපාසයක්, පරිදාහයක්, කාමයෙහි බැසගැනීමක්, තණ්හාවක් ඇතිවේද, එය කාම යොගය ය.

“කතමො ච භික‍්ඛවෙ කාමයොගො? ... එකච‍්චො කාමානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභුතං අප‍්පජානතො යො කාමෙසු කාමරාගො කාමනන්‍දි කාමසිනෙහො කාමමුච‍්ඡා කාමපිපාසා කාමපරිළාහො කාමජ‍්ඣොසානං කාමතණ‍්හා සානුසෙති...”. (Here, someone does not understand as they really are the origin and the passing away, the gratification, the danger, and the escape in regard to sensual pleasures. When one does not understand these things as they really are, then sensual lust, sensual delight, sensual affection, sensual infatuation, sensual thirst, sensual passion, sensual attachment, and sensual craving lie deep within one in regard to sensual pleasures. This is called the bond of sensuality). සටහන: පස්කම් සැපයට ඇති ඇල්ම කාම යොගය ය. 2 ) භව යොගය: කෙනෙක්හට, භවයේ ඇතිවීම, නැතිවීයාම, ආස්වාදය, ආදීනවය හා නිස්සරණය ගැන යථා අවබෝධය නැත. එමනිසා, ඔහුට භවය පිලිබඳ යම් ආශාවක්, සොම්නසක්, සෙනෙහසක්, මත්වීමක්, පිපාසයක්, පරිදාහයක්, භවයේ ගැලිසිටීමක්, භව තණ්හාවක් ඇතිවේද, එය භව යොගය ය. සටහන: රූප හා අරුප භවයන් පිලිබඳ ඇති කැමැත්ත භව යොගය ය. 3) දිට්ඨි යොගය: කෙනෙක්, දිට්ඨි ඇතිවීම, නැතිවීයාම, ආස්වාදය, ආදීනවය හා නිස්සරණය ගැන යථා අවබෝධය නැත. එමනිසා, ඔහුට දිට්ඨි පිලිබඳ යම් ආශාවක්, සොම්නසක්, සෙනෙහසක්, මත්වීමක්, පිපාසයක්, පරිදාහයක්, ගැලිසිටීමක්, දිට්ඨි තණ්හාවක් ඇතිවේද, එය දිට්ඨි යොගය ය. 4) අවිජ්ජා යොගය: කෙනෙක්, සය ආකාරවූ ස්පර්ශ ආයතනයන්, ඇතිවීම, නැතිවීයාම, ආස්වාදය, ආදීනවය හා නිස්සරණය ගැන යථා අවබෝධය නැත. එමනිසා, ඔහුට සය ස්පර්ශ ආයතන පිළිබඳව නුවණක් නොමැත. එනිසා ඔහු අවිජ්ජාවේ ගැලිසිටී, එය අවිජ්ජා යොගය වේ. (Here, someone does not understand as they really are the origin and the passing away, the gratification, the danger, and the escape in regard to the six bases for contact. When one does not understand these things as they really are, then, ignorance and unknowing lie deep within one in regard to the six bases for contact. This is called the bond of ignorance). මේ සතර යොග වලින් මිදීමේ ක්‍රමවිධිය පිළිබඳව බලන්න: සතර විසංයොග. මූලාශ්‍ර: අංගු.නි: (2 ): 4 නිපාත:4.1.1.10 යොග සූත්‍රය, පි. 42,EAN:4: 10.10 Bonds, p. 151.

▼ සතර යොග ආධ්‍යාත්මික වර්ධනයට හානිය ගෙන දෙන ධර්මතාය, ආපාය ගාමීය. බලන්න: හානභාගිය ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි: (3): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼ සතර යොග ගැන මනා අවබෝධය ලැබීමට හා ඒවා ප්‍රහීණය කිරීමට ආරිය අටමග වර්ධනය කරගතයුතුවේ. බලන්න: යොගකෙඛමය. මූලාශ්‍ර: සංයු.නි: (5-1):මහාවග්ග: මග්ගසංයුත්ත: ඔඝවග්ග:1.16 යොග සූත්‍රය, පි.160, ESN: Maggasamyutta:45: Floods: 172.2 Bonds, p. 1719.

▼ කායගතා සතිය වඩාගැනීමෙන් සතර යොගයෙන් ගැලවිය හැකිවේ. බලන්න: කායගතා සතියේ ප්‍රති ලාභ. මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: කායගතාසති වග්ග සූත්‍ර, පි. 125, EAN:1: Mindfulness Directed to the Body, p.52.

▲සතරවරම් දෙවියෝ- Sathravaram Deviyo: සිව්වරම් දෙවියෝ, ලෝකපාලක දෙවියෝ ලෙසින්ද හඳුන්වති. බලන්න: චාතුර්මහාරාජික දෙව්ලොව

▲සතර විපල්ලාස - Four perversions - distortions-inversion : විපල්ලාස යනු ඇතිසැටිය- යථාබව නොදැකීම හෙවත් සත්‍ය වැරදි ලෙස අවබෝධ කිරීමය, විපරියාස කිරීමයය. අවිද්‍යාව නිසා මේවා ඇතිවේ. සතර විපල්ලාස ඇතිවීම: සංඥා, චිත්ත, දිට්ඨි නිසා සතර විපල්ලාස ඇතිවේ: 1) අනිත්‍ය දේ නිත්‍ය යයි ගන්නා සංඥා, චිත්ත, දිට්ඨි විපල්ලාසය. 2) දුක් දේ සැප (සුඛ) යයි ගන්නා සංඥා, චිත්ත, දිට්ඨි විපල්ලාසය. 3) අනාත්ම දේ ආත්ම යයි ගන්නා සංඥා, චිත්ත, දිට්ඨි විපල්ලාසය. 4) අසුභ දේ සුභය යයි ගන්නා සංඥා, චිත්ත, දිට්ඨි විපල්ලාසය.. (...there are these four inversions of perception, inversions of mind, and inversions of view. What four? (1) The inversion of perception, mind, and view that takes the impermanent to be permanent; (2) the inversion of perception, mind, and view that takes what is suffering to be pleasurable (3) the inversion of perception, mind, and view that takes what is non-self to be self; (4) the inversion of perception, mind, and view that takes what is unattractive to be attractive).

මිථ්‍යා දිට්ඨිය ඇතිවීම නිසා විපල්ලාස ඇතිවේ, ඔවුන් මාරයාගේ බැම්මට හසුවූ පුද්ගලයන්ය, ඔවුන් ඉපදී මැරී යළි ඉපදි සසර සැරිසරයි. සතර විපල්ලාස වලින් මිදීම: 1) අනිච්ච දේ අනිච්ච යන සංඥාව, චිත්තය හා දිට්ඨිය ඇතිවීමෙන් 2) දුක ගෙනෙදෙන දේ දුකය යන සංඥාව, චිත්තය හා දිට්ඨිය ඇතිවීමෙන් 3) අනාත්ම දේ අනාත්මය යන සංඥාව, චිත්තය හා දිට්ඨිය ඇතිවීමෙන් 4) අසුභ දේ අසුභය යන සංඥාව, චිත්තය හා දිට්ඨිය ඇතිවීමෙන්. ධර්මය යහපත් ලෙසින් අවබෝධ කරගන්නා පුද්ගලයෝ, සම්මා දිට්ඨිය ඇතිකර, විපල්ලාස වලින් මිදී දුකෙන් නිදහස්වේ යයි බුදුන් වහන්සේ වදාළහ. සටහන: සොතාපත්ති මගඵල ලැබුවිට - සියලු විපල්ලාස නිසා ඇතිවන නිච්චබව නැතිවී අනිච්ච බව අවබෝධ වේ, ආත්ම බව නැතිවී අනාත්ම බව අවබෝධ වේ. එසේම අසුභ දේ සුභ යයි ගැනීම හා දුක දේ සැප යයි ගැනීම තුනිවියයි. අනාගාමී මගඵල සාක්ෂාත්වුවිට සංඥා විපල්ලාස හා චිත්ත විපල්ලාස නිසා ගන්නා අසුභ දේ සුභය යන්න නැතිවේ. අරහත් මගඵල සාක්ෂාත්වුවිට සංඥා විපල්ලාස හා චිත්ත විපල්ලාස නිසා ගන්නා දුක සැපයක් යන්න සහමුලින්ම නැතිවේ. බලන්න: සිංහල විසුද්ධිමග, පරිච්ඡේදය: 22, පි. 1069. මූලාශ්‍ර: අංගු.නි: ( 2): 4 නිපාත: 4.1.5.9 විපල්ලාස සූත්‍රය, පි. 122, EAN:4: 49.9 Inversions, p. 168.

▼වෙනත් මූලාශ්‍ර: 1. The Manual of Insight by Ledi Sayadaw Mahathera: Wheel 31-32: BPS, 2007.

▲ සතර විසංයොග:පාලි: චත‍්තාරො විසංයොගො- four unyoking: සතර විසංයොග යනු සතර යොගයන් (සසරට බැඳ තබන බැමි) ගලවා දැමීමය. බලන්න: යොග.

▼ සතර විසංයොග: කාම විසංයොගය, භව විසංයොගය, දිට්ඨි විසංයොගය හා අවිජ්ජා විසංයොගය ය. සසර බැඳ තබන බැමි වලින් නිදහස්වීම ආධ්‍යාත්මික මාර්ගයට විශේෂ බවක් ගෙනෙදේ (ආධ්‍යාත්මික වර්ධනයට විශේෂයෙන්ම උපකාරිවන කරුණු විසේසභාගිය ධර්ම වේ). සතර විසංයොග විසේසභාගිය ධර්මතා වේ. සටහන: සෝතාපන්න මගඵල ලැබීම දිට්ඨි විසංයොගයට හේතුවේ. අසුභ භාවනාව වඩා ලබන ජාන සමාපත්ති පදනම් කර ලබන ආනගාමි මග කාම විසංයොගය ට හේතුවේ. අරහත්වයට පත්වීම නිසා භව විසංයොගය හා අවිජ්ජා විසංයොගය ඇතිවේ. බලන්න: විසේසභාගිය ධර්ම.මූලාශ්‍ර: දීඝ.නි: (3):11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼ සතර විසංයොගය පිලිබඳ ක්‍රම විධිය:: 1) කාම යොගය විසංයොග කරගැනීම (severance of the bond of sensuality): කෙනෙකුට, කාමයේ ඇතිවීම, නැතිවීයාම, ආස්වාදය, ආදීනවය හා නිස්සරණය ගැන යථා අවබෝධය ඇත. එමනිසා, ඔහුට වස්තු කාමයෙහි යම් ආශාවක්, සොම්නසක්, සෙනෙහසක්, මත්වීමක්, පිපාසයක්, පරිදාහයක්, කාමයෙහි බැසගැනීමක්, තණ්හාවක් නොමැත, එය කාම යොගයෙන් නිදහස්වීමය. 2) භව යොගය විසංයොග කරගැනීම (severance of the bond of existence): කෙනෙක්හට, භවයේ ඇතිවීම, නැතිවීයාම, ආස්වාදය, ආදීනවය හා නිස්සරණය ගැන යථා අවබෝධය ඇත. එමනිසා, ඔහුට භවය පිලිබඳ යම් ආශාවක්, සොම්නසක්, සෙනෙහසක්, මත්වීමක්, පිපාසයක්, පරිදාහයක්, භවයේ ගැලිසිටීමක්, භව තණ්හාවක් ඇතිනොවේ, එය භව යොගයෙන් නිදහස්වීමය. 3) දිට්ඨි යොගය විසංයොග කරගැනීම: (severance of the bond of views) කෙනෙක්හට, දිට්ඨි ඇතිවීම, නැතිවීයාම, ආස්වාදය, ආදීනවය හා නිස්සරණය ගැන යථා අවබෝධය ඇත. එමනිසා, ඔහුට දිට්ඨි පිලිබඳ යම් ආශාවක්, සොම්නසක්, සෙනෙහසක්, මත්වීමක්, පිපාසයක්, පරිදාහයක්, ගැලිසිටීමක්, දිට්ඨි තණ්හාවක් ඇතිනොවේ, එය දිට්ඨි යොගයෙන් නිදහස්වීමය. 4) අවිජ්ජා යොගය විසංයොග කරගැනීම (severance of the bond of ignorance): කෙනෙක්හට, සය ආකාරවූ ස්පර්ශ ආයතනයන්, ඇතිවීම, නැතිවීයාම, ආස්වාදය, ආදීනවය හා නිස්සරණය ගැන යථා අවබෝධය ඇත. ඔහුට සය ස්පර්ශ ආයතන පිළිබඳව නුවණ ඇත. එනිසා ඔහුට අවිජ්ජාව ඇතිනොවේ, ඔහු අවිජ්ජා යොගයෙන් නිදහස් වීඇත. මූලාශ්‍ර: අංගු.නි: (2): 4 නිපාත:4.1.1.10 යොග සූත්‍රය,පි. 42,EAN:4: 10.10 Bonds, p. 151.

▲සතර වොහාරධර්ම : පාලි: චත‍්තාරො වොහාරො - four kinds of expression: ධර්මයට අනුව සතරවොහාර ලෙසින් පෙන්වා ඇත්තේ: ඇසෙන් දැකීම, කණෙන් ඇසීම, නාසය, දිව හා කයෙන් දැනීම-විඳීම හා සිතෙන් සිතිමය “...දීටෙඨ දිටඨවාදිතා, සුතෙ සුතවාදිතා, මුතෙ මුතවාදිතා, විඤඤාතෙ වීඤඤාතවාදිතා”

එනම්: දක්නා ලද්දෙහි , දකිනා ලද බව (දෘෂ්ටවාදිබව) , අසන ලද්දෙහි ශ්‍රැතවාදිබව, ගන්ධ රස ස්පර්ෂ (ආදී විඳීම්) මුතයෙහි මුතවාදිබව, විඥානහි විඥානවාදිබව. (One speaks of the seen as it was seen; one speaks of the heard as it was heard; one speaks of the sensed as it was sensed; one speaks of the cognized as it was cognized). සතර වොහාරයන් උපාදාන නොකර, ආසවයන් ගෙන් මිදීම විසුද්ධිය ලැබීමය- අරහත්වයට පත්වීමය. සටහන: මේ ධර්මතා ක්‍ෂණිකව අවබෝධ කරගත් බහියා දාරූචාර්ය, අරහත්වය ලබාගති. බලන්න: උපග්‍රන්ථය:1 මූලාශ්‍ර: ම.නි : (3 ): 3.3.2. ඡබබිසෝධන සූත්‍රය, පි. 158, EMN: 112: The Six fold Purity -Chabbisodhana sutta p. 814.

▼ පෘතජ්ජන පුද්ගලයා සතර වෝහාර ධර්ම හඳුනාගන්නා ආකාරය: පෘතජ්ජනයා ඇසෙන් දුටු රූපය, කණට ඇසුන ශබ්දය, නාසයට, දිවට හා කයට දැනුන විඳීම (ගඳසුවඳ-රස හා පහස) තමාගේ යයි තණ්හාවෙන් හා මානයෙන් යුතුව හඳුනාගනී. සක්කාය දිට්ඨිය ඇති නිසා ඔහු සතර වෝහාර ධර්මතා තමාගේ යයි සලකයි (යථාභූත ඥානය නොමැතිනිසා). උසස් පුහුණුවේ යෙදුන භික්ෂුව (සේඛ) සතර වෝහාර ධර්මවතාවන්හි නියම ස්වභාවය දනී, එමනිසා ඒවා මගේයයි අල්වා නොගැනීමට පුහුණුවේ. රහතන්වහන්සේ එම ධර්මතා පිලිබඳව යථාඅවබෝධය ලබා ඇත. මූලාශ්‍ර: ම.නි:(1):1.1 මූලපරියාය සූත්‍රය,පි.22, EMN:1: Mūlapariyāya Sutta, p.61.

▲ සතර සංග්‍රහ වස්තු- four things for the welfare and happiness: සතර සංග්‍රහ වස්තු යනු ගිහියන්ට, යහපත් ජිවිතයක් පවත්වා ගැනීම පිණිස බුදුන් වහන්සේ වදාළ කරුණු 4 ගැනය: උට්ඨාන සම්පත, ආරක්ෂා සම්පත, කල්‍යාණ මිත්‍ර සම්පත, හා සමජිවිතය පවත්වා ගැනීම. බලන්න: ගිහිජීවිතය යහපත්ව ගතකිරීම. සටහන: සෙසු අය සමග යහපත් සම්බන්ධතාවයක් පවත්වාගැනීමට උපකාරීවන සංග්‍රහ වස්තු 4 ක් අංගු.නි: (2): 4 නිපාතයේ පෙන්වා ඇත: දානය (ත්‍යාගශීලිබව) , ප්‍රියවචන, යහපත් චරියාව, සමානාත්මතාවය. (...there are these four means of sustaining a favorable relationship. What four? Giving, endearing speech, beneficent conduct, and impartiality). මූලාශ්‍ර: අංගු.නි: (5): 8 නිපාත: 8.2.6.4 ව්‍යාගපජ්ජ සූත්‍රය, පි 256,EAN: 8: 54 .4 Dīghajāṇu, p 441, අංගු.නි: (2 ) 4 නිපාත: 4.1.4.2 සංග්‍රහ වස්තු සූත්‍රය, පි. 88, EAN:4: 32.2 Sustaining, p. 160.

▲ සතර සතිපට්ඨානය: පාලි: චත‍්තාරො සතිපට‍්ඨානා-Four foundations of mindfulness: සතර සති පට්ඨානය ලෙසින් පෙන්වා ඇත්තේ සතිය පිහිටුවා ගැනීම පිණිස බුදුන් වහන්සේ පෙන්වා වදාළ ක්‍රම විධි 4 ය: කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානු පස්සනාව හා ධම්මානුපස්සනාවය. සතර සතිපට්ඨානය බෝධිපාක්ෂික ධර්මයකි. මූලාශ්‍ර:ම.නි: (1): 1.1.10 සතිපට්ඨාන සූත්‍රය, පි. ම.නි: (3): 3.2.8 අනාපානසති සූත්‍රය, පි. 240, EMN:118: Ānāpānasati Sutta- Mindfulness of Breathing, p. 861, දීඝ.නි: (2): 9 මහාසතිපට්ඨාන සූත්‍රය, පි. 451, EDN:22 Mahāsatipaṭṭhāna Sutta: The Greater Discourse on the Foundations of Mindfulness, p. 246. ශබ්දකෝෂ: පා.සි.ශ: පි.497 : “සති’: සමෘතිය, සිහිය’, ‘සතිපටඨාන’: සිහිය පිහිටවීම”. B.D: p. 307: “sati’: mindfulness; ‘satipațțhāna: the 4 foundation of mindfulness: body, feeling, mind and mind objects”. P.T.S: p. 1514: “four satipaṭṭhānas, referring to the body, the sensations, the mind, and phenomena respectively”.

▼සතර සති පට්ඨානය ආධ්‍යාත්මික ජීවිතය වර්ධනය කරගැනීම පිණිස දියුණු කර ගත යුතු ධර්මතා ය- භාවේතබ්බ ධර්මයන්ය:

“ කතමෙ චත‍්තාරො ධම‍්මා භාවෙතබ‍්බා ? චත‍්තාරො සතිපට‍්ඨානා: ඉධාවුසො භික‍්ඛු කායෙ කායානුපස‍්සි විහරති ආතාපි සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජඣා දොමනස‍්සං-(පෙරමෙන්) වෙදනානුසුපස‍්සි... චිත‍්තානුසුපස‍්සි... ධම‍්මානුසුපස‍්සි ...”. ‘ මේ මහණ, කෙලෙස් තවන වීරිය ඇතිව, නුවණ හා සිහිය ඇතිව, ලෝකය කෙරෙහි ඇති සියලු අබිජ්ජාව- දැඩි ආශාව හා දොම්නස බැහැර කර කායානුපස්සනාව... වේදනානු පස්සනාව... චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව වඩයි’. බලන්න: භාවේතබ්බ ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි : (3 ): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼ සතර සති පට්ඨානය නිවන් මගය- අසංඛත මගය: මූලාශ්‍ර: සංයු.නි: (4 ): සළායතන වග්ග:අසංඛත සංයුත්ත: 9.1.5. සති පට්ඨානය සූත්‍රය, පි. 662, ESN: Asankatasamyutta: p. 1493.

▼ නිවන පසක් කිරීම පිණිස ඇති එකම මග සතර සතිපට්ඨානය යයි, බුදුව, අජපාල නුගරුක මුල වැඩසිටි බුදුන් වහන්සේට චිත්ත විතර්කයක් ඇතිවූබව මෙහි දක්වා ඇත. ඒ අවස්ථාවේ එහි පැමිණි සහම්පති බ්‍රහ්මරාජ එය පිළිගත්බවද මේ සූත්‍රයේ පෙන්වා ඇත. මූලාශ්‍ර: :සංයු.නි: (5-1): මහාවග්ග: බොජ්ඣංගසංයුත්ත:3.2.8 බ්‍රහ්මසූත්‍රය, පි.328.

▲ සතර සමාධි: පාලි: චත‍්තාරො සමාධායො- Four Samadhi: සතර සමාධි ලෙසින් පෙන්වා ඇත්තේ, අවබෝධය පහසු නැති (දුෂ්ප්‍රතිවිධ්‍ය) සමාධි 4 ක් ගැනය: 1) හානභාගික සමාධිය (හානභාගීයො- conducing to decline) : නීවරණ පහවී නොමැති නිසා මේ සමාධිය මර්ගයේ පිරිහීම ඇති කරයි, එහෙත් ඒ බව අවබෝධ කරගැනීම පහසු නොවේ. 2) සථිතිභාගික සමාධිය (ඨිතිභාගියො- conducing to stasis): පිරිහීම හෝ වැඩිම නැති ව පවතින සමාධිය 3) විශේෂභාගික සමාධිය (විසෙසභාගියො- conducive to distinction): මාර්ගයේ විශේෂත්වය ඇතිකර ගැනීමට හේතුවන සමාධියය. 4) නිබ්බේදභාගික සමාධිය ( නිබ‍්බෙධභාගීයො- conducive to penetration) නිවන පිණිස පවතින සමාධිය. බලන්න: දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්මතා. මූලාශ්‍ර: දීඝ.නි: (3): 11දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲ සතර සාන්දෘෂ්ටික දාන ඵල- Sathra sandrustika dana phala: යහපත් ලෙසින් දෙන දානය නිසා මේ ජීවිතයේදීම, තමාටම දැකිය හැකි ඵල, ප්‍රතිලාභ, සාන්දෘෂ්ටික දාන ඵලවේ.1) බොහෝ දෙනාට ප්‍රියවීම 2) සත්පුරුෂ ඇසුර ලැබීම 3) කිර්තිය පැතිරීම 4) ඕනෑම පිරිස් මුළුවකට නිර්භයව එළඹීමට හැකියාව ඇත. සටහන්: * පරලොව විපාකය නම් සුගතියේ උපත ලැබීම. ** මේ දේශනාව වදාළේ, සිහසේනාපතිටය. මූලාශ්‍රය: අංගු.නි: (3) 5 නිපාත: 5.1.4.4. සිහසේනාපති සූත්‍රය, පි.82,

▲සතර සම්‍යක් ප්‍රධාන වීරිය- The four right efforts: සතර සම්‍යක් ප්‍රධාන වීරිය (පධාන-ප්‍රධන් වීරිය), බෝධිපාක්‍යධර්මතාවකි. උපන් අකුසල නැතිකරගැනීමට, නූපන් අකුසල ඇතිනොකරගැනීමට, නූපන් කුසල ඇතිකරගැනීමට, උපන් කුසල ආරකෂා කරගනිමින් දියුණු කිරීමට ගන්නා වීරිය සතර සතර සම්‍යක් ප්‍රධාන වීරිය ලෙසින් මෙහි පෙන්වා ඇත. අරහත්වය පිණිස මේ විරිය වැඩිය යුතුය. බලන්න: ප්‍රධන් වීරිය.බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“සම්‍යක් ප්‍රධාන වීරිය ඇති, සසරවටය නැමති මාරයාගේ ආදිපත්‍යය මැඩ සිටින ඒ රහතුන් අනිස්සිතය, ජාති මරණ භිය කෙළවර කර ඇත. සන්තුෂ්ටිය ඇති ඒ රහතුන් මාරසේනාව පරදවා, තණ්හාව පහ කරගත් සුඛිතයෝ වෙති”. මූලාශ්‍රය: අංගු.නි: (2) 4 නිපාත: චරවග්ග: 4.1.2.3 පධාන සූත්‍රය, පි.52.

▼සතර ප්‍රධන් වීරියකිරීම: සතර ආකාරයෙන් වීරිය ඇතිකර ගතයුතුවේ: 1)සංවරප්පධාන වීරිය: සය ඉන්ද්‍රිය සංවර කරගැනීම2) පහාණප්පධාන වීරිය: උපන් අකුසල විතක්ක පහකර ගැනීම 3)භාවනාප්පධාන වීරිය: විවේකය, විරාගය, නිරෝධය නිස්සිත කරගෙන, නිවන අරමුණුකොට සප්ත බොජ්ඣංග වැඩිම . 4) අනුරක්ඛනප්පධාන වීරිය: සමාධි නිමිත්ත මැනවින් රැකීම. සටහන: සමාධි නිමිත්ත ලෙසින් මෙහි පෙන්වා ඇත්තේ : අට්ඨික සංඥාව, පුලවක සංඥාව, වීනීලක සංඥාව, වීපුබ්බක සංඥාව, විචඡිද්දැක සංඥාව, උද්ධුමාතක සංඥාවය. බලන්න: භාවනා. මූලාශ්‍රය:අංගු.නි (2) 4 නිපාත: චරවග්ග: 4.1.2.4 සංවරප්පධාන සූත්‍රය, පි.54.

▲ සතර ශ්‍රමණ ඵල: පාලි: චත‍්තාරො සාමඤ‍්ඤඵලානි- Four fruits of the ascetic life: සතර ශ්‍රමණ ඵල යනු ශ්‍රමණභාවය පියවරින් පියවර දියුණුකර ගැනීම නිසා ලැබෙන යහපත් ඵල විපාකයන්ය: සොතාපන්න, සකදාගාමී, ආනගාමී හා අරහත් ඵල ලැබීමය. සටහන: ශ්‍රමණ ඵල ගැන විස්තර පිණිස බලන්න: ම.නි: ශ්‍රමණඵල සූත්‍රය.

▼ සතර ශ්‍රමණ ඵල, සච්ඡිකාතබ්බ ධර්ම (සාක්ෂාත් කරගතයුතු - ප්‍රත්‍යක්ෂ කලයුතු) දේය, නිවන පිණිස පවතී:

“ කතමෙ චත‍්තාරො ධම‍්මා සචඡිකාතබ‍්බා ? චත‍්තාරි සාමඤ‍්ඤඵලානි: සොතාපත‍්තිඵලං, සකදාගාමිඵලං, අනාගාමිඵලං, අරහත‍්තඵලං...” . මූලාශ්‍ර: දීඝ.නි : (3 ): 11 දසූත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼ කායගතා සතිය වඩාගැනීමෙන් සතර ශ්‍රමණ ඵල ඇතිවේ.: බලන්න: කායගතා සතියේ ප්‍රති ලාභ. මූලාශ්‍ර: අංගු.නි: (1 ): 1 නිපාත: කායගතාසති වග්ග සූත්‍ර, පි. 125, EAN:1: Mindfulness Directed to the Body, p.52.

▲සතිය: පාලි: සතො- mindful: ධර්මයට අනුව සතිය-සිහිය, තිබීම ආධ්‍යාත්මික මාර්ගය වඩා ගැනීමට උපකාරිවේ. පැරණි කල කි දේ නුවණින් මතක් කිරීම සතියේ කාර්ය ය. එමගින්, යම් අකුසලයක් කරන්නට යන විට සිහිය මගින් එය නරක දෙයක්බව මතක්කර දීම නිසා අකුසලයෙන් ගැලවීමට හැකිවේ. සිහිය මානව වර්ධනය කරගෙන, ජාන සමාපත්ති ලබා ගත් කෙනෙකුට පෙර ජාති සිහිකර ගැනීමේ නුවණ ඇතිවේ. සතිය මගින් සතර සති පට්ඨාන භාවනාව දියුණු කර ගත හැකිවේ. බුද්ධානුස්සති ආදීවූ අනුසති භාවනා වඩා ගැනීමට යහපත් සතිය උපකාරිවේ. ධර්මයේ සතිය ඉන්ද්‍රියක් හා බලයක් ලෙසින් පෙන්වා ඇත. සම්මා සතිය- යහපත්ව සිහිය පවත්වා ගැනීම ආරිය අටමගේ එක් අංගයකි, සප්ත බොජ්ඣංග ධර්මතාවයකි. සියලු ධර්මතා සිහිය අධිපති කොට ඇතයි බුදුන් වහන්සේ වදාළහ:

“ සතාධිපතෙය්‍යා සබ‍්බෙ ධම‍්මා”.

බලන්න: සබ‍්බෙ ධම‍්මා, සම්ප්‍රජන්‍යය. සටහන: ආධ්‍යාත්මික වර්ධනය පිණිස සතිය හා සම්ප්‍රජන්‍යය එකක්ව ගෙන කටයුතු කළයුතුය. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි. 497: “සති: සමෘතිය, සිහිය”. B.D: p. 165: “Mindfulness: is one of the 5 spiritual faculties and powers…”

▼ සතිය- සිහිය, සේඛ පුහුණුවේ යෙදෙන භික්ෂුන් සතු යහපත් ගුණ ධර්මයන්ගෙන් එකකි, එම භික්ෂුව සිහිය ඇතිව, නුවන ඇතිව, පෙර කළ දේ කියූ දේ සිහිකරයි, පුනපුනා සිහි කරයි. බලන්න: සප්ත සද්ධර්ම.

“ ...සතිමා හොති පරමෙන සතිනෙපක‍්කෙකන සමන‍්නාගතො. චිරකතම‍්පි චිරහාසිතම‍්පි සරිතා අනුස‍්සරිතා...”

( He has mindfulness; he possesses the highest mindfulness and skill; he recalls and recollects what was done long ago and spoken long ago). මූලාශ්‍ර: ම.නි: (2 ): 2.1.3 :සේඛ සූත්‍රය, පි. 44, MN 53: Sekha Sutta, p. 436.

▼සතිය තිබීම ආධ්‍යත්මික ජිවිතයට ආරක්ෂාව ලබාදේ. බලන්න: නාථකරණ ධර්ම. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: 2 නාථ වග්ග, 10.1.2.7 ප්‍රථම නාථකරණ සූත්‍රය, EAN:10: II Protector: 17.7 Protector I, p.497.

▼සිහිය ඇතිව වාසය කරන්නේ කෙසේද? බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත:

“...භික්ෂුව කයෙහි කය අනුව බලමින් ... වේදනාවන්හි වේදනා අනුව බලමින්... සිතෙහි සිත අනුව බලමින් ...දහමෙහි දහම් අනුව බලමින් කෙලෙස් තවන වීරිය ඇතිව, මනා නුවණ ඇතිව සිහි ඇතිව, ලෝකය පිලිබඳ ඇති දැඩි ලෝභය හා දොම්නස දුරුකොට වාසය කරයි...එය සිහිය ඇතිව වාසය කිරීමය”

“කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු සතො හොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු කායෙ කායානුපස‍්සි... වෙදනාසු වෙදනානුපස‍්සි... චිත‍්තෙ චිත‍්තානුපස‍්සි... ධම‍්මෙසු ධම‍්මානුපස‍්සි විහරති ආතාපි සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣා දොමනස‍්සං; එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු සතො හොති”. ( And how, bhikkhus, is a bhikkhu mindful? Here, bhikkhus, a bhikkhu dwells contemplating the body in the body... contemplating feelings in feelings … mind in mind …phenomena in phenomena, ardent, clearly comprehending, mindful, having put away covetousness and displeasure in regard to the world. It is in such a way that a bhikkhu is mindful). මූලාශ්‍ර: සං.නි: (4 ):සළායතන වග්ග: වේදනා සංයුත්ත:සගාථා වගග: 1.20.7 ගිලන්හල සූත්‍රය, පි.424 , ESN: 36: Vedanāsamyutta, 7.7 The sick ward, p. 1339.

▼එක් සමයක මණිභද්ද නම් යක්ෂයෙක්, බුදුන්වහන්සේ වෙත එළඹ සිහිය පවත්වා ගැනීමේ ගුණ පැවසිය:

“සිහිය ඇත්තාට හැම කල යහපත ඇතිවේ, සුවය වැඩේ, ඔවුන් සෑම කාලයේදීම ශ්‍රෙෂ්ඨය, ඔහු වෛරයෙන් මිදේ”.

බුදුන්වහන්සේ එම ගුණ අනුමත කරමින් වදාළේ, සිහිය ඇති පමණින්ම වෛරයෙන් මිදීමට නොහැකිබවය. දිවා රැ අහිංසාවෙන් යුතුව, සියලු සත්ත්‍වයන් කෙරෙහි මෙත්තා සිත වැඩීමෙන් වෛරයෙන් මිදිය හැකිය. බලන්න: මණිභද්ද යක්ෂ. මූලාශ්‍ර: සංයු.නි: (1 ): සගාථවග්ග: යක්ඛ සංයුත්ත: 10.1.4. මණිභද්ද සූත්‍රය, පි.396, ESN: 10: Yakkasamyutta: 4 Maṇibhadda, p. 438.

▲ සති ඉන්ද්‍රිය: පාලි: සතිනද්‍රියං-faculty of mindfulness: ආධ්‍යාත්මික ඉන්ද්‍රිය පහෙන් එකකි, ආධ්‍යාත්මික මාර්ගයට විශේෂතාවයක් ලබා දෙයි. බෝධි පාක්‍ෂික ධර්මතාවයකි. බලන්න: පංච ඉන්ද්‍රිය, සතිය.

▼ සති ඉන්ද්‍රිය යනු කුමක්ද?

“කතමඤ‍්ච භික‍්ඛවෙ සතිනද්‍රියං: ඉධ භික‍්ඛවෙ අරියසාවකො සතිමා හොති පරමෙන සතිනෙපක‍්ඛෙන සමන‍්නාගතො චිරකතම‍්පි චිරහාසිතම‍්පි සරිතා. ඉදං වූච‍්චති සතිනද්‍රියං”: ආරිය ශ්‍රාවකයා සිහිමත්ව, පරම (උතුම්) සතිය හා ප්‍රඥාව (සති ප්‍රඥා-සිහිනුවණ) ඇතිව, පෙර කලදේ, පෙර ඇසු දේ යහපත් ලෙසින් මතක්කර ගැනීමය, සිහි එළවා ගැනීමය. මේ සති ඉන්ද්‍රියය. සති ඉන්ද්‍රිය, සතර සතිපට්ඨානය තුලින් දැකිය හැකිය. බලන්න: සතර සතිපට්ඨානය. මූලාශ්‍ර: සංයු: (5-1 ): මහාවග්ග: ඉන්ද්‍රියසංයුත්ත: 4.1.8 දට්ඨබ්බ සූත්‍රය හා 4.1.9. විභංග සූත්‍රය, පි. 377, ESN:48: Indriyasamyutta: 8.8 To be seen & 9.9 Analysis, p. 1933.

▲ සති චරියාව- Sati Chariya: සතිචරියාව ලෙසින් පෙන්වා ඇත්තේ සතර සතිපට්ඨානය අනුව වාසය කිරීමය. බලන්න: චරියා කථා.

▲සතිමත්තාන- Satimaththana: සතිමත්තාන-ධාරණස්මෘතිය, ලෙසින් පෙන්වා ඇත්තේ, ඇසු දහම යහපත් ලෙසින් සිහියේ පවත්වා ගැනීමය. එම හැකියාව ඇති භික්ෂුන් අතරින් ආනන්ද තෙරුන් අග්‍රය. බලන්න: උපග්‍රන්ථය:1

▲සති සම්ප්‍රජන්‍යය: පාලි: සතො සම‍්පජානො -clear comprehension: සති සම්ප්‍රජන්‍යය ලෙසින් ධර්මයේ පෙන්වා ඇත්තේ සිහිය ඇතිව, නුවණින් කටයුතුකිරීමය - යෝනිසෝ මනසිකාරයෙන්කටයුතු කිරීමය. ආධ්‍යත්මික වර්ධනය පිණිස සතිය හා සම්ප්‍රජන්‍යය එක්වගෙන කටයුතු කලයුතුවේ. එය සති ප්‍රඥාවය. බලන්න: සතිය. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි.497: පි.502: ‘සමපජඤඤ: මනා ප්‍රඥා ඇතිබව- මනා දැනීම, සමපජානකාරී: මනා ප්‍රඥාවෙන් යුතුව ක්‍රියාකරන්නා’. B.D: p.159: ‘Sampajañña: Clarity of consciousness, clear comprehension. This term is frequently met with in combination with Mindfulness (sati)’.

▼ සම්ප්‍රජන්‍යය ඇතිවීමට මූලික වන්නේ යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීමය. සති සම්ප්‍රජන්‍යය ඇතිවිට ඉන්ද්‍රිය සංවරය ඇතිවේ ය යි බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: යමක වග්ග: 10.2.2.1. අවිද්‍යා සූත්‍රය, පි.232, EAN:10: II Pairs: 61.1.Ignorance, p. 517.

▼ ශ්‍රමණ බව සාක්ෂාත් කරගැනීම පිණිස සම්පුර්ණ කරගතයුතු කරුණුවලට සති සම්ප්‍රජන්‍යය ඇතුලත්වේ. සටහන්: * මේ සූත්‍රයේදී සති සම්ප්‍රජන්‍යය පවත්වා ගන්නා ආකරය පෙන්වා ඇත ** සති සම්ප්‍රජන්‍යය පිළිබඳව බලන්න: දීඝ.නි: මහා සතිපට්ඨාන සූත්‍රය හා ම.නි: සතිපට්ඨාන සූත්‍රය. මූලාශ්‍ර: ම.නි: (1): 1.4.9 මහා අස්සපුර සූත්‍රය, පි. 652, EMN :39 The greater discourse at Assapura, p. 344

▼ සති සම්ප්‍රජන්‍යය, ආධ්‍යාත්මික වර්ධනය පිණිස බහු උපකාර ධර්මයකි. බලන්න: බහු උපකාර ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි: (3 ): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384

▼ කායගතා සතිය වඩා ගැනීම සතිසම්ප්‍රජන්‍යය පිණිස පවතී බලන්න: කායගතා සතියේ ප්‍රතිලාභ. මුලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: කායගතාසති වග්ග සූත්‍ර, පි. 125, EAN:1: Mindfulness Directed to the Body, p.52.

▼බුදුන් වහන්සේ, සති සම්ප්‍රජන්‍යය පිළිබඳව යහපත් ලෙසින් වදාරා ඇත. ඒ ධර්මතාවය සංඝයා එක්ව, ධර්මයේ චිරස්ථිතිය පිණිස සජ්ජායනා කිරීම සුදුසු ය යි සැරියුත් මහා තෙරුන් සංඝයාට උපදෙස් දී ඇත. මූලාශ්‍ර: දිඝ.නි: (3):10 සංගිති සූත්‍රය, පි. 372 , EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 362.

▼ සතිසම්ප්‍රජන්‍යය වඩන ආකාරය: 1) යම් වේදනාවක් ඇතිවූවිට, තමන්ට වේදනාවක් ඇතිවූ බව දනී 2) එම වේදනාව පවතිනතාක් කල් එම වේදනාව පවතින බව දනී 3) එම වේදනාව නැතිවූ විට වේදනාව නැතිවූ බව දනී...එලෙස සංඥා...සංඛාර පිළිබඳවද ආවර්ජනය කලයුතුවේ. සටහන්: * නන්ද තෙරුන් සතිසම්ප්‍රජන්‍ය වඩන ආකාරය බුදුන් වහන්සේ මේ සූත්‍රයේ පෙන්වා තිබේ. ** පිරිසිදු පරිපූර්ණ ආධ්‍යාත්මික ජීවිතය පිණිස සතිසම්ප්‍රජන්‍ය අවශ්‍යවේ. බලන්න: පිරිසිදු පරිපූර්ණ ආධ්‍යාත්මික ජීවිතය. මූලාශ්‍ර:අංගු.නි: ( 5): 8 නිපාත: 8.1.19. නන්ද සූත්‍රය, පි. 54, EAN:8: 9.9 Nanda, p. 41.

▼ භික්ෂුවක් දැනුම ඇතිව- සම්ප්‍රජන්‍ය ඇතිව වාසයකරන අන්දම බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත:

“ මේ සසුනේ මහණ, ඉදිරියට...පසුපසට යනවිට, ඒ අනුව බලනවිට, අත්පා දිගහැරීම, හැකිලීම...සිව්රු දැරීම...ආහාර පනා ගන්නාවිට...රස විඳිනවිට... මුත්‍රා...මළ පහ කරන විටද ... සතර ඉරියව්වේද... නිදි වැරිමෙහිද ... කතා කරනවිට, නිශ්බ්දව සිටිනවිට... ආදී සෑම විටකම මනානුවණින් යුතුව වාසය කරයි”. මූලාශ්‍ර: සංයු.නි: (4): සළායතනවග්ග: වේදනාසංයුත්ත: 7. 20 ගිලන්හල සූත්‍රය, පි. 424, ESN:36: Vedanāsamyutta, 7.7 The sick ward, p. 1339.

▼ වෙනත් මුලාශ්‍ර:1.“...සම්ප්‍රජන්‍යය යනු ප්‍රඥාවය, කිසියම් දෙයක් පිලිබඳ නුවණින් සලකා ලබාගන්නා පැහැදිලි අවබෝධය ය. සතිය ගැන කතා කරනවිට නුවණද සම්බන්ධ කරගත යුතුවේ. සති සම්ප්‍රජන්‍යය මගින් මහා බලයක් ඇතිවේ. සිහිය පමණක් ඇතිව නුවණ නොමැතිව ක්‍රියා කිරීමෙන් යහපත් ඵල නොලැබේ. යමක් කරනවිට ඒ දේ ගැන සිහිය හා පැහැදිලි අවබෝධය තිබීම අවශ්‍ය වේ. මේ මොහොතේ ඔබට ලැබෙන අත්දැකීම ගැන ඔබට යම් දැනීමක් ඇත. එය ඔබගේ සතියය. එම සතිය යහපත සඳහා යොදා ගැනීම පිණිස නම් ඔබ තුල ප්‍රඥාව තිබිය යුතුය: එනම්, ඒ කරන දේ (ඔබගේ හා අන්‍යයන්ගේ) යහපත පිණිසවේද? අයහපත පිණිසවේද? යයි නුවණින් සලකා බලා කටයුතු කිරීම. එලෙස සති ප්‍රඥා ව ඇතිව සකටයුතු කරනවිට, තමන් කරන දෙයින් නිසිපල ලැබිය හැකිවේ....” බුදුහිමි දක්වා ඇත්තේ මාර්ගයේ සාධක 8 ම යහපත් ලෙස ක්‍රියාත්මක කිරීමට නම් සාධක 3ක් ඒ සමග සම්බන්ධව ක්‍රියාත්මක විය යුතුය: සම්මා දිට්ඨි, සම්මා සති හා සම්මා වායාම. සම්මා සතිය අරිය අට මගේ සියලු සාධක සමග ක්‍රියාත්මක වීමෙන් මාර්ගය දියුණුවට පත්වේ. උදාහරන වශයෙන් පෙන්වා දී තිබෙන්නේ, යම් කෙනෙකු තුල සම්මා සතිය හා සම්මා දිට්ඨිය එක්ව ක්‍රියා කරනවිට , ඔහුට තුල ඇතිවන මිත්‍යා දිට්ඨිය හඳුනාගැනීමට හැකිවේ. වහා එය අතහැර දැමීමට ඔහු සමත්වේ. ඔහු තුල සම්මා දිට්ඨිය ඇතිවූ විට , සතිය නිසා ඒ බව ඔහු දැනගනි, එවිට ඒ නිවැරදි අවබෝධය ආරක්ෂා කරගැනීමට ඔහු යුහුසුලුවේ...”. සති සම්ප්‍රජන්‍යය පුරුදු පුහුණු කිරීම: අජාන් බ්‍රහ්මවංන්සෝ මහාතෙර, වස්සාන ධර්ම දේශනා- 1994, බෝධින්‍යාන, වන සේනාසනය, පර්ත්, බටහිර ඔස්ට්‍රේලියාව (ඉංග්‍රීසි බසින් පැවසු දේශනයේ කෙටි අනුවාදයකි).

2. “...සතිය යනු කිසියම් අත්දැකිමක්- විඳීමක් (experience) ගැන සිතේ ඇතිවන නොසෙල්වෙන- අචල අවධානය ය. සම්ප්‍රජන්‍යය (clear comprehension) යනු, එවැනි අචල අවධානයක් ඇතිවූවිට ඒ බව අවබෝධ කරගැනීමේ හැකියාවය. සම්ප්‍රජන්‍යය මගින් සිතේ ඇතිවන, එහෙත් වෙනස්වීයන යම්කිසි විශේසිත භාවයකින් යුතු යම් හැඟීමක් (sensation) , වේදනාවක් (feeling), සිතේ ගතියක් (mood), හෝ කල්පනාවක් (thought) ගැන සම්පුර්ණ වැටහීමක් ගෙනදේ. සතිය හා සම්ප්‍රජන්‍යය මගින් කෙනෙකුගේ අභ්‍යන්තර ජීවිතයේ එක් එක් මොහොතක් පාසා ඇතිවෙන සිතුවිලි පිළිබඳව දැනගැනිමට හැකියාව ඇතිවේ. මෙය බුදුදහමේ භාවනා ක්‍රමක් ලෙසින් හැඳින්විය හැකිය. අපට, අපගැනම ඍජු හා ගැඹුරු අවබෝධයක් ලබාදීමට ක්‍රමයක් සතිසම්ප්‍රජන්‍යය මගින් ඉදිරිපත් කරයි”. “Meditation a way of awakening” by Ajahn Sucitto,:Amaravati publications: 2011,

▲ සති සම්බොජ්ඣංගය- Enlightenment factor of mindfulness: මෙය සප්ත බොජ්ඣංග ධර්මයන්ගෙන් එකකි. බලන්න: බොජ්ඣංගධර්ම.

▲සාතාගිර යක්‍ෂ- Sathagira Yakka: සාතාගිර, බුදුන් වහන්සේ සරණගිය යක්‍ෂයෙකි, ඔහු බුදුන් වහන්සේගේ ගුණ වැනිම මෙහි දක්වා ඇත. බලන්න: යක්‍ෂ. මූලාශ්‍රය:ඛු.නි:සු.නි:උරගවග්ග:1-9 හේමවත සූත්‍රය, පි.69.

▲ සුත ධනය - wealth of learning: සුත ධනය (සුත=ශ්‍රවණය) ලෙසින් පෙන්වා ඇත්තේ ධර්මයේ බහුශ්‍රැතභාවයය. බලන්න: ධනය.

▲ සත් ආරිය පුද්ගලයෝ: පාලි: සත‍්ත අරියපුග‍්ගලා -7 Noble persons: ලෝකයේ විද්‍යාමාන උතුම් පුද්ගලයන් සත් දෙනෙක් ගැන බුදුන් වහන්සේ පෙන්වා ඇත. ඔවුන්ගේ ඉන්ද්‍රියධර්ම වර්ධනයවී ඇති ආකාරය අනුව ඔවුන් ආරිය පුද්ගලයන් ලෙසින් හඳුන්වයි. සටහන: උසස් පුහුණුවේ නිරත, සෝතාපන්න, සකදාගාමී, අනාගාමී මග හා ඵල ලබා ඇති, අර්හත් මගට පිවිසි භික්ෂුන් සත් දෙනාද ආරිය පුද්ගලයන් ලෙසින් පෙන්වා ඇත. බලන්න: සේඛ හා අසේඛ.

▼ ඉන්ද්‍රිය ධර්ම වර්ධනය වී ඇති ආකාරය අනුව ආරිය පුද්ගලයන් සත්දෙනා: 1) උභතෝභාග විමුක්තිය ලැබූ උතුමා (උභතොභාග විමුත‍්තො- one liberated-in-both ways ) චෙතෝ විමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ලබා අරහත්වයට පැමිණි උතුමා. බලන්න: උභතෝභාග විමුක්තිය, ආරිය වාසස්ථාන. 2) ප්‍රඥා විමුක්තිය ලැබූ උතුමන්-one liberated-by-wisdom: ඇතැම් පුද්ගලයන් අරූපසමාපත්ති නොමැතිව, ප්‍රඥාවෙන් අරියසත්‍ය දැක ආසව ක්‍ෂයකර අරහත්වය සාක්ෂාත් කරගනිති. සියලු කටයුතු නිමකර ඇතිනිසා ඔවුනට ප්‍රමාදවීමට කරුණක් නැත. සටහන්: * අටුවාවට අනුව ප්‍රඥා විමුක්තිය ලබන ආකාර 2 කි: සුඛවිපස්සනා භාවනාව මගින් හෝ සිව්ජාන වලින් ඕනෑම ජානසමාධියකින් එළියට පැමිණි අවස්ථාවේදී මේ තත්වය ලැබිය හැකිය. බලන්න: EMN: Note 703, p. 1129. ** විඥානය පිහිටන ස්ථාන 7 හා ආයතන 2 පිළිබඳ: ඇතිවීම, නැතිවීම, ආස්වාදය, ආදීනවය හා නිස්සරණය පිලිබඳ යථා අවබෝධය ලබා උපාදාන රහිතව මිදුන භික්ෂුව, ප්‍රඥා විමුක්තය යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: දීඝ:නි: (2) 2 මහානිදාන සූත්‍රය: 40-41 ඡෙද, පි. 118, EDN: 15 Mahānidāna Sutta: The Great Discourse on Origination, para. 33, p. 169. 3) කායසාක්ෂිය ලැබූ උතුමන්- a body-witness: මේ පුද්ගලයන් අරූපසමාපත්ති ඇතිව, ප්‍රඥාවෙන් ආරිය සත්‍ය දැක ඇතැම් ආසවයන් ප්‍රහීණයකර වාසයකරති. අරහත්වය ලබා නොමැතිනිසා ඔවුන් අප්‍රමාදව කටයුතු කළයුතුවේ යයි බුදුන් වහන්සේ වදාළහ. ඒ සඳහා ඔවුන් සුදුසු සෙනසුන්වල වාසය, කලණමිතුරු සේවනය, අධ්‍යාත්මික ඉන්ද්‍රිය වර්ධනය කළයුතුවේ. සටහන: ම.පු. අටුවාවට අනුව මේ ගණයට වැටෙන්නේ සෝතාපන්න, සකදාගාමී, අනාගාමී හා අරහත්මර්ගය ලබාගත් උතුමන්ය. බලන්න: EMN: note 704, p. 1129. 4) දිට්ඨිප්‍රාප්ත ලැබූ උතුමන්-one attained-to-view : මේ පුද්ගලයන් අරූපසමාපත්ති නොලැබුවද ප්‍රඥාවෙන් ආරිය සත්‍ය දැක ඇතැම් ආසවයන් ප්‍රහීණයකර වාසයකරති. ප්‍රඥාවෙන් ධර්මය - ආරියසත්‍ය යහපත් ලෙසින්ම දැක ඇතිනිසා ඔවුන් දිට්ඨිසම්පන්න යයි හඳුන්වති. ඔවුන් අප්‍රමාදව කටයුතු කළයුය යයි බුදුන්වහන්සේ වදාළහ. ඒ සඳහා ඔවුන් සුදුසු සෙනසුන්වල වාසය, කලණමිතුරු සේවනය, අධ්‍යාත්මික ඉන්ද්‍රිය වර්ධනය කළයුතුවේ. සටහන: ම.පු. අටුවාවට අනුව මේ ගණයට වැටෙන්නේ සෝතාපන්න, සකදාගාමී, අනාගාමී හා අරහත්මර්ගය ලබාගත් උතුමන්ය. බලන්න: EMN: note 705, p. 1129. 5) ශ්‍රද්ධාවිමුක්තය ලැබූ උතුමන්- one liberated by faith: මේ පුද්ගලයන් අරූපසමාපත්ති නොලැබුවද ප්‍රඥාවෙන් ආරිය සත්‍ය දැක ඇතැම් ආසවයන් ප්‍රහීණයකර වාසයකරති. තථාගතයන් පිළිබඳව මුල බැසගත් ශ්‍රද්ධාව ඔහුට ඇත. ඔවුන් අප්‍රමාදව කටයුතු කළයුතුවේ යයි බුදුන් වහන්සේ වදාළහ. ඒ සඳහා ඔවුන් සුදුසු සෙනසුන්වල වාසය, කලණමිතුරු සේවනය, අධ්‍යාත්මික ඉන්ද්‍රිය වර්ධනය කළයුතුවේ. සටහන: මේ පුද්ගලයන්, දිට්ඨිසම්පන්න පුද්ගලයන් ලෙසින්ම තථාගතයන්වහන්සේගේ ධර්මය ප්‍රඥාවෙන් විමසා නොමැත. බලන්න: EMN: note 707, p. 1129. 6) ධම්මානුසාරී ලැබූ උතුමන්-a Dhamma-follower: මේ පුද්ගලයන් අරූපසමාපත්ති ලබා නොමැත. ප්‍රඥාවෙන් දැක ආසව ප්‍රහීණය කර නැත. ඔවුන් තථාගතයන්වහන්සේගේ ධර්මය, යහපත්ලෙසින් සලකාබලා පිළිගෙන ඇත. එසේම ඔවුන්ට පංචඉන්ද්‍රිය ධර්ම ඇත: ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය හා ප්‍රඥාව. ඔවුන් අප්‍රමාදව කටයුතු කළයුතුය යයි බුදුන් වහන්සේ වදාළහ. ඒ සඳහා ඔවුන් සුදුසු සෙනසුන්වල වාසය, කලණමිතුරු සේවනය, ආධ්‍යාත්මික ඉන්ද්‍රිය වර්ධනය කළයුතුවේ. සටහන: ම.පු. අටුවාවට අනුව මේ පුද්ගලයන් සෝතාපන්න මාර්ගය ලබා ඇත. මොවුන්ගේ ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්ය. බලන්න: EMN: note 707, p. 1129. 7) ශ්‍රද්ධානුසාරී උතුමන්- a faith-follower: මේ පුද්ගලයන් අරූපසමාපත්ති ලබා නොමැත. ප්‍රඥාවෙන් දැක ආසව ප්‍රහීණය කර නැත. එහෙත්, ඔවුනට තථාගතයන්වහන්සේ පිළිබඳව යම්බඳු ශ්‍රද්ධාවක් හා ප්‍රේමයක් ඇත. එසේම ඔවුන්ට පංචඉන්ද්‍රිය ධර්ම ඇත: ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය හා ප්‍රඥාව. ඔවුන් අප්‍රමාදව කටයුතු කළයුතුය යයි බුදුන් වහන්සේ වදාළහ. ඒ සඳහා ඔවුන් සුදුසු සෙනසුන්වල වාසය, කලණමිතුරු සේවනය, ආධ්‍යාත්මික ඉන්ද්‍රිය වර්ධනය කළයුතුවේ. සටහන: ම.පු. අටුවාවට අනුව මේ පුද්ගලයන් සෝතාපන්න මාර්ගය ලබා ඇත. මොවුන්ගේ ශ්‍රද්ධාඉන්ද්‍රිය බලවත්ය. බලන්න: EMN: note 707, p. 1129. මූලාශ්‍ර: ම.නි: ( 2): 2.2.10 කීටාගිරි සූත්‍රය, පි. 252, EMN: 70: Kīṭāgiri Sutta, p. 536.

▼සත් ආරිය පුද්ගලයෝ ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිනෙය්‍ය, අංජලිකරණිය ගුණ ඇතිව ලෝකයාට උතුම් පිං කෙතක්ය (අනුත්තර පුණ්‍යකේෂ්ත්‍රයකි). මූලාශ්‍රය: අංගු.නි: (4) 7 නිපාත:අනුසයවග්ග:7.1.2.4 ආහුනෙය්‍යපුග්ගල සූත්‍රය,පි.314.

▲ සත්කාය නිරෝධය- The cessation of personal existence- Sakkāyanirodhaṃ: සත්කාය නිරෝධය ලෙසින් පෙන්වා ඇත්තේ සක්කාය දිට්ඨිය (මම, මගේ, මගේ ආත්මය යන හැඟීම් ) පහවීමය. බලන්න: සක්කායදිට්ඨිය. සටහන: අටුවාවට අනුව, සත්කාය නිරෝධය යනු තුන්ලෝකයේ භව පැවැත්ම (සසර) අවසන්වීමය, එනම් නිවන ලැබීමය. බලන්න: EAN: Note: 889, p. 627. මේ සූත්‍රයේදී, සත්කාය නිරෝධය ලබාගන්නා ක්‍රමවිධිය බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (2): 4 නිපාත: 4.4.3.8 චේතෝවිමුත්ති සූත්‍රය, පි. 342, EAN: 4: The Reservoir, 178.

▲ සත්කාර- Sathkaara: සත්කාර යනු සැලකිලි දැක්වීමය. බුදුන් වහන්සේ හා සංඝයා කෙරහි පැහැදුන ජනයා ඔවුන්ට සිව්පස යෙන් සත්කාර කළෝය. අන්‍ය ආගමික පිරිසට සත්කාර නොකළ නිසා ඔවුන් බුදුපිරිසට බොහෝ දොස් තැබුහ.ඒ ගැන සංඝයා බුදුන් වහන්සේට දැන්වූ විට, උන්වහන්සේ පෙන්වා දුන්නේ, එබඳු සත්කාර ආදිය ගැන උපධි රහිත පුද්ගලයෝ නොසැලවෙනබවය. මූලාශ්‍ර: ඛු.නි: උදානපාලිය: 2.4. සත්කාර සූත්‍රය, පි.180.

▼සත්කාර යෙන් යටවෙන සත්‍ව්යෝ දුගතියට පත්වෙන බව මෙහි දක්වා ඇත. සත්කාර හෝ අසත්කාර ගැන රහතුන්ගේ සැලකීමක් නොමැත. මූලාශ්‍ර: ඛු.නි: ඉතිවුත්තක: 3.4.2 සත්කාර සූත්‍රය, පි.444.

▼ ශාස්තෘන් වහන්සේට, ධර්මයට, ශික්ෂාවට, අප්‍රමාදටය, පටිසන්ථාරය ආදීන්ට සත්කාර කිරීමෙන් අකුසල දුරුවී කුසල වැඩිඑන බව මෙහිදී පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (4): 7 නිපාත:මහාවග්ග:7.2.2.6 සත්කාර ගරුකාර සූත්‍රය, පි.472.

▲ සත්තක පරම - Saththakaparama: සත්තක පරම යනු සෝතාපන්න ආරිය පුද්ගලයා අරහත්වය ලබන ආකාරයකි. උත්පත්ති 7 ක් තුල නිවන ලබාගැනීම. බලන්න: සෝතාපන්න.

▲ සතුල්ලප්කායික දෙවියෝ- Satullapkayika Deva: මේ දෙවිවරු බුදුන් වහන්සේ කෙරෙහි විස්වාශය ඇති දේව කණ්ඩායමකි. බලන්න: දේවලෝක.

▲ සත්පුරුෂධම්ම- අසත්පුරුෂධම්ම- Sathpurusha & Asathpurusha Dhamma: සත්පුරුෂධම්ම-සප්පුරිෂධම්ම ලෙසින් මෙහි දක්වා ඇත්තේ සම්මා දිට්ඨිය පෙරටුකරගත් නිවැරදි මගය. අසත්පුරුෂධම්ම-අසප්පුරිෂධම්ම යනු මිථ්‍යාදිට්ඨිය පෙරටුකරගත් වැරදි මගය. බලන්න: මිථ්‍යාත්වය හා සම්‍යක්තවය. මූලාශ්‍රය: අංගු.නි: (6): 10 නිපාත: අරියවග්ග: 10.3.5.4 සප්පුරිෂධම්ම සූත්‍රය, පි. 476.

▼ බුදුන්වහන්සේ වදාළ ධර්මය, සත්පුරුෂ ධර්මයය, අසත්පුරුෂ ධර්මයය ඊට විරුද්ධ ධර්මයය. සත්පුරුෂ ධර්මය නිවැරදි මග ගැනීමය. අසත්පුරුෂ ධර්මය නම් වැරදිමග ගැනීමය. බලන්න: මිථ්‍යාත්වය හා සම්‍යක්තවය. මූලාශ්‍ර:අංගු.නි:(6 ):10 නිපාත:10.3.5.4 සප්පුරිසධම්මසූත්‍රය,පි.476, EAN:10:Noble, p.548.

▼ සත්පුරුෂයා ධර්මයේ හැසිරේ, අසත් පුරුෂයා ධර්මයේ නොහැසිරේ: සත්පුරුෂයකුගේ ස්වාභාවය : ඔහු උඩඟු නැත, අන් අය පහත් නොකරයි, ධර්මය යහපත් ලෙස පිළිපදි, ධර්මය අවබෝධ කර දුක නිවා ගනී. අසත්පුරුෂයාට එවැනි යහපත් ගුණ නැත. ඔහු උඩඟුය, අනුන් හෙලා දකී, ධර්ම අවබෝධය නොමැති නිසා සසර දික්කරගනි. මූලාශ්‍ර: ම.නි: (3): 3.2.3 සප්පුරිස සූත්‍රය, පි. 170, EMN: 113-Sappurisa Sutta, p. 820.

▼ සත්පුරුෂයා අනුගමනය කරන සත්පුරුෂ ධර්මය : සම්‍යක්තවය, නිවැරදී මගය යයි මෙහි පෙන්වා ඇත. අනුවණ අසත් පුරුෂයාගේ මග වැරදි මගය - මිථ්‍යාත්වය. බලන්න: මිථ්‍යාත්වය හා සම්‍යක්තවය. මූලාශ්‍ර: අංගු.නි: (6 ):10 නිපාත: සප්පුරිසධම්ම සූත්‍රය, පි.476, EAN: 10: V Noble-P.548.

▼ දසකුසලයේ යෙදීම සත්පුරුෂ ධර්මයය. දසඅකුසලය අසත්පුරුෂ ධර්මයය.මූලාශ්‍ර:අංගු.නි:(6):10 නිපාත:10.4.4.4.සප්පුරිසධම්ම සූත්‍රය,පි.538,EAN:10:192, p. 556.

▼ දෙවිවරු සත්පුරුෂ ඇසුර අගයකරති: සතුල්ලපකායික දේවතාවන් බුදුන් වහන්සේ බැහැදැක සත්පුරුෂ ඇසුරේ අනුසස් ගැන මෙසේ පැවසුහ:

“සත්පුරුෂයන් නිසා සද්ධර්මය අවබෝධ කරණ අය: පිරිහීමට පත් නොවේ, දියණුව ලබයි, ප්‍රඥාව ලබයි, ශෝකය ඇතිකරණ කරුණු නිසා ශෝකයට පත්නොවේ, නැදෑ පිරිස අතර බබලයි, මරණින් මතු සුගතියේ පහළවේ, ඔවුන් බොහෝකලක් සුවසේ ජීවත්වේ”.

බුදුන්වහන්සේ එම ප්‍රකාශය අනුමත කර මෙසේ වදාළහ:

“ සැමවිටම සත් පුරුෂයන් ඇසුරු කලයුතුය - ඔවුන් හා මිත්‍රත්වය පෝෂණය කරගතයුතුය, සත්පුරුෂයන්ගෙන් සද්ධර්මය දැනගෙන - සියලු දුක කෙළෙවර කර ගනී.” මූලාශ්‍ර: සංයු.නි: (1): සගාථවග්ග: දේවතා සංයුත්තය: සබභි සූත්‍රය, පි.58, ESN:1: Devatha samyutta: 31-1 With the good, p. 94.

▼ අසත්පුරුෂ ආශ්‍රය නිසා සද්ධර්මය ශ්‍රවණයට ඉඩ නොලැබේ, අසද්ධර්මය පෝෂණයවේ. සත්පුරුෂ ආශ්‍රය නිසා සද්ධර්මය ශ්‍රවණයට ඉඩකඩ ලැබේ, ආධ්‍යාත්මික මග දියණුවේ. මූලාශ්‍ර: අංගු.නි : (6 ): 10 නිපාත: යමක වග්ග: 10.2.2.1. අවිද්‍යා සූත්‍රය, පි.232, EAN:10: II Pairs: 61.1.Ignorance, p. 517.

▼ ආධ්‍යාත්මික මාර්ගය වර්ධනය පිණිස සත්පුරුෂ ආශ්‍රය බොහෝ උපකාරී වේ . බලන්න: බහු උපකාර ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි:(3):11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼ අසත් පුරුෂ ආශ්‍රය නිසා අයහපතද, සත්පුරුෂ ආශ්‍රය නිසා යහපතද සිදුවේ. මේ පිලිබඳ දක්වා ඇති උපාමා: 1) විෂපෙවූ ඊතලය උපමාව: විෂ පෙවූ ඊතලයක්, අනික් ඊතල හා එකතු කළහොත්, ඒවාටද විෂ ආලේපනවේ. එලෙස අසත්පුරුෂ ඇසුර අයහපත ගෙනදේ. 2) කුණුමස් උපමාව: එසේම කුණුවූ මස් කුසතණ යෙන් එතුවත් එහි දුගඳ නතර කළ නොහැකිය. එලෙස අසත්පුරුෂයා සේවනය කරනවිට අයහපත පැතිරේ. තුවරලා නම් සුවඳ විහිදෙන ද්‍රව්‍ය, කොළයකින් ඔතා තැබුවද ඉන් සුවඳ විහිදේ. එලෙස, සත් පුරුෂ ආශ්‍රය යහපත ගෙනදේ. මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක: 3.3.7 සුඛ ප්‍රාර්ථනා සූත්‍රය, පි.436.

▲ සත්පුරුෂයා හා අසත්පුරුෂයා: පාලි: සපපුරිසො, අසපපුරිසො -True man and Un-true man/ Superior man & Inferior man: ධර්මයේ සත්පුරුෂයා ලෙසින් පෙන්වා ඇත්තේ ධර්මය දත් නුවණැති පුද්ගලයාය. ඔහු සත්පුරුෂ ධර්මය-ආරිය ධර්මය පිළිපදි. අසත්පුරුෂයා යනු ආරිය ධර්මය නොදත් අනුවණ පුද්ගලයාය. බලන්න: ශ්‍රැතවත් ආරිය ශ්‍රාවක හා අශ්‍රැතවත් පෘතග්ජන. ශබ්දකෝෂ : පාසිශ: පි.112: “අසන්ත: අසත්පුරුෂයා, නොසන්සුන් තැනැත්තා;අසප්පුරිස: දුෂටයා; පි. 501: ‘සප්පුරිස: සත්පුරුෂයා, ලෝවැඩකරන්නා”. B.D: p.298: “asappurisa: bad men- through companionship with bad men comes listening to bad advice’; sappurisa: good men: companionship with good men comes listening to good advice…” P.T.S: p.217: “Asappurisa: low, bad or unworthy man-anariya’; p.1533: “Sappurisa- a good, worthy man- equal to ariya”.

▼ සත්පුරුෂයා හා අසත් පුරුෂයා කවරේද: යම්කෙනෙක් සම්මා දිට්ඨිය... සම්මා සමාධිය (ආරිය අටමග) ඇතිව සිටි නම් ඔහු සත් පුරුෂයා - උසස් පුද්ගලයායයි බුදුන් වහන්සේ වදාළහ. යම්කෙනෙක් මිථ්‍යා දිට්ඨිය...මිථ්‍යා සමාධිය ඇතිව සිටින්නේ නම් ඔහු අසත් පුරුෂයා- පහත් පුද්ගලයාය. මූලාශ්‍ර:සංයු.නි (5-1):මහාවග්ග: මග්ගසංයුත්ත: 1.3.5 අසප්පුරිස සූත්‍රය, පි. 60, ESN: Maggasamyutta: 45: 25.5 The Inferior Person p. 1631.

▼ අවවාද කරන, අනුසාසනා කරණ, අනුන් පාපයෙන් වළකන තැනැත්තා සත්පුරුෂයන්ට ප්‍රියවේ, එවන් අය අසත්පුරුෂයන්ට ප්‍රිය නොවේ

“ ඔවදෙය්‍යානු සාසෙය්‍ය - අසබබභා ච නිවාර යෙ සතං හි සො පියො හොති - අසතං හොති අපපියො”

සටහන: සතං= සත්පුරුෂ ; අසතං = අසත්පුරුෂ: මූලාශ්‍රය: ධම්මපදය: 6 පණ්ඩිත වගග, 2 ගාථාව.

▲ සත්පුරුෂතරයා හා අසත්පුරුෂතරයා: පාලි: සප‍්පුරිසතරො- අසප‍්පුරිසතරො- Great True Person and Inferior un-true Person බුදුන්වහන්සේ සත්පුරුෂතරයා ලෙසින් හඳුන්වා ඇත්තේ සත්පුරුෂයාට වඩා උතුම් පුද්ගලයාටය. එනම් සම්මා ඥානය හා සම්මා විමුක්තිය ලැබූ උතුමාටය (රහතන්වහන්සේ). අසත්පුරුෂතරයා යනු අසත්පුරුෂයාට වඩා පහත් පුද්ගලයාටය. ඔහු වැරදි මග ගමන් කර තමන් විමුක්තිය ලබා ඇතයි අනුවණ ලෙසින් සිතයි. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග:මග්ගසංයුත්ත: 1.3.6 දෙවන සප්පුරිස සූත්‍රය, පි. 62, ESN: 45: Maggasamyutta: 26.6 The Inferior Person-2 p. 1632.

▲ සත්පුරුෂයා ගේ ලක්ෂන: ඔහු අනුන්ගේ අගුණ ප්‍රචාරනොකරති, අනුන්ගේ ගුණ කියයි, තමාගේ අගුණ සඟවා නොගනී, තමාගේ ගුණ ප්‍රචාර නොකරති. මූලාශ්‍රය: අංගු.නි: (2) 4 නිපාත:4.2.3.3. අස්ප්පුරිස වධුකා සූත්‍රය, පි.166.

▲සත්පුරුෂ දාන හා අසත්පුරුෂ දාන - sathpurisa dana & asathpurisa dana: සකස් කර, ගරුසරුඇතිව දෙන යහපත් දානය සත්පුරිසදානයය, එසේ නොකර පිළිගන්වන දානය අසත් පුරුෂ දානයකි. බලන්න: දාන. මූලාශ්‍රය:අංගු.නි: (3) 5 නිපාත:තිකන්ඩකවග්ග:5.3.5.7 අසත්පුරිසදාන,පි.300.

▲ සත්පුරුෂ භූමි හා අසත්පුරුෂ භූමි- පාලි: සප‍්පුරිසභූමි, අසප‍්පුරිසභූමි - the plane of the good person & the plane of the bad person. බුදුන් වහන්සේ සත්පුරුෂ භූමි හා අසත්පුරුෂ භූමි මෙසේ දක්වා ඇත: කෘතඥතාවය ඇති කෙළෙහිගුණ දන්නා යහපත්- හොඳ- (grateful and thankful) පුද්ගලයන් වාසය කරන තැන සත්පුරුෂ භූමියය. අකෘතඥතාවය ඇති කෙළෙහිගුණ නො දන්නා අයහපත් -නරක (ungrateful and unthankful) පුද්ගලයන් වාසය කරන තැන අසත්පුරුෂ භූමියය. බලන්න: සත්පුරුෂ හා අසත්පුරුෂ, කෘතඥබව හා අකෘතඥබව. මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත: 2.1.4.1 සූත්‍රය, පි.157,EAN: 2: 32.11 Sutta, p.61 .

▲ සත් සම්බුදුවරු- The seven Enlightened Buddhas’: සත් සම්බුදුවරු ලෙසින් දක්වා ඇත්තේ ගෝතම බුදුන් වහන්සේ ඇතුළු පෙර වැඩසිටි බුදුවරුන්ය: විපස්සි, සිඛි,වෙස්සභු, කකුසඳ, කෝණාගමන, කස්සප හා ගොතම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාය. මූලාශ්‍ර: ඛු.නි:බුද්ධවංසය, 19-25, සංයු.නි: (2): නිදානවග්ග:අභිසමයසංයුත්ත, බුද්ධවග්ග: සූත්‍ර 1.1.4 විපස්සි සූත්‍රය, පි.30 - 1.1.10 ගෝතම සූත්‍රය, පි.37.

▼අහිමෙත්ත සූත්‍රයේ (ඛන්ධ පිරිත) අවසාන ඡෙදයේ, සත් සම්බුදුවරුන්ට නමස්කාර කිරීම පිළිබඳව සඳහන් කර ඇත:

“...මම ඒ භාග්‍යවතුන්වහන්සේට නමස්කාර කරමි, සත් සම්බුදුවරුන්ට නමස්කාර කරමි”. සටහන: ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිකර, සතුන්, සර්පයෙන්. අමනුෂ්‍ය ආදීන්ගෙන් ආරක්ෂාව ලබා ගැනීම පිණිස මෙම පිරිත සජ්ජායනා කරයි. බලන්න: මෙත්තා ආනිසංස, නාග. මූලාශ්‍රය: අංගු.නි: (2): 4 නිපාත: 4.2.2.7 අහි මෙත්ත සුත්‍රය (ඛන්ධ පිරිත), පි. 156.

▲සත්‍ය- truth: රස අතුරින් සත්‍ය රසය අග්‍රයයි-බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: ඉතාම මිහිරිදේ. මූලාශ්‍ර: සංයු.නි: ( 1): සගාථවග්ග:දේවතාසංයුත්ත: 1.8.3 විත්ත සූත්‍රය, පි. 104, ESN: 1: Devatasmyutta: 1: 73.3. Treasure, p.155.

▲සත්‍ය අවබෝධය : පාලි: සච‍්චානුබොධො - awakening to truth -Saccānubodha: ධර්මයට අනුව සත්‍ය අවබෝධය යනු විමුක්තිය (නිවන) සාක්ෂාත් කරගැනීමය.

සත්‍ය අවබෝධ කරගන්නා ක්‍රම විධිය:ශ්‍රද්ධාව පෙරටුකරගත් කරුණු 13 ක්, ක්‍රමානුකුලව පිලිපැදීමෙන් පරම සත්‍ය හෙවත් නිවන අවබෝධ කරගත හැකිබව බුදුන් වහන්සේ පෙන්වා ඇත. එම ක්‍රියා පරිපාටිය පිළිබඳව බලන්න: ධර්මය ක්‍රමානුකූලව පුහුණුවීම- gradual training.මූලාශ්‍ර: ම.නි :( 2):2.5.5. චංකී සූත්‍රය, පි. 661, EMN:95-Cankī Sutta, p. 704.

▲ සත්‍ය ඥානය-true knowledge : ධර්මයට අනුව සත්‍ය ඥානය යනු විද්‍යාව ඇතිකර විමුක්තිය-නිවන ලබාදෙන නුවණය, විජ්ජාභාගිය ධර්ම අවබෝධයය. බලන්න: විජ්ජාභාගිය ධර්ම.සටහන: * අටුවාවට අනුව: සත්‍ය ඥාන 8 කි: 1) විපස්සනා නුවණ - insight knowledge 2) මනෝමය කය ඇතිකරගන්නා නුවණ- the mind-made body 3-8 ) සය අභිඥා- six kinds of direct knowledge බලන්න: සය අභිඥා. ** The qualities associated with these eight are the things that pertain to true knowledge. Or, if one of the eight is taken to be true knowledge, the others are ‘qualities that pertain to true knowledge’. බලන්න: EAN:1: note: 205, p. 591.

▼ කායගතා සතිය වඩා ගැනීම සත්‍ය ඥාන අවබෝධය පිණිස පවතී මූලාශ්‍ර: අංගු.නි: (1 ): 1 නිපාත: කායගතාසති වග්ග: 1.16.7.1 සූත්‍රය. පි. 125, EAN:1: Mindfulness Directed to the Body, p.52.

▲සොතානුධත ධර්ම-Teaching followed by ear: සොතානුධත ධර්මය නම්, කණෙන් අසා (ශ්‍රවණයකර) , සජ්ජායනා කරමින්, සිතින් පරික්ෂා කර, නුවණින් පිරික්සන ලද (ප්‍රතිවේධකල) ධර්ම ඉගැන්විම්ය:

“සොතානුධතානං භික‍්ඛවෙ ධම‍්මානං වචසා පරිචිතානං මනසානු පෙක‍්ඛීතානං දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධානං...”.(...followed the teachings by ear, recited them verbally, examined them with the mind, and penetrated them well by view). එලෙස ධර්මය දන්නාවිට ආනිසංස (අනුසස්) 4 ක් ඇතිවේ: 1) එසේ ධර්මය මැනවින් ප්‍රගුණකර, සිහිය පවත්වා නොගෙන මරණයට පත්වූවහොත්, දේවනිකායක පහළවේ. එහිදී අන්‍ය දෙවියන් ධර්මය පවසනවිට ඔහුගේ සිහිය අවදිවේ, එනිසා විශේෂභාගිබව ඉක්මනින්ම ලබා ගනී. 2) එසේ ධර්මය මැනවින් ප්‍රගුණකර, සිහිය පවත්වා නොගෙන මරණයට පත්වූවහොත්, දේව නිකායක පහළවේ. එහිදීධර්මය ප්‍රගුණ කල, ඉද්දිබල ඇති අරහත් දෙවියෙක් ධර්මය දේශනා කරනවිට ඔහුගේ සිහිය අවදිවේ, එනිසා විශේෂභාගිබව ඉක්මනින්ම ලබා ගනී. මෙහිදී දැක්වූ උපමාව: බෙර සද්ද උපමාව: බෙර සද්ද හොඳින් දන්නා පුද්ගලයෙක්, ගමනක් යැමට මාර්ගයට පැමිණේ. එහිදී ඔහුට බෙර සද්දයක් ඇසේ, එවිට ඒ සද්දය කුමන බෙරයකින් ඇතිවෙන්නේද යයි ඔහු යහපත් ලෙසින්ම දනී. එලෙස, ධර්මය පෙර පුරුදු කළනිසා, ඊළඟ උපතේදී, ධර්මය ඇසෙන විට පෙර සිහිය ඇතිවේ. 3) එසේ ධර්මය මැනවින් ප්‍රගුණකර, සිහිය පවත්වා නොගෙන මරණයට පත්වූවහොත්, දේවනිකායක පහළවේ. එහි සිටිනා තරුණ දෙවියෙක් දේවසභාවේ ධර්මය උගන්වනවිට ඔහුගේ සිහිය අවදිවේ, එනිසා විශේෂභාගිබව ඉක්මනින්ම ලබා ගනී. 4) එසේ ධර්මය මැනවින් ප්‍රගුණකර, සිහිය පවත්වා නොගෙන මරණයට පත්වූවහොත්, දේවනිකායක පහළවේ. ඔහුගේ පෙර භවයේ ඇසුරු කල දෙවියෙක් එහිදී හමුවී, පෙරදී උගත් ධර්මය සිහිපත් කරදෙයි. එවිට, ඔහුගේ සිහිය අවදිවේ, එනිසා විශේෂභාගිබව ඉක්මනින්ම ලබා ගනී. සටහන: ධර්මයේ බහුශ්‍රැත වීම පිණිස, සොතානුධතබව එක් අංගයකි. මූලාශ්‍රය: අංගු.නි: (2): 4 නිපාත: මහාවග්ග: 4.4.5.1 සොතානුධත සූත්‍රය, පි.380.

▲ සොත්ථිය- A Scholar: සොත්ථිය ලෙසින් පෙන්වා ඇත්තේ විද්වතාය, පඬිවරයාය, ප්‍රඥාවන්තයාය, ආරිය පුද්ගලයාය.බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“මහණෙනි, සත් කරුණු නොමැති හෙයින් ‘සොත්ථිය’ නම්වේ”

සත්කරුණු:සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බතපරාමාස, රාගය, ද්වේශය, මෝහය, මානය. මූලාශ්‍රය: අංගු.නි: (4):7 නිපාත: සමනවග්ග:7.2.4.4.සොත්ථියධම්ම සූත්‍රය, පි.509.

▼ සිත කෙලෙසන, පුනර්භවය ඇතිකරවන, කයට සිතට දුක් විපාක ලබාදෙන, මතු කල ජාති ජරා මරණ දුක් ඇතිකරවන, සියලු ලාමක අකුසල් හැම අකුසල් හැම සන්සිඳවූ නිසා ඔහු ‘සොත්තියො - උතුම් විද්වතා’ - යයි හඳුන්වන බව මෙහි පෙන්වා ඇත. මූලාශ්‍ර: ම.නි: (1): 1.4.9 මහා අස්ස්පුර සූත්‍රය, පි.652,EMN: 39 Mahā-Assapura Sutta, p.342.

▲ සෝතය- stream: සෝතය යනු දිය පහරය. ධර්මයේ ‘සෝතය’ ලෙසින් පෙන්වා ඇත්තේ ආරිය අටමගය. බුදුන් වහන්සේ විසින් විමසනු ලැබුව, සැරියුත් තෙරුන් මෙසේ වදාළහ:

“...වහන්ස, මේ ආරියඅටමගම සෝතයය. එනම්: සම්මා දිට්ඨි...” (පෙරටුකරගත් ආරිය අටමගය). (This Noble Eightfold Path, venerable sir, is the stream; that is, right view...). සටහන: ඒ මගට වැටුන පුද්ගලයා ආරිය අටමගින් යුක්තය, ඔහු සෝතාපන්නය. මූලාශ්‍ර: සංයු.නි:(5-2) සෝතාපතති සංයුත්ත: වේලුද්වරවග්ග:11.1.5 සාරිපුත්‍ර සූත්‍ර, පි. 170, ESN: Sotapattisamyutta: Sāriputta 2, p.2187.

▲ සෝත ඉන්ද්‍රිය- Ear faculty: සෝත ඉන්ද්‍රිය- කණ, සය ඉන්ද්‍රියන්ගෙන් එකකි, මෙය සෝතආයතනය ලෙසින්ද දක්වා ඇත. බලන්න: ඉන්ද්‍රිය, සළායතන.

▲ සෝතාපන්න: පාලි: සොතාපන‍්නො-stream-entry: නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස ධර්ම මාර්ගයේ සාක්ෂාත් කර ගතයුතු පළමු උතුම් පියවර සෝතාපන්න (සෝවාන්) මග ඵල ලැබීමය, එම පියවර සාක්ෂාත් කරගත් පුද්ගලයා සෝතාපත්ති ය. (stream winner). ධර්ම ප්‍රවාහයට (stream of the noble path) සොතයට- ඇතුළුවූ නිසා ඔහු සෝතාපත්ති වේ. සෝතාපන්න ආරිය පුද්ගලයාට, බුදුන්වහන්සේ කෙරේහි නියත විශ්වාසය ඇත. සොතාපත්ති පුද්ගලයන්ගේ විවිධත්ව පිණිස බලන්න: ත්‍රිවිධ සෝතාපන්න පුද්ගලයෝ. මූලාශ්‍ර:සංයු.නි (5-2): මහාවග්ග: සොතාපත්ති සංයුත්ත: වේලුද්වාරවග්ග: 11.1.4 හා 11.1.5 සාරිපුත්‍ර සූත්‍ර, පි. 168, ESN: 55: Sotapattisamyutta: Sāriputta 1 & 2, p.2187.

▼ සොත්පන්න මග පසක් කර ගැනීම් පිණිස කරුණු 6ක් සපුරා ගත යුතුවේ: 1) සක්කායදිට්ඨිය පහකිරීම 2) විචිකිච්චාව පහකිරීම 3) සීලබ්බත පරාමාස පහකිරීම 4) අපායගමනිය රාගය 5) අපායගමනිය දෝසය 6) අපායගමනිය මොහය. ඒ කරුණු පහ කලවිට දිට්ඨිසම්පන්න වේ.බලන්න: දිට්ඨිසම්පන්න. මූලාශ්‍රය:අංගු.නි: (4): 6 නිපාත:6.2.4.5 අප්පහාය සූත්‍රය, පි.266.

▼සෝතාපන්න ආරිය පුද්ගලයා සතර කරුණු ඇතිව වාසය කරයි. 1-3: ත්‍රිවිධ රත්නය පිලිබඳ විශ්වාසය ඇතිව ජීවත්වීම හා 4. පරි පුර්ණ ශිලය (ආරිය කාන්ත ශිලය) තිබීම. ඔහු කිසිවිටක දුගතියක යළි උපතක් නොලබයි, ඒකාන්තයෙන්ම සම්බෝධිය (නිවන) ලබා ගනී. ශ්‍රද්ධාව, ශිලය ඇතිව ධර්මයේ ප්‍රසාදයට - විශ්වාසී බවට පැමිණෙන පුද්ගලයා, බ්‍රහ්මචාරි ජීවිතය පදනම් කරගෙන, යථා කාලයේදී සැපත ලබයි (නිවන) යයි බුදුන් වහන්සේ වදාළහ:

“යෙසං සද‍්ධා ච සීලඤ‍්ච පසාදො ධම‍්මදස‍්සනං තෙ වෙ කාලෙන පච‍්චන‍්ති බ්‍රහ‍්මචරියොගධං සුඛන‍්ති”

සටහන්: * අටුවාවට අනුව: ‘බ්‍රහ‍්මචරියොගධං සුඛන‍්ති’: එම සැපය නම් සෝතාපන්න බැවින් ඉහළ මගඵල (සකදාගාමි - අරහත්) ලැබීමේ ප්‍රීතිය ය. ** ඉහත ගාථාවේ සඳහන් ‘පසාදො ධම‍්මදස‍්සනං’ ධර්ම මාර්ගයට අනුබද්ධ වූ ප්‍රසාදය, එනම් ‘මග‍්ගපසාදය’(මාර්ගය පිලිබඳ නියතබව) හෝ මාර්ගයට පැමිණි කෙනෙක් ඒ පිළිබඳ සමාලෝචනය කිරිමෙන් ඇතිවන ප්‍රසාදය - සතුට ය. (ආගතමග‍්ගස‍්ස පච‍්චවෙක‍්ඛණපසාදා) බලන්න:ESN: note: 323, p. 2426. මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග: සොතාපත්ති සංයුත්ත:11.1.2 බ්‍රහ්මචරියෝගධ සූත්‍රය, පි. 164, ESN:55: Sotapattisamyutta: 2.2 Grounded, p. 2184.

▼සෝතාපන්න පුද්ගලයා සිව්දහමෙන් යුක්ත නිසා අපාය බිය හැර දමා ඇත.

“...භික‍්ඛවෙ, අරියසාවකො පිණ‍්ඩියාලොපෙන යාපෙති. නාන‍්තතානි ධාරෙති. සො චතුහි ධම‍්මෙහි සමන‍්නාගතො. අථ ඛො සො පරිමුත‍්තො නිරයා, පරිමුත‍්තො තිරච‍්ඡාන යොනියො, පරිමුත‍්තො පෙත‍්තිවිසයා, පරිමුත‍්තො අපායදුග‍්ගතිවිනිපාතා...”. ‘මහණෙනි, ආරිය ශ්‍රාවකයා පිඬු සිඟිමෙන් යැපේ, කඩමලු දරා සිටි, එහෙත්, ඔහු සිව් දහමින් යුක්තය. එමනිසා, ඔහු නිරයෙන්, තිරිසන් ලෝකයෙන්, ප්‍රේත ලෝකයෙන්, අපාය-දුගතිය-විනිපාත යෙන් මිදුනේය’. (අයහපත් ස්ථාන වල යලි උපතෙන් මිදුනේය).

“...කතමෙහි චතුහි: ඉධ භික‍්ඛවෙ, අරියසාවකො බුද‍්ධො අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: ‘ඉතිපි සො භගවා...’, ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: ‘සවක‍්ඛාතො භගවතා ධම‍්මො...’, සඬෙඝා අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: ‘සුපටිපන‍්නො භගවතො සාවකසඬෙඝා...’, අරියකාන‍්ත සීලෙහි සමන‍්නාගතො හොති අඛණ‍්ඩහි අචඡිද‍්දෙහි අසබලෙහි අකම‍්මාසෙහි භූජිස‍්සොහි විඤ‍්ඤුප‍්පසත්‍ථෙහි අපරාමට‍්ඨෙහි සමාධිසංවත‍්තතනිකෙහි. ඉමෙහි චතුහි සමන‍්නාගතො හොති”. එම ආරිය ශ්‍රාවකයාහට බුදුන්වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි අචල විශ්වාසය ඇත, පැහැදීම ඇත. නව බුදුගුණ, දහම් ගුණ හා සඟ ගුණ ඔහු පිළිගනී). පරිපුර්ණ ආරිය කාන්ත ශිලය ඔහුට ඇත. ඔහු එම සිව්දහමෙන් යුතුව සිටි. මූලාශ්‍ර: සංයු.නි: (5-2 ): මහාවග්ග: සොතාපත්තිසංයුත්ත: වේළුද්වාරවග්ග: 11.1.1 රාජ සූත්‍රය, පි. 162, ESN: Sotapattisamyutta: 1.1 Wheel-Turning Monarch, p. 2183.

▼සෝතාපන්නවීම, සක්විතිරජකම ලැබීමට වඩා උතුම්ය: බුදුන්වහන්සේ මෙසේ වදාළහ:

“ යො ච භික‍්ඛවෙ, චතුන‍්නං දීපානං පටිලාභො, යො චතුන‍්නං ධම‍්මානං පටිලාභො, චතුන‍්නං දීපානං පටිලාභො චතුන‍්නං ධම‍්මානං පටිලාභස‍්ස කලං නාග‍්ඝති සොලසින‍්ති”.‘සිව් දිවයින් ලැබීමෙන් ලබන සක්විතිරජකම, සිව් දහම මගින් ලැබෙන සෝතාපන්න බව, හා සසඳන්නේ නම්, එහි අගය 16 න් එකක වටිනාකම බඳුය. (සොළොස් කලාවෙන් එක් කලාවක පමණ වටිනාකම ඇත) . එනම්, සෝතාපත්තියට පැමිණීම සක්විති රජකමට වඩා අති උතුම් ලැබීමකි’. ( bhikkhus, between the obtaining of sovereignty over the four continents and the obtaining of the four things, the obtaining of sovereignty over the four continents is not worth a sixteenth part of the obtaining of the four things): මූලාශ්‍ර:සංයු.නි:(5-2): මහාවග්ග: සොතාපත්ති සංයුත්ත: 11.1.1 රාජසූත්‍රය. පි. 162, ESN: 55: Sotapattisamyutta: 55: 1.1 Wheel-turning Monarch, p, 2183.

▼මෙලොවදී පංචභය හා වෛර නැතිකරගන්නා ආරිය පුද්ගලයාට සෝතාපන්න බවට අවශ්‍ය ධර්මතා ඇතිකරගැනීමට හැකියාව ඇත. බලන්න: පංචභය හා වෛර, සිව්දහම.: මූලාශ්‍ර:අංගු.නි: (6 ): 10 නිපාත, 10.2.5.2. භය සුත්‍රය,පි.354, EAN:10: 92-2. Enmity, p.533.

▼ සෝතාපන්න ආරිය පුද්ගලයා අපාය භය අවසන්කොට ඇත.: මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග: සච්චසංයුත්ත:සිංසපාවනවග්ග:12.4.6 පාණ සූත්‍රය, පි.322.

▼ පංච ඉන්ද්‍රිය අවබෝධය නිසා සෝතාපන්න මගඵල ඇතිවේ

“පඤ‍්චිමානි භික‍්ඛවෙ ඉනද්‍රියානි...යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකො ඉමෙසං පඤ‍්චන‍්නං ඉනද්‍රියානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභුතං පජානති අයං වූච‍්චති භික‍්ඛවෙ, අරියසාවකො සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධි පරායණොති”.‘යම්කලක, ආරිය ශ්‍රාවකයා, මේ පංච ඉන්ද්‍රියයන් ගේ ඇතිවීම, ප්‍රහාණය, ආස්වාදය, ආදීනවය හා නිස්සරණය, පිලිබඳ යථා අවබෝධය ලබන්නේ නම්, එවිට ඔහු නිරය, විනිපාතිකය ආදී දුගතියන් හැරදමා, නියත සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්න බව ලබාගන්නේය’. මූලාශ්‍ර: සංයු: නි: (5-1): මහාවග්ග: ඉන්ද්‍රියසංයුත්ත: 4.1.2 සෝත සූත්‍රය, පි. 374, ESN: Mahavagga: Indriyasamyutta: 2.2 Stream Enterer, p. 192.

▼ආරිය ශ්‍රාවකයා, පංච උපාදානස්කන්ධයේ, ඇතිවීම, නැතිවීම, ආස්වාදය, ආදීනව හා නිස්සරණය යහපත් ලෙසින් අවබෝධ කරගත්විට ඔහු සෝතාපන්න වේ යයි බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍ර: සංයු.නි : (3 ): ඛන්ධසංයුත්ත: 1.1.7 සෝතාපන්න සූත්‍රය, පි. 306, ESN:22: 109.7 Stream Enterer, p. 1098.

▼ සෝතාපන්න ආරිය ශ්‍රාවකයාගේ විහරණය: සෝතාපන්න ආරිය ශ්‍රාවකයා, නිරතුරුව යෙදී සිටින විහරණ: බුද්ධ, ධම්ම හා සංඝ අනුසති, ශිලානුසතිය, ත්‍යාගානුසතිය, දේවානුසතිය. බලන්න: අනුසති භාවනා. මූලාශ්‍රය:අංගු.නි:(4): 6 නිපාත:ආහුනෙය්‍යවග්ග:6.1.1.10 මහානාම සූත්‍රය, පි.32.

▼සෝතාපන්න පුද්ගලයන් නිවන් දකින ආකරය: සෝතාපන්නවූ පුද්ගලයෙක් එම ජීවිතයේදී නිවන සාක්ෂාත් නොකර ගත්තේ නම්, ඔහු ආකාර තුනකට මෙලොවට යළි පැමිණ අරහත්වය ලබයි: 1) එක බීජ (එකබීජී- one-seeder): එක බීජ සෝතාපන්න පුද්ගලයා යනු, මරණින් මතු උපදින එක් ආත්ම භාවයක් තුලදී අරහත්වය ලබන ආරිය පුද්ගලයාය.(Stream-enterer who attains arahantship after only one more existence). 2) කොලංකොල (කොලංකොලො): කොලංකොල සෝතාපන්න පුද්ගලයා යනු මරණින් මතු ජිවිත 2 ක් හෝ තුනක් ගතකර අවසානයේදී, අරහත්වය ලබන ආරිය පුද්ගලයාය (one who fares on in saṃsāra for 2 or 3 existences and then makes an end to suffering). 3) සත්තක පරම (සත‍්තක‍්ඛත‍්තුපරමො) : සත්තක පරම සෝතාපන්න පුද්ගලයා යනු මරණින් මතු උපරිමවශයෙන් ජිවිත 7 ක් ගතකර අවසානයේදී, අරහත්වය ලබන ආරිය පුද්ගලයාය (one who is reborn seven times at most, without taking an eighth existence and then makes an end to suffering). ඒ ඒ සොතපන්න පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්මතා- පංච ඉන්ද්‍රිය පරිපුර්ණ වන ආකාරය අනුව මෙසේ වර්ග කර තිබේ. මූලාශ්‍ර: සංයු.නි : (5-1): මහාවග්ග: ඉන්ද්‍රිය සංයුත්තය: 4.3.4 ඒක බීජී සූත්‍රය, පි. 394, ESN: 48: Indriyasamyutta: 24.4 One-Seeder, p. 1951.

▼සෝතාපන්න පුද්ගලයාට අභව්‍ය දේ: සෝතාපන්න ආරිය පුද්ගලයාට කළ නොහැකි දේ- Incapable things by a Stream winner: 1) සක්කායදිට්ඨිය, විචිකිච්චාව,සීලබ්බතපරාමාස, අපායගාමිණී රාගය, දෝසය හා මෝහය යන ධර්මතා නැවත උපදවා ගත නොහැකිය. 2) කාමලෝකයේ අටවැනි උපතක් ලැබීම 3) ත්‍රිවිධ රත්නය කෙරහි හා ශික්‍ෂාව කෙරෙහි අගෞරව සහිතව වාසය කිරීමට නොහැකිය 4) පන්සිල් කඩාගැනීම හා මිථ්‍යාදිට්ඨි දැරීම නොහැකිය 5) සතර විපල්ලාස (නිත්‍ය, සුඛ, ආත්ම, සුභ) පිළිගැනීම නොහැකිය 6) බුදුන් වහන්සේ හැර සසුනෙන් බැහැර වෙනත් ගුරුවරයෙක් පිළිගැනීම නොහැකිය 7) ආනන්තරිය පාප කර්ම කිරීමට නොහැකිය 8) ධර්මයේ හේතු ඵල නියාය හැර දැමීමට නොහැකිය. මූලාශ්‍ර: අංගු.නි: (4 ): 6 නිපාත: සිතිවග්ග: 6.2.4.6 - 6.2.4.11 සූත්‍ර, පි.268, EAN: 6: 91.7 Incapable - 95.11 suttas, p. 362.

▼සෝතාපන්නවීමේ අනුසස්: සෝතාපන්න මග ඵල සාක්ෂාත් කරගැනීම නිසා ඇතිවන අනුසස් 6කි: සද්ධර්මය පිලිබඳව නියතබව ඇත, ධර්මයේ පරිහානියක් සිදුනොවේ-වීරියඇත, කෙළවරකරනලද කෙළෙස් පිලිබඳ නැවත දුක් ඇතිනොවේ, පෘතජනයා හට නොමැති ධම්ම ඥානයක් ඇත (අසාධාරණඥාන), හේතු ධම්ම හා හේතුඵල ධම්ම යහපත්ලෙසින් දැකීමට හැකිවීම. මූලාශ්‍ර: අංගු.නි: (4 ): 6 නිපාත: ආනිසංසවග්ග: 6.2.5.2 සූත්‍රය, පි.272.

▲සෝතාපන්න අංග:පාලි: සොතාපත‍්තියඞගං- factors for stream-entry ධර්මයේ සෝතාපත්ති අංග ලෙසින් පෙන්වා ඇත්තේ සෝතාපන්නබව සඳහා පරිපුර්ණ කරගතයුතු ගුණයන්ය. මේවා සෝතාපත්ති අංග, සතර ධර්ම සිව්දහම ලෙසින්ද පෙන්වා ඇත.

▼සෝතාපන්න අංග 4: සෝතාපත්ති අංග ගැන බුදුන් වහන්සේ ඇසු පැණයකට, සාරිපුත්ත මහා තෙරුන් මෙසේ කරුණු පෙන්වා ඇත:

“...කතමන‍්නුුඛො සාරිපුත‍්ත, සොතාපත‍්තියඞගන‍්ති?...” “...සප‍්පුරිසසංසෙවොහි භන‍්තෙ, සොතාපත‍්තියඞගං, සද‍්ධම‍්මසවනං සොතාපත‍්තියඞගං, යොනිසොමනසිකාරො සොතාපත‍්තියඞගං, ධම‍්මානුධම‍්මප‍්පටිපත‍්ති සොතාපත‍්තියඞගන‍්ති”

සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධර්මයට අනුකුලව පිළිපැදීම (ධර්මානුධර්ම ප්‍රතිපදාව) යන සතර කරුණු සෝතාපත්ති අංගය.: (Association with superior persons... Hearing the true Dhamma… Careful attention… Practice in accordance with the Dhamma are factors for stream-entry) සටහන: සැරියුත් මහා තෙරුන්ගේ ප්‍රකාශනය බුදුන් වහන්සේ සාධුකාර දී අනුමත කළහ. මූලාශ්‍ර: සංයු.නි: ( 5-2): මහාවග්ග: සෝතාපත්තිසංයුක්ත: 11.1.5 දුතිය සාරිපුත්ත සූත්‍රය, පි. 170, ESN: Sottapattisamyutta: 5.5 Sāriputta-2, p. 2188.

▼ සෝතාපත්ති ධර්ම වඩා ගැනීමෙන්, විපුල කර ගැනීමෙන් මහා ප්‍රඥාව ඇතිවේ යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: මහා ප්‍රඥාව. මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග: සෝතාපන්න සංයුත්ත11.7.1 පි. 279, ESN: Sotapatthisamyutta: VII Great Wisdom: p. 2259.

▼ සොතපන්න ගුණ දරන දෙවියෝ හෝ මනුෂ්‍යයෝ, ආයුෂ, වර්ණ, සුවය, යසස, අධිපති බැවින් යුකත්ය යයි පෙන්වා දුන් බුදුන් වහන්සේ මෙසේද වදාළහ:

“...නන්දක...එබව මවිසින්ම දන්නා ලද්දේය, අවබෝධ කරන ලද්දේය...”

සටහන: මේ සූත්‍රය දේශනාකොට ඇත්තේ විසල්පුර නන්දක නම් ලිච්චවී මහා ඇමතිටය. දේශනාව අවසානයේදී ඔහුගේ සේවකයා, දිය නෑමට කල් බව දැන්වූ විට, ඔහු පැවසුවේ:

“භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි යම් පැහැදීමක් වේ නම් එය ඇතුලත නෑම පමණ වන්නේය”. එලෙස බුදුන් වහන්සේ කෙරහි, නන්දක ශ්‍රද්ධාව පිහිටුවා ගැනීම පෙන්වා ඇත. බලන්න: උපග්‍රන්ථය:3. මූලාශ්‍රය: සංයු.නි: (5-2) මහාවග්ග: සෝතාපතිවග්ග: 11.3.10 නන්දක සූත්‍රය, පි.238.

▲ සේතරාජ හස්තියා-White elephant Setha: පසේනදී කෝසල රජුගේ සේත (සුදු) නම් රාජ හස්තියා, මහා නාග ලෙසින් ජනයා හඳුන්වා ඇත. එහෙත්, තුන්දොරින් අකුසල නොකරන උතුමා ‘මාහානාග’ යයි බුදුන් වහන්සේ වදාළහ. බලන්න: නාග.

▲ සේතව්‍යා නුවර-Sethawya Nuwara: කෝසලරාජධානියේ පිහිටි නුවරකි, එහි රජ,පායාසිය. බලන්න: පායාසි රජ.

▲ සිත: පාලි: චිත‍්තං -citta – Mind: සිත: මනස, සන්තානය, චිත්තය, විඥානය ආදී විවිධ නම් වලින් හඳුන්වයි. (Mentality, consciousness, knowing). ධර්මයට අනුව, ආධ්‍යාත්මික ජීවිතය වඩා ගැනීමට සිත ප්‍රධානවේ. කෙනෙකුගේ සාමාන්‍ය ජීවිතයේ සාර්ථක අසාර්ථකබවට හේතුව සිතය. සිත මුල් කරගෙන කරන කටයුතු අනුව පුද්ගලයෙක් සැප හෝ දුක ලබයි. සිත මුල්කරගෙන උපත ලබන සත්ත්‍වයා, සිත නිසාම සසර සැරිසරයි, සිත දියුණු කරගෙන සසරින් මිදේ. ලෙෳකික ජීවිතය යහපත් ලෙසින් ගත කිරිමට හා ලෝකොත්තර ජිවිතය සාර්ථක කරගැනීමට සිත ප්‍රධාන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. ආධ්‍යාත්මික වර්ධනය ඇතිකර ගැනීමට, සසර දුකින් මිදීමට, නිවන සාක්ෂාත් කරගැනීමට උපකාරීවන මුලික දේ සිතය. ශබ්දකෝෂ : 1. පාසිශ: පි.287: ‘චිත‍්ත: සිත, සිතුවම, චිතතතත: සිතෙහි ස්වභාවය, සිතේ ආකාරය’. 2. BD: p. 85: ‘citta: mind, consciousness (viññāṇa, state of consciousness-mana’. 3. PTS: p. 615: ‘Citta: the center & focus of man's emotional nature ...’

▼කෙළෙස් නොමැති සිත ප්‍රභාස්වරය: සිත ස්වභාවයෙන්ම පිරිසිදුය- පබාසර බවය (ප්‍රභාස්වර- දීප්තිමත්- luminous). බාහිර කෙළෙස් නිසා (රාග, දෝස හා මෝහ) සිත කිලිටිවේ. අනුවණ පුද්ගලයා (අශ්‍රැතවත් පෘතග්ජන) සිතේ නියම ස්වරුපය අවබෝධ කරගැනීමට සමත් නොවන නිසා සිත වර්ධනය කර දුකින් මිදීමට ඔහු දක්ෂ නැත. නුවණැති පුද්ගලයා (ශ්‍රැතවත් ආරිය ශ්‍රාවකයා) යථා බව අවබෝධ කරගැනීමට සමත් නිසා ඔහුට, සිත දියුණුකර දුකින්මිදීමට ශක්තිය ඇත. මූලාශ්‍ර:අංගු.නි: (1): 1 නිපාතය: ප්‍රභාස්වර වග්ග, 1.6.1 හා 1.6.2 සූත්‍ර, පි. 58, EAN: 1: Luminous, 51.1 & 52.2 suttas, p. 39.

▼සිත සියලු දෙයටම අධිපතිය.

සිත ලෝකය හසුරුවයි- එහාට මෙහාට ඇදගෙන යයි සෑම දෙයකම අදිපතියා සිතය- සියලුදෙනා සිතේ වසඟයට යටවේ (... චිතෙතන නීයති ලොකො, චිතෙතන පරිකසසති- චිතතසස එක ධමමසස සබෙබව වසමතවගූති)

සටහන: අනුවණ පුද්ගලයා පහසුවෙන්ම සිතේ වසඟයට පත්වේ, එහෙත්, නුවණැති පුද්ගලයාට සිත පාලනය කරගැනීමට හැකිනිසා කෙළෙස් වලින් මිදීමට ඔහු සමත්වේ බලන්න: ESN: note-122, p. 519. මූලාශ්‍ර:සංයු.නි: (1) : සගාථවග්ග: දේවතා සංයුත්තය: චිත්ත සූත්‍රය, පි. 98, ESN: Devathasamyutta , 62-2 Mind, p. 143.

▼සිතිවිලි වලට පෙරටුව ඇත්තේ සිතය: කෙනෙකුගේ සිතිවිලි වලට මුල, පෙරටුව ගමන් කරන්නේ සිතය. සිතිවිලිවලට සිත ශ්‍රේෂ්ඨවේ.

“මනො පුබබං ගමා ධමමා මනො සෙටඨා මනොමායා ...”

මූලාශ්‍රය:ඛු.නි: ධම්මපදය:යමක වගග:ගාථාව: 1.

▼ සියලුම අකුසල හෝ කුසල ක්‍රියාවන්ට, සිත පෙරටුව සිටි. මූලාශ්‍ර:අංගු.නි: (1):1 නිපාත:ප්‍රභාස්වර වග්ග සූත්‍ර, පි.58, EAN: 1:Luminous, p. 39.

▼ සිත සංවර කරගැනීම ඵලදායකවේ: සිත තනිවම හැසිරේ, සිරුරක් නොමැත, කය නමැති ගුහාවේ වාසය කරයි, නිතරම වෙනස්වේ, දුර ඇති අරමුණු කරා විගසින් ගමන් කරයි. එබඳු සිත සංවර කරගන්නේ නම් මාරයාගේ බැම්මෙන් ගැළවිය හැකිය.

“... දුරංගමං ඒක චරං අසරීරං ගුහාසයං යෙ චිතතං සයංමෙසසනතී මොකඛනතී මාර බනධනා”. මූලාශ්‍රය: ඛු.නි:ධම්මපදය: චිත්ත වග්ග: ගාථාව: 37.

▼දමනය කරගත්, ආරක්ෂා කරගත් සිත ආධ්‍යාත්මික ජිවිතයට අර්ථදායකය. මූලාශ්‍ර: අංගු.නි: (1):1 නිපාත: අදාන්ත වගග සූත්‍ර, පි.50, EAN: 1: Untamed, p.38.

▼සිත වහා වෙනස්වේ, චංචලය: ජලයෙන් ගොඩට ගත් මාළුවෙක් මෙන් සිත හැමඅතටම සැලේ- චංචලය. මූලාශ්‍රය:ඛු.නි: ධමමපදය: චිත්ත වග්ග: ගාථාව: 34.

▼සිත තරම් වහා වෙනස්වන වෙනත් එකම ධර්මතාවයක් බුදුඇසට නොපෙනේ යයි බුදුන් වහන්සේ වදාළහ:

“…නාහං භිකඛවෙ අඤඤං එකධමමමපි සමනුපසසාමි, යං එවං ලහුපරිවතතං, යථයිදං චිතතං. යාවඤචිදං භිකඛවෙ උපමාපි න සුකරා යාව ලහුපරිවතතං චිතතනති”

මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: ශුක වග්ග සූත්‍ර, පි.54, EAN: 1: Spike, p. 38.

▼සිත මනාව පිහිටුවා ගැනීම ජිවිතය යහපත්කරයි: යහපත් සිතින් කරණ කුසල නිසා මෙලොව හා පරලොව ජිවිත යහපත් කරයි, පාපි සිතින් කරන අකුසල දුගතියට ගෙනයයි. මෙහිදී යොදාගත් උපමාව: සඳුන් ගස: ගස් අතුරින් සඳුන් ගස මෘදු බවින් හා නැමෙනසුළු බැවින් අග්‍රය. මානාව පිහිටුවා ගත් සිත අග්‍රවේ. බලන්න: උපග්‍රන්ථය:5 මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: ශුක වග්ග සූත්‍ර, පි.54, EAN: 1: Spike, p. 38.

▼මනාව දියුණු කල සිත අර්ථය පිණිසය: මනාව දියුණු කල සිත- වැඩු සිත (භාවිතං චිතතං -developed mind) කෙනෙක්ගේ අර්ථය- ලාභය (great good) පිණිස පවති, සුවපත්බව ලබාදෙයි. එහෙත්, නොවැඩු සිත මහා හානි, විනාශ (great haram) හා දුක (suffering) ළඟා කරදේ:

...චිතතං භිකඛවෙ අභාවීතං...මහතො අනතථාය සංවතති...දුකඛාවහං හොතීති ...චිතතං භිකඛවෙ භාවීතං... මහතො අතථාය සංවතති... සුකඛාවහං හොතීති: මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: අකම්මනිය වග්ග සූත්‍ර:පි.47, EAN: 1: Unwieldy, p.37.

▼සිත තමා විසින්ම පිහිටුවා ගත යුතුවේ

“... න තං මාතා පිතා කයිරා - අඤඤෙ වා’පි ච ඤාතකා සමමා පණිහිතං චිතතං - සෙය්‍යසො නං තතො කරෙ”. මවට හෝ පියාට හෝ වෙනත් කෙනෙකුට සිත පිහිටුවා දීමට නොහැකිය. මූලාශ්‍රය: ඛු.නි: ධමම පදය: චිත්ත වග්ගය: ගාථාව 43.

▼සිත විවිධ ස්වභාවයෙන් යුක්තය: මහා සතිපට්ඨාන සූත්‍රයේදී සිතේ විවිධ බව මෙසේ පෙන්වා ඇත:

“සරාගී සිත, වීතරාගී සිත, සදොස් සිත, වීතදෝස සිත, සමෝහ සිත, වීතමෝහ සිත, සංඛිත්ත සිත (අලසකමින් හැකුලුණු), වික්ඛිත්ත සිත (නොසන්සුන්), මහග්ගත සිත (ජාන නිසා උසස්බවට පත්), අමහග්ගත සිත(කාමලෝකයට ඇදීගිය-කාමාවචර සිත), සඋත්තර සිත (වර්ධනය නොවූ), අනුත්තර සිත (වර්ධනයවූ), සමාහිත සිත (සමාධියට පත්වූ), විමුත්ත සිත (කෙලෙස් නැති-ජාන අවස්ථාව), අවිමුත්ත සිත (කෙලෙස් සහිත)”.

සතරසති පට්ඨානයේ චිත්තානුපස්සනා භාවනාව යහපත් ලෙසින් පුරුදු පුහුණු කරගත් පුද්ගලයා තමන්ගේ සිත අවබෝධ කරගැනීමට දක්ෂයෙක්වේ; සිත අවබෝධ කරගත්විට නොමග නොයා යහමග ගමන්කිරීමට නුවණ පහලවේ. මූලාශ්‍ර:දීඝ.නි: (1 ) මහා සතිපට්ඨාන සූත්‍රය,පි.436,EDN: 22Mahāsatipaṭṭhāna Sutta, p. 246.

▼ පංච කාමයට යටවීම නිසා සිත මුළුමනින්ම මැඩියයි- යටවී යයි. පංච කාමයෙන් නිදහස් වූවිට සිතේ මැඩිමක් නොමැත. මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: චිත්ත පරියාදාන: 1.1.- 1.1.10 සූත්‍ර , පි.40, EAN:1: Obsession of the mind: 1.1 to 10.10, p. 36.

▼ සිතට ඇති ආධාරය අරිය අටමගය: බුදුන්වහන්සේ වදාළේ සිතට ඇති ආධරය අරිය අටමගබවය. අරිය අටමග ආධර කරගත් සිත මනාව පවත්වා ගත හැකිවේ. මේ පිලිබඳ උපමාව: දරනුව උපමාව: කළයක් දරනුවක් මත පිටුවා ඇත්නම් එය පහසුවෙන් පෙරලිය නොහැකිය. එලෙස සිත අරිය අටමගේ මනාව පිහිටුවාගෙන ඇත්නම් ඒ සිත පහසුවෙන් පෙරළිය නොහැකිය. බලන්න: උප ග්‍රන්ථය:5 මූලාශ්‍ර: සංයු.නි: (5-1):මහාවග්ග: මග්ගසංයුත්ත: 1.3.7 කුම්භ සූත්‍රය, පි. 62, ESN: Maggasamyutta: 27.7.The Pot, p. 1633.

▼අවිද්‍යාව පහකර ගැනීමට, නිවන ලබා ගැනීමට සිත පිහිටවෙ: මානාව යොමුකළ සිත අවිද්‍යාව පහකරගැනීමට, නිවන සාක්ෂාත් කරගැනීමට ඉවහල්වේ:

“... එවමෙව ඛො භිකඛවෙ සො වත භිකඛු සමමා පණිහිතෙන චිතෙතන අවිජජං භෙචඡති, විජජං උපපාදෙසසති, නිබබාණං සචඡිකරිසසතීති ඨානමෙතං වීජජති.... (With a well-directed mind one could would pierce ignorance, arouse true knowledge, and realize nibbāna). කැළඹුන සිත (නිවරණ නිසා නොපහන් සිත- ආවිලෙන චිත්ත- cloudy mind) ඇතිකෙනෙකුට සවඅර්ථය හෝ පරාර්ථය ගැන කටයුතු කිරීමට නොපිළිවන, එසේම නිවන ලබාගැනීමට පිහිටවන උතුම් ඥානය ලබාගැනීමට නොහැකිවේ. එහෙත්, පහන් සිතක් (අනාවිලෙන චිතත- transparent mind) ඇතිවිට සවඅර්ථය හා පරාර්ථය ගැන කටයුතු කිරීමට, ධර්මය විනිවිදව දැකගැනීමට හැකියාව ඇති නිසා එවැනි පුද්ගලයා උත්තරීතර මනුෂ්‍ය ධර්මය අවබෝධ කරගැනීමට (උත්තම මිනිස්බව- ආරියබව) ලබාගැනීමට සමත්වේ:

“... එවමෙව ඛො භිකඛවෙ සො වත භිකඛු අනාවිලෙන චිතෙතන අතතතථං වා ඤසසති, පරතථං වා ඤසසති, උතතරිං වා මනුසසධමමා අලමරියඤාණදසසනවීසෙසං සචඡිකාරිසසතීති, ඨානමෙතං විජජති...” මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: ශුක වග්ග සූත්‍ර, පි.54, EAN: 1: Spike, p. 38.

▼අකුසලයෙන් සිත මුදාගතයුතුය: එක්සමයක දේවතාවියක් බුදුන්වහන්සේ බැහැදැක මෙසේ පැවසුහ: ‘සැමදෙයකින්ම සිත මැඩ පවත්වාගැනීමෙන් දුකින් මිදීමට හැකිය’. එය එසේ නොවන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත:

“සිතෙන් සෑමදෙයක්ම වැළක්වීම අවශ්‍යනැත, එහෙත් අකුසල ඇතිවේනම් සිතෙන් ඒවා වළක්වා ගතයුතුය”. සටහන: අටුවාවට අනුව මෙහිදී බුදුන්වහන්සේ පෙන්වා ඇත්තේ: හසුරුවා ගතයුතු සිත හා වර්ධනය කළයුතු සිත අතර ඇති වෙනසය. කෙළෙස් ඇතිනොවීම පිණිස සිත පාලනය කරගතයුතුය .බලන්න: ESN: note 47, p. 507. මූලාශ්‍ර: සංයු.නි (1 ): සගාථවග්ග: දේවතාසංයුත්ත: 1.3.4 මනොනිවාරණ සූත්‍රය, පි. 52, ESN: 1: Devatasamyutta: 24.4 Reining in the Mind, p. 86.

▼ නීවරණ නිසා සිත ආවරණය වේ. නීවරණ ප්‍රහීණය කරගැනීමෙන් නිරාවරනයවූ සිත, සමාධිය ඇතිකරගැනීමට මුලිකවේ. මූලාශ්‍ර: අංගු.නි: (1 ): 1 නිපාත: නීවරණ ප්‍රහාන වග්ග සූත්‍ර: පි.40, EAN:1: Abandoning the hindrances: p. 36.

▼බුදුන් වහන්සේ වදාළේ නිතරම තමන්ගේ සිත බලමින්, ආවර්ජනය කරමින් වාසය කලයුතු බවය:

“....දීර්ඝකාලයක් තිස්සේ මේ සිත රාගය දොසය හා මෝහය නිසා කිලිටිවී ඇත. එම කෙළෙස් නැති නම් සිත පිරිසිදුවේ... මේ සිත ‘චරණ චිත්‍රය’ ට වඩා විවිධය, තිරිසන් ලෝකයේ ඇති විවිධ සතුන්ට වඩා විවිධය...එමනිසා, සිත පිරිසුදු කරගැනීමෙන් සත්ත්‍වයා පිරිසුදුවේ යයි ආවර්ජනය කලයුතුය...”

සටහන: මෙහිදී යොදගත් උපමාව චරණ චිත්‍රයය. බුදුන් වහන්සේ වැඩ වාසය කල සමයේ පැවති මේ චිත්‍රය ඉතා අලංකාර විසිතුරු දෙයක් ලෙස සලකා ඇත. බලන්න: චරණ චිත්‍රය. මූලාශ්‍ර:සංයු.නි: ( 3 ): ඛන්ධසංයුත්ත: 1.2.5.8 දුතිය ගද්දුලබද්ධ සූත්‍රය, පි. 286, ESN: 22: Khandasamyutta: 100.8 The leash-2 , p. 1090.

▼ සිත ගිලන් නොකරගැනීම: සුවපත් සිත (un afflicted mind) ආධ්‍යාත්මික දියුණුව පිණිස අවශ්‍යවේ. සිත ගිලන් වන ආකාරය: ධර්මය නොදත් අනුවණ පුද්ගලයා, පංච උපාදානස්කන්ධය ‘මම, මගේ, මගේ ආත්මය’ යයි අල්වාගෙන සිටි. පංච උපාදානස්කන්ධයේ ස්වභාය වෙනස්වී යාමය. එම වෙනස්වීම් ඇතිවනවිට, අනුවණ පුද්ගලයා දුකට, කම්පාවට පත්වේ. එසේ සිත ගිලන් කරගනි. එහෙත්, ධර්මය දත් නුවණැති පුද්ගලයා පංච උපාදානස්කන්ධය තමාගේ දෙයක් ලෙසින් අල්වාගෙන නැත. එහි වෙනස්කම් ඇතිවන විට ඔහු දුක් නොවේ. එලස, නුවණැති පුද්ගලයා, කය ගිලන්වුවත්, සිත ගිලන් නොකර වාසය කිරීමට දක්ෂවේ. සටහන්: * සැරියුත් මහා තෙරුන් මේ අවවාදය වදාළේ නකුල පිතා උපාසකටය. මූලාශ්‍ර:සංයු.නි: (3): ඛන්ධ වග්ග, 1.1.1.1. නකුල පිතු සූත්‍රය, පි 30, ESN:22: Khandasamyutta: 1.1 nakulapita, p. 1007.

▼ වෙනත් මූලාශ්‍ර:1. Taming the Mind by Nyanaponika Thera: BPS: Wheel -51 .2. The City of the Mind by Nyanaponika Thera-: BPS: Wheel -25 3. නිසල සිත ගෙනයි සෙත-ධර්ම දේශනාව: සුමනජෝති නා හිමි: බුදුසරණ පුවත්පත: 2007 වසර වටිනා දහම් දෙසුම් සියයක්-සම්පාදක: පි.එස්.ගමගේ.

▲ ස්ත්‍රිය-Woman: ස්ත්‍රිය, කාන්තාව, මාගම ලෙසින්ද පෙන්වා ඇත. බලන්න: මාගම.

▲ ස්ත්‍රී ඉන්ද්‍රිය-Female faculty: මෙය ඉන්ද්‍රිය 22න් එකකි. බලන්න: ඉන්ද්‍රිය.

▲ ස්ත්‍රී බන්ධන-Female bondage: ස්ත්‍රීබන්ධනය යනු පුරුෂයෙක් විසින් කාන්තාවකගේ සිත තමන් වෙත බැඳ ගැනීම ය. එම බැඳීම ආකාර 5 කි: 1) රූපයෙන්2) සිනහාවෙන් 3) කතාවෙන් 4) ගීතයෙන් 5) හැඩිමෙන් 6) පෙනුමෙන් (ඇඳුම් පැළදුම්) 7) තෑගි දීමෙන් 8) පහසින්. බලන්න: බන්ධන, ඉත්ථිබන්ධන. මූලාශ්‍ර: අංගු.නි: ( 5 ):8 නිපාත:බන්ධන සූත්‍ර 2කි, පි.102, EAN:8: Bondage suttas, p. 421.

▲ සුතධරො -retained in mind: සුතධරෝ ලෙසින් පෙන්වා ඇත්තේ දහම මැනවින් සිහියේ දරාගෙන සිටිමය. මෙය බහුශ්‍රැත බවේ එක් අංගයකි. බලන්න: බහුශ්‍රැත.

▲ සුතමය ප්‍රඥාව-Wisdom based on learning: සුතමය ප්‍රඥාව-ඤාණය යනු ධර්මය ඇසිමෙන් ලබාගන්නා නිරවුල් අවබෝධයය- පිරිසිඳ දැනීම. බලන්න: ත්‍රිවිධ ප්‍රඥා. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදා1 :ඥාණකථා: 1 සුතමය ඥානය, පි. 32.

සථ

▲ ස්ථවිර හා ස්ථවිරි-Sthavira & Sthaviri: උපසම්පදාව ලැබ, සසුනේ වසර 10කට වැඩිකලක් ගතකළ භික්ෂු හා භික්ෂුණියන් මෙලෙසින් හඳුන්වති. බලන්න: තෙර.

▲ සථිතිභාගික සමාධිය - Samadhi conducing to stasis: සථිතිභාගික සමාධිය (ඨිතිභාගියො) ලෙසින් පෙන්වා ඇත්තේ කෙනෙක් ලබාගත් සමාධිය පිරිහීම හෝ වැඩිම නැති ව පැවතීමය. මූලාශ්‍ර: දීඝ.නි: (3): 11දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲ ස්ථාන හා අස්ථාන දන්නා නුවණ-Knowledge of the possible and the impossible: ස්ථාන හා අස්ථාන දන්නා නුවණ, තථාගතයන් දස බල ඥානයෙන් එකකි. බුදුන් වහන්සේ ස්ථාන හා අස්ථාන දන්නා නුවණ (කුසලතාව) පිළිබඳව යහපත් ලෙසින් වදාරා ඇත. ඒ ධර්මතා සංඝයා එක්ව, ධර්මයේ චිරස්ථිතිය පිණිස සජ්ජායනා කිරීම සුදුසු ය යි සැරියුත් මහා තෙරුන් සංඝයාට උපදෙස් දී ඇත. මූලාශ්‍ර: දිඝ.නි: (3 ):10 සංගිති සූත්‍රය, පි. 372 , EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 362.

▲ ස්ථාන අස්ථාන කුසලතාවය:පාලි: ඨානඨාන කුසලො- skilled in what is possible and what is impossible: ස්ථාන අස්ථාන පිලිබඳ කුසලතාවය පණ්ඩිතයන් සතු ගුණයක් ය යි බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: බාලයා හා පණ්ඩිතයා. ස්ථාන අස්ථාන පිලිබඳ කුසලතාවය කවරේද? 1) සම්මාදිට්ඨිය ඇති පුද්ගලයෙකු, කිසිම සංස්කාරයක් නිත්‍ය ලෙසින් නොගන්නා බවට ඇති අවබෝධය (there is no such possibility, that a person possessing right view could treat any formation as permanent). සටහන: අටුවාවට අනුව සම්මාදිට්ඨිය ඇති පුද්ගලයා - දිට්ඨිසම්පන්න යනු අවම වශයෙන් සෝතාපන්න ආරිය උතුමාය. මෙහිදී සංස්කාර ලෙසින් පෙන්වා ඇත්තේ හේතු ප්‍රත්‍යයෙන් සකස්වූ සංස්කාරය (සඬඛතසඬඛාර) බලන්න: EMN: note: 1084, p. 1162. 2) සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙක් සංස්කාර නිත්‍ය ලෙසින් සැලකීමට හැකියාව ඇතය යන අවබෝධය. (It is possible that an ordinary person might treat some formation as permanent). 3) සම්මාදිට්ඨිය ඇති පුද්ගලයෙකු, කිසිම සංස්කාරයක් සුඛ ලෙසින් නොගන්නා බවට ඇති අවබෝධය .(It is impossible, it cannot happen that a person possessing right view could treat any formation as pleasurable). සටහන: අරහත්වයට නොපැමිණි, ආරිය පුද්ගලයන්, මිථ්‍යා දිට්ඨියෙන් වෙන්ව සුඛය ගෙනෙදෙන සංස්කාර වටහා ගනී, එහෙත් ඔවුන් සංස්කාර සුඛය යි නොගනී, එය වැරදි ආකල්පයක් බව ඔවුන් දනී. බලන්න: EMN: note: 1085, p. 1162. 4) සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙක් සංස්කාර සුඛ ලෙසින් සැලකීමට හැකියාව ඇතය යන අවබෝධය (It is possible that an ordinary person might treat some formation as pleasurable).5) සම්මාදිට්ඨිය ඇති පුද්ගලයෙකු අතින් පංච ආනනන්තරික කර්ම සිදුනොවනබව. බලන්න: පංච ආනනන්තරික කර්ම. 6) සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙක් අතින් පංච ආනනන්තරික කර්ම සිදුවිය හැකිබව. 7) සම්මාදිට්ඨිය ඇති පුද්ගලයෙකු කිසිවිටක බුදුන් වහන්සේ හැර වෙනත් ආගමික නායකයෙක් සිය ගුරුවරයා ලෙසින් නො ගන්නා බව.8) සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙක්, බුදුන් වහන්සේ හැර වෙනත් ආගමික නායකයෙක් සිය ගුරුවරයා ලෙසින් ගැනීමට හැකියාව ඇති බව.9) එකම ලෝකධාතුවේ, එකම අවස්ථාවේ සම්මා සම්බුදුවරු දෙදෙනක් පහළ නොවන බවට ඇති අවබෝධය. (It is impossible, it cannot happen that two Accomplished Ones, Fully Enlightened Ones, could arise contemporaneously in one world-system) 10) එක් ලෝකධාතුවක, සම්මා සම්බුදුන් වහන්සේ පහළ වීමට හැකිය යන අවබෝධය. (It is possible that one Accomplished One, a Fully Enlightened One, might arise in one world-system). 11) එක් ලෝකධාතුවක, චක්‍රවර්ති රජවරු 2 ක් ඇතිවිය නොහැකිය යන අවබෝධය. එහෙත්, එක් ලෝක ධාතුවක, එක චක්‍රවර්ති රජෙක් ඇතිවිය හැකිය යන අවබෝධය. 12) කාන්තාවක්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෙසින් පහළවීමට හැකියාව නොමැතිබව. සටහන: ඒ අනුව පෙනීයන්නේ සම්මා සම්බුදුවරයෙක් සෑම විටම පුරුෂයෙක් බවය. කාන්තාවකට බුදුවිය නොහැකිය යන අදහස මින් නො පැනවේ. කාන්තාවකට අනාගතයේ, පුරුෂයෙක් ලෙසින් උපත ලබා සම්මා සම්බුදුබව ලැබිය හැකිය. බලන්න: EMN: note: 1090, p. 1162. 13) කාන්තාවක් ලෙසින් චක්‍රවර්ති රජවීම, මහා බ්‍රහ්මබවට පත්වීම, මාරයා බවට පත්වීම, සක්දෙව්රජ වීමට නොහැකිබව. එහෙත්, පුරුෂයෙකුට, ඒ තත්‍වයන් ලබාගත හැකිබව. 14) අයහපත් කාය, වචී හා මනෝ කර්ම මගින්, යහපත් ප්‍රතිඵල ලැබේවා යයි කැමතිවීමෙන්, පැතීමෙන් එය සිදු නොවන බව, අයහපත් කාය, වචී හා මනෝ කර්ම සිදුකර, පැතීම් නොමැතිව වුවද අයහපත් විපාක සිදුවන බව පිලිබඳ අවබෝධය. 15) යහපත් කාය, වචී හා මනෝ කර්ම මගින්, අයහපත් විපාක ලැබීම සිදු විය නොහැකි බව, එහෙත්, පැතූලෙසින්, යහපත් කාය, වචී හා මනෝ කර්ම මගින්, යහපත් විපාක ලැබීම සිදුවිය හැකිබව. 16) යහපත් කාය, වචී හා මනෝ කර්ම කරන පුද්ගලයෙක්, මරණින් මතු දුගතියේ උපතක් ලැබීම සිදු විය නොහැකිය යන අවබෝධය, එහෙත්, එවැනි පුද්ගලයෙක්, මරණින් මතු සුගතියේ, දේවලෝකයේ උපත ලැබීමට හැකියාව ඇතිබව. එසේම, අයහපත් කාය, වචී හා මනෝ කර්ම කරන පුද්ගලයෙක්, මරණින් මතු දුගතියේ උපතක් ලැබීම හැකිබව යන අවබෝධය. සටහන: ම.නි. මහාකම්මවිභංග සුත්‍රයේ දී බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇත: අයහපත් ක්‍රියා නිසා පුද්ගලයෙක් සුගතියේද, යහපත් ක්‍රියා කල පුද්ගලයෙක් දුගතියේද යලි උපත ලබාගත හැකි බව. එලෙස සිදුවන්නේ, යලි උපතට පත්වන අවස්ථාවේ ඔහු විසින් සාමාන්‍යයෙන් කරන කර්ම නොව, වෙනත් කර්මයක් විපාක ඇතිවීම නිසාය. බලන්න: EMN: note: 1091, p. 1162. මූලාශ්‍රය: ම.නි: ( 3): 3.2.5 බහුධාතුක සූත්‍රය, පි.209, EMN: 115: The Many Kinds of Elements, p. 840.

▲ ස්ථුප- Stupa: ස්ථුප යනු උතුම් පුද්ගලයන් සිහිකිරීම පිණිස ගොඩ නංවන සිහිවටනයන්ය. දාගැබ, චෛත්‍යය ලෙසින්ද දක්වා ඇත. සටහන: * දී.ඝ.නි: මහා පරිනිබ්බාන සූත්‍රයේ දී බුදුන් වහන්සේ ගේ මහා පරිනිබ්බානයෙන් පසු ධාතු රැස්කර සකස් කරනලද ස්ථුප ගැන විස්තර සඳහන්වේ.

▼ ස්ථුප සැදීමට සුදුසු උතුම් පුද්ගලයන් දෙදෙනෙක්: තථාගතයන් වහන්සේ, සක්විති රජු ආදී උතුමන් ගැන මේ සූත්‍රයේ විස්තර පෙන්වා ඇත.මූලාශ්‍ර: අංගු.නි: (1 ): 2 නිපාත: 2.2.6.4 සූත්‍රය, පි. 185, EAN:2: 55.4 Sutta, p. 66.

▼ ස්ථුප සැදීමට සුදුසු උතුම් පුද්ගලයන් සිව්දෙනක්: තථාගතයන්, පසේබුදුවරු, තථාගත ශ්‍රවක, සක්විති රජවරු. සටහන: දී.ඝ.නි: මහා පරිනිබ්බාන සූත්‍රයේ ද මේ විස්තරය පෙන්වා ඇත. මූලාශ්‍ර:අංගු.නි: (2): 4 නිපාත: 4.5.5.5. ථුපාරහ සූත්‍රය, පි. 492, EAN:4: 247.5 Worthy of Stupa, p. 230.

සද

▲ සද්ධර්මය හා අසද්ධර්මය: පාලි: ධම‍්මං- Dhamma & Asaddhamma (the good Dhamma and the bad Dhamma): බුදුන් වහන්සේ ගේ ඉගැන්වීම්, අනුසාසනා ධර්මය- සද්ධර්මය වේ. සද්ධර්මය අග්‍රය. අසද්ධර්මය, අසත්‍යවූ දහම නම් මිථ්‍යාදිට්ඨිය ඇතිව වැරදි මග ගැනීමය. සටහන: සද්ධර්මය-සත්‍ය ධර්මය යනු බුදුන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍යයය. චතුරාර්ය සත්‍යයය පිලිනොගැනීම අසද්ධර්මය ය.

▼සූත්‍ර දේශනාවල සද්ධර්මය හා අසද්ධර්මය විවිධ නම් වලින් හඳුන්වාඇත: සද්ධර්මය :1) සාධු ධර්මය-good 2) ආරිය ධර්මය-noble 3) කුසල ධර්මය- wholesome 4) අත්ථ ධර්මය-beneficial 5) ධර්මය-dhamma 6) අනාශ්‍රව (අනාසව) ධර්මය-taintless 7) අනවද්‍ය ධර්මය- blameless 8) අතපනීය ධර්මය-untormenting 9) අපචයගාමි ධර්මය-leads to dismantling 10) සුවයදෙන ධර්මය- bring happiness 11) සුඛවිපාක ධර්මය- bring good results.

අසද්ධර්මය: 1) අසාධු ධර්මය-bad 2) අනාරිය ධර්මය-ignoble 3) අකුසල ධර්මය- unwholesome 4) අනර්ථ ධර්මය-harmful 5) අධර්මය-non- dhamma 6) සාශ්‍රව (සාසව) ධර්මය-tainted 7) සාවද්‍ය ධර්මය- blameworthy 8) තපනීය ධර්මය-tormenting 9) ආචයගාමි ධර්මය-leads to building up 10) දුකදෙන ධර්මය- bring suffering 11) දුක්විපාක ධර්මය- bring bad results. මූලාශ්‍ර: අංගු.නි: (6 ):10 නිපාත:සාධුවග්ග හා ආරිය වග්ග සූත්‍ර, 10.3.4.5 ධම්ම සූත්‍රය, පි.470 හා 10.3.5.3 සද්ධම්ම සූත්‍රය,පි.474, EAN:10: 138 sutta, P.548

▼ සද්ධර්ම හත: 1) ශ්‍රද්ධාව 2-3) හිරි ඔතප්ප 4) බහුශ්‍රැත 5) විරිය 6) සතිය 7) ප්‍රඥාව. මුලාශ්‍රය: අංගු.නි: (4) 7 නිපාත:සමණවග්ග:7.2.4.9 අසද්ධර්ම සූත්‍රය, පි.512.

▼සියලු බුදුවරු (අතීත, අනාගත හා වර්තමාන) සද්ධර්මය ගුරු තනතුරේ තබා වැඩවාසය කරන බව මෙහි පෙන්වා ඇත. තමන් වහන්සේද, සම්බුද්ධත්වයට උපකාරීවූ, සද්ධර්මයට සත්කාර කරමින්, ගරුකරමින්, විශ්වාසිව වාසය කරන බව බුදුන් වහන්සේ වදාළහ:

“තස‍්ස මය‍්හං එතදහොසි: යන‍්නුුනාහං යොපායං ධම‍්මො මයා අභිසම‍්බුද‍්ධො තමෙව ධම‍්මං සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරෙය්‍යන‍්ති”. (...I honored, respected, and dwelled in dependence only on the Dhamma to which I had become fully enlightened) මූලාශ්‍ර: අංගු.නි: ( 2 ): 4 නිපාත: 4.1.3.1 ප්‍රථම උරුවෙල සූත්‍රය, පි. 64,EAN: 4: 21.1.Uruwela-1, p. 155.

▼ සද්ධර්මය යනු සම්මා දිට්ඨිය පෙරටුකරගත් නිවැරදි මගය. මිථ්‍යාදිට්ඨිය ඇති වැරදි මග අසද්ධර්මය ය. මූලාශ්‍ර: අංගු.නි: (6 ) :10 නිපාත:ආරියවග්ග: 10.3.5.3 සද්ධම්ම සූත්‍රය, පි. 474, EAN:10: Noble , p. 548.

▼ දසකුසලයේ යෙදීම සද්ධර්මයය. දසඅකුසලය අසද්ධර්මයය. මූලාශ්‍ර: අංගු.නි: (6) :10 නිපාත: 10.4.4.3. සද්ධර්ම සූත්‍රය, පි. 536, EAN:10: 191 sutta, p. 556.

▼ සම්මාදිට්ඨිය ඇතිවීම නිසා කෙනෙක් සද්ධර්මයට- සත්‍ය ධර්මයට පැමිණේ (arrived at this true Dhamma). මූලාශ්‍ර: ම.නි: (1 ): 1.1.9 සම්මා දිට්ඨි සූත්‍රය, පි. 130, EMN: 9: Sammādiṭṭhi Sutta- Right View, p. 121.

▲සද්ධර්ම ශ්‍රවනය: පාලි: සද‍්ධම‍්මසවනං -To hear the noble Dhamma බුදුන්ව හන්සේ වදාළ ධර්මය, සැදැහිතින් ඇසීම සද්ධර්ම ශ්‍රවනය ය. සෝතාපන්නවීමට මෙය අවශ්‍යතාවයක්ය. සද්ධර්ම ශ්‍රවනයට බාධා: දුසිරිතය, උද්දච්චය, සිත සංවර නොකරඇති පුද්ගලයා සද්ධර්ම ශ්‍රවනයට කැමති නොවේ. සද්ධර්මය ශ්‍රවනය කිරීමෙන් සති සම්ප්‍රජන්‍යය ඇතිවේ, සිතේ අවුල් සහගතබව හා සිත විසිරියාම නැතිවේ, සමාධිය ඇතිකර ගත හැකිවේ, කෙනෙක්, ශිලසම්පන්නවූවිට සද්ධර්මය ශ්‍රවණය කිරීමට කැමැත්ත ඇතිවේ. මූලාශ්‍ර:අංගු.නි:(6):10 නිපාත:10.2.3.6 තයොධම්ම සූත්‍රය,පි.284, EAN:10: Tens,76-6.Incapable, p. 524.

▼ ආධ්‍යාත්මික වර්ධනය පිණිස සද්ධර්මය ශ්‍රවණය බොහෝ උපකාරී වේ. බලන්න: බහු උපකාර ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි: (3):11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲ සද්ධර්මයේ පැවැත්ම හා විනාශය: පාලි: සද‍්ධම‍්මස‍්ස ඨිතියා හා සම‍්මොසාය -continuation & decline of the good Dhamma සද්ධර්මයේ පැවැත්ම පිණිස, අතුරුදහන් නොවීම පිණිස කරුණු 2 ක් බලපායි: මැනවින් (නිවැරදිව) දක්වා ඇති වචන හා වාක්‍ය ප්‍රකාශය- පෙළදහම හා යහපත් ලෙසින් අර්ථ දැක්වීම. (සුනික‍්ඛිත‍්තඤ‍්ච පදබ්‍යඤ‍්ජනං, අත්‍ථො ච සුනීතො- Well-set down words and phrases and well-interpreted meaning). සද්ධර්මයේ පරිහානිය පිණිස, අතුරුදහන් වීම පිණිස කරුණු 2 ක් බලපායි: වැරදි ලෙසින් දක්වා ඇති වචන හා වාක්‍ය ප්‍රකාශය හා වැරදි ලෙසින් අර්ථ දැක්වීම. (දුන‍්නික‍්ඛිත‍්තඤ‍්ච පදබ්‍යඤ‍්ජනං, අත්‍ථො ච දුන‍්නිතො Badly set down words and phrases and badly interpreted meaning) මූලාශ්‍ර:අංගු.නි: (1): 2 නිපාත: 2.1.2.10 සූත්‍රය, පි. 154 , EAN: 2: 20.10 Sutta, p.60.

▼ සද්ධර්මය පිරිහීමට හේතු ලෙසින් සතිපට්ඨානය නො වැඩිම පෙන්වා ඇත. මෙහිදී පෙන්වා ඇත්තේ සතිපට්ඨානය වඩන්නේ නම් සද්ධර්මය නොපිරිහෙනබවය. සටහන: ආනන්ද තෙරුන් මේ කරුණු භද්දිය තෙරුන්හට වදාළහ. මූලාශ්‍රය: සංයු.නි: (5-1): මහාවග්ග: සතිපට්ඨාන සංයුත්තය:3.3.3 පරිහානිය සූත්‍රය.

▲ සද්ධා- Confidence : ත්‍රිවිධ රත්නය පිළිගැනීම- විශ්වාසය, සද්ධාවය. “සද‍්දහති තථාගතස‍්ස බොධිං”, තථාගතයන් වහන්සේගේ සම්බෝධිය පිළිගැනීම. බලන්න: ශ්‍රද්ධාව. මූලාශ්‍ර: ම.නි: (2 ): 2.1.3 :සේඛ සූත්‍රය, පි. 44, MN 53: Sekha Sutta, p. 436.

▲ සද්ධා ඉන්ද්‍රිය හා බල- Faculty of Faith & Power:ආධ්‍යාත්මික මාර්ගය පිණිස, සද්ධා ඉන්ද්‍රිය හා බලය වර්ධනය කරගැනීම අවශ්‍යවේ. බලන්න: ආධ්‍යාත්මික පංච ඉන්ද්‍රිය, පංච බල.

▲ සද‍්ධාපබ‍්බජිතානා- Saddapabbajithena: සද‍්ධාපබ‍්බජිතානා යනු ශ්‍රද්ධාවෙන් පැවිදිවීමය. එලෙස පැවිදිවූ භික්ෂුන් අතුරින් රට්ඨපාල තෙරුන් අග්‍රය. බලන්න: උපග්‍රන්ථය:1

▲ සද්ධානුසාරි- a faith-follower: බුදුන් වහන්සේ කෙරහි අපමණ භක්තිය- විශ්වාසය ඇතිව, ආධ්‍යාත්මික මාර්ගය වඩා ගන්නා පුද්ගලයා සද්ධානුසාරිය, සත් ආරිය පුද්ගලයන්ගෙන් කෙනෙකි. බලන්න: සත් ආරිය පුද්ගලයෝ.

▲සද්ධාවිමුක්ත- one liberated by faith: සත් ආරිය පුද්ගලයන්ගෙන් කෙනෙකි. බලන්න: සත් ආරිය පුද්ගලයෝ.

▲සදාචාරය- Sadachara: සදාචාරය යනු ධර්මානුකූල යහපත් පැවැත්මය. හිරි ඔත්තප්ප, සදාචාරය පවත්වාගැනීමට මූලික කරුණුය. බලන්න: හිරි ඔත්තප්ප.

▲ සදෙව්ලෝකය- Six Heaven’s :කාමාවචර දේවලෝක 6, සදෙව්ලෝකය ය. බලන්න: දේවලෝක.

▲ සිදුරු- fissures: සිදුරු-හිල්-චිද්දානි ලෙසින් මෙහි දක්වා ඇත්තේ සිත එකඟකරගැනීමට-සමාධියට ඇති බාධාය, එවැනි සිදුරු 6ක්ය: අලසබව, ප්‍රමාදය, නැගීසිටීමට විරිය නැතිබව, අසංවරය, නින්ද, මැලිකම. සටහන: The Pāli terms for the six fissures (chiddāni) are: ālassa, pamāda, anuṭṭhāna, asaṃama, niddā,tandi. Spk-pṭ: These six things are called fissures because they do not give an opportunity for wholesome states of mind to occur. බලන්න: ESN: note:135, p.521 මූලාශ්‍ර: සංයු.නි: (1) සගාථවග්ග:දේවතාසංයුත්ත:1.8.6 නජිරති සූත්‍රය, පි.106, ESN:1: Devatasamyutta: 76.6. Does Not Decay, p.158.

▲ සුදීට්ඨ - clearly seen: ධර්මයට අනුව සුදීට්ඨ යනු ප්‍රඥාවෙන්, ධර්මය යහපත්ව- මනාව දැකීමය. බලන්න: ආරියන්‍යාය.

▲ සුදත්ත සිටුවරයා- Sudathta Situwaraya: සුදත්ත, අනාථපිණ්ඩික සිටුවරයා හඳුන්වන නමකි. බලන්න: උපග්‍රන්ථය:3

▲ සුදස්ස හා සුදස්සි දේවලෝක-Sudassa & Sudassi Devaloka: මේවා බ්‍රහ්ම දේවලෝකයන්ය. බලන්න: බ්‍රහ්මලෝක.

▲ සුද්ධික භාරද්වාජ තෙර-Suddika Bharadvaja Thera: බලන්න: උපග්‍රන්ථය:1

▲ සුද්ධාවාස-Pure abodes : සුද්ධාවාස යනු අනාගාමී උතුමන්, යළි උපත ලබන බ්‍රහ්ම ලෝකයන්ය. බලන්න: අනාගාමී, බ්‍රහ්ම ලෝක.

▲ සුද්ධෝදන රජ- King Suddhodana :ගෝතම බුදුන් වහන්සේගේ පියතුමාය, ශාක්‍යයන්ගේ රාජ්‍යවූ කපිලවස්තු නුවර රජය (කිඹුල්වත්පුරය). මහාමායා දේවිය අග බිසවය, ප්‍රජාපති දේවිය අනු බිසවය. බලන්න: උපග්‍රන්ථය:6 සටහන්: * ඛු.නි: සුත්තනිපාත:නාලක සූත්‍රයේදී, අසිත තවුසා, බෝසතුන් උපත ලැබූ බව දෙවියන්ගෙන් දැනගෙන කුමරා බැලීම පිණිස සුදොවුන් රජුගේ මාළිගයට ගිය බව දක්වා ඇත. ** ඛු.නි:බුද්ධවංශපාලියේ, ගෝතම බුද්ධවංශයේදී: බුදුන් වහන්සේ, තමන් වහන්සේගේ පියා සුදොවන් රජය ය, මව මහමායා දේවිය යයි දක්වා ඇත. ** වින.පි.මහාවග්ගපාලි1: රාහුල කථා (පි.282): සුද්ධෝදන රජ, සිදුහත් කුමරා, නන්ද කුමරා හා රාහුල කුමරා පැවිදිවීම නිසා තමන්ට හටගත් ශෝකය මෙසේ පවසා ඇත: “...ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ පැවිදුවූ කල්හි මට මහත් දුකක් උපන්නේය, නන්ද කුමරු පැවිදුවූ කල්හිද එසේම විය. රාහුල කුමරු පැවිදිවූ කළහු එයට වැඩි දුකක් විය... පුත්‍රප්‍රේමය සිරුරෙහි සිවිය සිඳී යි, සිවිය සිඳ සම සිඳී යි, සම සිඳ මස් සිඳී යි, මස් සිඳ නහර සිඳී, නහර සිඳ ඇට සිඳී යි, ඇට සිඳ ඇටමිදුළු හැපී පැතිර සිටි යි...”

▲ සුදුකම්ම- White kamma: සුදුකම්ම- දීප්තිමත් කම්ම යනු, තුන් දොරින් කරන යහපත් කුසල කර්මයන්ය. බලන්න: කම්ම.

▲ සූදු කෙළිම-Gambling: මෙය, ගිහියන්ගේ ධන සම්පත් ආදිය විනාශ වීමේ එක් කරුණක් ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත. බලන්න: ගිහිජිවිතය යහපත්ව ගතකිරීම.

▲සුදු කසිණ-White Kasina: සුදු කසිණය -ඕදාත කසිණය, දස කසිණයන්ගෙන් එකකි. බලන්න:දස කසිණ.

▲ සුදු ධම්ම-White Dhamma: සුදු ධම්ම ලෙසින් පෙන්වා ඇත්තේ ලෝකපාලක ධම්ම ලෙසින් හඳුන්වන හිරි ඔත්තප්ප කුසල ධර්මයන්ය. බලන්න: හිරි ඔත්තප්ප.

▲ සුදු මග- The white path: සුදුමග- ශුක්ලමග ලෙසින් පෙන්වා ඇත්තේ දස කුසලයේ යෙදීමය. බලන්න:දීප්තිමත් මග හා අඳුරු මග.

▲ සුදුසු කතා- Suitable Talks: ධර්මයේ සුදුසු කතා ලෙසින් පෙන්වා ඇත්තේ පැවිදි ජීවිතයට ආදාළ කතාය, එනම්, දශකථා වස්තුය. බලන්න: කතාව.

▲ සුදුසුබව- able: සුදුසුබව-අලං (හැකිබවයනු තමාට මෙන්ම අන්අයටද ධර්මමාර්ගයේ පිහිටවීමට හැකිබවය. බලන්න: අලං.

▲ සිද්ධාර්ථ ගෝතම-Siddhartha Gothma: අපගේ බුදුන් වහන්සේගේ ගිහිනමය. පෙළපත්නම ගෝතමය, නම් කිරීමේ මංගල්‍යයේදී දුන් නම: සිද්ධාර්ථය,වංශය:ශාක්‍ය. බලන්න: උපග්‍රන්ථය1

▲ සිද්ධාර්ථ බුදුන්වහන්සේ-The Buddha Siddhartha: ගෝතම බුදුන් වහන්සේට පෙර වැඩ සිටි, සිද්ධාර්ථ බුදුන් වහන්සේ පිලිබඳ විස්තර මෙහි දක්වා ඇත. මූලාශ්‍රය:ඛු.නි: බුද්ධවංශ පාලි:16: සිද්ධාර්ථ බුදුන්වහන්සේ.

සඳ

▲ සඳ-Moon: සඳ-හඳ, චන්දිම දෙව්පුත් (සඳදෙවි) ලෙසින්ද පෙන්වා ඇත. සඳු බුදුන් සරණ ගිය දේවියක් බවද පෙන්වා ඇත. සඳකිරණ -චන්ද්‍රාආලෝකය, ලෝකයේ ඇති දීප්තිමත් ආලෝක 4 න් එකකි.බලන්න: චන්දීම, චන්දඅභා. සටහන්:* බුදුන් වහන්සේ, මහාසමය සූත්‍රය දේශනා කළ අවස්ථාවේ, හිරු හා සඳු දෙවියෝ සෝතාපන්න වූ බැවින් බුදුන් වහන්සේ ඔවුන් “මගේ දරුවන්” ලෙසින් වදාළහ. බලන්න: ESN: Note: 159, p. 524. මූලාශ්‍ර: සංයු.නි: (1 ): සගාථවග්ග: දේවපුත්‍රසංයුත්ත: 2.1.9. චන්දිම සූත්‍රය හා 2.1.10 සුරිය සූත්‍රය, පි. 119, ESN:2: Devaputtasamyutta: 9.9 Chndima & 10.10 Suriya, p. 178.

▼සඳ එලිය, තරකා එලියට වඩා මහත්ය, එනිසා තරුවලට, සඳ අග්‍රවේ. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග:මග්ගසංයුත්ත: අප්පමාදවග්ග: 1.13- චන්දිම සූත්‍රය, පි.130,ESN: 45: Maggasamyutta: XIII: Diligence: 146.8: The Moon, p. 1688.

▲ සඳ උපමා- Simile of the moon:1) බුදුන් වහන්සේ සඳ උපමාව යොදාගෙන මෙහිදී පෙන්වා ඇත්තේ, කිසිවක් කෙරහි නො ඇලි අහසට නගින සඳ ලෙසින්, සංඝයා, ආගන්තුකයෙක් විලසින්, පවුල්කරා පිඬුසිගා යෑම කළයුතු බව පෙන්වීමටය. මූලාශ්‍ර: සංයු.නි: (2) නිදානවග්ග: කස්සපසංයුත්ත: 4.1.3 චන්දඋපමා සූත්‍රය, පි.324. 2) නාගති- ධර්මානුකූල මග (ආරිය අටමග) ගමන් කරන පුද්ගලයා ගේ කිර්තිය පසලොස්වක දින පායන පුරසඳ මෙන් බැබලේ, එහෙත් වැරදි මග - අගතිමග ගමන්කරන පුද්ගලයාට කීර්තියක් නොමැත, හරියට අමාවක දින මෙන් සඳ එළියක් නොමැත- තද කළුවර සාහිතය. ජිවිතයේ බැබලීමක් නැත. මූලාශ්‍ර: අංගු.නි: (2): 4 නිපාත: 4.1.2.7, 4.1.2.8 හා 4.1.2.9 අගති-නාගති සූත්‍ර, පි. 58, EAN:4: 17.7, 18.8 and 19.9 Wrong course, p. 154.

▲සඳුන්ගස උපමාව- Simile of the sandalwood tree: මනාව පිහිටුවා ගත් සිත සඳුන් ගස වැනිය යයි බුදුන් වහන්සේ මේ උපමාවෙන් පෙන්වා ඇත. ගස් අතුරින් සඳුන් ගස මෘදු බවින් හා නැමෙනසුළු බැවින් අග්‍රය. මානාව පිහිටුවා ගත් සිත ද එලෙස අග්‍රවේ. මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: ශුක වග්ග සූත්‍ර, පි.54, EAN: 1: Spike, p. 38.

සධ

▲ සාධු ධර්මය හා අසාධු ධර්මය-Good Dhamma & Bad Dhamma: ධර්මයට අනුව සාධු යනු හොඳ දේය, යහපත් දේය. අසාධු යනු නරක දේය, අයහපත් දේය. සාධු ධර්මය යනු නිවැරදි මගය, අසාධු ධර්මය නම් වැරදි මග ගැනීමය. බලන්න: සම්‍යක්තවය, මිථ්‍යාත්වය. මූලාශ්‍ර:අංගු.නි:(6):10 නිපාත: සාධුවග්ග:10.3.4.1 සාධු සූත්‍රය, පි. 468, EAN:10: IV: 134.1 Good, p. 548.

▼ මේ සුත්‍රයේදී සාධුධර්ම ලෙසින් පෙන්වා ඇත්තේ: දසකුසල්ය; දස අකුසල අසාධු ධර්මයය. බලන්න: දස කුසල හා දස අකුසල. මූලාශ්‍ර:අංගු.නි ( 6): 10 නිපාත:10.4.3.1 සාධු සූත්‍රය, පි.528, EAN: 10:178.1. Good, p.555.

▲ සුධර්මා දේව සභාව- Sudhamma Deva Hall: සක්‍රදෙවියන් ප්‍රමුක, දෙවිවරු රැස්වෙන දේව සභාවය. බලන්න: දීඝ.නි:ජනවසභ සූත්‍රය.

▲ සුධර්ම භික්ෂුව- Bhikkhu Sudharma: බලන්න: උපග්‍රන්ථය:1

▲ සංධාන ගහපති- Householder Sandana: බලන්න: උපග්‍රන්ථය:3

සන

▲ සනං කුමාර බ්‍රහ්මරාජ- Brahma Sanankumara: මේ බ්‍රහ්මරාජයා බුදුන් වහන්සේගේ අනුගාමිකයෙක්ය.බලන්න: බ්‍රහ්ම රාජ

▲ සන්තුෂ්ටිය: පාලි: සන‍්තුට‍්ඨො - Contentment: සන්තුෂ්ටිය යනු ලදදෙයින් සෑහීමට පත්ව වාසය කිරීමය. බ්‍රහ්මචරියාවේ යෙදුන භික්ෂුව ලැබෙන සිව්පසයෙන් සෑහිමට පත්වීමේ ගුණය ආධ්‍යාත්මික ජිවිතයට ආරක්ෂාව ගෙන දෙන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. අසන්තුෂ්ටිය නැතිකර ගැනීමට සන්තුෂ්ටිය වැඩිය යුතුය. බලන්න: නාථකරණ ධර්ම, සිව්පසය, අසන්තුෂ්ටිය.සටහන්: * සන්තුෂ්ටිය ශුභ කරුණක් යයි මංගල සූත්‍රයේ පෙන්වා ඇත. ** නිවන අවබෝධය පිණිස අවශ්‍යතම ගුණයක් බව මෙත්තා සූත්‍රයේ දක්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (4) 6 නිපාත: 6.1.8 සූත්‍රය, පි.284.

▼මෙලොව, සන්තුෂ්ටිය ඇතිව වාසය කරන්නේ පහවු තණ්හාව ඇති රහතුන්ය. මූලාශ්‍රය: ඛු.නි.සුත්තනිපාත: පාරායනවග්ග:වස්තුගාථා: පි,326, 5-2 තිස්සමෙත්තෙයිය මානවක, පි.338

▲ සන්දක පරිබ්‍රජික-Sandaka Patribrajaka: බලන්න: උපග්‍රන්ථය:3

▲ සන්දිට්ඨිකො- Sandittiko: ධම්ම ගුණයකි: බලන්න: ධම්ම ගුණ.

▲සන්දිට්ඨික ධම්ම- Directly Visible Dhamma: ධර්මය සන්දිට්ඨිකය, තමා විසින්ම දැකිය යුතුය. මෙය ධර්මයේ එක් ගුණයකි. ධර්මය සන්දිට්ඨික බව බුදුන් වහන්සේ දේශනා කර ඇති ආකාරය ආනන්ද තෙරුන් මෙහිදී පෙන්වා ඇත. “ඇවැත්නි, මේ සසුනේ මහණ...ප්‍රථම ජානයට පැමිණ වාසය කරයි…( එලෙස සිව් ජාන) එපමණකින්ම, ධර්මය සන්දිට්ඨික යයි අවස්ථානුරූපව (පර්යායෙන්) බුදුන් වහන්සේ දෙසනා කරන ලදී”

“ මේ සසුනේ මහණ... ආකාසානඤචායතන සමාපත්තියට පැමිණ වාසය කරයි... (එලෙස සිව් අරූප) එපමණකින්ම, ධර්මය සන්දිට්ඨික යයි අවස්ථානුරූපව, බුදුන් වහන්සේ දෙසනා කරන ලදී”

“...මේ සසුනේ මහණ මුළුමනින්ම, නෙවසඤඤා නාසඤඤායතනය ඉක්මවා සඤඤාවෙදයිත නිරෝධයට පැමිණ වාසය කරයි. නෙවසඤඤානාසඤඤා විපස්සනා ප්‍රඥාවෙන් දැකීමෙන් ඔහුගේ ආසව ක්‍ෂයවේ. එපමණකින්ම, ධර්මය සන්දිට්ඨික යයි අවස්ථානුරූපව,බුදුන් වහන්සේ දෙසනා කරන ලදී”. මූලාශ්‍ර: අංගු.නි: (5 ): 9 නිපාත: සාමඤඤවග්ග: 9.1.5.5 සන්දිට්ඨික ධම්ම සූත්‍රය, පි. 564 , EAN:9: 46.5 Directly Visible Dhamma, p. 485.

▲ සන්දිට්ඨික නිබ්බාන- Directly Visible Nibbāna: සන්දිට්ඨික නිබ්බානය ලෙසින් පෙන්වා ඇත්තේ තමා විසින්ම දැකිය යුතු නිවනය. සන්දිට්ඨික නිබ්බානය පිළිබඳව බුදුන් වහන්සේ මෙසේ පෙන්වා ඇතිබව ආනන්ද තෙරුන් වදාළහ:

“ඇවැත්නි, මේ සසුනේ මහණ...ප්‍රථම ජානයට පැමිණ වාසය කරයි…( එලෙස සිව් ජාන) එපමණකින්ම, සන්දිට්ඨික නිබ්බානය යයි අවස්ථානුරූපව (පර්යායෙන්) බුදුන් වහන්සේ දෙසනා කරන ලදී” “ මේ සසුනේ මහණ... ආකාසානඤචායතන සමාපත්තියට පැමිණ වාසය කරයි... (එලෙස සිව් අරූප) එපමණකින්ම, සන්දිට්ඨික නිබ්බානය යයි අවස්ථානුරූපව, බුදුන් වහන්සේ දෙසනා කරන ලදී” “...මේ සසුනේ මහණ මුළුමනින්ම, නෙවසඤඤානාසඤඤායතනය ඉක්මවා සඤඤාවෙදයිත නිරෝධයට පැමිණ වාසය කරයි. නෙවසඤඤානාසඤඤා විපස්සනා ප්‍රඥාවෙන් දැකීමෙන් ඔහුගේ ආසව ක්‍ෂයවේ. එපමණකින්ම, සන්දිට්ඨික නිබ්බානය යයි අවස්ථානුරූපව, බුදුන් වහන්සේ දෙසනා කරන ලදී” මූලාශ්‍ර: අංගු.නි: (5 ): 9 නිපාත: සාමඤඤවග්ග: 9.1.5.6 සන්දිට්ඨික නිබ්බාන සූත්‍රය, පි. 564, EAN:9: 47.6 Directly Visible, p. 485.

▲ සානු හා මව- Sanu & mother : පැවිද්ද හැර දමා යළි ගිහිගෙයට පැමිණි පුතු ගැන සානුගේ මව වැළපීම මෙහි විස්තර කර ඇත. බලන්න: උපපැවිදි. සංයු.නි: (1) සගාථවග්ග: යක්ඛසංයුත්ත: සානු සූත්‍රය

▲ සෙනසුන-Senasuna: සෙනසුන, සංඝයා වාසය කරන ආවාසයය. වාසය පිණිස සෙනසුනක තිබිය යුතු ගුණ මෙහි පෙන්වා ඇත. සටහන: සේනාසන පණවන භික්ෂුන් අතරෙන් අග්‍ර දබ්බ මල්ල පුත්‍ර තෙරුන් ය. මූලාශ්‍ර: අංගු.නි: (6 )10 නිපාත, නාථ වග්ග, 10.1.2.1 සේනාසන සුත්‍රය, පි.56, EAN:10: II Protector, 11.1. Lodging, p. 495.

▲සේනිය බිම්බිසාර රජතුමා- King Seniya Bimbisāra: සේනිය බිම්බිසාර රජතුමා මගධ රටේ රජතුමාය. බුදුන්වහන්සේගේ දායකයෙකි. අජාසත් රජුගේ පියාය. මගධාදිපති බිම්බිසාර රජු දැහැමෙන් රට පාලනය කළ නිසා මගධවාසින් රජතුමාට ප්‍රියබව දැක්වුහ. මේ රජතුමා බුදුන්වහන්සේ ගේ ධර්මය අසා සොතපන්න මගඵල ලැබුහ. මියයාමෙන් පසු චතුර්මහා රාජකීය දෙවියන් අතර ජනවසභ නමින් පහළවිය. එම දෙවියන් බුදුන්වහන්සේ බැහැදැක, තමන් පිළිබඳව හා දේවසභාව පිලිබඳව කළ විස්තරය මෙහි දක්වා ඇත. බලන්න: උපග්‍රන්ථය:3. මූලාශ්‍ර: දීඝ.නි: (2 ) 5. ජනවසභ සූත්‍රය, පි,322, EDN: 18 Janavasabha Sutta (17), p. 209.

▲සේනිය තවුසා- Ascetic Seniya: නිවන ලබා ගැනීම පිණිස දුෂ්කර බලු වෘත්‍රය පුරුදු කල මොහු, බුදුන් වහන්සේ, පෙන්වා දුන් මග අවබෝධකර, බුදුන් සරණ ගියහ. බලන්න: ම.නි: කුක්කුරවත්තික සූත්‍රය, බලු වෘත්‍රය, උපග්‍රන්ථය:3

▲ සේනිය (කෝලිය) තෙර-Seniya Kolita Thera: බලන්න: උපග්‍රන්ථය:1

▲ සේනානිගේ දියණිය සුජාතා: Senani's daughter Sujatha: බලන්න: උපග්‍රන්ථය:3

▲ සුන්දරිකභාරද්වාජ තෙර 1 හා 2 -Sundarika Bhradvaja Thera1&2 බලන්න: උපග්‍රන්ථය: 1

▲ සුනක්ඛත්ත ලිච්චවී - Sunakkhatta the Licchavi: බලන්න: උපග්‍රන්ථය: 4

▲ සුනෙත්ත ශාස්තෘ - The teacher Sunetta: පුරාණ දඹදිව වාසය කල ප්‍රසිද්ධ ශාස්තෘවරයෙකි. බලන්න: පුරාණ ශාස්තෘ -ආචාර්යවරු.

▲සුනිධ මහා ඇමති- Minister Sunidha : මොහු මගධයේ අජාසත් රජුගේ මහාඇමතිවරයෙකි. බුදුන් වහන්සේගේ අවසාන චාරිකාවේදී, පාටලිපුත්‍ර නුවරදී වස්සකාර මහා ඇමති සමග බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානය පිරිනැමීමේ විස්තර මෙහි දැක්වේ.බලන්න: වස්සකාර මහා ඇමති,දානය. මූලාශ්‍ර: වින.පි: මහාවග්ග 2: පි 70 හා දීඝ.නි: (2): මහාපරිනිර්වාන සූත්‍රය, පි.156, EDN : 16 Mahaparinibbana Sutta, p 175.

▲ සිනෙරු කන්ද- Mount Sineru: සක්විති රජගේ ආධිපත්‍යය ඇති සතර දීප පිහිටා ඇත්තේ, ලෝකයේ අක්ෂය ලෙසින් සලකන සිනෙරු කන්දට, උතුරින්, නැගෙනහිරෙන්, දකුණින් හා බටහිරෙන්ය. බලන්න:සක්විතිරජ.

සප

▲සප්ත අනුසය- 7 Underlying tendencies: අනුසය ධර්ම (නිදිගත් කෙලෙස්) හතකි: කාමරාග, පටිඝ, දිට්ඨි, විචිකිච්චා, මාන, භවරාග, අවිජ්ජා. නිවන ලබා ගැනීමට ඒ හැම පහකර ගතයුතුවේ. බලන්න: අනුසය.

▲ සප්තඅපරිහානිය ධර්ම-Saptha aparihani dhamma: බලන්න: අපරිහානිය ධර්ම.

▲ සප්ත ධර්මතා - Seven Dhammas: සප්ත ධර්මතා ඇති ආරිය ශ්‍රාවකයා, මාරයාහට පරාජය කල නොහැකිය: 1) ශ්‍රද්ධාසම්පන්නබව 2) ශිලසම්පන්නබව 3) හිරිඔතප්ප තිබීම 4) බහුශ්‍රැතබව 5) වීරිය ඇතිබව 6) සිහිනුවණ 7) ප්‍රඥාව. බුදුන් වහන්සේ මේ ගුණ උපමා කර ඇත්තේ රජෙක් සතු ශක්තිමත් නගරයකටය. නගරය උපමාව: ශක්තිමත් නගරයක් කරුණු 7 ක් ඇතිනිසා පරාජය කළ නොහැකිය. එලෙස, සප්ත සද්ධර්මය සහිත භික්ෂුව, මාරයා හට පරාජය කල නොහැකිය. බලන්න: උපග්‍රන්ථය:5 මූලාශ්‍ර:අංගු.නි:(4):7 නිපාත:7.2.2.3 නගරූපමසූත්‍රය, පි.454, EAN:7: 67.3 Simile of the Fortress, p. 397.

▲ සප්ත සද්ධර්ම ගුණ: පාලි: සත‍්ත සද‍්ධම‍්මො- Seven dhamma qualities: සප්ත සද්ධර්ම ගුණ ලෙසින් පෙන්වා ඇත්තේ, සේඛ ප්‍රතිපදාව අනුගමනය කරණ භික්ෂුව ( disciple in higher training) තුළ ඇති යහපත් ගුණ හතය: බලන්න: සේඛ.

▼සේඛ ප්‍රතිපදාවේ යෙදෙන භික්ෂුන් සතු යහපත් ගුණ 7කි: 1) ශ්‍රද්ධාව: බුදුන් වහන්සේගේ සම්බෝධිය පිළිගැනීම. 2) හිරි ඇතිබව- තුන් දොරින් පව් කිරීමට-අකුසල් කිරීමට ලැජ්ජාවීම 3) ඔත්තප්ප ඇතිබව- තුන් දොරින් පව් කිරීමට, අකුසල් ඇති 4) බහුශ්‍රැතබව- ධර්මය බොහෝ අසාතිබීම හා සිහියේ රඳවා ගෙන් තිබීම, සජ්ජායනා කිරීම, ආවර්ජනය කිරීම, මැනවින් සලකා දිට්ඨියට පැමිණසිටීම 5) විරිය ඇතිබව-අකුසල් පහකිරීමට හා කුසල් වඩාගැනීම පිණිස ඔහුට සම්මා ප්‍රධාන වීරිය ඇත 6) සතිය ඇතිබව (ස්මෘතිය) පෙරදී කරණ ලද දේ, කියන ලද දේ පිලිබඳ යහපත් සිහිය හා නුවණ ඇතිබව 7) ප්‍රඥාව ඇතිබව- දුක නැතිකරගැනීමට සහායවන, ඇතිවීම හා නැතිවීම පිලිබඳ විදසුන් නුවන ඇතිබව. මූලාශ්‍ර: ම.නි: (2): 2.1.3 :සේඛ සූත්‍රය, පි. 44, MN 53: Sekha Sutta, p. 436.

▲ සප්ත පුරිසගති-seven destinations of persons: සප්ත පුරිසගති ලෙසින් පෙන්වා, ධර්මානුකූල ජීවිතයක් ගත කළ උතුම් පුද්ගලයෙක්-අනාගාමී උතුමෙක්, මරණින් මතු උපත ලබන ස්ථාන 7 ක් පිලිබඳවය.බලන්න:අනාගාමී.

▲ සප්ත බොජ්ඣංග- seven factors of enlightenment: බෝධිය ලබාගැනීමට- නිවන සාක්ෂාත් කර ගැනීමට උපකාරී අංගය 7 ය: සති, ධම්මවිචය, වීරිය, පිති, පස්සදී, සමාධි, උපේක්ඛා. බලන්න: බොජ්ඣංග ධර්මතා.

▲සප්ත විඥාන ස්ථාන- 7 stations of consciousness: විඥාන ස්ථාන- විඥානස්ථිති ලෙසින් පෙන්වා ඇත්තේ යළි උපතට හේතුවන විඥාණය පිහිටන තැන් 7 ය. බලන්න: විඥාන ස්ථාන,

▲ ස්පර්ශය: පාලි: ඵසස- ඵස‍්සො- contact: ස්පර්ශය: පහස, ගෑවීම (touching base) ලෙසින්ද පෙන්වා ඇත. ධර්මයේ ස්පර්ශය ලෙසින් පෙන්වා ඇත්තේ සළායතන මගින් බාහිර අරමුණු ස්පර්ශ කිරීමය. සියලු ධර්මතා ස්පර්ශය නිසා උපත ලබයි:

“ඵස‍්ස සමුදයා සබ‍්බෙ ධම‍්මා”. බලන්න: සබ‍්බෙ ධම‍්මා.

▼ස්පර්ශය පටිච්චසමුප්පාදයේ 6 පුරුකය: සළායතන ඇතිවීම නිසා ස්පර්ශය ඇතිවේ, සළායතන නිරුද්ධවීමෙන් ස්පර්ශය නිරුද්ධ වේ:

“...සළායතන පචචයා ඵසෙසා...” “...සළායතන නිරොධා ඵසස නිරොධා..”

ස්පර්ශය නිසා වේදනා ඇතිවේ. ස්පර්ශය නිරෝධවීමෙන් වේදනා නිරෝධවේ. ස්පර්ශය ආකාර 6 කි:

“...ඡයිමෙ භිකඛවෙ, ඵසසකායා: චකඛු සමඵසෙසා, සොත සමඵසෙසා, ඝාණ සමඵසෙසා, ජිව්හා සමඵසෙසා, කාය සමඵසෙසා, මනො සමඵසෙසා...”. 1) චකඛු සමඵසෙසා: ඇස බාහිර රුප හා ගැටීමෙන් ඇතිවන පහස 2) සොත සමඵසෙසා: කණ බාහිර ශබ්ද හා ගැටීමෙන් ඇතිවන පහස 3) ඝාණ සමඵසෙසා: නාසය බාහිර ගඳ සුවඳ හා ගැටීමෙන් ඇතිවන පහස 4) ජිව්හා සමඵසෙසා: දිව බාහිර රස හා ගැටීමෙන් ඇතිවන පහස 5) කාය සමඵසෙසා: කය බාහිර ස්පර්ශ හා ගැටීමෙන් ඇතිවන පහස 6) මනො සමඵසෙසා: මනස බාහිර සිතුවිලි හා ගැටීමෙන් ඇතිවන පහස (eye-contact, ear-contact, nose-contact, tongue-contact, body-contact, and mind-contact). මූලාශ්‍ර: සංයු.නි: (2 ) : නිදානවග්ග: 1.1.1. පටිච්චසමුප්පාද සූත්‍රය හා 1.1.2 විභඬග සූත්‍රය, පි.26, ESN: Nidanavagga: 1.1. Dependent Origination & 1 2.2 Analysis of Dependent Origination, p.611, ම.නි: (1): 1.1.9 සම්මා දිට්ඨි සූත්‍රය, පි. 130, EMN: 9: Sammādiṭṭhi Sutta- Right View, p. 121.

▼ ස්පර්ශ ආයතන සය (ඡ ඵස‍්සායතනා-six bases for contact) 1) චක්ඛු ස්පර්ශ ආයතනය 2) සෝත ස්පර්ශ ආයතනය 3) ඝාණ ස්පර්ශ ආයතනය 4) ජිව්හා ස්පර්ශ ආයතනය 5) කය ස්පර්ශ ආයතනය 6) මනෝ ස්පර්ශ ආයතනය (the eye as a base for contact, the ear as a base for contact, the nose as a base for contact, the tongue as a base for contact, the body as a base for contact, and the mind as a base for contact. සය ආකාරවූ ස්පර්ශ ආයතන පිලිබඳ බුද්ධ දේශනාව අසත්‍යයයි ඔප්පූ කළනොහැකිය, කෙලෙසන්නට නොහැකිය, නින්දාකිරීමට නොහැකිය, විශෝධනයකිරීමට - ඉවත්කිරීමට නොහැකියයි බුදුන් වහන්සේ වදාළහ.බලන්න: ධර්මයේ සද්භාවය. මූලාශ්‍ර: අංගු.නි: (1): 3 නිපාතය:මහාවග්ග: 3.2.2.1 සූත්‍රය, පි. 348, EAN:3: The Great Chapter, 61.1 Sectarian, p.104 .

▼ ස්පර්ශය ඇතිවීම: ඇස, බාහිර අරමුණක්වූ රූපය හා ගැටීම නිසා ඇසේ විඥානය ඇතිවේ, මේ තුන එකතුවීම නිසා ඇසේ ස්පර්ශය ඇතිවේ (චකඛු සමඵසෙසා)

“...චකඛුඤච පටිචච රූපෙ ච උපපජති චකඛුවීඤඤාණං තිණණං සඬගති ඵසෙසා...”

එලෙස: කණ, බාහිර අරමුණක්වූ ශබ්දය හා ගැටීම නිසා කණේ විඥානය ඇතිවේ, මේ තුන එකතුවීම නිසා කණේ ස්පර්ශය ඇතිවේ... නාසය, බාහිර අරමුණක්වූ ගඳසුවඳ හා ගැටීම නිසා නාසයේ විඥානය ඇතිවේ, මේ තුන එකතුවීම නිසා නාසයේ ස්පර්ශය ඇතිවේ... දිව, බාහිර අරමුණක්වූ රස හා ගැටීම නිසා දිවේ විඥානය ඇතිවේ, මේ තුන එකතුවීම නිසා දිවේ ස්පර්ශය ඇතිවේ... කය, බාහිර අරමුණක්වූ පහස හා ගැටීම නිසා කයේ විඥානය ඇතිවේ, මේ තුන එකතුවීම නිසා කයේ ස්පර්ශය ඇතිවේ... මනස, බාහිර අරමුණක්වූ ධර්මයන් (mind-object) හා ගැටීම නිසා මනසේ විඥානය ඇතිවේ, මේ තුන එකතුවීම නිසා මනසේ ස්පර්ශය ඇතිවේ . සටහන්: මේ සූත්‍රයට අනුව ස්පර්ශය නිසා වේදනා ඇතිවේ (ත්‍රිවිධ වේදනා), යමක් විඳිනවිට, එය හඳුනාගනී, යමක් හඳුනාගන්නේද, ඒ ගැන විතර්ක කරයි (සිතා බලයි). දිගින් දිගට එම සිතිවිලි පවත්වා ගැනීම (ප්‍රපංචකිරීම), සසර දික්කර ගැනීමය. මූලාශ්‍ර: ම.නි: (1):1.2.8 මධුපිණ්ඩික සූත්‍රය, පි. 292,EMN:18:Madhupiṇḍika Sutta-The Honey ball,p.196.

▼ධාතු නානත්වය නිසා ස්පර්ශයේ විවිධත්වය ඇතිවන බව පෙන්වා ඇත. මූලාශ්‍රය: සංයු.නි: (2): නිදානවග්ග: ධාතුසංයුත්තය: 2.1.2. ඵස්සනානාත්ව සූත්‍රය, පි.244

▼ ස්පර්ශය නිසා යම් චන්දරාගයක් ඇතිවන්නේ නම් එමගින් සිත කෙලෙසේ. මූලාශ්‍රය:සංයු.නි: (3): ඛන්ධවග්ග: කිලෙසසංයුත්ත:6.1.4 ඵස්ස සූත්‍රය,පි.488.

▼ ස්පර්ශය යහපත් ලෙසින් අවබෝධ කරගැනීමෙන් සසර දුකින් මිදිය හැකිය

“ තෙසං ඵසසපරෙතානං - භවසොතානුසාරිනං, කුමමගගපටිපනනානං - ආරා සංයොජනකඛයො යෙච ඵසස පරිඤඤාය - අඤඤාය උපසමෙ රතා තෙ චෙ ඵසසාභිසමයා - නිචඡාතා පරිනිබබුතා” ති

සුත්ත නිපාත ගාථා: 739, 740.

ස්පර්ශයෙන් මැඩිගිය, එයට ගැතිවූ තණ්හාව අනුව ගලායන, භවය නමැති දියපහරට හසුව කුම්මගට (වැරදි මග) පිළිපන් ලෝකයාට, සංයෝජන ක්‍ෂය කරගැනීම දුරය (දුෂ්කරය). එහෙත්, කෙනෙක් ස්පර්ශය යහපත් ලෙසින්ම අවබෝධ කර (පිරිසිඳ දැන), ධර්මය නමැති දියපහරට හසුව, තණ්හාව රහිතව, භව නිරෝධය නම්වූ නිවන වෙතට ළඟා වේ. සටහන: ස්පර්ශයේ නියම ස්වභාවය යහපත් ලෙසින් අවබෝධ කරගැනීම නිවනට මගය. මූලාශ්‍ර: ඛු.නි. සුත්තනිපාත: 3-12 ද්වයතානුපසසනා සූත්‍රය, පි.249.

▼සය ආකාරවූ ස්පර්ශයන් පිළිබඳව මනා අවබෝධය ලබාගතයුතුය යි බුදුන්වහන්සේ වදාළහ. මූලාශ්‍ර: ම.නි (3) 3.4.7 සළායතන විභඬග සූත්‍රය, පි. 474, EMN: 137- Saḷāyatanavibhanga Sutta- The Exposition of the Six fold Base, p. 974 .

▼ස්පර්ශ ආයතන 6 මනාව අවබෝධ කරගැනීමේ මග අරියඅටමගය. ස්පර්ශ ආයතන සයේ ඇතිවීම (සමුදය) නැතිවීම (අසතඬගමය), ආස්වාදය, ආදීනවය හා නිස්සරණය තතු ලෙසින් අවබෝධ කරගැනීමට අරියඅටමග සම්පුර්ණකරගත යුතුවේ. මූලාශ්‍ර: සංයු.නි: (4 ): සළායතන වග්ග: ජම්බූඛාදක සංයුත්ත: 4.1.5 අසසාස සූත්‍රය, පි. 504 , ESN: IV: 38 Jambukhādakasaṃyutta: 5 Consolation, p. 1400.

▼ස්පර්ශය පිලිබඳ මනා අවබෝධය ලබාගැනීමට සම්මා දිට්ඨිය ඇති කර ගත යුතුවේ. මූලාශ්‍ර: ම.නි: (1): 1.1.9 සම්මා දිට්ඨි සූත්‍රය, පි. 130, EMN: 9: Sammādiṭṭhi Sutta- Right View, p.121.

▼ ආස්‍රව හා උපාදාන ඇතිවීමට හේතුවූ (ප්‍රත්‍ය) ස්පර්ශයය, පිරිසිඳ දැන ගත යුතු (පරිඥෙය්‍ය ධර්ම) ධර්මයකි. මූලාශ්‍ර: දීඝ.නි : (3):11 දසුත්තර සූත්‍රය,පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼ ස්පර්ශය නිසා ත්‍රිවිධ වේදනා ඇතිවේ: 1) සුඛ වේදනාව 2) දුක් වේදනාව 3) නොදුක් නොසුව වේදනාව. ඒ ඒ වේදනාවට හේතුවූ කරුණු නිරෝධවීමෙන්, වේදනා නැතිවේ. බුදුන් වහන්සේ මේ පිලිබඳ දැක්වූ උපමාව: ගිනිදඬු උපමාව:

“යම්සේ දඬු දෙකක් ගැටීමෙන්, උණුසුම ඇතිවේ, ගිනි හටගනී.ඒ දඬු දෙක වෙන්වීමෙන් හටගත් උණුසුමද ගින්නද නැතිවේ”. මූලාශ්‍රය: සංයු.නි: (4) සළායතනවග්ග:වේදනාසංයුත්ත:සගාථවග්ග:1.20.10 ඵස්සමූලක සූත්‍රය,පි. 436.

▼ස්පර්ශයේ අනිත්‍ය බව දැකීම ආරියබව ඇති කරයි: ස්පර්ශයන් 6 හි අනිත්‍ය බව දකිනා පුද්ගලයා ‘සද්ධානුසාරි’ ය, .ඒබව, විදසුන් නුවණින්, ජානසමාපත්ති ලබා අවබෝධ කරගන්නා පුද්ගලයා ‘ධම්මානුසාරි’ ය. ඔවුන් සම්බෝධිය පිහිට කරගෙන ඇත. මූලාශ්‍රය:සංයු.නි: (3): ඛන්ධවග්ග: ඔක්කන්තිසංයුත්තය: චක්ඛුවග්ග: 4.1.4 ඵස්ස සූත්‍රය, පි.472.

▼වෙනත් මූලාශ්‍ර:1. “...සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයා හමුවේ තැබූ ධර්මය පටිසෝතගාමී ධර්මයක්. භවසෝත නම්වූ විපරිත පටු භව දියවැලට එරෙහිව ගලා යන ඒ ධර්මය භව නිරොධය කරා ගෙන ධමම සොත නම්වූ මහ දිය කඳයි. භව දිය වැලට හසුවුණ ලෝක සත්වයා සංසාර දිය සුළි තුළම කැරකේ. ධමම සොතයට වැටුණු ආරිය පුද්ගලයා භව නිරෝධය නම්වූ නිවනට ලඟාවේ. මේ දෙක අතර සනධිස්ථානය ස්පර්ශයයි’ සටහන: මෙහිදී විස්තර කර ඇත්තේ සුත්තනිපාත ගාථා: 739, 740 ගැනය. “ස්පර්ශයේ ආශචර්ය”, සම්පාදක: කටුකුරුන්දේ ඤාණානන්ද භික්‍ෂු, 2016.

▲ සුපටිපන්න-Supatipanna: සුපටිපන්න යනු සංඝ ගුණයකි. බලන්න: සංඝගුණ. කෙනෙක් රාගය, දෝසය හා මෝහය යන අකුසල් ප්‍රහාණය පිණිස යහපත් ලෙසින් පුරුදු පුහුණුවෙන්නේ නම් ඔහු ‘සුපටිපන්න’ යයි සැරියුත් තෙරුන් පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (4 ) සළායතන වග්ග: ජම්බූඛාදක සංයුත්ත: 4.1.3 ධම්මවාදී සූත්‍රය, පි. 502 , ESN: IV: 38 Jambukhādakasaṃyutta: 3 Proponents of Dhamma, p. 1398.

▲ සුපපටිවීදෙධා:පාලි: යහපත් ප්‍රතිවේදය- thoroughly penetrated: ධර්මයට අනුව සුපපටිවීදෙධා යනු ප්‍රඥාවෙන්, ධර්මය මනාව ප්‍රතිවේදය කිරීමය (සුක්‍ෂම අවබෝධය). බලන්න: ආරිය න්‍යාය.

▲සුප්පතිට්ඨත-Suppathitthatha: සුප්පතිට්ඨත යනු, ධර්මය පිහිටුවා ගත් සැදෑ හිත වෙනත් කිසිවෙකුට නොසෙල්විය හැකිබවය. බලන්න: සුගතිගමන.

▲ සුපණ්ණ -Supaṇṇas: සුපණ්ණ ලෙසින් පෙන්වා ඇත්තේ ගුරුළන් -විශාල පක්ෂියෙක් බඳු සත්‍ව් කොට්ඨාශයක් ගැනය. බුදුන් වහන්සේ ගුරුළන් සතර ආකාර උත්පත්ති ලබන බව පෙන්වා ඇත: බිත්තරයකින්, මව් ගැබයකින්, තෙතමනය නිසා, ඕපපාතිකව. නාගයන්, ගුරුළන් සතුරන් ලෙසින් සලකයි. සටහන: සුපණ්ණසංයුත්තයේ ගුරුළන් ගැන විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: ( 3): ඛණ්ධවග්ග: 9 සුපණ්ණසංයුත්තය, පි. 522, ESN: Khanda: 30: Supaṇṇasamyutta, p. 1154.

▲ සැප විපාක ධර්ම හා දුක්විපාක ධර්ම: පාලි: සුඛවිපාකා ධම‍්මා, දුක‍්ඛවිපාකා ධම‍්මා - Dhamma which brings happiness as their outcome, Dhamma which brings suffering as their outcome යහපත් විපාක (මෙලොව හා පරලොව) ලබාදෙන ධර්ම, සැප විපාක ධර්මවේ. අයහපත් විපාක (මෙලොව හා පරලොව) ලබාදෙන ධර්ම, දුක්විපාක ධර්මවේ. සැප විපාක ධර්ම සුගතියට ගෙන යයි, දුක්විපාක ධර්ම දුගතියට ගෙනයයි.

▼ සැප විපාක ධර්ම: 1) අක්‍රෝධය 2) එදිරි නැතිබව 3) අනුන්ට අවමන් නොකිරීම. 4) අහංකාරනොවීම, 5) ඉරිසියා නොවීම 6) නොමසුරුකම 7) අමායාව 8) කපටිනැතිබව 9) හිරිය 10) ඔත්තප්පය. (non-anger, non-hostility, non-denigration, non-insolence, non-envy, non-miserliness, non-deceitfulness, non- craftiness, moral shame, moral dread). දුක්විපාක ධර්ම:1) ක්‍රෝධය 2) එදිරිය 3) අනුන්ට අවමන් කිරීම 4) අහංකාරය, 5) ඉරිසියාව 6) මසුරුකම 7) මායාව 8) කපටිබව 9) හිරි නැතිබව 10) ඔත්තප්ප නැතිබව. මූලාශ්‍ර: අංගු.නි: (1):2 නිපාත:17: 1 අකුසල පෙය්‍යාල සූත්‍ර, පි.230, EAN:2: XVII, Unwholesome R. , p. 74.

▲ සෝපාදීශේෂ නිර්වාන ධාතුව- Sopadhisesha Nirvana Dhathu .මේ සසුනේ මහණ, පහකළ ආසව ඇතිව, වැස නිමවූ බඹසර ඇතිව, සිව්මග කිස සම්පුර්ණකර, කෙළෙස් බර බහා තබා , රහත්බවට පත්ව, කෙළෙසුන්ගෙන් මනාව මිදුනබව දැන, පංච ඉන්ද්‍රිය නිරුද්ධ නොකළ හෙයින් ඉටු අනිටු අරමුණු ලබා සැප දුක් විඳිමින් පස් ඉඳුරන් පවත්වමින් වාසය කරති. ඒ රහතුන්ගේ රාගක්‍ෂය, දේවේෂක්‍ෂය, මෝහක්‍ෂය එනම් කෙලෙස් පරිනිර්වාණය, සෝපාදීශේෂ නිර්වාන ධාතුව වේ. මූලාශ්‍රය: ඛු.නි: ඛුද්දකපාඨ: ඉතිවුත්තක: 2.2.7 නිර්වානධාතු සූත්‍රය, පි. 396.

සබ

▲සබ්බ-All: සබ්බ හෙවත් සියල්ල- සියලුදේ ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ සළායතන හා ඒවා අල්ලා ගන්නා බාහිර අරමුණුය: ඇස හා රූපය, කණ හා ශබ්දය...ආදීවශයෙන්. මේ සියලුදේ හැර වෙනත් සියල්ලක් පැනවීමට නො හැකිය. සටහන: ආදිත්‍යපරියාය සූත්‍රයේ මේ පිළිබඳව විස්තර පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (4 ): සළායතනවග්ග: වේදනාසංයුත්ත: 1.3.1 සබ්බ සූත්‍රය, පි. 56, ESN: 35: Vedanasamyutta: 23.1 The All, p. 1225.

▼දතයුතු සියල්ල-සබ්බ, විශිෂ්ඨ ඥානයෙන් අවබෝධ කරගැනීමෙන් සියලු කෙළෙස් දුරුකර, දුක නිමාකර ගත හැකිය. මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක:1.1.7 සබ්බ පරිඤඤා සූත්‍රය.

▲ සබ්බේ ධම්මා: පාලි: සබ‍්බෙ ධම‍්මා -all dhammas: සබ්බේ ධම්මා ලෙසින් පෙන්වා ඇත්තේ ලෝකයේ ඇති සියලු ධර්මතාය (හැම දේමය- all things). ආධ්‍යාත්මික මාර්ගය වඩන සංඝයා, ඒ ධර්මතා පිලිබඳ මානා අවබෝධය ඇතිකර ගැනීම අවශ්‍යයයි බුදුන් වහන්සේ පෙන්වා ඇත.

▼ සියලු ධර්මතා 10 ආකාරයකින් අවබෝධ කර ගත හැකිය:

1) සියලු ධර්මතා කැමැත්ත( ඡන්දය-desire) මුල් කරගෙන ඇතිවේ - ඡන්‍දමූලකා සබ‍්බෙ ධම‍්මා 2) සියලු ධර්මතා සිත යොමුකිරීම (අවධානය-attention) නිසා හටගනී (මනසිකාර සම‍්භවා සබ‍්බෙ ධම‍්මා) 3) සියලු ධර්මතා ස්පර්ශය (contact) නිසා උපත ලබයි (ඵස‍්ස සමුදයා සබ‍්බෙ ධම‍්මා ) 4) සියලු ධර්මතා වේදනාව සම්බන්ධ කොට ඇත (වෙදනා සමොසරණ සබ‍්බෙ ධම‍්මා) 5) සියලු ධර්මතා සමාධිය ප්‍රමුඛ කොට ඇත (සමාධිපමුඛා සබ‍්බෙ ධම‍්මා) 6) සියලු ධර්මතා සිහිය අධිපති කොට ඇත (සතාධිපතෙය්‍යා සබ‍්බෙ ධම‍්මා) 7) සියලු ධර්මතා ප්‍රඥාව උතුම් කොට ඇත (පඤ‍්ඤුත‍්තරා සබ‍්බෙ ධම‍්මා) 8) සියලු ධර්මතා විමුක්තිය සාරය (හරය) කොට ඇත (විමුත‍්තීසාරා සබ‍්බෙ ධම‍්මා) 9) සියලු ධර්මතා අමරණිය බව මුදුන් කොට ඇත (අමතොගධා සබ‍්බෙ ධම‍්මා) 10 ) සියලු ධර්මතා නිවන අවසාන කොට ඇත (නිබ‍්බාන පරියොසනා සබ‍්බෙ ධම‍්මාති). මූලාශ්‍ර:අංගු.නි:(6):10 නිපාත: සචිතතවග්ග:10.2.1.8. මූලක සූත්‍රය, පි.218, EAN:10: 58.8. Roots, p. 516.

▲සබ්බ උපධි පටිනිස්සගය: පාලි: සබ‍්බුපධිපටිනිස‍්සග‍්ගො- the relinquishment of all acquisitions: සබ්බ යනු සියල්ල, උපධි යනු මමය මාගේයයි, තණ්හාවෙන්, දිට්ඨියෙන් හා මානයෙන් අල්වා ගැනීමය. යනු ඒ සියලු ගැනීම් හැර දැමීමය (විසිකර දැමීමය). අරහත්වය ලැබීමට, නිවන සාක්ෂාත් කරගැනීමට මෙය අත්‍යඅවශ්‍ය දෙයකි, දුෂ්කර ක්‍රියාවකි, ප්‍රධාන වීරිය ඇතිව කලයුතු දෙයකි. මේ වීරිය උතුම් යයි බුදුන් වහන්සේ වදාළහ.බලන්න: වීරිය, උපධි. සටහන්: * ආනාපාන සූත්‍රයේ අවසාන පියවරේදී : අනිච්චය, විරාගය, නිරෝධය පිලිබඳ අනුපස්සනා කර අවසානයේදී “පටිනිස‍්සග‍්ගානුපස‍්සි විහරති” යයි පෙන්වා ඇත. සියල්ල අතහැරීම පිළිබඳව නුවණින් මෙනෙහිකිරීම- නිවනට සිත පිහිටුවා ගැනීමය.* * සියලු උපධි ලෙසින් පෙන්වා ඇත්තේ ස්කන්ධ (පංච උපාදානස්කන්ධය), සියලු කෙලේස, අභිසංස්කාර හා සඬඛ්‍යාත ධර්මතා වන්ය. ** Sabbūpadhipaṭinissagga. Mp specifies three types of ‘acquisitions’ (upadhi): the five aggregates, the defilements, and volitional activities (khandha, kilesa, abhisaṅkhārā). The relinquishment of these is a synonym for nibbāna. The striving for this is the energy arisen along with insight and the path මූලාශ්‍ර:අංගු.නි:(1): 2 නිපාත:2.1.1.2පධාන සූත්‍රය,පි.133,EAN:2: 2.2 Striving, p.56.

▲සබ්බඤඤුත අනාවරණඤාණය-Sabbannutha anavarana nana: සබ්බඤඤුත අනාවරණඤාණය- සර්වඥතා අනාවරණ ඥාණ ලෙසින්ද පෙන්වා ඇත. “තථාගතයන්ගේ සර්වඥතා ඥානය නම්: සෑම සංඛත අසංඛත ධර්ම නිරවශේෂ කර දැනගැනීම, අතීතය, අනාගතය හා වර්තමාන කාල (තුන් කාලය) පිලිබඳ සියල්ල දැනීම, හේතුප්‍රත්‍ය ධර්මතා සියල්ල දැනීම, අභ්‍යන්තර, බාහිර ආයතන සියල්ල දැනීම, අනිච්ච, දුක්ඛ හා අනාත්ම ස්වභාවය දැනීම, සියලු අභිඥා දැනීම, සියලුම ස්කන්ධ දැනීම, සියලු කුසලය හා අකුසලය දැනීම, සියලු කාමාවචර, රූපාවචර, අරූපාවචර ධර්ම දැනීම, සිව්පිළිසිඹියා දැනීම, ඉන්ද්‍රියපරෝපරිය ආදිවූ සියලුම ඤාණ දැනීම, මරුන්, බඹුන් ආදීවූ සියලුම ප්‍රජාව විසින් දකින, සොයන රූපායතන ආදිය දැනීම, තුන්ලෝකය පිලිබඳ, තුන්කාලයේ තතු දැනීම. ඒ නිසා තථාගතයෝ සමන්තචක්ඛුවේ. එම අවබෝධයේ ආවරණයක් නැතිනිසා අනාවරණ ඤාණය වේ. බලන්න: බුද්ධ නාම. මූලාශ්‍ර:ඛු.නි:පටිසම්භිදා 1: ඤාණකථා: 72-72 සර්වඥතා අනාවරණ ඥාණ. පි.264.

▲ සබ්බ පරීඤඤා-Sabba parinna: සබ්බ පරිඤඤා ලෙසින් පෙන්වා ඇත්තේ සියලුම ධර්මතා- දතයුතු දේ ගැන විශිෂ්ඨ ඥානයෙන් අවබෝධ කර ගැනීමය. එමගින් සිතේ ඇලීම් දුරුවේ, කෙළෙස් දුරු වේ දුක කෙලවර කරගත හැකිවේ:

“යො සබ‍්බං සබ‍්බතො ඤත්‍වා සබ‍්බතෙත්‍ථසු න රජ‍්ජති, ස වෙ සබ‍්බං පරිඤ‍්ඤාය සො සබ‍්බදුක‍්ඛමුච‍්චගා’ති”. මූලාශ්‍රය:ඛු.නි: ඉතිවුත්තක: 1.1.7 සබ්බ පරිඤඤා සූත්‍රය, පි.350.

▲ සබ්බලෝකේ අනභිරති සංඥාව: පාලි: සබ‍්බලොකෙ අනභිරතසඤ‍්ඤා- perception of non-delight in the entire world සබ්බලෝකේ අනභිරති සංඥාව ලෙසින් පෙන්වා ඇත්තේ ලෝකයේ සකස්වූ ධර්මතා පිලිබඳ කිසිම සුඛාස්වදයක්- කුල්මත්විමක්, අල්වාගැනීමක් නැතිබවය. නිවන සාක්ෂාත් කර ගැනීමට උපකාරවන භාවනා ක්‍රමයකි. බලන්න: දසසංඥා.

▼ සබ්බලෝකේ අනභිරති සංඥාව මෙනෙහි කිරීම: මේ සසුනේ මහණ, ලෝකය සම්බන්ධ කිසිම බැඳීමකට (තණ්හාව සහිත), උපාදානයකට, මත දිට්ඨි ආදියට, විශ්වාස-පිළිපැදීම් ආදියට, අනුසය ඇති කෙළෙස් ධර්මතාවන්ට නොඇලී, ඒවා පහකර වාසය කරයි. මෙය සබ්බලෝකේ අනභිරති සංඥාවය.

“ ... භික‍්ඛු යෙ ලොකෙ උපයූපාදානා චෙතසො අධිට‍්ඨානාභිනිවෙසානුසයා, තෙ පජහන‍්තො වීරමති න උපාදියන‍්තො. අයං වූච‍්චති සබ‍්බලොකෙ අනභිරත සඤ‍්ඤා”. ( Here, a bhikkhu refrains from any engagement and clinging, mental standpoints, adherences, and underlying tendencies in regard to the world, abandoning them without clinging to them. This is called the perception of non-delight in the entire world). මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත:10.2.1.10 ගිරිමානන්ද සූත්‍රය, පි. 221, EAN: 10: 60.10. Girimānanda, p. 516.

▲ සබ්බ සංඛාරෙහි අනිච්ච සංඥාව: පාලි: සබ‍්බ සඬඛාරෙසු අනිච‍්ච සඤ‍්ඤා-perception of impermanence in all conditioned phenomena: සබ්බ සංඛාරෙහි අනිච්ච සංඥාව ලෙසින් පෙන්වා ඇත්තේ සියලු සකස්වූ ධර්මතා- සංඛත ධර්ම වල අනිච්ච ස්වභාවය දැකීමය. නිවන සාක්ෂාත් කර ගැනීමට උපකාරවන භාවනා ක්‍රමයකි. බලන්න: දසසංඥා.

▼ සබ්බ සංඛාරෙහි අනිච්ච සංඥාව මෙනෙහි කිරීම: මේ සසුනේ භික්ෂුව, හේතුප්‍රත්‍ය නිසා උපන් සෑම ධර්මතාවයක්ම බැහැර කරයි, ඒවා නොසලකයි, ඒවා ගැන බලවත් කලකිරීමක් -පිලිකුලක් ඇතිව සිටි. මෙය සබ්බ සංඛාරෙහි අනිච්ච සංඥාවය. “...භික‍්ඛු සබ‍්බ සඬඛාරෙහි අට‍්ටීයති හරායති ජිගුච‍්ඡති. අයං වූච‍්චති සබ‍්බසඬඛාරෙසු අනිච‍්ච සඤ‍්ඤා” ( Here, a bhikkhu is repelled, humiliated, and disgusted by all conditioned phenomena. This is called the perception of impermanence in all conditioned phenomena). මූලාශ්‍ර:අංගු.නි: (6):10 නිපාත:10.2.1.10 ගිරිමානන්ද සූත්‍රය,පි. 221,EAN: 10: 60.10 Girimānanda, p. 516.

▼ සබ්බසංඛාරයෙහි අනිච්ච සංඥාව වැඩිමෙන්, අවිද්‍යාව පහවේ, රහත්මග නුවණ ඇතිවේ යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍ර:ඛු.නි:ඉතිවුත්තක:3.4.6 අශුභානුදර්ශි සූත්‍රය, පි. 453.

සභ

▲සෝභිත බුදුන් වහන්සේ-The Buddha Sobhitha: ගෝතම බුදුන් වහන්සේට පෙර වැඩසිටි, සෝභිත බුදුන් වහන්සේ පිලිබඳ විස්තර මෙහි දක්වා ඇත. මූලාශ්‍රය:ඛු.නි: බුද්ධවංශ පාලි:6 සෝභිත බුදුන්වහන්සේ.

▲ සුභකිණණ දේව- Subhakinna Deva: බ්‍රහ්ම දේවලෝකයකි. බලන්න: බ්‍රහ්මලෝක.

▲ සුභධාතුව- the beauty element: සුභධාතුව- පිරිසිදු ධාතුව-Pure element, සප්ත ධාතු වලින් එකකි. අසුභය නිසා සුභධාතුව අවබෝධ කරගත හැකිය. සංඥා සමාපත්තිය මගින් සුභධාතුව ඇතිකරගත හැකිය. බලන්න: ධාතු හත-සප්ත ධාතු. සටහන: අටුවාවට අනුව: සුභ ධාතුව යනු, සුභ කසිණය (beautiful kasiṇa) නිසා ඇතිවෙන ජානසමාපත්තියකි. The beauty element (subhadhātu) is just the jhāna together with its object, namely, the jhāna arisen on the basis of a beautiful kasiṇa. බලන්න: ESN: Note: 231, p. 972. මූලාශ්‍රය: සංයු.නි: (2): නිදානවග්ග:ධාතු සංයුත්ත:2.2.1 සත්තධාතු සූත්‍රය, පි.256, ESN: 14: Dhathusamyutta: 11.1 Sevwn elements, p.750.

▲සුභ නිමිත්ත: පාලි: සුභනිමිතතං- Subhanimitta (The mark of the attractive): සිතේ කාමය (lust) ඇතිකිරීමට (රාගය ඇතිවීමට) හේතුවන කරුණුය. එනම්, කාම ආශාව (sexual desire) -ලිංගික ආසාව ඇතිකරණ බාහිර අරමුණු සුභ නිමිත්ත ලෙසින් දක්වා ඇත . එලෙස සුභ නිමිත්ත ගැනීම නිසා, පංචකාම වස්තුන් සුන්දරය යයි සිතා ඒවා ගැන සිතමින් අකුසලයට පත්වේ. ඒවා සිතෙන් අල්වා ගැනීම- ඒවා ගැන රාගයෙන් මත්විමය. ඇස, කණ, නාසය, දිව,කය යන අභ්‍යන්තර ඉන්ද්‍රියන් මගින් අල්ලා ගන්නා බාහිර වස්තුවක්- පංචකාම අංගයක් : රූපයක්,ශබ්දයක් , ගඳසුවඳක්, රසයක් හෝ පහසක්, සුන්දරය යයි සලකමින්, එයට වසඟවීම නිසා සිතේ රාගය ඇතිවේ. කාමචන්දයට ආහාරය සුභ නිමිත්තය. බලන්න: නීවරණ. සටහන්: * අංගු.නි: (1): 1 නිපාත: නීවරණ ප්‍රහාන වග්ගයේ දී (පි.44) සුභ නිමිත්ත පිළිබඳව විස්තරාත්මකව පෙන්වා ඇත. ** සංයු.නි: (5-1) මහාවග්ග, බොජ්ඣංගසංයුත්ත: 2.6.1 ආහාර සූත්‍රය, පි.230 හා 2.1.2 කාය සූත්‍රය, පි.168, සුභ නිමිත්ත පෝෂණය වන අන්දම දක්වා ඇත. ශබ්දකෝෂ : පාසිශ: පි.114: ‘සුභනොවන, අයහපත්’. BD: p. 323: ‘subha-nimitta: beautiful or attractive object of mind, it may become an inducement to arising of sense-desire’ . PTS: p.1626: ‘shining, bright, beautiful, pleasant…’.

▼සුභ නිමිත්ත අයෝනිසෝමනසිකාරය කිරීම කාමචන්දය ඇතිවීමට මුලික හේතුවය, එමගින් ඇතිනොවූ කාමචන්දය ඇතිවේ, ඇතිවූ කාමචන්දය බහුලබවට පත්වේ. මූලාශ්‍ර: අංගු.නි: (1):1 නිපාත: 1.2.1 නීවරණ ප්‍රහාණ වග්ග සූත්‍ර, පි. 44, EAN:1: Abandoning the hindrances, p. 36, සංයු.නි: (5-1 කාණ්ඩය): බොජ්ඣංග සංයුත්ත- 2.6.1 ආහාර සූත්‍රය, පි. 230, ESN: Bojjhaṅgasaṃyutta-51.1 Nutriment, p.1788.

▲ සුභරොච-Easy to support: සුභරොච ලෙසින් පෙන්වා ඇත්තේ, පහසුවෙන් පෝෂණය කලහැකිබවය. සංඝයා තුල තිබිය යුතු ගුණයකි. අකුප්ප බව ලබාගැනීම පිණිස දියුණු කලයුතු ගුණයකි. බලන්න: අක්කුප්ප. සටහන: කරණිය මෙත්ත සූත්‍රයේ, මේ ගුණය නිවන පිණිස වැඩිය යුතු ධර්මයක් ලෙසින් පෙන්වා ඇත.

▲ සුභසංඥාව- The perception of beauty: සුභසංඥාව යනු, දුකඇතිකරන දේ සැප (සුඛ) යයි සිතා ගන්නා සංඥාවය. සතර විපල්ලාස වලින් එකකි බලන්න: සතර විපල්ලාස.

▲ සුභාෂිතය-well-spoken speech: බුදුන් වහන්සේගේ භාෂිතය සුභාෂිතවේ. කරුණු 5 කින් සමන්විතය: 1) සුදුසු අවස්ථාවේ කතාකිරීම 2) සත්‍ය කතා කිරීම 3) මුදු වචන භාවිතය 4) අන්‍යන්ට යහපත සැලසෙන ලෙස කතා කිරීම 5) මෙත්තා සහගත සිතින් කතා කිරීම. එලෙස කතා කරයි නම් ඒ සුභාෂිතයය, දුර් භාෂිතය නොවේ, නිවැරදිය, ප්‍රඥාවන්තයන් පසසයි. බලන්න: කතාව. සටහන: සුභාෂිතය මංගල කරුණකි. බලන්න: මංගල සූත්‍රය. මූලාශ්‍රය: අංගු:නි: (3): 5 නිපාත: සොනවග්ග: 5.4.5.8 සුභාෂිත වාචා සූත්‍රය, පි.414.

▼බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “...කරුණු 4 ක් ඇති වචන සුභාෂිතයය, දුර්භාෂිත නොවේ, අනවද්‍යවේ, නුවණැතියන් විසින් ගැරහිය නොයුතුය ...” 1) සුභාෂිතය පමණක් කථාකිරීම, දුර්භාෂිතයෙන් වැලකීම 2) ධර්මය පමණක් කීම, අධර්මය නොකීම 3) ප්‍රියවචන පමණක් කීම, අප්‍රියවචන නොකීම 4) සත්‍යම කීම, අසත්‍ය (බොරුව-අලික) නොකීම. බුද්ධ ආදී සත්පුරුෂයෝ සුභාෂිතයම පවසන්නෝය. මූලාශ්‍රය: ඛු.නි: සුත්තනිපාත: 3-3- සුභාසිත සූත්‍රය, පි.150.

සම

▲ සමචිත්ත:පාලි: සම චිත‍්තං-peaceful mind-samacittā: සමචිත්ත ලෙසින් පෙන්වා ඇත්තේ එක සමාන ලෙසින් ආධ්‍යාත්මික සිත වර්ධනය කරගැනීමය.මෙය ශාන්ත සිත ලෙසින්ද හඳුන්වයි. ‘සමචිත්තෝ’ යනු බුදුවරු හඳුන්වන ආකාරයකි. බලන්න: EAN: note: 267, p. 594, බුද්ධ නාම.

▼ බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “...අප මෙසේ හික්මිය යුතුය යි ඔබ හැම පුරුදු විය යුතුය. සන්සුන් ඉඳුරන් ඇතිව, සංසුන් සිත් ඇතිව සිටින විට ඔබ හැම ගේ කාය, වචී හා මනෝ කම්ම ශාන්ත වන්නේය. එවිට, ‘අපි, අප සමග වාසය කරන සෙසු සංඝයාට ශාන්තවූ සේවයක් පමණක් කරමු’ යන සිතිවිල්ල ඇතිවේ”. සටහන: මේ සූත්‍රය ශ්‍රවනය කළ දෙවියෝ සමසිත් ඇති දෙවිවරු ලෙසින් පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (1 ): 2 නිපාත: 2.1.4.5 සූත්‍රය, පි. 162 , EAN: 2: 36.5 Sutta, p.61.

▲ සමථ හා විපස්සනාව:පාලි: සමථො, විපස‍්සනා- Calm/tranquility and insight: ධර්මයේ සමථ ලෙසින් පෙන්වා ඇත්තේ ධර්ම අරමුණක සිත එකඟ කරගැනීමෙන් ලබාගන්නා සමාධියය. සමාධි සමාපත්ති ලැබීමෙන් පසු, සිතේ ඇතිවන ප්‍රඥාව, විපස්සනාවය- විදර්ශනා. විපස්සනාව ලැබීම පිණිස සිත සමාධිගතවීම අවශ්‍යවේ. ශබ්දකෝෂ: B.D: 157: “Samatha-Vipassanā: Samatha: serenity is a synonym of Samadhi- one pointedness of mind & wisdom. Samatha-Vipassanā are identical with Samadhi. They are 2 branches of mental development”

▼සමථ හා විපස්සනාව, ආධ්‍යාත්මික මාර්ගය වඩා ගැනීම පිණිස වැඩියයුතු ධර්මතාවකි -භාවේතබ්බ ධර්මයකි. බලන්න: භාවෙතබ්බ ධම්ම. මූලාශ්‍ර: දීඝ.නි:(3):11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼ සමථ හා විපස්සනා ධර්මතා විජජාභාගීය ධර්මතාය, විද්‍යාව හා විමුක්තිය ලබාගැනීමට උපකාරීවන ධර්මතා යයි බුදුන් වහන්සේ වදාළහ: “සමථ භාවනාව වැඩීමෙන් කවර ප්‍රතිලාභයක් අත් දකින්නේද? සිත දියුණුවීමය. සිත දියුණුවීම මගින් කවර ප්‍රතිලාභයක් අත් දකින්නේද? රාගය පහවීම. විපස්සනාව මගින් කවර ප්‍රතිලාභයක් අත් දකින්නේද? ප්‍රඥාව දියුණුවීමය. ප්‍රඥාව දියුණුවීම මගින් කවර ප්‍රතිලාභයක් අත් දකින්නේද? අවිජ්ජාව පහවේ...රාගයෙන් වෙළුන සිතක් ඇතිවිට විමුක්තිය ඇතිනොවේ. අවිජ්ජාවෙන් වැසුන විට ප්‍රඥාව ඇති නොවේ.එමනිසා රාගය පහවුවිට-විරාගය ඇතිවී සිත විමුක්තියට පත්වේ (චේතෝවිමුක්ති), අවිද්‍යාව පහවීමෙන්, ප්‍රඥාව ඇතිවී විමුක්තිය ලැබේ (ප්‍රඥාවිමුක්ති)”.

“ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා විජ‍්ජාභාගියා. කතමෙ ද‍්වෙ? සමථො ච විපස‍්සනා ච. සමථො භික‍්ඛවෙ භාවිතො කමත්‍ථමනුභොති? චිත‍්තං භාවීයති. චිත‍්තං භාවීතං කමත්‍ථමනුභොති? යො රාගො, සො පහීයති. විපස‍්සනා භික‍්ඛවෙ භාවිතා කමත්‍ථමනුභොති? පඤ‍්ඤා භාවීයති. පඤ‍්ඤා භාවීතා කමත්‍ථමනුභොති? යා අවිජ‍්ජා, සා පහීයති. රාගූපක‍්කිලිට‍්ඨං වා භික‍්ඛවෙ චිත‍්තං න විමුච‍්චති. අවිජ‍්ජුපක‍්කිලිට‍්ඨා වා පඤ‍්ඤා න භාවීයති. ඉති ඛො භික‍්ඛවෙ රාගවිරාගා චෙතොවිමුත‍්තී, අවිජ‍්ජාවිරාගා පඤ‍්ඤාවිමුත‍්තීති”. (Bhikkhus, these two things pertain to true knowledge. What two? Serenity and insight. When serenity is developed, what benefit does one experience? The mind is developed. When the mind is developed, what benefit does one experience? Lust is abandoned. When insight is developed, what benefit does one experience? Wisdom is developed. When wisdom is developed, what benefit does one experience? Ignorance is abandoned...A mind defiled by lust is not liberated, and wisdom defiled by ignorance is not developed. Thus, bhikkhus, through the fading away of lust there is liberation of mind, and through the fading away of ignorance there is liberation by wisdom). මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත: 2.1.4.1 සූත්‍රය, පි. 157, EAN: 2: 31.11 Sutta, p.60.

▼ බුදුන් වහන්සේ සමථය හා විපස්සනාව පිළිබඳව යහපත් ලෙසින් වදාරා ඇත. ඒ ධර්මතා සංඝයා එක්ව, ධර්මයේ චිරස්ථිතිය පිණිස සජ්ජායනා කිරීම සුදුසු යයි සැරියුත් මහා තෙරුන් සංඝයාට උපදෙස් දී ඇත. මූලාශ්‍ර: දිඝ.නි: (3 ):10 සංගිති සූත්‍රය, පි. 372, EDN: 33 Sangīti Sutta: The Chanting Together, p.362.

▼ සමත හා විපස්සනාව නිවන් මගය- අසංඛත මගය: මූලාශ්‍ර: සංයු.නි: (4): සළායතනවග්ග: අසංඛත සංයුත්ත: 9.1.2 සමථ විපස්සනා සූත්‍රය, පි. 659, ESN: 43: Asankatasamyutta:2.2 Serenity and Insight p. 1496.

▲ සමන්ත චක්ඛු- Samantha chakkhu: බුදුන් වහන්සේ හඳුන්වන පදයකි. බලන්න:බුද්ධනාම. මූලාශ්‍ර:ඛු.නි:පටිසම්භිදා 1: ඤාණකථා: 72-72 සර්වඥතා අනාවරණ ඥාණ. පි.264.

▲ සමණසංඥා: පාලි: සමණසඤඤා-Perceptions of Ascetic: සමණසංඥා ලෙසින් පෙන්වා ඇත්තේ, ධර්ම පුහුණුවේ යෙදෙන සංඝයා විසින් දියුණු කරගත යුතු සංඥා ගැනය.

▼ සමණසංඥා තුනක් මෙහි පෙන්වා ඇත: 1. මම පන්තිභේදයකින් තොර සමුහයකට පිවිසි වාසය කරමි- වීවර්ණභාවයට පැමිණ වෙසෙමි. 2. මම අන්‍යයන්ගේ උපකාරයෙන් දිවිපැවැත්ම ගෙනයමි. 3. මගේ හැසිරීම-ගිහියන්ගේ හැසිරීම මෙන් නොවිය යුතුය. සටහන: පබ්බජා විසින් ආවර්ජනා කලයුතු ධර්මතා 10 ට මේ කරුණු 3 ඇතුලත්වේ. බලන්න: පබ්බජා. එම සංඥා දියුණු කරගත්විට, බහුල කරගත්විට කරුණු 7 ක් සම්පුර්ණවේ: 1) නිරන්තරයෙන්ම ශිලසම්පන්නව හැසිරීම 2) අබිජ්ජාව (ආසාව) නැතිවීම 3) ව්‍යාපාදය නැතිවීම 4) අතිමානය නැතිවීම 5) පුහුණුවට-ශික්ෂාවට ඇල්ම තිබීම 6) සිව්පස භාවිතා කිරීමේදී, ඒවා තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය වඩා ගැනීම සඳහා යන අරමුණ ඇතිව කටයුතුකිරීම 7) ආරද්ධ විරිය තිබීම. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: 10.3.1.1. සමණසංඥා සූත්‍රය, පි.406, EAN: 10: 101.1 An Ascetic’s Perceptions, p. 540.

▲ සමන්තපාසාදිකා- who inspires confidence: ධර්මයේ දස ආකරයෙන් පරිපුර්ණ භික්ෂුව ‘සමන්තපාසාදිකා’ වේ යයි බුදුන් වහන්සේ වදාළහ. සටහන: මෙහිදී ඒ දස කරුණු විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: ආනිසංසවග්ග: 10.1.1.10 විජ්ජාසූත්‍රය, පි.52, EAN:10: 10.10 True knowledge, p. 494.

▲ සමවයසට‍්ඨෙසනො (පාලි): සෙවීම අතහැරීම -renounced seeking: ධර්මයේ සමවයසට‍්ඨෙසනො ලෙසින් දක්වා ඇත්තේ සෙවීම- ගවේෂණය අතහැරීම ය. එනම්: කාමයන් සෙවීම, සසර පවත්වා ගැනීම ආදී කරුණු සෙවීම අත හැරීමය. ආරියෝ සත්‍ය අවබෝධකර ඇති නිසා සියලු සෙවීම් අත හැර ඇත. බලන්න: ආරිය වාසස්ථාන.

“කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු සමවයසට‍්ඨෙසනො හොති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛුනො කාමසනා... භවෙසනා...පහීනා හොති, බ්‍රහ‍්මචරියෙසනා පටිප‍්පස‍්සද‍්ධා. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු සමවයසට‍්ඨෙසනො හොති” (Here, a bhikkhu has abandoned the search for sensual pleasures and the search for existence and has allayed the search for a spiritual life. It is in this way that a bhikkhu has totally renounced seeking). මූලාශ්‍ර: අංගු.නි.(6 ):10 නිපාත: 10.1.2.9 පඨමාරියවාස සූත්‍රය, 10.1.2.10 හා දෙවෙනි අරියවාස සූත්‍රය, පි.82-84, EAN:10: I19.9 & 20.10 Abodes of the Noble Ones 1 & 2 , p. 498-499.

▲ සමසීසට්ඨ ඤාණය-Samasishtta Nana: සමසීසට්ඨ ඤාණය- සමශිර්ෂාර්ථ ඥානය ලෙසින් පෙන්වා ඇත්තේ, ත්‍රිභූමික ධර්මතා ( කාමාවචර, රූපාවචර, අරූපාවචර) යහපත් ලෙසින්ම නිරුද්ධ කිරීමෙහිදී, ඒ නිරුද්ධ කළ කරුණු නැවත නො ඉපදීමක් -ඇතිවීමක් නොවන බව දන්නා නුවණය. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදා 1: 36 සමසීසට්ඨ ඤාණය, පි.214.

▲ සමා පටිපදාව- the calming practice: ලාමක අකුසල දහම, දුරු කර, සමනය කර අවසන් කිරීම සමා පටිපදාවය. මූලාශ්‍ර:අංගු.නි: (2): 4 නිපාත:පටිපදා වගග, 4.4.2.4 පටිපදා සූත්‍ර 2 කි, පි.316, EAN: 4: 164-165 Patience-2, p. 202.

▲ සම්මා දිට්ඨිය: පාලි: සම‍්මාදිටඨි-Right view: ආරිය අටමගේ පළමු අංගය සම්මා දිට්ඨිය ය. චතුරාර්ය සත්‍ය අවබෝධ වීම තුලින් සම්මා දිට්ඨිය ඇතිවේ. බලන්න: ආරිය අටමග. සටහන්: * අටුවාවට අනුව සම්මා දිට්ඨිය දෙයාකාරය ය: ලෞකික හා ලෝකෝත්තර (mundane and supramundane). ලෞකික සම්මා දිට්ඨිය දෙයාකාරය ය: 1) කර්ම නිසා විපාක ලැබේ යන පිළිගැනීම බුදුසසුනේ මෙනේම වෙනත් ආගමිකයන් ද දරන විස්වාශයකි. 2) චතුසත්‍යට අනුකූලව කාර්ම විපාක පිලිබඳ ඇති විශ්වාසය බුදුදහමට පමණක් සිමාවේ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය: ආධ්‍යාත්මික පිරිසුදුබව ඇති කරන සතර මග ඵල (සෝතාපන්න ආදී) ලැබීම තුලින් චතුසත්‍ය පිලිබඳ මනා අවබෝධය ලැබීමය. බලන්න: EMN:note:114, p. 1074) ** සම්මාදිට්ඨිය, ආරිය අටමගේ සෙසු අංග වර්ධනයට උපකාරීවේ. කෙනෙකුට සම්මා දිට්ඨිය ඇතිවිට ඔහුට සම්මා සංකප්ප ඇතිවේ. මේ අංග 2, සම්මා වාචා, සම්මා කම්මන්ත හා සම්මා අජිවය ඇතිවීමට පදනම් වේ. එම අංග දියුණුවීම, සම්මා වායාම හා සම්මා සතිය ඇතිවීමට මූලික වේ. සම්මා වායාම හා සම්මා සතිය, සම්මා සමාධිය ඇතිවීමට බලපායි. සම්මා ඥාණය (එම අංග වර්ධනය නිසා ඇතිවන) අරහත්වයට මූලිකවන ප්‍රඥාව ඇතිකරයි. සම්මා ඥාණය ඇතිවීමෙන් ආසව පහකර ගැනිමේ අවබෝධය මගින් සම්මා විමුක්තිය ඇතිවේ. අවසාන ප්‍රතිඵලය වන්නේ අරහත්වය ලැබීමය: ආසව පහකිරිමෙන් චේතෝ විමුක්තිය (අනාසාව චෙතෝවිමුත්තිය) හා ප්‍රඥාවිමුක්තිය ලැබීමය. (taint less liberation of mind, liberation by wisdom) . බලන්න: EAN: note: 2144, p. 683.

▼නුපන් කුසල් ඇතිකරගැනීමට හා උපන් කුසල් විපුල කරගැනීමට සාධකවන මූලික කරුණ සම්මා දිට්ඨිය ඇතිවීමය. මූලාශ්‍ර: අංගු.නි: (1 ): 1 නිපාත:16 :1.16.2.1 සූත්‍රය, පි. 100, EAN:1: 307.2 sutta, p.47

▼සම්මා දිට්ඨිය යනු: ආරිය ශ්‍රවකයෙක් තුල ඍජු දිට්ඨිය ඇතිවීමය. එමගින් අවෙච්චා සහගත ප්‍රසාදය ඇතිවේ, ඔහු සත්‍ය ධර්මය ට පැමිණේය යි සැරියුත් මහා තෙරුන් වදාළහ:

“...කි ත‍්තවතා නු ඛො ආවූසො අරියසාවකො සම‍්මාදිට‍්ඨි හොති. උජුගතස‍්ස දිට‍්ඨි ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො ආගතො ඉමං සදධම‍්මන‍්ති ”. මූලාශ්‍ර: ම.නි: (1 ): 1.1.9 සම්මා දිට්ඨි සූත්‍රය, පි. 130, EMN: 9: Sammādiṭṭhi Sutta- Right View, p.121.

▼ සම්මා දිට්ඨිය ඇතිවීම: කච්චාන ගොත්ත තෙරුන් ගේ විමසීමක් අනුව, බුදුන් වහන්සේ සම්මා දිට්ඨිය ඇතිවීම මෙහි දී පෙන්වා ඇත. “ලෝකයේ ඇති ශාශ්වතවාදය, උචේචඡද වාදය ආදී දිට්ඨි හැර ලෝකසමුදය, නිරෝධය මනා නුවණින් දකින තැනැත්තාට සම්මා දිට්ඨිය ඇතිවේ”. මූලාශ්‍ර: සංයු.නි: (2 ):නිදානවග්ග: අභිසමයසංයුත්ත: 1.2.5 කච්චාන ගොත්ත සූත්‍රය, පි.50.

▼ ආරිය ශ්‍රාවකයා (සේඛ) සම්මා දිට්ඨිය ට පැමිණෙන ආකාරය: මතු දක්වා ඇති කරුණු පිළිබඳව මනා අවබෝධය ලබා ගැනීමෙන් ආරිය ශ්‍රාවකයා සම්මා දිට්ඨියට පැමිණේ: 1) කුසලය හා අකුසලය 2) සිව් ආහාර (සිව් පෝෂණය) 3) චතුරාර්ය සත්‍ය 4) ජාති ජරා මරණ 5) භවය 6) උපදාන 7) තණ්හාව 8) වේදනා 9) ස්පර්ශය 10) සළායතන 11) නාමරූප 12) විඥාණය 13) සංඛාර 14) අවිද්‍යාව 14) ආස්‍රව. මූලාශ්‍ර: ම.නි: (1): 1.1.9 සම්මා දිට්ඨි සූත්‍රය, පි. 130, EMN: 9: Sammādiṭṭhi Sutta- Right View, p. 121.

▼ සම්මා දිට්ඨිය ඇති පුද්ගලයා මරණින් මතු සුගතියේ- දේව ලෝකයේ හෝ මිනිස් ලෝකයේ යලි උපත ලබන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත: 2.1.3.8 සූත්‍රය, පි. 158 , EAN: 2: 27.7 Sutta, p.60.

▲සම්භව අග්‍රශ්‍රාවක- The Chief Disciple Sambhava: සිඛි බුදුන් වහන්සේගේ අගසව් දෙනමගෙන් එක් නමකි. බලන්න: සිඛි බුදුන්වහන්සේ.

▲සම්මශ්සන ඤාණය-Sammassana nana: අතීත, අනාගත, වර්තමාන පංචස්කන්ධ ධර්මයන් රැස්කොට අනිච්ච, දුක්ඛ, අනාත්ම ලෙසින් නිශ්චය කරගැනීමේ ප්‍රඥාව සම්මශ්සන ඤාණය වේ. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදා 1: 5 සම්මශ්සන ඤාණය, පි.122.

▲සම්මුතියෙහි ඥානය- Sammuthiyehi Nana: මෙය සතර ඥානයන්ගෙන් එකකි. බලන්න: සතර ඥාන.

▲සම්පන්නපාතිමොක්ඛා-Sampannapathimokkha: මින් පෙන්වා ඇත්තේ පාතිමොක්‍ෂසංවරයෙන් යුක්තව වාසය කිරීමය. බලන්න: පාතිමොක්‍ෂසංවර ශිලය. මූලාශ්‍රය:ඛු.නි:ඉතිවුත්තක: 4.1.12 සම්පන්නසීල සූත්‍රය, පි.506 හා පි.620.

▲ සම්‍යක්තවය-Right path: සම්‍යක්තවය ලෙසින් පෙන්වා ඇත්තේ: සම්මා දිට්ඨිය ප්‍රමුඛ ආරිය අටමග හා නිවන ලබාදෙන සම්මා ඥාණය හා සම්මා විමුක්තියය- නිවැරදි මගය. ආධ්‍යාත්මික දියුණුව පතන කෙනෙක්, නිවැරදි මග පුද්ගලයා ඇසුරු කලයුතුය, සේවනය කලයුතුය,උවැටන් කලයුතුය, පුදසැලකිලි කලයුතුය, ප්‍රසංසා කලයුතුය, ගරු කලයුතුය, සමාදරය දැක්විය යුතුය. එබඳු පුද්ගලයා, මාර්ගය සඵල කරගෙන ඇත, පිරිසිදුබව ලබා ඇත, මානය හැරදමා ඇත, ප්‍රඥාව වර්ධනය කරගෙන ඇත, බොහෝ පින් වඩාගනීති. එම මගට විරුද්ධ මග මිථ්‍යාත්වයය. ඒ වැරදි මග ගන්නා පුද්ගලයන් සේවනය... නොකලයුතුය, ඔහුට යහපත් ගුණ නො මැත. බලන්න: මිථ්‍යාත්වය. මූලාශ්‍රය:අංගු.නි: (6): 10 නිපාත:පුග්ගලවග්ග: සෙවිත්බ්බ සූත්‍ර.

▼සම්මාදිට්ඨිය ඇතිවීම සම්‍යක්තවයට මූලිකවේ. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදා 1: 9 මාර්ගකථා, පි.530

▼නිවැරදී මග- ආරිය මගය: එම මග ගැනීම අර්ථදායකය (ඵලදායකය-beneficial), විමුක්තිය ලබාදේ. මූලාශ්‍ර: අංගු.නි.( 6):10 නිපාත:සාධු වග්ග සූත්‍ර, පි.468, EAN: 10: IV Good: 134.1 Good, p.548, සංයු.නි: (5-1): මහාවග්ග: මග්ගසංයුත්ත: 1.3.1 මිචඡතත සූත්‍රය, පි. 58, ESN: Maggasamyutta: 21.1 Wrongness, p. 1628.

▼ නිවැරදි මග සඵලත්වය ඇති කරයි: කෙනෙකුට, සම්මා දිට්ඨිය ඇතිවිට, සම්මා සංකප්ප ඇතිවේ. සම්මා සංකප්ප ඇතිවිට, සම්මා වාචා ඇතිවේ. සම්මා වාචා ඇතිවිට, සම්මා කම්මන්ත ඇතිවේ. සම්මා කම්මන්ත ඇතිවිට, සම්මා ආජීවය ඇතිවේ. සම්මා ආජීවය ඇතිවිට, සම්මා වායාමය ඇතිවේ. සම්මා වායාමය ඇතිවිට, සම්මා සතිය ඇතිවේ. සම්මා සතිය ඇතිවිට, සම්මා සමාධිය ඇතිවේ. සම්මා සමාධිය ඇතිවිට, සම්මා ඥාණය ඇතිවේ. සම්මා ඥාණය ඇතිවිට, සම්මා විමුක්තිය ඇතිවේ, එලෙසින් නිවැරදි මග සකස්වේ. මූලාශ්‍ර:අංගු.නි:(6):10 නිපාත:10.3.1.3 මිච්ඡත්තසූත්‍රය,පි. 408,EAN:10: 103.3.The wrong course,p.540.

▼නිවන ලබාදෙන නිවැරදි මග ඇත්තේ බුදුන් වදාළ ධම්ම විනයේ පමණි: දස ධර්මයන් ගෙන් සමන්විත, නිවැරදි මග ඇත්තේ ධම්ම විනයේ පමණක්ය. මූලාශ්‍ර: අංගු.නි (6):10 නිපාත:පාරිශුද්ධවග්ග,පි.462,EAN:10: Purified, p. 547.

▼ නිවැරදි මග ගැනීමෙන් ආරිය ධෝවනය සිදුවේ: ආරිය ධෝවනය ලෙසින් පෙන්වා ඇත්තේ අකුසල සිත, නිවැරදි මග ගැනීම නිසා පිරිසිදු බවට පත්වීමය. බලන්න: ආරියධෝවනය. මූලාශ්‍ර:අංගු.නි:(6 ):10 නිපාත:සමණසඤ්ඤා වගග: 10.3.1.7. ධොවන සූත්‍රය, පි.416, EAN:10: 107-7 Dhovana, p.542.

▼ විද්‍යාව පෙරටුකරගත්, හිරිඔත්තප්ප නිසා නිවැරදි මග ගන්නා පුද්ගලයා අතින් කුසල් ක්‍රියා සිදුවේ. මූලාශ්‍ර: අංගු.නි:(6): 10 නිපාත:10.3.1.5 විජ්ජා සූත්‍රය, පි. 412, EAN:10: 105.5 True Knowledge, p. 541.

▼නිවැරදි මග සුව සෙත පිණිසය: නිවැරදි මග ගන්නා කෙනෙක් සිදු කරන කාය, වචී හා මනෝ කර්ම නිසා සුව සෙත ඇතිවේ. එයට හේතුව සම්මා දිට්ඨිය ඇතිව කටයුතු කිරීමය.ඒ පිළිබඳව දක්වා ඇති උපමාව: මිහිරි රස ඇති බිජුවකින් හටගන්නා ඵලය මිහිරි රසයෙන් යුක්තවේ. මිදී වැනි මිහිරි රස ඇති ඇටවලින් ඇතිවෙන ඵල මිහිරිය.බලන්න: උපග්‍රන්ථය:5 මූලාශ්‍ර: අංගු.නි:( 6 ): 10 නිපාත: 10.3.1.4 බීජ සූත්‍රය, පි. 410 , EAN:10: 104.4 A seed, p. 541.

▲ සම්පරායික ධර්ම:පාලි:සම‍්පරායික ධම‍්ම-Dhamma regarding the future life: සම්පරායික ධර්ම යනු පරලොව දී විපාක දෙන ධර්මතාවයන්ය. උදාහරණයක් ලෙසින් ත්‍රිවිධ දුෂ්චරිතයේ හැසිරෙන පුද්ගලයෝ ඒකානත්යෙන්ම මරණින් මතු දුගතියේ උපත ලබයි. මෙලෙව විපාක දෙන කර්ම දිට්ඨධම්ම ලෙසින් පෙන්වා ඇත. බලන්න: දිට්ඨධම්ම කම්ම.

▲සම්පප්ප්‍රලාප: පාලි: සම‍්ඵප‍්පලාපා-Idle chatter: සම්පප්ප්‍රලාප- හිස්වචන කතාකිරීම, ධර්මයට අනුකූල නොවන, අහිතකර දේ කතා කිරීම දස අකුසලයන් ගෙන් එකකි . බලන්න: දසඅකුසල.

▼බුදුන් වහන්සේ හිස්වචන කියන කෙනෙකුගේ ස්වභාවය මෙසේ දක්වා ඇත: මේ ලෝකයේ කෙනෙක් හිස්වචන කතා කරයි: කාලයට නොගැලපෙන, අභූතවූ (සත්‍ය නොවන), අනර්ථය පිණිස පවතින, ධර්මවිනයට නොගැලපෙන, නොවටිනා හිස්වචන කතාකරයි. නුසුදුසු වේලාවන්හිදී ඔහු, ඵලරහිත, අසාධරණ, අනර්ථය ගෙනෙදෙන වචන කතා කරයි:

“ඉධ භික‍්ඛවෙ එකච‍්චො සම‍්ඵප‍්පලාපි හොති අකාලවාදී අභූතවාදී අනත්‍ථවාදී අධම‍්මවාදී අවිනයවාදී අනිධානවතිං වාචං භාසිතා හොති අකාලෙන අනජදෙසං අපරියන‍්තවතිං අනත්‍ථසංහිතං”

එවැනි අය ඒකාන්තයෙන්ම නිරයට යයි. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: කරජකාය වග්ග: 10.5.1.1. පඨම නිරය සූත්‍රය, පි. 548, ජානුසොණි වගග: 10.4.2.10: චුන්ද සූත්‍රය, පි.508, EAN:10: The Deed-born body: 211.1 Hell, p. 556, Jāṇussoṇī: 176.10: Cunda, p.553.

▼ වෙනත් මුලාශ්‍ර: 1. “සම‍්ඵප‍්පලාප: තමාහටද අන්‍යයාහටද අහිත පිණිස අනුපකාරය පිණිස පවත්නා නිෂ්ඵල කතාය. ප්‍රලාප, හිස්බස, අර්ථරහිත වචන යයිද කියයි. අංග 2 කි: නිෂ්ඵල කතාව බවය, එය කතාකිරීමය” :සද්ධර්ම කෝෂය, පි. 114.

▲ සම්ප්‍රජන්‍යය Clear comprehension: සම්ප්‍රජන්‍යය යනු යෝනිසෝමනසිකාරය ඇතිව නුවණින් කටයුතු කිරීමය. එසේ කටයුතු කිරීමට යහපත් සිහිය අවශ්‍යවේ. අසම්ප්‍රජන්‍ය නැතිකර ගැනීමට සම්ප්‍රජන්‍ය වැඩිය යුතුය. බලන්න: අසම්ප්‍රජන්‍යය. මූලාශ්‍රය: සංයු.නි: (4) 6 නිපාත: 6.1.8 සූත්‍රය, පි.284.

▲ සම්බෝධිය- enlightenment: ධර්මයට අනුව සම්බෝධය - සම්බෝධිය යනු චතුරාර්යසත්‍ය යහපත්ලෙසින්ම අවබෝධ කර නිවන සාක්ෂාත් කර ගැනීමය. එසේ අවබෝධ කරගත් බුදුවරු සම්බුද්ධ ය.

බුද්ධානුස්සතිය ආදී අනුසති භාවනා වැඩිම සම්බෝධය ඇතිකරගැනීමට හේතුවේ. බලන්න:භාවනා. මූලාශ්‍ර:අංගු.නි (1) 1 නිපාතය: එකධම්ම පාලිය: පි.100, EAN:1: XVI: One Thing, p. 47.

▲ සම්මා ඥාණය හා සම්මා විමුක්තිය -right knowledge & right liberation. සම්මා ඥාණය හා සම්මා විමුක්තිය ලෙසින් පෙන්වා ඇත්තේ, අංග 10කින් යුක්ත සම්මා චරියාවේ - නිවැරදි මගේ අවසාන අංග 2 ය. සටහන: * අටුවාවට අනුව: සම්මා ඥාණය යනු අරහත්මගට පැමිණීමට ඇති නුවණය, සම්මා විමුක්තිය යනු ආසව යන්ගෙන් විමුක්තිය ලැබීමය. එයට හේතුවන්නේ සම්මා ඥාණය තිබීමය. එමගින්, රහතන්වහන්සේ ගේ අනාසව චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය මුදුන්පත්වේ. (Right knowledge (sammā ñāṇa) is the wisdom of the path of arahantship, and right liberation (sammā vimutti) is the liberation from the āsavas that occurs through right knowledge. Its culmination is the arahant’s anāsava cetovimutti paññāvimutti (taintless liberation of mind, liberation by wisdom) බලන්න: EAN: Note: 2144, p. 683. ** භික්ඛු බෝධි හිමියන්ට අනුව: සම්මා ඥාණය, අරහත්වය මුදුන්පත්කරන විශේෂ ඥාණයන්ය (direct knowledge that culminates in arahantship). සම්මා විමුක්තිය: යනු සිත ආසව හා අනිකුත් කෙලෙසුන්ගෙන් මිදීමය (as the release of the mind from the āsavas and other defilements). බලන්න: EAN: Note: 2141, p. 683. මූලාශ්‍ර:අංගු.නි: (6): 10 නිපාත:සමණසංඥාවග්ග:10.3.1.5 විජ්ජාසූත්‍රය, පි.412 හා 10.3.1.3 මිච්ඡත්ත සූත්‍රය, පි. 408, EAN:10: 105.5 True Knowledge, p.541 & 103. 3 The wrong course, p. 540.

▼පටිසම්භිදාවට අනුව: සම්මා ඥාණය (right knowledge) යනු 19 ක්වු පච්චවෙක්ඛනා ඥාණයන්ය. සම්මා විමුක්තිය (right liberation) යනු චෛතසික සාධක හා අනුබද්ධවූ, ඵලය (රහත්ඵලය) ලැබීමය. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදා 1: මහාවග්ග:ඤාණකතා:13 විමුක්ති ඥාණය,14 ප්‍රත්‍යවෙක්ෂා ඥාණය, පි. 158-160.

▲ සම්පත්- Accomplishments: සම්පත් (සම්පදා) ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ ආධ්‍යාත්මික ජීවිතය වඩා ගැනීමට උපකාරීවන අංගයන්ය: 1) උට්ඨාන සම්පත 2) ආරක්ෂා සම්පත 3) කල්‍යානමිත්‍ර සම්පත 4) සමජිවිත සම්පත 5) ශ්‍රද්ධා සම්පත 6) ශිල සම්පත, 7) ත්‍යාග සම්පත 8) ප්‍රඥාසම්පත. මූලාශ්‍ර: අංගු.නි: ( 5 ): 8 නිපාත: 8.2.8.5 හා 8.2.8.6 සම්පාදා සූත්‍ර 2 කි, පි.336, EAN:8: 75.5 & 76.6 Accomplishments , p.451.

▼සම්පත් තුන: ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට ඇති තවත් සම්පත්: 1) ශ්‍රද්ධාව 2) ශිලය 3) ප්‍රඥාව. මූලාශ්‍රය:අංගු.නි: (1): 3 නිපාත: යෝධාජිවවග්ග:3.3.4.6 සූත්‍රය.

▼බුදුන් වහන්සේ සම්පත් 5ක් පෙන්වා ඇත: 1) ඥාති සම්පත2) භෝග (සම්පත්) සම්පත 3) ආරෝග්‍ය සම්පත 4) ශිල සම්පත 5) දිට්ඨි සම්පත. සටහන: ශිල හා දිට්ඨි සම්පත් සුගතිය ඇතිකරදේ. මූලාශ්‍රය: අංගු.නි: (3) :5 නිපාත: ගිලානවග්ග: 5.3.3.10 සම්පදා සූත්‍රය, පි.262.

▲ සම්මා පටිපදාව: පාලි: සම‍්මාපටිපත‍්තිං: Right practice: සම්මා පටිපදාව (සම්‍යක්ප්‍රතිපදාව - නිවැරදි පිළිවෙත, නිවැරදි මග) ලෙසින් ධර්මයේ පෙන්වා ඇත්තේ සම්මා දිට්ඨිය...සම්මා සමාධිය ඇතුලත් ආරිය අටමග අනුගමනය කිරීමය. බලන්න: ආරියඅටමග. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග: මග්ගසංයුත්ත: 1.3.3 පටිපදා සූත්‍රය, පි. 58, ESN: Maggasamyutta: 23.3 The Way, p. 1629.

▼සසරදුකින් මිදීම පිණිස අනුගමනය නොකළ යුතු හා අනුගමනය කලයුතු ප්‍රතිපදා 2 ක් වේ: මිථ්‍යාප්‍රතිපදාව හා සම්‍යක්ප්‍රතිපදාව (wrong way and the right way). සම්මා ප්‍රතිපදාව ඇතිවිට අවිද්‍යාව ප්‍රහීණයවී පටිච්චසමුප්පාදයේ සියලු පුරුක් බිඳවැටේ. එය සසර දුක නැතිවීමය. මූලාශ්‍ර: සංයු.නි :( 2 ): නිදානවග්ග: අභිසමයසංයුත්ත-1.1.3. පටිපදා සූත්‍රය, පි. 30, ESN: Abhisamayasamyutta- 3.3 The Two Ways, p. 613.

▲ සම්මා ප්‍රධාන වීරිය - පාලි: සම‍්මප‍්පධාන විරියං- right strivings: සම්මා ප්‍රධාන වීරිය ලෙසින් පෙන්වා ඇත්තේ, ආරිය අටමගේ 6 අංගය වූ සම්මා වායාමය. මෙය සත්තිස් බෝධිපාක්‍ය ධර්මතාවකි, ආධ්‍යාත්මික වර්ධනය පිණිස වැඩිදියුණු කර ගත යුතු විශේෂ කරුණකි. ප්‍රධන් විරිය ලෙසින්ද දක්වා ඇත. කුසල් ඇතිකර ගැනීමට හා අකුසල් පහ කර ගැනීමට මූලිකවන්නේ සම්මා ප්‍රධාන වීරියය. සම්මා ප්‍රධාන විරිය සතර ආකාරයෙන් සිදුවේ. මූලාශ්‍ර: සංයු.නි: (5-1 ): 1.1.8 විභංග සූත්‍රය, පි 42, ESN: Maggasamyutta: 8.8 Analysis, p 1611, ම.නි: (2 ): 2.1.3 :සේඛ සූත්‍රය, පි. 44, MN 53: Sekha Sutta, p. 436.

▲ සම්මා සම්බුද්ධ-Samma sambuddha-Perfect Enlightenment සියල්ල (ලෝකයේ ඇති සියලු ධර්මතා) මනාව අවබෝධ කර බුද්ධත්වය ලැබූ හෙයින් බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධය- සර්වඥයන් වහන්සේය. එක් ලෝක ධාතුවක සමමා සම් බුදුහිමිවරු දෙනමක් පහළ නොවේ. මූලාශ්‍රය:අංගු.නි: (1):1 නිපාත, 1.15.10 සූත්‍රය,පි. 94.

▼සම්මා සම්බුද්ධ යනු, අනුත්තර සම්මා සම්බෝධිය (unsurpassed perfect enlightenment) සාක්ෂාත් කරගත්, බුදුදහමේ ආදී කතෘවූ, බුදුන්වහන්සේ හඳුන්වන ගරු නමකි. සටහන: භික්ඛු බෝධි හිමිට අනුව, සමහර අවස්ථාවල සම්බෝධිය ලැබූ රහතුන් සම්බුද්ධ (enlightened) ,ලෙසින් හඳුන්වයි..බලන්න: EAN: 1: note no. 154, p. 588. මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: 1.15.10 සූත්‍රය, පි. 94.

▼බුදුවරු සම්‍යක් සම්බෝධිය අවබෝධ කරඇත: එක් සමයක පසේනදී කෝසල රජ බුදුන් වහන්සේ නිරුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළේද? යයි බුදුන් වහන්සේ විමසු අවස්ථාවේ, උන්වහන්සේ මෙසේ වදාළහ:

“...මහරජ, මම වනාහි නිරුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි”. “අහං හි මහාරාජ අනුත‍්තරං සම‍්මා සම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති”.

සටහන්: * ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී, බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කොට සම්මා සම්බුද්ධත්වයට පැමිණිබව පෙන්වාඇත. ** කොසොල් රජ එසේ විමසා ඇත්තේ, බොහෝකල් පැවිදි ජීවිතය ඇති, වයසින් වැඩි අන්‍ය ආගමික නායකයන් වන: පුරණකස්සප, මක්ඛලි ගෝසාල, නිගණ්ඨනාතපුත්ත, සංජයබෙල්ට්ටිපුත්ත, පකුධකච්චායන, අජිතකෙසකම්බල ආදින් එම අවබෝධය නොලැබූ බව තමාහට පවසා ඇති නිසාත්, බුදුන් වහන්සේ තරුණවියේ පසුවන නිසාත්, පැවිදිබවට නවක නිසාය. බලන්න: දහර මූලාශ්‍ර: සංයු.නි: (1 ): කෝසලසංයුත්ත :3.1.1. දහර සූත්‍රය,පි. 156, ESN:3: Kosalasamyutta: 1.1 Young, p. 216.

▼අතීතයේද පහලවූ, අනාගතයේ පහළවන, වර්තමානයේ වැඩසිටින, සිව්සස් අවබෝධ කර සම්බෝධිය ලැබූ සියලු බුදුවරු (සම්මාසම් බුද්ධ), තමන්ගේ ශ්‍රාවක සංඝයාහට නියම පුහුණුව (දුකින්මිදීම පිනිස) ලබාදෙන්නේය යයි බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍ර: ම.නි (2) 2.1.1 කන්දරක සූත්‍රය, පි. 18, EMN: 51: Kandaraka Sutta, p. 425.

▼ තථාගත අරහත් සම්මා සම්බුදුන් වහන්සේ බොහෝ දෙනාගේ හිත සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස ලෝකයේ උපත ලබති. සම්මා සම්බුදුවරුන්ගේ උපත ලොව දුර්ලභ දෙයකි. සම්මා සම්බුදුවරු අසිරිමත් මිනිසුන්ය (ආශ්චර්යමත් මනුෂ්‍යයෝ). සම්මා සම්බුදුවරුන්ගේ පරිනිර්වාණය- කාලක්‍රියාව බොහෝදෙනාට දුක් ඇතිකරති. සම්මා සමබුදුවරු: අද්විතීයය, අසාහයය, අප්‍රතිමය, අප්‍රතිසමය, අප්‍රතිභාගය, අප්‍රතිපුද්ගලය, අසමය, අසමසමය, දෙපා ඇති අයට අග්‍රය. සම්මා සම්බුදුවරු පහළවීම නිසා අග්‍රවූ උත්තරවූ දේ ලෝකයේ පහලවේ: මහා ප්‍රඥා චක්ෂු, මහා ප්‍රඥා ආලෝකය...එසේම, සතර මග සතර ඵල, විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීමට හැකිවීම ආදී උතුම් දේ. මූලාශ්‍රය: අංගු.නි: 1 නිපාත:13 ඒකපුග්ල වග්ග: 1.13.1 - 1.13. සූත්‍ර, පි.80.

▲සමුදය ධම්ම-Samudaya Dhamma: සමුදය යනු හටගන්නා සුළු බවය. යම් හේතු නිසා හටගන්නා ධර්මතාය. බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“...රූපය සමුදය ධම්මය...වේදනාව...සංඥාව... සංස්කාර...විඥාණය සමුදය ධම්මය . එසේ දකිනා ආරිය ශ්‍රාවකයාට රහත්බව පිණිස අනෙකක් නැත”. සටහන: සියල්ල හටගන්නා සුළුය යයි මේ සූත්‍රයේ පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (4): සළායතනවග්ග: වේදනාසංයුත්ත :ජාතිධම්මවග්ග: 1.4.9 සමුදයධම්ම සූත්‍රය, පි.84, සංයු.නි:ඛන්ධවග්ග (3): රාධසංයුත්ත: 2.2.11 සමුදයධම්මසූත්‍රය,පි.386.

▲සමුද්‍ර තරණය උපමාව-Simile of crossing the ocean: බුදුන් වහන්සේ සසර සාගරය තරණය කිරීම ගැන එක්තරා දේවියෙක් මෙ උපමාව දක්වාඇත. සසර සමුද්‍රය තරණය කල බුදුන්වහන්සේ, මහා ඉර්ෂි- මහා ඍසි ලෙසින් මෙහිදී හඳුන්වා ඇත. බලන්න: බුද්ධ නාම, උපග්‍රන්ථය:5

“එක්මුලක් ඇති, දියසුළි දෙකක් ඇති, මළ (කිළුටු) තුනක් ඇති, විස්තාරණ (දිගුව) පහක් ඇති, ආවාට දොළොසක් ඇති, ආගාධ වූ සමුද්‍රය මහා ඉර්ෂි තරණය කළහ”

සටහන්: අටුවාවට අනුව: සමුද්‍රය (පාතාලය) යනු තණ්හාවය. තණ්හාවට සමුද්‍රය ලෙසින් දක්වන්නේ තණ්හාව පුරවාලිය නොහැකි නිසාය (සාගරයද පුරවාලිය නොහැකිය), පාතාලය ලෙසින් දක්වන්නේ ,පය තැබීමට ඉඩක් නොමැති නිසාය. ඒක මුලය නම් අවිද්‍යාව. දියසුළි 2 නම්: ශාශ්වත දෘෂ්ටිය (external ism ) හා උච්චේද දෘෂ්ටිය ( annihilation ism). ශාශ්වත දෘෂ්ටිය නිසා භව තණ්හාව කැරකි කැරකි පවතී. උච්චේද දෘෂ්ටිය නිසා තණ්හාව සහමුලින්ම විනාශ කිරීම. කිළුටු 3 වන්නේ: ලෝභය, දෝසය හා මෝහය. දිගු 5 : පස්කම් සැප. දියසුළි 12: අභ්‍යන්තර සලායතන 6 හා බාහිර සලායතන 6 ය. බලන්න: * ESN:note:98, p. 516. ** කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂුන් වහන්සේ: පාතාලය යනු දුක් වේදනා බවද, සාගරය යනු සය ඉන්ද්‍රිය බවද, දිය සුළි 2 ක: සුඛ හා දුක වේදනා ලෙසද, මුල යනු ස්පර්ශය බවද සඳහන් කර ඇත: බලන්න: නිවනේ නිවීම දේශනා. මූලාශ්‍ර: සංයු.නි: (1) සගාථවග්ග: දේවතාසංයුත්ත: ඒකමුල සූත්‍රය, පි. 84, ESN:1: Devathasamyutta: 44.4 One root, p. 119.

▲සුමේධ බුදුන් වහන්සේ- The Buddha Sumedha: ගෝතම බුදුන් වහන්සේට පෙර පහළවූ, සුමේධ බුදුන් වහන්සේ පිලිබඳ විස්තර මෙහි දක්වා ඇත. මූලාශ්‍රය:ඛු.නි: බුද්ධවංශ පාලි:11 සුමේධ බුදුන්වහන්සේ.

▲සුමන බුදුන් වහන්සේ- The Buddha Sumana: ගෝතම බුදුන් වහන්සේට පෙර පහළවූ, සුමන බුදුන් ගැන විස්තර මෙහි දක්වා ඇත. මූලාශ්‍රය:ඛු.නි: බුද්ධවංශ පාලි:3 සුමන බුදුන්වහන්සේ.

▲ සමාධිය: පාලි: සමාධි-Samadhi-Stillness of the mind: ධර්මයට අනුව සමාධිය යනු සිත යහපත් ලෙසින් එකඟ කරගැනීමය, සමතයට පත් කර ගැනීමය. ධර්ම අරමුණක් -කමටහනක් අනුව සිත එකඟ කරගැනීමෙන් සමාධි භාවනාව සිදුවේ, එම භාවනාව සමථ භාවනාව ලෙසින් දක්වයි. නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස, සමාධිය ඇතිකර ගැනීම අවශ්‍යතාවයක්ය. සමාධිය, ඉන්ද්‍රිය ධර්මයක්ය, බල ධර්මයක්ය, බොජ්ඣංග ධර්මයක්ය, ආරිය අටමගේ එක් අංගයක්ය. සියලු ධර්මතා සමාධිය ප්‍රමුඛ කොට ඇත: "සමාධිපමුඛා සබ‍්බෙ ධම‍්මා”. බලන්න: භාවනා, ජාන, සබ්බේ ධම්මා. සටහන: අප්‍රමාන සමාධිය (Measureless Samadhi ) ගැන විස්තර පිණිස බලන්න: අප්‍රමාන. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි.508: “සමාධි: සිත එක් තැන් කිරීම” . B.D: p.155: “Samādhi: Concentration: state of being firmly fixed… is the fixing of the mind on a single object. One pointedness of mind …”

▼ සමාධිය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසය: බුදුන් වහන්සේ, සංඝයාට අනුසාසනය කළේ සමාධිය වඩාගන්නා ලෙසය. සිත එකඟ වූ විට යථාබව, මානව අවබෝධ කර ගනී. එනම්: මේ දුකය, මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම, මේ දුක නැතිකිරීමේ මගය:

“...සමාධිං භික‍්ඛවෙ භාවෙථ. සමාහිතො භික‍්ඛවෙ, භික‍්ඛු යථාභූතං පජානති. කිඤ‍්ච යථාභූතං පජානති: ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානති. අයං දුක‍්ඛසමුදයොති... දුක‍්ඛනිරොධොති... දුක‍්ඛනිරොධගාමිණි පටිපාදාති යථාභූතං පජානති...”. (....Bhikkhus, develop concentration. A bhikkhu who is concentrated understands things as they really are: This is suffering... origin of suffering ... cessation of suffering... the way leading to the cessation of suffering). සටහන: අටුවාවට අනුව: සමාධිගත භික්ෂුව, චතු සත්‍ය පිලිබඳ දැනීමක් ලබා ඇති නිසා, වීරිය ඇතිකර, යථාභුත නුවණින් සත්‍ය අවබෝධ කර සසර දුක නිමා කර ගැනීමට කටයුතු කල යුතුය. බලන්න: ESN: note: 376, p. 2431. මූලාශ්‍ර: සංයු.නි: (5-2):මහාවග්ග: සච්ච සංයුත්ත: 12.1.1. සමාධි සූත්‍රය, පි. 284, ESN: 56: Sacchasamyutta: 1.1. Concentration, p. 2265.

▼ සමාධිය යථාභූත ඥානය පිණිසය: සිත සුවපත්විම- සුඛය ට පැමිණීම නිසා සමාධිය ඇතිවේ. සිත සමාධි ගතවූ විට යථාභුත ඥානය ඇතිවේ:

“සුඛ ඛො ආනන්‍ද සමාධත්‍ථං සමාධානිසංසං...සමාධි ඛො ආනන්‍ද යථාභුත ඤාණදස‍්සනත්‍ථො යථාභුතඤාණදස‍්සනානිසංසො” (The purpose and benefit of pleasure is concentration ... purpose and benefit of concentration is the knowledge and vision of thing as they really are) මූලාශ්‍ර:අංගු.නි: (6): 11 නිපාත :නිසසය වගග: 11.1.1.කීමත්ථිය සූත්‍රය හා 11.1.2 න චේතනාය කරණිය සූත්‍රය, පි.611-614, EAN:11: Dependence: 1.1 What Purpose & 1-2 Volition p.566.

▼ සමාධියට ඇතුළුවීම හා පිටවීමේ කුසලතාවය- Skill in entering and returning from jhana. බුදුන් වහන්සේ සමාධි සමාපත්තියට එළඹීම හා ඉන් නැගීසිටීම (සමාපත්ති කුසලතාවය හා සමවතින් නැගීසිටීමේ කුසලතාවය ) යහපත් ලෙසින් වදාරා ඇත. ඒ ධර්මතා සංඝයා එක්ව, ධර්මයේ චිරස්ථිතිය පිණිස සජ්ජායනා කිරීම සුදුසු ය යි සැරියුත් මහා තෙරුන් සංඝයාට උපදෙස් දී ඇත. මූලාශ්‍ර: දිඝ.නි: (3):10 සංගිති සුත්‍රය, පි. 372 , EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 362.

▼ ධර්මය පිලිබඳ සිතේ සැකයක් ඇතිවූවිට, එය පහකර ගැනීමට ‘ධම්ම සමාධිය’ හා ‘චිත්ත සමාධිය’ වඩා ගත යුතුය යි බුදුන් වහන්සේ වදාළහ. ධම්ම සමාධිය ඇතිකර ගැනීම: දස අකුසල, මිථ්‍යා දිට්ඨිය පහකර සම්මා දිට්ඨිය වඩා ගත යුතුය. අබිජ්ජාව හා ව්‍යාපාදය අත්හළ, ආරිය ශ්‍රාවකයා, සති සම්පජානය ඇතිව, සෑම දිසාවකටම මෙත්සිත පතුරුවාහරි. එසේ මෙත්සිත වඩන ඔහුට, තමන් කිසිවෙක් නොපෙළෙන බව දැනේ. තමන්ගේ කාය, වචී හා මනෝ සුචරිතය දකිනා ඔහු, මරණින් මතු තමා සුගතියක උපතලබන බව පෙනීයාම නිසා ප්‍රමෝදය ඇතිවේ. ප්‍රමෝදය නිසා ප්‍රීතියද, ප්‍රීතිය නිසා නාම කායේ සංසිඳීම ඇතිවේ. සන්සුන් කය ඇතිවිට සුවය ඇතිවේ, සුව ඇතිවිට, සිත එකඟවේ. එය ධම්ම සමාධියය.ධම්ම සමාධිය තුලින් ලබන ‘චිත්තසමාධිය’ මගින් සැකය දුරුවේ. සටහන: ඒ පිලිබඳව අටුවාව ආකාර 3 ක්පෙන්වා :1) ධම්ම සමාධිය යනු දස කුසලයය, චිත්ත සමාධිය: විදසුන් නුවණ ඇති මගඵල සතරය. 2) ප්‍රමෝදය, ප්‍රීතිය, සංසුන්බව, සුඛය හා සමාධිය යන ධර්මතා 5 ධම්ම සමාධියය, චිත්ත සමාධිය: විදසුන් නුවණ ඇති මගඵල සතරය. 3) දසකුසල හා සතර බ්‍රහ්ම විහාර ධම්ම සමාධියය, ධම්ම සමාධියය සම්පුර්ණ කරගැනීම චිත්ත සමාධිය ඇතිවීමය. බලන්න:ESN:note:363, p.1569. මූලාශ්‍රය:සංයු.නි: (4): සළායතනවග්ග:ගාමිණී සංයුත්ත:8.1.13 පාටලිය සූත්‍රය, පි.611.

▼ සංඝයා පුරුදුකර ඇති විවිධ සමාධි: 1) ඒකාංශ සමාධිය (එකංසභාවිතො සමාධි) : භික්ෂුවක්, සය දිසාවෙන් එක් දිසාවකට මුහුණලා, සමාධිය වඩන විට ඔහු දේවරූප දකි. එහත් දෙව් හඬ නොඇසේ. එයට හේතුව එම සමාධිය මග පෙන්වන්නේ දේවරූප දැකීම පිණිස පමණි. තවත්, භික්ෂුවක්, සය දිසාවෙන් එක් දිසාවකට මුහුණලා, සමාධිය වඩන විට ඔහුට දෙව්හඬ ඇසේ, එහෙත්, දේව රූප නොපෙණේ. එයට හේතුව එම සමාධිය මග පෙන්වන්නේ දේවරූප දැකීම පිණිස පමණි. සටහන: එම සමාධිය කැමති දිසාවකට මුහුණලා වැඩිය හැකිය. 2) ද්විපාර්ශව සමාධිය (උභයංසභාවිතො සමාධි): භික්ෂුවක්, සය දිසාවෙන් එක් දිසාවකට මුහුණලා, සමාධිය වඩන විට ඔහු දේවරූප දකි, දෙව් හඬ අසයි. එයට හේතුව එම සමාධිය මග පෙන්වන්නේ දේවරූප දැකීම හා දෙව් හඬ ඇසීම යන කරුණු දෙකම පිණිසය. මූලාශ්‍ර: දීඝ.නි: (1): 6 මහාලි සූත්‍රය, පි. 340, EDN: 6: Mahāli Sutta: About Mahāli- Heavenly Sights, Soul and Body, p. 118.

▼ වෙනත් මුලාශ්‍ර: 1. සමාධිය: “සමාධි නානාවිධ ය. සමාධිය නම් කුසල් සිත් පිළිබඳ ඒකාග්‍රතාවය ය. චිත්ත චෛතසික විසිරි යාමට නොදී මනා කොට එකම අරමුණේ පිහිටුවා ගැනීමය. සමාධියේ ස්වභාවය: 1) විවිධ අරමුණු වල නො විසිරෙනබව (අවික්ෂේප)- මෙය සමාධියේ ලක්ෂණය වේ 2) නොසන්සුන්බව නැතිකිරීම-මෙය සමාධියේ රසය ය. 3) අවිකම්පනය- උද්දච්චය නැතිබව- කම්පා නැතිබව . මෙය සමාධියේ පච්චුපට්ඨාන හෙවත් සමාධි ඵලය ය. 4) සුඛිනො චිත්තං සමාධියති: සම්ධියේ පද්ට්ඨාන- ආසන්න කරුණ සූඛය ය .බලන්න: සිංහල විශුද්ධීමාර්ගය: 3 පරිඡේදය: පි. 172.

▲සමාධි ඉන්ද්‍රිය: පාලි: සමාධිනද්‍රියං- faculty of Samadhi: ආධ්‍යාත්මික ඉන්ද්‍රිය පහෙන් එකකි, ආධ්‍යාත්මික මාර්ගයට විශේෂතාවයක් ලබා දෙයි. බෝධි පාක්‍ෂික ධර්මතාවයකි, බලන්න: පංච ඉන්ද්‍රිය.

▼ සමාධි ඉන්ද්‍රිය යනු කුමක්ද?: “කතමඤ‍්ච භික‍්ඛවෙ සමාධිනද්‍රියං: ඉධ භික‍්ඛවෙ, අරියසාවකො වොස‍්සග‍්ගාරම‍්මණං කරිත්‍වා ලභති සමාධිං, ලභති චිත‍්තස‍්ස එකග‍්ගතං. ඉදං වූච‍්චති සමාධිනද්‍රියං”. ආරිය ශ්‍රාවකයා නිවන අරමුණු කොට සමාධිය වඩති, සිතේ එකඟබව ලබාගනී, එය සමාධි ඉන්ද්‍රියවේ. සටහන: සතර ජාන -සිව්ජාන තුල සමාධි ඉන්ද්‍රිය දැකිය හැකිය. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග: ඉන්ද්‍රියසංයුත්ත: 4.1.8 දට්ඨබ්බ සූත්‍රය හා 4.1.9. විභංග සූත්‍රය, පි. 377, ESN: 48: Indriyasamyutta: 8.8 To be seen & 9.9 Analysis, p. 1933.

▲ සමාධි කුසලය-Samadhi skills: බුදුන් වහන්සේ මෙහිදී සමාධි කුසලතා 6 ක් පෙන්වා ඇත:1) සමාධියට සමවැදීමේ කුසලය(skilled in the attainment of concentration). 2) සමාධි ස්ථිතියේ කුසලය (skilled in the duration of concentration) 3) සමාධියෙන් නැගීසිටීමේ කුසලය (skilled in emergence from concentration). 4) සමාධි කල්‍යතා කුසලය (සමාධියේ සිත පහදවා ගැනීම- skilled in fitness for concentration). 5) සමාධි ගෝචර කුසලය (කුසල අරමුණෙහි පිහිටා සිටීම- skilled in the area of concentration) 6) සමාධි අභිනීහාර කුසලය ( මතුවේහිද සමවැදුම පිණිස- skilled in resolution regarding concentration). එම කරුණු සමන්විත මහණ හට හිමවත් පව්ව බිඳලීමට වැනි ශක්තියක් ඇත. මේ කරුණු පිලිබඳ අටුවාව දක්වා ඇති විස්තර පිණිස බලන්න:EAN: note: 1291: p.644. මූලාශ්‍ර:අංගු.නි: (4) : 6 නිපාත: අනුත්තරියවග්ග: 6.1.3.4 හිමවන්ත සූත්‍රය, පි. 74, EAN:6:24.4 Huimalayas, p.326.

▲ සමාධි පරික‍්ඛාර (පාලි): සමාධි පරික්ඛාර- Accessories for Samadhi සමාධිපරිකඛාර ලෙසින් පෙන්වා ඇත්තේ පරිපුර්ණවූ සමාධිය ඇතිකර ගැනීමට පදනම් වන කරුණුය- සමාධිය ලබාගැනීමට සහායවන අංගයන්ය. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි.508: “සමාධිපරික‍්ඛාර: සමාධිය ලබා ගැනිමට උවමනා ප්‍රත්‍යය (හේතු) ”

▼ සමාධි පරිකඛාර ධර්ම හතකි: එනම්: සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා අජිවය, සම්මා වායාමය හා සම්මා සතිය යන ආරිය අටමගේ 1-7 දක්වා ඇති අංගය. සම්මා දිට්ඨිය නිසා සම්මා සංකප්පය ඇතිවේ. සම්මාසංකප්ප නිසා සම්මා වාචා ඇතිවේ. සම්මා වචා නිසා සම්මා කම්මන්ත ඇතිවේ. සම්මා කම්මන්ත නිසා සම්මා අජිවය ඇතිවේ. සම්මා ආජීවය නිසා සම්මා වායාමය ඇතිවේ. සම්මා වායාමය නිසා සම්මා සතිය ඇතිවේ. සම්මා සතිය නිසා සම්මා සමාධිය ඇතිවේ. සම්මා සමාධිය පරිපූර්ණත්වයට පත්වීමෙන් සම්මා ඥාණය ඇතිවේ. සම්මා ඥාණය නිසා සම්මා විමුක්තිය පහලවේ. සටහන: ජනවසභ සූත්‍රයේදී, සනංකුමාර බ්‍රහ්ම රාජයා, බුදුන් වහන්සේ වදාළ සමාධිපරිකඛාර ධර්මයන් දේවසභාවට දේශනාකලබව දක්වා ඇත. බලන්න: සනංකුමාර බ්‍රහ්ම රාජයා. මූලාශ්‍ර: දීඝ.නි: (2): 5. ජනවසභ සූත්‍රය, පි,322, EDN: 18 Janavasabha Sutta, p. 209.

▲ සමාධි ප්‍රතිලාභ: පාලි: සමාධිපටිලාභො- Fruits of Samadhi: සමාධි ප්‍රතිලාභ ලෙසින් පෙන්වා ඇත්තේ යහපත් ලෙස සිත එකඟ කර, කෙලෙස්වලින් මිදී සමාධියට සමවැදීමෙන් ලැබෙන යහපත් ඵල විපාකය. එනම්. මාර්ග ඵල ලබා ගැනීමට හැකිවීමය.

▼සමාධි ප්‍රතිලාභ පිළිබඳව, ආනන්ද තෙරුන් මෙලෙස, බුදුන් වහන්සේ විමසා ඇත:

1) ප්‍රශ්ණය: “...සියා නු ඛො භන‍්තෙ භික‍්ඛුනො තථාරුපො සමාධිපටිලාභො, යථා ඉමස‍්මිඤච සවිඤඤාණකෙ කායෙ අහිඬකාර මමිඬකාර මානානුස‍යා නාස‍්සු, යඤච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං උපසම‍්පජ‍්ජ විහරතො අහිඬකාර මමිඬකාර මානානුස‍යා න හොන‍්ති, තං ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං උපසම‍්පජ‍්ජ විහරෙය්‍යා ? ති”

භික්ෂුවක් හට 1) සවිඥනක කය-ශරීරය පිළිබඳව, මමය (අහංකාරය) යන්න, මාගේය (මමංකාරය) යන්න හා මානඅනුසය නොමැතිනම් 2) එසේම, බාහිර නිමිති පිළිබඳව මමය, මාගේය යන්න හා මානඅනුසය නොමැතිනම් 3) මමය, මාගේය, මානඅනුසය නැතිවීම මගින් ඔහු චේතෝවිමුක්ති, ප්‍රඥාවිමුක්ති යට සමවැදී ඒ අනුව වාසය කරයිනම්, එබඳු, භික්ෂුවට යම් සමාධි ප්‍රතිලාභ ලැබේද? සටහන්: * සවිඥනක කය (සචේතනික කය- conscious body) **චේතෝවිමුක්තිය (liberation of mind) යනු ඵල සමාධියය, ප්‍රඥාවිමුක්තිය (liberation by wisdom) යනු ඵල ප්‍රඥාව යය. ** අටුවාවට අනුව: අහංකාරය යනු දිට්ඨි සහගතව මම ය කියා අල්වා ගැනීමය (I-making by views); මමංකාරය යනු තණ්හාවෙන් මගේ කියා අල්වා ගැනීමය (mine-making by) මාන අනුසය යනු- මානය පිලිබඳ ඇති අනුසයන් ය (underlying tendency to conceit). මේවා තමන් ගැන හා අනුන් ගැන කෙනෙකුගේ සිතේ ඇති කෙළෙස්ය. සියලු බාහිර නිමිති යනු: පංච කාම අංගයන්, ලෝකය සදාකාලිකය යන විවිධ දිට්ඨි, පුද්ගලයා හා ධර්මතා ගැන ඇති මත. විස්තර පිණිස බලන්න: EAN: note: 366, p. 598, බලන්න: අහංකාරය, මමංකාරය හා මානඅනුසය, දිට්ඨි)

2) බුදුන් වහන්සේගේ පිළිතුර:

“ ...සියා ආනන්‍ද භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො...”: ඒ ආකාරයට සමාධියට සමවැදී වාසය කරන භික්ෂුවට සමාධි ප්‍රතිලාභ ඇත යයි බුදුන් වහන්සේ වදාළහ.

3) ප්‍රශ්ණය: එලෙස සමාධියට සමවැදී වාසය කරන භික්ෂුවට,කෙසේ සමාධි ප්‍රතිලාභයක් ලැබේද?

4) පිළිතුර:

“ඉධානන්‍ද භිකඛුනො එවං හොති: එතං සන‍්තං, එතං පණිතං, යදීදං සබ‍්බසඬඛාර සමථො සබ‍්බුපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බාණන‍්ති”

එම භික්ෂුව මෙලෙස සිතයි: ‘සියලු සංඛාරයන් සංසිඳීමෙන්, සියලු උපාදාන දුර ලීමෙන්, තන්හාව ක්‍ෂය කිරීමෙන්, නො ඇලීම ඇතිවීමෙන්, යම් නිරෝධයක්, නිවීමක් - නිවනක් ඇත්ද, එය ශාන්තය එය උතුම්ය (ප්‍රණිතය). එලෙසින්, සමාධිය ලබාගන්නා භික්ෂුවට, සවිඥනක කය ගැන හෝ බාහිර නිමිති ගැන අහංකාරයක්, මමංකාරයක් හා මානඅනුසය නොමැත. ඔහු, චේතෝවිමුක්තියට හා ප්‍රඥාවිමුක්තයට සමවැදී වාසය කරයි. එබඳු භික්ෂුවකට අහංකාරය ... ආදීවූ කෙළෙස් නොමැත. එලෙසින් භික්ෂුවහ එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් ලබාගන්නේය යයි බුදුන් වහන්සේ වදාළහ. සටහන: * ඒ අනුව ලබන සමාධි ප්‍රතිලාභය නම් අරහත්වයට පත්වීමය. (අරහත් ඵල සමාපත්ති) බලන්න: EAN: note: 366, p. 598 ** නිවන අරමුණු කොට සමාධිය වඩා ගැනීම පිළිබඳව බලන්න: භාවනා -උපසමානුසති භාවනාව, අවසාන ඥානය.

5) සූත්‍රය අවසානයේදී බුදුන් වහන්සේ ආනන්ද තෙරුන්ට වදාළේ, මේ කරුණ පිළිබඳව පාරායානයේ දී පුණ්ණක මානවක පුත්‍ර ඇසු පැණයට, බුදුන් වහන්සේ වදාළ පිළිතුර මේ ගාථාවෙන් පෙන්වා ඇති බවය:

“ ඉදං ච පන මෙතං ආනන්‍ද සන්‍ධාය භාසිතං පරායණෙ පුණ‍්ණකපඤෙහ:‘සඬඛාය ලොකස‍්මිං පරොවරානි- යස‍්සිඤ‍්ජිතං නත්‍ථිති කුහිඤචි ලොකෙ සන‍්තො විධූමො අනීඝො නිරාසො - අතාරි සො ජාතිජරන‍්ති බ්‍රෑමි’ති”

“ලෝකයේ ඇති ‘මගේ ආත්මය’, ‘අනුන්ගේ ආත්මය’ ආදිය ගැන මනා නුවණින් වටහා ගන්නා පුද්ගලයා, ලෝකයේ කිසිම අරමුණක් ගැන කම්පාවට පත්නොවේ. ශාන්තවූ ඔහු කිපෙන්නේ නැත; සියලු කරදර වලින් මිදී ඇත, ආශාවන් දුරුකර ඇත. එබඳු ඔහු ජාති ජරාවෙන් මිදී ඇත ය යි මම පවසමි” යයි බුදුන් වහන්සේ වදාළහ.

සටහන: පුණ්ණක මානවක පුත්‍රයා, ඇසු ප්‍රශ්ණය:“...දෙව් මිනිස් ලෝකයේ කවරෙක් ජාතිය ජරාව තරණය කෙළේද?” බලන්න: ඛු.නි: සූත්‍රනිපාතය: පරායන වග්ග: පුන්ණක, ගාථා: 1051-1052,පි. 340. මූලාශ්‍ර: අංගු.නි: (1): 3 නිපාත: දේවදුතවග්ග: 3.1.4.2 ආනන්ද සූත්‍රය, පි. 282, EAN:3: Divine Messengers: 32.2 Ananda, p.90.

▲ සමාපත්ති: පාලි: සමාපත‍්ති- attainments: සිත එකඟ කරගැනීමෙන් ලබන සමාධිය-ජාන ලබාගැනීම සමාපත්තියට පත්වීමය. සංයු.නි: ජානසංයුත්තයේ සමාපත්ති පිලිබඳ විස්තරාත්මකව පෙන්වා ඇත.

▼ බුදුන් වහන්සේ, සමාපත්තියට ප්‍රවේශවීම හා ඉන් නැගීසිටීම (සමාපත‍්තිකුසලතා, සමාපත‍්තිවූට‍්ඨානකුසලතා ( Skill in entering and returning from jhāna) යහපත් ලෙසින් දක්වා ඇත. මූලාශ්‍ර:දිඝ.නි: (3):10 සංගිති සූත්‍රය, පි. 372, EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 362.

▼ සමාපත්ති කුසලතා -ධ්‍යාන ලාභ ලබන පුද්ගලයන් සතර ආකර බව බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) සමාධිය පිලිබඳ කුසලතාවය ඇති එහෙත් සමාපත්තියට සම වැදීමේ කුසලතාවය නැති. 2) සමාධිය පිලිබඳ කුසලතාවය නැති එහෙත් සමාපත්තියට සම වැදීමේ කුසලතාවය ඇත. 3) සමාධිය පිලිබඳ කුසලතාවය හෝ සමාපත්තියට සම වැදීමේ කුසලතාවය නැත. 4) සමාධිය පිලිබඳ කුසලතාවය හා සමාපත්තියට සම වැදීමේ කුසලතාවය ඇත. ඒ පුද්ගලයා අග්‍රය යි බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍ර: සංයු.නි: (3): ඛන්ධවග්ග: ජානසංයුත්ත: 13.1.1.සමාපත්ති කුසල සූත්‍රය, පි. 566, ESN: Jhānasaṃyutta: 1 Attainment in relation to Concentration, p. 1163.

▲සාමණ්ඩකාණි පිරිවැජියා- Paraibbrajika Samandakani : බලන්න: උප ග්‍රන්ථය:3

▲ සාමිසය-Samisa: සාමිසය (carnal) ලෙසින් පෙන්වා ඇත්තේ ආධ්‍යාත්මික නොවන දේ පිලිබඳ ඇලීමය- පස්කම් සැප විඳීමය. ආධ්‍යාත්මික ඇලීම නිරාමිසයය. බලන්න: නිරාමිසය. ලෝකයා සාමිසයේ ඇලි ලබන සුවය, සැපය විවිධය: 1) සාමිස ප්‍රීතිය-carnal rapture: පස්කම් ගුණයේ ඇලි ලබන ප්‍රීතිය. ඇසෙන් රූප දැක... ආදීවශයෙන් සළයාතන, බාහිර අරමුණු අල්වා ගැනීම මගින් විඳින ප්‍රීතිය 2) සාමිස සුවය-carnal happiness: පස්කම් ගුණ හේතුකොටගෙන ඇතිවන සුවය, සොම්නස. 3) සාමිස උපේක්ඛාව-carnal equanimity: පස්කම් ගුණ හේතුකොටගෙන ඇතිවන උපේක්ඛාව. 4) සාමිස විමොක්ෂය- carnal deliverance: රූපලෝකය ආශ්‍රිතව ලැබෙන විමුක්ති සුවයය. මූලාශ්‍ර: සංයු.නි: (4): සළායතනවග්ග: වේදනා සංයුත්ත:2.3.11 නිරාමිස සූත්‍රය, පි. 470, ESN: 36: Vedanasamyutta: 31.11. Spiritual, p. 1368.

▲ සම්‍යක් ප්‍රධාන වීරිය සතර-Four right strivings: සම්‍යක් ප්‍රධාන වීරිය සතර (සතර සම්‍යක් ප්‍රධන් වීරියෝ- සම්මා පධාන- සිවුසම්පදහන්) ප්‍රධන් විරිය ලෙසින්ද දක්වා ඇත. මේවා බෝධිපාක්‍ය ධර්මතාය. සම්මා ප්‍රධාන වීරිය ලෙසින් පෙන්වා ඇත්තේ, ආරිය අටමගේ 6 වෙනි අංගය වූ සම්මා වායාමයය. කුසල් ඇතිකර ගැනීමට හා අකුසල් පහ කර ගැනීමට මූලිකවන්නේ සම්මා ප්‍රධාන වීරියය. මේ වීරිය නිවනට නැඹුරුවේ, මේ විරිය කරන මහණ, මාරයාගේ ග්‍රහණයෙන් මිදී, යලී උපත හා මරණය නොමැති නිවන ලබාගනී. මේ පිලිබඳ දක්වා ඇති උපමාව: ගංගානම් ගඟ: යම්සේ ගංගානම් ගඟ, නැගෙනහිරට (පෙරදිගට) නැමී බරවී ඇත. එලෙස, ප්‍රධන් වීරිය නිවනට නැඹුරුව ඇත. බලන්න: පධාන, පධාන සතර. සටහන: සංයු.නි: සම්මප්පධාන සංයුත්තයේ සූත්‍ර වල මෙ ගැන විස්තර පෙන්වා ඇත. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග: සම්මප්පධාන සංයුත්ත: 5.1.1.පාචිනනින්න සූත්‍රය, පි.454,අංගු.නි: (2) : 4 නිපාත: 4.1.2.3 සූත්‍රය, පි. 52, EAN:4: 13.3 Striving, p. 153.

▼සම්මා ප්‍රධාන වීරිය කිරීම

“චත‍්තාරො’ මෙ භික‍්ඛවෙ සම‍්මප‍්පධානා” .සම්මා ප්‍රධන වීරිය සතර ආකාරය: 1) මේ සසුනේ මහණ නුපන් ලාමක අකුසල නූපද්දවා ගැනීම පිණිස කැමැත්ත ඇතිකර ගෙන සිත දැඩි කර ගෙන වීරිය අරඹයි:

“...ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදාය. ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති...” ( a bhikkhu generates desire for the non-arising of un-arisen evil unwholesome states; he makes an effort, arouses energy, applies his mind, and strives)

2) උපන් ලාමක අකුසල පහකර ගැනීම පිණිස කැමැත්ත ඇතිකර ගෙන සිත දැඩි කර ගෙන වීරිය අරඹයි: “...උප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය. ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති...” (He generates desire for the abandoning of arisen evil unwholesome states; he makes an effort, arouses energy, applies his mind, and strives).

3) නුපන් කුසල් ඇතිකර ගැනීම පිණිස කැමැත්ත ඇතිකර ගෙන සිත දැඩි කර ගෙන වීරිය අරඹයි: “...අනුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං උප‍්පාදාය. ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති...” (He generates desire for the arising of un-arisen wholesome states; he makes an effort, arouses energy, applies his mind, and strives).

4) උපන් කුසල් දහම් පවත්වා ගැනීම පිණිස, නොමුලාව පිණිස, බොහෝබව පිණිස, විපුල බව පිණිස, වැඩිම පිණිස, පිරිපුන් බව පිණිස, කැමත්ත ඇතිකරගනී, වෑයම් කරයි, සිත දැඩි කර ගෙන වීරිය අරඹයි.

“...උප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං ඨිතියා අසම‍්මොසාය භියෙය්‍යාභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති...”. ( He generates desire for the maintenance of arisen wholesome states, for their non- decay, increase, expansion, and fulfilment by development; he makes an effort, arouses energy,applies his mind, and strives). මූලාශ්‍ර: සංයු.නි: (5-1):1.1.8 විභංග සූත්‍රය,පි 42,ESN: Maggasamyutta: 8.8 Analysis, p 1611, ම.නි: (2): 2.1.3 :සේඛ සූත්‍රය, පි. 44, MN 53: Sekha Sutta, p. 436.

▼ප්‍රධාන වීර්යයන් 2 ක් ඇතිකර ගැනීම දුෂ්කර බව බුදුන් වහන්සේ පෙන්වා ඇත: 1) ගිහියන් කරන විරිය: සංඝයාට සිව්පසය යහපත් ලෙසින් සැපයීම පිණිස ගිහියන් විසින් දරන වෙහෙස- වීරිය.2) සියලු උපධි අත්හැරීම පිණිස ඇති වීරිය: (සබ‍්බුපධිපටිනිස‍්සග‍්ගො-the relinquishment of all acquisitions) සංඝයා දරන වීරිය. මේ වීරිය 2 අතරින් සියලු උපධි අත්හැරීම පිණිස කරන විරිය උතුම්ය. මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත: 2.1.1.2 පධාන සූත්‍රය, පි. 133, EAN: 2: 2.2 Striving, p. 56.

▼සම්මාප්‍රධාන වීරිය නිවන් මගය- අසංඛත මගය: මූලාශ්‍ර:සංයු.නි: (4 )සළායතනවග්ග: අසංඛත සංයුත්ත: 9.1.6 සම්මා ප්‍රධාන වීරිය සූත්‍රය, පි. 662, ESN: Asankatasamyutta: p. 1493.

▲සිම්බලි උල්කටුගස් නිරය -Hell of Simbali Thorns Tress: අයහපත් කර්ම විපාක නිසා යළි උපත ලබන දුගතියකි. උල්කටු ඇනීමෙන් මහා දුක් වේදනාඇතිකරයි. බලන්න: නිරය.

සය

▲ සය අනුත්තර ධර්ම - Six unsurpassed Dhamma: අනුත්තර යනු උතුම්බවය, ශ්‍රේෂ්ඨ බවය. අනුත්තර ධර්ම 6 ක් මෙහි පෙන්වා ඇත: 1) දස්සන අනුත්තරිය (The unsurpassed sight): තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයන් දැකීම. 2) සවන අනුත්තරිය (the unsurpassed hearing): තථාගත ධර්මය ශ්‍රවනය කිරීම 3) ලාභ අනුත්තරිය (the unsurpassed gain): තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයන් කෙරෙහි අචල විශ්වාසය ඇතිවීම 4) සික්ඛා අනුත්තරිය (the unsurpassed training ): අධිශිලය, අධි චිත්තය, අධි ප්‍රඥාව යන ධර්ම පුහුණුව ලැබීම. 5) පාරිචරියා අනුත්තරිය (the unsurpassed service): තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයන් හට සේවය කිරීම 6) අනුස්සතා අනුත්තරිය (the unsurpassed recollection): තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයන් පිලිබඳ අනුසතිය වඩා ගැනීම. කෙනෙක් ශ්‍රද්ධාව පිහිටුවාගෙන මේ 6 අනුත්තර ධර්ම ලබා ගන්නේ නම් ඔහු දුක නැතිකරගන්නේය, විමුක්තිය ලබන්නේය යයි බුදුන් වහන්සේ වදාළහ. සටහන: තථාගතයන් ගේ පහළවීම නිසා සය අනුත්තර ධර්ම ඇතිවේ. බලන්න: තථාගතයන් වහන්සේ. මූලාශ්‍ර:අංගු.නි: (4) 6 නිපාත: 6.1.3.10 අනුත්තරිය සූත්‍රය, පි. 92, EAN: 6: 30.10, Unsurpassed Things, p. 329.

▲සය අභිඥා: පාලි: ඡළභිඤ‍්ඤා : six direct knowledge: ධර්මයේ, සයඅභිඥා ලෙසින් දක්වා ඇත්තේ නිවන සාක්ෂාත් කරගැනීම පිණිස-විජ්ජාවිමුක්තිය පිණිස අවශ්‍යවන විශේෂ ඥානයන් 6 ය ශබ්දකෝෂ : 1. පාසිශ: පි.89: “අභිඤ‍්ඤා: නිපුනබව, දැනීම, අවබෝධය, පඤ‍්ඤාභිඤ‍්ඤා සහ ඡළභිඤ‍්ඤා. ‘විසෙසන ජානාතීති අභිඤ‍්ඤා’ විශේෂයෙන් දැනගනී යනු අභිඤ‍්ඤා නම් වේ” 2. BD: p. 2: “abhiññā: the 6 higher powers/supernormal Knowledge…” 3. PTS: p. 158: “abhijña: knowing, possessed of knowledge, esp. higher or supernormal knowledge -intelligent; thus in chalabhiññā one who possesses the 6 abhiññās”

▼ආධ්‍යාත්මික මාර්ගය සාක්ෂාත් කරගැනීම පිණිස ලබාගත යුතු සය අභිඥා: 1) ඉද්දි ප්‍රාතිහාර්ය ඥානය- විවිධාකාර ආශ්චර්යමත් දේ කළහැකි බලය (various supernatural powers) 2) දිබ්බසෝත -දිවකන් (divine ear )- පොළොවේ හෝ දෙව්ලොව හෝ ළඟ හෝ දුර සිදුවෙන කතාබහ ඇසීමට ඇති හැකියාව.3) චෙතොපරිච්ච ඥානය- අනුන්ගේ හිත් දැකීමේ නුවණ (ability to know the other’s minds) 4) පුබ්බේ නිවාසානුස්සති ඥානය- පෙරවිසු කඳ පිළිවෙත-පෙර ජාති දන්නා නුවණ (ability to know one’s previous existence) 5) දිබ්බ චක්ඛු/දිවැස් ( divine eye ) දුර හෝ ලඟ ඇති දේ දැකීමට ඇති හැකියාව, කර්මයට අනුව සත්‍වයන් මරණයට පත්වීම හා යලි උපතට පැමිණීම දැකිය හැකි ඥානය.මෙය චූතඋත්පත්ති ඥාණය ලෙසින්ද දක්වයි. 6) ආසවක්ඛය ඥානය- සියළු ආසව - තණ්හාව ප්‍රහිනය කලබව දන්නා නුවණ -විමුක්තිය ලැබූ බව (knowledge of the destruction of all fetters). අරහත්වය ලැබීම. සටහන්: * 1-5 දක්වාවු ඥානයන් ලෝකඥානවේ; ජාන සමාපත්ති සාක්ෂාත් කරගැනීමෙන් ලබාගත හැකිය. 6- ආසවක්‍ෂය කිරීමේ ඥානය ලෝකෝත්තර ඥානයකි; අරහත්වය මගින් ලැබෙන විශේෂ නුවණකි. ** 4-6 ඥානයන් තෙවිජ්ජා ලෙසින්ද හඳුන්වයි. මූලාශ්‍ර: දීඝ.නි: (3) 11 දසුත්තර සූත්‍රය, පි. 484, EDN: 34- Dasuttara Sutta: Expanding Decades, p.383.

▼ සය අභිඥා සාක්ෂාත්කරගැනීමට ශීලසම්පන්නබව පදනම්වේ: පිරිපුන් සිල්ඇති, පාතිමොක්‍ෂසංවරයෙන් යුතු, යහපත් හැසිරීම හා වාසය ඇති, ශික්ෂාපදයන්හි මනාව හික්මුන සංඝයාට කැමති පරිදි සය අභිඥාවන් ලබාගත හැකිබව බුදුන්වහන්සේ වදාළහ. මූලාශ්‍ර:ම.නි (1 ) 1.1.6 ආකඬඛය්‍ය සූත්‍රය, පි.94, EMN:6 -Ākankheyya Sutta If a Bhikkhu Should Wish, p.99.

▼ බුද්ධානුස්සතිය ආදී අනුසති භාවනා වැඩිම අභිඥාව ලැබීමට හේතුවේ. බලන්න: අනුසති භාවනා. මූලාශ්‍ර: අංගු.නි:(1) :1 නිපාත: එකධම්ම පාලිය, පි.100, EAN:1: XVI: One Thing, p. 47.

▲ සය ඉන්ද්‍රිය: පාලි: ඡ ඉන්‍ද්‍රියානි the six faculties: සය ඉන්ද්‍රිය (සළායතන) යනු: 1) චක්ඛු ඉන්ද්‍රිය (eye faculty): ඇස හා ඇස් දොර නිසා ඇතිවන රූප ආදිය පාලනය කරන්නේ චක්ඛු ඉන්ද්‍රිය මගින්ය.2) සෝත ඉන්ද්‍රිය (ear faculty): කණ හා කනදොර නිසා ඇසෙන ශබ්ද ආදිය පාලනය කරන්නේ සෝත ඉන්ද්‍රිය මගින්ය 3) ඝාන ඉන්ද්‍රිය (nose faculty): නාසය හා නාසයේ දොර නිසා දැනෙන ගඳ සුවඳ ආදිය පාලනය කරන්නේ ඝාන ඉන්ද්‍රිය මගින්ය 4) ජිව්හා ඉන්ද්‍රිය (tongue faculty ): දිව හා දිවට දැනෙන රස ආදිය පාලනය කරන්නේ ජිව්හා ඉන්ද්‍රිය මගින්ය. 5) කායඉන්ද්‍රිය (body faculty ) කය හා කයට දැනෙන පහස ආදිය පාලනය කරන්නේ කාය ඉන්ද්‍රිය මගින්ය 6) මන ඉන්ද්‍රිය (mind faculty): සිත හා සිතට ඇතුළුවන සිතිවිලි පාලනය කරන්නේ මන ඉන්ද්‍රිය මගින්ය. බලන්න: සළායතන. සටහන:සංයු.නි: (4): සළායතනසංයුත්තයේ සූත්‍රයන්හි සය ඉන්ද්‍රිය විස්තරකර ඇත.

▼සය ඉන්ද්‍රියන්ගේ ඇතිවීම, නැතිවීම, ආස්වාදය, ආදීනවය හා නිස්සරණය යථා ලෙසින් අවබෝධ කරගන්නා පුද්ගලයා සෝතාපන්න බව ලබාගනී. අවබෝධය සහිතව උපදාන රහිතව, ආසව ක්‍ෂය කල භික්ෂුව, රහතන් වහන්සේය. මූලාශ්‍ර: සංයු.නි : (5-1): මහාවග්ග: ඉන්ද්‍රිය සංයුත්තය: 4.3.5 සුද්ධක සූත්‍රය හා 4.3.6 සෝතාපන්න සූත්‍රය, 4.3.7 අරහන්ත සූත්‍රය, පි. 394, ESN: Indriyasamyutta: 25.5 Simple Version & 26.6 Stream Enterer, 27.7 Arahant, p. 1952.

▼සය ඉන්ද්‍රිය ධර්ම අනුපස්සනා කිරීම නිවන පිණිසය: සය ඉන්ද්‍රිය -ඇස,කණ,නාසය,දිව,කය,මනස පිලිබඳ, අනුපස්සනාකිරීම: අනිච්ච බව, දුකබව, අනත්තබව, ක්‍ෂයවීම, නැතිවීම (වය), විරාගය, නිරොධය, අතහැරීම. සය ඉන්ද්‍රිය මගින් ගන්නා බාහිර අරමුණු -රූප,ශබ්ද, ගන්ධ,රස,ස්පර්ශ, ධර්ම පිලිබඳ අනුපස්සනා: අනිච්ච බව, දුකබව, අනත්තබව, ක්‍ෂයවීම, නැතිවීම (වය), විරාගය, නිරොධය, අතහැරීම. මූලාශ්‍ර:අංගු.නි.(6 ): 11නිපාත,සාමඤඤවග්ග සුත්‍ර, පි.704, EAN:11: III Similarity p.577.

▲සය සංඥා-- six perceptions: සයසංඥා ලෙසින් පෙන්වා ඇත්තේ සත්‍ය ඥානය - විද්‍යාවිමුක්තිය ලබාගැනීම පිණිස වැඩිය යුතු සංඥාවන්ටය: සබ්බ සංඛාරේ අනිච්ච සංඥාව, අනිච්චේ දුක්ඛ සංඥාව, දුක්ඛේ අනත්ත සංඥාව, පහාන සංඥාව, විරාග සංඥාව, නිරෝධ සංඥාව. බලන්න: සංඥා. මූලාශ්‍ර: සංයු.නි: (5-2):මහාවග්ගය:සොතාපත්ති සංයුත්ත: 11.1.3 දීඝාවූ උපාසක සූත්‍රය, පි. 164, ESN:55: Sotapattisamyutta: 3.3 Dīghāvu, p, 2185.

▲ සංයෝජන හා සංයෝජනීය ධර්මතා : පාලි: සඤෙඤාජනා, සඤෙඤාජනීයා ධම‍්මා - Fetters & the things that fetter: සංයෝජන හා සංයෝජනිය ධර්ම වෙනස් වෙනස් අර්ථ ඇතිබව හා වෙනස් වෙනස් ව්‍යඤජන (වාක්‍යය ප්‍රකාශය-phrase) ඇති බව මේ සූත්‍රයේ පෙන්වා ඇත: ඇස, ඇසින් දකින රූපයට සංයෝජනය නොවේ, එසේම රූප, ඇසට සංයෝජනය නොවේ. එහෙත්, මේ දෙක නිසා යම් ඡන්දරාගයක් (ආසාවක්) ඇතිවන්නේ නම් එය සංයෝජනයය. මේ පිලිබඳ දක්වා ඇති උපමාව: සුදුගොනා හා කළු ගොනා: සුදු ගොනෙක් හා කලු ගොනෙක් වියදණ්ඩකින් එකට ගැට ගසා ඇත. සුදුගොනා, කලු ගොනාගේ බැඳුම නොවේ, කලු ගොනා සුදු ගොනාගේ බැඳුම නොවේ. එහෙත් උන් දෙන්නා ගැටගසා ඇති වියදණ්ඩ උන්ගේ බැඳීමය. සටහන්: * එලෙස, සෙසු සළායතන 5 හා බාහිර අරමුණු ගැටීමෙන් ඇතිවෙන රාගය සංයෝජන ය. ** සංයෝජන යන්ට හිතකර වන ධර්මතා එනම්: රූප, වේදනා, සඥා, සංඛාර, විඥාන කෙරහි, යම් තණ්හාවක් (ඡන්ද රාගයක්) ඇතිවීම සංයෝජන යය. බලන්න: සංයු.නි: (3): ඛන්ධසංයුත්ත: 1.3.2.8 සංයෝජනීය සූත්‍රය, පි. 320, ESN: 22: 120.8, Things That Fetter, p. 1103. ** සංයෝජනීය ධර්මතා ලෙසින් පෙන්වා ඇත්තේ රූපය, වේදනාව, සංඥාව, සංඛාර හා විඥාන ය. මේවා කෙරේ ඇති ආශාව, තණ්හාව (ඡන්ද රාගය) සංයෝජන වේ. මූලාශ්‍ර: සංයු.නි: ( 4 ): සළායතන වග්ග: 7.1.1 සංයෝජන සූත්‍රය, පි. 546 , ESN:35: Salayathana samyutta: 41: 1. The Fetters, P. 1431. ශබ්දකෝෂ : 1. පාසිශ: පි.489: “සංයොජන: එකට බැඳීම, ඇදීම...” 2. BD: p.300: “saṃyojana: there are 10 fetters tying beings to the wheel of existence…’ 3. PTS: p.1475: “saṃyojana: bond, fetters that bind man to the wheel of transmigration”

▼සංයෝජන දහය-දස සංයෝජන: “ දස ඉමානි භික‍්ඛවෙ සංයොජනානි, කතමෙ දස: පඤොචාරම‍්භාගියානි සංයොජනානි, පඤ‍්චුද‍්ධම‍්භාගියානි සංයොජනානි... කතමානි පඤොචාරම‍්භාගියානි සංයොජනානි: සක‍්කායදිට‍්ඨි, විචිකිච‍්ඡා, සීලබ‍්බතපරාමාසො, කාමච‍්ඡාන්‍දො, බ්‍යාපාදොති...…කතමානි පඤ‍්චුද‍්ධම‍්භාගියානි සංයොජනානි: රූපරාගො, අරූපරාගො, මානො, උදච‍්චං, අවිජ‍්ජා”

ඔරම්භාගිය සංයෝජන 5කි -The five lower fetters: 1) සක්කායදිට්ඨිය- personal-existence view 2) විචිකිච්චාව- doubt 3) සීලබබත පරාමාසය- wrong grasp of behavior and observances 4) කාමචන්දය- sensual desire 5) ව්‍යාපාදය- ill will.

උද්ධම්භාගිය සංයෝජන 5කි - the five higher fetters: 1) රූපරාග- lust for form 2) අරූපරාග- lust for the formless 3) මානය- conceit 4) උද්ධච්චය- restlessness 5) අවිජජාව- ignorance. මූලාශ්‍ර:අංගු.නි :(6):10 නිපාත: 10.1.2.3 සංයෝජන සූත්‍රය,පි.60, EAN:10: 13.3. Fetters, p. 496.

▼ සංයෝජන ඇතිවීමට බලපාන කරුණු ලෙසින් මෙහිපෙන්වා ඇත්තේ සළායතන ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන ඡන්දරාගයය. මූලාශ්‍ර: සංයු.නි: (4 ): සළායතනවග්ග: වේදනාසංයුත්ත:යොගකඛෙමිවග්ග: 1.11.6:සංයෝජන සූත්‍රය, පි. 214, ESN: Vedanasamyutta: 109.6 Things that fetter, p. 1270.

▼බඹසර විසීම සංයෝජන ප්‍රහාණය පිණිසය: වෙනත් ආගමිකයන් (අන්තොටු පිරිවැජියෝ- අන්‍යතිර්තක පරිබ්‍රාජකයෝ) බුදුන් වහන්සේ වෙත බඹසර විසීමේ පරමාර්ථය කුමක්ද? යයි ඇසුවිට මෙසේ පිළිතුරු දියයුතුය යයි බුදුන් වහන්සේ තම ශ්‍රාවකයනට වදාළහ. “බඹසර වාසය සංයෝජන ප්‍රහාණය පිණිසය... සංයෝජන ප්‍රහාණයට ඇති මග අරියඅටමගය”. මූලාශ්‍ර:සංයු.නි: (5-1):මහාවග්ග: මග්ග සංයුත්ත: 1.5.2 සංයෝජන සූත්‍රය, පි.71, ESN: 45: Maggasamyutta: 42.2 The Abandoning of the Fetters, P. 1651.

▼සංයෝජන ප්‍රහාණය: සළායතන මගින් අල්ලාගන්නා බාහිර අරමුණු නිසා ඇතිවන විඥාණය, ස්පර්ශය හා වේදනා ආදී සියල්ල අනිච්ච බව දන්නා, දකිනා තැනැත්තාට සංයෝජන ප්‍රහීණය කර දුකින් මිදිය හැකිවේ. මූලාශ්‍ර: සංයු.නි : (4 ): සළායතන වග්ග: 1.6.2 හා 1.6.3 සංයෝජන පහාන සූත්‍ර, පි. 96, ESN: 35: Salayathanasamyutta: Ignorance: 54.2 & 55.3 Abandoning Fetters, P. 1234.

▼කායගතා සතිය වඩාගැනීමෙන්, විපුල කරගැනීමෙන් සංයෝජන ප්‍රහීණය වේ යයි බුදුන් වහන්සේ වදාළහ. බලන්න: කායාගතා සතියේ ප්‍රතිලාභ. මූලාශ්‍ර: අංගු.නි: (1): 1 නිපාත: කායගතාසති වග්ග සූත්‍ර, පි. 125, EAN:1: Mindfulness Directed to the Body, p.52.

▼සංයෝජන පිලිබඳව බලන ආකාර 2 කි: 1) ආස්වාදය ඇතිකරන දේ පිළිබඳව ආවර්ජනය කිරීම නිසා සංයෝජන ඇතිවේ. (Contemplation of gratification in things that can fetter). එලෙස කටයුතු කරන පුද්ගලායා, රාගය දෝසය හා මෝහය පහකර ගෙන නැත. ඒවා පහ නොකර ගැනීම නිසා ඔහු සසර දුකින්- ජාති ජරා මරණ සෝක වැලපීම්... ආදිවූ මහා දුකින් මිදී නැත. 2) සංයෝජන ඇති කරන දේ පිළිබඳව කලකිරීම - නිබිද්දාවට පත්වන පුද්ගලයා (One who dwells contemplating disenchantment in things that can fetter) රාගය දෝසය හා මෝහය පහකර ඇත. ඒ නිසා ඔහු සසර දුකින්- ජාති ජරා මරණ සෝක වැලපීම්... ආදියෙන් මිදී ඇත. මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත: 2.1.1.6 සංයෝජනිය සූත්‍රය, පි. 133, EAN: 2: 6.6 Fetter, p. 56.

▼සංයෝජන හේතුවෙන් සත්‍ව්යෝ දීර්ඝ කාලයක් සසරේ හැසිරේ. එම සංයෝජන අතුරින් තණ්හා සංයෝජනය (බොහෝ දුක් ආදීනව ඇති කරයි. තණ්හාව, පහකළවිට, සසර දුකින් මිදේ. සටහන: තණ්හාව පුරුෂයාගේ සහායිකාව ලෙසින් පෙන්වා ඇත. මූලාශ්‍ර: : ඛු.නි: ඉතිවුත්තක: 1.2.5 තණ්හා සංයෝජන සූත්‍රය.

සර

▲ සරඤජිත දේවසභාව-Saranjitha Deva: බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සමහර අන්‍යආගමිකයන්, යුද්ධ කරන භට පිරිස මරණින් මතු සරඤජිත දේවසභාවේ යළි උපත ලබන්නේය යනමතයදැරුහ. ඒ මතය වැරදි බව බුදුන් වහන්සේ වදාළහ, බලන්න: සුගතිය. මූලාශ්‍ර: සංයු.නි: (4) සළායතනවග්ග:ගාමිණිසංයුත්ත:8.1.3, 8.1.4 , 8.1.5 සූත්‍ර, පි. 588- 590.

▲ සාරය-Essences: සාරය යනු යම්කිසි දෙයක ඇති අගනා කොටසය. ධර්මයේ සාරයන් 4 ක් ඇත: ශිලසාරය, සමාධිසාරය, ප්‍රඥාසාරය, විමුක්තිසාරය. මූලාශ්‍රය:අංගු.නි: (2): 4 නිපාත: අභාවග්ග:4.3.5.10 සාරසූත්‍රය, පි.294.

▲සර්වආකාර පරිපුර්ණ -who is complete in all aspects: දස කරුණු වලින් සමන්විත භික්ෂුව සර්වආකාර පරිපුර්ණ යයි බුදුන් වහන්සේ වදාළහ. සටහන: එම කරුණු මෙහි විස්තරාත්මකව පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: ආනිසංසවග්ග: 10.1.1.10 විජ්ජාසූත්‍රය, පි.52, EAN:10: 10.10 True knowledge, p. 494.

▲ සර්වඥතා ඥානය- Sarvannatha nanna: සර්වඥතා ඥානය, තථාගත සම්මා සම්බුදුවරුන්ට විශේෂවූ නුවණකි, සියල්ල දන්නා නුවණය. බලන්න: අනාවරණ ඥානය, තථාගතයන් වහන්සේ.

▲ සර්වඥයන් වහන්සේ-Sarvanna: බුදුන් වහන්සේ හඳුන්වන ගරු පදයකි. බලන්න: බුදුන් වහන්සේ.

▲ සර්වත්‍රගාමිනීප්‍රතිපාදා ඥානය- the ways leading everywhere: සියලු මාර්ග පිලිබඳ තථාගතයන්යට ඇති යථා අවබෝධය මේ ඥානයය. බලන්න: තථාගත දසබල ඥාන.

▲ සරුගස උපමාව- Simile of the fertile tree : ගසක, කොළඅතු මනාව වැඩුනවිට, එහි මුල් වැඩේ, මුල් වැඩුන විට ගසේ පොත්ත, හරය වැඩේ, එමගින්, ගස සරු ගසක් බවට පත්වේ. එලෙස, ඉන්ද්‍රිය සංවරය ඇතිවිට, ශිලය, සමාධිය, යථාභූත ඥානය ඇතිවී, ක්‍රම ක්‍රමයෙන් නිවන සාක්ෂාත් වන අන්දම මෙහිදී පෙන්වා ඇත. බලන්න: ඉන්ද්‍රිය සංවරය, උපග්‍රන්ථය:5 මූලාශ්‍රය: අංගු.නි: (4): 6 නිපාත:ධම්මිකවග්ග: 6.1.5.8 ඉන්ද්‍රියසංවර සූත්‍රය, පි.150.

▲ සාරම්භය:පාලි: සාරම්භො -rivalry: සාරම්භය අකුසලයකි, අනුන් පරදවා කටයුතු කිරීම, එකට එක කිරීම ලෙසින්ද පෙන්වා ඇත. බලන්න: උපකෙලෙස.

▼ වෙනත් මූලාශ්‍ර: 1. “සැම දෙයක්ම අනුන් කළාට වඩා ඉහළින් කරන ස්වභාවය, අනුන්ට ඉහළින් සිටිමට ඇති කැමැත්ත සාරම්භ නම් වේ. මෙය මානයේ එක් ආකාරයකි. මෙය ඇතිවිට, අනුන් එකක් කරනවිට තමා දෙකක් (හෝ ඊට වැඩි ගණනක්) කිරීමට තැත් කරයි…” කෙලෙස් එක්දහස් පන්සීය, පි. 47, රේරුකානේ චන්දවිමල මහා නාහිමි, 2008.

▲ සාරානීය ධර්ම සය: පාලි: ඡ සාරානීයා ධම‍්මා- Six dhammas to be remembered: ආධ්‍යාත්මික මාර්ගය වඩන භික්ෂුවක් තුළ තිබිය යුතු ගුණ 6, සාරානීය ධර්ම සය ය. සාරානීය ධර්ම සිහියේ තබාගත යුතු, නිතර කල්පනා කලයුතු ධර්මතාවේ. මාර්ගය දියුණුකර ගැනීමට බොහෝ ආකාරයෙන් පිහිට වන නිසා මේ ධර්මතා බහු උපකාර ධර්ම ලෙසින් ද පෙන්වා ඇත. බලන්න: බහු උපකාර ධර්ම.

▼සාරනිය ධර්මතා ප්‍රියබව ඇතිකිරීම පිණිස, ගරුබව පිණිස, සංග්‍රහය පිණිස, අවිවාදය පිණිස, අවිහිංසාව පිණිස, සමගිය පිණිස, එකමුතුබව පිණිස පවතී යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත.

“...අයම‍්පි ධම‍්මො සාරානියො පියකරණො ගරුකරණො සඬගහාය අවිවාදය අවිහෙසාය සාමග‍්ගීයා එකීභාවාය සංවත‍්ති”.

සාරාණිය ධර්ම 6: 1) තමන් සමග වාසය කරන අය කෙරහි ප්‍රකටව මෙන්ම අප්‍රකටව ද මෛත්‍රී සහගත කාය කර්ම යෙහි යෙදීම 2) තමන් සමග වාසය කරන අය කෙරහි ප්‍රකටව මෙන්ම අප්‍රකටව ද මෛත්‍රී සහගත වාක් කර්ම යෙහි යෙදීම 3) තමන් සමග වාසය කරන අය කෙරහි ප්‍රකටව මෙන්ම අප්‍රකටව ද මෛත්‍රී සහගත මනෝ කර්ම යෙහි යෙදීම

4) තමන්ට දැහැමි ලෙසින් ලැබුන පිණ්ඩපාතය හෝ වෙනත් ලාභයක් තමන් සමග වාසය කරන සෙසු අය හා සාධාරණව බෙදා ගැනීම 5) තමන් හා වාසය කරන සෙසු භික්ෂුන් ආරියකාන්ත ශිලය ඇතිව වාසය කරන්නේනම්, තමාද ප්‍රකටව මෙන්ම අප්‍රකටවද එබඳු ශිලයෙන් ඔවුන් හා සමාන බවට පැමිණ වාසය කිරීම 6) තමන් හා වාසය කරන සෙසු භික්ෂුන් දුක නැතිකර ගැනීම පිණිස ඇති යම් දිට්ඨියක්- පිළිවෙතක් ඇතිව වාසය කරන්නේනම්, තමාද ප්‍රකටව මෙන්ම අප්‍රකටවද එබඳු දිට්ඨියක් ඇතිව ඔවුන් හා සමාන බවට පැමිණ වාසය කිරීම. මූලාශ්‍ර: දීඝ.නි: (3): 10 දසුත්තර සූත්‍රය, පි.483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲සාරාණිය දස ධර්ම- ten principles of cordiality: සාරාණිය දස ධර්ම ඇතිකර ගැනීම මගින් භික්ෂුව, අන්‍යයන්ට ප්‍රියවේ, ගරුසැලකිලි ලැබීමට හේතුවේ, සමගියෙන් ජීවත්වීමට හැකිවේ, විවාද කළහ ඇතිනොවේ, එකමුතුභාවයෙන් වාසය කිරීමට උපකාරිවේ යයි බුදුන් වහන්සේ පෙන්වා ඇත. සාරාණිය දස ධර්ම: 1) සිල්වත්බව 2) බහුශ්‍රැතබව 3) කල්‍යාන මිත්‍ර සේවනය 4) සුවච- කිකරුබව 5) තමන් හා එක්ව වෙසෙන සෙසු සංඝයා පිලිබඳ කටයුතු මනා ලෙසින් කිරීමේ හැකියාව 6) ධම්ම විනය ප්‍රිය කිරීම 7) වීරිය තිබීම 8) ලැබෙන සිව්පසයෙන් තුටුවිම 9) යහපත් සිහිය තිබීම 10) ආරිය නිවේදය-සමුදය හා වය පිලිබඳ මනා අවබෝධය තිබීම. මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත:10.1.5.10 භණ්ඩන සූත්‍රය, පි. 188, EAN:10: 50.10 Arguments, p.512.

▲සැරියුත් මහා තෙර-Sariuth Maha Thera: බලන්න: උපග්‍රන්ථය:1, අගසව්.

▲සුර අසුර -Sura Asura: සුර ලෙසින් පෙන්වා ඇත්තේ දෙවියන්ය, අසුර යනු දෙවියන්ට එදිරි, පහත් නිකායක්ය. සුර හා අසුර සටන් පිලිබඳ සූත්‍ර දේශනාවල දක්වා ඇත. බලන්න: දෙවියෝ, අසුර, සක්දෙවිඳු, ධජග්ග සූත්‍රය. සටහන: දීඝ.නි: ජනවසභ සූත්‍රයේදී, බුදුන් වහන්සේ පහළවීම නිසා අසුරයන් පිරිහීම හා දේව පිරිස වැඩිවීම විස්තර කර ඇත. මූලාශ්‍ර:අංගු.නි: (2) 4 නිපාත: අසුරවග්ග:4.2.5.1 අසුර සූත්‍රය, පි.196, සංයු.නි: සගාථවග්ග: සක්ඛසංයුත්ත.

▲ සුරඅම්බට්ඨ සිටුවරයා- Suraambattha Situ: බලන්න: උපග්‍රන්ථය:3

▲ සුරාමේරය – intoxication: සුරාමෙරය- සුරාපානය නිසා සිහිය මුළාවීමෙන් නොයක් අකුසල ක්‍රියා සිදුවේ. මෙය උප කෙළසකි, පැවිද්දන් විසින් හැරිය යුතු දෙයකි. මෙයින් වැලකීම, ආධ්‍යාත්මික දියණුව සලසන නිසා, බෞද්ධයන් ඉන් වැලකීමේ ශික්ෂා පද: පන්සිල්, අටසිල්, දස්සිල් ලෙසින් රකිති. බලන්න: ශිලය, උපකෙළෙස. මූලාශ්‍ර: අංගු.නි: (2): 4 නිපාත: 4.1.5.10 උපකෙලෙස් සූත්‍රය, පි. 124, EAN:4: 50.10 Defilements, p. 168.

▲ සුර්යා- sun: සුර්යා නම්, දිවාකල ලෝකයට ආලෝකය දෙන හිරුය, හිරුදෙව්පුත් (සුර්ය දිව්‍යරාජ) ලෙසින්ද පෙන්වා ඇත. එක් සමයක හිරු, රාහු නම් අසුරයා විසින් යටපත් කරගත් අවසථාවේ, බුදුන් වහන්සේගෙන් ආරක්ෂාව පැතිය. හිරු බුදුන් සරණ ගිය දෙවියෙක් නිසා ඔහු රාහුගේ ග්‍රහණයෙන් මුදාහරින්න යයි බුදුන් වහන්සේ වදාළහ. එසේ නොකොළොත් තම හිස සත් කඩකට පැළෙන බව දන්නා, රාහු, හිරු මුදාහැරියේය. බලන්න: හිස සත්කඩකට පැලීම. සටහන: සුර්යඅභා (හිරු රශ්මිය), ලෝකය බබලන ආලෝක 4න් එකකි. බලන්න: අභා. මූලාශ්‍ර:සංයු.නි: (1): සගාථවග්ග: දේවපුත්‍ර සංයුත්ත: 2.1.9 චන්දිම සූත්‍රය, පි. 119 , ESN:2: Devaputtasamyutta: 9.9 Chandima, p. 178.

▼ දිවාකල සුර්ය ආලෝකය අග්‍රය: සරත් ඍතුවේ, වලාකුළු නැති, වැස්ස නැති අහසේ ඇති ආලෝකය, සියලු අඳුර නසා බැබලේ, ඒ නිසා සුර්ය ආලෝකය අග්‍රය. මූලාශ්‍ර: සංයු.නි: (5-1): මහාවග්ග: මග්ගසංයුත්ත: අප්පමාදවග්ග: 1.13සුරිය සූත්‍රය, පි.130,ESN: 45: Maggasamyutta: XIII: Diligence: 147.9 : The Sun, p. 1688.

▲ සොරකම-Stealing: සොරකම්කිරීම, අදත්තා දානය ලෙසින්ද පෙන්වා ඇත. අනුන්ගේ දේ සොරසිතින් ගැනීම අකුසලයකි, දස අකුසලයන්ගෙන් එකකි, දුගතිය ඇතිකරයි. ලෝකසම්මතයට අනුව අනුන්ගේ දේ සොරාගැනීම දඬුවම් ලැබීමට හේතුවන අපරාධයකි. බලන්න:අදත්තාදානය.

▼සොරකම නිසා කර්ම සිව්ආකාරයකට රැස්වේ: 1) තමන් සොරකමේ යෙදීම : 2) අනුන්ලවා සොරකම්කරවීම 3) සොරකම අනුමත කිරීම 4) සොරකම වර්ණනා කිරීම. මූලාශ්‍රය: අංගු:නි: (2): 4 නිපාත: කම්ම පථවග්ග: 4.7.2 අදින්නාදාන සූත්‍රය.

▲සොරකම් කිරීමේ දඬුවම් උපමාව- Simile of punishments for stealing: සොරකම් කිරීම නිසා රජතුමා ඉදිරියට පමුණුවන ලද සොරෙකුට බොහෝ දඬුවම් විඳීමට සිදුවේ. එම උපමාව යොදාගනිමින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ, විඥාන ආහාර නිසා විඳීමට සිදුවන දුක් වේදනා අපමණ බවය. බලන්න: සිව් ආහාර. මූලාශ්‍ර :සංයු.නි: (2): නිදානවග්ග: අභිසමය සංයුත්ත: 1.7.3 පුත්තමංස සූත්‍රය, පි. 174, ESN: 13 : Abhisamyasamyutta: 63.3 Son’s Flesh, p. 697.

▲ සොරුන්ගේ ස්වභාවය -Nature of thieves: එක් සමයක ජානුස්සෝනි බ්‍රාහ්මණ විසින් විමසානු ලැබුව බුදුන් වහන්සේ සොරුන් ගැන මෙසේ පවසා ඇත: “ඔවුන්ගේ අභිප්‍රාය (අරමුණ-aim) නම් සොරකමය-ආදානයය.ඔවුන්ගේ සෙවීම (quest) මුවාවූ තැන- රහස් තැන්ය, ඔවුන්ට ඇති ආධරය උපායශීලිබවය, ඔවුන්ගේ කැමැත්ත අන්ධකාරයය, ඔවුන්ගේ අවසාන ඉලක්කය හසුනොවී සැඟවීසිටිමය”. මූලාශ්‍රය: අංගු.නි: (4): 6 නිපාත:ධම්මිකවග්ග: 6.1.5.10 ඛත්තිය සූත්‍රය, පි.154.

සල

▲ සල්ගස් උපමාව- Simile of Sala trees: උපෝසථ අටසිල් රැකීමේ යහපත පෙන්වා දීම පිණිස මේ උපමාව යොදාගෙන ඇත.

“ ...මේ සල් ගස් වලට සිතක් ඇතිව, උපෝසථ අටසිල් යහපත් ලෙසින් රැකීමට නියම කරගන්නේ නම් එය, මේ ගස් වලට දිගුකලක් හිත සුව පිණිස වේ. එසේනම්, (අටසිල් ගැනීමෙන් මිනිසුන්ට වන යහපත ගැන) මිනිසුන් ගැන කවර කතාද.” බලන්න: අටසිල්. මූලාශ්‍ර: අංගු.නි: (5 ): 8 නිපාත:8.1.5.4. වාසෙට්ඨ උපෝසථ සූත්‍රය, පි.212. EAN: 8: 44.4 Vāseṭṭha p. 434.

▲ සල්ලාල හැසිරීම- Indulgence in sensual pleasures: සල්ලාල හැසිරීම යනු රාගෙයන් මත්ව, දුස්සීල ලෙස හැසිරීමය. එම හැසිරීම, ධනය ආදී සම්පත් විනාශවීමට හේතුවේ. බලන්න: ගිහිජීවිතය යහපත්ව ගතකිරීම.

▲ සල්ලේඛ පරියාය: පාලි: සල‍්ලෙඛ පරියායං -modes of effacement of defilements: ධර්මයේ සල්ලේඛ පරියාය ලෙසින් පෙන්වා ඇත්තේ ආධ්‍යාත්මික වර්ධනය ට හානිකරන කෙළෙස් -අකුසල් නැතිකර ගැනීමේ ක්‍රමය- පටිපදාවය. ශබ්දකෝෂ: ප.සිං.ශ: : පි.514: “සල‍්ලෙඛ: කෙළෙස් සිඳීම, නැසීම, තුනී කිරීම”

▼ආරිය විනයේ සල්ලේඛ පරියාය: බුදුන් වහන්සේ කෙළෙස් - අකුසල ඇති කරන කරුණු 44 ක් පෙන්වා, උපදෙස් දී ඇත්තේ, අන් අය ඒවා යේ යෙදුනත්, ආරිය විනය අනුගමනය කරන අය, ඒ කෙළෙස් නොකර සිටිමට පුරුදු පුහුණු කලයුතු බවය:

“වෙනත් අය හිංසා කටයුතු කරති, අපි ඒවායින් වැලකී අවිහිංසා වෙන් සිටීමට පුහුණුවෙමු”

පහ කරගතයුතු කෙළෙස් 44 හා පුහුණු කර ගත යුතු ගුණ 44: 1) අනුන්ට හිංසාකිරීම (පරෙ විහිංසකා: cruel-harmful ) - අවිහිංසාව (විහිංසකා- non-cruelty) 2) පරපණ නැසීම (පාණාතිපාතා-killing living beings) - පරපණ නොනැසීම (පාණාතිපාතා පටිවිරතා- abstain from killing) 3) සොරකම (අදින‍්නාදානා-stealing)- සොරකම් නොකිරීම (අදින‍්නාදානා පටිවිරතා- abstain from stealing) 4) අබ්‍රහ්මචරියාව-අබ්‍රහ‍්මචාරී- un-celibate)- බ්‍රහ්මචරියාව (බ්‍රහ‍්මචාරී- celibate) 5) බොරුකීම (මුසාවදා- speak falsehood)- බොරුනොකීම (මුසාවදා පටිවිරතා- abstain from false speech) 6) කේලාම්කීම(පිසුණාවාචා- malicious speech) - කේලාම්නොකීම (පිසුණාවාචා පටිවිරතා -abstain from malicious speech) 7) පරුෂ වචන කීම (ඵරුසාවාචා- harsh speech)- පරුෂ වචන නොකීම (ඵරුසාවාචා පටිවිරතා- abstain from harsh speech) 8) හිස්වචන කීම (සම‍්ඵප‍්පලාපා-gossip) - හිස්වචන නොකීම (සම‍්ඵප‍්පලාපා පටිවිරතා -abstain from gossip) 9) අබිජ්ජාව: දැඩි ලෝභය (අභිජ‍්ඣා- covetous)- අනබිජ්ජාව: නිර්ලෝභීබව (අනභිජ‍්ඣා- uncovetous) 10) ව්‍යාපාදය (බ්‍යාපන‍්නචිත‍්තො- ill-will) - අව්‍යාපාදය (අබ්‍යාපන‍්නචිත‍්තො- without ill will) 11-20) මිථ්‍යා දිට්ඨිය සිට මිථ්‍යා විමුක්තිය, එනම් වැරදිමග - සම්මා දිට්ඨිය සිට සම්මා විමුක්තිය එනම් නිවැරදි මග. 21) ථිනමිද්ධය සහිතබව: අලසබව (ථිනමිද‍්ධපරියුට‍්ඨිතා- overcome by sloth and torpor)- පහවූ ථිනමිද්ධය (විගතථිනමිද‍්ධා- free from sloth and torpor) 22 උද්දච්චය: සසල සිත (උද‍්ධතා- restless) -පහවූ උද්දච්චය: නිසල සිත (අනුඋද‍්ධතා- free from restlessness) 23) විචිකිච්චාව: සැකය (විචිකිච‍්ඡා- doubt)- පහවූ විචිකිච්චාව (තිණ‍්ණවිචිකිච‍්ඡා- free from doubt) 24) ක්‍රෝධය: තරහ (කොධනා- angry) - අක්‍රෝධය (අක‍්කොධනා-without anger ) 25) අමනාප: නුරුස්සන බව ( උපනාහ-resentful) මනාප:රුචිබව (අනුපනාහ- without resent) 26) ගුණමකුබව (මක‍්ඛ- contempt) - ගුණමකුබව නොවන බව (අමක‍්ඛ- without contempt) 27) අහංකාරය (පළාස - insolent) - නිරහංකාර(අපළාස- without insolent) (28) ඉරිසියාව (ඉස‍්සා -envious) - ඉරිසියාව නැති බව (අනිස‍්සා- none-envious) 29) මසුරුබව (මච‍්ඡිරී- avaricious)- නොමසුරු බව(අමච‍්ඡිරී- none -avaricious) 30) කපටි: කූට (සඨා- fraudulent) - කපටි නොවන (අසඨා- none- fraudulent) 31) රැවටීම (මායාවී- deceitful) -නොරැවටීම (අමායාවී -none- deceitful) 32) මුරණ්ඩුබව: තදගතිය (ථද‍්ධා- obstinate) - මුරණ්ඩු නැතිබව: මුදු (අත්‍ථද‍්ධා - without obstinate) 33) අධිමානය: අතිමාන (අතිමානි-arrogant) - නිහතමානි (අනතිමානි- none-arrogant) 34) අකීකරු (දුබ‍්බාවා- difficult to admonish)- කීකරු: සුවච (සුබ‍්බාවා-easy to admonish) 35) පාප මිත්‍ර සේවනය (පාපමිත‍්තා- have bad friends) - කලණ මිත්‍ර සේවනය (කල්‍යාන මිත‍්තා- have good friends) 36) ප්‍රමාදවීම (පමත‍්තා- negligent)- අප්‍රමාදවීම ( අප‍්පමත‍්තා- diligent) 37) අශ්‍රද්ධාව (අස‍්සද‍්ධා- faithless)- ශ්‍රද්ධාව (සද‍්ධා- faithful) 38-39) හිරි ඔතප් නැතිබව (අහිරික අනොත‍්තාපි- shameless & no fear of wrongdoing) - හිරි ඔතප් ඇතිබව ( හිරි ඔත‍්තාපි- shameful & afraid of wrongdoing) 40) අල්පශ්‍රැත (අප‍්පස‍්සුතා- little learning)- බහුශ්‍රැත (බහුස‍්සුතා- great learning) 41) කුසිතබව: ආරම්භ විරිය නැතිබව (කුසීතා -lazy) - කුසිත නැති බව (ආරද‍්ධාවිරියා- energetic) 42) සතිය නැතිබව (මුට‍්ඨස‍්සති- unmindful) - සතිසම්පන්න ( උපට‍්ඨිතසති-mindful) 43) අනුවණබව : බාල (දුප‍්පඤ‍්ඤා- lack of wisdom) - නුවණැතිබව- පණ්ඩිත (පඤ‍්ඤා සම‍්පන‍්නා- possess wisdom) 44) ස්ව දිට්ඨිය තදින් ගෙන සිටීම (සන්‍දිට‍්ඨිපරාමාසී - adhere to their own views ) - දිට්ඨි හැර දැමිය හැකි බව (අසන්‍දිට‍්ඨිපරාමාසී- relinquish their own views easily). මූලාශ්‍ර: ම.නි: (1): 1.1.8 සල්ලේඛ සූත්‍රය, පි. 112, EMN: 8. Sallekha Sutta- Effacement, p.108.

▲සල්ලේඛට්ඨ ඤාණය-Sallekhatta nana: රාග, ද්වේශය, මෝහය, ක්‍රෝධය, බද්ධවෛරය (උපනාහ), ගුණමකුබව (මක්ඛ), යුගග්‍රාහ (පළාස), ඉරිසියාව, මසුරුකම, මායාව, සටකපටබව, සිත ඉදිමුනුබව (ස්ථම්භ) , සාරම්භ, මානය, අතිමානය, මදය, ප්‍රමාදය යන සියලු කෙළෙස්, දුශ්චරිත , සියලු අභිසංඛාර, සියලු භවගාමි කර්ම ආදීය ක්ෂය කිරීමේ ප්‍රඥාව, සල්ලේඛට්ඨ ඤාණය වේ. බලන්න:සල්ලේඛපරියාය. මූලාශ්‍රය: ඛු.නි: පටිසම්භිදා 1: 37 සල්ලේඛට්ඨ ඤාණය, පි.216.

▲ සීලබ්බත පරාමාස: පාලි: සීලබ‍්බතපරාමාසං - wrong grasp of behavior and observances: ධර්මයට අනුව සීලබ්බත පරාමාස යනු, නිවන ලබාගැනීමට හැකිවේය යි සිතා, බුද්ධ දේශනාවන්ට අනුකුල නොවන වැරදි සීල හා ව්‍රත සමාදන්වීමය, අනුගමනය කිරීමය. මෙය දස සංයෝජනයන්ගෙන් එකකි, උපාදානයකි, සෝතාපන්න බව ලැබීමට පහකර ගතයුතු කෙළෙසකි.බලන්න: සෝතාපන්න.ශබ්දකෝෂ:පා.සිං.ශ: පි. 525: “සීලබ‍්බත: ශිල හා ව්‍රත”. B.D. p.171: “Sīlabbata-parāmasā: Attachment or clinging to mere Rules & Rituals, is the 3rd of the 10 fetters and one of the 4 kinds of clinging. It disappears on attaining to Stream-entry.

▼සීලබ්බත පරාමාස ඇතිවීමට අකුසල මූල හේතුවේ (රාග දෝස මෝහ). කෙනෙක් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නේනම්, නිවැරදි මග අනුගමනය කරන්නේනම්, සිතේ මැලිකම පහකරගත්විට සීලබ්බත පරාමාස ප්‍රහීණය කරගත හැකිය. මූලාශ්‍ර:අංගු.නි: (6 කාණ්ඩය):10 නිපාත: 10.2.3.6 තයෝධම්ම සූත්‍රය,පි.284, EAN:10: Tens,76-6.Incapable, p. 524.

▼ වැරදි ශිල හා ව්‍රත නිසා අයහපත් කම්ම සකස්වීම හා ඒ නිසා දුගතියක යළි උපත ලැබීමට සිදුවන බව මෙහිදී බුදුන් වහන්සේ පෙන්වා ඇත. සටහන: කෝලිය රටේ වාසය කල ගෝව්‍රතය දරන කෝලිය පුත්‍ර පුණ්ණ (the ox-duty ascetic) හා බලුව්‍රතය දරන නිගණ්ඨ සේනිය (Seniya, a naked dog-duty ascetic) යන දෙදනා බුදුන් වහන්සේ හමුවට පැමිණ ඔවුන් සමාදන් වී ඇති ව්‍රත ගැන පවසා ඔවුන්ගේ මතු උපත ගැන ඇසීම මේ සූත්‍රය දේශනා කිරීමට මුලිකවිය. ඒ ව්‍රත පිළිබඳව මෙහි විස්තරාත්මකව දක්වා ඇත. දේශනය අවසානයේදී කෝලිය පුත්‍ර පුණ්ණ බුදුන් සරණ ගිය උපසකයෙක් විය, නිගණ්ඨ සේනිය, බුදුන් වහන්සේ වෙත පැවිදිව නිවන අවබෝධ කරගත්හ. බලන්න: උපග්‍රන්ථය:1,3 මූලාශ්‍ර: ම.නි: (2): 2.1.7 කුක්කුරවතිය සූත්‍රය, පි.100, EMN: 57: Kukkuravatika Sutta, p.466.

▲ සිල්වතා හා දුසිල්වතා:පාලි:සීලවතො, දුස‍්සීලස‍්ස - virtuous person & immoral person: ධර්මයේ සිල්වතා ලෙසින් පෙන්වා ඇත්තේ යම් ශීලයක් සමාදන්ව එය යහපත් ලෙස රකින පුද්ගලයාය, සදාචාරාත්මක පුද්ගලයාය. සුසිල්වතා ලෙසින් ද හඳුන්වයි. දුසිල්වතා යනු සදාචාරය නොමැති, අයහපත් ගුණ ඇති, සීලයක් නොරකින පුද්ගලයාය. දුශ්ශිලයා ලෙසින්ද දක්වයි. බලන්න: ශිලය.

▼සිල්වතා මරණින් මතු දෙව්ලොව හෝ මිනිස්ලොව - සුගතියක යලි උපත ලබන බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. දුස්සීල පුද්ගලයෝ මරණින් මතු දුගතියේ: නිරයේ හෝ තිරිසන් ලෝකයේ උපත ලබති.: මූලාශ්‍ර: අංගු.නි: (1 ): 2 නිපාත: 2.1.2.3.9 සූත්‍රය, පි. 157, EAN: 2: 29.9 Sutta, p.60.

▼ බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ සිල්වතා, නිවන් මග සාක්ෂාත් කරගන්නා බවය. සිල්වතාට තමාගේ, පරිපුර්ණ ශිලය නිසා පසුතැවීම නැතිවේ (no non-regret), එමනිසා සිතේ ප්‍රමෝදය (joy) ඇතිවේ. ප්‍රමෝදමත් සිත ප්‍රීතියට (rapture) පත්වේ, එමගින් සිතේ පස්සදිය (ශාන්තබව- tranquility) ඇතිවේ. සිත ශාන්තවූ විට සුවය ඇතිවේ. සුවපත් සිත සමාධිය ලබාගැනීමට පිහිටවෙ. සම්මා සමාධිය ඇතිවීම නිසා යථාභූත ඥාන දර්ශනය පහලවේ. එලෙස, මාර්ගය දියුණු කරගන්නා ඔහු, අනුක්‍රමයෙන් නිබිද්දාව, විරාගය ලබා, විමුක්ති ඥාන දර්ශනය සාක්ෂාත් කරගෙන නිවන්සුව අත්පත් කරගනි. බුදුන් වහන්සේ සිල්වතා උපමා කලේ හොඳින් කොළ අතු ඇති ගසක් ලෙසටය.මහාරුක උපමාව. එවැනි ගසේ මුලද, පොත්තද, අරටුවද සම්පුර්ණනිසා, එම ගස මහා රුකක් වේ. යහපත් ශිලයක් නොමැති දුසිල්වතාට මාර්ග අංග සම්පුර්ණ කරගැනීමට නොහැකි නිසා ඔහු නිවනට දුරය. බුදුන් වහන්සේ දුසිල්වතා උපමා කලේ කොළ අතු නැති ගසක් ලෙසින්ය. දුබල රුක උපමාව, එබඳු ගසක මුලද, පොත්තද, අරටුවද නොවැඩි ඇති නිසා එම ගස කිසිවිටක මහා රුකක් වන්නේ නැත. බලන්න: උපග්‍රන්ථය:5. මූලාශ්‍ර: අංගු.නි:(6):11 නිපාත:11.1.3.පඨම උපනිස සූත්‍රය,11.1.4 දුතිය උපනිස සූත්‍රය,11.1.5 තතිය උපනිස සූත්‍රය, පි.618-621, EAN:11: I Dependence, 3.3 & 3.4 & 3.5. Proximate Cause, p.567.

▼දුසිල්වතාට, අරියන් දැකීමේ අකමැත්ත, අරිය දහම් ඇසීමට ප්‍රියනොකිරීම, හා විවේචනයට නැමුණු සිත, යන අකුසල ඇති නිසා දහම් මග දියුණු කරගැනීම හැකිනොවේ. එහෙත්, සිල්වතාට, එම අගුණ පහකර ගැනීමට හැකිවේ. මූලාශ්‍ර: අංගු.නි:(6 ):10 නිපාත: 10.2.3.6. තයෝධම්ම සූත්‍රය,පි.284, EAN, 10: 76-6. Incapable, p. 524.

▲ සුලද්ධ ලාභය-Suladda labha: සුලද්ධ ලාභය ලෙසින් පෙන්වා ඇත්තේ ත්‍රිවිධ රත්නය ගැන යහපත් ලෙසින් ශ්‍රද්ධාව ඇතිකර ගැනීමය. එමගින් මාර්ගය වඩා ගත හැකිවේ. දෙව්ලොවින් චුතවන දෙවියෙක්හට, සෙසු දේවියන් දෙන අවවාදයකි. බලන්න: සුගතිගමන.

සළ

▲ සළායතන:පාලි: සළායතනනං - six sense bases: ධර්මයේ සළායතන: අභ්‍යන්තර ආයතන (ඡ අජඣතතිකානි ආයතනානි- six internal bases) ලෙසින් දක්වා ඇත. සය ෂඩායතන, සය ආයතන, සය ඉන්ද්‍රිය, ආධ්‍යාත්මික ආයතන 6 ලෙසින්ද හඳුන්වයි. බුදුන් වහන්සේ, ආධ්‍යාත්මික වර්ධනය පිණිස පිරිසිඳ (පරිඥෙය්‍ය) ව අවබෝධ කර ගත යුතු ධර්මතාවයන් ලෙසින් සළායතන පෙන්වා ඇත.බලන්න: පරිඥෙය්‍ය ධර්ම. සළායතන ක්‍රියාකාරීවිමනිසා ඇතිවෙන සුව දුක් වේදනා නිසා කර්ම සකස් වීම පෙන්වා දීම පිණිස අත් පා උපමාව-(The Simile of Hands and Feet) යොදාගෙන ඇත. මේ උපමාව යොදාගෙන ඇත්තේ, සය ඉන්ද්‍රිය ක්‍රියාකාරීවීම නිසා ස්පර්ශය ඇතිවීම, ඒ නිසා ඇතිවන වේදනා නිසා කර්ම සකස්වීම පෙන්වීමටය. අත් ඇතිවිට ගැනීම හා බහාතැබීමට පුරුදුවේ, පා ඇති කල්හි යෑම ඒම සිදුවේ. පුරුක් (සන්ධි) ඇති කල්හි හැකිලීම දිග හැරීම සිදුවේ. කුසය ඇති කල සාගින්න හා පිපාසය ඇතිවේ. එලෙස සය ඉන්ද්‍රිය ඇති කල: ඇස නිසා ඇසේ ස්ප්ර්ශය, කණ නිසා කණේ ස්පර්ශය ... ආදී වශයෙන් ඉන්ද්‍රිය ක්‍රියාකිරීම නිසා සුව දුක් ඇතිවේ. යම්හෙයකින්, අත් පා ආදී ශරීර අවයව නැත්නම්, ගැනීම බහාතැබීම ආදී ක්‍රියා සිදු නොවේ.එලෙස ඇස නැති කල- ඇස මගින් බාහිර අරමුණු අල්ලා නොගන්නා විට ස්පර්ශය-පහස ඇතිනොවේ, සුව දුක් ඇතිනොවේ. (එලෙස සෙසු ඉන්ද්‍රියන් පිළිබඳවද...). මූලාශ්‍ර: සංයු.නි: (4) වේදනාසංයුත්ත: සමුද්දවග්ග: 1.18.9 හ 1.18.10 සූත්‍ර, පි.362, ESN: 35: Salayathnanasamyutta: 236.9 & 10 suttas, p.1313.

▼සළායතන, පටිච්චසමුප්පාදයේ 5 නි පුරුකය: නාමරූප හේතුකොට සළායතන ඇතිවේ, නාමරූප නිරෝධ වීමෙන් සළායතන නිරොධවේ.

“...නාමරූප පචචයා සළායතනං...” “...නාමරූප නිරොධා සළායතන නිරොධො...”

සළායතන නිසා ස්පර්ශය ඇතිවේ, සළායතන නිරෝධ වීමෙන් ස්පර්ශය නිරෝධ වේ.

සළායතන නම්: චකඛු ආයතනය, සොත ආයතනය, ඝාණ ආයතනය, ජිව්හා ආයතනය, කායආයතනය, මන ආයතනය (චකඛායතනං , සොතායතනං , ඝාණායතනං ,ජිවහායතනං කායායතනං, මනායතනං (the eye-base, the ear-base, the nose-base, the tongue-base, the body-base, and the mind base). මූලාශ්‍ර: සංයු.නි: (2 ): නිදාන වග්ග: 1.1.1 පටිච්චසමුප්පාද සූත්‍රය හා 1.1.2 විභඬග සූත්‍රය, පි.24, ESN:12: Nidanavagga: 1.1. Dependent Origination & 1 2.2 Analysis of Dependent Origination, p.610, ම.නි: (1): 1.1.9 සම්මා දිට්ඨි සූත්‍රය, පි. 130, EMN: 9: Sammādiṭṭhi Sutta- Right View, p. 121.

▼සළායතන පිළිබඳව මනා අවබෝධය ලබා ගැනීම: සළායතන පිලිබඳ සම්පුර්ණ අවබෝධය ලබා ගැනීම පිණිස (විභාග කර බැලීම- සළායතන විභංග) : බාහිර ආයතන 6, සය ආක‍ර විඥාණ, සය ආකාර ස්පර්ශය, 18 ක්වූ මනෝ උපවිචාර, 37 ක් වූ සත්‍ව් උත්පත්ති ස්ථාන පිළිබඳව අවබෝධය තිබීම අවශ්‍යවේ. බලන්න: බාහිර ආයතන, විඥාණ, ස්පර්ශය, මනෝ උපවිචාර, සත්‍ව් උත්පත්ති ස්ථාන. මූලාශ්‍ර: ම.නි: (3): 3.4.7 සළායතන විභඬග සූත්‍රය, පි. 474, EMN:35: 137- Saḷāyatana vibhanga Sutta - The Exposition of the Six fold Base, p. 974 .

▼සළායතන පිලිබඳ මනා අවබෝධය පිණිස සම්මා දිට්ඨිය ඇති කර ගත යුතුවේ: මූලාශ්‍ර: ම.නි: (1): 1.1.9 සම්මා දිට්ඨි සූත්‍රය, පි. 130, EMN: 9: Sammādiṭṭhi Sutta- Right View, p. 121.

▼ සළායතන අවබෝධය මගින් ආරියබව ලබාගත හැකිවේ.: ඇස ආදිවූ සළායතන 6 ම අනිත්‍යයයි දකිනා පුද්ගලයා ‘සද්ධානුසාරි’ ය, ආර්ය මාර්ගයට පිවිස ඇත, සත්පුරුෂ භූමියට බැස ඇත, පෘතග්ජන බව ඉක්මවා ඇත, සෝතාපන්නය, දුගතිය නිමාකර ඇත යි බුදුන් වහන්සේ වදාළහ.ඒබව, විදසුන් නුවණින්, ජානසමාපත්ති ලබා අවබෝධ කරගන්නේ ‘ධම්මානුසාරි’ ය.ඔවුන් සම්බෝධිය පිහිට කරගෙන ඇත. මූලාශ්‍රය:සංයු.නි: (3): ඛන්ධවග්ග: ඔක්කන්තිසංයුත්තය: චක්ඛුවග්ග සූත්‍ර, පි.470.

සව

▲ සංවර ප්‍රධාන වීරිය - Striving by restraint: සතර ප්‍රධානවිරියන් ගෙන් එකකි,අකුසල ඇතිනොවීමට විරිය කිරීමය.බලන්න:පධාන සතර

▲ සංවිභාග- Sharing: සංවිභාග යනු තමන් සතු දෙයක් කැමැත්තෙන් අන්‍යන් හා බෙදාගැනීමය. බුදුන් වහන්සේ වදාළේ ආමිෂ සංවිභාගයට (material things) වඩා ධම්ම සංවිභාගය අග්‍රබවය. බලන්න: අග්‍රදේ. මූලාශ්‍ර:ඛු.නි: ඉතිවුත්තකපාලිය: 3.5.9 දාන සූත්‍රය, පි. 480, The Itivuttaka: 98 The Gift sutta, p. 83, Translated by Peter Masefield, PTS, 2001.

▲සාවද්‍ය ධර්ම- the blameworthy Dhamma: සාවද්‍ය ධර්ම ( වැරදි ධම්ම) ලෙසින් පෙන්වා ඇත්තේ වැරදිමග ගැනීමය. සම්මා දිට්ඨිය නැතිවිට සාවද්‍ය ධර්මය ඇතිවේ. බලන්න: අනවද්‍ය ධර්ම හා සාවද්‍ය ධර්ම.

▲ ස්වර්ගය-Heaven: ස්වර්ගය යලි උපත ඇතිවෙන සුගතියකි, ලබාගැනීමට දුර්ලභ ධර්මයකි. මෙලොවදී වැරදි මග ගැනීම, ස්වර්ගය ලබාගැනීමට බාධාවකි. බලන්න: ඉෂ්ඨධම්ම: මූලාශ්‍රය: අංගු.නි: (6) 10 නිපාත:10.2.8.3 ඉෂ්ඨධම්ම සූත්‍රය, පි.270,EAN:10: 73.3 Wished for, p.522.

▲ සෙවිතබ්බ පුද්ගලයෝ-Sevithabba puggala: සෙවිතබ්බ ලෙසින් පෙන්වා ඇත්තේ ආශ්‍රයය-භජනයය. ධර්ම මාර්ගයේ ගමන් කරනවිට ආශ්‍රය කලයුතුවන්නේ සම්මා දිට්ඨිය පෙරටුකරගත් නිවැරදි මග ගත් පුද්ගලයන්ය. වැරදිමග ගත් පුද්ගලයෝ ආශ්‍රය නො කලයුතුය. මූලාශ්‍රය: අංගු.නි: (6): 10 නිපාත:පුග්ගල වග්ග: 10.4.1.1.සෙවිතබ්බ සූත්‍රය, පි. 480.

▼සේවනය කලයුතු පුද්ගලයන් 2ක් මෙහි පෙන්වා ඇත: 1) ශිල සමාධි ප්‍රඥා සම්පන්න පුද්ගලයා. 2) තමන්ට වඩා වැඩිදියුණු කරගත්, ශිල සමාධි ප්‍රඥා සම්පන්න පුද්ගලයා. මොහු ගරුකර සේවනය කලයුතුවේ. එම පුද්ගලයන් දෙදෙනා භජනය කිරීම් නිසා කෙනෙක්ගේ ධර්ම මාර්ගය දියුණුවේ. බලන්න: නසෙවීතබ්බධම්ම. මූලාශ්‍රය: අංගු.නි: (1) 3 නිපාත: 3.1.3.6 සූත්‍රය, පි.270.

▲සෙවියයුතු ධර්මය හා නොසෙවියයුතු ධර්මය: පාලි: ආසෙවිතබබ-නසෙවිතබබ- the Dhamma to be pursued and the Dhamma not to be pursued: ආධ්‍යාත්මික ජීවිතයේදී සෙවියයුතු ධර්මය සම්මා දිට්ඨිය සහිත නිවැරදි මග බව බුදුන්වහන්සේ පෙන්වා ඇත. නොසෙවියයුතු ධර්මය නම් වැරදි මගය. මූලාශ්‍ර: අංගු.නි (6): 10 නිපාතය:අරියවග්ග: 10.3.5.6 ආසෙවීතබ්බ සූත්‍රය, පි. 476, EAN:10: Noble , p. 548.

▲ සේවනය කලයුතු පුද්ගලයෝ-People to be associated with: ධර්ම මාර්ගයේ ගමන් කරනවිට සම්මා දිට්ඨිය ඇති නිවැරදි මග ගන්නා පුද්ගලයන් පමණක් ඇසුරු කළයුතුය, වැරදිමග ගන්නා පුද්ගලයන් නො ඇසුරු කිරීම යහපත්වේ: 1) ආශ්‍රය පිණිස-සේවනය කිරීමට හා නොකිරීමට (සෙවීතබ‍්බො- න සෙවීතබ‍්බො) 2) එක්ව වාසය කිරීමට හා නොකිරීමට (භජිතබ‍්බො- න භජිතබ‍්බො) 3) උවැටන් කිරීමට හා නොකිරීමට (පයිරුපාසිතබ‍්බො- න පයිරුපාසිතබ‍්බො) 4) පුජා කිරීමට (පුද සැලකිලි) හා නොකිරීමට (පුජ‍්ජො හොති- න පුජ‍්ජො හොති) 5) ප්‍රසංසා කිරීමට හා නොකිරීමට (පාසංසො හොති- න පාසංසො හොති) 6) ගෞරව කිරීමට හා නොකිරීමට (සගාරවො හොති- අගාරවො හොති) 7) වැදගත් ලෙසින් සැලකීමට හා එසේ නොකිරීමට (සප‍්පතිස‍්සො හොති- අප‍්පතිස‍්සො හොති). සටහන: නිවැරදි මග ගන්නා පුද්ගලයෝ සාර්ථකබව ලබයි, පාරිසුද්ධිය ලබයි, මානයෙන් මිදේ, ප්‍රඥාව වර්ධනය කරගනී, බොහෝ කුසල රැස්කරගනී. වැරදි මග ගත්විට එම කරුණු ඇතිනොවේ යයි මේ සූත්‍රයේ පෙන්වා ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6 ): 10 නිපාත: පුග්ගලවග්ග: සූත්‍ර, පි.480, EAN: 10: I Persons: p. 549.

▲ සුවය හා සොම්නස- happiness and joy: සුවය හා සොම්නස යනු මානසික සතුටින් වාසය කිරීමය.මේ ජීවිතයේදීම ලබා ගත හැකි සුවය හා සොම්නස ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ ආසව ක්‍ෂය කර, නිවන ලබාගැනීමය. ඒ සඳහා ධර්මතා 6ක් පරිපුර්ණ කරගත යුතුවේ: 1) ධර්මයෙහි ඇලීම- ධර්මාරාම 2) භාවනාවේ ඇලීම-භාවනාරාම 3) කෙළෙස් ප්‍රහීණය කිරීමට ඇල්ම ඇතිබව- ප්‍රහාණාරාම 4) කාය චිත්ත උපධි විවේකයට ඇල්ම ඇතිබව- ප්‍රවීවෙකාරාම 5) අව්‍යාපාදයට ඇල්ම ඇතිබව- අව්‍යාපාදාරාම 6) ප්‍රපංච නොකිරීමට ඇල්ම ඇතිබව- නිවනට ඇති ඇල්ම- නිප්පපඤචාරාම. මූලාශ්‍ර: අංගු.නි: (4 ): 6 නිපාත: 6.2.3.4. සුඛසෝමනස්ස සූත්‍රය, පි. 253, EAN:6: 78.4 Happiness, p. 360.

▲සුවදෙන ධර්ම හා දුකදෙන ධර්ම: පාලි: සුඛුද්‍රයා ධම‍්මා, දුකඛුද්‍රයා ධම‍්මා - the Dhamma with happiness as its outcome and the Dhamma with suffering as its outcome: සුවදෙන ධර්ම නම් යහපත්වූ ජිවිතයක් ගතකිරීමට සහායවන ධර්මයන්ය. දුකදෙන ධර්ම නිසා ජීවිතය අයහපත්වේ, දුගතියට හේතුවේ. කෙනෙකුට සුවය සැපය උදාකරණ ධර්ම ලෙසින් බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ නිවැරදි මග ගැනීමය. විමුක්තිය ලබාදෙන ප්‍රතිපදාව නිසා සසර ගමන නැවතී සුවය ලැබේ. වැරදි මග ගැනීම, දුකදෙන ධර්මයවේ. එමගින් සසර ගමන දික්වී අප්‍රමාණ දුක් ඇති කරයි. මූලාශ්‍ර: අංගු.නි: ( 6 ):10 නිපාත: සාධු වග්ග, 10.3.4.10 දුක්ඛුද්‍රය සූත්‍රය, පි.472, EAN: 10: Good: p.548. සුවදෙන ධර්ම: 1) අක්‍රෝධය 2) එදිරි නැතිබව 3) අනුන්ට අවමන් නොකිරීම 4) අහංකාරනොවීම, 5) ඉරිසියා නොවීම 6) නොමසුරුකම 7) අමායාව 8) කපටිනැතිබව 9) හිරිය 10) ඔත්තප්පය. (non-anger, non-hostility, non-denigration, non-insolence, non-envy, non-miserliness, non-deceitfulness, non- craftiness, moral shame, moral dread) දුකදෙන ධර්ම: 1) ක්‍රෝධය 2) එදිරිය 3) අනුන්ට අවමන් කිරීම 4) අහංකාරය, 5) ඉරිසියාව 6) මසුරුකම 7) මායාව 8) කපටිබව 9) හිරි නැතිබව 10) ඔත්තප්ප නැතිබව. මූලාශ්‍ර: අංගු.නි: (1): 2 නිපාත:17: 1 අකුසල පෙය්‍යාලය සූත්‍ර, පි.230, EAN:2: XVII, Unwholesome R. , p. 74.

▲සුවිදුර විදුර-Suvidura vidura: සුවිදුර විදුර ලෙසින් පෙන්වා ඇත්තේ යම් ස්ථාන දෙකක් අතර ඇති දුර ප්‍රමාණයය. සුවිදුර විදුර ස්ථාන 4 කි: 1) අහස හා පොළොව 2) සාගරයේ එතෙර හා මෙතෙර 3) හිරු නගින ස්ථානය හා බසින (අස්තයට යන) ස්ථානය 4) සත්පුරුෂ හා අසත්පුරුෂ ධර්මය. මූලාශ්‍රය: අංගු.නි: (2): 4 නිපාත: 4.1.5.7 සුවිදුර විදුර සූත්‍රය, පි.120.

▲සුවිමුත්ත චිත්ත: පාලි: සුවිමුත‍්තචිත‍්තො- well liberated in mind: සුවිමුත්ත චිත්තෝ යනු මනාව විමුක්තවූ සිතක් තිබීමය. සියළු කෙලෙස් නැතිවී සිත පිරිසිදුබවට පත්වීමය. චේතෝ විමුක්තිය ලැබීම. බුදුන් වහන්සේ හා රහතුන් ‘සුවිමුත‍්තචිත‍්තො’ ලෙසින් හඳුන්වති. බලන්න: බුද්ධ නාම.ආරිය වාසස්ථාන,

▼ආරියෝ, සියලු කෙළෙස් හැර, පිරිසිදු සිතින් විමුක්තිය ලබා ඇතය යි බුදුන් වහන්සේ පෙන්වා ඇත:

“කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු සුවිමුත‍්තචිත‍්තො හොති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛුනො රගා චිත‍්තං... දෝසා චිත‍්තං...මොහා චිත‍්තං විමුත‍්තං හොති, එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු සුවිමුත‍්තචිත‍්තො හොති”. (Here, a bhikkhu’s mind is liberated from lust, hatred, and delusion. It is in this way that a bhikkhu is well liberated in mind). මූලාශ්‍ර: අංගු.නි: (6 ):10 නිපාත: 10.1.2.9 පඨමාරියවාස සූත්‍රය, 10.1.2.10 හා දෙවෙනි අරියවාස සූත්‍රය, පි.82-84, EAN:10:19.9 & 20.10 Abodes of the Noble Ones, p. 498-499.

▲ සුවිමුත්තප්‍රඥා:පාලි: සුවිමුත‍්තපඤ‍්ඤා- well liberated by wisdom ධර්මයේ සුවිමුත්තප්‍රඥා ලෙසින් පෙන්වා ඇත්තේ, රාගය දෝසය හා මෝහය සහමුලින්ම සිඳ දැමීමය. මේ පිලිබඳ උපමාව: තල් ගසක මුල නැවත ඇති නොවෙන ලෙසින් සිඳදමන ලෙසින් සියලු ප්‍රහීණය කර ගැනීමය. අරහත්වයට පත්වීමය. සටහන: සුවිමුත‍්තපඤ‍්ඤා යනු බුදුන් වහන්සේ හා රහතුන් හඳුන්වන පදයකි. ආරියෝ සුවිමුත්තප්‍රඥා ඇත්තෝය, ආරියවාසස්ථාන ලබා සිටි යයි බුදුන් වහන්සේ වදාළහ:

“කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු සුවිමුත‍්තපඤෙඤා හොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු රාගො... දොසො... මොහො මෙ පහීනො උච‍්ඡින‍්නමූලො තාලා වත්‍ථුකතො අනභාවකතො.ආයතිං අනුප‍්පාද ධම‍්මොති පජානති. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු සුවිමුත‍්තපඤෙඤා හොති” (Here, a bhikkhu understands: ‘I have abandoned lust, cut it off at the root, made it like a palm stump, obliterated it so that it is no more subject to future arising; I have abandoned hatred … abandoned delusion, cut it off at the root, made it like a palm stump, obliterated it so that it is no more subject to future arising.’ It is in this way that a bhikkhu is well liberated by wisdom). මූලාශ්‍ර: අංගු.නි: (6 ):10 නිපාත: 10.1.2.9 පඨමාරියවාස සූත්‍රය, 10.1.2.10 හා දෙවෙනි අරියවාස සූත්‍රය, පි.82-84, EAN:10:19.9 & 20.10 Abodes of the Noble Ones, p. 498-499.

▲ සුව නින්ද: පාලි: සුඛං සෙති - sleeps well: ධර්මයට අනුව සුව නින්ද යනු, සියලු කෙළෙස් හැර දැමු ආරිය උතුමන් සැතපෙන අන්දමය.ලෝභ, දෝස හා මෝහ අකුසල සහමුලින්ම පහකර ඇතිනිසා තථාගතයන්, ලෝකයේ සුවනින්ද ලබන අය අතුරින් එක් උතුමෙකි. කිසියම් ගිහියෙකුට නිදාගැනීම පිණිස සියලු සැපතැනක් තිබුනත්, ලෝභ, දෝස හෝ මෝහය නිසා යම් කායික, මානසික වේදනා ඇතිවුවහොත් ඔහු සුවසේ නිදා නොගනී. එහෙත්, සියලු කෙළෙස් පහකළ ආරිය උතුමෝ සුවසේ නිදාගනි යයි බුදුන් වහන්සේ වදාළහ:

“සබ‍්බදා වෙ සුඛං සෙති බ්‍රාහ‍්මණො පරිනිබ‍්බුතො, යො න ලීම‍්පති කාමෙසු සීතිභුතො නිරූපධි. සබ‍්බා ආසත‍්තියො ඡෙත්‍වා විනෙය්‍ය හදයෙ දරං, උපසන‍්තො සුඛං සෙති සන‍්තිං පප‍්පුය්‍ය චෙතසො’ති” ‘කෙළෙස් නිවා, පිරිනිවන්ලැබූ (නිවන ලැබූ) රහතුන්, සියලු උපධි හැර දමා නිවීඇත, කාමඅසාවලින් ඔවුන් කිලිටිවී නොමැත. සියලු බැඳීම් (සසරට ඇති) කඩාදමා, හදවත පෙළෙන සන්තාප දුරුකර, සිත ශාන්තියට පත් කරගත් ඒ උතුමෝ, සුවෙසේ සතැපේ’. (the brahmin who has attained nibbāna, cooled off, without acquisitions, not tainted by sensual pleasures. Having cut off all attachments, having removed anguish in the heart, the peaceful one sleeps well, having attained peace of mind) සටහන්: * බ්‍රාහ‍්මණො: ලෙසින් පෙන්වා ඇත්තේ රහතුන්ය. ** මේ සූත්‍රය දේශනා කර ඇත්තේ හත්තක ආලවක කුමරාටය. බලන්න: උපග්‍රන්ථය:3. මූලාශ්‍ර: අංගු.නි: (1): 3 නිපාත: දේවදුතවග්ග: 3.1.4.5 සූත්‍රය, පි. 290, EAN:3: Divine Messengers: 35.5 Hatthaka, p.91.

▲ සීවලී තෙර- Sivali Thera: බලන්න: උපග්‍රන්ථය:1

▲සිව් උපකාර : පාලි: චතුරාපස‍්සොනො- four supports: ධර්මයේ සිව් උපකාර ලෙසින් පෙන්වා ඇත්තේ ආධ්‍යාත්මික ජීවිතය මැනවින් පවත්වාගෙන යෑම පිණිස භික්ෂුවකට උපකාරීවන කරුණු 4 ක්ය: 1) එක් දෙයක් නුවණින් සලකා සේවනය කරයි- සිව්පසය. 2) එක් දෙයක් නුවණින් සලකා ඉවසා සිටි- කායික හා මානසික වේදනා 3) එක් දෙයක් නුවණින් සලකා මගහරි- නුසුදුසු ස්ථාන- චන්ඩ සතුන් සර්පයන්, පාප මිත්‍රයන් ආදී 4) එක් දෙයක් නුවණින් සලකා අත හරි- සිතට එන ලාමක අකුසල් ආදිය. (having reflected, a bhikkhu uses some things, patiently endures other things, avoids still other things, and dispels still other things. It is in this way that a bhikkhu has four supports). විස්තර පිණිස බලන්න: ආස්‍රව හා ආස්‍රව ක්‍ෂය කිරීම.

▼ආරිය වාසස්ථාන ලබාගැනීමට සුදුසු ආරියෝ, සිව් උපකාර ඇතිව සිටින බව බුදුන් වහන්සේ පෙන්ව ඇත. ඔවුන් එක් දෙයක් සේවනය කරයි, එක් දෙයක් ඉවසයි, එක් දෙයක් මගහරි, එක් දෙයක් දුරලයි.

“කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු චතුරාපස‍්සොනො හොති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සඬඛායෙකං පටිසෙවති ... අධිවාසෙති... පරිවජ‍්ජෙති...විනොදෙති. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු චතුරාපස‍්සොනො හොති”: සටහන: දීඝ.නි: 34. සංගිති සූත්‍රයේ සිව් උපකාර ගැන සඳහන් කර ඇත. මූලාශ්‍ර: අංගු.නි: (6 ):10 නිපාත: 10.1.2.9 පඨමාරියවාස සූත්‍රය, 10.1.2.10 හා දෙවෙනි අරියවාස සූත්‍රය, පි.82-84, EAN:10:19.9 & 20.10 Abodes of the Noble Ones, p. 498-499.

▲ සිව් ඉරියව්ව-Four ways: සිව් ඉරියව් -ඉරියාපථ ලෙසින් මෙහි පෙන්වා ඇත්තේ ඇවිදීම (සක්මන), සිටගෙන සිටීම, වාඩිවීසිටීම, ඇලවීමය. මේ ඉරියව් සතර භාවනා පුහුණුවට යොදාගත හැකිය. සිව් ආකාරයෙන් භාවනා කරනවිට කෙනෙකුට කාම, ව්‍යාපාද හා වීහිංසා විතක්ක ඇතිවේ නම් ඒවා පහ කිරීමට විරිය කළයුතු වේ. එසේ කිරිම්ට වීරිය නැති පිරිස ‘හීන වීරිය’ ඇති අයය. එහෙත්, ඒවා පහකර ගැනීමට වීරිය කරණ අය ‘සමථ හා විදර්ශනා’ ලබාගැනීමට සිත මෙහෙයවූ අයවේ. ඔවුන් අරහත්වය ලැබීමට හැකියාව ඇති උතුමන්ය. සටහන: මෙය සතර සති පට්ඨානයේ කායානුපස්සනාවට අයත්වේ. මූලාශ්‍රය: අංගු.නි: (2) 4 නිපාත: චරවග්ග: 4.1.2.1 චරන්ත සූත්‍රය.

▲ සිව් ඕඝ: පාලි: චත‍්තාරො ඔඝා- four floods: සිව් ඕඝ -සතර ඕඝ: කාමඔඝය, භවඔඝය, දිට්ඨීඔඝය හා අවිජ්ජාඔඝය. මේවා සසර පවත්වන කරුණුය. ආධ්‍යාත්මික වර්ධනය පිණිස ප්‍රහාණය කලයුතු ධර්මතාය. බලන්න: ඕඝ, පහාතබ්බ ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි :(3): 11 දසුත්තර සූත්‍රය,පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▲ සිව් ජාන: පාලි: චතු ඣානං-four jhānas-4 absorptions: ජාන, ධ්‍යාන ලෙසින්ද දක්වා ඇත. සිව් ජාන ලෙසින් පෙන්වා ඇත්තේ, සිත එක් අරමුණකට පත්කරගෙන ක්‍රම ක්‍රමයෙන්, පළමු ජානයේ සිට සතරවෙනි ජාන අවස්ථාව දක්වා සිත සමථයට ( සමථ භාවනාව මගින්) පත්කර ගැනීමය. සම්මා සමාධිය යනු සතර ජාන සමාපත්ති ඇතිකර ගැනීමය. බලන්න: ජාන. බෝධිසත්වයන් ලෙසින් තමන් වහන්සේ අනුක්‍රමයෙ න් සිව් ජාන සමාපත්ති ලබාගැනීම පිළිබඳව, බුදුන් වහන්සේ වදාළ විස්තරය මෙහි දක්වා ඇත. බලන්න: අංගු.නි: (5) 9 නිපාත: 9.1.4.10 තපුස්ස ගහපති සූත්‍රය, පි.534. ශබ්දකෝෂ: පා.සිං.ශ: පි.299: “ඣාන: ධ්‍යානය, චින්තාව, ධ්‍යානවැඩිම... ඣා: ධ්‍යානකරයි... ඣාතික: ධ්‍යානවඩන්නා...” B.D: p. 137: “jhāna: absorption (meditation)…” P.T.S: p. 660: ‘…It is the technical term for a special religious experience, reached in a certain order of mental state… (from jhāyati)…from meditation on objects & from burning up anything adverse”

▼සම්මා සමාධිය, සිව්ජාන ජාන සමාපත්ති ලැබීමය. ප්‍රථම ජානය: මේ සසුනේ මහණ කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකය නිසා උපන් ප්‍රීතිය හා සැප ඇති පළමු ජාන සමාපත්තිය ලබාගනී.

“ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමංඣානං උපසම‍්පජ‍්ජ විහරති” (Here, bhikkhus, secluded from sensual pleasures, secluded from unwholesome states, a bhikkhu enters and dwells in the first jhāna, which is accompanied by thought and examination, with rapture and happiness born of seclusion.)

දෙවන ජානය: විතර්ක හා විචාර සංසිඳීමෙන් අභ්‍යන්තරයේ ඇතිවූ විශ්වාසය ඇතිව, සිතේ එකඟබව ඇතිව, විතර්ක හා විචාර රහිතවූ සමාධිය නිසා ඇතිවූ ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනි ජාන සමාපත්තිය ලබාගනී. “... විතක‍්කවිචාරනං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියංඣානං උපසම‍්පජ‍්ජ විහරති” (With the subsiding of thought and examination, he enters and dwells in the second jhāna, which has internal confidence and unification of mind, is without thought and examination, and has rapture and happiness born of concentration)

තෙවන ජානය: ප්‍රීතිය පහවීමෙන් ඔහු උපේක්ෂාව සහිතව, සතිය හා සම්ප්‍රජන්‍යය ඇතිව, කායික සුවය විඳී. ‘උපේක්ෂාව ඇති, සිහිය හා සම්ප්‍රජන්‍යය ඇති, සුව විහරණය ඇත්තේ ය යි’ ආරියෝ පවසන තෙවෙනි ජානය ඔහු ලබාගනී. “...පීතියා ච විරාගා උපෙඛකො ච විහරති, සතොච සම‍්පජානො සුඛඤ‍්ච කායෙනපටිසංවෙදෙති. යන‍්තං අරියා ආචික‍්ඛන‍්ති උපෙඛකො සතිමා සුඛවිහාරීති තං තතියංඣානං උපසම‍්පජ‍්ජ විහරති” (With the fading away as well of rapture, he dwells equanimous and, mindful and clearly comprehending, he experiences happiness with the body; he enters and dwells in the third jhāna of which the noble ones declare: ‘He is equanimous, mindful, one who dwells happily.’

සතරවන ජානය: සුවය හා දුක පහකර, පෙරදී සොම්නස හා දොම්නස පහව යාමෙන් ඇතිවූ දුකත්නැති, සැපත් නැති උපේක්ෂාවෙන් හටගත් පිරිසිදු සති සම්ප්‍රජන්‍යයෙන් යුත් සතරවෙනි ජානය ඔහු ලබාගනී. “...සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්ස දොමනස‍්සානං අත්‍ථගමා අදුක‍්ඛං අසුඛං උපෙඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං දඣානං උපසම‍්පජ‍්ජ විහරති” (With the abandoning of pleasure and pain, and with the previous passing away of joy and displeasure, he enters and dwells in the fourth jhāna, which is neither painful nor pleasant and includes the purification of mindfulness by equanimity) සටහන: සිව් ජාන සමාපත්ති පිලිබඳ විස්තර පිණිස බලන්න: සංයු.නි: ( 2 ): නිදානවග්ග: කස්සපසංයුත්ත: 4.1.9 ජාන අභිඥා සූත්‍රය, පි. 342, ESN: Nidanavagga: Kassapasamyutta: 9 Jhānas and Direct Knowledges, p. 817. මූලාශ්‍ර: සංයු.නි: (5-1):මහාවග්ග: මග්ගසංයුත්ත: 1.1.8 විභංග සූත්‍රය, පි 42, ESN: Maggasamyutta: 8.8 Analysis, p 1611.

▼සිව් ජාන, රූප ජාන සමාපත්තින්ය. මේවා සාක්ෂාත් කරගැනීමෙන් අරහත්මග ඵල සක්ෂාත්වේ. මූලාශ්‍ර:ම.නි: (2) අට්ඨකනාගර සූත්‍රය හා අංගු.නි: (6): 11 නිපාත: අට්ඨකනාගර සූත්‍රය.

▼ප්‍රථම ජාන සම්පත්තිය ලබාගැනීම පිණිස ක්‍රමවේදය: 1) පංච නීවරණ ප්‍රහීණය කර, සම්මාප්‍රඥාවෙන් කාමයන්ගේ ආදීනව පිලිබඳ යථාභූත දැකිම 2) කාම,ව්‍යාපාද, වීහිංසා විතක්ක, කාම, ව්‍යාපාද, වීහිංසා සංඥා ප්‍රහීණය කිරීම. මූලාශ්‍ර: අංගු.නි: (4 ): 6 නිපාත: 6.2.2.9 ප්‍රථමජාන හා දුතියජාන සූත්‍ර, පි.248, EAN:6: Anagami: 73.9 & 74.10 First jhāna, p.359.

▼ සතරවෙනි ජානය සාක්ෂාත් කරගැනීම, අරිය වාසස්ථානයක් ඇතිව සිටීම බව බුදුන් වහන්සේ පෙන්වා ඇත. ඒ ආරිය පුද්ගලයා කාය ක්‍රියා සංසුන් කරගෙන සිටී.(පසසදධකායසංඛාර) එනම්,සුඛ දුඛ වේදනා පහකර, පෙරදී අත්හළ සොම්නස හා දොම්නස ඇතිව, සැප හෝ දුක නැති උපෙක්කාවෙන පිරිසුදුවූ සිත ඇති සිව්වෙනි ජානයට සමවැදී සිටිති. බලන්න: අරියවාස. මූලාශ්‍ර:අංගු.නි:(6 ):10 නිපාත: නාථ වග්ග, 10.1.2.9 පඨමාරියවාස සූත්‍රය, 10.1.2.10 දෙවෙනි අරියවාස සූත්‍රය පි.82-84, EAN:10: II Protector, 19.9 & 20.10 Abodes of the Noble Ones 1 & 2 , p. 498-499.

▼පලමු, දෙවෙනි හා තෙවෙනි ජාන ආධ්‍යාත්මික දියුණුව පිණිස වර්ධනය කරගතයුතු ධර්මතාය. මේවා තුන්සමාධි ලෙසින්ද පෙන්වා ඇත. බලන්න: භාවේතබ්බ ධර්ම. මූලාශ්‍ර:දීඝ.නි: (3):11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼තමන් කැමති පරිදි සිව්ජාන ලබාගැනීමේ හැකියාව, සේඛ ප්‍රතිපදාව අනුගමනය කරණ අරිය ශ්‍රාවක සතු ගුණයකි.බලන්න: සේඛ හා අසේඛ. සටහන: මේ සූත්‍රයේදී ද සිව්ජාන ලබාගැනීම පිලිබඳ විස්තරාත්මකව දක්වා ඇත. මූලාශ්‍ර:ම.නි: (2 ): 2.1.3 :සෙඛ සූත්‍රය, පි. 44, MN 53: Sekha Sutta, p. 436.

▼ සිව්ජාන නිවන් මගය- අසංඛත මගය. මූලාශ්‍ර: සංයු.නි: (4): සළායතනවග්ග: අසංඛත සංයුත්ත: 9.1.3 සවිතක්කසවිචාර සූත්‍රය, පි. 659, ESN: 43: Asankatasamyutta: p. 1493.

▲ සිව්දහම: පාලි: චතු ධම‍්මො-four Dhammas: සූත්‍රදේශනාවල සිව්දහම -සතර ධර්ම ආකර 2 කින් පෙන්වා ඇත: 1) සෝතාපන්න බව ලැබීම පිණිස වැඩිය යුතු ධර්මතා 4: සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවනය, යෝනිසෝමනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තියය. 2) සෝතාපන්න ආරිය ශ්‍රාවකයා සතු ධර්මතා 4 : 1-3 ත්‍රිවිධ රත්නය කෙරහි අචල විශ්වාසය තිබීම. 4 පරිපුර්ණ ආරිය කාන්ත ශිලය තිබීම. බලන්න: සෝතාපන්න අංග. සටහන: සංයු.නි: (5-2): මහාවග්ග: සෝතාපත්තිසංයුත්තයේ සූත්‍ර යන්හි මේ කරුණු විස්තර කර ඇත.

▲ සිව් පුජනිය ස්ථාන- Four holy places: සිව් පුජනිය ස්ථාන ලෙසින් පෙන්වා ඇත්තේ බොදුසැදෑතියන් වැඳ පුදා ගතයුතු ස්ථානයන්ය. බලන්න: ශ්‍රද්ධාවෙන් දැකිය යුතු සිව් ස්ථාන.

▲ සිව්පිළිසිඹියා- Four analytical knowledge: සිව්පිළිසිඹියා ලෙසින් පෙන්වා ඇත්තේ අරහත් මහඵල සාක්ෂාත් වීමේදී ඇතිවෙන සිව් නුවණය. පටිසම්භිදා ඥාන-ප්‍රතිසංවිද්ධඥාන- චතුපටිසම්භිදා ලෙසින්ද දක්වයි: අර්ථ, ධම්ම, නිරුත්ති, ප්‍රතිභාන සිව්පිළිසිඹියා වේ. (analytical knowledge of meaning, analytical knowledge of Dhamma, analytical knowledge of language, analytical knowledge of discernment).බලන්න: පටිසම්භිදා.

▼පටිසම්භිදා ඥානප්‍රභේදයය: 1) අත්‍ථෙඤාණං- අත්‍ථ පටිසම්භිදා - අර්ථය ප්‍රකට කිරීම, නිශ්චය කිරීමේ නුවණ 2) ධම‍්මෙ ඤාණං-ධම්ම පටිසම්භිදා- ධර්මය ප්‍රකට කිරීම, නිශ්චය කිරීමේ නුවණ3) තත්‍රධම‍්මනිරුත‍්තා භිලාපෙ ඤාණං- නිරුත්ති පටිසම්භිදා - නිරුත්ති ප්‍රකට කිරීම, නිශ්චය කිරීමේ නුවණ 4) ඤාණෙසු ඤාණං පටිභාන පටිසම්භිදා- ප්‍රතිභානය ප්‍රකට කිරීම, නිශ්චය කිරීමේ නුවණ. මූලාශ්‍රය: ඛු.නි:පටිසම්භිදා 1: සංඥාපනය: පි.50, ඤාණකථා: 25-28 ප්‍රතිසංවිද්ධඥාන, පි.190.

▼ සැරියුත් තෙරුන් මෙසේ වදාළහ: “...සිව් පිළිසිඹියා පිලිබඳ කරුණු ගැන ප්‍රශ්න ඇත්නම් මා විමසන්න...යම් ශාස්තෘවරක් අපගේ දහම් පිලිබඳ අතිශය සමර්ථ වී ද, ඒ ශාස්තෘවරයා (බුදුන් වහන්සේ) අප හමුවේ වැඩසිටි. ( anyone who is perplexed or uncertain [approach] me with a question; I [will satisfy him] with my answer. Our teacher, who is highly skilled in our teachings, is present). මූලාශ්‍ර: අංගු:නි: (2): 4 නිපාත: 4.4.3.2 සාරිපුත්‍ර-පටිසම්භිදා සූත්‍රය, පි.332, EAN:4: 172.2 Analysis, p. 204.

▼ තථාගතයන් ගේ පහළවීම නිසා සිව් පිළිසිඹියාවන්ගේ සාක්ෂාත් වීම සිදුවේ.(realization of the four analytical knowledges). බලන්න: තථාගතයන් වහන්සේ.

▼ මහා කොට්ඨිත තෙරුන් සිව් පිළිසිඹියා ලද භික්ෂුන් අතරින් අග්‍රය. බලන්න: අග්‍රතම ශ්‍රාවකයන්.

▼ සිව් පිළිසිඹියා යහපත් ලෙසින් වර්ධනය කරගැනීමෙන් අකුප්පබව (නොකිපෙන)- අරහත්වය ලැබේ. බලන්න: අක්කුප්ප.

▲ සිව්පසය -The four requisites: සිව්පසය යනු සංඝයාට කැප මුලික දේ, එනම්: චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පසය.

▼බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“...පැවිද්ද සිඟාලත් බත්පිඬු නිසාය, ඔබ විසින් දිවිතෙක් ඒ පිණ්ඩපාත භෝජනයෙහි උත්සාහ කට යුතුය... සංඝයා පිණිස දෙන බත, ආරාධනා කොට දෙන බත... මෙය අතිරේක ලාභයය. පැවිද්ද පංසුකූල සිවුරනිසාය, ඔබ විසින් දිවිතෙක් ඒ පංසුකූල චිවරයෙහි උත්සාහ කට යුතුය... කොමු, කපු, කම්බිලි... ආදිය මෙය අතිරේක ලාභයය . පැවිද්ද රුක්මුල් සෙනසුන නිසාය, ඔබ විසින් දිවිතෙක් ඒ රුක්මුල් සෙනසුනයෙහි උත්සාහ කට යුතුය...වෙහෙර, වහල ඇති ගෙය...ගුහා මෙය අතිරේක ලාභයය. පැවිද්ද ගොමමුත්‍ර බෙහෙත් නිසාය. ඔබ විසින් දිවිතෙක් ඒ බෙහෙත්හි උත්සාහ කට යුතුය, ගිතෙල්, වෙඬරු, තෙල්, මි, උක්සකුරු... අතිරේක ලාභයය”. මූලාශ්‍රය: වි.පි: මහාවග්ග පාලි 1: සතරනිස: පි. 316.

▼ ස්වල්පවූද සුලභවූද, නිදොස්වූද සිව් ප්‍රත්‍යයෙන් (චතුරනවජ්ජ) සතුටුවීම, මහණකම පිලිබඳ එක් යහපත් අංගයක් ය: 1) පංසුකූලචිවරය 2) පිඬු සිඟා ලබන භෝජනය 3) රුක්මුල් සේනාසනය 4) පුතිමුත්‍ර නම් බෙහෙත (ගොමමුත්‍ර බෙහෙත). මූලාශ්‍ර: ඛු.නි: ඉතිවුත්තක: 4.1.2 චතුරනවද්‍ය සූත්‍රය, පි. 488.

▲ සිව්පිරිස: පාලි: චතුන‍්නඤ‍්ච පරිසා-four assemblies: ධර්මයට අනුව සිව් පිරිස යනු බුදුන් වහන්සේ අනුගමනය කරන පිරිසය. එනම්, භික්ෂු භික්ෂුණි සංඝ හා ගිහි උපාසක හා උපසිකවන්ය. බලන්න: අග්‍රතම සිව් පිරිස. සටහන්: * four assemblies are bhikkhus, bhikkhunīs, male lay followers, and female lay followers බලන්න: ESN: Note: 1654, p. 2408 ** අගසව් දෙනමගේ ගුණ වැනු බුදුන් වහන්සේ වදාළේ:

“...සිව් පිරිසටම ඔවුන් ප්‍රියවූවෝය, සිව් පිරිසම ඔවුන්ට ගරුබුහුමන් දැක්වුහ...”. මූලාශ්‍ර: සංයු.නි: (5-1): සතිපට්ඨානසංයුත්ත:2.4. උක්කචේල සූත්‍රය,පි. 322, ESN:47: Satipattāna samyutta: 14.4 Ukacelāsutta, p. 1873.

▲ සිව්මග සිව්ඵල: පාලි: චතුමග‍්ගං, චතුඵලං- Four paths & four fruits සිව්මග හා සිව්ඵල (සතර මග හා සතර ඵල) බුදුදහමට පමණක් විශේෂවූ ධර්මතාවයකි. බුදුන් වහන්සේ පෙන්වා දුන් ආරිය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයා හට ධර්ම අවබෝධය මගින් ඇති වන නුවණින් හා බලය නිසා, සසරට බැඳි තබන කෙළෙස් ක්‍රමයෙන් තුනීකර ගත හැකි බවය. එසේ අනුක්‍රමයෙන් මාර්ගය වැඩියාම නිසා: ශිලය සමාධිය හා ප්‍රඥාව දියුණුවීම මගින් සතර මග හා සතර ඵල ලබාගැනීමට ඔහු සමත්වේ. සතර මග හා ඵල: සෝතාපන්න, සකදාගාමී, අනාගාමී, අරහත්. මාර්ගයේ ඒ ඒ කොටස සම්පුර්ණ කරගැනීම ඵලය වේ. සෝතාපන්න මග ගමන් කරන ශ්‍රාවකයා, සෝතාපත්ති අංග සම්පුර්ණ කර සෝතාපන්න ඵලය ලබා ගනී....එලෙස ක්‍රමයෙන් අරහත්වය ලබා උතුම් නිවන සාක්ෂාත් කර සසර දුකින් මිදේ.

සටහන: දීඝ.නි: (1): ශ්‍රමණඵල සූත්‍රයේ, ක්‍රමානුකූල පුහුණුවේ යෙදන භික්ෂුව ක්‍රමයෙන් සිව්මග ඵල ලබාගන්නා අන්දම විස්තරාත්මකව පෙන්වා ඇත.

▼ වෙනත් මූලාශ්‍ර:1.“The breakthrough to the transcendental is achieved in four stages, each of which is subdivided into two: path (magga) and fruition (phala). By attaining the first of these stages one ceases to be a mere ‘worldling’ (puthujjana) and becomes a noble person (ariya-puggala). The stages or ‘path-moments’ are designated in terms of the successive breaking of ten fetters. Standard descriptions of these stages are given at many places…” EDN: Introduction: Stages on the Path: p. 21.

▲ සිව් ශ්‍රමණ- The four ascetics: එක් සමයක, චුන්ද කර්මකාර පුත්‍ර විසින් විමසනු ලදුව, බුදුන් වහන්සේ ඔහුට සිව් ශ්‍රමණයන් ගැන මෙහිදී විස්තර වදාළහ: 1) මාර්ගජින: සියලු කෙළෙස්වලින් මිදුන, සදෙව්ලොවට නායක, බුදුවරු. 2) මාර්ගදේශි: ප්‍රඥාවෙන් නිවනේ උතුම්බව දන්නා, මාර්ග ධර්මය දේශනා කරන මුණිවරු. 3) මාර්ගජීවි: නිවන් මග හික්මුන, සිහිනුවණ ඇතිව වාසය කරන, සත්‍ය සොයන උතුමෝ. 4) මාර්ග දුෂක: බුදු පසේ බුදුවරුන්ගේ වෙස් ගෙන, මායාකරිව, ශිල සංයමය නැති හිස් වදන් ඇති, අසත්පුරුෂයෝ. මූලාශ්‍රය: ඛු.නි:සුත්තනිපාත:උරගවග්ග:1-5 චුන්ද සූත්‍රය, පි.48.

▲ සිවූරු- Robes: සිව්රු, සංඝයාට කැප සිව්පසයෙන් එක් අංගයකි. බලන්න:චීවර.

▲ සිවූරු හැරීම- Disrobe: පැවිද්ද හැර නැවත ගිහිබවට පත්වීම සිව්රු හැරීමය. මෙය ජිවිතයේ පහතට වැටීමකි. බලන්න: උපපැවිදිවීම.

▲සොවචස්සතාවය: පාලි: සොවචස‍්සතා - Gentleness: සොවචස්සතාවය යනු සුවචභාවය, මුදුබවය, කීකරුබවය. දහම් අවවාද පිළිගැනීමට කීකරුවීම ආධ්‍යාත්මික මග වඩා ගැනීමට උපකාරීවන කරුණකි. සටහන: කරණියමෙත්ත සූත්‍රයේ, සුවචබව, නිවන පිණිස ඇති අංගයක් බව පෙන්වා ඇත.

▼සුවචභාවය ඇතිවිට දුර්වචභාවය (අකිකරුබව) නැතිවේ.බලන්න: දෝවචස්සතාවය. මූලාශ්‍ර: අංගු.නි: (4 ):6 නිපාත: තික වග්ග: 6.1.9 දෝවචස්සතා සූත්‍රය, පි. 285, EAN: 6: 115.9. Difficult to correct, p. 365.

▼සුවචභාවය, ආධ්‍යාත්මික වර්ධනයට විශේෂ බවක් ගෙනදේ. බලන්න: විශේෂභාගිය ධර්ම. මූලාශ්‍ර: දීඝ.නි : (3 ): 11 දසුත්තර සූත්‍රය, පි. 483, EDN: 34: Dasuttara Sutta: Expanding Decades, p. 384.

▼ බුදුන් වහන්සේ සුවචභාවය පිළිබඳව යහපත් ලෙසින් වදාරා ඇත. ඒ ධර්මය සංඝයා එක්ව, ධර්මයේ චිරස්ථිතිය පිණිස සජ්ජායනා කිරීම සුදුසු ය යි සැරියුත් මහා තෙරුන් සංඝයාට උපදෙස් දී ඇත. මූලාශ්‍ර: දිඝ.නි: (3 ):10 සංගිති සූත්‍රය, පි. 372 , EDN: 33 Sangīti Sutta: The Chanting Together, p. 362.

▼සොවචස්සතාවය, ධර්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලයෙක් හට ආරක්ෂාව ලබාදේ, උපකාරීවේ. බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“...භික‍්ඛු සුවචො හොති සොවචස‍්සකරණෙ ධම‍්මෙහි සමන‍්නාගතො ඛමො පදක‍්ඛිණග‍්ගාහී අනුසාසනිං...”. ‘...මහණ කිකරුය, අවවාද කිරීමට පහසුය. ඉවසීම ඇතිව, ගෞරවය සහිතව අවවාද අනුශාසනා පිළිගනී’. (a bhikkhu is easy to correct and possesses qualities that make him easy to correct; he is patient and receives instruction respectfully). මූලාශ්‍ර: අංගු.නි: (6): 10 නිපාත: 2 නාථ වග්ග, 10.1.2.7 ප්‍රථම නාථකරණ සූත්‍රය පි.72, EAN:10:Tens: Protector, 17.7 Protector I, p.497.

▲සෝවාන්-Sovan: සෝවාන් යනු සෝතාපන්නවීමය. සෝවාන්පුද්ගලයා, දුගතියට නොවැටේ, නියතවූ සම්බෝධිය පිහිට කොටඇත. ඔහු සෝවාන් යයි බුදුන් වහන්සේ වදාළහ. බලන්න: සෝතාපන්න. මූලාශ්‍රය:සංයු.නි: (5-2):මහාවග්ග: සෝතාපත්ති සංයුත්තය: වේළුද්වාරවග්ග:11.1.4 සාරිපුත්ත සූත්‍රය, පි.168.

▲ සෞචෙය-(පාලි) සුචි- Pure: සෞචෙය- සෝවචෙයිය: සුචි-පිරිසිදුබවය. සුචි යනු ආසව රහිතව කාය, වචී හා මනෝ ද්වාරයන් ගේ පිරිසුදුබවය. තුන්දොරින් යහපත් ක්‍රියා පමනක් සිදුවන බවය. පව් හැර, එබඳු පිරිසිදු බව ලැබූ අය “ආර්යයෝ” යයි බුදුන් වහන්සේ වදාළහ. මූලාශ්‍ර: ඛු.නි : ඉතිවුත්තක: 3.2.7 සෞචෙය සූත්‍රය, පි. 422.

සස

▲ සංසප්පනිය ධර්ම පරියාය:පාලි: සංසප‍්පනිය ධම‍්ම පරියාය- exposition of the Dhamma on creeping: සංසප්පනිය ධර්ම පරියාය යනු දස අකුසල් කර මියගිය කෙනෙක්, තිරිසන් ලෝකයේ යලී උපතට පැමිණිවිට, බඩගාගෙන යන සත්ත්‍ව කොට්ඨාශයට වැටෙන අන්දමය. බලන්න: තිරිසන් ලෝකය. මූලාශ්‍ර: අංගු.නි: ( 6 ):10 නිපාත: කරජකාය වගග:10.5.1.6. සංසප්පනිය පරියාය සූත්‍රය, පි.560, EAN:10: The Deed Born Body, 216.6, Creeping , p.558.

▲ සංසේදිත උත්පත්ති - Sanseditha: සංසේදිත යනු තෙතමනය ඇසුරු කොට ලබන උපත, එනම්, පණුවන් වැනි සතුන් උපත ලබන ආකාරය ය.බලන්න: උත්පත්ති විධි.

▲ සසර-Sasara: සසර-සංසාරය යනු, කෙළෙස් අහවර නොකරගැනීම නිසා සත්ත්‍වයෝ නැවත නැවත උපත් ලබමින් දුක්විඳීමය.

▼සසර මුල (ආරම්භය) දැකිය නොහැකිය: බුදුන් වහන්සේ මෙසේ වදාළහ: “මහණෙනි, මේ සසරේ පටන්ගත් තැනක් දැකිය නොහැකිය. අවිද්‍යාව නිසා ආවරනයවී, තණ්හාව සංයෝජන කර ගෙන බැඳී ඇති, භවයෙන් භවයට හැසිරෙන සත්ත්‍වයන් ගේ මුල් කෙලවර නො පෙනේ... යම් කලක මහා සාගරය වියළි යනු ඇත...සිනෙරු පව්ව වැනසී යනු ඇත... මහා පොලව දැවී වැනසෙනු ඇත...එහෙත් කෙළෙස් වලින් බැඳුන සත්ත්‍වයන් ගේ දුක කෙළෙවර කිරීමක් කිව නොහැකිය...”

“අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො. පුබ‍්බාකොටි න පඤ‍්ඤායති

අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං සන්‍ධාවතං සංසරතං” ( Bhikkhus, this saṃsāra is without discoverable beginning. A first point is not discerned of beings roaming and wandering on hindered by ignorance and fettered by craving...). සටහන: සසර ගමනේ දිග පෙන්වීම සඳහා බුදුන් වහන්සේ දක්වා ඇති උපමා: 1) වේපුල්ල පව්ව උපමාව: එක් කපයක තුල එසේ සැරිසරන කෙනෙක්, ඉපදී මැරී නැවත ඉපදී... තබායන ඇටගොඩ, මගධයේ වේපුල්ල කන්දට වඩා උසය. 2) බල්ලා උපමාව: කෙළෙස් වලින් බැඳුන මිනිසුන් සසර වටේ දිවයාම පිණිස යොදාගත් උපමාව: කණුවක ගැට ගසා ඇති බල්ලෙක් කණුව වටේ දුවන ආකාරයට කෙළෙස් වලින් බැඳුන මිනිසුන් සසර වටේ දුවයයි. බලන්න:උපග්‍රන්ථය:5 මූලාශ්‍ර: සංයු.නි: (2): අනමතග්ගසංයුත්ත: 3.1.10 : ඒකපුග්ගල සූත්‍රය, පි. 308, ESN: 15: Anamataggaa samyutta: 10.10 Person, p. 796, සංයු.නි: ( 3): ඛන්ධසංයුත්ත: 1.2.5.7 ගද්දුලබද්ධ සූත්‍රය, පි. 284, ESN: 22: Khandasamyutta: 99.7 The leash, p. 1090.

▼ සසරේ ස්වභාවය:: 1) සසර මහා ප්‍රවාහයකි (ඔඝය-great flood) එනම්: කාමඔඝය, භවඔඝය, දිට්ඨීඔඝය හා අවිජ්ජාඔඝය, සත්‍වයෝ සසර ජලකඳේ ඇදී යති (flood of sensuality, the flood of existence, the flood of views, the flood of ignorance). බලන්න: ඔඝය. 2) සසර මහා බන්ධනයකි (යොග-bonds). බන්ධන 4 කින් සත්‍වයෝ සසරට බැඳී ඇත: කාම යෝගය (පංච කාමයට ඇති ආශාව), භව යෝගය (රූප අරූප ලෝක පිලිබඳ ආශාව), දිට්ඨි යෝගය (62 ක්වූ දිට්ඨි, මත වලින් බැඳීසිටීම), අවිජ්ජා යෝගය (මෝහය). 3) සසර ගැට ගොඩකි (ගන්ථ-ගැටගැසීම්-ගෙතීම් -knots) ගැට 4ක් මගින් සත්‍වයෝ සසරට ගැටගසා ඇත:අබිජ්ජාව covetousness (යළි උපත ඇතිකරණ තණ්හාව), ව්‍යාපාදය (ද්වේෂය- ill will), සීලබ්බතපරාමාස (distorted grasp of rules and vows), වැරදි දිට්ඨිය ( තමාගේ දිට්ඨිය සත්‍යයයි ගැනීම). සතර ප්‍රවාහ වලින් මිදීමපිණිස, බන්ධනවලින් නිදහස්වීම පිණිස, ගැට වලින් ලිහිල්වීම පිණිස ආරියඅටමග යහපත් ලෙසින් සම්පුර්ණ කරගත යුතුය යි බුදුන්වහන්සේ පෙන්වා වදාළහ. සටහන: අටුවාවට අනුව කායගන්ථ (කායගැට-bodily knot) යනු නාමකාය නිසා ඇතිවන කෙළෙස්ය. එමගින් පාපකර්ම ඇතිවී සසර දික්වේ. බලන්න: ESN: note 47, p.2393. මූලාශ්‍ර: සංයු.නි. (5-1): මහාවග්ග: මගගසංයුතත:ඔඝ වග්ග සූත්‍ර, පි.160, ESN: 45: Maggasamyutta: Floods, p. 1718.

▼සසර දික්විමට හේතු: අවිජ්ජා නීවරනය හා තණ්හා සංයෝජනය, සසර දීර්ඝ කිරීමට හේතුවන ධර්මතාය. මූලාශ්‍රය: ඉතිවුත්තක:1.2.4 අවිජ්ජා නීවරන සූත්‍රය හා 1.2.5 තණ්හා සංයෝජන සූත්‍රය.

▼ සසර ගමන අවිනිශ්චිතය: සසරේ ඒ මේ අත සැරිසරණ සත්ත්‍වයෝ, වරක්, මෙලොවින් පරලොවට යති, වරක් පරලොවින් මෙලොවට පැමිණේ එසේ ඒ මේ අත දුව යයි. ඒ පිලිබඳ උපමාව: දණ්ඩ උපමාව: යම්සේ අහසට විසිකල දණ්ඩ, වරකට මුල පැත්ත බිමට වැටේ, වරකට මැද පැත්ත බිමට වැටේ, වරකට අග පැත්ත බිමට වැටේ. ඒ වැටීම හරියාකාරව පෙන්විය නොහැකිය. එලෙස, සසර ගමන අවිනිශ්චිතය. බලන්න: උපග්‍රන්ථය:5

මූලාශ්‍ර:සංයු.නි: (2): අනමතග්ගසංයුත්ත: 3.1.9 : දණ්ඩ සූත්‍රය, පි. 308, ESN: 15: Anamataggaa samyutta: 9.9 The Stick, p. 796.

▼සසර සැඩ පහර: සසර සැඩ පහර ලෙසින් පෙන්වා ඇත්තේ, තණ්හාව නිසා ප්‍රිය- කැමති දේ සොයායමින්, ලෝකයා දුක්විඳින අන්දමය. ඒ පිළිබඳව බුදුන් වහන්සේ මේ උපමාව දක්වා ඇත: සැඩපහර උපමාව:

“...ප්‍රියදේ, සැපදේ (රන් වැනි වස්තු ආදිය) සොයායමින් මිනිසෙක් ගඟේ සැඩ පහරට වැටි පහළට ගලා යයි. ගංඉවුරේ සිටින ඇස් ඇති පුද්ගලයෙක්, ඒ මිනිසා දැක මෙසේ පවසයි: ‘...ඔබ, ප්‍රියදේ, සැපදේ සොයමින් යන්නේ, සැඩ පහරට හසුවී ගඟ පහළට යයි. ගඟ පහළ විශාල බිහිසුනු විලක් ඇත. එහි රළ සහිත දියසුළි ඇත, චණ්ඩ මසුන්, දිය රකුසන් ආදිය සිටි. ඒ විලට වැටුනොත් ඔබ මරණයට හෝ මරණ දුකට පැමිණේ’. එම වදන් අසා බියට පත් ඒ මිනිසා, අතින් පයින් වෑයම් කර දියපහර ඉහළට තරණය කරගනී”. සටහන්: * උපමා විස්තරය: සැඩ පහර= තණ්හාව, බිහිසුනු විල= ඔරම්භාගිය සංයෝජන 5, රළ= සිතේ ඇතිවන ක්‍රෝධය, උපායාස, දියසුළිය= පංචකාම ගුණ, දියරකුසා= ස්ත්‍රිය, දියපහර ඉහළ= නෙක්ඛම්මය, අතින් පයින් වෑයම් කිරීම= සතර සම්‍යක් ප්‍රධාන වීරිය, ඇස්ඇති පුරුෂයා= තථාගතයන් වහන්සේ.

** මේ සූත්‍රය අවසානයේදී බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“ මතු අනාගාමී, අරහත් ඵල පතන භික්ෂුව, දුක්සහිතවම කාමය දුරු කරයි. සම්‍යක් ප්‍රඥාව ඇතිව, කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇතිව, මාර්ගඵල ලබමින්, විමුක්තිය නම්වූ නිවන ස්පර්ශ කරයි. මාර්ග ඥානය ලබා, චතුසත්‍ය අවබෝධ කර, බඹසර නිමකර, ඒ භික්ෂුව, ලෝකයෙහි අන්තයට, සසර පරතෙරවූ නිවනට ගියේ යයි කියනු ලැබේ”. මූලාශ්‍රය: ඛු.නි: ඉතිවුත්තක:4.1.10 පුරුෂ ප්‍රිය සූත්‍රය, පි.500.

▼ දීර්ඝ සසරේදී මිනිසුන් නොයෙක් වේදනා විඳ ඇත: බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“ ඔබ, දිළිඳුව දුක් විඳින කෙනෙක් දකින්නේ නම්, නම්, ධනවත්ව සැප විඳින කෙනෙක් දකින්නේ නම්, මෙසේ සිතිය යුතුය: අප විසින් ද මේ දීර්ඝ සසරේ එබඳු, දුක් වේදනා සැප වේදනා ලබා තිබේ. එමනිසා, සසර නිමා කරගැනීම ට යුහුසුළු වීම යහපත්වේ”. මූලාශ්‍ර:සංයු.නි: (2 ): අනමතග්ගසංයුත්ත: 3.2.1 දුග්ගත සූත්‍රය හා 3.2.2. සුඛිත සූත්‍රය, පි. 310 ESN: 15: Anamataggaasamyutta: 11.1 Unfortunate & 12.2 Happy, p. 800.

▼සසර නිමාවිම නිවනය: බුදුන් වහන්සේ මෙසේ වදාළහ:

“මානය දුරලා මැනවින් එකඟවූ සිත් ඇති, සියලු උපධින්ගෙන් මිදුන, අප්‍රමාදව හුදකලාව වනයෙහි වෙසන හෙතෙම, සසර පරතරයට පැමිණෙන්නේය’. මූලාශ්‍රය: සංයු.නි: (1): සගාථවග්ග: දේවතාසංයුත්තය :1.1.9 නමානකාම සූත්‍රය.

▼සසර ගමන නවතින අන්දම: සංසාර ප්‍රවාහය නවතින්නේ කෙසේද? සසර වටය අවසන්වන්නේ කෙසේද? නාමරූප ඉතිරියක් නොමැතිව අවසන්වන්නේ කෙසේද? යයි දේවියක් බුදුන්වහන්සේ විමසුහ:

“කුතො සරා නිවතතනති කතථ වටටං න වතතති කතථ නාමඤච රූපඤච අසෙසං උපරුජඣතී ති”

බුදුන්වහන්සේ මෙසේ වදාළහ:

“ යතථ ආපො ච පඨවි තෙජො වායො න ගාධති අතො සරා නිවතතනති එතථ වටටං න වතතති එතථ නාමඤච රූපඤච අසෙසං උපරුජඣතී ති” යම් තැනක සතර ධාතුන් නො පිහිටයිද, එතැන සසර ප්‍රවායහ නවතී, සසරවටය නවති, නාමරූපය ඉතිරි නැතිවම අවසන්වේ. බලන්න: නිවන. මූලාශ්‍ර: සංයු.නි: (1): මහාවග්ග: දේවතාසංයුත්ත: 1.3.7 සර සූත්‍රය, පි. 56, ESN: 1: Devatasamyutta: 27.7 Streams, p. 90.

▲ සසර අදන් මග: සසර අදන් මග (අදධාන) යනු සසර ගමන ය. *සංයු.නි: අදධාන සූත්‍රයේදී බුදුන්වහන්සේ වදාළේ බඹසර ජිවිතයේ අරමුණ වන්නේ සසර අදන් මග පිලිබඳ අවබෝධය ලබාගැනීම බවය. (අදධානපරිඤඤතථං- Addhānapariññatthaṃ- understanding of the course). ඒ සඳහා ඇති ක්‍රම වේදය නම් අරිය අටමග වර්ධනය කරගැනීමය. * අටුවාවට අනුව, කෙනෙක් නිවන සාක්ෂාත් කරගත්විට සසර ගමන පිළිබඳව සම්පුර්ණ අවබෝධය ලැබේ, එමනිසා, නිවන හඳුන්වන්නේ සසර ගමන සම්පුර්ණයෙන් අවබෝධ කිරීමය. බලන්න: ESN: note no 31, p. 2392. මුලාශ්‍ර: සංයු.නි: (5-1 ) මග්ගසංයුත්ත: 1.5.4. අදධාන සූත්‍රය, පි. 74, ESN: Maggasamyuthta: the full understanding of the course p. 1651

▲ සසංඛාරපරිනිබබායි (attainer of nibbāna through exertion): සසංඛාරපරිනිබබායි යනු අනාගාමි උතුමන් අරහත්ව, පරිනිබ්බනය ලබන ආකාරයය. බලන්න: අනාගාමි. ඔරම්භාගිය සංයෝජන පහකරගත් ආරිය උතුමා මෙලොවින් චුතව, ශුද්ධාවාසයේ පහළව, ආයාසයෙන් යුතුව පරිනිබ්බනයට පත්වීම. ඒ පිලිබඳ දක්වා ඇති උපමාව: ගිනිපුපුර උපමාව: දවස මුළුල්ලේ ගින්නෙන් රත්වුණ යකඩගුලියක්, තළනවිට, ගිනිපුපුරක් මතුවී, ඉහලට ගොස්, නැවත පොළොවට පහත්වී, දර ගොඩක් හෝ පිදුරු ගොඩක් ඇති තැනකට වැටි ලොකු ගින්නක් ඇවිලි දුම් පිටකරයි. එලෙස ගිනි ඇවිලී, ඉන්ධන ප්‍රමාණය අවසන්වූ පසු, නැවත දර හෝ පිදුරු නොමැති නිසා ගින්න නිවී යයි. ඒ ලෙසින්, ඒ උතුමා අරහත්වයට-පරිනිබ්බානයට පත්වේ. උප ග්‍රන්ථය:5 මූලාශ්‍ර: අංගු.නි: (4): 7 නිපාත: 7.2.1.2. පුරිසගති සූත්‍රය, පි. 402, EAN:7 : 55.2 Destinations of Persons, p. 387.

▲සසස්තවාදය හා අසස්සතවාදය- View of the world is eternal or view of the world is not eternal: සසස්තවාදය (ශාශ්වතවාදය) නම් ලෝකය සදාකාලිකය යන මතය දැරීමය. අසස්සතවාදය (අශාශ්වතවාදය) නම් ලෝකය සදාකාලික නොවේ යන මතය දැරීමය. බුදුන් වහන්සේ වැඩසිටි සමයේ අන්‍යආගමික කණ්ඩායම් අතර පැවති ප්‍රධාන මත 10 ට මේ මත දෙක ද ඇතුලත්වේ. බලන්න: දිට්ඨි. ශබ්දකෝෂ: පා.සිං.ශ:පි.515: ‘සසස්ත: ශාස්වතය, නොනස්නා දෙය’.

BD: p. 165: ‘Sassata-Dițțhi: (vāda): Eternity belief is the belief in a soul or personality existing independently of the 5 groups of existence and continuing after death.

▼ලෝකය සදාකාලිකය හෝ ලෝකය සදාකාලිකනොවේ යන මත දැරීම අකුසල සිතිවිලි ඇතිකරයි. ඒවා යහපත පිණිස නොවේ, ආධ්‍යාත්මික ජීවිතයට අදාල නොවේ, නිවන් මග පිණිස නො පවතී. බලන්න: දිට්ඨි, ආරිය වාසස්ථාන. මූලාශ්‍ර: සංයු.නි: (5-2): මහාවග්ග: සච්චසංයුත්ත: 12.1.8 චින්තා සූත්‍රය, පි. 290, ESN: 56: Sacchasamyutta: 8.8 Reflection, p. 2272.

▲ සාසව ධර්ම - the tainted Dhamma: සාසව ධර්ම යනු කෙළෙස් ඇති කරන ධර්මතාය, එනම් මිථ්‍යා දිට්ඨිය ඇතුළු වැරදි මග ගැනීමය. ආසව නිසා කෙලෙස් ඇතිවේ. බලන්න: අනාසව ධර්ම හා සාසව ධර්ම.

▲ සසුන-Sasuna: සසුන ලෙසින් මෙහිදී පෙන්වා ඇත්තේ බුදුසසුනය- බුදුන් වහන්සේගේ ඉගැන්විම්ය. සසුන දිගුකලක් පවත්වා ගැනීම පිණිස, බොහෝදෙනාට වැඩ පිණිස, අවිජ්ජාව හා භවතණ්හාව යන ධර්මතා 2 යහපත් ලෙස අවබෝධ කර ගත යුතුවේ, එක්ව සජ්ජායනා කලයුතුවේ. මූලාශ්‍ර: දීඝ.නි: (3 ): 10 සංගීති සූත්‍රය, පි. 368, EDN: EDN: 33: Sangīti Sutta: The Chanting Together, p. 362.

▲සොසානිකයෝ- who dwell in a charnel ground: ධුතාංග පුහුණුව ලෙසින් සොහොනේ-සුසානභුමියේ වාසය කරන සංඝයා සොසානිකයෝ ලෙසින් පෙන්වා ඇත. මූලාශ්‍රය: අංගු.නි: (3): 5 නිපාත: ආරඤඤකවග්ග: 5.4.4.5 සොසානික සූත්‍රය, පි.380.

▲ සුසිල්වතා- moral person: සුසිල්වතා යනු ශිලසම්පන්න පුද්ගලයාය. බලන්න: දුසිල්වතා හා සුසිල්වතා.

සහ

▲ සහකාරයා- Partner: සසර ගමන් කරන මිනිසාගේ සහකාරයා ලෙසින් පෙන්වා ඇත්තේ තණ්හාවය. බලන්න: දුතියා. මූලාශ්‍ර: අංගු.නි: ( 2): 4 නිපාත: 4.1.1.9 තණ්හා සූත්‍රය, පි. 42, EAN:4: 9.9 Craving, p. 150.

▼ධර්ම මාර්ගයේ ගමන් කරන සත් පුරුෂයා ගේ සහකාරයා ශ්‍රද්ධාවය. මූලාශ්‍රය: සංයු.නි: (1): සගාථවග්ග: දේවතාසංයුත්ත:1.6.9 දුතියා සූත්‍රය, පි. 96.

▲ සහම්පති බ්‍රහ්මරාජ- Sahampathi Brahmaraja: මෙතුමා බුදුන් වහන්සේගේ අනුගාමිකයෙකි. බලන්න: බ්‍රහ්මරාජයෝ.

▲ සහෝපකාරි මග- the conducive way: මෙය ආධ්‍යාත්මික මග හඳුන්වන එක් විධියකි. බලන්න:ආධ්‍යාත්මික මග

▲ සිංහ නාදය-Lion’s roar: තථාගතයන් වහන්සේගේ දහම් දේශනාව සිංහ නාදයක් වැනිය. අනිත්‍ය පිලිබඳව උන්වහන්සේ ප්‍රකාශ කරනවිට, සිංහ නාදය ඇසි සියලු සතුන් බියට පත්වෙන ලෙසින්, තමන්ගේ පැවැත්ම නිත්‍ය ලෙසින් සලකන දිව්‍ය ලෝකවාසි දෙවියන්, බියට හා සංවේගයට පැමිණේ. මූලාශ්‍ර:අංගු.නි: (2 ): 4 නිපාත: 4.1.4.3 සීහ සූත්‍රය, පි.88, EAN:4: 33.3 The Lion, p. 160.

▲ සිංහසෙය්‍යාව: පාලි: සීහසෙය්‍යා- Lion’s pose: සිංහසෙය්‍යාව යනු සිංහයා නිදාගන්නා පරිදි සයනය කිරීමය. එනම්, දකුණු පයපිට වම්පය තබා දකුණු අතපිට හිසතබා දකුණු ඇලයෙන් නිදා ගැනීම. මෙය ආරිය උතුමන් සයනය කරන ආකාරය වේ. ශබ්දකෝෂ: පා.සි.ශ: පි. 526: “සීහසෙය්‍යා: සිංහයාගේ සයනය වැනි සයනය...”

▼බුදුන් වහන්සේ සැත පෙන්නේ සිංහසෙය්‍යාවෙන්ය. උන්වහන්සේ සයනයට පෙර සිංහසෙය්‍යාවෙන් ඉරියව් තබාගෙන, සිහි ඇතිව, සති සම්ප්‍රජන්‍යය ඇතිව, උත්ථාන සංඥාව මෙනෙහිකොට සයනය කරයි. නිදිවැරීමේ යෙදෙන අරිය ශ්‍රාවකයාද මේ ඉරියව්වෙන් සයනය කරයි. බලන්න: උත්ථාන සංඥාව, නිදිවැරීම, -ජාගාරනු සතිය. මූලාශ්‍ර:ම.නි: (2 ): 2.1.3 :සෙඛ සූත්‍රය, පි. 44, MN 53: Sekha Sutta, p. 436.

▲සිංහ -සිහ සාමණේර- novice Sīha: බලන්න: උපග්‍රන්ථය:1

▲ සිහ සේනාපති- General Siha: බලන්න: උපග්‍රන්ථය:3

▲ සිහිය-Mindfulness: සිහිය-සතිය-මතකය සේඛ පුහුණුවේ යෙදෙන භික්ෂුව සතු යහපත් ගුණයකි. සිහිය ඇතිනිසා, පෙර කළ කි දේ සිහිපත්වේ. මාර්ගය වඩා ගැනීමට සිහිය සමග නුවණ එක්ව කටයුතු කලයුතුවේ. බලන්න: සතිය. මූලාශ්‍ර: ම.නි: (2 ): 2.1.3 :සේඛ සූත්‍රය, පි. 44, MN 53: Sekha Sutta, p. 436.

▲සිහිකළයුතු ධර්මය හා සිහිනොකළයුතු ධර්මය: පාලි: අනුසසරිතබබඤච- නානුසසරිතබබඤච- the Dhamma to be recollected and the Dhamma not to be recollected. ධර්මමාර්ගයේ දියුණු කරගැනීම පිණිස සිහිකළයුතු- නිතර නිතර මතකයේ තබාගතයුතු ධර්මය සම්මා දිට්ඨිය ප්‍රමුඛ මගේ අංග 10 යය. සිහි නොකළයුතු ධර්මය මිථ්‍යාදිට්ඨිය ඇති මගය, මූලාශ්‍ර: අංගු.නි:(6 ):10 නිපාත:10.3.5.9 අනුස්සරිතබ්බ සූත්‍රය, පි. 478, EAN:10: Noble , p. 548.

▲ සිහි මුලාව- Muddle-mindedness: සිහිමුළාව (- මුට‍්ඨසච‍්චං) යනු සිහිය නොමැතිව ක්‍රියා කිරීමය, එනිසා සමාධිය ඇතිකරගැනීමට හැකි නොවේ. උත්තරීමනුස්සධම්මය ලබාගැනීමට මෙය බාධාවකි. මූලාශ්‍ර: අංගු.නි: (4): 6 නිපාත: අරහත්වග්ග: 6.2.3.3 උත්තරීමනුස්සධම්ම සූත්‍රය, පි.254, EAN:6: 77.3 Superior, p.360.

▲ සොහොන වැනි පුද්ගලයා-Person who is like a charnel ground සොහොන වැනි පුද්ගලයා (සීවථිකූපම): ඔහු සොහොන (සුසාන භුමිය) මෙන් අපවිත්‍රය, දුගඳ සහිතය, බිය ගෙනදේ, අමනුෂ්‍යයන් ලෙසින් හැසිරේ, බොහෝ දෙනාට විලාප (වැළපීම්) ඇති කරති. බුදුන් වහන්සේ පෙන්වා ඇත්තේ එබඳු පුද්ගලයා අපවිත්‍ර කාය කර්ම, වචී කර්ම,මනෝ කර්ම ඇත. ඒ නිසා ඔහු ගැන අපකීර්තිය පැතිරේ, ඔහු ආරියන් ඇසුරු නොකරයි. ඔහු ඇසුරු කරන්නේ තමන් වැනි, අයහපත් ගති ඇති අය පමණි. එබඳු කෙනක් හා ඇසුරු කිරීමට සිදුවුව හොත්, අනිත් පුද්ගලයාට විලාප තැබීමට සිදුවේ.

මූලාශ්‍රය: අංගු.නි: (3); 5 නිපාත: දුශ්චරිතවග්ග:5.5.5.9 සීවථිකා සූත්‍රය, පි. 462.